Saturday, January 10, 2015

මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ "අපි" පරාද වී තිබේ...

එක දිගටම දේශපාලන සටහන් තැබූ මම මේ පෝස්ට් එකෙන් පසු දේශපාලන සටහන් ලිවීම තාවකාලිකව නැවතිය යුතුය යන මතයේ සිටිමි. මැතිවරණයට කලින් මා විසින් පළකල අනාවැකිය වැරදී ගොස් ඇත. 2015 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂයන් ජනපති කිරීමට අපමණ වෙහෙසක් ගත් බව මගේ සයිබර් යහළුවන් වෙන ඔබ සැවොම දනිති. නමුත් ප්‍රථිපලය වෙනස් විය. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව ජනාධිපති ලෙස මේ වන විටත් දිවුරුම් දී අවසන්ය. මැතිවරණයට කලින් පෝස්ට් කිහිපයක් දැමූ නිසා අවසන් කිරීමටද පෝස්ට් එකක් දැමිය යුතුයැයි මම අදහස් කලෙමි.

මැතිවරණය සාමකාමීය. එය ගැන ගැටළු නැත. මහින්දටත් "අයියෝ අයිඩින්ටිය අත්‍යවශ්‍ය කලේ" යැයි සිතෙන්නට ඇත. ජනතා මතය ඉදිරිපත්ව ඇත. ඒ මතය පිළිගෙන ඔහු නික්ම ගොස් ඇත. අතීතයේ පරාජය වන බව කල් තියා දැනගෙන පිස්සු කෙළපු නායකයන් අතර මහින්ද මිනිසෙක් ලෙස හැඳින්විය හැක. අපේ කැමැත්ත ඔබ වූ කල, බහුතරයකගේ කැමැත්ත ඔබ නොවූ කල, ඒ කැමැත්තට හිස නමා ඔබ පිටව යාම විශිෂ්ඨ ක්‍රියාවක් ලෙස මම දකින අතර ඒ වෙනුවෙන් පැසසුම් ද පුද කරමි.

පළමු ඡායරූපය
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඔබ වෙනුවෙන් වූ සැක සංකා අදටත් මසිත තුල එලෙසමය. රටේ ඒකීය භාවය පිළිබඳව, ඔබගේ සංධානය කෙරෙහි මා සිත තුල දැඩි ගැටළුවක් තිබිණ. වෙන පොරොන්දු ගැන මම සැලකිලිමත් නොවෙමි. මොන පොරොන්දුව ලබා ගැනීමටත් රටක් තිබිය යුතුය. අද දිනයේ ඇතැමුන් හැසිරුණ ආකාරය ( පළමු ඡායරූපය පරිදි) සහ ජනපතිවරණයට ප්‍රථම දවට ගහ ප්‍රදේශයේ ආගමික ස්ථානයකට ගිය ඔබට ඔවුන් ප්‍රීති ඝෝශා නගපු ආකාරය පිළිබඳ මම ඔබේ අවධානය යොමු කරමි. ඒ වගේම එරික් සෝල්හයිම්ගේ ට්විටර් පණිවිඩය ගැන ද ඔබ අවධානය යොමු කරතැයි බලාපොරොත්තු වෙමි. මැතිවරණ ප්‍රථිපල දෙස ගැඹුරින් අධ්‍යයනය කරන ලෙසත්, ඉන්පසු හැඟෙන දේ පිළිබඳව විදහාගත් දෑසින් සිටින ලෙසත් මම ඔබතුමාගෙන් ඉල්ලමි.

පරාජය පරාජයම වන්නේය. ජයග්‍රහනයද එසේය. මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ප්‍රමුඛ නව රජයට සුභ පතන ගමන්ම ඒ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුන සියළුම දෙනාට සුභ පතමි. 

මම ජාතිවාදියෙක් නොවෙමි. නමුත් ඊයේ ජනපතිවරණයදී ලැබූ ප්‍රතිපල සංසන්දනය කරන විට, එවන් ජාතීවාදී හැඟීමක් හිතේ කොණක සිට එළියට පනින්නට තැත් කරයි.... අමාරුවෙන් නතර කරගෙන පුරුදු පරිදි සිත දමනය කරගෙන සිටිමි.   මේ ශ්‍රී ලංකාද්වීපය තුල අපි එකාවන්ව සිටිය යුතුය. නමුත් එක් කොටසක් ජාතිය ගැන නොසිතා තම මතය සාධාරණව සිතා, තමන්ට කැමති අපේක්ෂකයාට ඡන්දය දී තිබිණ. තව කොටස් දේශපාලන මතවාද සහ තම ජාතීන් අතර ඇති සියළු බේද අමතක කර එක් පටු අරමුණක් වෙනුවෙන් ඡන්දය භාවිතා කර ඇත. එහි ප්‍රතිපලය ලෙස යාපනය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 179300කින්, වන්නි දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 107040කින් උතුරු පළාත ද, වැඩි ඡන්ද 167791කින් මඩකලපුව දිස්ත්‍රික්කයද, වැඩි ඡන්ද 112333කින් දිගාමඬුල්ල දිස්ත්‍රික්කයද, වැඩි ඡන්ද 88227කින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයගෙන ඇත. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත් දෙකේ වත්මන් ජනපතිවරයාට හිමි ඡන්ද ප්‍රමාණය 654961කි. ඔහුගේ සමස්ත ජයග්‍රහණය වැඩි ඡන්ද 449072 කි. දැන් ඔබ මට ජාතිවාදී ලේබලය අලවන්න උත්සාහ කරාවි. නමුත් මේ ප්‍රායෝගික සත්‍යයට අපි නුදුරු කාලයේදී මුහුණ පෑ යුතුය. රටේ වැඩිම සංවර්ධනයකට හිමිකම් කීවේත්, රටේ වැඩිම නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව ලැබුනේත් මේ පළාත් දෙකටයි. නමුත් මහින්ද හිතූ ලෙස කිසිවක් වෙලා නැත. කලගුන බයිලාව මෙතනට හරි ගියේ නැත. ඔවුන් සටන් වදින්නේ කුමක් අරඹයාද යන්න, මහින්දට, මෛත්‍රීට, පාඨලීට මෙන්ම මාදුළුවාවේ සෝභිත හිමිටද දැන් වැටහිය යුතුය. පාඨලී ප්‍රමුඛ හෙළ උරුමය දැන් ඔවුන්ට ජනතා බලයක් නොමැති බව තේරුම් ගත යුතුය. ජවිපෙද එසේය. ඔවුන් මෙම සන්ධානයේදී නිල ලත් අවලංගු කාසිය හා නිල නොලත් අවලංගු කාසිය බවට පත් වී ඇත. අකුරණ, මැද කොළඹ වැනි ආසනවල තත්ත්වය සොයා බලන්න. මේ ප්‍රතිපල තවත් අවබෝධ කර ගත හැක.

පහසුව සඳහා පහත රූප සටහන ඉදිරිපත් කරමි.


නමුත් මේ තත්ත්වය කතා කරන්නට අකැපය. ඒ රටේ ජාතිවාදය ඇවිස්සීමට තුඩු දෙන නිසාය. 

ජාතිවාදී සලුව ප්‍රයෝජනයට ගෙන, මෙම බෙදුම් වාදී සංකල්පය පහසුවෙන් බැහැර කල හැක. නමුත් අළු යට ගිනි පුපුරු එළියට එන්නේ වටපිටාවම ගිනි තියාගෙන බව ඔබත් මමත් දන්නා කරුණකි. ගහ දන්න අයට කොළ කඩා පෑමෙන් වැඩක් නැත. කොලයත් ගහත් ඔවුන් හොඳට හඳුනති. එනිසාම මේ පිළිබඳව ගැඹුරින් හිතන්නට රජය පෙළඹිය යුතුය. දැන් කොටියන් නැත. ඉන්නේ පූසන් වේ... ඔවුන් ඉවසිල්ලෙන් සිතා මතා වලිගය සොලවා නිහඬව සිට, නිහඬවම තම ගොදුර වෙත කඩා පනී. ගොදුර අත හැරෙන්නේ එහෙමත් වෙලාවක මිස නිතරවම නෙවේ. ඒ ගැන දැන් ඇති.

මෙවර ඡන්දයේදී පාවෙන ඡන්ද හිමි තරුණ කැල මෛත්‍රී ජනපතිතුමා වෙනුවෙන් සෑහෙන කාර්‍ය භාරයක් කලේය. අපේ සමගාමී වයසේ ඉන්න පිරිස බෙදුම්වාදයෙන් දැඩිව බැට කෑහ. ඒ බෙදුම්වාදයෙන් තිරිසන් ලෙස බැට කෑ අවසන් තරුණ පරපුරයි. අප දැන් ජීවිතයේ තුන්වෙනි දශකය පසු කරමින් සිටී. නමුත් දැන් ඉන්න තරුණයින්ට මේ පිළිබඳව අත්දැකීම් හෝ පාඩමක් ලබා නැත. 2009 දී 18 සපිරි තරුණයින් අද වෙන විට වයස 23කි. ඔවුන්ට තිබෙන්නේ ලස්සන අතීතයකි. ඒ වගේම තේරෙන කාලයේ සිට යුද්ධයද ජයග්‍රාහීය. පරාජයන්, විනාශයන් පිළිබඳව කිසිදු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති ලංකාවක් ඔවුන්ට උදා වී තිබිණ. එනිසා ඔවුන්ට වෙනසක් අවශ්‍යය. එය සාධාරණය. නමුත් මම තවමත් සිතන්නේ, ඔවුන් වරද්ද ගත්තා කියාය.  

මහින්දගේ නික්ම යාම ගැනද කට කතා තිබේ. ඇත්ත වන්නට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. මම එය දකින්නේ මෙසේය. මහින්දද පෘතග්ජනයෙකි. බලයට, වස්තුවට, විඳි සැප සම්පත් වලට ඔහුටද ආශාවක් නොතිබෙන්නට නොහැක. බලයෙන් මත්වී රටට අහිතකර තීරණ ගෙන ඔහු ගොඩ නැගූ රට අගාධයට පත් නොකර, ජන මතයට හිස නමා යෑමට ඔහු අදිටන් කර ගත් බව අපි පිළිගත යුතුය. එබැවින් ඔහු ගත් අවසන් තීරණය පිළිබඳව අප හිස නැමිය යුතුය.

මම මේ දක්වන්නේ මගේ මතය පමණකි. එය කඩේ යාමක් ලෙස කාට හෝ හැඳින්වීමට පුළුවනි. නමුත් එසේ සිතන අය පහත පෝස්ටු කියවා තත්ත්වය තේරුම් ගන්නා ලෙස ඉල්ලමි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන මට හිතෙන දේ...

25 comments:

  1. සල්ලි ගත්තම වෙන මොනවා ලියන්නද බං.. ඒකේ ගුණය වත් තිබ්බ එක ගැන උඹට අපගේ ප්‍රණාමය...

    අයියෝ සල්ලි....

    ReplyDelete
    Replies
    1. උඹ වගේ එකෙක් නොදැන චෝදනා කරද්දි හිතට දැනෙනවා... ඇත්ත ගොඩාක් වෙනස් මචන්.. මම ගත්ත සල්ලියක් තියෙනවද කියලා හොයලා බලපන්..

      Delete
    2. මහින්දට මුස්ලිම් ජනතාව සමග ගැටළුවක් තිබුණේ නැත. ගැටළුව නිර්මාණය කලේ නානසාර විසිනි. නානසාර මහින්දගේ ඔඩොක්කුවට දැම්මේ ගෝටාබය විසිනි. අන්තිමේ අබසරන වුයේ මහින්දටය.

      Delete
    3. අනික ලංකාවේ ජන වාර්ගික අනුපාතයට සමානව ඡන්දය ලැබී ඇත්තේ මෛත්‍රීපාලටය. එනම් සිංහල ඡන්ද සියයට 70 ගණනකි. අනිත් වාර්ගික ඡන්ද සියයට 20 ගණනකි.

      Delete
  2. දැන් අපිට ඉන්න නායකයා සිංහල අපේ විතරක් නෙවෙයි සිංහල දෙමල මුස්ලිම් හැමෝමගේම කැමැත්තෙන් පත් වු නායකයෙක්" දැන් කියපන් කොටි චන්ද කියලා, ලංකාවේ ලක්ෂ 62ක් මිනිස්සු කොටි ද බං? ගම්පහ නුවර ඊලාම් සිතියමේ කොටි නගරද? පහත් විදියට හිතන උඹලා ගැන ලැජ්ජයි, මේ වෙලාවේ වැරදිලා හරි නොවිය යුතු සිදුවීමක් සිදු උනොත් උඹලා තරම් වෙන කවුරුත් සතුටු වෙන්නේ නෑ. ආයේ කොටි එනවා කියලා ආසාවෙන් ඇඟිලි ගනින උඹලද දේශප්‍රේමීන් කියාගත්තේ මෙච්චර කල්! ජය පරාජය විඳගන්න පුරුදු වෙයලා මනස්ගාත කරන්නේ නැතුව. දින්න මනුස්සයට කල් දීලා බලන්න මනින්න කලින් මේ මොහොතේ ඉඳන්! වෙනසක් ඇති වේවි!
    -උපුටා ගැනීමකි-

    ReplyDelete
    Replies
    1. පැට්ටා.. මෙතන තියෙන්නේ උඹ කියන දේ නෙවේ.. වෙන කාරණයක්.. අපි උඹලා වගේ මිනිස්සු එදත් අදත් එකට ඉන්නවා.... හෙටත් එහෙමම වේවි.. නමුත් එක කොට්ඨාශයක් මේ සම්භන්ධයෙන් අනාගතය ගැන ඉඟි පලකරලා තියෙනවා කියන එකයි මම මෙතනින් මතු කලේ... එය නොවෙන්න වග බලා ගන්න ඕන.

      Delete
  3. මෙහෙමයි, ඇයි ලන්කාවෙ ඉන්න සුලු ජාතීන් වෙන් වෙන්න හදන්නෙ? ඇයි ඉන්දියාවෙ දෙමලුන් කෝටි 5 ක් ඉඳලත් වෙන් වෙන එක ගැන නොහිතන්නෙ? මම් පුද්ගලිකව ඉන්දියානු දෙමල කීපදෙනෙක් ගෙන් මේ ගැන ඇහුවා. ඔවුන්ට ඕන ඉන්දියානුවන් විදියට පෙනි සිටින්න මිසක් තමිල්නාඩුවන් විදියට නොවෙ. මම හිතන්නෙ සුලු ජාතීන් ජාතික තලයේ දෙවල් වලට මීට වඩා යොදවා ගත යුතුය, ඔවුනට ශ්‍රිලාන්කිකයන් විදියට හිතන්න පෙලඹවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මෙය ඇරඹිලා තියෙන්නේ.. ක්ෂණික නූඩ්ල්ස් වගේ එක පාරම කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ...

      Delete
  4. api paradai kiwwe horu paradi kiyana ekada?

    ReplyDelete
    Replies
    1. Hariyata hari. Horu smaga heluwen......

      Delete
  5. මහින්ද සීතල කාමරවල ඉද්දි,ජීවිතය ගැනවත් නොසලකා සටන් කෙරුවෙ සරත් ෆොන්සේකයි.එතැන ඉඳන් මහින්දගෙ දේසපාලනයෙ තේමාව උනේ,වයිරයයි.පහුගිය ටිකේ කරපු අජාසත්ත වැඩ නොවුන නම්,සමහරවිට මහින්ද දිනන්නත් තිබුන.කොහොමවුනත් මේ දවසට දෙකට මිනිස්සු ගතකරන නිදහස් ජීවිතේ ගැන හිතද්දි ආයෙත් මහින්දයෙක් ඕනම නැහැ.

    ReplyDelete
  6. Aiya dan umbe me post eka my3 kiyawai ha ha - Sumudu nangi

    ReplyDelete
  7. Aiyo memure mage camp 1

    -abhitha-

    ReplyDelete
  8. Ethakota mahanuwara, gampaha, Colombo my3 dinuweth demala Chanda nisada?
    Uthura chandaya warjanaya karaweemen 2005mahinda dinoo bawa amathakada?

    ReplyDelete
  9. ජාතිවාදය ඉතා පහත් ලෙස අවුස්සමින් නැවත වටයකින් බලයට පැමිණීමට උත්සහ කරන බව ඉතා පැහැදිලිය. මෙවැනි කාළකන්නි සටහන් එහි එක ප්‍රතිපලයකි. අද විමල් වීරවංශ නම් සක්කිලියා ගේ චන්ද විශ්ලේෂණය මීට හොදම උදාහරණයයි . දරුවකුගේ පියකු වුවත් රතුපස්වල මියගිය දරුවාගේ මරණය සාමාන්‍යකරණය කල ඔබට මෙය ඉතා සුළු දෙයකි. ජීවත් වෙන්න බල්ලෙක් වෙන්න එපා අබියා. උබව හොදට දන්නා එකෙක්

    ReplyDelete
    Replies
    1. රනුකයා... කිසි අවුලක් නෑ,, මට උබේ වචන හැසිරවීම තේරුම් ගන්න පුළුවන්.. ඒත් මේ අහපන්... මේක තමයි ඇත්ත. මෛත්‍රීට උබලගෙන් වෙච්ච මඟුලක් නෑ.. උනේ වෙන උන්ගෙන්. අතීත ඝාතන කැල දිහා බැලුවම රතුපස්වල මට නතින්.. ඒත් මචන් ඒකත් ජීවිතයක්.. දැන් උඹ හිතන්නේ හොරණ මන්ත්‍රී ජෙයාරජ් ට ගැහුවේ මෛත්‍රී කියලද? නෑ මචන්... ඒ වගේම තමයි මේ පැත්තත්.

      තමන් ගත්ත තීරණේ වැරදි තියෙනවද කියල පොඩ්ඩක් හොයලා බලහන්...

      Delete
  10. අපි නායකයෙක් තෝරා ගන්නේ අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න.... ඒක කරාට පස්සේ ඒක කරපු ඒකට ඡන්දය දෙන්නේ නැහැ.... මේ රට අපි දෙන්නේ කරන්න තියෙන වැඩ වලට මිසක් කරපු වැඩවලට නෙමෙයි.... කළගුණ සලකන්න වෙන ඔ්න දෙයක් දෙන්නම්.. ඒත් මේ රටේ අනාගතය අතීතය වෙනුවෙන් පාවා දෙන්න බැහැ... ඒකට අපිට අනාගතයෙන් අවසර නැහැ.... ඒක මහින්දට විතරක් නෙමෙයි මෙෙත්‍රීටත් ඒහෙම්මමයි....

    ReplyDelete
  11. බොහෝ දෙන සිත සිටින්නේ ජනපතිවරණ බල හුවමාරුව ඉතා සොදුරු සිදුවීමක් බවයි. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපල අවාසි බව දැනගත් ගමන් අරලිය ගහ මන්දිරියෙන් පිටත් උන බවයි. නමුත් එය ඊට වඩා බයානක සිදුවීම් පෙළක් බව ඔබ නොදන්නවා ඇත. සවස 7 වන විට මැතිවරණ දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියේ බලය මහින්ද ගෙන හමාර ය .ඊට පැය කිපයාකට පසු නැගෙනහිර , උතුරු මැද වගේ පළත් කීපයක ව්‍යාජ ප්‍රතිපල එයට එක්කල අතර 10 පමණ වනවිට මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරීම වැළකීමේ බලපෑම අරඹා විය එමෙන්ම හමුදා බලපෑම් උත්සන්න වීමෙන් ඡන්ද ගනකිරීමේ ගැටළු මතු වීම අර්බුන අතර ගනන් කරන නිලදාරීන්ගේ රාජකාරි හමුදාව අත්පත් කරගනිම නිසා අර්බුදය උත්සන්න විය මෙහිදී දේසපාලන ප්‍රවහයන්ගේ බලපෑම මෙන්නම විපක්ෂ නායක තුමාගේ පරිනත නායකත්වය අපි දැක්කෙමු . රත්න හාමුදුරුවෝ ජීවිතය පරිත්‍යග කර හෝ මේ ජයග්‍රහණය රැක ගනීමට සුදානම් වීම අපට කවදාවත් අමතක නොවන බව කිව යුතුය. එමෙන්ම ජනතාව ඕකම අභියේගයකට සුදානමින් සිටිනබව අප ආණ්ඩුවේ ප්‍රබලයෙක් මගින් තුමාට දැන්නුවේ අ වන විටත් ලක්ෂ 500000ක් අපසතුව සිටි බැවිනි. මේ සියල්ල මෙසේ සිදුවන විට මැතිවරණ කොමසරිෂ් තුමාද නිර්බිත තීරණයක් ගැනීමට පසු බට නොවිණි එයට මහින්දගේ පොලිස්පති ගේ සහය අගයකල යුතුය ඔහුන් දෙදෙනා මැතිවරණ ප්‍රතිපලය ආරක්ෂා කරදුන්නේ ජිවිත ගැන නොතකමිනි. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී රට පුර ඔරලෝසු බෙදපු චන්ඩි පුතකුගේ බලකායක් එලියට ගැනීමට උත්සහයක් මුත් අපි එයට සුදුසු පණිවිඩය අදාල පුද්ගලයට ලබා දීමත් සමග එයද යටපත් වීම සිදුවිය මෙහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා ගොටබයගේ ක්‍රියාවන් වල ප්‍රතිපලය මහින්ද මහතාට පැහදිලි කිරීමත් සමග දැවැන්ත විනාසයක් මෙන්ම රටට සිදුවීමට ගිය දැවැන්ත අප කිර්තිය වැලකිණි මෙම කාර්යයේ දී සිවිල් ක්‍රියා කරින් දක්වන ලද සහය අගය කල යුතුය. එම නිසා මහින්ද නම්බුව රැකගෙන පිටව යනවා ඔබට දකින්න ලැබිණි.නමුත් ඔහුට එලෙසින් පිටව යාමට ඉඩකඩ සලසා දුන්නේද ඔහු පට ගසා විනසකල රනිල් වික්‍රමසිංහ මහතාගේ පිහිටෙන් වීම සුවිසේසි කරුණකි. මෙහි සියලු සිදුවීම් ගොනුකර ලියනවනම් දවස් කීපයක් ලිවීමට කරුණු ඇත. ඒවා සති අන්ත පුවත් පත් මාධ්‍ය වේදීන් හට ඉතුරු කරමි. අවසානවසයෙන් කීමට අතේ සත්‍ය ජයගන්න බවයි

    ReplyDelete
    Replies
    1. ඔයා ගොඩාක් සුරන්ගනා කතා කියවලා තියෙනවා නේද? ඒ තුලින් ලබලා තියෙන ආභාෂය විශිෂ්ඨයි....

      Delete
  12. මහින්දට ඔයතරම් හෝ චන්ද ලැබුනේ චන්ද පෙට්ටි මාරු කරලා චන්ද පෙට්ටි මාරු කල කතාවේ කිසිම බොරුවක් නැහැ , ඉතාමත් පැහැදිලි ලෙස චන්ද දුෂණයක් තිබෙනවා , 81.52% චන්දය පාවිච්චි කළා , කියා කිසිසේත් පිළිගන්න බැහැ , 75% වුනත් පිළිගන්න බැහැ , 1% වෙනස කියන්නේ චන්ද 150,000 ක් පමණ වෙනවා , සාමාන්‍යයෙන් 75% චන්දය පාවිච්චි කර මෙය 81.5% දක්වා වෙනස් වුනා කියන්නේ චන්ද 975,000 ක පමන වෙනසක් මෙය සුළුපටු ගණනක් නොවේ ,
    කිසිම කෙනෙක් මේගැන හිතන්නේ නැහැ පසුගිය වාර්තා බලනකොට මෙම ප්‍රතිසතය ඉතා අගයක්, මේ නිසා තමා දකුණේ මහින්දට වැඩි චන්ද ප්‍රමාණයක් එකතුවෙන්නේ ,
    කළුතර 84.73% , හම්බන්තොට 84.13% , මාතර 83.36% ගාල්ල 83.49% ,

    ReplyDelete
    Replies
    1. උඹ දන්න පුක. කළුතර දිස්ත්රි්ක්කයේ ජන්දේ දාපු එකෙක් විදිහට මම දන්නේ. කළින් වතාවල් වලට වැඩිය මිනිස්සු ගොඩක් උනන්දුවෙන් ජන්දේ දැම්මා. උදේ එකොළහ වෙද්දී 60% පන්නලා ජන්දේ දාල තිබුනා අපේ ජන්ද පළේ. ඒ නිසා බහුතරයක් සිංහලු ඉන්න අනිත් දිස්ත්රිීක්ක වල 81%, 84% කියන අගයන් පිළිගන්න පුළුවන්.

      උඹල හිතාගෙන හිටපු තරම් වෙනස වෙනුවෙන් ජන්දේ ලැබුනේ නැති නිසාත් ඒ දිනුම ලැබුනෙත් වැඩිපුරම දෙමළුන්ගෙන් සහ තම්බින්ගෙන් නිසා ඇතිවෙච්ච හිත් වේදනාවට බොරු බයිලා ගහන්න එපා යකෝ.

      Delete
  13. නියෝජිත ප්‍රජාතන්තවාදී දේශපාලනය තියෙන රටක නායකයෙක් කියන්නේ හමොගෙම් කැමැත්තක් නෙවේ බහුතර කැමැත්තක් :) පවුලක හෝ එක පුද්ගලයෙක් යටතේම රජයක් තිබියයුතුයි කියල මමනම් හිතන්නේ නැ මගේ චන්ද සහ දේශපාලන මතය :)

    ReplyDelete
  14. පාවෙන ඡන්ද ? එහෙම ඒවත් තියෙනවද ? අපිත් තරුණ සමාජෙ අය.හැබැයි පාවෙන ඡන්දෙ නම් නෙවි.හොඳට හිතල බලලයි ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට

    ReplyDelete
    Replies
    1. අධෝ මාර්ගයෙන් සිතා ඇති බව පැහැදිලිය ... දැන් සනීපයි නේද ?? :v

      Delete
  15. yatharthaya therum ganimata wayasa badawak natha.ma da wisihek hawaridi tharunayek wemi.ma hatada yuddaya darunuwatama pawathi awadiya pilibada pahadili mathakayak nathi namuth ma ea pilibadawa hodin kyawa atha.namuth 2009 sita yuda nidahasa bukthi widina athara ema nidahasa thama ginumata thaniwa barakara gath nayakayage paulwadaya,bala thanhawa nisa boho se peeditha wee sitiyemi.wenasak kireemata pelaba wuye 2009 sita labu athdakeemya.tharunayata mema kramaya wenas kireemata awashyathawayak thibini.ea nisa wayas mattamata wargakara tharunayakuge ho tharuniyakage chandaya halluwata lak kireema anumatha kala nohaka.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...