Saturday, July 14, 2012

නුවර එළි ගමන... 1. අප්පච්චි වෑන් එක ගන්නද මම.....

මේ ගමන ගැන මතක් වුනේ පහුගියදා වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයට මම විසින් පැවැත් වූ අභියෝගතා පුහුණු වැඩමුළුවට, මේ ට්‍රිප් එක ගිය සහෘදයෙක්  සහභාගී වී ඔහු විසින් මේ සිදුවීම් මාලාවම නැවත ආවර්ජනය කල නිසයි.. මේ සිද්ධිය වුනේ මම පාසලින් සමු අරන් රැකියාවකට ගිය අළුතම වගේ කාලෙක.. ගෙදර රැකවරන ලබමින් සිටිය කාලයේ... පාසලින් සමු අරන් හිටපු යාළුවෝ ටික සෙට් වුනා ට්‍රිප් එකක් යන්න.. නුවර එළියේ දවස් දෙකක්.... යන්න තීරණය උනේ අපේ ගෙදර තිබ්බ වෑන් එකේ.. උන්ට පොර ටෝක් දුන්නට අපේ අප්පච්චි මට ඕක දුන්නේ ගේට්ටුවෙන් ඇතුලට දාන්නයි එළියට දාන්නයි විතරයි... ඒත් ඉතින් ඕවා කියලා මොකට බයිට් වෙනවද මුන්ට... පළවෙනි ලොකුම මෙහෙයුම තමයි වෑන් එක නිදහස් කර ගැනීමේ මෙහෙයුම... අප්පච්චි හපි මූඩ් එකක ඉන්න වෙලාවක් බලලා ඔන්න දැම්මා මුට්ටිය...


අප්පච්චි.. අපි ටික ට්‍රිප් එකක් යනවා නුවර එලියේ.. ඊලඟ සති අන්තේ...


කවුද අපි ටික...?


මමයි, කමලුයි, දමියයි, සුගයි, තව දෙන්නෙකුයි...


ම්ම්... ඉතින්...?


වෑන් එකේ යන්න හිතුවේ.. එතකොට ඩීසල් වියදම විතරනේ....


එතකොට කවුද එළවන්නේ....?


මමයි, කමලුයි, සුගායි... තුන් දෙනාටම ලයිසන් තියෙනවනේ...


උඹලට තනියෙන් යන්න දෙන්න බෑ... එහෙනම් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න.... නැත්නම් දිදුල අයියව අඩ ගහගන්න...


මෙහෙමවත් ඕකේ වෙච්ච එක ලොකු දෙයක් නේ... විකල්ප දෙකෙන් මම තෝරගත්තේ දිදුල අයියත් එක්ක යන එක.  මොකද දිදුල කියන්නේ මගෙම ලොකු අක්කගේ මහත්තයා.. ඒ කාලේ හිටපු වන් ඇන්ඩ් ඔන්ලි මස්සිනා... ඉතින් පොරටත් කථා කරලා ගෙන්නගෙන ගමන් යන්න සෙට් වුනා...


ඊලඟට අමුද්‍රව්‍ය. කොල්ලො කීප දෙනෙක් ට්‍රිපක් යද්දි වැඩියෙන්ම ඕන වෙන්නේ මත්පැන් නේ.. ඒ වගේම අවශ්‍ය වෙලාවට ගුවන් ගත වීම සඳහා අවැසි දේවල්... ඉතින් ඔය ඔක්කෝම සූජානම් කරගෙන ගමන යන්න පිටත් වුනා,,, කට්ටිය අටයි. පළවෙනි දවසේ නුවර එළිය හරහා බන්ඩාරවෙලට.


දැන් ඉතින් යනවා.. කුරුණෑගල ලිමිට් එක පැනපු ගමන් සියළු බෝතල් විවෘත වුනා... රම්බොඩ හරිය පහු කරද්දි ඔක්කොම අසිහියෙන්.. ඒ එක්කම ඉංදික කියලා පොරක් අහකටම කට්. එතන ගිය උන්ගෙන් හිරෝන් බොන්නේ නැති කොල්ලෙක්.. ඌට වෑන් එක දීලා අයියත් පස්සට ආවා... දැන් හෙමින් හෙමින් වැඩේ යනවා... අතරමග සිද්ධි නෑ... නෑ නෙවෙයි තියෙනවා.... ඒ වුනාට මතක නෑ.... ග්‍රෙගරි වැව ලඟ පිස්සු නටලා අන්තිමට ගියා කාගිල්ස් එකට රෑට උයන්න බඩු ගන්න... දැන් ඉන්දික ජනේලෙන් එලියට ඔලුව දාගෙන කබරයා පාර.. ලැජ්ජාවේ බෑ..... හරියටම වාහනේ නවත්තලා තියෙන්නෙත් ෆුඩ්සිටි එකේ ප්‍රධාන දොර ලගමයි.... එක පාරටම  ෆුඩ් සිටියෙන් එළියට ආවේ වයසක විදේශික යුවලක්.... එළියට ඇවිත් තුන් රෝද රියකට කථා කරන ගමන් අපේ වෑන් එක කිට්ටුවෙන් ගියා... එක පාරටම


ඕවැඇඇඇඇඇඇඇඇඇක්..................


හයියෝ සංසාරේ.. ඉවරයි සුද්දෝ.... මුන්ට සිද්ධිය පැහැදිලි කරන්න අපි ඉංගිරිසි දන්නවා කියලයැ... උන් පොලිසි යන එක නවත්තන්න නොවැන්ද එක විතරයි... අන්තිමේට ඒක ශේප් කරගෙන මම කවදත් බන්ඩාරවෙල කැමතිම නවාතැන වෙච්ච වැල්හේන අන්කල්ගේ ප්ලේස් එකට ගිහින් ආයෙත් පන්දම් පත්තුකරගෙන කට්ටිය අභ්‍යාවකාශ ගත වෙලා... නින්ද ගිය හැටි මතක නැති නිසා ඒ ගැන කියන්න වෙන්නෙත් නෑ... පහුවදා පාන්දර ඇහෙනවා


ජරාස්.... ජරාස්.. කියලා වතුර සද්දේ.. නැගිටලා බැලුවා... අනේ අපි නැගිටලා උගේ සායම යවන්න කලින්ම ඉන්දික මල්ලි වාහනේ හෝදනවා.... දෙවෙනි දවසේ අපි ගියේ ලෝකාන්තය බලලා ගෙදර එන්න.. අම්මාගේ මාමා කොත්මලේ හොලිඩේ රිසෝට් එකේ මැනේජර් වෙලා හිටපු නිසා එහෙ යන්නත් උවමනාවක් තිබ්බා... දැන් පිටත් වුනා.. එදා දවසේ ඉන්දිකගේ උදාන වාක්‍යය උනෙත් 


"අම්මෝ... අදනම් මම බොන්නේ නෑ...."




කොල්ලෝ ඉතින් කොහොමත් ට්‍රිප් යන්නේ ඔහොමනේ.. ඒ කාලේ කරපු ගොඩාක් දේවල්වල හොඳ නරක අපිට දැනුයි තෙරෙන්නේ... ඒත් එහෙම නොකරපු කොලු කාලෙන් වැඩක් නෑ කියලත් යටි හිත කියනවා.... දෙවෙනි දවසේ කෑලි ටික අරන් ඉක්මනටම එන්නම්.. එතන තමයි හොඳම ටික... ලැජ්ජාවේ උපරිමේ තියෙන්නේ...


ප.ලි. මෙතුවක් කල් බ්ලොග් ලෝකෙට නාපු මාතෘකාවක් එක්ක අළුත් බ්ලොග් එකක් ඇවිත් තියෙනවා මෙන්න.. මට මේක කියවද්දි නිකන් දියත අතිරේකය කියවනවා වගේ දැනුනේ.. සමාජයේ එක් තරා කාලයක වූ අඳුරු පැතිකඩක් අපූරුවට හෙළි කරාවි.. ඒ අපේ සුමිත් නිරිඇල්ල අයියගේ  ප්‍රහාරය කියන බ්ලොග් එක.. මේ පාරෙන් ගිහින් කියවන්න එහෙනම් කට්ටිය....

16 comments:

  1. හොඳ වෙලාවට අප්පච්චි වෑන් එක ඩ්‍රයිව් කරන්න අභීතයට නොදුන්නේ
    නැත්තම් මතින් තොරව ගිහිල්ලා තියෙන හැටියට........

    ReplyDelete
  2. අප්පච්චි දැනගෙන ඉදලා තියෙනවා පුතයි රථෙයි දෙකම බේරගන්න විදිය. :D

    ලින්ක් දාලා අපිව ප්‍රමෝට් කළාට බොහොම ස්තූතියි.....!!

    ReplyDelete
  3. බීලා කට් උන හැමෝම පහුවදාට බොන්නෙ නැති උන් තමා...එක සැරයක් සිරාගෙ යාලුවෙක්ට වැඩි වෙලා පහුවදා කිව්වා.. මචං මම මේ මළ ජරාව ආයෙත් බිව්වොත් මට ඉජු ! ඉජු ! කියලා (බල්ලෙක්ට වගේ ) කථා කරපන් කියලා... මෙන්න බොලේ ට්‍රිපේ අන්තිම දවසෙ මේකා ආයෙ බොන්න ඇවිල්ලා... කට්ටිය කොච්චර අර විදියට කිව්වත් මේකා දිගටම බිව්වා... මධුවිතට වඩා මධුවිත සමග දොඩමලු වීම තමා සුන්දර.. ජය!

    ReplyDelete
  4. ඉස්සරහට ජාතියයි පස්සට ජාතියයි දෙකම එකට ගත්තහම දෙක එකට හැප්පීලා බූතවෙනවනේ

    ReplyDelete
  5. මේකෙනං වැඩක් ඇති දේකට තිබ්බෙ නිරිඇල්ල මහත්තයගෙ බ්ලොග් එක ගැන ඔත්තුව විතරයි...

    ReplyDelete
  6. බාගෙට කතාව ලියලා වගේ දැනෙන්න මොකෝ මන්දා??

    ReplyDelete
  7. ඈ බං, මේක දිගටම යන්නෙ "එහෙමත් කලා, විස්තර මතක නෑ. කරටි කැඩෙන්න ගහලනෙ හිටියෙ ෆෝමැට්" එකෙන්ද? :D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව්නේ... ඉතින් මොකුත් මතක නෑනේ බන්....

      Delete
  8. ඇයි අනේ මෙහෙම බොන්නේ? ඒ පොඩි කාලෙනෙ.නොතේරුම් කමටනෙ. තාමත් එහෙමද?

    ReplyDelete
    Replies
    1. නොබොන්නෝ නොදන්න.....බොන්නෝ පමනක් දන්න....ඒකෙ ආතල් එක කොහොම කියන්නද..ඈ...!!!

      Delete
  9. හා මේකත් ඉතින් මගුල වගෙම නැතෑ අනිත් එවත් කියවලාම බලමුකො

    ReplyDelete
  10. දැන් මෙයත් කුට්ටි කර කර දාන්න පුරුදු වේලා..

    ReplyDelete
  11. විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා ..!!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...