Monday, May 7, 2012

මගේ ලෝකයේ රංගගේ විවාහයේ සැබෑ තතු.... සහ හවත් බ්ලොග් ගොසිප්ස්.....

සුභ විවාහ ජීවිතයක් වේවා මචන්.....!
ගොඩාක් කාලෙකින් කාටවත් මඩක් ගහන්න බැරි වුන නිසා අද පටන් ගත්ත මගේ ලෝකයේ රංගයාව ප්‍රධාන චරිතෙ හැටියට... ඔයාලා කවුරුත් දන්න හැටියට දැන් ඌ විවාහක පුරුශයෙක්... අර සිංහ නාද ඔක්කොම බලු කෙදිරිලි වෙලා තියෙන්නේ.. පේනවනේ ලියන පෝස්ට් වල තියෙන දියාරු ගතිය... විවාහ වුනෙත් ඔබ කවුරුත් දන්න සුපුරුදු බ්ලොග් කාරිණියක් එක්ක.. "නෑ මම වෙඩි තියන්නේ මේ සමනලයට" බ්ලොග් එක ලියන "රමීශා" තමයි මුගේ මනාලිය.. ඉතින් මේ බ්ලොග් එක ලියන්නේ කොල්ලෙක් කියලා කියපු එවුන් හිතන්න එපා රංගයා කොල්ලෙක්වද බැඳලා තියෙන්නේ කියලා... මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කා ඒකි කෙල්ලෙක්....   



එක පාරටම ෆේස්බුක් එක නැවැත්තුවා.. ඒ එක්කම බ්ලොග් එකත් නැවැත්තුවා... අපිට නිකම් ඔල්මොරොන්දම් වගේ මෙච්චර ෆිට් එකේ හිටපු එකා අපිටත් නොකියා මේ කරන වැඩ ගැන අපිටත් නිකන් චාටර් හැගීමක් ඇති වෙලා තිබ්බේ... ඉතින් ගත්තා දුරකථනෙට.. දෙබස මෙහෙමයි...


අඩෝ උඹට මොකද වෙලා තියෙන්නේ....?


මොකුත් නෑ බන්.. ටික දවසක් ෆ්‍රී එකේ ඉන්නවා බන්....


ඇත්ත කියහන් උඹට කෙල්ලෙක්වත් සෙට් උනාද?


නෑ බන්.. ගිය සතියේ මම බැන්දා..... (ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ දැනුනේ මට...)


ඈ...? උඹ කිව්වෙවත් නෑනේ කව්ද කෙල්ල...?


මොකද බන් කිව්වෙ නැත්තේ.. අපි අර අන්තිමට සෙට් වුන වෙලාවේ මම ලසියාට කිව්ව.. උඹ නිදි ඒ වෙලාවේ...


හරි හරි සුභ පැතුම් එහෙනම්...


හරි මචන්.... මේ දවස් ටිකේ රෑ 12 වෙනකම් ඔෆිස් එකේ වැඩ... එපා වෙලා ඉන්නේ..


හරි බන්.. අපි උඹට සෙට් වෙන්න කතා කරන්නේ නෑ.. භය නැතුව හිටු....


දැන් මූ බැන්දා කියන එක හරි... ඒත් මූ බැන්දෙ කවුද කියන එක තමයි ප්‍රශ්ණේ... දැන් ඉතින්  මම දන්න උන්ට කතා කලා.. උන් දන්නේ නෑ.... අන්තිමට දවසක් ආවා අපි ටික සෙට් වෙන.. එදා දවසේ දුරකථන ඇමතුම තමයි මේ...


අසියා.. අද හවස සෙට් වෙමුද කොට්ටාවේ....


අද නම් අවුලක් නෑ කීයටද?


7ට විතර... අර ඇබ්සින්ත් එක ගහමු.. 


මම බියර් එකක් ගහන්නම් මචන්.. ඇබ්සින්ත් බෑ... වෙන කවුද එන්නේ.... (අම්මට සිරි.. මූ දැන් දෙන ටෝක්ස් සහ අහන ප්‍රශ්ණ... මට ඉතින් යටි සිතින් සිනා....)


මමයි, ලසියයි, පැට්ටයි තමයි.. පසනාට කතා කරන්නේ නෑ...ඌට මේ සෙනසුරාදා එක්සෑම්.. අරක බීලා මොනවා වෙයිද කියලා කවුද දන්නේ....


හරි මම එන්නම්.. හරියට 7 වෙද්දි මම උඹලගේ ගෙදර...


පුළුවන්නම් ගෑණිත් එක්ක වරෙන්.. නැත්නම් ෆොටෝස් හරි ගෙනෙන්...


හරි මචන්... මම කියලා බලන්නම්....


හවස 7 වුනා.. ත්‍රිරෝද රතයක් ආවා.. ඒකෙන් බැස්ස මුගෙ මනමාලි දැකලා මගේ ඇස් දෙක උඩ ගියා... මූට මේක කියන්න බැරි වුනානේ කියන තරහටම නොසරුප් වදන් පේලියක් මගේ මුවින් පිට වුනා... උන් දෙන්නා උන්ට නෙවේ වගේ අහගෙන හිටියා.... කොහොමත් සෙට් වෙච්ච ගෙදර කවුරුත් නොහිටපු නිසා මේ කෙල්ල අපිට උයලා බයිට් එහෙම හදලා දුන්නා.. අරූ බියර් කෑන් 8ක්ද කොහෙද ශීතකරණයට දැම්මා... පැට්ටා එන්න පරක්කු වෙච්ච නිසා මුගේ ප්‍රේම පුරාණය කිව්වා... මමත් ඉතින් අහගෙන හිටියා.. දවස් අටක් ඇතුලත යාළුවෙලා බැදලා ඔක්කොම ඉවරයි කියන්නේ... මෙන්න මෙතන ඉදන් තමයි සිංහයා බලු වුන කතාව පටන් ගන්නේ... 


දැන් කොල්ලා බියර් බිබී හිටියා... නමුත් මූට ඇබ්සින්ත් එක බොන්නත් ඔන.. මූ හෙමීට ඇබ්සින්ත් එකට අත තිබ්බා.. 


ඒයි.. ඔයා බියර් නේද බොනවා කිව්වේ... දැන් මොකද ඔය කරන්නේ...?


වයිෆ් දිහා මූ බලපු අසරණ ඇස් දෙකේ දාහක් දේවල් ලියැවිලා තිබ්බ බවක් මමයි පැට්ටයි දැක්කා ..... :( :(





කථාව දිග වැඩි නිසා තවත් බ්ලොග් ගොසිප් එකක් කියන්නම්.. ගිය පාර සයිබරයේ සිහින උළෙල නිසා ඇන්ඩ්‍රොයිඩ් නයි ඇරියේ රංග... මේ පාරත් එහෙම පොරක් හිටියා.. ඒ වෙන කවුරුත් නෙවේ....අපේ ලියන්නා ලොක්කා.. ඔව් ඔව්.. අර බුරුසු රැවුල තියෙන පොර තමයි... කලින් දවසක් සෙට් වෙද්දි කවුරු හරි මෙහෙම ඇහුවා...


ලියන්නා අයියේ.. කීයක් වුනාද බන් ෆෝන් එක....


අනේ.... වැඩි ගානක් නෑ බන්.. පනස් දෙදා....හයි....


ඌ ඒක කියපු විදිහට අපි ඔක්කොටම හිනා ගියා... දෙවෙනි සිද්ධිය මේකයි... සිහිණ උළෙල දවසේ ඕනයා ඉස්පිරිතාලෙනේ... දැන් මේක ආරන්චි වුන එවුන් මගෙන් අහනවා විස්තර.. ඔන්න දහ දෙනෙක් විතර වට වෙලා මගෙන් විස්තර අහනවා...


ඒ අභීත අයියේ.. ඕනයාට කොහොමද බන්...


ඌට ටිකක් අමාරුයි බන්.. හොස්පිට්ල් ඇඩ්මිට් කරලා..


නෑ.. කොහෙද?


නාරාහේන්පිට ආසිරි එකේ බන්... කිරුළ පාරෙ එකේ....


කීයද අයියේ වෝඩ් එක...


307..


ඔක්කොම ඉස්සරහා සැම්සුංග් ෆෝන් එක ඇදපු ලියන්නා මෙහෙම ඇහුවා..


අභියා.. කීයද බන් වෝඩ් එක කිව්වේ.....


307 බන්....


ඒකේ පේන්ට් එක ඕපන් කරපු වෙනියා ඇගිල්ලෙන් 307 ඇදලා සේව් කර ගත්තා... සැනසුම් සුසුමක් හෙලලා මෙහෙම කිව්වා...


අද හවස යන්න ඕන බන් බලන්න ඌව...


අනිත් උන්ගේ කටින් පිට වුනේ මේ වගේ දෙයක්...


අම්මට සිරි.. කෝමද ලියන්න අයියගේ ෆෝන් නයි පාර....

49 comments:

  1. "මම බියර් එකක් ගහන්නම් මචන්.. ඇබ්සින්ත් බෑ..."
    කොච්චර උනත් පව් අසරණය! කාගෙ උනත් දරුවෙක්නේ.

    ReplyDelete
  2. මුලින්ම බැඳපු උන් දෙන්නට සුභ මංගලම්!...

    ඔය කොයි සිංහයත් බැන්දම මීයෝ වෙනව, නැද්ද අභීත අයිය...

    හැමෝම කොට්ටාව පැත්තෙ වගේ සෙට් වෙන්නෙ... ඕකට දාන්න තිබ්බෙ ශ්‍රී නගරෙ කියල... අපිත් අවුරුදු 7-8ක ඉඳන් සෙට්වෙන ප්ලේස් එක...

    ReplyDelete
  3. ela ela ranga aiyage ilaga post eka wenne komada wife ta uyalaa kawannee kiyala :P koma wethath pau uuu weli weli inna eke ageee ublata terenna ekak yai...photo kallak wath dapan cuple eke bala ganna apitath gud luck ......

    ReplyDelete
  4. මේ අබේපාල මාමට අබිලිං කියල නම තිබ්බනම් තමයි හරි...... :)

    ReplyDelete
  5. සයිබර් වෙඩින් වෙඩෙත් නියමයි නේද? හැබැයි පිරිමි කම රැක නොගත්තොත්.
    ;අනේ සුදූ මට බ්ලොග් එක ලියන්න ඩොංගල් එක දෙන්නකෝ......
    ;පිස්සුද මනුස්සයෝ මම මේ කොමෙන්ට් ටික කියවනකම් අර වලන් ටික හෝදනව

    ReplyDelete
  6. හයියෝ රංග අයියා..... මගේ ලෝකය අපේ ලෝකය වෙලා වෙච්චි දෙයක්... මොනා උනත් දෙන්නා එල....

    ReplyDelete
    Replies
    1. ඔය වගේම ඉතාලියේ සිට ලියමි, ඉතාලියේ සිට ලියමු වෙයි නේ? :D

      Delete
  7. මොනා වුනාම මොක ද ..ඒකත් ජයසිරි මංගලම්...:D

    ReplyDelete
  8. මේක ලියලා තියෙන විදියට ටිකක් නෙමේ හොඳටම හිනා.... වෙනි අයියට ගහලා තියෙන්නේ ෂෝයි මඩක්....

    ReplyDelete
  9. හෆූ.... එච්චරම බය වෙනවද???? හෆොයි.....

    නියමෙ නයෙක්නෙ වෙනි අයියත් ඇරලා තියෙන්නෙ.:D

    ReplyDelete
  10. අභීත නැත්තන් මේ වගේ රාජ්‍ය රහස් කොහොම එලිවෙන්නද . මන් නිතරම කල්පනා කරනවා දෙන්නම බ්ලොග් ලිව්වොත් මොනවා වෙයිද කියල ..කොහොම වුනත් දෙන්නටම සුබ අනාගතයක් පතනවා .

    ReplyDelete
  11. වෙනියා මා ගාවදිත් ඕක තුන් හතර පාරක් විතර ඇදල වෙලාව බැලුවා... ඔරලෝසුවක් බැදල තියෙද්දිත්.. නිතරම අපි සෙට් වෙන්නෙ නෑනෙ.. ඒක නිසා ෆෝන් එක පෙන්නගන්න කියල මට එවෙලෙම හිතුනා...

    ReplyDelete
    Replies
    1. අබේපාලයා එහෙනම් තව පොඩි අබිලිං කෙනෙක් හදලා වගෙයි..ඔව් ඔව් මේ මඩ ව්‍යාපාරය අරන් යන එක අළුත් පරපුර කරන් යන්න ඕනි නේන්නම් !!

      Delete
  12. මඩක් ගහන කොට නිවැරදි කරුනු ඇතුලත් කරන මෙන් ඉල්ලා සිටිමි..52යි නෙවෙයි බන්ස් 55යි ඒ Samsung Wave ෆෝන් එක..ඒක මගේ එක්ස්ට්‍රා ෆෝන් එකනෙ..! සැම්සුන්ග් ගැලැක්සි S II එකක ගාන හොයලා බලහන් මාර්කට් එකේ.මුලින්ම ඒ ෆෝන් එක ආවෙම 95k වලට...S II ෆෝන් එක තමයි දැන් පාවිච්චි කරන්නෙ..නෝට් ගහන්න ඇප් එකක් තියෙද්දි ආයි කොල කෑලියි පෑනුයි හොයන්නෙ කවුද බන්Z..ඔය කතා දෙකම ඇත්ත තමයි..ඇත්ත කතා වලට මඩ කියනවනම් මඩ වලට ???

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි නයි විමානයයි..................

      Delete
    2. ඉතින් බන්zලා ඉන්න නයි අරින් නැතුව නැති නයි අරින්නයැ ???!!!

      Delete
    3. මෙන්න නයි පටෝනවෝ

      Delete
  13. කාලය මැවු වෙනසක අරුමේ කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ... :)

    ReplyDelete
  14. ඇහුවට අමනාප වෙන්න එපා. මේ ඇබසින්ත් කියන එකත් එක නිකං පොඩි පොලොං පැටියෙක් වගේ කියලයි මට හිතෙන්නේ. (52=නයා, 52/x=පොලඟා, පොලොං පැටියා ?)

    ReplyDelete
  15. http://en.wikipedia.org/wiki/Absinthe

    ReplyDelete
  16. එහෙම වෝර්ඩ් නම්බර් එක සේව් කරපු වෙනි අය්යම තමයි..දෙතුන් වතාවක් ලස්සන නර්ස් නන්ගිලගෙන් වෝර්ඩ් එක ගැන අහන්න ගියේ කියලයි අපිට ආරංචි........

    ReplyDelete
  17. පුංචි පවුල රත්තරං වගේ, රංග අයියටත් පවුල රත්තරං ඇති... :P

    ReplyDelete
  18. මචං මේ අබේපාල මාමා... උඹ නිකං බොරු ගහන්නෙපා හරී.. යකෝ රංග කියන්නේ කෙල්ලෝ තඹේකට මායිං නොකරන එකෙක් හරිද.. උගේ පරණ පෝස්ට් බලපං.. නිකං කෙල්ලො චරු චුරු ගාද්දී සිංහනාද දීලා තියෙන්නේ.. එහෙව් එකෙක් කොහොමද යකෝ මෙහෙම වෙන්නේ දැං.. මට සුවර් ඕකා පවුල ඔහොම කිව්වොත් ඇබ්සින්ත් බෝතලේම කටේ හලාගන්න ජාතියෙ වීර පුරුසයා.. පච්චෙ අතේ.. පිහිය කකුලේ... එහ්නං..

    ReplyDelete
  19. හික්ස්..මඩ කෝටියයි.රංගයට බොන්න මගේ අවසරෙ ඕනෙත් නෑ මට බොන්න උගේ අවසරෙ ඔනේත් නෑ.මට දුක එදා ඇබ්සින්ත් එක මට බොන්න බැරි වෙච්ච එක ගැන.හික්ස්... ආයෙත් සෙට් වෙමු ඇබ්සින්ත් එකකට බැරි නං ගල් බෝතලේකට හරි.

    ReplyDelete
    Replies
    1. අඩෝ තොපි දෙන්න අඩුගානේ ගල් බෝතලයක් වත් නොදී ශේප් උනා නේද??? :D

      Delete
    2. හික්ස්...D

      Delete
    3. මෙය රමේෂාගේ අයිඩීඑක සොරකම් කර රංග විසින්ම දමන ලද්දකි. ;-)

      Delete
  20. කොහොමද අබේපාල මාමගෙ ඇබ්සින්ත් නයා, ඕක ස්කයිප් එකේ පවා පෙන්නන්නෙ දැන් මාස ගානක ඉඳං...බොන ඇබ්සින්ත් එකක් නෙමේ මං හිතන්නෙ...

    ReplyDelete
  21. හෙහ් වෙනී ඇරියෙ මොන නයෙක්ද අභියගෙ ඇබ්සින්ත් එකත් එක්ක බැලුවම... හෙහ් හෙහ්... මූ තමයි දවසකටවත් මිනිහ !!

    ReplyDelete
  22. අනේ මට නම් රංග ගැන මුකුත්ම කියන්න හිත දෙන්නෙ නෑ අප්පා ... මොකක් හරි කියන්න හිතද්දි එදා තිබ්බ අසරන මූණ මතක් වෙනවා.....

    වෙනියා ගැන කතාව නම් සම්පූර්ණ ඇත්තයි. මොකද මමත් ඔය කිව්ව හා සමාන අත්දැකීමට මූන දුන්නා ... දවසක් අපේ ලාස්ට් රෝ සෙට් එක ඕනයාගේ ගෙදර යන්න කියලා එකෙක් ගෙන් කෝල් කරල බස් රූට් එක අහද්දි මේක ඇදල ගත්තෙ නැද්ද් මැනිං මාකට් එක මැද ඔය කියන ඇන්ඩොයිඩ් එක.... ඇදලා අරන් අර වගේම පේන්ට් එකේ ලියාගත්තා බස් රූට් නොම්බරේ.... ඇත්තමයි මට කෑගැස්සුනා.... :)

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් මල් කඩලා මල් කඩලා..රූට් නම්බර්ස් අහගෙන ඒක සිහියෙ නැතුව අපෙන් 175ද බන්ස් කීවෙ 177ද කියලා අපෙන් ඇහුව පැට්ටනෙ මේ..!!!ඒපේන්ට් ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි බොලව් apMemo Lite කියන ඇප් එක..මාවම කන්නෙ නැතුව Play Store ඉස්සර ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙන් බා ගනිල්ලකො උඹලත්..

      Delete
  23. හම්මෝ මෙන්න පෙනේ (ප)

    ReplyDelete
  24. වෙනි අයියා නානවා වගෙයි....!

    ReplyDelete
    Replies
    1. කට්ටිය බාල්දි ගෙනත්, සබන් ගෙනත් වතුර ඇදලම දෙද්දි ආයි මොන කතාද මලයා ???

      Delete
  25. අර ප්‍රසිද්ධ කතාව මතක් වුණා.

    සිංහ රජ්ජුරුවෝ බැන්දලු. ඉතින් බෙස්ට්මන් සිංහයොත් එක්ක සිංහ ලෙනෙන් පිටත් වෙන්න යද්දී පාරේ හිටපු හොඳටම වෙරි වෙලා හිටිය මීයෙක් කෑ ගහනවලු

    "අපේ සහෝදරයාට ජයවේවා. සුභ මංගලම් වේවා" කියලා.

    ඒ වෙලාවේ එතන හිටිය බෙස්ට්මන් සිංහයාට ෆට්ට මළලු.

    ඌ අහනවාලු මීයාගෙන් "ඈ බොල තෝ කොහොමද යකෝ අපේ සිංහ රජ්ජුරුවන්ගේ සහෝදරයෙක් වුනේ???" කියලා.

    පස්සේ මීයා පල් හිනාවක් දාන ගමන් කියනවලු

    "දැන් මම මීයෙක් වුණාට බඳින්න කලින් මාත් හිතන් හිටියේ මං සිංහයෙක් කියලා තමා" :D

    ReplyDelete
  26. ලියන්නා මට පෝං එකත් පෙන්නුවා. ඇගිල්ලෙන් ඇදපු 307ත් පෙන්නුවා..

    "අමතක වෙන නිසා මම ඒක සේව් කරගත්ත බං" කියල මූ පෝං එකද මන්ද පෙන්නුවේ..

    පලි - රංග සහ පවුල පට්ටට ගැලපෙනවා. සිරාවට කියන්නේ..

    ජය!

    ReplyDelete
    Replies
    1. වෙසක් සතියෙ කියන බොරු වලට බොලාව නවතින්නෙ අපායෙම තමයි...

      Delete
    2. ඔය වෙලාවෙ මමත් ලඟ හිටිය.....

      Delete
  27. ලබන පාර එමි. අපි තවම ආධුනිකයෝ !

    ReplyDelete
  28. මේකෙ ඇත්ත කතාව මමවත් නොලිවුවොත් කවුරුත්ම දැනගන්න එකක් නෑ. මෙන්න මේකයි උනේ එදා.

    අභියා : අඩෝ මේ ඇබ්සින්ත් එක බීපංකො
    මම : මචං මම ඕක බීල තියෙනව බං, මට ඕක අල්ලන්නෙ නෑ. මම බියර් එකක් ගහගෙන ඉන්නම්
    මගෙ වයිෆ් : මචං අභියා, මට මේ හිස් ඇබ්සින්ත් බෝතලේ ඕනෙ
    අභියා : හරි, උඹ හිස් බෝතලේ ගෙනියපං

    මද වේලාවකට පසු

    මගේ වයිෆ් : කෝ බං, තාම මේ බෝතලෙන් කාලක්වත් ඉවර නැහැනෙ
    අභියා : මට දැනටම වැදිල බං, මේක බීගන්න බැරි උනොත් පස්සෙ දවසක හරි හිස් කරල බෝතලේ උඹට එවන්නම්
    මගේ වයිෆ් : අනේ පලයං යන්න. අදම තොපි මේක බීල ඉවර කරපං. එතකන් මම ගෙදර යන්නෙ නෑ.

    දැන් අභියයි පැට්ටයි බෝතලේ ඉවර කරන්නෙත් නෑ. හිස් බෝතලේ නැතුව මට ගෙදර යන්නත් බෑ. ඉතිං ඒක නිසා ගෙදර යන්න තිබුන උවමනාවට බියර් බීම අතෑරලා බෝතලේ හිස් කරලා හිස් බෝතලේ අරන් ගෙදර ගියා.

    ReplyDelete
    Replies
    1. මචං රංග උඹ සුදු රෙද්ද එලුවේ නැහැ නේද මචං?

      Delete
  29. ඔහ් දවස් අටයි කිව්ව..? හම්බෝ... :D
    හොදයි හොදයි ඒකත්..
    ජයසිරි මංගලම් එහෙනං ඈ..

    ReplyDelete
    Replies
    1. තමන්ට තමන්ව වෙනස් කර ගන්න ඕන නැති සම්බන්ධකමක් එකක් ජීවිතේ ගෙවන්න තීරණය කරන්න අවුරුදු ගණන් හිතන්න ඕන නෑ කියලයි මම හිතන්නනේ. කොහොම වුනත් අභියගේ මඩ කථාවට වඩා ඇත්ත ගොඩක් වෙනස් .

      Delete
  30. අඩේ අෆ්ෆා... අදනෙ කියෙව්වෙ... අබිත අයියා මඩ කිව්වට එච්චරම මඩ නැද්ද මන්දා...

    ReplyDelete
  31. පව් අෆ්ෆා...අර බැන්ද එකා ගැන මගේ සාතිසය සංවේගය...

    ReplyDelete
  32. අඩෝව් කව්ද ඩෝව් අපේ කොල්ලන්ට පාට් දාන එවුන්?
    රංගයා දියාරු පෝස්ට් ලියන්නෑ බං. මේ ලඟදි ලියලා තිබ්බා jet fuel කතාවක් මගෙ හක්ක පැන්නා ඕයි හිනා වෙලා. පව් බං ඌ. යමක් වෙන්න තියෙනවා නම් ඉතින් වලක්වන්න බෑ. කොහොම හිටිය එකෙක්ද...සික්

    වෙනියා පව් ඩෝ. ඇයි උඹලා ඌව තියාගෙන කන්නෙ. උඹලටත් ඕනෙ නම් ඩව්න්ලෝඩ් කරගනිල්ලකො අර තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පොලක්. අන් සැපතට ඊර්ෂ්‍යා නොකර. ඔය ත්‍රී වීල් වලත් ගහල තියෙන්නෙ බොලව්.

    (ඇත්තටම වෙනියා එහෙම කලාද බං? හ්ක් හ්ක් හ්ක්.) සොරි වෙන්ඩෝනෙ වෙනී. උඹට නෙමෙයි හිනා වුනේ. මේ මෙතන ඉන්න එකෙක් කිව්ව දේකට...හ්ක් හ්ක් හ්ක්!

    henryblogwalker the Dude

    ReplyDelete
  33. අයියෝ වෙනි අයියා :පි මෙහෙම මඩ ගහන්න එපා

    ReplyDelete

රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....

අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...