Thursday, September 12, 2013

ආත්ම ශක්තියෙන් පිරිපුන් තරුණ ඔබටයි මේ ආරාධනා...

ටිකක් හිනාවෙන්න බ්ලොග් එක කියවන, ජවයෙන් ශක්තියෙන් පිරි තරුණ පිරිවරට අපූරු අවස්ථාවක් දෙන්න තමයි මම මේ හදන්නේ.. මේක මෙතෙක් ටිකක් හිනාවෙන්න බ්ලොග් එකේ නොලියවුන ජාතියේ ලිපියක්.. කොල්ලන්ට විතරක් නෙවෙයි.. කෙල්ලන්ටත් සම අයිතිය අපි දෙනවා මෙතනදි.. ඒ නිසා ඔබ ජව සම්පන්න නම්, ඔබ ආත්ම විශ්වාසයෙන් යුක්ත නම්, ඔබ ධෛර්යවන්තනම් මෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා ජීවිතය ජය ගන්න... දැන් ඔයාලට ඉවසිල්ලක් නෑ නේද මේ මොකක්ද කියලා දැන ගන්නකන්.. හරි අපි යමු කථාවට....

ඉදිරි මාස තුන ඇතුලත ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපවාහිණී සමාගමක් මගින් ධීර ක්‍රියා (Adventure Sports) සම්භන්ධ රියැලිටි වැඩසටහනක් විකාශය කරන්න නියමිතයි.. එය මෙතෙක් නොවූ විරූ අයුරින් කෙරෙන අති දැවැන්ත වැඩසටහනක්.. අති විශාල මුදල් තෑගි, කාර් රථ, යතුරු පැදි වගේම ජයග්‍රාහකයින්ට විධායක ශ්‍රේණියේ රැකියාවන්ද හිමිවෙන මෙම වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයන් ඔබට ලබන මාසයේදී දැක ගන්නට හැකිවේවි... වටේමනේ යන්නේ.. ඔන්න දැන් කතාවට බහිමු...

මේ මාසයේ 20, 21, හා 22 යන දින තුනෙහි තියෙනවා මෙම වැඩසටහනේ පූර්ව රූගත කිරීම් (Pilot Shooting).. තියෙන්නේ ලංකාවේ සම්ප්‍රාදයකම ගම්මානය නමින් විරුදාවලිය ලද සුන්දර මීමුරේ ගම්මානයේදී... මේ සඳහා ඔබට ඇරයුම් කරන්නටයි මම මේ සූදානම් වෙන්නේ.. මම මේ සඳහා කණ්ඩායම් හතරක් සහභාගී කරවන්නට බලපොරොත්තු වෙනවා.. ඉතින් ඔබට පුළුවන් ඔබේ මිතුරු මිතුරියන් එක්ක සහභාගී වෙන්න.. මෙම වැඩසටහනෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම පරීක්ෂණ වලින් තොරවම අදාල ධීර රියැලිටි වැඩසටහන සඳහා සුදුසුකම් ලබනවා... දැන් ඔබට අවශ්‍ය නීති රීති නේද? මේ පහත තියෙන්නේ ඒ නීති රීති තමයි....

කණ්ඩායමක් ගෑණු ළමයි දෙදෙනෙක් ගෙන් හා පිරිමි ළමයි දෙදෙනෙක්ගෙන් සමන්විත යුතුයි...

ඔවුන්ගේ වයස අවුරුදු 19ට වැඩි විය යුතු අතර අවුරුදු 30ට අඩු විය යුතුයි...

මනා සෞඛ්‍ය සුවතාවකින් යුක්ත විය යුතුයි..

ඔබට අදාල උපදෙස් පහත පරිදි වේ...

කණ්ඩායමේ ගෑණු ලමයින්ගේ ආරක්ශාවට එක් වැඩිහිටියෙක් ගමනට සම්භන්ධ කර ගැනීමේ හැකියාව ඇත..

සම්භන්ධ වන ආකාරය මෙසේයි...

කණ්ඩායමේ සාමජිකයින්ගේ නම් සහ ජාතික හැඳුනුම්පත් අංක ඇතුල් කර, කණ්ඩායම් නායකයාගේ විස්තර සහ සම්භන්ධ කර ගත හැකි සංනිවේදන තොරතුරු සමඟ abeetha0325@gmail.com කියන විද්‍යුත් ලිපිනයට විද්‍යුත් ලිපියක් යොමු කරන්න..

ඉල්ලුම් කල හැකි අවසාන දිනය 2013 සැප්තැම්බර් මස 16 වන සදුදා වේ..

මේ සඳහා සහභාගී වන සියළුම දෙනාට ප්‍රවාහන පහසුකම්, නවාතැන්, ආහාර පාන ආදිය නොමිලේ සැපයේ..

පිටත් වීම 2013 සැප්තැම්බර් මස 20 වනදින හවස 4ට කොට්ටාවෙන් වන අතර 2013 සැප්තැම්බර් මස 22 වන දින රාත්‍රී 8ට නැවත කොළඹට පැමිණීමට අපේක්ෂිතයි..

දැන් ඔබට අවශ්‍ය මේක මොන විදිහේ වැඩසටහනක්ද කියලා දැන ගන්නනේ... මෙන්න මේ පහත තියෙන රූප රාමු වලින් ඒ පිළිබඳ අවභෝධයක් ලබා ගන්න පුලුවන් වේවි...






බය වෙන්න එපා.. ඔයාලට මේවා කරන්න වෙන්නේ ආරක්ෂිත කබා මෙන්ම ජීවිතාරක්ෂක භටයින්ගේ උපකාරද සමඟයි...



පැහැදිලියි නේද? වැඩි විස්තර දැන ගන්න අවශ්‍යනම් 0729900069 අංකනය කර අභීතව අමතන්න...

23 comments:

  1. “පනින්න පෙර සිතා බලන්න“ කියන එක තමයි ඊයේ පෙරේදා ඉලංදාරින්ට අපට දෙන්න පුළුවන් උපදේශේ....

    ReplyDelete
  2. ඔන්න අපි එනවෝ

    ReplyDelete
  3. අපිට කෙල්ලො එක්ක ඔය වගෙ ගමන් ‍යන්න කල් පහූ උනා බන්...:) දන්න දන්න වුන්ට කියන්නම්. වැඩසටහන නම් නියමයි.

    ReplyDelete
  4. එන්නනං ආසයි දවස් ටික තමා අස්පට්..
    යන කට්ටියට සුභ ගමං!!!

    ReplyDelete
  5. එක ගෑණු ළමයෙක්ට එක වැඩිහිටියෙක් කියලා වෙනස් කරානං උඹට තව වැඩේ ලේසිවෙයි

    ReplyDelete
  6. සිහ් ඔක්කොම හරි සරීර සුවතාවය නැති නිසා එන්න විදිහක් නෑ :)

    ReplyDelete
  7. අපිට එන්න ආසයි... කෝ අනේ කෙල්ලො... මගේ එකීව එවන්නෙ නෑනෙ... මොකද මාව ශුවර් නෑලු....

    ReplyDelete
  8. පොලු කේස් එකක් නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අභීතට ගොඩක් වැඩ තියෙයි නේද මචං... කෙල්ලෝ නම් කීයක්ද නෙහ් ?

      Delete
    2. ඔක්කොම නිකන් දෙන තැනක පොලු එනවද මල්ලි...

      Delete
    3. සල්ලි වලින් වාසි නැත්නම් උඹ ඉතින් ලිංගික වාසි හරි ගනියි..... මම දන්නෙ නැද්ද බන් උඹේ වැඩ.... කොල්ලෙකුටවත් ඉන්න දෙන්නැති එකා.... ගෑනු ලමයින්ගෙ ආරක්ෂාවට යකඩ ඇදුම් අන්දලා තමයි යවන්න වෙන්නේ....

      Delete
  9. කිතුල්ගලද මීමුරේද අයියා?

    ReplyDelete
  10. බොහොම හොඳයි. ඇත්තටම මෙය කායශක්තිය පමණක් තිබුනාට කළහැකි දෙයක් නොවේ. තමන් ගැන ආත්ම විශ්වාසයක්ද ස්ථානොචිත ප්‍රඥාවද තිබිය යුතුයි. අද අපි දකින සමහර සීනිබෝල තරුණ තරුණියන්ට වඩා යම්කිසි විනයක් සහ දක්ෂතාවක් ඇති ඇය මෙයින් ඉස්මතුවනවානම් වැඩසටහන සාර්ථක වනු ඇති. එසේ නැතිවුනොත් මේ වැඩසටහන තවත් එක් ප්‍රදර්ශනයක් පමණයි.

    ReplyDelete
  11. කායශක්තිය,ආත්ම විශ්වාසය, ස්ථානොචිත ප්‍රඥාව..යන තුනම තිබුනද අභීතගේ ගැටවලට හසුවී ගැලවී යා හැක්කෙක් සිටිත් නම් ඔහු ඔබා මාමා වැනි මලවුන්ගේ ලෝකයට ගිය අයෙක් විය යුතුය.....

    ReplyDelete
    Replies
    1. හෝ ඔහු තවමත් ඉපිද නැති අයෙක් විය යුතු ය.

      Delete

  12. තියපු පොලු අවුරුදු ගානකටම ඇතිනේ.....

    ReplyDelete
  13. ලිංගික වාසි තකා කරන වැඩක් මේක.
    අභීත කියන්නේ ලාභයක් ලැබෙන්නේ නැත්නම් වචනයක්වත් පිට කරන්න කැමති නැති එකෙක්ට. මේක එන කෙල්ලන්ගෙන් ලිංගික වාසි ලබා ගන්න වැඩක් !

    අභීතට කියලා කරගන්න ඕන කෙල්ලෙක් ඉන්නවනම් වරෙව් ! තමන්ගේ කෙල්ල, අභීතට පුදන්න කැමති එකෙක් ඉන්නවනම් ඒත් වරෙව් !

    ReplyDelete
  14. තී සම්.... ෆෝ සම් විතරක් නෙවෙයි ගැන් බැන්ග් බලන්නත් පුලුවන් වෙයි මී මුරේ අයට..... මූ නොමිලේ අරන් ගිහින් ගමේ උන්ට ටිකට් දීලා ඔව්වා පෙන්නයි....

    ReplyDelete
  15. මීමුරේ කෙල්ලොන්ව නිකන් අරන් ගිහින් අනාථ කරලා එවන්න හදන්නෙ..... වැඩිහිටියෙක් එක්කන් ගියාට උන්ට ගල් උඩ දුව පනින්න බෑ යකුනේ.... වැඩිහිටියා නවාතැනේ වැඩහිටින වෙලාවෙ අහියා එක්ක කැලේ රින්ගලා රියැලිටි ෂෝ එකට පැටව් එක්ක තමයි යන්න වෙන්නෙ.....

    ReplyDelete
  16. ආදරණීය ඇනෝ වරුණි, මේ වැඩසටහන ශක්තිමත් කරගන්නට ඔබ දුන්න සහයෝගය ඉතා අගේ කොට සලකමි...

    අපාරදෙ බන් උඹලා කොටපු යුනිකෝඩ්.. මම වෙනුවෙන් මහන්සි වෙලා පින්තූර හොයාගෙන සියල්ල කරන්නට තරම් කාලයක් කැප කිරීම ගැනත් මම ස්තූතිවන්ත වෙනවා

    ආදරණීය පාඨකයිනි.. කණ්ඩායම් හතරක් දැනටමත් සියළු එකඟතාවන් පල කර ඇති නිසාත්.. තවත් කණ්ඩායම් දෙකක් අමතරව ද සූදානම් කර ඇති නිසා අයදුම්පත් භාර ගැනීම නවතා ඇති බව කාරුණිකව සලකන්න... ඔබ දැක් වූ සහයෝගය ඉතා අගය කොට සලකමි...

    අභීත

    ReplyDelete
  17. කීයක්වත් ගන්නෙනෑ කියලා වැඩේ පටන් අරන් මගදී කියයි මල්ලි මෙච්චරක් ඕනේ මේකට මෙච්චරක් ඕනේ අරකට කියල. අපි නොදන්න අබීත

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...