Thursday, July 19, 2012

ඇනෝ සංකල්පය පාවිච්චි කරන්නේ කෙසේද? ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතයි...

මෙන්න හිට් බලාගෙන ලියන විමර්ශණාත්මක ලිපියක්. මීට දින කීපයකට ප්‍රථම මම විසින් ලියූ අතන මෙතන බ්ලොග් කාරයෝ මරා ගන්නේ ඇයි..? අයි ඩෝන්ට් නෝ වයි...? කියලා ලියපු ලිපිය විවිධ අයුරින් අර්ථකථනය වුනා... මොනාදැයි මම පස්සේ කථා කරන්නම්... ගොඩාක් බහුලවම ආපු චෝදනාවක් තමයි මම හිට් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයෙන් කරන වැඩක් කියලා.. නමුත් ඒ ලිපියේ අඩංගු කරුණු ගැන කතා කලේ ඉතාම පොඩි සංඛ්‍යාවක්.. ගොඩාක් දෙනෙක් ඇනෝ නැමැති සංකල්පයට මුවා වෙලා තමන්ගේ ඉතා පහත් ගතිගුණ ප්‍රදර්ශණය කලා... මට මගේ ජීවිතයේ ලැබුණ හොදම යහළුවෝ දෙන්නෙකුත් නැතිවුනා... ඇනෝ සංකල්පය යහපත් විදිහට සාකච්ඡා කරන්නට ඔබට අවැසි පාඩම කියලා දෙන්නයි මම මේ හදන්නේ...


පාඩම් කියලා කියපු සැනින් ඔයාලට කම්මැලි හිතෙනවනේ.. ඒනිසා මමයි අපේ සහෝදර බ්ලොග් කරුවෙකුයි අතරේ දින දෙකකට විතර පෙර ගිය පොඩි සංවාදයක් කියලම ඔබට උගන්නන්නම් ඇනෝ සංකල්පය යහපත් අයුරින් භාවිතා කරන අයුරු...



දැන් දුරකථනයෙන් වෙන මේ සංසිද්ධියේ එක්තරා වෙලාවක මම ඔහුගෙන් ඇහුවා මෙන්න මෙහෙම..


උඹ ගිය සෙනසුරාදා ගෙදර ආවා නේද?


ඔව් බන්...


අඩෝ.. සෙනසුරාදා ඇවිත් සඳුදා උදේ යනකොට මරනවා වගේ ඇති නේ....


ඒත් බන් ඒ දවසත් වටිනවා... ඒත් මේ පාරනම් හද්ද මලෙන් මම ආපහු ආවේ....


අම්මට සිරි ඒ මොකෝ? වයිෆ් එක්ක ඇරගත්තවත්ද?


මොන රණ්ඩුද බන්... පෙරුම් පුරාගෙන පැය ගානක් ගෙවාගෙන ගෙදර එනකොට එදා අමාවක කියහන්කෝ.....


හක් හක් හක්.... 


අපි දෙදෙනාම හිනාවෙලා කථාව නිම කලා... පව් නේද ලමයි ඒ අයියා.... දුරු කතර ඉඳන් ඇවිත් ගෙනාපු බර අරගෙන ආපහුත් යනවා.... පව්..


කොතනද ළමයි මම නැවැත්තුවේ පාඩම... ඇනෝ සංකල්පය යහපත් අයුරින් පාවිච්චි කරන්නේ කෙසේද? ඊට කලින් බලමු මගේ පෙර බ්ලොග් ලිපිය ගැන කට්ටිය දක්වපු අදහස්..?


1. මිනිස්සුන්ගෙ හිතෙ තිබ්බ ඒවා කියන්න මෙහෙම එකක් ලියපු එක හොදයි..


2. හිට් බලාගෙන පරණ කුණු ගොඩාක් ඇදලා ගත්ත එක වැරදියි...


3. මේකෙන් උණේ අභීතට මඩ නාගන්න වෙච්ච එක..


4. කකා වගේම අභීතත් හිට් වලට පෙරේතයි...


5. අපෝ උඹනම් හිට් එනවානම් ඕන දෙයක් ලියයි....


ඔය වගේ කථා ගොඩාක් කිව්වා... හිට් සම්භන්ධව ඔබට කිව යුත්තේ මෙපමණයි.... මට ඕනවටත් වඩා හිට් තියෙනවා එය වැඩි කිරීමේ උවමනාවක් මට නැහැ.. නමුත් පවත්වාගෙන යා යුතුයි කියන මත යේ මම ඉන්නවා.. කොහෙද හිට් තියෙන්නේ අහන කෙනෙකුට බලන්න පුළුවන් මගෙ ටොප් චාට් එක දිහා.. මොකද අන්තිම ලිපි දහයෙන් දෙකක්ම දැනටමත් එහි තියෙනවා.... මගෙ ටොප් චාට් එකට ඇතුල් වෙන්නනම් ලිපියක් හිට් 1250 පන්නන්න ඕන.... ටොප් චාට් එකේ මුදුනටම එන්නනම් ලිපියක් හිට් 7150ක් පන්නන්න ඕන.. ඉතින් කුමටද මට තවත් හිට්ස්... 


ඒත් කාටවත් තේරුනාද මන්දා බ්ලොග් ලිපියේ කවුරු ගැණවත් අයහපත් ආකාරයෙන් සඳහන් නොවුනට අනෝ සංකල්පය යොදාගෙන කට්ටිය මරා ගත්ත හැටි... ඇනෝ වලින් ඉතා දැඩිව මම මතු කරපු සංවාදය යටපත් වෙලා පරන ජනප්‍රිය සංවාද කිහිපයක් මතුවෙලා මගේ යුනිකෝඩ් ටික අපතේ ගියා... නමුත් වැදගත් සංවාදත් ස්වල්පයක් මතු වුනා...


ඉතින් ළමයිනේ...., මම කියන්න හදන්නේ මේ ඇනෝ සංකල්පය ඔබ විසින් කෙනෙකුට රිදෙන්න වුනත් තමන්ට කියාගන්න බැරි දෙයක් උණත් ඉතා ඉතා සරල අයුරින් කීමට ප්‍රයෝජනවත් නිසා එය මේ බ්ලොග් අවකාශය තුල ඉතා යහපත් අයුරින් ක්‍රියාත්මක විය යුතුයි... ඇනෝ දාගෙන තමන් දන්නා සියළු නරක වචන පාවිච්චි නොකල යුතුයි..මාතෘකාවට අදාළව සභ්‍ය බසින් අදාල පුද්ගලයාට හිතට දැනෙන්න තම අදහස දැක් විය යුතුයි... මේ ටික තදින් හිතට ගැනීමම දරුවනේ ඉතා යහපත් ක්‍රියාවක්...


ඉතින් දරුවනේ, මම මාතෘකාවේ ලියලා තිබ්බනේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතයි කියලා.. ඒ නිසා මම ඔබට ගෙදර වැඩක් දෙන්නයි යන්නේ.. ඔබට පුළුවන් මේ ලිපියට කමෙන්ට් කරන්න... හැබැයි පහත කොන්දේසි වලට අනුකූලව..


1. ඔබේ ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කිරීම තහනම් වන අතර ඔබ සෑමවිටම ඔබට පහළින් යම් පිළිතුරක් වැටුනොත් එයට පිළිතුරු සැපයීමද ඇනෝ වෙසින් කළ යුතුය...


2. නිර්දය ලෙස විවේචනය කල හැක්කේ මම හා මගේ බ්ලොගය පමණි.. හොඳ කීමටද බාධාවක් නැත.


3.  කිසිදු අසභ්‍ය වචනයක් අන්තර්ගත නොවිය යුතුයි....


4. මගේ බ්ලොග් එක පිළිබඳ හොද සහ නරකද බලාපොරොත්තු  වෙමි.


5. බ්ලොග් අවකාශය පිළිබඳ ඔබේ මතය පළවිය යුතුයි..


6. මාතෘකාවට පමණක් අදාල විය යුතුයි.... බ්ලොග් ලෝකයට පොදු කරුණු සටහන් වූවාට කිසි ප්‍රශ්ණයක් නැති අතර වෙනත් බ්ලොග් අඩවි වල නම් සදහන් කිරීම සපුරා තහනම්ය... 

64 comments:

  1. බ්ලොග් ලියන හෑම එකාම අනුංගෙ කුණු හොයන්නෑතුව සමාජයට හරවත් දෙයක් ලියනවනම් මේ කිසි අවුලක් නෑ.

    ReplyDelete
  2. හිරුහිමාවීJuly 19, 2012 at 11:44 PM

    හුරේ මම දෙක.

    අයියා ගැනනම් කතා කරොලා වැඩක් නෑ. බොග අවකාචයේ හැමෝම කතා වෙන්නේ ඩැන් මගේ මෝංගල් කතා ගැන. මාව ඒ තරමටම හිසදරදයක් වෙලා හැමෝටම.

    ReplyDelete
    Replies
    1. නීති කැඩුවා නේද? ඇනෝ කමෙන්ට් කරන්න හිරු හිමාවී.. අනිත් උන් මේක පූර්වාදර්ශයක් කරගන්නවා නෙවෙයි හරිද? ගෙනෙන් අර වේවැල....

      Delete
    2. තොපි දෙන්නටම තලන්න ඕනේ මඩු වල්ගෙකින්. අභීත උඹ මොකද නමින් ඇවිල්ල ??

      Delete
    3. අපොයි ඔව් මේකිගෙ මොංගල් ලිපි නම් මෙලෝ රහක් නෑ. ඒත් පැණි ඇඹලයො ඔක්කොම එතන. ඇත්තටම ඒකිගෙ ලින්ක් ලාංකීය සිතුවිලි ලිස්ට් එකේ පහළට නොයන්නෙ මොකෝ.හරි හරි ඒ කතාව වැඩක් නෑ.

      අභියා ගැනනෙ කියන්න කිව්වෙ. අභියෝ උඹ තමයි නිවිච්ච ගින්න ඇවිලුවෙ. රංග කියන දේ හරි. ඒත් /මට මගේ ජීවිතයේ ලැබුණ හොදම යහළුවෝ දෙන්නෙකුත් නැතිවුනා.../ විශ්වාස කළ නොහැක. තොපි එකතුවී බ්ලොග් අවකාසයම අන්දවා ආතල් ගන්නවා විය හැක.

      අවසාන වශයෙන් අනුන්ගෙ ලිපි හෙළාදැක ලිපි ලිවීම හෙළාදකිමි. ලිපිය තුළම එය බේරාගන්නේ නම් මැනවි. පෞද්ගලික ජීවිතයට පහරදීම අනුමත නොකරමි. ලිපිය ගැන මතය පළකිරීම ප්‍රමාණවත්ය. ගොඩක් උන් උඹට හොරා කියයි. නමුත් මට ඒවා අදාළ නැත. උඹේ ලිපියකින් ටිකක් හිනාවෙන්න තිබුනොත් ඇතිය.

      Delete
  3. රාවණ රජතුමා නැගිටීමට ආසන්න වන විට එක එක විකාර සිද්ධීන් සිදුවන බව කාංචන මනමෙන්ද්‍රයන් පවසා තිබුනා."සමහර" ඇනෝ ලා ද මේ දිනවල පිස්සු නටන්නේ ඒ නිසාම විය හැකියි.ඒ අන් කිසිවක් නිසා නොව රාවණ රජතුමා අවදි වූ පසු එතුමාට මේ හෙළු ද්වීපයේ කරන්නට ඇති පාඩම වැඩ ඉතුරු කරන්නටයි.
    ඒ නිසා මේවා ගැන අපි කලබල විය යුතු නෑ.රාවණ රජතුමා අවදි වූ පසු සියල්ල ගැනම බලාගනීවි.
    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. මේ නම් කවුද කියන්න දෙකේ පන්තියේ කොල්ලෙක්ට උනත් බැරිය!!!

      Delete
  4. මම 3 හා කියපන් අභීතයියේ මම කවද කියලා,උබට බෑ කියන්න, කියපන් පුලුවන් නම්

    ReplyDelete
  5. හුටස් මම 3 නෙමේ නේ

    ReplyDelete
    Replies
    1. මම නම් ඔයාව හොඳට දන්නවා ඇනෝ.....

      Delete
  6. මේ ඉස්සල්ලා මම 3 කියපු කමෙන්ට් දාන්න එපා හොදේ

    ReplyDelete
  7. අභීතයියේ මේ බ්ලොග් එකේ ඇදුම මාරු කරන්න කාලේ හරි බන්

    ReplyDelete
  8. සිංහල බ්ලොග් මෙහෙම ගූ වලක් කියලා දන්නවානං මම එන් නෑ.

    මොකටද යකූනේ තොපි මරා ගන්නේ

    මම මේ ලියන්ඩ, බලන්ඩ එන්නේ දවස තිස්සේ මැරිලා මැරිලා ගතේ මහන්සියයි,හිතේ විඩාවයි නැතිකර ගන්ඩ මිසක් තොපේ බලු පොර බලන්ඩ නෙමෙයි

    මම ඇනෝ කෙනෙක් විදිහට කොටන පළවෙනි කමෙන්ට් එක මේ

    අන්තිම එකත් මේකම තමා

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මේ කවුද කියලා. පුලුවන්නම් මම කවුද කියපන්

      Delete
    2. උඹ උඹ වගේ ....මම ..මම වගේ = අපි මල් වගේ

      Delete
  9. මම කීයද දන්නේ නෑ.මේකෙනුත් නාන්න වේවිද?

    ReplyDelete
  10. ප්‍රොෆයිල් එකක් තියාගෙන මොකෝ ඇනෝ කමෙන්ට් දාන්නේ , ඇනෝ කමෙන්ට් වලට ඉඩ දීලා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන එක බ්ලොග් හිමීයෙකුගේ වගකීම , ඒ අවස්ථාව අනික් අය භාවිතා කරන්නේ කොහොමද කියන එක බ්ලොග් හිමියාට පාලනය කරන්න බෑ , තමන්ගේ බ්ලොග් වල ඇනෝ බ්ලොක් කරන් ඉඳන් වෙන තැනකදි පහර වැදුනාම කෙනෙකුට තදවෙනවා නම් ඒකට කරන්න දෙයකුත් නැ ,ඒ වගේ දේකට යාලු කම් නැති කරගන්නවා නම් ........ ?

    ReplyDelete
    Replies
    1. දන්න මගුල කරපන්කො නොදන්න දේට දෙන්න යන්නෙ නැතුව

      Delete
  11. 1. නීති දාන්න උඹ මහ රජාද? ;)
    හැම වෙලාවෙම බ්ලොගර් එකට ලොග් වෙලා ඉන්න එකේ ඇනෝ සිලෙක්ට් කරන්න අමතර ක්ලික් දෙකක් ඕන... නිකං බොරුවට අමතර ක්ලික් දෙකකට යන්න බෑ... මේ වෙනකම් එහෙම කරලත් නෑ...

    2. ඇල්වතුරත් නිවල බොන්නෙ... විවේචන වලින් කාටවත් ප්‍රයෝජනයක් නෑ..

    3. *&$^&$^@*(@&

    4. පැත්තකින් යාළුවන්ගෙ බිස්නස් වලට පබ්ලිසිටියක් දෙන එක හොඳ වැඩක්... ලිවිල්ල ගැන කියනව නම් මට හිතෙන්නෙ දෙබර වලට ගල් ගහල දෙබරු උඹට ඕන පැත්තට යවන්න සහ උඹ එහෙම එකක් කලේ නෑ කියල හැඟෙන්න ලිවීමේ හැකියාව තියෙනව....

    5. බ්ලොග් කියන්නෙ මොකක්ද කියන එක හොයනව මේ දවස්වල...

    6. 5වෙනි එකට උත්තර නොදී මේකට උත්තර දෙන්න බෑ... :)

    ReplyDelete
  12. නරක සමනලයා :P

    ReplyDelete
  13. samahahra sinhala blog wala bana ganna hati nm epa wenawa, mewa goak wenne odi aya liyana tech blog wala, melo rahak na,

    ReplyDelete
  14. සිරා වැඩේ අභීත, "ඇනෝ ලෙසින් කමෙන්ට් දැමීමේ" course එකක් පටන් ගමු.

    ReplyDelete
  15. පලමුවැනි ඇනෝ පවසපු දෙයට මමද එකඟ වෙමි. එමෙන්ම, තමන් ලියන්නවු දෙය පිළිබඳව එල්ලවන විවේචන දරා ගැනීමට හැකියවක් කතෘ සතු විය යුතුය. තමගේ බ්ලොගය හැමෝටම කියවීමට විවෘත නම් සභ්‍ය් භෂාවෙන් ලිවිය යුතුය. එමෙන්ම කියවන්නාට තමන් කියවන දෙය පිලිබදව අදහසක් කීමට තිබෙ නම් සභ්‍ය් භාශවෙන් පැවසිය යුතුය. මෙවන් වූ ස්ව්යන් විනයක් ඇති කර ගන්නේ නම් කිසිවකුට ඇනො වීම ප්‍රශ්නයක් නොවනු ඇත. ඇතම් සිදුවීම් දෙස හැරී බැලීමේදි මට නම් සිතෙන්නේ ඇතැම් විවෙචන ලිවීමෙදි අනිකාට පෞද්ගලිකව පහර නොගැසුවානම්, සභ්‍ය භාෂාවක් යොදා ගත්තා නම්, ලිපියට අදාලව පමනක් කතා කලා නම්, මෙවන් වූ ස්වයන් විනයක් තිබ්බා නම් මෙවන් තත්වයක් ඇති නොවන බවයි. තමන් අනුන්ට අපහාස කොට, පරිභව කොට, තමන්ට යහපත් ප්‍රතිචාර බලපොරොත්තු විය නොහැක. එවිට ඔබට ලැබෙන්නේ, ඇනො වෙසින් හෝ පැමිණ කරන්නාවු අපහාසයන් හා පරිබවයන් පමණි.

    ReplyDelete
    Replies
    1. යහපත් ඇනෝ කමෙන්ට් සඳහා ඉතා හොඳ උදාහරණයක්....

      Delete
    2. යහපත් අභීත කමෙන්ට් සඳහා ඉතා හොඳ උදාහරණයක්.

      Delete
    3. thanx kasun ayye...

      Delete
    4. අභීත මම දැක්කා රජා ඇතුළු පිරිස උඹ පක්ෂග්‍රාහීව රංගලාගෙ පැත්තට අදින බව කිව්වා. ඒත් උඹ මෙතන රංගලාට කෙලින්නම වේදිකාව හදලා දුන්නා. තවදුරටත් උඹ පක්ෂග්‍රාහී ද කියන එක මට නම් ප්‍රශ්නයක්.

      Delete
    5. පක්ශ විපක්ශ කතා එපා. උඹට කමෙන්ට් කරපං පුලුවන් තරම්

      Delete
  16. තල නම් තල... මුං නම් මුං....

    ReplyDelete
  17. සොරි වෙන්ඩ ඕන..
    ඇනෝ කොටන්න තරම් කොන්ද පණ නැති කමක් මට තවම නෑ!
    කියන්න තියෙන ඕනි කෙහෙල්මලක් කියන්නෙ මම මගෙ ප්‍රොෆයිල් එකෙන්මයි..

    තව දෙයක් මචං අභීත අයියෙ,උඩ හිරු හිමාවී කියල කොමෙන්ට් කරල තියෙන්නෙ එයා නෙමෙයි වාගෙ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් මටත් හිතුනද කොහෙද බටපොලයෝ

      Delete
  18. මගෙ ටොප් චාට් එකට ඇතුල් වෙන්නනම් ලිපියක් හිට් 1700 පන්නන්න ඕන.... ටොප් චාට් එකේ මුදුනටම එන්නනම් ලිපියක් හිට් 4750ක් පන්නන්න ඕන..

    ඉතින් කුමටද මට තවත් හිට්ස්...

    ReplyDelete
  19. අභීත............
    මචන් රන්ග එක්ක තියෙන වලිය මොකක්ද? සල්ලි අවුලක් ද?

    උඹට ඔන නම් මම සල්ලි දෙන්නම්

    එක එකාට පදිරී වෙන්න යන්න එපා........

    ReplyDelete
    Replies
    1. ඌට සල්ලි දෙන්න ඔන තරම් අය ඉන්නවා... නොදී හිටපන්.... රිලවා

      Delete
    2. රට ඉන්නවුන් සල්ලි දෙනකොට ලංකාවෙ ඉන්න උන්ගෙ සල්ලි මොකටද?

      Delete
  20. අභිත අය්යේ රුල් වලට නම් එකග වෙන්න බෑ. කියන්න තියන එවා මුනටම කියනවනේ.. සමහර ඒවා බ්ලොග් එකේ නොකිවාට කියලා තියන නිසා එවා වැඩක් නැ.. මොනවා උනත් දැන් මේ බ්ලොග් එක ගැනනෙ අහුවේ..
    අවුල්ක් නැ දිගටම ලියන්නකොට දැන් උඩ ඉන්න අයගේ රෙකොඩ් දවසක ඉක්මනටම කඩා ගන්න පුලුවන්.....
    හිට් වලට , කමෙන්ට් වලට නැතුව මොනවටද දැන් ඔය ලියන අනිත් අය ලියන්නේ.... ආදායම් මාර්ගයක් කරගන්න ඈඩ්සෙන්ස් අරගෙනත් නැනේ.. බ්ලොග් කියන එක ජිවිතයම කරගන්නේ නැතුව උන්නා නම් ඉවරයිනේ....
    මට් නම් ඉතින් ඔය තරම් හිට්ස් නැහ්නේ වැඩිම පොස්ට් එකට තියෙන්නේ පන්දහස් ගානක්....

    ReplyDelete
    Replies
    1. මල්ලියෝ 5000 කියන්නෙ ලොකු ගානක් නොවැ. ++++++++++++++++ ඔන්න මම මුට්ටියකුත් ඇල්ලුවා

      Delete
  21. //1. ඔබේ ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කිරීම තහනම් වන අතර ඔබ සෑමවිටම ඔබට පහළින් යම් පිළිතුරක් වැටුනොත් එයට පිළිතුරු සැපයීමද ඇනෝ වෙසින් කළ යුතුය...//පලවෙනි නීතියම කඩල බ්ලොග් ලියන කීදෙනෙක් කොමෙන්ට් කරලද ? පේනවනේද මුන් කියවන්නේ බාගෙට ඊටපස්සේ කොමෙන්ට් දානවා පොස්ට් එකට අදාළ නැති.ඊට පස්සේ වලි.හරියට කියවපල්ලා , පස්සේ කොමෙන්ට් කරපල්ලා.

    ReplyDelete
    Replies
    1. අන්න මචං ඇත්ත. මේකේ ඉන්න ගොබ්බ හැත්තට කවදා පුළුවන් වෙයිද දන්නේ නෑ ලිපියකින් කියන්නේ/කියවෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න.ලිපියක් ලියලා මිනිස්සු ආතල් එකක් ගත්තම මහ ලොකුවට ඔළුවට ඇරන් සීරියස් ටෝක් දෙනවා.. සීරියස් ටෝක් දෙන්න ඕන ලිපිවලට ගිහින් මෙලෝ රහක් නැති කොමෙන්ටු දාලා සිඟිති ආතල් ගන්නවා.ඒ වගේ තැන් වල කතා කරුණු වලට අදාලව කතා කරන්න දන්නේ නැති නම් කට වහගෙන ඉන්න ඕනේ මම වගේ.:) නැතත් මේ විදියට ඇනෝ වරෙල්ලා කියලා කියන තැනදිත් හොදට එන එවුන් ඕනවට වඩා සුදනෝ වෙන්න හදන්නේ කියලා මට නම් හිතෙන්නේ.ඔවුන් තමා අනික් තැන් වල වැඩි පුරම ඇනේ වෙන්නේ.. මේක උඹටත් අදාලයි අභීත. මොකද උඹත් ඇනෝ ඇවිත් නේ මේකේ දෙතැනක..

      අනික මෙතන අභියා කියලා තියෙන දේ ඇත්ත නම් අර දෙන්නගේ මානසිකත්වය ගැන මට නම් ප්‍රශ්නයක් තියෙනවා.සමහරු ඉන්නවා මේක ඇත්ත සමාජේ නෙමෙයි කියලා බෙරිහන් දීලා අනික් අතට මෙවැනි තැන් වලදී විවේචනය වුනාම ඇත්ත ජීවිතයේ සබඳකම් පවා නිමා කරන. ඒ වුනාට උන්ගේ තියෙන්නේ මහා දාර්ශනික මත. හැබැයි වුන් දන්නේ නෑ වුන්ගේ කටේ නරිවාදම රෙද්ද පල්ලේ බේරෙන එක අනික් වුන්ට පේනවා කියන එක.

      අනික උඹ ගැන කියනවනම් මිනිහෙක් වුනාම පොරොන්දු රකින්න/ඉෂ්ඨ කරන්න මීට වඩා මහන්සි වෙයන්. නැත්තන් උඹ දිහා බලා ගෙන උඹේ පුංචි කොළු පැටියත් හැදෙන්නේ කියන එක නිතරම මතක් කර ගනින්. උගේ අනාගතේදි උඹට වගේ කතා අහන්න ඌට සිද්ද කරන්න එපා.

      උඹේ බ්ලොගේ ගැන කියනවනම් මම නම් ආසාවෙන් කියවනවා හුගක් වෙලාවට උඹ ලියන ඒවා.අනික උඹ ලියන මෙලෝ රහක් නැති ලිපි වලට එන පට්ට පජාත කොමෙන්ට්ස් මම ඊට වඩා ආසාවෙන් කියවනවා. සිරාවටම කියනවනම් මේක තමා මම දෙවැනිවට කැමතිම ගොසිප් සයිට් එක..

      Delete
    2. සංවාදයක් ගොඩ නගන්න හදලා නිකන් බොරුවට ස්ටේජ් ගහලා මේ වගේ ගොබ්බ වැඩ කරන්න එපා යකෝ. කොමෙන්ට් මොඩරේට් කරන්නේ අහවල් මගුළටද? එහෙනම් ඇනෝත් ඩිසේබල් කරපන්. නොදකින් ****.. නැත්තන් මේ වගේ දේවල් නොලියා හිටු ****** ..

      Delete
    3. අභීත නිකං බලු වැඩ කරන්න එපා බං.මෙතන මම ඇනෝ එන්නේ කිසිම දේක ඇත්ත දන්නේ නැති ඇනෝලගෙන් නරි වාද අහන්න ඕන නැති නිසා. උඹ ඔතන මට හොදම යාළුවෝ දෙන්නෙක් නැති වෙලා තියනවා කියන එකත් කියලා කරන්නේ තවත් ඇනොලට මඩ ගහන්න මාතෘකාවක් දෙන එක. උන් දෙන්නා එක්ක උඹ තිබුනු යාළු කම ‍අලුතින් හැම එකාටම පුක දෙන්න ආව එකෙක්වත් දන්නෙ නෑ.ඒ නිසා උඹ ඕක ලියනකොට ඒ ගැනත් කියන්න තිබුනා.රමේෂයි රංගයි උන්ගේ බ්ලොග් වලට උඹේ ණය ප්‍රශ්ණ කියලා කැත විදියට බැනලා ආපු කමෙන්ට් එකකවත් එළියට දැම්මේ නෑ කියන එක අපි දන්නවා.ඒකට හේතුව යාළු කමටත් වඩා උන්ගේ බ්ලොග් වලට උඹේ ණය ප්‍රශ්ණ අදාළ නැති නිසා. උඹ කී දවසක් රංගට නහයෙන් අඩලා තියනවද අනේ අය්යේ මට මඩ ගහලා තියෙන කමෙන්ට් දාන්න එපා කියලා. රංග ලියපු උඹ උගේ යාළුවෙක්ගේ සන්ග්ලාස් වලට කෙළියා කියන පෝස්ට් එක එකපාරටම බ්ලොග් එකෙන් ඌ ගැලෙවිවේ උඹ කියපු නිසා මිසක් වෙන දේකට නෙමෙයි.. අද වෙනකල් උඹේ ණය ප්‍රශ්ණ ගැනවත් කිසිම දෙයක්වත් ගැන උන් දෙන්නා උඹට මඩ ගැහුවේ නැත්තේ ඒ වගේ දේවල් උන්ට අදාළ නැති නිසා. උඹ ඒ හැම දේම දැනගෙනත් කරේ රමේෂගේ ටැටූ පෝස්ට් එකේ වලියට තවත් පිදුරු දාන්න පෝස්ට් එකක් ලියපු එක. ඊටත් පස්සේ ඒකට නම් වලින් වත් ලියවිලා නැති රංගකයයි රමේෂයි ගාවලා එක එකා බලු කමෙන්ට් දානකොට උඹ කරේ ඒවට ඉඩ දුන්න එක.එහෙම බලු වැඩක් කරලා දැන් උන් දෙන්නා උඹත් එක්ක අවුල් උනාම උඹ ඒකෙනුත් ප්‍රයෝජන ගන්න පෝස්ට් එකක් දැම්මා ඒ සීන් එක වටේටම කියලා. කිසිම දෙයක් දන්නේ නැති ඇනෝ මල්ලිලා ඇවිත් දැන් ඒවට කමෙක්ට් දෙනවා. මට කියන්න තියෙන්නේ උඹ ගැන අදාළ නැතුව එක පහත් කමෙනට් එකක්වත් දාපු නැති උන් දෙන්නට උඹ කරපු බලු වැඩෙු හොද පාඩමක්. උඹ ගැන දන්න ගොඩක් උන් ඇයි දැන් උඹේ මූණවත් බලන්නේ නැත්තේ? අඩුගානේ උඹත් එක්ක ට්‍රිප් එකක්වත් යන්න කැමති නැත්තේ? තමන් වපුරපු දේම උඹටත් හම්බුනා..දැන් මෙතන තවත් උන් දෙන්නව විකුණලා හිට්ස් ගන්න එපා.උන් දෙන්නා උඹ එක්ක අවුල් වුණාම ඒකත් පෝස්ට් එකක් විදියට දාලා මුළු බ්ලොග් ලෝකෙටම කියන්න තරම් උඹ මහ බල්ලෙක්.

      Delete
    4. පෝස්ට් ගැලෙව්වා කිව්වම මතක් වුනේ අභියො උඹ මගෙ යාලුවෙක් බ්ලොග් එකේ දාපු පෝස්ට් එකකුත් නහයෙන් අඬලා බලපෑම් කරලා ගලවලා තිබ්බා. ඇයි ඒ? එතකොට කෝ තමුන්ගෙ බ්ලොග් එකේ තමන්ට කැමති දේ ලියන්න නිදහස.

      දැන් උඹ අහන්නෙපා මම කියලා අයින් කරපු කාගේ කොයි පෝස්ට් එකද කියලා? එතකොට ඔප්පුවෙනවනෙ උඹ එහෙම කළා කියලා.

      Delete
    5. ඇනෝ 2.15 p.m. කිව්ව කතාවෙ 95% කරුණුවලට මමත් එකඟයි..මටත් ඔය හිතේ අමාරුවම තියෙනවා .. ඒක නිසයි මේ පෝස්ට් එක දැකපු ගමන්ම මහ රෑ කියලවත් නොබලා උඹට කෝල් කරලා ඇත්ත නැත්ත ඇහුවෙ..මට දුක උඹට ලේ , ඇස් , මස් , නහර තියෙන මිනිස්සුන්ට වඩා උඹේ ඔය බ්ලොග් එකේ ඔය පෝස්ට් එකයි ඒක එක්ක එන ඇනෝ කමෙන්ට් ටිකයි ලොකු වෙච්ච එකටයි.. මන් බ්ලොග් ලෝකෙට ආපු දවසෙ ඉඳන්ම උඹව ආශ්‍රය කරන එකට ජීවිතේටවත් නොදැකපු එවුන් පවා මට කෝල් කරලා කීවෙ උඹව ආශ්‍රය කරන්න එපා කියලා ඒත් කවදාවත් උන් දෙන්නා කීවෙ නෑ එහෙම.. කවුරු කීවත් අපිට මුකුත් නෑනෙ බන් කියලයි උන් දෙන්නා කීවෙ.. උඹට මාව ආහ්‍රය කලාට පලක් නොඋනට මන් නම් යාළුවෙක් විදියට උඹව ආශ්‍රය කරලා ගත්ත ෆන් එක අමතක වෙන්නෙ නෑ..ඒත් යුනිකෝඩ් කරපු අකුරු පේලි ටිකකට වඩා මට නම් මගේ යාළුවො ලොකුයි..උන්ට මන් පළමුවෙනි තැන දෙන්නෙ.. උඹ මට 8.30ට කෝල් එක ගත්තෙ මගෙන් මන් දමපු මෙහෙම ගහ මරා ගමු කියන පෝස්ට් එකෙන් හිට්ස් ගත්තද කියලා අහන්ඩ කියලා උඹම මට කීවනෙ.. ලෝකෙ මිනිස්සු මොනා කීවත් මන් එච්චර තියා ගෙන හිටපු උඹ ගැන තිබ්බ ආකල්පය ඔය සිද්ධිය එක්ක වෙනස් උනා බන්. ඒක උඹට උඹේ කකුලෙ තියෙන දූවිලි කැටයක් අයින් උනා තරම්වත් දැනෙන එකක් නෑ.ඒ උඹේ හැටිනෙ...මන් මේ කමෙන්ට් එක ඇනෝ දමන්නම් උඹ කියන නිසා.
      මන් වෙනී - ලියන්නා..

      Delete
  22. අභීත මහත්තයෝ මේකයි කථාව.

    ඔබ තුමා වේදිකාව හදලා දෙනවානම් දැන හෝ නොදැන ඒ ‍වේදිකාවේ ගහන බල්ටි ගැන ඔබතුමාටද යම් වගකීමක් තියෙනවා. අනික බ්ලොග් වල ඇනෝ කමෙන්ට්ස් අද ඊයේ ඉදලා තිබුණු දෙයක් නෙමේ සබ්‍යව හෝ අසබ්‍යව.

    ඉස්සර අපි ආවේ මේ බ්ලොග් එකට ටිකක් හිනා වෙන්න. අළුතෙන් බ්ලොග් පටන් ගන්න අළුත් අයටත් යම් අදහසක් ගන්න පුළුවන් බ්ලොග් එකක් මේක. මේ බ්ලොග් ලෝකෙට වැරදි පුද්ගලයෙක් ආවොත් ඒ පුද්ගලයා උනත් හරි මගට ගන්න පුළුවන් දේවල් ඒ කාලේ බ්ලොග් වල තිබුණා. නමුත් අළුතින් එන අයට යම් අදහසක් හරි ගන්න තියෙන දේවල් වලත් යන්නේ ටොයිලට සබ්ජෙක්ට් නම් අළුතින් එන අය ගැන වැරදියට සිතීම ඵලක් නැහැ.

    පහුගිය ලිපිය හරහා අපහසුතාවයට පත් වෙච්ච සියළු දෙනා ඔබතුමාගේ වේදිකාවේ සිට වැදුනු පාරවල්. වෙඩි තියපු අයත් වෙඩි පිටිය හදල දුන්න ඔබ තුමාත් මේ දේවල් වලට වග කිය යුතුයි. අනික ඔබතුමා වෙඩි පිටිය හදලා ආවුදත් අතට දුන්නාට පස්සේ ඒ තියන වෙඩි නවත්වන්න ඔබතුමාට බැහැ. දැන්වත් යම් දෙයක් කරන්න. මේ වගේ පුස් වෙඩි නොගහා.

    ReplyDelete
    Replies
    1. උඹ අභීත ගැන දන්න තරම මේ කමෙන්‍ටුවෙන්ම පේනව

      Delete
  23. අභියො, උඹ මේක දායිද දන්නෙත් නෑ. කැමති නම් විතරක් දාපන්.

    උඹට මතකද මන්දා එක සැරයක් ඇනෝනිමස් ආතල් කාරයා උඹවයි රංගවයි දක්වලා තිබුණා Lightning McQueen හා Mater විදියට. මට මතක හැටියට උඹ තමයි Mater (http://en.wikipedia.org/wiki/Mater_(Cars). Mater කියන්නෙ Cars හා Cars 2 ෆිල්ම්ස් වල වැදගත් චරිතයක්. පිස්සු, වංක චරිතයක් නෙවෙයි. තමන්ගේ මිත්‍රයා වෙනුවෙන් බොහෝ දේවල් කරන්න කැමැති චරිතයක් - කිසිම රිටර්න් එකක් නැතිව.

    දැන් උඹ උඹෙන්ම අහ ගනින් උඹ තමන්ගෙ මිත්‍රයා වෙනුවෙන් ඒ වගේ දෙයක්ද පෙරේදා කළේ කියලා. උඹමනෙ කියන්නෙ උඹට හිට්ස් වැදගත් නෑ. කියලා. උඹට හිට්ස් වැදගත් නැත්නම් මට අහන්නට තියෙන්නේ මොන @#$%^&*ද උඹ අර වගේ පෝස්ට් එකක් කරන්නේ? උඹට ඒකෙන් achieve කර ගන්න තියෙන්නේ මොනවද? (දැන් ඉතින් තොත්ත බබා වෙලා ඇනෝලට බනින්න පටන් ගන්න එපා උඹ උන්ගේ කමෙන්ට් ගැන හීනෙකින්වත් හිතුවෙ නෑ කියලා. මේකෙ ඉන්න ඇනෝලා ගැන දැන නොගන්න උඹ ඊයේ ඉපදිච්චි එකෙක් නෙවෙයිනෙ.) උඹ හොඳටම දැනගෙන හිටියා උඹ කරන්න යන පජාති වැඩෙන් මොකද්ද වෙන්නේ කියලා. ඒත් උඹ ඒක කළා හිට්ස් වලට නෙවෙයින් නම් මොන @#$%^&*ද?

    අභීත, උඹ පාරෙ යනකොට අඳුනන්නෙ නැති එකෙක් උඹේ යාළුවෙකුට දාගෙන නෙළනව නම් උඹ කරන්නේ සර්ව සාධාරණ ලෙස "උචිතයා ජයගත්තුදෙන්" කියල ඉන්න එකද? නැත්නම් යාළුවා බේර ගන්න එකද? උඹ කළේ මොකද්ද කියලා උඹේම පපුවට තට්ටු කරලා අහ ගනින්.

    රංගත් රමේෂාත් මේ ප්‍රශ්නයේදී නිවැරදි නෑ. උන් අර පොඩි එවුන් ටිකට සද්දෙ දාපු එක වැරදියි තමා. ඒත් උඹ කළ වැඩේ ඊට වඩා අන්තයි, යාළුවෙක් විදියට. උඹේ හැසිරීම ඔහොම නම් ඉදිරියේදි උඹට යාළුවො කියල කවුරුත් ඉතුරුවෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපි වගේ ඇනෝලා ඉන්නකම් මේ බ්ලොග් වල කල්ලි වාදයට ඉඩ දෙන්නේ නෑ කියන එක ඔය කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොදයි....

      Delete
    2. ඉදිරියෙදී කියන්නෙ දැනට කවුරුත් ඉන්නවද?

      Delete
  24. බ්ලොග් ලියන හෑම එකාම අනුංගෙ කුණු හොයන්නෑතුව සමාජයට හරවත් දෙයක් ලියනවනම් මේ කිසි අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම සමාජයක් ගැන හීනමවපන්

      Delete
    2. මේක කිවුවේ අභීතටත් එක්කම වෙන්නැති

      Delete
  25. අභීත,රංග ප්‍රමුක බ්ලොග් කල්ලියට ඇනෝ නමැති යුධ ටැංකි බලකා ප්‍රහාරයෙන් සුනුවිසුනු කරදැමීමේ ප්‍රීතිය සැමරීම කැලණියේදී සහ නිට්ටබුව නගරවලදී, ජය !

    ReplyDelete
    Replies
    1. වරෙන් කොට්ටවාට. මම පාටියක් දෙනවා හිට්ස්වලට

      Delete
  26. puka hapan maariyan abeee

    ReplyDelete
  27. atthada meya,...........Monawada me kiyanne.......Ane manda....hari katha kollek ne oya...

    ReplyDelete
  28. උඹට රමීෂාගේ මුලින්ම කමෙන්ට් එකක් දාලා තිබුනා මම දැක්කා අභීත උඹේ පෝස්ට් වලට පුද්ගලික නම් ගාවලා අපහාස කරන ඇනෝ කමෙන්ට් ඇයි පබ්ලිෂ් කරන්නේ කියලා වගේ දෙයක් කියලා. ඒත් උඹ ඒක සතේකට මායිම් නොකර ඇනෝලට ඇති තරම් උන් දෙන්නට බනිනන් ඉඩක් දීලා පස්සේ කියනවා අනේ මට හොද යාළුවෝ දෙන්නෙක් නැති වුණා කියලා.සිරාවටම උඹට පිස්සුද? නැත්නං උඹ හිතන්නේ මේවා අහන අපි පට්ට ගොන්නු කියලද?

    ReplyDelete
    Replies
    1. ඔය සෙට් එකේ හිටියනම් උඹ පට්ට ගොනෙක් තමයි .

      Delete
    2. උඹ අභීතගේ යාලුවෙක් නම් උඹ පට්ට ගොනෙක් තමයි

      Delete
  29. මම ඇනෝ කොටන්නේ නැත. කියන දේ කියමි.

    බ්ලොග් එක ලියන්න. ඇතැම් තැන්වල ගොඩක් වටිනා සංවාද තියනවා. බ්ලොග් වලට යාලුකම නැතිවෙනවා නම් අර කලින් පෝස්ට් එකේ කිව්ව කතෘට විවේචන දරාගැනීමේ හැකියාව ගැන ප්‍රශ්න ඇති බව පෙනෙනවා. හිට්ස් කමෙන්ට්ස් ඕනේ නැතිනම් කොලේක ලියන්න. මොකද බ්ලොග් කියන දේ කියවනවා. කොලේ කියවන්නේ අපි සහ තෝරාගත් කීප දෙනෙක් හින්දා අවුලක් නෑ. නැත්තං බ්ලොග් එක ප්‍රයිවෙට් කලත් එච්චරයි.

    ReplyDelete
  30. මම දන්න විදියට අභීත කීපදෙනෙක්ටම කියල තමන්ගෙ යාලුකම ඉස්සරහට දාගෙන ඒ අයගේ බ්ලොග්වල තිබුන කමෙන්ට් වගේම පෝස්ට් පිටින් අයින් කරවගෙන තිබුනෙ තමන්ගෙ ප්‍රතිරූපයට බිස්නස් වැඩවලට හානියක් වෙයි කියල. ඒ වගේම ඒ හැම කෙනෙක්ම වගේ තමන්ගෙ හිත මිත්‍රය වෙනුවෙන් ඒ කමෙන්ට් පෝස්ට් අයින් කරපු බවත් මම දන්නව.

    යාලුවෙක් වෙනුවෙන් පුක දෙන්න ඕන වෙන්නෙ නෑ. යාලුවෙක් වෙනුවෙන් මරාගන්න යන්න ඕනෙත් නෑ. එහෙම දේකට සම්බන්ධ නොවී ඉන්න එක අභීත හෝ ඕනෙම කෙනෙක්ගෙ පුද්ගලික කැමැත්ත. මොකද මිනිස්සු තව කෙනෙක්ට උදවුවක් කරල අනිත් අතට උදවුවක් බලාපොරොත්තු වෙනව නම් වැරදියි.

    ඒත් කලින් ඇනෝ කෙනෙක් දාල තිබුන විදියට තමන්ගෙ යාලුවෙක්ට කවුරු හරි පාරෙ ගහනව දැක්කොත් තමන්ට ගහගන්න බැරි නම් අඩුම තරමෙ පාඩුවෙ යන්න ඕනෙ. එහෙම නැතුව අන්න අරූට ගහනව, උඹලත් ගිහින් දෙකක් නෙලපන් කියල කියනව නම් ඒ යාලුවගෙ යාලුකම ගැන ඊට වඩා චරිත සහතික දෙන්න දෙයක් නෑ.

    අනික බ්ලොග් අවකාශේ කිරුලු නොපලන් හිතින් කිරුලු පලන් කෙනා විදියට බ්ලොග් අවකාශේ ඇනෝලගෙ තරම අනිත් හැමෝටම වඩා හොඳට අභීත දන්නව. එහෙම තියෙද්දි මම බබා, ඇනෝල තමා නෝටි බබාල කියල කියනව නම් ඒක ලොකු ජෝක් එකක්. මොකද ඇනෝලගෙ තරම හැමකෙනෙක්ම දන්න නිසා.

    හිට්ස් කමෙන්ට්ස් බලාපොරොත්තු නොවෙනව නම් ප්‍රශ්නයක් ඇතිවෙලා ඒක යටපත්වීගෙන හෝ විසඳීගෙන යනකොට ඒ ප්‍රශ්නෙ ආයෙත් මතුකරලා ගින්නට තව තවත් පිදුරුත් පැට්‍රලුත් දාල එන්න මල්ලි එන්න නංගි මරාගන්න කියල පොරපිටියක් හදල දීල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?

    මොනව හරි හේතුවකට හරි හෝ වැරදි, අභීතගෙ යාලුවො ඌ එක්ක තරහ උනා නම් ඒ කතාව කියල අභීත පෝස්ට් එකක් දාන්නෙ අවංක චේතනාවෙන්ද? එහෙමත් නැත්නම් ආයෙත් සැරයක් අර හිට්ස් කමෙන්ට්ස් මරු විකල්ලෙන් ඒ තරහත් මාකට් කරගන්න හැදීමක්ද?

    මටත් පුලුවන් අභීතගෙ ආශාවන් සන්න්සිඳවන්න "අනේ අය්යේ උන් මෝඩයි. ඕව තරහ වෙන්න දේවල්ද? අය්ය හරි. අය්ය ශෝයි. දිගටම ලියන්න. සැලෙන්න එපා. අපි ආසාවෙන් කියවනව" කියල අභීත පුල පුලා බලාපොරොත්තුවෙලා ඉන්න කමෙන්ට් එක මෙතන දාල යන්න.

    ඒත් මේ ඔක්කොම කියවල බැලුවමත් අභීත සහ උගේ යාලුවො, ඒවගේම උන්ගෙ යාලුකම් ගැනත් තරමක් දුරට දන්න කෙනෙක් විදියට මේකෙන් අභීත නොදැනුවත්වම සමාජය දැනුවත් කරා. ඒ වෙන මොකවත් නෙමෙයි. තමන් කවුද කියන එක ගැන හැමෝටම පෙන්නුවා.

    අභීත හොරෙක් වංචාකාරයෙක් විදියට සාධාරණ හෝ අසාධාරණ විදියට සමාජය හංවඩු ගහල තියෙන්ව වගේම කවුරුහරි කෙනෙක් අභීත ආස්‍රය කරන්න ගත්තම නොදන්න පුද්ගලයන් පවා ඊමේල් කෝල් දාල අර පුද්ගලයව දැනුවත් කරන්නෙ අද ඊයෙ ඉඳන් නෙමෙයි.

    ඒත් එකෙක් දෙන්නෙක් විතරක් අඩුම තරමෙ අභීත ගැන මෙන්න මෙහෙම කියනව මම අහල තිබුන "සල්ලි එක්ක ඩීල් කරන්න අමාරු උනාට මනුස්සයෙක් හැටියට ඌ හොඳ එකා බං. බිස්නස් වලදි ඌ පිස්සු නැ‍ටුවට වෙන කියන්න වැ‍රැද්දක් උගේ නෑ."

    ඒ කතාවට මම එකඟ උනේ නැතත් මම ඒ ගැන වාද කරන්න නොගියෙ ඒ කතාව මට කියපු එකා මට වඩා සෑහෙන්න අභීතව ආස්‍රය කරපු එකෙක් නිසා. ඒත් ඌට ආයෙ කියන්නත් දෙයක් නැතිවෙන්න අභීතම තමන් කවුද කියල මුලු බ්ලොග් ලෝකෙටම පෙන්නල හමාරයි

    ReplyDelete
  31. අපි දන්න කාලෙ ඉඳන්න්ම අභීත රංග ගේ කල්ලිය (උන් බොන වීදුරු ලෙවකන හෝදන කට්ටිය.)මේකෙ වෙන කාවුරුවට් බ්ලොග් ලියල ප්‍රසිද්ද වෙනවට කමති නෑ.හොඳින් හෝ නරකින් ප්‍රසිද්දිය ගැනීම.ඒකටම හරියන අර වනාතෙ රමීශා,! තග් කල්ලිවාදය භංග වේවා.!අලුත් කොල්ලෝ ඉදිරියට ඒවා.!

    ReplyDelete
  32. එක එකාගේ සීනි කිරන්නතුව තමන්ගෙ වැඩක් බලාගෙන, අනුන්ට මඩ නොගහා තමන්ට ඕන දෙයක් ලියාගන හිටියනම් මේ මොන මගුලක්වත් නෑනෙ.. මෙතෙනට ඇවිත් කරන්නෙ එදිනෙදා කරන කුහක කම්මයි.. කවුරු හරි ජනප්‍රිය වේගන වැඩියෙන් හිට්ස් අරගන උඩට යනවනම් ඌට අල්ලගන නෙලනවා.. ගට තියන එකා ඉන්නවා නැති එකා දාලා යනවා.. ලංකාවෙ උන් ඉන්න අපායෙ වලේ දොරකුත් නැත්තෙ මේක හින්ද තමා..

    කාවවත් ඉලක්ක කරන් නෙමේ කිව්වෙ.. පොදුවේ හමා යන ජඩ රැල්ලටයි ඇමතුවේ.. තොප්පිය හරි උන් දාගනියවු..

    මෙච්චර කාලෙකට ඇනෝ කමෙන්ට් එකක් දමා නොමැත.. මෙතනත් නැත, ඉදිරියටත් නැත..

    ReplyDelete
  33. මෙන්න අභීත වපුරපු දේ


    http://dukaa.blogspot.com/2012/07/blog-post_22.html

    ReplyDelete
  34. මම බ්ලොග් වලට අලුත් එකෙකු නිසා... මා සොයා එනවාට වඩා වේගයකින් මම අනිත් උන් හදුනාගැනීමට ගියෙමි... සමහර මහා යයි කියා ගන්නා බ්ලොග් කරැවන්ටද මා කියවන්නට එන ලෙස කීවෙමි.. දෙවන තුන්වන වරද ඇරයුම් කලෙමි. එහෙත් උන් නාවෝය. ඒ අපි පොඩි නිසා විය යුතුය.. කෙතරම් වැදගත් පෝස්ටුවක් ලිව්වද කොමෙන්ටුවක් දමන්නට තෙත් හදක් නැති උන් හට කාන්තා පරාණයක් දමනා ඕනෙ කුණුහබ්බෙකට කොමෙන්ටු පිට කොමෙන්ටු දැමීමෙ පුදුමාකාර ආසාවක් ඇති බව බ්ලොග් අවකාශයේ ගෙවී ගිය මාසය තුල මා දැන ගතිමි. අවංකව මා කියවනා, එකකුගේ වුව කොමෙන්ටුව මට සෑහේ.. ඒ මා හිට්ස් බලාගෙන ලියන්නකු නොවන නිසාය... මගේ මූණු පොතේ ලිංකුවක් බ්ලොගිය හා ඒකාබද්ධ කලේ නම් මටද හිට්ස් උතුරා ගලා යනු ඇත.. එවිට මහා සම්මත පොරවල්ද හිට්ස් වලින් මඩ සෙකන්ඩ් වනු ඇත. එහෙත් එවැනි හීනමානයක් මා සතු නොවන බැවින් කල්ලි ගැසීමකින් තොරව පුරැදු රීතියෙන් මගේ සිතැගි සෘජුව ලියමි. මගේ හැගීම් මෙහි අකුරැ කර වරදක් කලෙහි නම් ඉවසා වදාරණු මැනවි.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...