Thursday, August 16, 2012

දුකා.. උඹ හිතාගෙන ඉන්නේ උඹ පොරක් කියලද බන්..?


එක එක ක්ෂේත්‍ර වල වීරයෝ ඉන්නවා.. හෙණ පොරවල් ඉන්නවා.. පොරවල් වෙන්න මහන්සි වෙන පොරවලුත් ඉන්නවා.. අන්තිමේට පොර වෙන්න දගලලා හද්ද චාටර් වෙන එවුනුත් ඉන්නවා... පොඩි කාලේ ඉඳන්ම අපිට එහෙම අය මුණ ගැහෙනවා.. අනිත් එවුන් වෙනුවෙන් පෙනී ඉදින්නට ගොස් හොම්බ බිම ඇනගෙන "ආයි" කියලා බෙරිහන් දෙන උනුත් ඉන්නවා.. පාසැල් කාලයේදී, සමාජයේදී මෙහෙම අය මුණ ගැහුණම එය ඉතා අමරණීය සිහිවටණයක් වෙනවා... මගේ බ්ලොග් එකේ නම ටිකක් හිනාවෙන්න වුනාට ඒකේ හිනා යන කථා යන්නේ නෑ කියලා කට්ටිය දැඩිව චෝදනා කරන නිසා අද මම අපේ දුකා ගැන ටිකක් හිනා යන චාටර් සීන් ටිකක් කියන්න යන්නේ...

ඩී.යූ.කේ. ආනන්ද... මුල අකුරු ඔක්කොම එකතු කරපුහාවම ඩී.යූ.කේ.ඒ. (දුකා). මිනිහා දුකා වෙන්න සති මාස ගනන් ගියේ නෑ.. කුරුණෑගලම සහෝදර විදුහලක පැසිපන්දු ක්‍රීඩකයෙක්.. අපි කවුරුත් කථා කලේ දුකා කියලා.. මගේ අළුත් ඔෆිස් එකේ වැඩ කරන අපේ ඉස්කෝලෙම මල්ලි කෙනෙක් එක්ක අද හිනා වුනෙත් පණ්ඩිතකම ඉහ වහා ගිය උගේ රසබර මතක කිහිපයක් මතක් වෙලා... එසැණින් අකුරු කරන්න ගත්තා අමතක වෙන්න කලින්...

කුරුණෑගල නගරයේ බාලක පැසිපන්දු කණ්ඩායම් තිබ්බේ දෙකයි.. එකක් අපේ පාසල, අනෙක අපේ අල්ලපු පාසල.. අල්ලපු පාසැලේ කණ්ඩායමේ තමයි මේ දුකා හිටියේ... ඌ උගේ නම කියන්නේ ඩියුක් කියලා ටිකක් පොශ් කරලා... අපි ආතල් එකට කියන්නේ දුකා කියලා.. ඔහොම තමයි ඩියුක් දුකා වුනේ... දැන් ඉතින් මූ ගැන කියන්න ගිය කතා කියන්න අමතක වෙනවා... 

ගොඩාක් වෙලාවට අපි ප්‍රැක්ටිස් මැච් ගහන්නේ මුනුත් එක්ක.. එක්කො අපි උන්ගේ කෝට් එකට යනවා.. නැත්නම් දුකාලා අපේ කෝට් එකට එනවා.. දවසක් මූ එනවා කොණ්ඩේ වවාගෙන.. ඒක  දැකපු දුකාගේ එම්අයිසී දුකාට මෙහෙම කිව්වා..

බලපන් උඹේ කොණ්ඩේ හැටි.. ගිහින් අරන් වරෙන් කෘෂිකර්ම කාමරෙන් ගස් කපන කතුර ඔය වැඩි ටික කපලා දාන්න...

මූ කරබාගෙන පිටත් වුනා.. විනාඩි දෙකකින් විතර සර් ඉදිරියේ ගස් කපන කතුරත් එක්කම මූ ඉන්නවා...

සර්, මෙන්න ගස් කපන කතුර..

මොකටද?

ඇයි සර් මගෙ කොණ්ඩෙ කපන්න.. සර්මනේ ගේන්න කිව්වේ....

දුප් පරයා මගෙන් ගුටි නොකා....

බලාගෙන හිටපු අපිට බඩවල් අල්ලගෙන හිනා.. සර්ටත් හිනාව තද කරගෙන ඉන්න බැරි වුනා වැඩි වෙලාවක්..

කෙල්ලො සම්භන්ධෙන් මූ හෙණ කුලෑටියි.. ඒ උනාට කෙල්ලෝ ගැවසෙන තැනකට යන්නේ උපරිමට කිට මරලා... ටූනමන්ට් එකකට ගියත් මැච් කිට් එක ගහන්නේ අන්තිම විනාඩි පහේ... එතකන් ට්‍රැක් කිට් එකෙන් ලොකු එක දදා ඉන්නව වටේට පේන්න... මේ කියන දවසේ අපි ප්‍රැක්ටිස් කලේ බාලිකා ඉස්කෝලෙක.. බාලිකාවෙද, කොන්වන්ට් එකේද කියලා හරියටම මතක නෑ... කොන්වන්ට් එකේ තමයි.. ඒකේ ගර්ල් ගයිඩ් රූම් එක ලඟ ටැප් එක ඉස්සරහදි තමයි මේකෙ හොඳම හරිය සිද්ධ වුනේ... හැමදාම සෙට් වෙනකොට දුකාව බයිට් එකට ගන්න එකේ අදත් ඌව බයිට් කරන එක ගැන අමුතුවෙන් කට්ටියට තීරණය කරන්න දෙයක් තිබ්බේ නෑ.. දැන් එකෙක් මුගෙන් අහනවා.. දල්ලා  තමයි මූව බයිට් එකට ගන්න දෙයියා...

අඩෝ දුකා.. අද මොකද බන් පිළිවෙළට ඇඳලා කියලා...?

අළුත් කෑල්ලකට බැස්සා බන්...

අනේ පලයන් බන්... අපි නොදන්න උඹේ කෑලි...

ඇයි දල්ලා මොකෝ.. අපිට බැරිද කෑලි වලට බහින්න...

හරි කෑල්ලක බහිනව කිව්වනේ.. උඹ පොරක් නම් අපි කියන වැඩේ කරනවද?

ඔව් යකෝ.. මම පොරක් තමයි.... නිකන් පච වැඩ කරන්න කියන්නෙ නැතුව ඕන දෙයක් කියහන්...

හරි අර යන කෙල්ලගෙන් අහපන් අභියාට කැමතිද කියලා..

මගේ ඇඟ සීතල වෙලා ගියා.. ඒත් ඒ කාලේ කෙල්ලො කියන දේට ලොකු ප්‍රමුඛතාවයක් නොදුන්න නිසාත්, ඒ කෙල්ල අපි අදුරන ෆිට් එකක් වීම නිසාත්, හරි ගියොත් මටමනේ කියන සිතිවිල්ල නිසාත්, මමත් නිහඬව හිටියා...

අයියෝ.. සිම්පල් සීන් එකක්නේ.. හිටු මම අහන්න...

මූ ගියා.. දැන් කෙල්ලත් එක්ක පොඩි කථාවක් කරගෙන යනවා... එක පාරටම කෙල්ල මූට බනිනවා දැක්කා.. ඒ එක්කම මට රවනවාත් දැක්කා.. ගස්සලා අනිත් පැත්ත හැරිලා යනවාත් දැක්කා... අපේ උන් හිනාවෙලා ප්‍රීතිය සමරනවා එකිනෙකාට පහේ ඒවා එහෙම දාගෙන.. මමත් ඉතින් හිනාවෙලා හිටියා... මූත් මූණ බෙරි කරගෙන ඇවිත් අපි ලඟ වාඩි වුනේ මෙහෙම කියාගෙන...

ඒකි උඹට බෑ කිව්වා අභියා..... මම උඹව ගොඩ දාන්න පට්ට කට්ටක් කෑවා.. හරි ගියේ නෑ බන්....

හරි බන්.. ඒකි බෑ කිව්වට කමක් නෑ.. උඹ සිරා පොරක්... ඉතින් කවුද බන් උඹේ අළුත් කෑල්ල...

දල්ලා ආයෙත් පටන් ගත්ත කථාව, ප්‍රැක්ටිස් පටන් ගත්ත නිසා එතනින් ඉවර වුනා.. මූ පොරක් වුන නිසා මූට පට්ට හැපි... අපිටත් ඒක එතනින් අමතක වුනා.... බ්‍රේක් එකකදි මමයි දල්ලයි ටැප් එකට ගියා වතුර ටිකක් බීලා එන්න.. එතකොටම අර කෙල්ල එනවා දුවගෙන.... අන්න ඒ වෙලාවෙනම් මට හීන් දාඩිය ටිකක් දැම්මා. ඇයි බොලේ.. අරූ මොනවා කියලද දන්නේ නෑනේ.. ඒ මදිවට ගෑණු ඉස්කෝලයක් ඇතුලේ...

මේ අය්යේ,, අර දුකා කියන එකාට පිස්සුද?

කෙල්ල ප්‍රශ්ණේ ඇහුවේ අපි දෙන්නගෙන්ම.... දල්ලටත් නිකන් කොයිල් වගේ... මොකද ඌ හිතුවෙත් මම හිතපු දේමයි... ඒක නිසා එක පාරට කෙල්ල මෙහෙම අහපුහාම අපිට හිතා ගන්න බැරි වුනා ඒ පාර මොකක්ද වෙන්න යන්නේ කියලා....

ඇයි නංගි, මොකක්ද ඌ කිව්වේ....?

නෑ අයියේ අර වෙලාවේ දුකා මගෙන් ඇවිත් මහ අමුතුම තාලේ ප්‍රශ්ණයක් ඇහුවනේ...

ඒ මොකක්ද?

නෑ... දුකා ඇහුවා.. "නංගි, අභීත අහනවා ඔයා මට කැමතිද කියලා..

අපි දෙන්නට හිනාව නවත්ත ගන්න බෑ.. බීපු වතු ටිකත් ඉස්පොල්ලෙ ගියේ දෙන්නටම එකට.. හිනාවෙලා හිනාවෙලා දුවගෙන ආවේ කෝට් එකට.... ආපු ගමන්ම මේ කතාව අපේ එවුන් එක්ක කියන්න අපි දශමයක්වත් පරක්කු වුනේ නෑ...

එතනින් පස්සේ උගේ තත්ත්වය නම් ඉතා සෝචනීයයි...

ඌ දැන් එංගලන්තේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා.. ලංකාවට ආවම අදටත් අපිත් එක්ක සෙට් වෙනවා.. අදටත් ඌ මුණ ගැහුනම අපි ආතල් එකට අහනවා  "දුකා, උඹ හිතාගෙන ඉන්නේ උඹ පොරක් කියලද බන්..?" කියලා.. 

"අනේ උඹේ අම් %%*^*%$($$((%((^^*%$" මෙහෙම තමයි උත්තරේ එන්නේ...

ප.ලි. දුකා උඹ මේක බලනවනම් මෙතන කමෙන්ට් නොකර මට ස්කයිප් එකෙන් කියපන්..

ප.ප.ලි. කට්ටියට හිනා ගියාද දන්නේ නෑ.... 

33 comments:

  1. දැන් ඉතින් තාමත් ඒ දුකා පොර වෙලා නැද්ද? :)

    ReplyDelete
  2. මුලින් නොමඟ ගියා නෙව.. අපේ දුකා කියලා හිතලා.. හැබැයි.. කතාව පංකාදුයි..

    ඔයා මට කැමතියි.. මං ඔයාට කැමතිද කියලා ඇහුවට වඩා මේක හොඳයි..

    ReplyDelete
  3. දුකා කියන නම හැදුනු හැටි දැනගත්තෙ අදනේ.. නියම සීන් එක. දුකා අයියා සිය දිවි නසාගෙනද දන්නෑ...

    ReplyDelete
  4. පට්ට කතාව. කාලෙකට පස්සෙ හොඳට හිනා වුනා

    ReplyDelete
  5. කෙල්ල කියන්න ඇති ඉතින් උබ කැමති වෙයන් කියල.

    ReplyDelete
  6. අම්මෝ හිනා වෙලා මගේ බඩත් රිදෙනවා......

    ReplyDelete
  7. උඹට දුකාගේ පොස්ට් එකෙන් පොරි හැලෙන්න වැදුනා නේද?

    ReplyDelete
  8. :D හිනා නම් ගියා

    ReplyDelete
  9. මගේ ඇඟත් සීතල වෙලා ගියා හිතුවේ මඩක් කියලා .වලි වලට නම් අපි කැමති නෑ ඕන් දුකා වැඩ්ඩා නෙව

    ReplyDelete
  10. කන ගමන් කියව්වේ ..!! කාපුවත් එක්ක හිර උනා ..!! මරු ඈ ..!!

    ReplyDelete
  11. පව් නේද? දුක හිතෙන කතාවක් දුකා ගැන...

    :D :D :D

    පට්ට කතාව.

    ReplyDelete
  12. සුවර් කෙල්ල අභීත අයියට කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ...

    ReplyDelete
  13. ආ කස්ටිය දුවගෙන ඇවිල්ලා තියෙන්නේ වලි බලන්න වගේ,,හික්ස්

    ReplyDelete
  14. ඇත්තටම ඒ කෙල්ල අභිතට කැමැත්තෙන් ඉදලාද කොහෙද.
    කතාව එළම එළ

    ReplyDelete
  15. ඒ දවස් වල අභීත අයියා හිතන් හිටියෙ නම් බාලිකා පාසල් දෙකේම ගෑනු ළමයි එයාට කැමතී කියලලු නේද?

    ReplyDelete
  16. මටනම් බ්ලොග් ලියන දුකා අයියා පොරක්.

    ReplyDelete
  17. අහ් දැන්නේ පෝස්ට් එක කියෙව්වේ. මේ වෙන දුකෙක් ගැන. සොරි වෙන්න ඕන.

    මම හිතුවේ අපේ බ්ලොග් ලියන දුකා අයියා පොරක්ද කියලා ඇහුවා කියලා. අපේ දුකා අයියා පොරක් කියලා ඉතින් ඕන කෙනෙක් දන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ඔහේ හිතුවේ මේ වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල ඒකේඒ දුකා කියලද?

      Delete
  18. ටිකක් නෙමේ ගොඩක් හිනා වුනා. අතීත මතකයන්ද අලුත් වුනා.

    ReplyDelete
  19. naya gaththu hamotama me wage post dala danenna nodanenna hint pass kala nam hondai Abheetha..umbatma galapena wadak.niyamai..gaththa naya denawa wenuwata ewa illana minissu anduna gaththu eka loku deyak kiyanawa wage mekath ela wadak machan..
    ohoma yan,,ohoma yan,,

    ReplyDelete
  20. wow... adaii mae pathata awe hodata hina unnaa... :D xD patta kathawa...

    ReplyDelete
  21. අඩෝ abheeta උඹ ඉස්කෝලේ යනකාලේ සීන්ස් පට්ට ගහනවා නේද ?

    ReplyDelete
  22. හිහ්හ්... නියම කතාව... මටත් ඉස්කෝලේ ගිය කාලෙ මතක් වුණා.....

    ReplyDelete
  23. කාව හරි කමක් නෑ නේද විකුනගන්න පුළුවන් නම්?

    ReplyDelete
  24. නියම කතාව...හි හි

    ReplyDelete
  25. අද තමයි මේ පැත්තට මුලින්ම ආවේ... මරු බ්ලොග් එකක්නේ?

    ReplyDelete
  26. ටොපික් එක ??? හෙහ් හෙහ්.. උඹට..........

    ReplyDelete
  27. ela kiri..........
    jayawewa
    Sajith Mendis.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...