Friday, August 31, 2012

වටේ යන්න කැමති අය ඇවිත් කියවන්න... අවසන් කොටස සහ ලස්සන අලුත් බ්ලොග්

මන්නාරම් කතාවේ අවසාන කොටස අරන් එන අතරේ ලස්සන අළුත් බ්ලොග් එකක් ගැනත් කට්ටිය දැනුවත් කරන්නයි හදන්නේ.. ඒ වගේම පරණ යාළුවෙක් අළුතෙන් ඇවිත් ඉන්නවා...ඉස්සෙල්ලා මන්නාරම් ගමන අවසන් කරලා ඒ විස්තර ටික කථා කරමු..

ගමනේ අවසන් දවස... අද දවසේ අපි බලන්න හිතාගෙන යන්නේ පහත සඳහන් තැන්...

1. තිරුකේතීශ්වරන් කෝවිල
2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන
3. මඩු පල්ලිය
4. මඩු ගල් පාලම
5. මඩු එල්ලෙන පාලම
6. මන්නාරම් කොටුව

පිළිවෙලට කථා කරමු.. අදත් සුපුරුදු පරිදිම ගියේ ත්‍රිරෝද රථයේ නිසා අපි කෙළින්ම සංචාරක ස්ථාන වලට යමු..

තිරුකෝදීශ්වරන් කෝවිල 

ඊශ්වර දෙවියන් සඳහා වූ කෝවිල් කිහිපයක් ලංකාවේ සිව්දිග් භාගයේ පිහිටා ඇත.. හලාවත මුන්නේශ්වරම්, ත්‍රීකුණාමලයේ කෝනේශ්වරම්, හා මන්නාරම තිරුකේදීශ්වරම් කෝවිල් මේ අතර ප්‍රධානව වේ.. ඉන්දියාවේ රාමේශ්වරම් කෝවිලද ඒ හා බැදී පවතී.. අප නරඹන මන්නාරමේ, ඒ-32 මාර්ගයේ පිහිටා තිබෙන තිරුකේදීශ්වරම් කෝවිල රාම රජුගේ මාමන්ඩියකු වන මායන් විසින් ඉදි කල බවට විශ්වාසයක් ඇත.. ස්නානය සඳහා මෙන්ම සියළු පහසුකම් සමඟ සකසා ඇති මෙම කෝවිලේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ..











2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන

තිස් වසරක ශාපලත් යුද්ධයේ අමිහිරිතම අත්දැකීමක් වූ බිම් බෝම්ම ගොඩ දැමීමේ කාර්යයේ තවමත් කට්ටිය නියැලෙනවා... විදේශ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේ සියළු කටයුතු ඉතාම හොඳ  අධීක්ෂණයකින් කෙරෙනවා අපි දුටුවා.. ජීවිත කාලයේ අපිට අඳින්න ලැබෙන ඇඳුම් විවියි.. සමහර ඒවා දුර්ලභයි.. මේ එවැනි ඇඳුමක් ඇඟලාගත්ත අවස්ථාවක් තමයි...









මඩු පල්ලිය


මරිය දේව මතා පිළිරුව තැන්පත් කල ඇති මෙම මඩු පල්ලියේ ඉතිහාසය පෘතුගීසි කාලය දක්වා දිව යනවා.. රුදුරු එල්ටී ටී ඊ ග්‍රහණයට නතුව තිබී 2008 අප්‍රේල් 25 වනදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 57 වන සේනාංකය විසින් මඩු පල්ලිය මුදවා ගනු ලැබුවා.. දැන් එය නිතරම වන්දනා කරුවන්ගෙන් පිරී පවතින ස්ථානයක්... මගේ ගමන් සගයා වූ අමිල කිතුණු බැතිමතෙක් නිසාම ඔහුටනම් මේ ගමන ඉතාම වැදගත් එකක් වුනා.. මේ තියෙන්නේ පින්තූර....








4. මඩු ගල් පාලම

සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ නැති මෙම පාලමේ, ඡායාරූප තමයි මේ තියෙන්නේ.. මෙහි ඉතිහාසය කීමට කිසිවෙක් අපිට සොයා ගන්නට ලැබුනේ නෑ.. දන්න කෙනෙක් සිටීනම් යටින් කමෙන්ට් කරයි කියලා හිතෙනවා.. මේ තියෙන්නේ ඡායාරූප...








5. මඩු එල්ලෙන පාලම

මෙහිත් විස්තර කියන්න ඒ පිළිබඳව දන්න කෙනෙක් සොයා ගැනීම අපහසු වුනා.. මන්නාරම බලන්න යනවානම් යා යුතුම තැනක්.. එතරම්ම එය ලස්සනයි... මෙන්න ඡායාරූප..







6. මන්නාරම් කොටුව

1505 පෘතුගීසින් විසින් සාදන ලද මේ මන්නාරම් කොටුවේ අද ඇත්තේ කොටු බැම්ම පමණි.. කලපුවට මුහුන ලා ඇති කොටු බැම්ම තමයි මේ...




මේ තවත් ඡායාරූප... 





මාගේ ඊලඟ සිහිනය... ඒ 32 පුත්තලමේ සිට යාපනය බලා..
මම කලින් කිව්වනේ අළුත් බ්ලොග් එකක් හදුන්වලා දෙනවා කියලා.. ඒ තමයි ගැඹුර සරලව හා සුගමව කියන බ්ලොග් එක.. ලස්සන කථාවක් එහෙමත් යනවා... ඒ වගේම වයිට් කණ්ණාඩි කියන පරන හිතවතියකුත් මේ දවස්වල උසස්පෙළ ඉවර වෙලා කල එලි බැහැලා ඉන්නවා.. බ්ලොග් ලෝකේ සමාන්‍ය තියරියක් අනුව ඉදිරියේදී මේ බ්ලොග් එකේ හිට් වැඩි වෙන එක ගැන නම් ආයේ අහන්න දෙයක් නෑ.. ඔය දාල තියෙන පාරවල් දිගේ ගිහින් බලන්න එහෙනම්...

ප.ලි. දේශාටන ඉවරයි.. මම කියපු ජීවිතයේ අඳුරු පැත්ත අරන් මම එනවා ලබන සතිය දිහාවට.. අමාරුවෙන් මේ මාසේ පෝස්ට් 4ක් ලියා ගත්තා...

16 comments:

  1. කියවා කමෙන්ටුවක් දමා යමි.

    මම නං ඔය තැං වලට ගිහිං නැත. ආ දවසක වෙලා තිබුණොත් යන්නට අදහස් කර සිටිමි.........

    ReplyDelete
  2. එහෙනං බෝම්බත් නිෂ්ක්‍රීය කෙරුවා ඇ, බ්ලොග් දෙක ගැන ඔත්තූව දුන්නට ස්තූතියි.

    ReplyDelete
  3. නියම චාරිකාවක් අයියා

    ReplyDelete
  4. ගල් පාලමත් එල්ලෙන පාලමත් දෙකම බ්‍රිතාන්‍ය යුගයටයි අයිති. මන්නාරමට ගිය වෙලාවේ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයට ගියානම් ගොඩක් විස්තර දැනගන්න තිබුනා. හැබැයි බ්‍රිතාන්‍ය යුගයේදී සංවර්ධනය හා නිර්මාණය කර තිබෙන්නේ පැරණි සිංහල වාරි තාක්ෂණයත් පදනම කරගෙනයි. 2008 ට කලිනුත් මඩු පල්ලිය ප්‍රදේශය හමුදාව අතේ තිබුනා. 1998 ඩි මම මදුපල්ලියටත් උතුරෙන් පිහිටි කීරි සුට්ටාන් කියන ප්‍රදේශයේ අණදෙන නිලධාරි වරයකු ලෙස සේවය කළා. පසුව ඒ ප්‍රදේශයේ පාලන කටයුතු වෙනස්වීම නිසයි එල ටී ටී ඊය මඩු අල්ලාගෙන හිටියේ 2008 වනතුරු. අර පාරවල් දැක්වෙන පුවරුවේ පුනකැරි යන්න වැරදියි එය පුනහරි විය යුතුයි. ඒ තමයි නිවැරදි ද්‍රවිඩ උච්ඡාරණය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  5. ඔබේ ලිපියත් විචාරකගේ කමෙන්ටුවත් ඉතා අගෙයි!!!

    ReplyDelete
  6. මඩු පල්ලිය කියන්නෙ අපේ ආගමේ වන්දනා සිද්ධස්ථානයක්නෙ. මම ඉපදුනාට පස්සේ අම්මලාට එතනට යන්න බැරි උනාලු. මොකද ඒ වෙද්දී 84 ඉඳන් යුද්ධය පටන් අරන්නෙ. අහලා තිබ්බත් මම ගිහින් තිබ්බෙ නෑ. ඒත් 2000 වසරේ තිබ්බ සටන් විරාමය කාලෙදී මඩු පල්ලි යන්න ලැබුනා. අම්මෝ..පණ බයේ ගියේ... ඇයි ඉතින් කාටද කොටින්ව විශ්වාස කරන්න පුළුවන්. ඒ යද්දී පල්ලියට අලාබ හානී වෙලා. දොරවල් ජනෙල් ඔක්කොම ගලවලා අරන් ගිහින්. ඊට පස්සෙ ගියේ යුද්දෙ ඉවර උනාට පස්සේ..දැන් නම් ලස්සනයි.
    ආ...මඩු ගියාම කෙල ගිල ගිල හොයන දෙයක් තියෙනවා. ඒ තමා පළු ගෙඩි...ඒවා නම් පුදුම රසක් තියෙන්නෙ. ඒ වගේම වීර ගෙඩි...ඒවා ඒ පැත්තට විතරක්ම තියෙන ඒවද මන්ද...

    පින්තූර ටික ලස්සනයි

    ReplyDelete
  7. යන්න හිතෙනවා දැක්කාම ..!!

    ReplyDelete
  8. මම නම් කවදාවත් අනුරාධපුරෙන් එහාට ගිහින් නෑ.
    පුළුවන් උනොත් ළඟදීම යනවා..
    නියම ට්‍රිප් එකනේ..
    නොදැක්ක ඒවා ගොඩක් දැක්ක....

    ReplyDelete
  9. මන්නාරම් කොටුව පෘතුගීසීන් 1505 හැදුවේ නැහැ. මට මතක විදිහට ඊට පස්සේ ඒක හැදුවේ...

    ReplyDelete
  10. මඩු ගල් පාලම,එල්ලෙන පාලම තියන තැන් කියන්න බැරිද,,මම දන්නේ නෑ ඔහොම දෙයක් ඇති කියලා,,අපේ වැඩිහිටියෝ කිවුවෙත් නෑ බලන්න යනවා එහෙම උනා නම්

    ReplyDelete
  11. මමත් ඔය පැත්තට ගිහින් නෑ අභීත. මඩු පල්ලියෙ ඇතුලත දැකපු බවත් මතක නෑ පින්තූරයකින්වත්.
    අර විචාරක කිව්වා වගෙ බෝඩ් එකේ පුනරීන් ලියලා තිබ්බ විදියට මමත් හොල්මන් වුනා. :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  12. aluth blog walin salli keeyak hamba unada?

    ReplyDelete
  13. මාත් ඔය පැත්තට ගිහිල්ලාම නෑ අභීත. ගොඩාක් ස්තූතියි මේ සටහන් වලට.

    ReplyDelete
  14. ස්තූතියි අභීත අයියා.... මම ගැන ප්‍රචාරයක් දුන්නට....

    අපිටනම් ඉතින් මෙහෙම යන්න අමාරුයි, ඒත් යන කෙනෙක්ව හරි දැනුවත් කරන්නම්...

    ReplyDelete
  15. යන්න ඕන උතුර පැත්තෙ

    ReplyDelete
  16. අපූරු තැන් ටිකකටනේ ගිහින් තියෙන්නේ... මමත් ත්‍රීකුණාමලයේ කෝනේශ්වරම් කෝවිලට නම් ගිහින් තියෙනවා. මන්නාරම පැත්තේ තාම යන්න බැරි වුණා... යන්න ඕන ළඟදිම...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...