
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Wednesday, May 22, 2013
ඔබේ තොල් සෙක්සි පාට නැත්නම් මෙන්න උපදෙස්...... කොල්ලන්ට ස්පෙශල්...
ධනුක ගේ චැට් ඩික්ශණරි එකෙන් "සෙක්සි" කියන එකේ තේරුම අහපුහාම කිව්වේ "ලිංගික ආකර්ෂණය ඇති" කියන එක තමයි ඒකේ තේරුම කියලා.. ඉතින් අපි කවුරුත් කැමතිනේ "ලිංගික ආකර්ශණය ඇති" පිරිමියෙක් හෝ කාන්තාවක් වෙන්න. ඉතින් ඔය සෙක්සි කියන එක ගත්තම නොයෙකුත් ගැජමැටික් තියෙනවනේ.. හමේ පාට ඉඳලා ගත්තොත් කොන්ඩේ, ඇගේ හැඩය සහ එකී මෙකී නොකී දේවල් කොච්චර තියෙනවද? මාතලන් පහුගිය දවසක කතා කලේ ටෑන් පාට කාමුකද කියන ටොපික් එකනේ... අද මම කථා කරන්නේ කොහොමද ඔබේ තොල් සෙක්සි පාට කරගන්නේ කියලා.. මටත් මේක ලැබුනේ අහම්බෙන් කෝච්චියේ කතා කර කර එද්දි ගෑණු ලමයෙක් එක්ක....
මේ දවස්වල මම නිතරම මීමුරේ යනවනේ.... අළුත් සංචාරක නිකේතනයේ වැඩ වලටයි ඒකෙ පටන් ගත්ත වගා කටයුතු ව්‍යාපෘතියයි මේ ටිකේ නිතරම ඉන්නෙ එහේ.. ඉතින් ගොඩාක් මම පාවිච්චි කරන්නේ කෝච්චිය... උදේ 7.30ට නුවරට තියෙන ඉන්ටසිටි එක තමයි මේකට මම යොදාගන්නේ.. පහුගිය දවසකත් මේකේ එද්දි වේයන්ගොඩ හරියෙදි බ්රේක් බයින්ඩ් වෙලා පැය 2ක් විතර ප්‍රමාද වුනා.. ඉස්සරහා අසුනේ හිටපු ගෑණු ළමයත් එක්ක මම ඉතින් කතාව පටන් ගත්තා.. සතියේ දවසක් නිසා මුළු දුම්රිය මැදිරියටම හිටියේ මගීන් 10ක් විතර... අපි දෙන්නා මූණෙන් මූණ බලාගන්න සීට් එකක.. දැන් ඉතින් කයිය..
කෝච්චිය ගොඩාක් පරක්කු වෙයි වගේ නේද?
ඒක තමයි.. මටනම් හොඳටම පරක්කු වෙනවා... 10 වෙද්දි මම නුවර ඉන්න ඕන...
එහෙම නම් මෙතනින් බැහැලා නිට්ටඹුවට ගිහින් බස් එකේ යන්න තියෙන්නේ...
මම දන්නේ නෑ අයියේ....
ඔහොම පටන් ගත්ත කථාව සමාජ, දේශපාලන, විනෝදාත්මක ආදී විවිධ කතා දිගේ ඇදී ගියා.. මගේ විවාහක තත්ත්වය, ඇයගේ පෙම්වතාගේ සමුගැනීම, වෙන කොල්ලො පස්සෙන් ඇවිත් කරදරයක් වෙන හැටි ඔය ආදී ඉතා පෞද්ගලික මාතෘකා වලටත් ඇවිත් දැන් කතාව ගලාගෙන යනවා.. ඒ අතරේ කෝච්චිය බලන දුම්රිය ස්ථානයේ නතර කලා ඉදිරියෙන් එන දුම්රියකට ඉඩ දෙන්න... "දිවි නැගුම" ජැකට් එකක් දාගෙන හිටපු වෙළෙන්දෙක්ගෙන් එයා වතුර බෝතලයක් ගත්තා.... මම බුලත් විටක් ගත්තා...
අයියා බුලත් විට කනවද?
ඔව්..
දුංකොලත් කනවද?
ඔව්.. ඇයි ඔයා බුලත් විට වලට අකමැතිද?
අනේ නෑ. මම කැමතියි බුලත් විට කන අයට...
ඒක ටිකක් අසාමාන්‍යයි වගේ.. වෙන ගෑණු ළමයි කැමති නෑනේ බුලත් විට කණ අයට...
ඒ උනාට මම කැමතියි.. විට කන අයගේ තොල් මාරම "සෙක්සි" පාටයි.....
කියපුහාම විශ්වාස කරනවා ඕයි... මම ලැජ්ජාවෙන් ඇඹරුනා...... (මොකද අහන්ඩද "මගේ තොලුත් සෙක්සි පාටද නංගි" කියලා..)
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
හෑ.... ඔහොම කතාවක් ඇහුවමයි
ReplyDeleteයකෝ මගේ භාවය පවා උද්දීපනය උනා මේ කෙල්ල කියපු එක ඇහුවම.
ReplyDelete( ඉතින් ඊට පස්සේ මොකද උනේ.සුදුසු නම් පමණක් කියන්න )
මීමුරේ බුලත් හැදෙනවද සරුවටම ???
ReplyDeleteනන්ගිව අලුත් රෙස්ටුරන්ට් එක පෙන්නන්න අරන්ගියේ නැද්ද? ඔයා හරි දස්සයිනෙ නන්ගිලට රෙස්ට්ටුරන්ට් පෙන්නන්න....
ReplyDeleteමෙන්න මේකට තමයි කියන්නේ නිර්නාමික ලිංගික කුහකත්වය....
Deleteඅනේ නෑ සුදූ ඔයා ගන්න ආතල් ඔයා ගන්න... අපිට මොන ත්‍රීසම්ද....
Deleteබලාගෙන ඔහොම ඉල්ලන් කාපු අයියලා ගොඩක් අද 33 වාට්ටුවෙ තමා ඉන්නෙ...
Deleteමචන් උඹ ලකෆෑන්ස් බ්ලොග් එක දැන් ලියන්නෙ නැත්තෙ වෙලා මදි නිසාද?
ReplyDeleteනෑ මචන්.. පෝස්ට් එකක් පරක්කු කලාට සමාවෙයන්..... හෙට අනිද්දම එකක් දාන්නම්....
Deleteතෑන්ක්ස් අභීත... අපි වේලි වේලි ඉන්නෙ... ෆන් එකක් ගන්නත් එක්ක දාමු මැක්සා පෝස්ට් එකක්...අද මීමුරේ ගියෙ නැද්ද?
Deleteඒකනේ සෙක්ස් බයිබල් එකේ නින්දට පෙර බුලත් කන්න කියලා තියෙන්නේ.. ඔකේ වෙන ගුණත් තියෙනවා. දන්නෝ දනිති.. නොදන්නෝ හඬති වැලපෙති.. බෙහෙත් බොති..
ReplyDelete//ඔහොම පටන් ගත්ත කථාව සමාජ, දේශපාලන, විනෝදාත්මක ආදී විවිධ කතා දිගේ ඇදී ගියා.. //
ReplyDeleteඒ කතාව ඔයාගේ බිස්නස්, ඔයාගෙ ගනුදෙනු පැත්තට ඇදී නොගිය එක හොඳට ගියා...
ඒකෙන් ඒ කෙල්ල බේරුනා...
නැත්තන් ඒකිටත් නයෙක් ඇරල ණයක් අරන් පොල්ල තියනවා ෂුවර්!
Hari shoak neda
ReplyDelete!
ReplyDeleteහිටපියව් කනවා අද ඉඳලා බුලත්විට හිටු කියලා ............
ReplyDeleteඅදහගන්න බැරි කතාවක්.. ඒත් ඇත්තම කියලා හිතනවා. ඉන් පස්සේ වූ දේවල් ටිකත් කිවුවනං කතාවේ රසය මැරෙනවා..
ReplyDeleteඅඩේ මමත් කන්න ඕනේ ආපහු විටක් එහෙනම්. දැනට කන්නේ දානේ ගෙදරක ගියාවම විතරයි.
ReplyDeleteඒකි නියම ගෑනු ළමයෙක් වෙන්න බැහැ.රෑ දෙමන්දිරේ ළමය වඩන් එන මෝහිනීගේ ගෙ අවතාරෙ මුණගැහිල්ල තියෙන්නෙ.
ReplyDeleteනම අහන්ඩ තිබුනෙ ෂුවර් එකට ඇහැව්වනම් කියයි "මම රෝහිණි"කියල.
දැන් ඉතින් කට්ටියම බුලත් කන්න පටන් ගනියි ද දන්නේ නැහැ
ReplyDeleteහික්ස්!
මඩ පුවක් එක්ක කෑවාම ෆුල්ම සෙක්සි කිව්වේ නැද්ද අභීත?
ReplyDeleteසෙක්සි කියන්නෙ "ආකර්ශණීය" තමයි, හැබැයි ලිංගිකම නෙවෙයි.
ReplyDeleteමල මගුලයි. :D :D :D
ReplyDeleteමාත් විට කනෝ :o
ReplyDeleteමචං මෙක ඇත්ත කතාවක්ද
ReplyDelete