Tuesday, May 26, 2015

ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?


බොහොම කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු කාරණයක් මේ විදිහට කියන්න නියම වෙලාව මේක කියලා හිතුන නිසා මෙය ලිවිය යුතුයි කියා හැඟුනා.. මෙය මට සිතෙන ආකාරය ලෙස හැඳින්විය හැකි අතර, එය නිවැරදිනම් ශ්‍රී ලංකාව නම් රාජ්‍ය නාමය "සිරස" ලෙස වෙනස් වන බව, පාඨලී 2020 ජනපති වෙනවා යැයි කීමට වඩා සත්‍යයෙන් යුක්ත බව කැට තියා ප්‍රකාශ කළ හැකි බව දනිමි....

මතකද සිරස පටන් ගත්ත ආකාරය.. කතාවට පමණක් අදාල වන සිද්ධි හරහා අපි කථාවට එමු... "ඉන්දියානු ව්‍යාප්තවාදය" මිනිසුන්ගේ හිතින් ඈත් කරන්නට නොහැකි වූයේ, ජවිපේ දර්ෂනයත් සමඟය.. නමුත් 1990 දශකයේ මැද භාගය වන විට ජවිපේ, ඉන්දියානු ව්‍යාපතවාදය හමුවේ අඳ ගොලු බිහිරන් ලෙස හැසිරෙන්නට පටන් ගනී.. එදා පටන් ගත්ත මේ ආභාධිතත්වය ජවිපෙ, අද වෙනතුරු "පතිවත" සේ රැක ගෙන යන බව අකමැත්තෙන් වුවද පිළිගත යුතුය... ජවිපෙන් මේ විරුද්ධත්වය ගිලිහුණු ගමන්, ඉන්දියානු ව්‍යාප්තවාදය තව දුරටත් ව්‍යාප්ත කිරීමේ වගකීම සහ ඒ තුල ශ්‍රී ලංකාවේ දේශපාලණිකව බලය ඉන්දියාවට හිතවත්ව ඇල්ලීමේ වගකීම, රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් හෙවත් කිලී මහරාජා  ආරම්භ කරන ආකාරය අපි විමසා බලමු.

සිරස පළමුව බිහිවෙන්නේ ගුවන් විදුලි නාලිකාවක් ලෙසය... සිරස, මේ නාමය පිළිබඳව අලෙවිකරණය සම්භන්ධයෙන් ඉතා සැලකිලිමත්ව කටයුතු කර ඇතැයි මට හැඟේ... "සිරස"  නමින්ම පාරිභෝගිකයාගේ සිත යන්නේ කොතනටද යන්න මම අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවේ... එතුළින්ම පාරිභෝගිකයාගේ  මනස ආක්‍රමණය කරන අයුරු ඔබට අවභෝධ වනවා ඇතැයි සිතමි... සිරස ඒ සඳහා ඉලක්කගත ජන කොට්ඨාශය ලෙස ලබා ගත්තේ ගෘහණියන් සහ රැකියා විරහිත උදවිය ලෙස මට හැඟේ.. ඒ, ආනන්දයේ මාධ්‍ය අංශයේ ඉතා දක්ෂයෙකු වූ කිංස්ලිත් තමාලිත් යොදාගෙන කල "සූරිය සිරස"ත් හවස විකාශය වූ "කලා කලස" නම් ගොසිප් තීරුවත් මතක් කර ගන්නා විට දැනෙන නිසාය... එතුලින් කිසිදු ආයාසයක් නොදරාම ඔවුන් තමන් ඉලක්ක ගත ජන කොට්ඨාශය පහසුවෙන් දිනා ගත්තා යැයි හැඟේ.. රූපවාහිනී චැනල් ජනප්‍රිය නොවූ ලෝකයක, ජංගම දුරකථනවල රේඩියෝ ජනප්‍රිය නොවූ සමයෙක එය කිරීම ඉතාමත් පහසු වූ බවක් හැඟේ...

ඉන්පසු පැමිණියේ සිරස රූපවාහිණියයි.. වෙනස් රටාවකින් යුතු වූ විනෝදාත්මක වැඩසටහන් වලින් ඔවුන් සාර්තකත්වය ලබාගැනීමට අදහස් කර ගැනීමට අදහස් කල බවක් හැඟේ..  සුදර්ශියේ කාලය කා දමමින් සිට, සිරසේ කළමණාකාර අද්යක්ශවරයා වූ නිමල් ලක්ෂපතිආරච්චිගේ සාකච්ඡාවක් සඳහා යන යංග් ඒශියා සඟරාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකි.. ඒ නාරද බක්මීවැව සහ තනුජා ජයවර්ධනයි.. සාකච්ඡාවේ අවසානය වූයේ ඔවුන් දෙදෙනා සිරසේ "රස රිසි ගී" වැඩසටහන කිරීමෙනි... මේ වනතෙක් වූ කාලය තුල ජනප්‍රිය නාලිකාවක් වන තත්ත්වයේ උපරිමයට පැමිණීමට ඔවුන්ට හැකිවූ බව සිරස නැරඹූ ඔබ කාටත් මතක ඇතැයි සිතමි.. ඒ සඳහා "නයිට් ටයිම් ටීවී" තුලින් ලැබූ දායකත්වය ද අමතක කල නොහැකිය...

මෙතැන් සිට කතාවේ විසිල් බල්ටි දිහා බලමු....

සිරස ඉන්දියාව ලංකාවට ගෙනා අපූරුව...

මේ පිළිබඳව පැහැදිලි කිරීමට ඕනවට වඩා කාලය වැය නොකල යුතුයැයි හැඟේ.. ඉන්දියානු ටෙලි සංස්කෘතිය ලංකාවට ගෙන ඒම තුලින්, කෝවිල් සහ දේව ප්‍රතිපත්ති, අධි සුඛෝපභෝගී කාන්තා ජීවන රටා වගේම තුල්සි පැල වැනි කුඩා දේවල් වලට පවා ලාංකිකයන්ගේ අවධානය සහ නෙත් සිත් යොමු කිරීමට දැරූ මොවුන්ගේ උත්සාහය සාර්ථක වූ බව මගේ හැඟීමයි.. ලංකාව වෙලාගත් බාල ඝනයේ මෙගා නාට්‍ය වලටත්, බොළඳ මට්ටමේ සුරංගනා කතාත් ටෙලි නාට්‍යන් වලට පාදක වී, ලාංකික අනන්‍යතාවයෙන් හෙබි වටිනා නිර්මාණ වලට කණ කොකා හැඩීමේ වටපිටාව මොවුන් විසින් ඉතා සාර්ථකව නිර්මාණය අරන ලදී.. නිර්මාණකරුවන්ටද දොසක් නැගිය නොහැක්කේ, පවතින රටාව තුල මුදල් ගැන අවධානය යොමු කිරීමට ඔවුන්ටද සිදුවන නිසාය.. තවද, දකුනු ඓන්දියානු අභාශය තුල ශක්ති ටීවී නිර්මාණය කිරීම තුලින් හා එහි විකාශණය කර වූ වැඩසටහන් තුලින්ද ශ්‍රී ලාංකික දමිල ජනයා ඉන්දියානුකරණය කරවීමේ වෑයම අප්‍රතිහත දෛර්‍යයෙන් කරගෙන යන බවද, මැනවින් දකින්නට අමුතු බුද්ධියක් අවශ්‍ය නොවේ...

දෙශපාලනයට පිවිසීම සහ අනාගත නායකයන් නිර්මාණය කිරීම...

අදටත් සිරස මෙම කටයුත්ත කරගෙන යන්නේ මල නොතලා රොන් ගන්නා න්‍යාය පදනම් කරගෙනය.. විවිධ නාලිකාවල දේශපාලන වැඩසටහන් කල නිවේදකයින් මෙන්ම නිශ්පාදකයින් ඉතා ඉහල තනතුරුවලට සහ අධික වැටුපකට මොවුන් මිලදී ගන්නේ මෙම අරමුණේ මූලික පියවරක් වශයෙනි.. චන්දන සූරිය බන්ඩාර, බුද්ධික පතිරණ වැනි මාද්‍යවේදීන් උදාහරණ ලෙස ගත හැකිය... සිරස සැදූ දේශපාලන චරිත කිහිපයක් ගැන විස්තර පහත සඳහන් කරන අතර විමසා බැලීම වටී...

    බුද්ධික පතිරණ - ඔහු අපට හමුවෙන්නේ ටීඑන් එල් මාධ්‍ය ජාලයේ තිබූ එකල ජනප්‍රිය දේශපාලන වැඩසටහනක් වූ ජනහඬ වැඩසටහන තුලිනි.. ඔහු සිරසට එන්නේ දේශපාලන වැඩසටහන් අරමුණු කරගෙනය.. පැවරෙන කාර්යය රනිල් වික්‍රමසිංහට දිගට හරහට පහර දීම වේ.. බුද්ධික ඒ පිළිබඳ දැනුවත් වේවා සහ නොවේවා අද වෙන තුරුත් එය අඛණ්ඩව කරගෙන යයි.. යූඑන්පි යේ තිබෙන සජිත් රනිල් දෙපාර්ශ්වයේම ප්‍රේක්ෂක ජනතාව ඇද බැද තබා ගැනීමේ මේ ප්‍රයත්නය ඉතාම සාර්තක විණි.. රනිල් හිතවාදීන් කොහොමත් සිරස වටේ සිටි බැවින් මහරාජාට අවශ්‍ය වූ සජිත් පිල දිනා ගැනීමේ අරමුණට බුද්ධික පතිරණ පණ දුන් බව අපූරුවට පැහැදිලි වේ... විවාහ වන විට සාමාන්‍ය පවුලකින් පැවත ආ ඉතා ලාබාල මාධ්‍යවේදිවෙකු ඔහුගේ ඩීල් එකේ තරම, මංගල ඡායාරූපවලින් පැහැදිලි වූ බව එකල ඉතාම කතාබහට ලක් වූ මාතෘකාවක් බව ඔබට මතක ඇති.. සජිත්ගේ අමාත්‍යාංශ වාහනයක් අද වෙනකොට බුද්ධික පාවිච්චි කරන්නේ, මේ තුලින් ඔහුට ලැබුණ බෝනස් එකක් ලෙසටය...

  සුසාර දිනාල් - සුපර් ස්ටාර් පිහිටෙන් පළාත් සභාවට එන අපූරු මන්ත්‍රීවරයෙකි. මොහුගේ මාධ්‍යවේදී ඉතිහාසය අපි ඊලඟ ලිපියෙන් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙමු. සුපර් ස්ටාර් වෙත වැඩිම කෙටි පණිවිඩ පැමිණියේ ගම්පහින් බව එම තොරතුරු ප්‍රසිද්ධ කල දිනෙක ඔබට පැහැදිලි වේවි.. පළාත් සභා ඡන්දයේදී චන්ද්‍රිකාගේ බලය ගිලිහෙන ගම්පහට, රණතුංග පවුලේ හයියට දමන්නට අපේක්ෂකයෙකු ගැන සලකා බලන කාලයේ තමයි සුපර්ස්ටාර් වෙත පැමිණි කෙටි පණිවුඩ සංඛ්‍යාලේඛණ "කිලී මහරාජා"ගේ පිහිටට එන්නේ..  එතුලින් ජනප්‍රියම පුද්ගලයා වූ සුසාර දිනාල් යෝජනා වෙන්නේ එහි ප්‍රතිපලයක් ලෙසිනි. සුපර්ස්ටාර් ජනප්‍රියත්වයත්, මහරාජා බ්‍රෝඩ්කාස්ටින්ග් මුදලුත් සුස්සරව පළාත් සභා මන්ත්‍රීවරයෙක් කිරීමෙන් අවසන් වූයේ නැත.. ඔහුගේ ඉදිරි ගමන ගැන අදහසක් ලබා ගත හැක්කේ ඔහුගේ කතාවන් ගැඹුරින් අධ්‍යයනය කිරීමෙනි. උපේක්ෂා ස්වර්ණමාලි වගේ දේශපාලනයට ආධුනික ජනප්‍රිය නිලියකුත්, මර්වින් සිල්වා වැනි ඉල්ලපු ඉල්ලපු ඡන්ද පරාජය වුන දාමරිකයෙකුත් පාර්ලිමේන්තු පැමිණි ගම්පහින්, සුසාර පළාත් සභාවට පැමිණීම කෙරෙහි පුදුම විය යුතු නැත.

  සුසිල් කිඳෙල්පිටිය - ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් වූ මේ සුසිල් කිඳෙල්පිටියගේ ඉතිහාසය සොයා බැලීමේදී ඩීල් එකේ තරම  වැටහෙන්නේ තැපැල් නයින්ටියෙන් මොන්ටෙරෝවට ආගමනය වූ වේගය දෙස බැලීමෙනි.. කිලී මහරාජාගේ සුපිරිම ගොට්ටක් වූ සුසිල්, පාසල් කාලයේ සිටන්ම තමන්ට ආදරය කල බිරිඳත් දියනියන් දෙදෙනාත් අත හැර ෆොන්සේකා ලඟට යන්නේ හුදෙක් තම ආත්මාර්ථකාමී සිතිවිලි නිසාය... ඒ තුලින් ප්‍රයෝජන ගත් කිලී මහරාජා, ප්‍රජාන්තන්ත්‍රවාදී පක්ෂයේ තමන්ගේ බලය පතුරවන්නේ සුසිල් කිදෙල්පිටිය හරහායි...

සුරංග සේනානායක - මොහු තනිකරම මාධ්‍යවේදියෙකුට වඩා නලුවෙකි.. දවස සහ සටන කියන වැඩසටහන් දෙකෙන් දේශපාලන ප්‍රසිද්ධියක් ලබා ගත්තත් මොහුගේ ලිඛිත සාක්ශි සහිත දේශපාලන දිවිය 1999 ජනපති මැතිවරණය කරා දිවයයි.. "රනිල්.. මං ආදරෙයි" නමින් පළවූ පුවත්පත් ලිපියේ හතරවෙනියට අත්සන් තබන්නේ මෙම සුරංග සේනානායක නම් මාධ්‍ය වේදියායි... අද වෙනකොට ඔහු එක්සත් ජාතික පක්ෂයේ තරුණ මාධ්‍ය වේදීන්ගේ සංගමයේ සභාපතිවරයාය....

රනිල් සහ කිලී අතර තිබෙන්නේ නොබිදෙන සම්භන්ධයකි.. එනිසා ඔවුන් දෙදෙනා ඉතා අපූරුවට තිර පිටපත් ලියාගනිමින් රංගනයක යෙදේ... ගැටළුව තිබෙන්නේ සජිත් පාර්ශ්වය දිනා ගැනීම ගැනය.. මේ දිනවල සිරස පුවත් බලන ඔබට එම පාර්ශ්වය අල්ලන්නට සිරස ගහන ගැට, කිසි ගැටළුවකින් තොරවම වටහා ගත හැකි වනු ඇත.. 

ඒ වගේම වර්තමානයේ ඔවුන්ගේ දේශපාලන ආකෘතිය පිළිබඳව සලකා බලමු.. එක පක්ෂයකින් පස් දෙනෙක්වත් පාර්ලිමේන්තුවට යොමු කිරීමේ සල්ලි මල්ලක් විසි කිරීමට ඔවුන් සුදානම් වී තිබේ.. ටෙලි නාට්‍ය සඳහා ගැලපෙනම කාල සීමාවක් ඔවුන්, කිසිදු ආදායමක් නොලබන වැඩසටහනක් වූ "දවස" දේශපාලන සංවාදය වෙත යොමු කිරීමට "සිරස" පෙළඹෙන්නේ ඇයිදැයි ඔබට ගැඹුරින් පැහැදිලි කල යුතු නොවේ.. එතුලින් කිංස්ලි රත්නායකට මෙන්ම ශ්‍රීපාල් වන්නිආරච්චි වෙත ඉදිකරන වේදිකාව, ඔවුන්ගේ අතීත අත්දැකීම් දෙස බලන විට කුමන තරාතිරමේදැයි පැහැදිලි වේ.. ඒ වගේම "දියවන්නාව තරණය කරන්නට ඔබත් කැමතිද" වැඩ සටහන ඔස්සේ අයදුම්පත් ලබා ගන්නේ කුමටද යන්න සැකයක් නොවේ.. එතුලින් තෝරාගත් පුද්ගලයින් නාම යෝජනා මණ්ඩල වලට යොමු කිරීමටත්, එම නාම යෝජනා මණ්ඩල තුලින් ඔවුන්ට අවස්ථාව ලබා දීමටත් "කිලී මහරාජා" තමන් සතු උපරිම ශක්තිය යොදන බවට සැකයක් නැත. ඒ අනුව මාධ්‍ය තුලින් කරලියට පිවිසි මහරාජා, මේ මාන බලන්නේ රටේ දේශපාලන බලය තම අතට අරගෙන පාලකයින් තම්න්ගේ විධානයට නතු කර ගැනීමට බව සිතන්නට අමුතුවෙන අටුවා ටීකා අවැසි නැත...

ඊලඟ ලිපිය... මහරාජා අනෙකුත් මාධ්‍ය ආයතන වල බලය කූඨ ලෙස සිද දමන්නේ කෙසේද යන්නයි....


සංවාදයට විවෘතයි.....


15 comments:

  1. නොදන්න තොරතුරු තියන වැදගත් ලිපියක්

    ReplyDelete
  2. සිරස විතරක් නෙමෙයි අභීත. ලංකාවේ, ලෝකේ උනත් ගොඩක් වෙලාවට ජනමාධ්‍ය ක්‍රියා කරන්නේ මේ විදියට තමයි.

    ඒ කියන්නේ ජනමාධ්‍යය ක්‍රියාත්මක වෙන්නේ ඒවා අයිතිකරුවන්ගේ ව්‍යාපාරික/ දේශපාලන උවමනාව අනුව තමයි. ඇමරිකාවේ උනත් ෆොක්ස් කියන මාධ්‍ය ජාලය වැඩකරන්නේ ලංකාවේ සිරස වැඩකරනවා වගේ. හැබැයි ඇතැම් දියුණු රටවල එක දෙයක් තියෙනව, ඒ රටවල තියෙන ඇතැම් ජනමාධ්‍යය ජන්දයක් එහෙම එනකොට තමන්ගේ මාධ්‍යය සහය දක්වන්නේ කාටද කියලා කලින්ම ප්‍රසිද්ධියේ කියනවා. ඉතිං එතකොට අකමැති අයට ඒ චැනල් එක නොබලා ඉන්න පුළුවන්.

    ලංකාවේ වගේ අපි තමයි සමබර,අපි විතරයි ඇත්ත කියන්නේ කියමින් මිනිස්සුන්ව රවටමින් ඒක එකාට හොරෙන් කඩේ යන්නේ නෑ.
    දැන් ලංකාවේ දේශීය රේඩියෝ චැනල් 53 ක් විතර තියෙනවා. ටීවී චැනල් 22 ක් විතර තියෙනවා. පුවත්පත් තියෙනවා. ඕවා සේරම අයිති ප්‍රධාන සමාගම් කිහිපයකට.

    සිරස,හිරු, TNL, දෙරණ, විජය ප්‍රකාශන, EAP , තීරු නඩේෂන්, කැසිනෝ රවී, කොටස් වෙළදපොල මාෆියාවේ දිලිත් ජයවීර,මහින්දගේ හිතවතා ඈපාසිංහගේ නෙත් එක, වෙල්ගමගේ දිවයින ඔන්න ඔයවගේ කිහිප දෙනෙක් තමයි ලංකාවේ මාධ්‍යය හසුරවන්නේ. ඔව්වා එකක් වත් වැඩකරන්නේ මිනිස්සු ගැන හිතලා නෙමෙයි. උන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගැනීමයි. තමන්ගේ දේශපාලන මතවාදය වැපිරීමයි.

    හිරු එකෙන් උන්ගේ තරහ කාරයෝ වන තිලංගගේ බුකි වලට, හිරුනිකාට, රාජිතට ගහනවා. සිරසෙන් රනිල්ට, දුමින්දට,මංගලට ගහනවා.සිරසේ ඉත්තෝ හැම පක්ෂේකටම දාලා උන්ගේ බිස්නස් කරගන්න හදනවා. දෙරණෙන් මහින්දට කඩේ යනගමන් සිරසට ගහනවා. දිලිත් ජයවීරගේ කොටස් වෙළදපොල මාෆියාව හසුරුවනවා. දිවයින,නෙත් එෆ්එම් එක මරා බලයට ගෙන්න ගජරාමෙට වැඩ කරනවා. ස්වර්ණවාහිනීය එන එන ආණ්ඩුවට පුක දීලා තමුන්ගේ බිස්නස් ටික කරගන්න හදනවා. තිලංගගේ පත්තරේ දුමින්දට ගහනවා. ලංකාදීප පත්තර රුවන් විජයවර්ධන ඊළගට එජාපෙ නායකයා වෙයි කියලා හිතනවා. TNL එක ඊළගට ජන්දෙදි රනිල් ආයේ අගමැති කරන්න හදනවා. සියත හිටු කියලා මයිත්‍රීට කඩේ යනවා. බලං ගියාම පෞද්ගලික චැනල් ඔක්කොම මහා වේසා මඩු. ඔවාගේ වැඩකරන එවුනුත් උන්ට මාසේ අන්තිමට හම්බෙන දාහේ කොළ විස්සට තිහට රෙදි නැතිව, බලු පොරේට වැටෙනවා. තමුන්ගේ ආයතනයේ ප්‍රධානියාගේ උවමනාව අනුව සමාජය ඉස්සරහා රුකඩයෝ වගේ නැටවෙනවා.

    ආරංචි විදියට සිරස විතරක් නෙමෙයි, නෙත් එෆ්එකේ ඇතුළු තවත් චැනල් කිහිපයකම ජඩමාධ්‍යකරුවන් රැලක් ප්‍රධාන පක්ෂ වලින් ඊලග ජන්දෙට ඉල්ලන්න ඉන්නේ. මුන් මොන පක්ෂෙන් ඉල්ලුවත් කරන්නේ තමුන්ගේ ස්වාමියාට කඩේ යෑම මිසක් රටට යහපතක් කරන එක නෙමෙයි. මේ ජඩමාධ්‍ය රැල මොන පක්ෂෙන් ඉල්ලුවත් ජන්දේ නොදී ඉන්න ජන්ද දායකයන් වගබලා ගන්න ඕනි.

    බලං ගියාම දැන් අයිටීඑන් සහ ජාතික රුපවාහිනී දැන් පට්ටම සමබරයි. මම දැන් සියලුම පුද්ගලික ටීවී චැනල් බැලීම අත්හැරියා. සිරස,දෙරණ වගේ එව්වා ටීවී එකෙන්ම ඩිලීට් කරලාම දැම්මා. දැන් අයිටීඑන් එක හදාගෙනඉන්නේ. එකේ ප්‍රවුත්ති එහෙම පට්ටම බැලන්ස්. කාටවත් මඩගහන්නේ නෑ. ප්‍රවෘත්තික් ප්‍රවෘත්ති විදියට බලාගන්න නං දැන් ආණ්ඩුවේ චැනල් එකක් බලන්න.

    ReplyDelete
  3. ඉතාම අතිවිශිෂ්ට ලිපියක්.

    ReplyDelete
  4. අභීතගෙන් පෝස්ට් එකක්.. පෝස්ට් එකේ අන්තර්ගතය ගැන වගේම පෝස්ට් එකක් දැකීමත් සතුටක්..
    ඔය දෙවෙනි ඇනෝ කියනව වගේ ලංකාවේ මධ්‍ය තනිකරම බිස්නස් එකක්.. සිරස ඒකේ ටොප් එකේ ඉන්නේ.. සිරස- දෙරණ, ඒ.බී.සී- සුමති බලු පොර දකිනකොට තිත්තයි. සිරසේ ඉදිරියට ආපු හැම මාධ්‍යවේදියාම මුලින් තමන් කරපු වැඩසටහන සාර්ථකව කරා. ඇත්තටම ඒ හරහා ඔවුන් දේශපාලනයට ආවද නැත්නම් දේශපාලන අරමුණකින් ඔවුන් එතනට දැක්කුවාද කියන එකනම් විවාද සම්පන්නයි.

    ReplyDelete
    Replies
    1. කෝ යකෝ "නෙළුම් යාය"

      වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

      Delete
  5. සිරසේ ගොන් දෙපැය කියල දාපු පට්ට පජාත කතා නිසා අපේ සමාජයට විශේෂයෙන්ම ගෑණු හරහා වෙච්ච විනාශය සුළුපටු නැහැ...
    උන් ඉරිදා උදේ පාන්දර ඉඳල පැය කීපයක් කාටුන් දාන එකත් එච්චර හොඳ වැඩක් නෙමෙයි.
    ළමයි දහම් පාසල් වලින් ඈත් කරවන්න ඒවත් බලපාන්න පුළුවන්.
    සිරස කොච්චර නරක උනත් සිරසේ උන් හඬ කවන කාටුන් නම් සිරා... ;)

    ලංකාවේ නම විතරක් නෙමෙයි බං අපි අපිවත් අපේ ඔරිගීනල් බ්‍රෑන්ඩ් එක හොඳින් හෝ නරකින් වෙනස් කරවලා වෙන වෙන බ්‍රෑන්ඩ් වලට හැරවෙයි තව ටික කාලයක් යනකොට...

    ReplyDelete
  6. අඩෝ අබීත මේ පෝස්ට් එක උඹම ලියපු එකක් ද? :P

    ReplyDelete
  7. වැදගත් ආරම්භයක් මේ වටිනා ලිපි පෙළ බාධාවකින් නොනැවතී දිගටම ලියන්න හැකිවේවා

    ReplyDelete
  8. 'සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්' කියල පටං අරන් සුපිරි කාටුන් ටිකක් දුන්න පොඩි එවුන් අල්ලගන්න.දැං ඒ පොඩි එවුන් තමයි ලොකු වෙලා බුකියෙ දේශපාලනේ කොරන්නෙ.
    ගෑණු ටික ටෙලි වලින් අල්ල ගත්තා.
    හර බර දේශපාලන වැඩසටහන් වලින් පිරිමි ටිකත් ගත්තා.
    දැං V rprt,u desid.
    මෙයාලගෙ සුජාත භාවය හොඳටම පෙන්නන සිද්ධිය තමයි ශාරුක් ඛාන් ගේ ටෙම්ප්ටේශන් ප්‍රසංගයයි සෝම හිමිගෙ අපවත්වීමේ වර්ශ පූර්ණ සැමරුමයි එකට පටලලා මිනී මරපු එක.
    කාලීන ලිපියක්.මරාට වදිනකොට හරි කමක් නෑ ලියපු එක වටිනවා.

    ReplyDelete
  9. //මරාට වදිනකොට හරි කමක් නෑ ලියපු එක වටිනවා.//

    මහින්ද මාමා ලඟදීම නැවත ආන්ඩුව අතට ගන්නවා....ජයවේවා!

    ReplyDelete
  10. මේ රටේ මාධ්ය ඕනාවට වැඩියි.ඒ ගොල්ලො වැඩකරන්නෙ රට අයිති එයාලට,,රටේ දේවල් වෙන්න ඕන අයාල කැමති විදිහට රටේ ජනාදිපති පාලක පක්ශය වෙන්න ඕන එයාල කැමති අය කියල.

    මේ මාධ්ය වැඩකරන්නෙ හරියට දැලිපිහිය අහූන වදුරා වගේ..තම්න් තරම් දන්න බුද්ධිමත් වෙන කිසිකෙනෙක් නෑ කියල කයිවාරු ගහන්නෙ,,එහෙම පන්ඩිතකම් කිය කිය පැත්තක ඉන්න මිනිස්සු දූශකයො කිය කිය නිව්ස්,බ්‍රේකින් නිව්ස් දදා හිට් කරගන්නව නාලිකා..මේගොල්ලො කෙනෙක් වල්කමක් කලත්,හොරකමක් කලත්,දූශනයක් කලත්,,ඒක වාර්ථාකිරිම නෙවෙ කරන්නෙ විකුනන් කෑම,,මරනයක් උනත් විකුනන් කනව..
    ගණිකාවක්නම් විකුනන්කන්නෙ තමන්ගෙ ඇග නමුත් මාධ්ය විකුනන් කන්නෙ අනුන්ගෙ ඇගවල්,,එහෙම බලනකොට අපේ මාධ්ය කියන්නෙ "වෙසගනන්ගෙත් වෙසගනන්" වගේ කට්ටියක්

    අර බොරු චෝදනා ලැබූ කොල්ල වෙනුවෙන් කව්ද දැන් කත කරන්නෙ...එයාට චෝදනාව කෙලින්ම මාධ්ය එල්ල කලේ ලැප් එකෙ වැලතිබ්බ කියල ඒ තියෙන නිසා දූශකයෙක්මයි කියල..කොහොමද මාධ්යවල ටිකිටි මොලේ

    හරිනම් සියලුම මාධ්ය ඔහුගෙන් හා මුලු සමාජයෙන්ම ප්‍රසිද්දියෙ සමාව ගත යුති...විශාල වන්දියක් ගෙවිය යුතුයි

    මේ මාධ්ය වලින් ඒ කොල්ලට විතරක් නෙවේ ඔබටත් වරදක් වෙන්න පුලුවන් මෙහෙම යන්න දුන්නොත්

    මේ මාධ්ය වලින් හිට් කරන්නෙම කුඩු විකුනන නිලියන්,ගණිකා මඩම් කරන නිලියන් නලුවන්,,නාකි ඉන්දියන්කාරයො රවට්ටල සල්ලි ගන්න මොඩෙල්ස් ල..සෙක්ස් කස්ටමර්ස් බෙදාගන්න බැරුව පාලම් යට රෙදි ඉරාගෙන ගහගන්න වෙසගනන්..මේ නාලිකා වලට එවුන් ගෙනල්ල අපේ කෙල්ලන්ට දෙන පනිවිඩය
    "නංගි,එක කොල්ලෙක් එක හස්බන්ඩ් කෙනෙක් ඉදල වැඩක් නෑ,ආතල් එකෙ ඉන්න මොන මොනාහරි කරන්න,,අමතර ගානක් එන ඩීල් එකක් දෙකක් කරගන්න..පච්ච ටිකක් කොටා ගන්න,,එහෙන් මෙහෙන් විදල යකඩ කෑලි ටිකක් කනේ කරේ තොලේ එල්ල ගන්න,,එතකොට සල්ලි ගලනව,,සල්ලි තියෙන කොල්ලො සෙට් කරන් අපිව් වගේ පාටි යන්න,,විස්කි බොන්න,,සිගරට් ගහන්න..ලයිෆ් එක එන්ජෝයි කරන්න අපිවගේ..නිකන් ඉන්න එපා යාලුවො එක එකතුවෙලා බිස්නස් කරයෙක් ජොයින් කරගෙන නුරව එලි ට්‍රිප් එකක් දාගන්න ,මිනිහට පොඩි ෆන් එකක් දුන්නම ඇති ලක්ශ2ක් 3ක් ඔයාලගෙ අතට එනව..පුලුවන්නම් රූපවාහිනි එකක මූන පොඩ්ඩක් දාගන්න චාන්ස් එකක් ගන්න,ඔයාලව දැකල සල්ලිකාරයො ලොකු ලොකු ඔෆර්ස් දෙයි..කොහොමහරි රියලිටි එකකට සෙට් වෙන්න ඒකෙ සිකුරුටිට හරි පොඩි ආතල් එකක් දීලහරි ප්‍රයිවට් එකේ"

    මෙන්න මෙහෙම පනිවිඩ,ටෙලිනාට්ටි ,රියලිටි හා වෙනත් ප්‍රොගෑම් ඔස්සේ ඔබේ ගෙදර ඉන්න නංගිට,බිරිදට,දුවට දෙන මාධ්ය තමයි අර අවුරුදු 17ක කොල්ලගෙ ලැප් එකේ වැලතියෙනව කියල ඌ දුශකයමයි කියල බ්‍රේකින් නිව්ස් දුන්නෙ..sarath

    ReplyDelete
  11. හින්ද මාමා ලඟදීම නැවත ආන්ඩුව අතට ගන්නවා

    srilanka news

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...