
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Monday, April 28, 2014
ගෑණිට බයේ නොබී දුවන බ්ලොග් කරුවා කවුද?
ඔබේ බිරිඳත් ඔබ බොනවට අකමැතිද? මෙන්න මෙහෙම වෙලා තියෙනවද? මේ ලිපියේ දෙවෙනි කොටස දාන්න පහකට ආසන්න කාලයක් වුනා.. හදිස්සියේ අපේ කථානායකයා පිළිබඳ හදිසියේ වූ මතකයකින් තමයි මතක් වුනේ අම්මපා.. අරකේ දෙවෙනි කොටස ලියනවා කිව්වට ලිව්වේ නෑනේ කියලා... අද ලියන්න යන්නේ පවුලට බයේ නොබී දුවන බ්ලොග් කරුවා ගැනයි තවත් සූටි කථාවකුයි.... රස හරිය පස්සට තියලා සූටි කථාව කියලා ඉමු...
මම රජයේ සේවකයෙක් වෙලා වැඩ කරන කාලේ විදාතා කියලා ප්‍රදර්ශන දුම්රියක් රට වටේම දිව්වා.. එක එක දුම්රිය පොලවල් වල නවත්තලා සති ගනන් ඒකේ තියෙන දේවල් පාසල් සිසුන්ට පෙන්නන එක තමයි වැඩේ.. අවුරුදු 2ක් විතර මම තමයි ඒකේ සම්භන්ධීකරණ කටයුතු සියල්ල කලේ... ඉතින් හැම මාසෙකට සැරයක්ම මම දුම්රිය ස්ථානයක සතියක් විතර නැවතිලා ඉන්නවා... සමහර විට තවත් කවුරු හරි ඇදගෙන යනවා... හවස වැඩ ඉවර වෙලා ලඟම තියෙන මත්පැන්හලකට ගොඩ වෙලා හීනියට අඩියක් ගහගෙන ඒ ප්‍රදේශය පුරා පයින් ඇවිදින එක තමයි මෙහෙම තව එකෙක් ඉන්න දවසට අපි කරන රාජකාරිය..
දුම්රිය ගම්පහ තමයි නැවැත්තුවේ.. මම එදා එකතු කරගත්තේ මගේ පාසැල් මිතුරෙක්ව.. මිනිහගේ පෙම්වතිය ඉන්නෙත් ගම්පහ නිසා තමයි මිනිහා මාත් එක්ක එකතු වෙන්න ප්‍රධාන සීන් එක වුනේ.. මිනිහා දවල් ගිහින් පෙම්වතිය මුණ ගැහිලා ආවට පස්සේ අපි දෙන්නා පොඩි ශොට් එකක් ගහල ඉන්නකොට ආයෙත් එනවා පොරට කෝල් එකක්..
සුදූ ඔයා කොහෙද ඉන්නේ...
මම අභියත් එක්ක ස්ටේශන් එකේ....
කෝ.. මට කෝච්චි සද්දයක්වත් ඇහෙන්නේ නෑනේ..
ඇයි.. මේ කෝච්චි යන්නේ.. අපි එහා පැත්තේ කඩේ කන ගමන්...
මම දැන් අස්ගිරියේ ගාඩ්න් එක ලඟට එනවා.. ඔයාට එන්න පුළුවන්නේ..
හපෝ.. මේ වෙලාවේ.. කොහොම එන්නද?
ඇයි අනේ... මම කෙල්ලෙක් වෙලත් එන්න පුළුවන්නම් ඔයාට බැරි මොකද?
හරි හරි.. මම එන්නම්... අභියත් එක්ක එන්නේ..
හරි කමක් නෑ.. විනාඩි 15න් එන්න..
ෆෝන් එක තිබ්බ පොර මගේ පැත්තට හැරුනා....
අභියා මාර සීන් එක...
ඇයි මොකද?
කෙල්ල එන්නලු මල්වත්ත ගාවට...
ඉතින් පලයන්.. මම මේ ටික ඉවර කරන්නම්...
*&^*& කතා කරන්න එපා.. යමන් මාත් එක්ක...
එතකොට මේ ටික...
ඒ ටික අරන් යමන්....
හරි යමන්....
දැන් යනවා දෙන්නා... මූ යනකොට විනාඩි 5ක් විතර පරක්කු වෙලා.... මම එළියේ පාළමක් උඩට වෙලා අවට සිරි නරඹද්දි මුන් දෙන්නා අස්ගිරියේ ගේට්ටුව ගාව අයිනේ කථාව... විනාඩි 5 යනකොට අරූට ගස්සපු කෙල්ල පිඹගෙන මම ලඟට ආවා... එන පොට හොඳ නැති බව තේරුනත් මමත් බලාගෙන හිටියා... ලඟට ආපු කෙල්ල මට කිව්වේ මෙන්න මේකයි...
අභීත.. මම බලාගන්නම්කෝ ඔයා ගැනත්...
අනේ නන්ගි.. මම ගැන බලාගන්න කෙනෙක් ඉන්නවා... ඔයා අරූ ගැන විතරක් බලාගන්න.. මට දෙකක් කරන්න අමාරුයි...
තවත් මල පැනපු කෙල්ල යන්න ගියා ඉගිල්ලිලා...
අරු නිකම් මම ලගට ආවේ අශ්පයා මැරිච්ච කව් බෝයි වගේ... දෙබස මෙහෙමයි...
මොකෝ බන් අරකි වරම අතට අරන් ගියේ...
මාර සීන් එක අභිය... මල පැනලා ගියේ...
ඇයි...
විනාඩි දෙක තුනක් යද්දි කෙල්ල ඇහුවනේ යකාගේ ප්‍රශ්ණයක්...
එ මොකද්ද?
ඇයි ඔයා අද මට කිස් එකක්වත් දෙන්නෙ නැත්තේ...
ඉතින්.. උඹ හිටියද නිකන් ගල් බිල්ලා වගේ....
ඇහුවට පස්සේ දුන්නා බන්... කිස්ස් එකත් එක්කම තමයි ඔය උඹටත් බැනලා ගියේ...
ඒ මොකෝ බන්...
අරක්කු ගඳ දැනිලා බන්... රුපියල් 1000ක විතර බීලා කෝටියක විතර වෙරි හිදුනා බන්....
අයියෝ සල්ලි...
ඒ කථාව ඉවරයි... දැන් ප්‍රධාන මාතෘකාවට යමු... මීට අවුරුදු කීපෙකට කලින් අපේ කාලයේ බ්ලොග් ලියපු උන් එක්ක පොඩ්ඩ පොඩ්ඩ සෙට් වෙනවා සතියකට විතර සැරයක්... මේකේ අනිවා සෙට් වෙන එකෙක් හිටියා.. ටිකක් වැඩිමල් උනත් අපේම ලබැදියාවකින් අපිත් එක්ක හිටපු දැනටත් ඉන්න පොරක් තමයි මේ... සමාන්‍යයෙන් සෙට් වෙද්දි අපි ඌට කෝල් කරන එක අනිවා කරනවා... ඔන්න දැන් පුරුදු පරිදි සෙට් උනා නෙවෙයි.. සෙට් වෙනවා.. අදාල මනුස්සයා කොහොමත් කලින් යනව 90%ක් අවස්ථාවලදි... ගොඩාක් වෙලාවට ඒ පුද්ගලය එක පැත්තක් ගද්දි අනිත් පැත්ත ගන්නේ මමයි රංගයි ලසියයි තමයි ගොඩාක් වෙලාවට...
පොඩ්ඩක් මධුවිත පානය කරන මොහු විනාඩි 30කින් විතර පුරුදු කථාව එනවා මෙහෙම...
මචන්.. මම දැන් යන්නද?
ඒ මොකෝ බන්.. මේ තාම පටන් ගත්ත විතරනේ...
නෑ බන්.. ස්කයිප් කෝල් එකක් එනවා...
ඉතින් මෙතන ඉදන් කරපන්කෝ....
නෑ යකෝ.. ගෑණි කෝල් කරන්නේ.....
ඉතින් මැසේජ් එකක් දාල තව ටිකක් ඉඳල පලයන්...
බෑ බන්.. යන්නම ඕන....
එතකොට උඹ නොබී දුවන්නේ ස්කයිප් කෝල් එකක් නිසා.. ගෑනි ගෙදර හිටියනම් අපිට හිතාගත්තැකි උඹට වෙනදේ...
ඔන්න ඔහොමයි පොර ගෑනි ස්කයිප් කරද්දිත් නොබී ඉන්න හදන්නේ.. කවුද කියලානම් අහන්න එපා... හැබැයි මෙයාගෙන් මම මඩක් ගහල බ්ලොග් පෝස්ට් එකක් දාන්නද කියලා අහපුහාම ඊට කලින් උඩ පැනගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මා වගේ මතකයි... අයියා... මගේ පෝස්ට් කල එළි බහින්නෙ හෙමීට.....
ප.ලි. ඒ සුන්දර කාලේ මතක් උනේ ඊය ඔබා මාමා වෙනුවෙන් අන්තිම පේලිය කරපු ලේ දන් දීමට ගිය අතර තුර... මම බ්ලොග් කාරයොත් එක්ක පළවෙනි පාරට සෙට් වෙච්ච හැටි තමයි මේ තියෙන්නේ... අම්මපා මේ චරිත දැන් කොහෙද? ඒ කාලේ ගහගත්ත මඩ දැන් ගහ ගන්න වෙලාවක් නැති හැටි....
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
හැක් නියමයි ...මේ ගොඩ වුණ පලවෙනි වතාව මං හිතන්නෙ ???
ReplyDeleteවෙල්කම්
DeleteDo you like to invest money?? Do you have a nice wife?? Atleast do you like to visit meemure..
Deleteඋඹ රජයේ සේවකයෙක් වෙලා හිටියද ? :|
ReplyDeleteඔව් බන්.. අවුරුදු 10ක්ම...
Deleteමට මීටර් නෑ මොකා උනත් එළ බුවෙක්. නැත්නං ස්කයිප් එකෙන් කෝල් එක ආවම බය වෙයියැ..
ReplyDeleteසිරාවටම පොර එල බුවෙක්...
Deleteඔබගේ බ්ලොග් අඩවියත් ඔබ දන්නා වෙනත් සිංහල බ්ලොග් අඩවිත් ගැන විස්තර අපට එවන්න අමතක කරන්න එපා. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයට ඔබේ අඩවියත් ඉදිරිපත් කරන්න. අපට එය ප්‍රචාරය කිරීමට අතහිත දෙන්න පුලුවන්. අපේ බ්ලොග් දර්ශකයට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
එල...
Deleteඑහෙනම් ඔන්න මං පටන්ගන්නවා.
ReplyDeleteටිකක් හිනාවෙන්න කියන බ්ලොග් එක මගේ බ්ලොග් රෝලෙ ආයෙ කවදාවත් උඩට එන්නැතිවෙයි කියලයි හිතුවෙ. මොකද මේ පෝස්ට් එකක් දාල තියෙන්නෙ පෙබරවාරියෙන් පස්සෙනෙ. ටිකක් හිනාවෙන්න සහ අභීත මට විශේෂ වෙන්නෙ, බ්ලොග් කලාව ගැන හරියටම වටහාගන්නත්, ඊටම ඇලී ගැලී ඉන්නත් මං පුරුදු උනේ මේ බ්ලොග් එකෙන්. ඒ වගේම මේ බ්ලොග් එක මට අහම්බෙන් හම්බෙනකොට මං සිංහල බ්ලොග් ගැන දැනගෙන හිටියෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒ වගේම විශේෂත්වය තමා ඔබේ බ්ලොග් එකේ පළමු පෝස්ට්ටුවේ සිට අන්තිම එක දක්වා සියලුම පෝස්ට් අඛන්ඩව කියෙව්වා. ඒ නිසා බ්ලොග් කලාව තුල වසර ගනනාවක් හිටිය වගේ හුරුපුරුදු ගතියක් ඇතිවුනා. ඔබට තිබූ කමෙන්ට් හරහා බ්ලොග් කලාවෙ ප්‍රවීණයන් හඳුනගන්න අවස්ථාව ලැබුන. ඒ සියල්ල තුලින් මමත් සාර්ථකව බ්ලොග් එකක් පටන්ගෙන දැන් ලියාගෙන යනවා.
ඒ වගේම ඇනෝ ප්‍රහාර වලට ඔබ තරම් බඳුන් උන වෙනත් බ්ලොග් කරුවෙකුත් නැතිතරම්.
ඔබේ බ්ලොග් අඩවිය මුල ඉඳලම කියවපු නිසා මට තේරුන දෙයක් තමා ඔබ ඔබේ බ්ලොග්ක් එක හා රැකියාව, පුද්ගලික ජීවිතය සාර්ථක වෙන තරමට ඔබ බ්ලොග් වලින් ඈත් උනා. ඔබේ ව්‍යාපාර සාර්ථක වීමට ඔබේ බ්ලොග් එක ප්රබලවම බලපෑ බවයි මගේ හැඟීම. ඒ නිසා බ්ලොග් වලින් මෙහෙම ඈත් වී සිටීම සාධාරණ නෑ. ඒකෙන් ඔබ ලොකු වරදක් කරනවා.
අවසාන වශයෙන් බ්ලොග් කලාව ගැන ඔබේ අඩවියෙන් මා ලබාගත් පන්නරය පිළිබඳ මා ඔබට අතිශයින්ම කෘතඥ වෙනවා. දිගටම රැඳී සිටින්න.
ස්තූතියි නැවතත්..
වචනේ දිරියක් මල්ලි.. බ්ලොග් කෙරුවාව නවත්තන්නේ නම් නැති වෙයි.... ඒත් ඉස්සර වගේ පුරුදු පරිදි ලියන්න වෙලාව නැති එක තමයි අවුල...
Deleteඔන්න ඔයගෙ බ්ලොග් එකත් මගේ රෝල් එකට දා ගත්තා....
ස්කයිප් එක දිගේ ගඳ ඒයි කියලා මගේ හිතේ
ReplyDeleteගඳ නෙවෙයි බන්.. පරාණ බය....
Deleteවෙලාවක් නැති කම මිසක්...ඒ ලෙංගතුකම් නම් වෙනස් වෙලා නෑ බන්. ඒක තේරුනානෙ ඊයෙ...
ReplyDeleteඇනෝ දැම්මට උඹයි මමයි දෙන්නම දන්නවනේ මේ කවුද කියලා.... ඒකේ දෙකක් නෑ මචන්.... හිත්වල තියෙන ලෙන්ගතුකම තාමත් එහෙමමයි...
Deleteඑ බයට නෙමෙයි බන් ගවුරවෙට හැක්
ReplyDeleteදෙකම නෙවෙයි බන්.. පරාණ බය....
Deleteමොකද ආපහු සෙට් වෙන්නෙ ඕනැ? උඹට තව ණයක් හෙම ගන්න ඕනැ වෙලාද?
ReplyDeleteඔව් මචන්.. පොඩි මදි පාඩුවක්නම් තියෙනවා....
DeleteSAMAHARU ARAKKU BEELA BAR EKATATH POLU THIYANAWA
ReplyDeleteපොලු තියන්නේ නෑ.. පොතට බොන්නේ....
Deleteඅම්මපා එකට කාලා බීලා ගහන මඩ.....
ReplyDeleteකෝ මඩ.. තනිකර සත්‍යය තියෙන්නේ මෙතන....
Deleteඅභීත පලමු වතාවට උඹේ පෝස්ටුවක් කියෙව්ව ලස්සනයි.
ReplyDeleteස්තූතියි...
Deleteඅනේ මන්ද බං ... මං ඔය එක එකාගෙ මගුල් හොයන එකෙක් නෙමේනේ.....
ReplyDeleteමං නොදනී...... උඹ දනී.....
උඹ කියල තියන ඩයල් මං දැකල තියෙනව ඇත්තටම.....
දැකලා නැත්තේ කවුද බන් එහෙම ඩයල්....
Deleteකොහොමත් කෙල්ලො කැමති නැහැ අභීත අයියෙ කොල්ලො බොනවට..මේකනම් කරුමයක් අෆ්ෆා..
ReplyDeleteඕකෙන් සමහරු මැකෙනවා.. අනිත් උන් හැදෙනවා...
Deleteඔහොම බුවාලාත් ඉන්න ඕන. නැත්නම් ගතියක් නැහැ. කාලෙකින් යමක් ලියලා තියෙන්නේ.
ReplyDeleteඔහොම ගෑනුන්ට බය යාළුවොත් හිරියද බන් උඹට චාටර් නෙ ! :-D
ReplyDeleteදැන් එතකොට උඹ කියන්නේ මෙහෙම එකෙක් උඹ කණ්ණාඩියක් ලගට ගියාමවත් දැකලා නෑ කියලද?
Deletemaru siddiya
ReplyDelete