ගිය සැරේ වැපාට උත්තර දෙන්න ගිහින් ඒක මාකටිං ලිපියක් කියලා මිනිසුන්ගෙන් කතා ඇහුවා.. කතානම් මොනාද කියලා ඊලඟ ලිපියත් මීමුරේ ගැන ලියනවා කියලා හිතුවා.. මේ කියන්න යන්නේ මීමුරේ ගමේ ප්‍රසිද්ධ සමහර පුද්ගලයින් ගැන ගම්මුන්ගේ මුවේ තියෙන ඉතා රසවත් කතා.. ඔන්න මේ ලිපියෙනම් මගේ නිවාඩු බංගලාව එක වචනෙකින්වත් මාකට් කරන්නේ නෑ.. (මේකට මට ටිකක් හිනා ගියා.....) නාය යෑම්වලට අහුවෙලා දින 15ක් තිස්සේ මම මීමුරේ ගත කල කාලය මම මීමුරේ ගැමියෙක් සේම ගත ඔවුන්ගේ දුක සැපත් සමඟ ජීවත් වූ නිසා මේ රස කථා දැනගන්න මට හැකි වුනා.. වැඩි කථා නැතිව කථාවට බහිමු...
සිරියා මුදලාලි... මීමුරේ අයත් ප්‍රදේශයේ තිබෙන ග්‍රාම සේවක වසම් පහේම ඉන්න තරමක පොහොසතෙක්... සිල්ලර කඩයක්, වෑන් රථයක්, ලොරියක් මෙන්ම බසයකද අයිති කරුවෙක්... ඔහු පොහොසත් වූ ක්‍රම ගැන ගමේ තියෙන්නේ හාස්‍යජනක කථා... බොහොම කාලෙකට කලින් ඔහුගේ කඩේට ආපු අහිංසක ගැමියෙක් හා ඔහු අතර වුන දෙබසක් තමයි මේ පහතින් තියෙන්නේ....
අහ්.. මුදලාලි.. අර සෙරෙප්පු කියන ඒවයින් දෙකක් ගන්න කියලා....
ඔය තියෙන්නේ රාක්කේ... ගැලපෙන තරම තෝරලා ගනින්...
අනේ මට තේරෙන්නේ නෑ මුදලාලි අයියා...
මේක දාපන් බලන්න.. ඔය තියෙන්නේ ගානට... මේක හරි...
කීයද ගාන....
ඔය තියෙනේ ගහලා....
එකකනම් ගහලා තියෙනවා.. හැට හයයි පණහක් කියලා.. එතකොට මුදලාලි අනික් එක...
ඒකත් ඒ ගනන්ම තමයි.. එකසිය 33ක් වෙනවා.. එකසිය විස්සක් දියන්කො... ඔන්න අඩුත් කරලා දුන්නේ...
අනේ පින් සිද්ද වෙච්චාවේ මුදලාලි...
හා හරි හරි....
මේ වගේ කතා තව ඕන තරම්....
මැනේජර් මහත්තයාත් ගමට පිටින් ආපු චරිතයක්.. ගමේ සමූපකාරේ මැනේජර් වෙලා ඇවිත් ගමෙන්ම කසාදයක් කරගත්ත අපූරු සුන්දර මිනිසෙක්.. ගම්මු කියන්නේ කාටවත් කරදරයක් නැති නිහතමානී මනුස්සයෙක් කියලා... නමුත් අපි අපේ අතීතය කොච්චර යටට එබුවත් රබර් බෝලේ වගේ හිටපු ගමන් උඩට එනවා.. මේ ඒ වගේ අවස්ථාවක්... මීමුරේ පාර හදන්න ගිය 15ක විතර බලකායේ මැනේජර් අයියත් සමාජිකයෙක්.. මමත් ඒ අයත් එක්කම ගියේ මාර්ගය සකසාගෙන හෝ ඉක්මනින් නිවස බලා ඒමට තිබූ අවශ්‍යතාවය නිසයි... වැඩ ඔක්කොම ඉවර වෙලා අපි එන්න පිටත් වෙද්දි මැනේජර් අයියගේ පවුලගේ අක්කගේ පුතත් එතන හිටියා.. ඒ එක්කම හුන්නස්ගිරියේ ඉදන් මහ දුකක් විදගෙන එතනට ආපු ගැමියෙකුත් ඒ කට්ටියට එකතු වුනා... ඔහු එන ගමන් මග දිගට රා පානය කරමින් පැමින තිබූ නිසා හිටියේ බඹර පදමේ... කාලෙකින් දැකපු මැනේජර් මහත්තයත් එක්ක ඔහු දොඩමළු වුනේ මෙන්න මේ විදිහට...
අම්මට සිරි.... මැනේජර් මහත්තයා දැක්ක කල්...
ඒක නේන්නම්...
මැනේජර් මහත්තයත් මීමුරේ අත අරින්නෙම නෑ නේද? දැන් අවුරුදු කීයක් නම් මීමුරේද?
ඔව්.. දැන් තිහකට වැඩියි...
ඒකනේ ඒකනේ... මැනේජර් මහත්තයත් ඉදලා ඉදලා අල්ලගත්ත අත්ත තමයි අත්ත... ආයේ මොකට ගෙදර යනවද නැද්ද මැනේජර් මහත්තයා....
දැන් වටේ හිටපු උන්ට හිනාව නවත්තගන්න බෑ.. මොකද මැනේජර් මහත්තයා බැදලා ඉන්නේ මීමුරේ සහ කයිකාවල ගම් දෙකේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් හිමි පවුලේ සමාජිකාවක්.. අර පුතා ඉන්න නිසා මැනේජර් අයියටත් ලැජ්ජාව, ඊලඟට මේකා මොනවා කියවයිද දන්නේ නෑනේ... අනිත් උන් මැනේජර් මහත්තයාට හොරෙන් අරූට උල්පන්දම් දෙනවා.. අනේ අවාසනාවට ඊලඟට අර පොරගෙ කටින් මෙන්න මෙහෙම කතාවක් පිට වුනා...
අනේ බලන්න එපෑ ඒ කාලේ අපේ මැනේජර් මහත්තයා... හරිම මනමාලයා.. අක්කයි නන්ගියි දෙන්න හිටියේ කිහිලි දෙකේ... ඒ වුනාට නංගි තමයි දිනුවේ....
වහපිය වල් පරයා කට... උඹේ අම්මට.........
එතනින් එහා හරිම සෝචනීයයි....
තව මේ වගේ කථා ඕන තරම්... ඒත් ලියන්න තමයි වෙලාවක් නැත්තේ... ඒත් ඉඩ ලැබෙන හැම වෙලාවකම මොනවාහරි ලියන්න බලාපොරොත්තු වෙනවා.....
ප.ලි. 27 තියෙන ගෙට්ටුවට යන්න වෙන්නේ නැති එක ගැන දුකයි.. සියළු බේද අත ඇරලා එදාට එක්කහු වෙන්න කියලා මම අළුත් පරණ සියළු බ්ලොග්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා... මට යන්න වෙන්නේ නැත්තේ බ්ලොග් මෙන්ම බ්ලොග්කරුවෙක් හා සම්භන්ධ වැඩකට බ්ලොග්කරුවෙක්වම මුණ ගැහෙන්න යන්න වෙන නිසා... ඊලඟ පෝස්ට් එකෙන් දාන්නම් විස්තරේ.... එහෙනම් සුභ පතනවා ගෙට්ටුව සාර්ථක වේවා කියලා...

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
අපේ අතීතය කොච්චර යටට එබුවත් රබර් බෝලේ වගේ හිටපු ගමන් උඩට එනවා//
ReplyDeleteහොර දෙටුවා... බොටත් වෙන්නෙ මේ ටිකම තමයි...
මට යන්න වෙන්නේ නැත්තේ බ්ලොග් මෙන්ම බ්ලොග්කරුවෙක් හා සම්භන්ධ වැඩකට බ්ලොග්කරුවෙක්වම මුණ ගැහෙන්න යන්න වෙන නිසා.//
ReplyDeleteතවත් පොල්ලක් තියන්නද ප්ලෑන් එක?
hora yakaa
ReplyDelete//ලියන්න තමයි වෙලාවක් නැත්තේ... ඒත් ඉඩ ලැබෙන හැම වෙලාවකම මොනවාහරි ලියන්න බලාපොරොත්තු වෙනවා.....//
ReplyDeleteලියන්න තමයි වෙලාවක් නැත්තේ... ඒත් ඉඩ ලැබෙන හැම වෙලාවකම මොනවාහරි ලියන්න බලාපොරොත්තු වෙනවා.....
මට යන්න වෙන්නේ නැත්තේ බ්ලොග් මෙන්ම බ්ලොග්කරුවෙක් හා සම්භන්ධ වැඩකට බ්ලොග්කරුවෙක්වම මුණ ගැහෙන්න යන්න වෙන නිසා...
ReplyDeleteකාටද මචන් මේ පාර පොල්ල තියන්න හදන්නේ?
ඔය සෙරෙප්පු කතාව වගේම කතාවක් මාත් අහලා තිබුනා. එත් කොහෙද කියලනම් දන්නේ නෑ...
ReplyDeleteහොඳ චරිත කතා :D
මුදලාලි හෙන හොදයි නේ??????
ReplyDeleteඩිස්කවුන්ටුත් දාලම දීලා තියෙන්නේ....
මරු ගැමි රස කතා දෙකක්නේ...
ReplyDeleteරසවත් කතා කෑලි දෙකක්
ReplyDeleteමීමුරේ කට්ටිය මේ බ්ලොග් එක බලන්නෙ නැතෙයි...?
ReplyDeleteමීමුරේ කට්ටිය මේ බ්ලොග් එක බලන්නෙ නැතෙයි...?
ReplyDeleteමුදලාලියා නම් නියම බිස්නස් කාරයා ඔය වගේ උන් මෙහෙත් ඉන්නවා :)
ReplyDelete"මම මීමුරේ ගත කල කාලය මම මීමුරේ ගැමියෙක් සේම ගත ඔවුන්ගේ දුක සැපත් සමඟ ජීවත් වූ නිසා...."
ReplyDeleteමීමුරෙත් කාලද ආවේ... එහෙන් පැන්නුවද?
ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
ReplyDeleteනයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!
පරිස්සම් වෙන්න දෙයක් නෑ ඩෝ...අපිත් ඔය ඕන දේකට ඔට්ටු කොල්ලො...අරිද ?
Deleteහොද ලිපියක්
ReplyDelete