Friday, March 1, 2013

එතකොට මට විතරද පික්ශු නැත්තේ ඕයි....


පහුගිය දවසක සලාකා එකේ උඩ තට්ටුවේ සෙට් එකක් සිංහල බ්ලොග් අවකාශය කළඹලා තිබුනා උන්ට පික්ෂු කියලා... ඒකට සෙට් වෙච්ච වටේ හිටපු උන් කිහිප දෙනෙකුත් උන්ට පික්ෂු කියලා තිබ්බා.. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මටත් පික්ෂු කියලා.. ඒත් මම හිතන්නේ දැන් මට විතරක් පික්ෂු නැද්ද කියලා.. 

මට ආපු ප්‍රශ්ණ ඇයි යකෝ මෙච්චර ප්‍රශ්ණ තියෙද්දි මුන්ට මුන්ගේ පික්ෂුව මතක් වුනේ කියලා..

ඕනයාට බියගම කලාපෙ ඇතුලට වෙලා කොච්චර හිතන්න දේවල් තියෙනවද?

අසම්මත ප්‍රේම සම්භන්ධතා වලින් මිදිලා විකෘති ලිංගික ආශාවන්ගෙන් මිදිලා ජීවිතේ ගත කරන එක නොහිතා ඇයි සිහින උගේ පික්ෂුව ගැන විතරක් හිතන්නේ...

හසීට ලොක්කයි ලොක්කියි ලොකු ටෝක් දෙන ඒවා පැත්තක තියලා ඉතාලි යන එක ගැන කල්පනා කරන්න බැරි ඇයි..

ලසිතයාටත් අළුත් ගෙදරට බඩු මුට්ටු ගන්න හිතන එකයි මේ අවුරුද්දෙයි ඉදිරි අවුරුද්දෙයි ඌට වෙන දේවල් ගැනයි හිතන්න බැරි ඇයි...

ලංකාවේ පැය 24ම ඇරලා තියෙන එකම කොමර්ෂල් බැන්කුව තියෙන්නේ උගේ ආසනේ කියලා නොදැන, හෝටල්වල ඩබල් වලට දඩ ගහන්නේ උගේ අල්ලපු ආසනේ කියලා නොදැන දේශපාලනේ කරනවාට වඩා ඒ ගැන තව ටිකක් හොයන එක හොඳයි කියලා ඇයි රනා නොහිතුවේ....

"ෂ" යන්න දාගෙන ආතල් එකක් අරන් ලැට් එකක් දෙකක් විකුනගෙන ඉන්නවාට වඩා අවංක පැට්ටා ඇයි තමන්ගේ පික්ෂුව ගැන හිතන්න ගත්තේ...


කවියක් ලියාගෙන පාඩුවේ ප්‍රේම කර කර ඉන්න එක තමන්ගේ පික්ෂුව ගැන හිතනවාට වඩා හොඳයි කියලා ඇයි පසන් නොහිතුවේ..

ගුලියක් කාගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක පික්ෂු ගැන හිතනවාට වඩා හොඳයි කියලා ඇයි බුල්ටා නොහිතුවේ...

ඔෆිස් එකේ අල්ලපු මේසේ කෙල්ලට ලයින් එකක් දාගෙන අවංක පැට්ටත් එක්ක දෙමළ පොඩ්ඩක් දොඩාගෙන ඉන්න එක හොදයි කියලා ඇයි සෝඩා ගුනෙයා නොහිතුවේ...

එදා මෙදාතුර හොයන තමන්ට ගැලපෙන කෙල්ල ඉක්මනට හොයාගෙන සුදු පූසාත් මොන ඉලව්වකට මේ පික්ෂුව ගැන හිතුවද මංදා...

අපොයි.. යස අගේට හිටපු දිල්ශාරා.. හැබෑට මක් වුනාද ඒකිට... පාරේ යනකොට ගොන්නු අනින එකෙන් බේරෙන හැටි කල්පනා නොකර පික්ෂුවක් ගැන හිතන තරමට මේ කෙලීටත් පික්ෂුද...

ලිශාන්... හික්.. හරි. ඌට පික්ෂු...

අශාන් නේද? "අර කෙල්ලෙක් නෙමේ නේද ඕයි? ඕකෙ කන්ටෝලරේ නෑ ඕයි? කෙල්ලගෙද ඕයි?" මේ තියෙන්නේ ඉතින් මූ ගැන සම්පූර්ණ විස්තරේ.. තව මොන පික්ෂුද?

හිතුවක්කාර කෙල්ල.. මේ කෙල්ල ගැන මම දන්නේ නෑ... ඒ නිසා මමත් හිතන්නේ ඔය කියන විදිහට ඒ කෙල්ලට පික්ෂු ඇති...


අමිලයාට නම් වැටකෙයා පඳුරු ගැනම කල්පනා කරන්න කොච්චර දේවල් තියෙනවද? ඒත් ඇයි මේ ඌත් පික්ෂු ගැන හිතන්නේ.... 


ලඟ ඉන්න ඕනම එකී ලඟ ඉන්න ඕනම කාලෙට ලඟට ගෙන්න ගන්නේ නැතිව උගේ පික්ෂුව ගැන පිස්සා මොකට හිතනවද...?

"අතේ ගහපු ගෝනුස්සා" එළවාගන්න ක්‍රමයක් හොයාගන්න කල්පනා නොකර රුචක මොකට පික්ෂු ගැන හිතනවද?

තමන්ගේ තරමට හරියන වාහන හොයන එක පැත්තක තියලා සංජුවා මොකට පික්ෂු ගැන හිතනවද?


මුචලින්දයාගේ පික්ෂුව නම් අනිවා වෙන එකෙක් දාපු එකක්.. ඌ පාඩුවේ හිටියා මෙච්චරකල් රස්සාවක් කරගෙන... උගේ පික්ෂුව ගැන කථා කරන්න කලින් මොකාද මේ පික්ෂුව ආයෙත් ඌට බෝ කලේ කියලා තමයි බලන්න ඕන....

තව ටිකක් සීරියස් නොවී මොන මඟුලට පික්ෂු හදා ගන්න හිතුනද දන්නේ නෑ බීටලයාට.. පික්ෂු හැදුනාට පස්සේවත් උගේ සැබෑ රූපේ එළියට පෙන්නන්න පුළුවන් වෙයිද දන්නේ නෑ...

පවුලට අළුතෙන් එකතු වෙන්න ඉන්න උන් ගැන හිතනකොට නචියාට පික්ෂු හැදෙන එක සුළු දෙයක්...

නෙරන්ජිට නම් කොහොමත් පික්ෂුව තිබ්බ හින්දා දැන් පොඩ්ඩක් ඒක වැඩි වෙලා කියලා හිතන්න පුළුවන්.. අළුතෙන්ම ගහපු බස් රේඩියෝ පික්ෂුව හින්දා තම්න්ගේ පික්ෂුව ගැනත් මතක් වෙන්න ඇති.. අනික මුහුදෙ නාලා මොලෙත් ටිකක් පෙගෙන්න ඇති නොවැ....

මට වගේම මේ වගේ ගොඩාක් දේවල් හිතිලා තියෙන්නේ ඇනෝටත්.. ඌත් ඉතින් මුන්ගෙන්ම කෙනෙක් නිසා පික්ෂුව හැදෙන එකේ එච්චර පුදුමයක් නම් නෑ.. හැබයි ඉතින් ඌට පික්ෂුවෙන් උනත් හරි දේවල් ටිකක් හිතිලා තියෙනවා...

මම පටන් ගත්තේ මට විතරද පික්ෂු නැත්තේ කියලා... මේ ටික කල්පනා කරපුහාම ඔන්න මටත් ටිකක් පික්ෂු වගේ....

දැන්නම් 
මට පික්ෂු වගේ ඕයි...
වගේ නෙමෙයි ඕයි...
හොඳටම පික්ෂු ඕයි... 



ප.ලි. මට පික්ෂුවෙන් වුනත් එක දෙයක් මතක් වුනා... මේ සලාකා එකේ උඩ තට්ටුවේ උන් ටික ඔක්කොටම පික්ෂු හදවලා සභාපතියයි ලේකමායි විතරක් මොකද පාඩුවේ පැත්තකට වුනේ කියලා....

විශේෂ ස්තූතිය... : වෙනදා වගේ කිසිම අමාරුවක් නැතිව ලින්ක් ටික දාගන්න සහ පින්තූරේ දාගන්න උදව් වෙච්ච පික්ෂු ඕනයාගේ පික්ෂු බ්ලොගේට...

14 comments:

  1. දෙයියනේ කියලා අනුන්ව හිනස්සගෙන ඉඳලා හිටලා මඩ් ෆන් එකක් අරගෙන ඉන්නෙ නැතුව බොලා මොකෝ පිස්සු හදා ගත්තේ? :P

    ReplyDelete
  2. Mata nam kohomath pissu ne.

    PISSA. ( palaamalla.blogspot.com )

    ReplyDelete
  3. අල්ලපු මේසේ කෙල්ලෙක් නෑ යකෝ...... :D

    ReplyDelete
  4. මූදේ පැය 6ක් නෑවාම පිස්සු හැදෙනවාද යකෝ... මට රේඩියෝ පිෂ්ෂුව නෑ යකෝව්.. මම බස් එකට වොයිස් දුන්නෙ මුල් දවස් වල ඉඳන්.. බොරු නං අහපං.. හීනයාගෙන්!! එක්කො ඕනෙ නෑ...
    මට පික්ෂුව ගැන අභි අයියා කෝමද දන්නෙ? නොදන්නවා නම් මරන්නෙපැයි... ඕයි!!! පිස්සු නිති උන් මේ බ්ලොග් කියවනවාද? :P

    ReplyDelete
  5. අභීත අයියා ..... ඔයා .....

    ReplyDelete
  6. අන්න අන්න ඉතින් සභාපතිගෙයි ලේකම්ගෙයි ලින්ක් වරද්දලානේ.. ඩොකි වශයෙන් මම ඒක අවධාරණයෙන් කියා සිටිනවා.. ;)

    ReplyDelete
  7. මේ ටික කියවගෙන මගට එද්දී මගේ පිස්සුවත් වැඩි උනා වගේ ....

    ReplyDelete
  8. නරකම නෑ පිස්සුව...එක අතකින් බලද්දි පිසුවත් මාරම ජොලි

    ReplyDelete
  9. පිස්සු ඩබල් වෙනවා ...

    ReplyDelete
  10. පිස්සු හැදෙනෙවා සද ....

    ReplyDelete
  11. thama salli gewwe na neda

    ReplyDelete
  12. උබ කියන විදියට කොහොම ඉන්නද බොල....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...