Monday, December 8, 2014

ඔබේ ඡන්දයට මෙම කරුණු බලපාවිද?

මැතිවරණයක්... නිකන් එකක් නෙවෙයි... ජනාධිපතිවරණයක්.... රටේ ඉන්න පළමු පුරවැසියා ඔබේ තීරණය මත පත්වෙන මැතිවරණය... මේ මැතිවරණයේ ඇත්තටම උණුසුමක් තිබ්බේ නෑ... නමුත් 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා මෛත්‍රීපාල මහත්තයා යූ හැඩයේ වංගුවක් හරවලා අරගෙන ඇවිත් පොදු අපේක්ෂකයා කියන චරිතෙට පණ පෙවීමත් එක්ක මේ සටනට පොඩි කික් එකක් ආවා... පොඩි කික් එකක්මත් නෙවෙයි... මේ සටන මහ දැවැන්ත සටනක් බවට නිර්මාණය වුනා... මම දාගෙන ඉන්නේ නිල් පාට කණ්ණාඩියක් කියලා තමයි ගොඩාක් අය කියන්නේ... නමුත් ඒ කණ්ණාඩිය තුලින් හෝ මේ මැතිවරණයේදී මේ දෙගොල්ලෝ මුහුණ දෙන හැටි විමසා බලන්නයි හදන්නේ....

පළවෙනි එක... මහින්ද රාජපක්ෂ යුද්ධය විකුණාගෙන කෑම.. ඔව්.. මේ සම්භන්ධව කාරණා ගොඩාක් තියෙනවා.. ඔව්.. ඔහු යුද්ධය මාකට් කරනවා.. ඔබට මතක ඇති... එදා මෙදා තුර හිටපු අනිත් අපේක්ෂකයොත් යුද්ධය මාකට් කලා.. හැබයි ඔවුන් මාකට් කලේ ඔවුන්ටවත් ඔවුන්ගේ හිටපු නායකයිටවත් විසඳන්න බැරි වුණ යුද්ධයක්.. මතකනේ සින්දුවකුත් ආවා "යුද්ධේ හිඟන්නාගේ තුවාලේ නේදෝ..." කියලා... එතකොට මහින්ද රාජපක්ෂ මාකට් කරන්නේ ඔහුගේම සේනාධිනායකත්වයෙන් අවසන් කරපු යුද්ධයක්.. මේ මාකට් කරන විදි දෙකේ ඔබ වඩා හොඳ විකල්පය ලෙස දකින්නේ කුමන කාරණයද?

ඊලඟ කාරනය... මිනීමරු කේපීලා, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා ඔහුගේ ඔඩොක්කුවේ දාගෙන ඉන්නවා කියලා විපක්ෂය චෝදනා කරනවා... ඒ අතරෙම රනිල් මහත්තයා කියනවා ඔහුගේ කාලයේ ලිච්ඡවි රජ දරුවන්ට සේ සාමෙන් මේක විසඳගන්නයි වැඩ කලේ කියලා.. ප්‍රභාගේ දකුණු අත වෙච්ච කරුණා ගැලෙව්වෙත් ඔහු කියලයි ඔහු කියන්නේ... එතකොට අපට මෙහෙම ප්‍රශ්ණයක් එන්නේ නැද්ද? කරුණා ඒ කාලේ ගැලෙව්වානම් ඇයි ඔහුට ඒ කාලේ දඬුවම් නොදුන්නේ... අර කියන සාම මාවතට ප්‍රභා ඇවිත් ආයුධ බිම තිබ්බානම් ඔහු ඔවුන්ට දඬුවම් කරන්නේ නැද්ද? ඒ න්‍යාය අනුව රනිල් මහත්තයා හිටියානම් කේපීලා, කරුණාලා, පිල්ලෙයාන්ලා විතරක් නෙවෙයි, නඩේසන්ලා, සුසෙයිලා, බාලසිංහම්ලත් එක්ක ප්‍රභාකරනුත් ඉන්න තිබ්බේ ඔහුගේ ඔඩොක්කුවේ නෙවේද? අනෙක් අතට මනුශ්‍ය ඝාතන රැසකට වග කියන්න අවශ්‍ය ජවිපේ අද පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද? එල්ටීටීය මිනීමැරුවානම්, රට අරාජික කරන්න හැදුවානම් එය ජවිපෙත් කරන්න හැඳුවා කියලා රටේ මිනිස්සුන්ට මතකයි... එල්ටීටීය කලා සේම ඔවුන් මිනිසුන්ගේ ඡන්ද අයිතිය පවා අවි ආයුධ පෙන්වා වලක්වපු කාලයක් තිබ්බා කියන එක අමතක කරන්න මහ ජනතාවට තාම අමාරුයි.. එතකොට ඒ ගොල්ලට එකකුයි මේ ගොල්ලට තව එකකුයි දෙන එක සර්ව සාධාරණද? එහෙම නැත්නම් මේ විදිහ හොඳද? එහෙමත් නැත්නම් කල පව් නැවත විමර්ෂණය කරලා මේ දෙගොල්ලොම හිරේ දානවද? මේ වෙනුවෙන් අහන්න තව එක කාරණයක් තියෙනවා... ජවිපේ මිනී මරද්දි ඒ ආණ්ඩුව ජවිපෙ පුනරුත්ථාපනය කලාද මර්ධනය කලාද? එල්ටිටීය එහෙම කරද්දි මේ ආණ්ඩුව ඔවුන්ව මර්ධණය කලාද පුනරුත්ථාපනය කලාද? මෙන්න මේ වගේ විපක්ෂය තම වාසිය තකා යටපත් කරණ කරුණු කාරණා බොහොමයි.. ලිපිය දිග් ගැස්සෙන නිසා මෙහෙම නවතිමු...

ඊලඟ කාරණය... මේ මැතිවරණ පොරොන්දු.. ඒ කාලේ ඉඳන් බලය ඉල්ලපු සියළු ජන නායකයින් දුන්න පොරොන්දු ගත්තම ප්‍රධාන වශයෙන් පොරොන්දු හතරයි තිබ්බේ.. එතනින් එහාට පොරොන්දු තිබ්බේ නෑ.. මේ මට දැනෙන විඳිහට ඒ පොරොන්දු හතර..

1. අපි යුද්ධය අවසන් කරනවා

2. අපි රට සංවර්ධනය කරනවා.....

3. විධායක ජනාධිපතික්‍රමය අවසන් කරනවා...

4. ව්‍යවස්ථාව සංශෝධනය කරනවා...

මීට සාපේක්ෂව පොඩි පොඩි පොරොන්දු තව තිබුනත් ඔය උඩ තියෙන හතර තමා ප්‍රධාන වශයෙන් තිබුනේ... මහින්ද රාජපක්ෂට කලින් ආපු සියළු නායකයින් මේ හතරින් කරපු එක දෙයක් කියන්න පුළුවන් කමක් තියෙනවද? මම හිතන්නේ තව දුරටත් කතා කරන්න දෙයක් නෑ කියලයි...

මහින්ද රාජපක්ෂ කියන්නේ අපි දන්න යකා නෙව... අපි මේ නොදන්න දෙවියා ගැන හොයලා බලමු... මෛත්‍රී මහත්තයා ඇවිත් කීවා නොයෙකුත් කථා.. ඒ අතරින් රටේ ජනතාවට දැනුන ලොකුම කථාව තමයි ආණ්ඩුව පෙරලන් 20ක් මෛත්‍රීත් එක්ක එනවා... 20ක් නාම යෝජනා දවසේ එනවා.. තව අය පස්සේ එනවා... අනිත් ඔක්කොම ජනපතිවරණ පොරොන්දු... මේ පූර්ව මැතිවරණ පොරොන්දු... අද වෙනතුරු 7 දෙනෙක් ඇවිත් තියෙනවා.. ඊට අමතරව අලියගේ මහ ලේකම් තුමා මහින්ද රාජපක්ෂ ලඟට ගිහින් තියෙනවා... ප්‍රධාන පූර්ව මැතිවරණ පොරොන්දුව ඉටු කරන්න අසමත් වීම තුල මගේ හිතේ නැඟුනේ මෙහෙම ප්‍රශ්ණයක්...

"දවස් 20ක් යනකොට ආණ්ඩුවේ මන්ත්‍රීන් 20ක් ගන්න බැරි මනුස්සයා කොහොමද රටේ ජනතාවගෙන් තුනෙන් දෙකක් අරගෙන ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්නේ....."

අනෙක් කාරණය මේ කට්ටියට චන්ද්‍රිකා මැතිණිය සෙට් වුනේ කොහොමද? බොහොම සරල ප්‍රශ්නෙකින් ගොඩාක් දේවලට උත්තර හොයා ගන්න පුළුවන්.. ප්‍රශ්ණය මෙයයි.. "අවුරුදු ගාණක් රටේ විධායක පුටුවටම වෙලා ඉඳලා හදන්න බැරි වෙච්ච රට හදන්න නැවත ආසාවක් ඇති වුනේ ඇයි?" හිටපු ජනපතිනිය ගැන හදවතට එකඟව දන්න අයට මේ ප්‍රශ්ණෙට පිළිතුරක් හොයා ගන්න එක කජු කනවටත් වඩා ලේසියි මම දන්න විඳිහට.. වෛරයක් අරවා මේවා තියෙනවද කියලා මම දන්නේ නෑ... නමුත් කුමක් හෝ පෙරළියක් ඇය පිටිපස්සේ තියෙනවා කියන එක ඕනෑම මනුස්සයෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්...

තවත් වැදගත් කාරණයක් ගනිමු... ඒ තමයි රනිල් වික්‍රමසිංහ හා තිස්ස අත්තනායක. මම කියන්නේ මේ දෙන්නම පැන්නා.. එක්කෙනෙක් විතරක් නෙවෙයි.. රනිල් ඡන්දෙන් පැන්නා.. තිස්ස පක්ෂෙන් පැන්නා... මේ මැතිවරණය දිනන්න පොඩි හරි චාන්ස් එකක් තිබ්බනම් රනිල් මෛත්‍රී කෙනෙක් හොයන්නේ නෑ... පරාජයෙන් භරිත වෙලා ඉන්න ඔහුට තව දුරටත් රෙදි ඇදගෙන පරාජය වෙන්න බෑ... පරාජය දැක දැක දුවපු කෝච්චියට මෛත්‍රී බෙල්ල තිබීමෙන් රනිල් ගැලවුනා... ඒ අතරේ තිස්ස.. යන්තමින් හෝ ජයග්‍රහණයක් පෙනෙනවනම් ඔබ හිතනවද පක්ශයක මහ ලේකම් කෙනෙක් අනිත් පැත්තට පනියි කියලා.. අපි අහලා තියෙනවා ගිලෙන් නැවෙන් මීයෝ පනිනවා කියලා.. හැබැයි ගිලෙන නැවට මීයෝ නගිනවා කියලා අහලා නෑ... ඒ නිසා මෙතනදි මෛත්‍රී ඇරුනම අනිත් ඔක්කොම මෛත්‍රී පරදින බව දන්න බවයි මගේ අදහස....

තීරණය ඔබ සතුයි... ජනවාරි නව වෙනිදා උදේ වෙනතුරු අපි බලාගෙන ඉමු...

ඊලඟ ලිපිය... "හෙළ උරුමය, ජවිපෙ, හිරුණිකාට මොනාද කරන්න පුළුවන්..."

6 comments:

  1. mahindata thama kade yanawada

    ReplyDelete
  2. ඇවිත් ගියා..
    අපි පොඩි ළමයි.

    ReplyDelete
  3. ඈ බූරුවො
    තමුසෙ ජීවත් වෙන්නෙ ලංකාවෙද එහෙම නැතිනම් වෙන කොහෙහරිද?තිස්සයට සල්ලි දීල ගත්ත කියල හැමෝම දන්න එකට හුනු ගාන්නෙ ත්මුසෙත් රජ ගෙදර රිලවගෙන් පඩි ගන්නවද?

    ReplyDelete
  4. // යන්තමින් හෝ ජයග්‍රහණයක් පෙනෙනවනම් ඔබ හිතනවද පක්ශයක මහ ලේකම් කෙනෙක් අනිත් පැත්තට පනියි කියලා //

    මෛත්‍රී ??

    ReplyDelete
  5. Ata polisssshhh!!!!

    ReplyDelete
  6. මහින්ද වාගේ මිනිහෙක් රටේ සුදුසුද ? මේ මිනිහා වැඩ කරන්නේ බොරුව විස්වාස කරගෙනනේ , නම යෝජනා දෙන්න ගියේ අර සුමනයා ගේ උපදෙස් අනුව , ඊට පස්සේ දැන් ඉන්දියාවේ විජාතික බලවේග වල සහයෝගය සොයා ගොස් , රටට සේවයක් කරලා ඒ මත ජයගන්න බලනවා නෙමේ මිත්‍යදුස්ටියටම ඇබ්බැහිවෙලා ඒ මත යැපෙන්න හදනවා .

    දැන් කාලේ ගිලෙන නැව් වලටත් මීයෝ නගිනවා , මේක මුහුදු කොල්ලකාරයෙක්ගේ නැවක් මේකේ කොල්ලකාපු චීස් තොග ගණන් තියෙනවා ඉතින් බඩගින්නේ ඉන්න මීයෙකුට ඔය නැවට ගොඩවෙලා චීස් ගුලියක් බදා ගත්හාම ඌට ජීවිතය පුරා එක කකා ඉන්න පුළුවන් , වෙන නැවකට ගොඩ වෙන කල් හෝ මුහුදේ පාවී පාවී .

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...