Tuesday, June 10, 2014

ජඩ නිරුවත් මාධ්‍ය කලාවක අපූරු කෙළි සෙල්ලම්.....


ආදරණීය සංචාරකයිණි, මිතුරණි, සුභ පතන්නෙනි.. අද දවසේ ලංකාවේ ජාතික පුවත්පත් දෙකක ඔබ ආදරය කල අපූරු නවාතැන වූ මීමුරේ ජන්ගල් රිසෝට් පිළිබඳව ඉතා ද්වේශ සහගත් පුවත් පත් ලිපි දෙකක් පලවී තිබුනා ඔබ දකින්නට ඇති.. මීමුරේ ජන්ගල් රිසෝට් වෙත පය තැබූ ඔබ මෙහි සඳහන් කරුණු වල තිබූ සාවද්‍ය කරුණු වලට එකඟ නොවෙන බවට අපගේ දැඩි විශ්වාසයක් තිබේ... මීමුරේ කඳවුරට පාතබන ඔබට අපගේ කාර්‍ය මණ්ඩලය පළමුවෙන් පනවන නීති රෙගුලාසි ඔබට මතක ඇති.. ඊට අවනත නොවූ කණ්ඩායම් දෙකක් පිටව ගොස් ඇති බවත් අප ඔබ වෙත පවසා ඇත... අප මේ සැරසෙන්නේ මේ පුවත් පත් වර්තා දෙකේ ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත හෙළි කිරීමටයි.. ඒ විතරක් නොව ලංකාව අගාධයට පත් කිරීමට පෑන මෙහෙයවන නිරුවත් ජඩ මධ්‍යකරුවන්ගේ සැබෑ නිරුවත ඔබ වෙත ගෙන එන්නටය...

පලමු ලිපියේ සබැඳිය පහත සඳහන් වේ.....

http://www.divaina.com/2014/06/10/feature02.html

මොහු නමින් ජගත් කණහැරආරච්චිය... දිවයින පුවත්පතේ මාධ්‍ය වේදියෙකි.. අද උදේ වරුවේ අපගේ ව්‍යාපාරයේ හිමිකරු හා ජනිත් අරන්දර මල්ලිත් ඔහු හා ඔහුගේ දිනපතා දිවයින ප්‍රධාන කතෲ තුමන් මුණ ගැහුනෙමු.. මෙහි හඬ පටයද අප සතුවන අතර ඉදිරි දිනෙක ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත... කිසිදු සාක්ෂියක් නොමැතිව, මනුස්ස ආත්මයක් ලද්දෙක් තමන්ගේ පිරිමිකමත් උගසට තබා ලියූ බොරු, සාධාරණය කරන්නට නොහැකිව ලත වෙන ආකාරය අප එහිදී දැක්කෙමු... අප ඔහුට අභියෝග කිහිපයක් භාරදෙන්නෙමු... 

1. අප කඳවුරු භූමියට පැමිණෙන සංචාරකයින් ඔහු කියන ආකාරයට හැසිරෙනවානම් ඒ පිළිබඳ ඡායාරූප හෝ වෙනත් සාක්ශි අප වෙත සපයන ලෙසට...

2. අප විසින් කඳවුරු භූමිය තුල ගංජා, මත්කුඩු, හා ගණිකා ව්‍යාපාරයේ නියැලෙන බවට පිළිගන්නට හැකි කුමන හෝ පිළිගත හැකි සාක්ෂියක්...

3. අප ව්‍යාපාරයේ හිමිකරු අභීත නමින් අන්වර්ථ නාමයකින් පෙනී සිටිනවානම් ඔහුගේ ඇත්ත නම ප්‍රසිද්ධ කරන ලෙසද ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමු...

4. උඩුදුම්බර කලාපයේ පළමු පුරවැසියා වන ගරු ප්‍රදේශීය ලේකම් තුමන් බඩේ බිත්තර තබාගෙන අභීත නමින් වූ අන්වර්ථ නාමයකින් පෙනී සිටින්නා වෙනුවෙන් යම් දිනෙක පෙනී සිටියානම් ඒ කවද්ද කොතනද යන්න ප්‍රකාශ කරන ලෙස අපි ඔහුගෙන් කරුණ පෙරදැරිව ඉල්ලා සිටිමු... 

5. ඔහුගේ ලිපියේ පස්වෙනි ඡේදයේ සඳහන් පළමු වාක්‍ය හතර හැර වෙනත් කිසිදු කරුණක සත්‍යතාවක් තිබේනම් එයද අප වෙත ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දන්වමු...

6. අනිකුත් කඳවුරු බිම් මෙහෙයවන්නන්ගේ කඳවුරු බිම් ඔබගේ ඇස ගැටුනේ නැත්තේ ඇයි... ඒ ඔබ ඉලක්ක කරමින් ගියාද? නැත්නම් ඔබ දැක්කේ මෙච්චරද?

7. එසේ සාක්ශි සැපයීමට ඔහු අපොහොසත්නම් අප ඔවුන් වෙත දුන් ලිපිය, ලබන සතියේ අඟහරුවාදා පළවන දිවයින පත්‍රයේ සොබාසර අතිරේකයේ කිසිදු සංස්කරණයකින් තොරව පළ කිරීමට නිහතමානී විය හැකි බව අප වෙත පෙන්වීමටද ඔහු වෙත අප අරාධනය කරන්නෙමු...

ඔබට ඔහුගෙන් කෙලින්ම දැනගත හැකි දෙයක් වේනම් පහත සඳහන් කරනුයේ ඔහුගේ ෆේස්බුක් සබැඳියාවයි.... මේ තුලින් ඔබට ඔහුගෙන් ඔබේ හිතේ ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාගත හැකි වේවි කියා අප ඉතා තරයේ විශ්වාස කරමු...

https://www.facebook.com/jagath.kanaharaarachchi.9?fref=ts

ඔහු පිළිබඳවද යමක් සඳහන් කිරීම වටී.. ඔහුගේ ප්‍රොෆිලය පුරා ඔහු දුම්බර මිතුරෝ ටී ශර්ටයෙන් සැරසී පින්තූර පල කර ඇති බව ඔබට දකින්නට පුළුවන් වේවි... එම පින්තූර දකින ඔබට වැටත් නියරත් උඩ පැනගෙනම ගොයම් කා ඇති බව ඔබට සාක්ශාත් වෙනවා ඇති.... දුම්බර මිතුරෝ සංවිධානයේ ෆේස්බුක් සබැඳියාව පහත දැක්වේ...

https://www.facebook.com/dumbara.mithuro?fref=ts

මෙම පිටුව හා අප පිටුව දකින ඔබට මීමුරේ වෙසෙන අහිංසක අව්‍යාජ ගම්වාසීන්ට වැඩි මෙහෙයක් කල පිරිස කවුදැයි අදහසක් ගත හැක... 

ජගත් කණහැරආරච්චි මැතිතුමනි, ඔබගේ අසත්‍යය පිරුණු, ජඩ, තිරිසන්, නොහික්මුණු පෑන් තුඩට සදාචාරවත් ඉදිරියක් ලබාදෙතැයි සමස්ත ශ්‍රී ලංකිකයින් වශයෙන් අප බලාපොරොත්තු වෙමු...

අපි දැන් දෙවන ප්‍රවෘත්තිය දෙස හැරෙමු... මව්බිම පත්තරේ කැලෑහඳ අතිරේකයේ තමයි ඒක පළවුනේ.. පහත තියෙන්නේ සබැඳිය...

http://www.mawbima.lk/e-paper.html

මෙහි කතෲ හසිත කුරුප්පු හා ලිපිය ලියූ සවනි ශේසාදිවත් අපි අද උදේ මුණ ගැහුනෙමු... මෙහිද හඬ පටය අප සතුව ඇති අතර එයද ඉදිරි දිනෙක ඔබ වෙත ලබා දෙන්නට බලාපොරොත්තු වෙමු...

අරුම පුදුම කාරණාව නම් මෙයයි.... ලිපිය ලියූ සහ සංස්කරණය කල දෙදෙනාම මීමුරෙ ගමට පය තබා වත් නැත... කොහෙන් හෝ ආපු ඡායාරූප කිහිපයක් ගෙන හිට් වෙන නිව්ස් එකක් පළ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වේ.. අප ව්‍යාපාරයේ අයිතිකරුට අපූරු නමක් ඔවුන් පට බැඳ ඇත.. ඒ "කොළඹින් ඉඟිල ආ මූසල උලලේනා" ලෙසයි... එය පමණක් අපේ සිත් ගත්තෙමු... පහත දැක්වෙන්නේ සංස්කාරක හසිත කුරුප්පුගේ ෆේස්බුක් සබැඳියයි... ඒ තුලට ගොස් ඔබට ඔහුගේ අදහස් ලබාගත හැකියි...

https://www.facebook.com/hasitha.kuruppu?fref=ts&ref=br_tf

මොවුන් තරුණ මාධ්‍ය කරුවන්ය... අදරණීය නංගිටයි මල්ලිටයි අපි මේ සහෝදර සෙනෙහසින් කියන්නේ... තරුණ මාධ්‍යවේදීන්ගේ වගකීම ඕක නෙවෙයි දරුවනේ... ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්... මීට පස්සෙවත් කොහෙන් හරි ඡායාරූප කිහිපයක් ලැබුනාම සිඟිති ආතල් එකක් අරගෙන චූන් නොවී වග කිව යුතු මධ්‍ය කරුවෙක් ලෙස හැසිරීමට කටයුතු කරණ ලෙස අපි ඔබ දෙපලගෙන් ඉතා කාරුණිකව ඉල්ලාසිටිමි...

දැන් කියවූ ඔබට මෙතන වෙලා තිබෙන්නේ කුමක්දැයි අවබෝධයක් ඇති... එකම ඡායාරූප කිහිපයක් සමඟ එකම සාවද්‍ය ප්‍රවෘත්තියක් එකම දවසේ පුවත්පත් දෙකක පළවීම හරිම අපූරු අත්දැකීමක් නොවේද?

ආදරණීය මාධ්‍යකරුවණි... ලබන අඟහරුවාදා එනම් 2014 ජූනි මස 17 වන දිනයේ ඔබගේ පුවත් පත් දෙස අප දෑස් දල්වා බලා සිටිමු... මේ අසාධාරණය සාධාරණයක් කලේ නැතිනම් ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අප කිසිදු පසුගාමීත්වයක් නොදක්වන බව ඔබ වෙත ඉතා කරුණිකව දැනුම් දෙමු...

ස්තූතියි...
මීමුරේ ජන්ගල් රිසෝට් කාර්ය මණ්ඩලය.  

ප.ලි. මේ සමඟම හඬ පටත් ලබා දෙන්නටත් අප අදහස් කරගෙන සිටියත් නීතීඥ්ඥ උපදෙස් මත එය ඔබ වෙත ඉදිරි දිනෙක ඉදිරිපත් කරනවා ඇත..

ප.ප.ලි. ගිය සතියේ බලන්න බැරිවෙච්ච කට්ටිය අද රෑ 10.00ට වෙනස වැඩසටහන බලන්න ස්වාධීන රූපවාහිනියේ.....

37 comments:

  1. අනේ මේ අබියා. අපි උඹවත් උඹේ වැඩකෑල්ලත් දන්නවනේ. මේ බ්ලොග් පෝස්ට් එකෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ. සමහර විට මේ ලිපි දෙකම පිටිපස්සේ උඹට විරුද්ධ 'අදිසි හස්තයක්' ඇති. උඹේ දියුණුව බලාගෙන ඉන්න බැරි සෙට් එකක් උඹට ගේම අදින්න ඕක පළකලා වෙන්නත් පුලුවන්. හැබැයි අනිත් අතට ඔය කියන හැමදේම සහතික ඇත්ත වෙන්නත් පුලුවන්. කොහොම වුනත් මම උඹත් එක්ක මීමුරේ ගිහින් නැති නිසා ඕක හරි කියන්න බැහැ. හැබැයි පු‍තෝ උඹ මොකාද සතා කියලා දන්න නිසා ඕකෙන් දෙක්න් පංගුවක්වත් ඇත්ත නෙවෙයි කියන්නත් බැහැ. අවුලක් නෑ. අපිත් පත්තර කියවනවනේ. උඹ නිවැරදි නම් ඒකත් පත්තරේ වැටෙයිනේ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. උඹට කොච්චර යමන් යමන් කිව්වත් උඹ හැමදාම බිසී බිසී කියනවනේ... ගියානම් උඹ ඔය කමෙන්ට් එක දාන්නෙ නෑනේ මචන්....

      Delete
    2. අන්න කතාව අභියා! ඒකනෙ කියන්නෙ, යමන් නිවාඩු පාඩුවෙ මාත් එනවා!

      Delete
  2. අභියෝ උඹේ ගූ මුට්ටි උඹම නාගනින් අපිව නාවන්න එපා. උඹේ අතීතය අපි දන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශංසා සහ දිරි ගැන්වීම් වලට වඩා මේ වගේ ඇනෝනිමස්ලට චූටි සිඟිති ආතල් එකක් ලබාදීම තමයි මේ ලිපියේ තවත් එක් අරමුණක් වුනේ... විඳින්න පුතා... විඳලා ඒ ආතල් එක ගන්න.....

      Delete
  3. ඔබේ පිටුවේ පල කර ඇති චායාරුප වලට අනුව නම් ඔබ කර ඇත්තේ මහා විනාසයකි. ඔබට මුදල් සෙවීමට අවශ්‍යනම් වෙනත් ව්‍යාපාරයක් අරඹ කරන්න. අපි හැමෝම දන්නවා මියක් කඩන්නේ ඇත පිහද ගන්න නෙමේ කියල. අනික සිංහ රාජ නවාතැන් පලේ පවා දඩ මස් සහ මත් ද්‍රව්‍ය මිලදී ගත හැකිය. ඔබේ ආයතනයේ එය සිදු නොවනවා කීම පුදුමයකි.

    ReplyDelete
    Replies
    1. ඒ සිංහරාජේ... මේ අපේ... ඔබ කොළඹ ඉඳන් මෙහෙම වෙනවා ඇති කියලා හිතන්නේ නැතුව ඇවිත් බලලා ඉන්තේරුවෙන්ම දැන ගන්න.... එවිට ඔබ පුදුම වේවි...

      Delete
  4. ඊළඟ සතියේ දිවයින සහ මවුබිම පුවත් පත දෙස අපිද දෑස් දල්වා බලා සිටින්නෙමු. ඉන් ඉදිරියට ඔබ ගන්නා ක්‍රියාමාර්ග අනුව අපට වඩා පැහැදිලි පුලුල් අවබෝධයක් ලබා ගත හැකිවෙයි. මා කිසිදු දිනෙක පය නොතැබූ තැනක් ගැන මෙම පුවත් පත් ලිපි දෙක සහ ඊය ඔබේ මෙම ප්‍රතිචාරය හරහා මීට වඩා කිසිදු යමක් පැවසීමට ඉක්මන් විය නොහැකිය. කෙසේ නමුත් ලෝක ධර්මතාවට අනුව නිතර ගල් මුල් වදින්නේ පල ඇති රුකටයි. එහිම අනිත් පැත්ත, ඔබ බොරුවක් කරනවානම් එම බොරුව සදාකල් කල නොහැකිය යන්නයි. එනිසා මධ්‍යස්ථව හිඳ බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මට මම නිවැරදි කාරයෙක් කරවා ගැනීමට අවැසි නැත.. බලමු ඊලඟ අඟහරුවාදා වෙනකම්...

      Delete
  5. 1. මම මීමුරේ ගොස් නැත්තෙමි. එනිසා මේ කියන කතා ඇත්තද නැද්ද කියා නිගමනය කළ නොහැකිය. විවෘත මනසකින් හිඳිමි. ඇත්ත දැන ගන්නා තුරු යමක් නොපවසමි. දෙපක්ෂයටම සවන් දෙමි.

    2. අභීතගේ අතීත කල්ක්‍රියාව ගැන ප්‍රධාන වශයෙන් චෝදනා කළේ එක් අයෙක් පමණෙකි. ඒ ඉන්දික උපශාන්තය. ඉන්දික උපශාන්ත මතුපිටින් ඉතාම ගරු කටයුතු බ්ලොග්කරුවකු සේ පෙනී සිටී. හැබැයි ඔහු රහසින් කරන කටයුතු පිළිකුල් සහගතය. ප්‍රොෆයිල් ඇනෝ හා තිසර කියන ඇනෝ ප්‍රොෆයිල් දෙකම කරන්නේ ඉන්දික උපශාන්තය. මේවා ඔහුට නමින් ඇවිත් මඩ ගැසිය නොහැකි අවස්ථාවල කපටි ලෙස යොදා ගනියි. (උදාහරණයක් හැටියට සයිලන්ට් සහන්ට මඩ ගැසුවේ මේ ප්‍රොෆයිල් යොදා ගෙනය. ) මොහුට තවත් ඇනෝ ප්‍රොෆයිල් ඇතිවාක් සේම ඇනෝ කමෙන්ට් ද නිතර පළ කරනවා විය හැකිය. මෙවැනි දුශ්චරිතයක් හිමි පුද්ගලයකුගේ පමණක් ප්‍රකාශ පිළි ගැනීමට මැළි වෙමි.

    සත්‍ය මේව ජායතේ! - සත්‍යය හැමවිට ජය ගනු ඇත්තේය!

    ReplyDelete
    Replies
    1. අපි බලමු.... කොහොම මේ ගැටළුව විසදෙයිද කියලා...

      ඇනෝ වරුන්ගෙන් ඉල්ලන්නේ... ඉන්දික උපශාන්ත සම්භන්ධ කතා මගේ බ්ලොගයට වැඩක් නැත...

      Delete
  6. ඇත්ත නැත්ත අපි දන්නෙ නැති උනත් උඹ මේ වගේ ලිපියක් ලිවීමත් පත්තරකාරයන් මුනගැසීමත් ඉතාම වැදගත්. බලමු බෝලෙ නවතින්නෙ කාගෙ ලඟද කියල.

    ReplyDelete
    Replies
    1. ලබන අඟහරුවාදා වෙනකන් ඉන්න ඕන.... එතකොට බලමු මචන්....

      Delete
  7. අභීත, සහොදරයා මම ඔබෙ බ්ලොග් පටකයෙක්මි. මම ඉතා අසවෙන් ඔබෙ මීමුරේ ගෑන සදහන්වු ලිපි සියල්ලද කියවුවෙමි. එසෙම ඔබ මීමුරෙ කදවුර පිහිටුවීමටත් කලියෙන් මීමුරෙ සන්චරය කර එම අත්ඩෙකීම ලබගෙනද ඈත. ඒ මා මරිසර ක්‍රියකරිකයෙකු වශයෙන් එක් රාජ්ය නොවන සන්විඩනයක් හා එක්වී සිටි අවදියකයි. මාහට මෙතෙක් හෙගුනු අකරයනම් ඔබ ස්වභාව දර්මයට ආදරය කරන්නකු ලෙසිනි.

    මෙ අනික් පසයි. මා පරිසර වෙදියෙක්ව පරිසර ගෙටලු විසදීමට මුල වූ හුගාක් අවස්තාවලදි ජගත් මහතා හමුවී ඈත. ඒ වගෙම ඔහු සෙබෙවින්ම පරිසරයට අදරය දක්වන්නකු ලෙස මා ඔහුට බෙහෙවින් ගවුර්ව කරමි. ඔබ දෙදෙනගෙන් කවුරු නිවරදිද යන්න මා නොදාන්න මුත් තවත් ඉදිරියට බලා සිටිමි මේ තත්වය තවත් පෙහෙදිලි වනතුරු. ඔබ පවසන පරිදි ඔබ අයතනය එවන් ක්‍රියකාරකම් නොකරයිනම් ජගත් මහතා ලෙබුනු වෑරදි අරන්චියක් නිසා මෙවනි ලිපියක් ලියවූව වන්නටද බෑරි නෙත. මෙය මා මෙ බ්ලොග් එකෙ ලියන පලවෙනි කොම්මෙන්ටුව බවද සලකන්න.

    ReplyDelete
    Replies
    1. අවසානයේ ඔබ කිවූ කරුණට එකඟයි... ඔහුට වැරදි ආරංචි රාශියක් ලැබිලා තියෙනවා.. මෙතන වැරැද්ද උනේ ඔහු සොය නොබලා කෙළින්ම මෙම ලිපිය පල කරපු එකයි... අනික ඔහු දුම්බර මිතුරො සමාජිකයෙක් ප්‍රියංක... මෙතන ඔහු තරමකට දුම්බර මිතුරෝ සුද්ද කරලා මාව කපා දාන්න සිතා මතා කටයුතු කලා කියලා මට හැඟෙනවා....

      ස්තූතියි පළමු කමෙන්ටුව පළ කලාට....

      Delete
    2. අභීත, මම අද තමා මවුබිම පත්තරෙ ජායරූප දෙක්කෙ. ඈත්තටම පරිසරයට හනිදායක විදියට කදවුර පවත්වන්න එපා සහොඩරය. මම ඉන්නෙ අන්තවදි පෙත්තෙ නෙවෙ. මිනිස්සු ස්වභව දර්මය අත්විදින්න ඔනි. සන්චරකයන්ට එහෙ යන්න එපා කියල තහන්චි දන්න කටවත් අයිතියක් නෙහෑ. දුම්බර මිතුරො සන්විඩනයෙ මගෙ යලුවො කීප දෙනෙක්ම ඉන්නව. ඔවුන් කරන්නෙත් හොද දෙයක්. මම තවම ඔබව විශ්වස කරනව හේතුව ඔබෙ බ්ලොග් පටකයෙක් විදියට ඔබෙ අදහස් වලට ගරු කිරීම. ඔබෙන් හොද පිලිතුරක් බලපොරොත්තුවෙන් ඉන්නව මචො. අගහරුවද වෙනකම් බලගෙන ඉන්නම් රජ්ට කිව්ව විදියට.

      Delete
    3. මචන්, මම මේ කේස් එක ඉවර වෙලා ආයෙත් උඹ වගේ උනන්දුවෙන් මේ ගැන හොයන අයට දැනගන්න හොඳ පෝස්ට් එකක් දාන්නම්....

      Delete
  8. උඹේ සමහර පුද්ගලික දේවලට එකෙන්ම එකග නොවුනත් මේ පුවත්පත් ලිපි සම්බන්ද කාරනයෙදි මම විස්වාස කරනව උඹ 100%ක්ම නිවැරදියි කියල. එහෙම කියන්න බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හැකි මට්ටමට කරුනු කාරනා තියනව. ඒත් ඒදේවල් කොමෙන්ට් එකක කොටන්න තරම් විස්තර වැඩියි (සරලවම කම්මැලියි).

    කවුරු කොහොම කීවත් ගහකොලට, සතාසීපාවට, ඇලදොලට . . . සරලවම පරිසරයට ආදරේකරන මනුස්සයෙක් වෙච්චි උඹ අතින් ඔය පරිසරයට හානියක් කිසිම විදියකින් වෙන්නෙ නෑ කියල මම දන්නව. සහ මීමූරේ උඹේ කෑම්ප් සයිට් එකට ගිය හැමෝම දන්නව.

    ගනිකා මෙවුව එක ගැන නං කතාකරලම වැඩක් නෑනෙ. පන ගැහෙන ජීවිතයක් රැකගන්නවත් කොලඹින් මෙවුව එකක් හොයාගන්න හැකියාවක් නැති තෝ කොහෙද මී මුරේට ගෙනිහිං ගෑනු විකුනන්නෙ ?????

    මවුබිම පත්තරේ ආටිකල් එක ගැන කතාකරලවත් වැඩක් නෑ. මොකද මවුබිමෙන් හරියට කෙරෙන්නෙ කාර්‍යයන් දෙකක් නිසා. එකක් තමා අලස් අයිට පෙන්නන්න බැරි අයට මඩ ගැහීම. අනිත් එක ෆුල් බත් එකක් ඔතාගන්න හැකි කොල තිබීම.

    මට තියන එකම ප්‍රශ්නය තමයි ඔය පත්තරබුවාලට අනිත් කෑම්ප් සයිට් නොපෙනී යන මට්ටමට ඔය පැත්තෙ මීදුම සැරද කියන එක. ඒ සදහා සාදාරන උත්තරයක් උඹ ලබාදෙයි කියල මම හිතනව

    ReplyDelete
    Replies
    1. මචං ඕන මැන්ටලේ, සට්ටැඹියා කියන්නේ උඹ වගේ උන්ටද බං?

      Delete
    2. ඕක අඥ්ඥාතව අහන්න පෙළඹෙන උඹ වගේ උන්ට තමයි ඔය වචනෙ කියන්නේ මචන්....

      Delete
  9. අපි ගමනක් යන්න හදනකොට අපිත් එක්ක යන්න එන්තේ නෑ අපිට යන්න දෙන්නෙත් නැත්නම් කකුලෙන් අදින ඒකාගේ අත කපලා අපේ ගමන යන්න වෙනාවා.
    මට ඔබගේ අතිතයෙන්වත් කල්කාරියාවෙන්වත් වැඞක් නැත. නොදුරැ දිනකදි කදවුරැ බිමෙි අත්දැකිමක් විද ගැනිමට බලා සිටිමි.

    ReplyDelete
  10. මාධය භාවිතාව ගැන නම් කතාකරලා වැඩක් නැහැ. ව්‍යාපාරිකයින්ට මාධ්‍ය නැතුවත් බැහැ උන් පස්සෙන්ම යනවා. කවුද වැරදි කවුද හරි කියනවාට වඩා....ජගත් කණහැර ආරච්චි සංවේදි පරිසර වේදියෙක් බව අසා තිබෙනවා. ඔහු බොහෝ පරිසර විනාශයන් එලි දැක්වූ බවත් මතකයි.

    ReplyDelete
  11. උබට මතක ඇති උබ ඔය මිමුරේ කේස් එක පටන් ගන්න දාපු පෝස්ට් එකට මම කමෙන්ට් කලා මොනා කලත් කමක් නෑ පරිසරය ආරක්ශා කරලා වැඩ කරපන් කියලා.උබ පරිසරයට ආදරය කලා නම් බය වෙන්න වෙන එකක් නෑ,ඇත්ත එලියට ඒවි..ඒත් සියලුම දේවල් එක්ක බ්ලොග් පෝස්ට් එකක් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා.උබ පරිසරය ආරක්ශා කලා කියලා උබව විශ්වාස නොකලත් විශ්වාස කරන්න තරම් මට තොරතුරු ලැබුනු නිසා උබ ඔතන පරිසර හානියක් නොකලා කියලා මම විශ්වාස කරනවා.

    ReplyDelete
  12. මේක පත්තර කාරයන්ට බෝතල් දීලා කරපු වැඩක් වගේ

    ReplyDelete
  13. මේක පත්තර කාරයන්ට බෝතල් දීලා කරපු වැඩක් වගේ

    ReplyDelete
  14. අපිත් බ‍ලන් ඉන්නෙ ලබන අගහරුවදා වෙනකන් තමයි. ඒදාට බලමු ඔය පත්තර බුවාලා මොකද කියන්නෙ කියලා.....

    ReplyDelete
  15. මටත් හිතෙන්නේ මේක පත්තර කාරයන්ට පගාවක් දීල කරපු වැඩක්.......හික්

    ReplyDelete
  16. ලන්කාවෙ මාධ්‍ය භාවිතාව ගැනනම් කිසිම පැහැදිමක් නැ.එකත් දෙශපාලනෙ වගෙමයි.දිගටම අපිවත් දැනුවත් කරන්න .එතකොට අපිටත් නිවැරදි දැනුමක් ලැබෙවි

    ReplyDelete
  17. හිතවත් අභිත ඔයාගේ අතිතය අපි හොදට දන්නවා.ඔය දේ වෙන්න තිබුනේ මිට කලින්.බලමු දිනන්නේ ඔයාද කියලා.

    ReplyDelete
  18. දිවයින සහ මවුබිම දෙකම එක වල්ලේ පොල්.... මිත්‍යාව වපුරන එක සහ පත්තරේ විකුණ ගන්න පොඩ්ඩක් හිට් වෙන ඕන කුණුගොඩක් පල කරන එක උන්ට ඒ තරම් දෙයක් නෙමේ. උඹ වැරදි නැත්තම් නඩු දාපන්.

    ReplyDelete
  19. අඩෝ අර කන්ද නගින්නම වෙනවා හරිය .!!!

    ReplyDelete
  20. Abiya ada umba ara kiyapu angaharuwada neda

    ReplyDelete
  21. New updates pls.

    ReplyDelete
  22. අභීත අයියා,, අපිත් එන්නං ළඟදිම..

    ReplyDelete
  23. මමත් යන්න හිතන් හිටි ගමනක්.. ඒත් මේ වගේ තත්ත්වයක යන එක නම්... අනේ මන්ද?
    :/

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...