Tuesday, April 24, 2012

පරණ කුණුගොඩාක්, වැරදි නිවැරදි කිරීම හා සයිබරයේ සිහිණ උළෙල හා තවත් මඩ...


ඉහත මාතෘකාවේ ඇති කොටස් හතරම සම්පූර්ණ වෙන්න පෝස්ට් එකක් ලියන්න ලැබීම කෙනෙකුගේ වාසනාවක්ද? අවාසනාවක්ද? කියන එක මට තාමත් තේරෙන්නේ නෑ... නමුත් මම උනත් වැරදි දෙයක් කිව්වොත් ඒ වැරැද්ද මම ම නිවැරදි කරන්න ඕන... පහුගිය දෙසැම්බර් මාසයේ දිනෙක මම දාපු ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය කියන පෝස්ට් එකෙන් මම අනාවැකියක් කිව්වා.. ඒ වගෙමයි ඒ අනාවැකිය බොරු වෙනවානම් මම ඔබෙන් එහි ලින්ක් එකත් දාලා සමාව ගන්න අමතක කරන්නේ නෑ කියන එකත් සඳහන් කලා එහි දෙවෙනි කොටසින්.. ගිය ඉරිදා රාජ් මල්ලි ඇතුළු පිරිසගේ වැඩේ නිසා මට ඒක අද පිළිගන්න වෙනවා... ඔන්න මිතුරනි.. සමාව භජනය කරත්වා....


ඒ වගේම එහිදී පොරොන්දු වුනා වගේම මේ සඳහා උපරිම සහයෝගයත් දීමට හැකිවීම ගැනත් ඉතාම සතුටු වෙනවා... මා විසින් ලබාදුන් දුරකථන ඇමතුමකට විතරක් සාර්ථක අදහසක් ලබා දීලා අපිට හයියක් ලබා දුන්න ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමාන්‍යාධිකාරී (IP and Data Network) නිශාන්ත රත්නායක මහතාටත්, සමාන්‍යාධිකාරී (අලෙවි සංවර්ධන) ප්‍රභාත් දහනායක මහතාටත්, ප්‍රධාන අලෙවි නිළධාරී රොශාන් කලු ආරච්චි මහතාටත් මම ඉතාම ස්තූති වන්ත වෙනවා, අපි වෙත රුපියල් හැට දහසක අනුග්‍රාහකත්වයක් ලබා දීලා අපිට හයියක් වීම සම්භන්ධව..  නැවත වතාවක් ස්තූතියි මැතිතුමනි..


ඉතින් මේ කාර්යය සාර්ථක කරගන්නට අවශ්‍ය ලොකුම උදව්වත් ලබා දීමට හැකිවීම ගැන මගේ හිතේ තියෙන්නේ ආඩම්භරයක් මුසු වෙච්ච පුංචි සතුටක්.... දැන් හැරෙමු සයිබර් සිහිණ උළෙල දිහාවට.... 



ඇත්තටම මේ පාර සෙට් එක වැඩේ උපරිමේටම කරලා තිබ්බා... මුන් කලින් කරපු පිස්සු නිසා මේ වැඩේ සාර්ථකව වෙයිද නොවෙයිද කියලා හිටපු සැකේ පලවෙනි පැය යද්දිම හිතෙන් පහ වුනා.. ඇත්තටම නංගිලා මල්ලිලා උඹලා මේ පාර සුපිරියටම කලා... ඒකේ දෙකක් නෑ.. හැම දෙයක්ම පිළිවෙළින් මැනැවින් සිදු වුනා... 


පරණ යාළුවෝ ගොඩාක් දෙනෙක් ආවා.. ගිය සැරේ සංවිධායක මණ්ඩලය ලෙසින් අති විශාල වගකීමක් අරගෙන දගලපු පරණ සංවිධායකයෝ හිතේ හැටියට මෙවර විනෝද වුනා... ගොඩාක් දෙනෙක් එකතු වෙලා විනෝද වුනත් තුශාර රවීන්ද්‍ර මල්ලි, කුශාන්, පුතා, දිල්ශාරා, ප්‍රියන්ත අයියා, රන්දිකා යුවල, ෆා, මාරයා, වගේ කට්ටිය නැතුව පිස්සු කෙලිද්දි හිතේ කොණක පොඩි අඩුවක් වගේ දැනුනා.. ඒත් අපි පැත්තකට වෙලා කරපු සතුටු සාමීචියේදි උඹලව අමතක කලේ නෑ මචන්.. උඹලගේ පංගුවත් එක්කම භුක්ති වින්දා....


ඒ වගේමයි ජෙරූශා දැරියගේ හා ඇයගේ දෙවුපියන්ගේ පැමිනීම ගැනත් සඳහන් කරන්න ඕන... ඇය කණා මුට්ටිය ගහන්න යද්දි නිවේදක කටයුතු කරපු දුලාන් මල්ලිගේ මුවින් පිට වුන වදන මම මෙතනත් සඳහන් කරන්න කැමතියි.... " මේ කණා මුට්ටිය ගහන්න යන්නේ අපේ චූටි දියණිය.... සයිබර් අවකාශයේ අපෙ කෙලි පොඩිත්ත..." ඇත්තටම ඇය අපේ... ඔබෙ සාර්ථකත්වය අපේ සතුටයි දියණියණි..


හවස් වරුවේ පොඩි සෙට් වීමකුත් තිබ්බා.... පරණ සංවිධායක මණ්ඩලේ අපි සෙට් වීම් මුල් කරගෙන වැඩ කලාට අලුත් උන් වැඩේ ඉවර වෙනකන් කටේ තිබ්බේ නෑ රහමෙර... අන්න මිනිස්සු... අර එකෙක්නම් ගෙදර හැමදාම මෙට්ටෙ නිදා ගන්නවා කියලා වෙනසකටත් එක්ක පොඩ්ඩක් සිමෙන්තියේ නිදා ගත්තා.... මට හැඟුණ විදිහට ඒ පරිච්ඡේදයත් කරදරයක් නැතුව අවසන් වුනා.. හවස ආතල් එක 75%ක් අඩුවෙනවා ඒ පරිච්ඡේදය නොතිබුනානම්... හරි මඩ.. මඩත් නෙමේ... ඕපදූප දිහාට හැරෙමු....


පවිත්‍ර නැත්නම් සුලැගිල්ලා.. අච්චර ටොයිලට් තිබ්බ පිට්ටනියේ ප්‍රසිද්ධියේ තාප්පෙකට චූ කරන්න ගිහින් වෙච්ච සන්තෑසියත්, පිට පිට දෙවෙනි වරටත් චොර වී වාර්ථාවක් තැබූ ආකාරයත් නොකියම බෑ....


මෙතෙක් කලක් මම විසින් බොහොම අමාරුවෙන් රැකගෙන සිටි රංග - රමීශා විවාහ ජීවිතය ප්‍රසිද්ධියට පත් කිරීම ගැන උන් දෙන්නට මගේ ස්තූතිය.... නැත්නම් තවත් කොහොමද බොල ඉවසගෙන ඉන්නෙ ඔය වගේ හොට් නිව්ස් එකක්.... (මඩ පහර පසුවට)


අනුරාධ මල්ලිගේ නානායක්කාර මිය පත් කිරීමේ උත්සාහය මෙවරත් ඉතාම ශෝචනීය අයුරින් අසාර්ථක වෙලා ගියා....


රංග - රමීශා පෙම් හබය සේම සැඟවී තිබූ තිසර - මුශ්ඨාක් පෙම් හබයත් ඉතාම හිරිකිත අයුරින් එදා මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය වුනා...


ඩුබායි සිට අධික පිරිවැයක් දරා උළෙලට සහභාගී වූ රුචකගේ නටුම නරඹන්නන්ව මහත් ප්‍රීති ප්‍රමෝදයට පත් කල බවත් කිව යුතුයි...


ගිය වර අවුරුදු කුමරිය විනිශ්චයට සිටි දුකා හෙවත් සුභාශ් අයියා ගේ කුපාඩිකම් ඡායාරූප වලින් පසුව නදීශා අක්කාටම හෙලි වූ නිසා මෙවර ඇය දරුවාත් සමඟම පැමිණ සිටි අතර, මෙවර  විනිශ්චය මණ්ඩලයට දුකා සහභාගී වන විට ඔහුගේ ඇකයේ පොඩි පුතා  වාඩි කරවීමටද කටයුතු සලස්වා තිබුනා...


පොඩි මෑන් සුපුරුදු පරිදි ඔහුගේ පෙම්වතිය රැගෙන විත් ඉතා රස කට්ටක් ඇයට මෙවරත් ලබා දුන්නා සේම වටිනා එෆ් එම් මයික් එකක් වෙරි පිට පොළවේ ගැසූ බවක්ද මතකයේ ඇත...


මරණය විසින් අසේලව බදාගෙන "ඇයි මචන් උඹ බැන්දේ" කියා හඩා වැටුන අතර එවෙලෙහි ගත්ත පින්තූරයක් බුකිය පුරා සැරි සරණු දකින්නට ලැබිණ... 


මම හොර කරමින් තරඟ වැදුන බව ගොඩාක් දෙනෙක් චෝදනා කරන අතර මා විසින් එය දැඩිව ප්‍රතික්ෂේප කරමි.. මම හොර කලේ මම ජයග්‍රහණය කරණ ලද අන්ධයාට කිරි කැවීමේ තරඟයේදී පමණි...


තිසර මධුවන්ත යන අය වගේම බිම්සර වලල්ලාවිට යන අයද අක්කලාගේ සුරතල්ලු බවට පත්ව මෙවරත් ආ ලෙසටම විසිර ගියොය...


මලිත් කුශාන්... ඔබ ගැන කියන්නට අප්පිරියාය.. පට්ට පජාතය.... ගන්න දෙයක් නැත.


එසෙනම් මිතුරු මිතුරියනි.. අත් උස්සන්න බලන්න දෙසැම්බර් ඉවෙන්ට් එකක් කරන්න භාරගන්න කට්ටිය...


ප.ලි. ඕනයා... උඹ නැති අඩුව පට්ට අවුල්ය.... ක්‍රීඩංගණයේ අල්ලපු වැටේ උඹ ඉද්දි අපි මෙහෙම විනෝද වීම උඹට අවුලක් නැති උනත් අපේ හිතට තදින් දැනුනා මචන්.. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචන්...


62 comments:

  1. අක්කලගේ කතාවනම් දැන් මට පට්ටම එපා වී ඇත... මඩ ගහන්නෙම ඕක කියලානේ :D :D අත නැතුව වෙන එකක් උස්සන්න එපාද :P

    ReplyDelete
  2. ආආආ ඔය එන්නෙ මඩ, සුපිරියට තියෙනවාඅ..

    ReplyDelete
  3. නොදන්නා ගොඩ දෙනෙක් අඳුන ගන්න ලැබිච්ච චාන්ස් එකක් මිස් වුනා. හැබෑටම දෙසැම්බර් ඉවෙන්ට් එක මොකක්ද අභි අයියේ. ?

    ReplyDelete
  4. අපි නම් මෙහෙම කතන්දර කිය කියා ඉන්නෙ නෑ.. ආන් සාකිත් ඇතුව මූනු පොතේ ඇති..

    ReplyDelete
  5. සිහින උළෙල ගැන දාපු හොදම පොස්ටුව අයියා. මේවට මඩ කියලත් බෑ වගේ. අලි අලි කොහොම නමුත් නියමයි. දෙසැම්බර් එකටවත් අනිවා එන්නෙමි.

    ReplyDelete
  6. අභීත අයියට වැඩසටහනක් කරන්න දුන්න නම් මරේ මරු කියල හිතුන.....ඒකෙ නම "වෙරි මතේ වෙරි වැඩසටහන" කියල දාගත්ත නම් හරි......ඕනයා අයියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව....!!!

    ReplyDelete
  7. වැඩේ නම් හොඳට තිබුනා, අර කිවුවත් වගේ දන්න කියන මූනු ටිකක් නැති උන එක ගැන නම් දුකයි. කරෝල කාරයව බලන්නත් එක්ක ආවෙ. ඌට ඉක්මන් සුවය.

    ReplyDelete
    Replies
    1. uba marry kalala neda 1000 talks didi..uba nam melo rahak nati dial eakk ban sirawatama kiyanne..uba tawa tika dawasakin blog eke cooking karana hati teach karapanb :P ube blog eka dan mage RSS feed eketh ne..madai apith blog ekak kiyauwa sira kollek jangiyakta second wenne nati kiyala :P

      Delete
  8. මම හිතුවේ මේ පෝස්ට් එක ඊයෙම වැටෙයි කියලා.. බුකියේ ගිය ඔක්කොම ෆොටොත් බැළුවා.. නියමයි.. ලංකාවේ හිටියනම් කීයටවත් මේ අවස්ථාව මග අරින්නේ නෑ..

    දෙසැම්බරේ මොකද්ද තියෙන්නේ??

    ReplyDelete
  9. හම්මේ අපි බයේ හිටියෙ අව්ල් යයිද කියල, අව්ලක් උනේ නැත්නම් එච්චරයි :D

    "මම හොර කරමින් තරඟ වැදුන බව ගොඩාක් දෙනෙක් චෝදනා කරන අතර මා විසින් එය දැඩිව ප්‍රතික්ෂේප කරමි.. මම හොර කලේ මම ජයග්‍රහණය කරණ ලද අන්ධයාට කිරි කැවීමේ තරඟයේදී පමණි..."

    ඈ ඒකෙත් හොර කලාද O.o

    "එකෙක්නම් ගෙදර හැමදාම මෙට්ටෙ නිදා ගන්නවා කියලා වෙනසකටත් එක්ක පොඩ්ඩක් සිමෙන්තියේ නිදා ගත්තා.... මට හැඟුණ විදිහට ඒ පරිච්ඡේදයත් කරදරයක් නැතුව අවසන් වුනා.. "

    මරු නින්ද, පැය කීයක්ද

    ReplyDelete
  10. ඔනයාට ඉක්මන් නිරොගී සුව පතමි...සිහිනය ගොඩදැමිමට ඔබ සැම ලබාදුන් සහයොගයට ස්තුතී ජය

    ReplyDelete
  11. ආ දෙසැම්බරේටත් බලමු ඉතින් සප් එක දෙන්න
    වැඩේ කියන්නේ සප් එක දෙන්න ගියා කියන්නේ ඉතින් අපිට නෝ තරග :(

    ReplyDelete
  12. දෙසැම්බරයෙත් තියෙනවද ගෙට් එකක්...?? එළනෙ හීගතුවටත් එක්ක...

    ReplyDelete
    Replies
    1. නියමයි. දෙසැම්බර් මාසේ එකටවත් වේලපහින් එන්න ඕනා

      Delete
    2. ඔන්න ඔන්න වර්ණා දැම්මම කට වරද්ද ගන්න හදනවා....

      Delete
    3. හප්පා ඔව් ඔව් ආඔන් මම මුකුත් කියුවේ නැහැ :පි

      Delete
  13. උඹලා මගෙයි සිහිනගෙයි බොක්ක ප්‍රෙන්සිප් එකට අගෞරව කරන්නෙපා....

    ReplyDelete
    Replies
    1. අපි දැක්කා මචං...

      Delete
  14. කිරි කෑමේ තරඟය හොර කරලා දැක්කද :/

    ReplyDelete
  15. පට්ට ආතල් එකක් ගත්ත කොහොම හලි....

    ReplyDelete
  16. ඉරිසියයි යකෝ තොපේ ආතල් බළලා.... ගිය සැරෙත් එන්න බැරි උනා මේ සැරෙත් කරුමෙට එන්න බැරි උනා...... පොටෝ බැලුව.... බ්ලොග් පොස්ට් ටික බැලුව.... ඔනයට මොකද මචන්??? මොක උනත් ඉක්මන් සුවය පතනවා!!!!!

    ReplyDelete
  17. අම්මේ අබිලින් මාමේ දෙන්න හිතෙනවා උම්ම්ම්ම්ම්ම එකක්

    ReplyDelete
    Replies
    1. dush අක්කගේ ශකීලා ඩාන්ස් එක ගැන කියල නෑනේ...

      දෙසම්බර් මොකක්ද?

      Delete
  18. හම්මේ තන්තෝසේ බැලුවා........ මේපාර අවුලුදු උත්සවේනම් ලොවෙත් නැ ලොවිගහෙත් නැ :D ස්පිරියටම තිබ්බනෙ :D

    ReplyDelete
  19. අපිත් දැක්කා අභීත අයියට තණකොළත් එක්ක යෝගට් කවපු හැටි.

    ReplyDelete
  20. පහුවෙලා හරි එන්න ලැබුන එක මරු ..!! අවුරුදු උත්සවය නම් ලොවෙත් නැත , ලොවි ගහෙත් නැත , සුපිරි..!! ඒවගේම ඕනයා අයියාටත් ඉක්මන් සුවය පතමි..

    ReplyDelete
  21. අවුරුදු උත්සවය සුපිරිය අබේ මාමාගේ ඩෝප් ආතල් ටික ඊටත් සුපිරිය ......

    ReplyDelete
  22. එල එල අභී අයියා හීනියට මඩ පාරක්!! වැඩේ නම් කොරයි ඈ ලොවෙත් නැති වෙන්න ගියා

    ReplyDelete
  23. බොහොම සාර්ථක උළෙලක් වගෙයි.. සතුටුයි..

    ReplyDelete
  24. තව ඩිංගෙන් උඹෙ කට හන්ද මගෙ පවුලත් කැඩෙනව බොල.

    ReplyDelete
  25. // මම හොර කරමින් තරඟ වැදුන බව ගොඩාක් දෙනෙක් චෝදනා කරන අතර මා විසින් එය දැඩිව ප්‍රතික්ෂේප කරමි.. මම හොර කලේ මම ජයග්‍රහණය කරණ ලද අන්ධයාට කිරි කැවීමේ තරඟයේදී පමණි...//

    අනේද කියන්නේ..................

    මොනවා උනත් වැඩේ නම් සුපිරියි (Y)

    ReplyDelete
  26. අපි නැත්තම් කස්ටිය තාමත් ටොයිලට් 1 නිදි :P
    කොහොම උණත් සුපිරි ෆන්:)

    ReplyDelete
  27. වැඩේ හොදට කර ගන්න ලැබුනේ ගිවර සංවිධායක මණ්ඩලය මෙවර උපදෙශක මණ්ඩලය වි අපට දිපු උපදෙස් නිසා තමයි නැත්තම් අපට මෙවගේ දෙයක් තනියම කරන්න අමාරුයි සමහර දෙවල් වල පොඩි පොඩි අඩු පාඩු තියෙන්න ඇති 

    ReplyDelete
  28. අඩේ අබේපාල මාමේ ශෝක් පෝස්ට් එක.. හොර කරපුවා ගැන නම් ඉතින් අපි නම් දැක්කේ නෑලු.. හී හී... ස්තූතියි අයියේ..ඔය වචන ලොකු හයියක් සංවිධායක මණඩලේ හිටිය අපි හැමෝටම.

    ReplyDelete
  29. රෑ 9 වෙනකං කදුලක් බිවුවෙ නෑ හරිය...

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. අභිත අයියා මම එන්න පිටත්වෙද්දී කියපු වචන ටික මට වගේම අපේ සෙට් එකටත් ගොඩක් වටිනවා. “නියමයි මල්ලි... ආ...“. මොකද හැමදාම “ මොකක්ද බං. උඹලා මේක කරන්නේ නැද්ද.. කෝ තවම මොකුත් නෑනේ...“ වගේ දේවල් කියලා අපිව ඇදගෙන ගියේ උඹ නිසා. බොහොම ස්තුතියි අභීත අයියේ... තවත් ඒ වගේ හීන දැකපන්...

    ReplyDelete
  32. පස්ට පෝස්ට් එක අභීත අයියේ. එන්න බැරි වුන එකට ගොඩක් දුකයි.:( ලබන පාරවත් බලමු.

    ඕනය අයියට ඉක්මන් සුවය පතනවා!

    ReplyDelete
  33. අභීත සහෝදරයව වජිරදේවි දැක්කේ පළවෙනි වතාවට.. බොහොම සතුටින් ගෙවුණු දවසක්..උත්සාහය සාර්ථකයි

    ReplyDelete
  34. කුජිත අභියා හොරට තොප්පි දැම්මා.. මාව අයින් උනේ ඒකයි... හික් හික්

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව්.. මම අයින් උනෙත් අභිත නිසා..

      Delete
    2. ඒක නිසා මම ඩීජේ බුවාලා එක්ක එකතුවෙලා අභියව අයිං කළා...

      Delete
  35. අපරාදෙ අයියෙ උඹට අවුරුදු කුමාරයට ඉන්න තිබුනෙ. කොහෙද පෝලිමේ ඉඳලත් අන්තිමේදි පස්ස ගැහුවනෙ.

    ReplyDelete
  36. කිරි කාපු හැටි නම් මමත් දැක්කා....අක්කගේ අතින් කප් එක උදුරාගෙන කෑවා....හි හි හි

    ReplyDelete
  37. අභිත අයියා මා අසල ගැවසුනත් ඔහුගේ උකුසු ඇසින් ගැලවීම..මම ලද භාග්‍යක් කොට සලකමි..තවද ඔබගේ සියළුම හොර හා ආතල් වැඩ දැක නොදැක්කාසේ සිටියේ මම විතරදො යැයි සිතා ගත නොහැක..ඔබගේ බොඩිය දැක මට එවකට අර ටෙලි නාට්‍ය වල රඟපෑ ලීලසෙන නම් අයොමය පුරුශයා සිහියට නැගුනු බව සතුටින් ප්‍රකාශ කරමි..ස්තූති

    ReplyDelete
  38. පැමිණීමට නොහැකි වීම ගැන ඇත්තටම කනගාටුවක් ඇත ඊළඟ පාර බලමු

    ReplyDelete
  39. ඈ බොලේ අන්ධයට කිරි කවන එකත් හොර කලාද???

    මට දැං අභි අයියගේ පොටෝවක් දැක්ක ගමන් මතක් වෙන්නේ අර තනි කකුලේ ඩෝප් ඩාන්ස් එක..පොඩි මෑන් පට්ටෙට හඬ කවලා තිබුනා...

    මම අභි අයියට කතා කරන්න ලෑස්තිවෙද්දි පිටසක්වලයව ඇදගෙන කොහෙටද ගියානේ ඊට පස්සේ ළඟට යන්නවත් බැරිවුනා...ස්කූබි කිව්වත් වගේ ලීලසේනව මතක් වෙනවාව නියමයි ඈ... වැඩියෙන්ම විනෝදයෙන් සිටියේ අභි අයියද මන්දා...

    මෙවන් උලෙලක් සංවිධානය කිරිම පිළිබඳ හැමෝටම මගේ ස්තූතිය...අභි අයියටත් විශේෂ ස්තුතියක් පුදකරනවා මේ හීනේ දැක්කට

    ReplyDelete
  40. කොයි තරම් කමෙන්ට් දැම්මත්, කතා කළත්, මූණ නොදැකපු යාළුවෝ ගොඩ දෙනෙක් එදා අඳුරගත්තා. ඇත්තටම හොඳයි.....

    ඔන්න මම දැන්මම අත ඉස්සුවා......... :D :D

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  41. කොහෙද ඉතිං අපි බෙහෙත් ගේන්න ගියා විතරනේ... කතාකරන්න බැරි වුනානේ...

    -gold fish-

    ReplyDelete
  42. සිරාවටම අබී අයියේ, අවුරුදු උත්සවය නම් පට්ටයි. සංවිධායක මණ්ඩලයට බොහොමත්ම ස්තූතියි!!!

    ReplyDelete
  43. අෆ්‍ෆට සිරි දෙසැම්බර් වල මොකක්ද තියෙන්නේ බොලේ..?

    ReplyDelete
  44. ආවේ නැති වුනාට මේව කියෙව්වම ආව වගේ තමයි..

    දෙසැම්බර් වල වැඩක් කිව්වේ අයියා ආයේ අලුත් හීනයක් දැක්කද ? :D :D

    ReplyDelete
  45. ආවාට කතාකරනන් නම් බැරිවුනා.. ඒත් නියම දවස!! සතුටුයි!!! දෙසැබර් වලත් මොකක්හරි තියෙනවද? :O

    ReplyDelete
  46. හයියූ මෙව්ව ඩකිනකොට ඉඩල මොකටඩ අප්පෝ................:(

    ReplyDelete
  47. සංවිධාන ශක්තිය උපරිමයි, අභීත, රාජ් ඇතුලු සියලු දෙනාගෙ. අපි නාවෙ ඇයි කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ අස්සෙ ඕනයාගෙ දුපසැප බලන්නත් ගියා කියලා ආරංචි වුනා. දැන් ඌ ICU එකෙන් එලියට දාලා ඇති කියලා බලාපොරොත්තු වෙනවා.

    අර මඩ ටිකත් ඔය ගමන්ම ගහලා දැම්මනම් හරිනෙ බං වේලෙන්න කලින්.

    henryblogwalker the Dude

    ReplyDelete
  48. 22 කියන්නෙ පට්ටම ෆන් එකක් ගත්ත දවසක්

    ඕනෙ අයියට දැන් සනීපයි

    ReplyDelete
  49. බලාගෙන යනකොට අපි තරම්හොද මිනිස්සු ඉදලාම නැනේ.... අපිට නිකමටවත් මඩක් තියා වැලි පාරක් වත් වැදිලා නැනේ... සතු‍ටුයි...

    ඒවගේම මේ වගේ දෙයකට එකතු වෙන්න ඉඩ කඩ වෙන්කරලා දුන්නු සංවිධානය කරපු හැමෝටම ගොඩාක් පින්

    ReplyDelete
  50. මට අවුරුදු කුමාරයා වෙන්නත් බැරි උනා.. මේ යක්කු ටික කබරයා දාලා වැටිලා ඉන්දෙද්දී ගොඩ ගන්න ගිහින්.. මලිත් කුෂාන් නම් පට්ට පජාත ය. මගේ අවුරුදු කුමාරයා කිරුල කෑවේ ඌ සහ සුළඟිල්ලා ගොඩ දැමීමට යාම යි..
    විසිල් එක ගහද්දි අභීත අයියා යෝගට් එක කාලා ඉවරයි නේ.. එක අතකට ඒකත් හොඳයි. අපි නිදහසේ අපේ යෝගට් එක කෑවා..

    අනිවා දෙසැම්බර් වල සෙට් වෙමු.. මම අත් දෙක ම ඔසවා සහයෝගය පල කරමි!!

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුණා.. ඔනයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා!

      Delete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...