බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Wednesday, December 18, 2024
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
Tuesday, December 17, 2024
සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ රැකියාවන්ට කණකොකා හඬවන එට්කා..
Friday, December 13, 2024
පාර්ලිමේන්තු සේවකයෙකු පිටින් යවන්න හදන ජාතික ජන බලවේගයේ හීන මානය
මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙන කිසි දිනෙක නොවූ විරූ ලෙස, හොර උපාධි කාරයන්ගෙන් පිරී ගොස් ඇත. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වූ ගරු කතානායක වරයා, මේ වනවිට නිකම්ම නිකම් මන්ත්‍රීවරයෙක් වී ඇත්තේ, මේ බොරු හීන මාන කාර ආචාර්ය උපාධියක් පෙන්වන්නට යෑම නිසාය. මේ ජරමර අස්සේ අමුතු නාටකයක් රඟ දැක්වෙන ආකාරය විමසිලිමත්ව බලාන ඉන්න අපට පෙනේ. ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මැතිතුමන්ගේ ආචාර්ය පට්ටම, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගැල වී යෑමයි. එය පාර්ලිමේන්තුවේ වරදක් ලෙස, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සේම, වැඩ බලන සන්නිවේදන අධ්‍යක්ෂ, එම්. ජයලත් පෙරේරා මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. අපි දැන් එහි ස්වභාවය පිළිබඳව විමසා බලමු.
පළමු වරට පාර්ලිමේන්තුවට යන සියළු මන්ත්‍රීවරුන් හට පිරවීම සඳහා පෝරමයක් ලබා දේ. එහි තත්ත්වය / Title එක පිරවීම සඳහා හිස්තැනක් ඇත්තේ මුලින්මය. ඒ තුල තමන් පූජ්‍ය, ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය, ඉංජිනේරු ආදී කොටස සඳහන් කිරීමට ඇත. ඊට අමතරව තම පුද්ගලික තොරතුරු ඇතුලත් කිරීම සඳහා ඉඩ ලබා දී තිබේ. ඒ තොරතුරු අතර, අධ්‍යාපන සුදුසුකම් සටහන් කිරීමටද ඉඩක් ඇත. එහිදී "නැත" යන්නේ සිට, "දෙක වසර සමත්", "අට වසර සමත්", "සාමාන්‍ය පෙල සමත්", "උසස් පෙල සමත්", "උපාධි අපේක්ෂක", "උපාධි", "ශාස්ත්‍රපති","දර්ශණපති", "ආචාර්ය" ලෙස ඕනෑම තමන්ගේ අධ්‍යාපන සුදුසුකමක් සටහන් කිරීමට හැකියාව ඇත. මෙම පෝරමය අවසානයේ තමන් සඳහන් කල තොරතුරු සත්‍ය හා නිවැරදි බව තහවුරු කරමින් සිය අත්සනද තබා, පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයට ලබා දෙයි.
අනතුරුව, මෙම පෝරම ලැබෙන්නේ සාමාන්‍ය වචනයෙන් අපි කියන පාර්ලිමේන්තුවේ, Table Office එක වෙතයි. එනම්,ව්‍යවස්ථාදායී සේවා අංශයටයි. එම දෙපාර්තමේන්තුවෙන් එම පෝරම පරීක්ෂා කර, සන්නිවේදන අංශය හරහා වෙබ් අඩවියට ඇතුල් කරනු ලබයි. නමුත් මේ දිනවල ඉහත අංශ දෙකෙහිම ප්‍රධානියා වන්නේ, ඉහත සඳහන් කල මාධ්‍ය නිවේදනය නිකුත් කල එම්. ජයලත් පෙරේරා මහතා වීම විශේෂත්වයක්. ඔහු මේ කාරණයේදී වගකිව යුතු අධීක්ෂණ නිලධාරියාද වෙනවා. ඒ නිසා මෙම කාරණය වගේම, මාධ්‍ය නිවේදනය සම්බන්ධවත් වග කියන්න වෙන්නෙ ජයලත් මහත්තයාට.
හැබැයි මෙහෙම වැරදිලා සටහන් වෙන්න පුලුවන්ද? කිසිසේත්ම බෑ. පොඩ්ඩක් හරි වෙන්න පුලුවන් එකම අවස්ථාව වෙන්නෙ,
📍 ඩේටා එන්ට්‍රි කරන එකා, දාර ජෙප්පෙක් වගේම, අම්බ හර්ෂණ නානායක්කාර ෆෑන් කෙනෙක් වෙලා, පොරගෙ වහල් කමටම, ඩේටා එන්ටර් කරද්දි ස්ව කැමැත්තෙන්, තනි මතේට ආචාර්ය කියලා දත්ත ඇතුල් කරන එක.
හැබැයි මේක වෙන්න තියෙන්නෙ 0.0001% ක් විතර සම්භාවිතාවක්. මගේ අදහස එය එසේ විය නොහැකියි යන්න.
එතකොට මේ ගැන නිදහසට මොනවා කියයිද? පාර්ලිමේන්තු අභ්‍යන්තරයෙන් ලැබුණු නොනිල ආරංචි වාර්තා කලේ, සභා නායක කාර්‍යාලයෙන් ලැබුනු, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට මන්ත්‍රීවරුන් නම් කිරීමේ ලේඛණයක් පදනම් කරගෙන, මෙම ඇතුලත් කිරීම කර ඇති බවක් සඳහන් කරන්න යන බවයි පෙනෙන්නේ. අපි විමසා බලමු ඒ ක්‍රියාවලිය වෙන්නෙ කොහොමද කියලා..
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තමයි, නව පාර්ලිමේන්තුවක පළවෙනියාටම පත් වෙන කාරක සභාව. එක් එක් පක්ෂවලින් නම් කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලිඛිතව භාර දෙන්නෙ සභා නායක කාර්‍යාලයට. සභා නායක කාර්‍යාලයෙන් එම සියළු නම් එක ලිපියකින් කතා නායක වරයාට යවනවා. කතා නායක වරයා බොහෝ දුරට "අවශ්‍ය කටයුතු සඳහා" යැයි සටහන් කර, එම ලිපිය, පාර්ලිමේන්‍තු මහ ලේකම් වෙත යවනවා. පාර්ලිමේන්තු මහ ලේකම්ගේ අත්සනින් යුතුව එම ලිපිය නැවත යොමුවෙන්නේ, ව්‍යවස්ථාදායක සේවා කාර්යාලයට.. ඒ කියන්නේ අපි අර කලින් කියපු Table Office එකට. ඒ කියන්නෙ අර කණගාටුව ප්‍රකාශ කරපු අපේ ජයලත් මහත්තයාට. ඒකේ තිබ්බේ ආචාර්ය කියලාය, ඒක බලගෙන තමයි, මේ ආචාර්ය කියලා වැදිලා තියෙන්නෙ කියලා තමයි ඉස්සරහාට නිදහසට කාරණාව වෙන්නෙ කියලා තමයි නිල නොවන ආරංචිය.
📍 තොරතුරු පත්‍රිකාව තියෙද්දි, ලිපි බලන් ඩේටා එන්ට්‍රි කරන එකාට පිස්සු වෙන්න ඕන.
📍 තොරතුරු පත්‍රිකාව තියෙද්දි, ඩේටා එන්ට්‍රි කරන එකාට, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට පත් කිරීම් කරපු ලියුම දුන්න නිළධාරියාට පිස්සු වෙන්න ඕනේ.
📍 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට, ජාතික ජන බලවේගයේ නම් ලබා දීමේදී, නැති ආචාර්ය පදවියක් ලියපු කෙනාට අමු පිස්සු වෙන්න ඕන.
ඒ නිසා, තමන්ගේ නමට ඉස්සරහා ආචාර්ය පදවියක් තියෙනකොට, දවස් කීපයක් ඒ දිහා නොබලා සැපේ ඉන්නයි, කතානායකගෙ අචාර්ය සීන් එක චාටර් වේගෙන යනකොට, ඒක දැකලා මකපං කියන්නයි, ගරු අමාත්‍ය හර්ෂණ නානායක්කාර මැතිතුමාට පිස්සු වෙන්න ඕන නැහැ. ඒක තමයි මනුස්ස ස්වභාවය.
වැදගත්ම කාරණය ඒක නෙවෙයි. හරි දැන් පාර්ලිමේන්තුව සමාව ගත්තා කියමුකෝ. එතකොට මැතිවරණ කාල සීමාවේදී ජාතික ජන බලවේගයේ නිල පාර්ශ්වයන්, නීතීඥ හර්ෂණ නානායක්කාර, ආචාර්යවරයෙක් ලෙස හැඳින්වීම ගැන සිය කණගාටුව ප්‍රකාශ කරන්නේ කවදාද? එක උදාහරණයක් පහත ඇති.
ජනතාවට සිය උපාධි පෙන්වීමට නොහැකි වීම නිසා, ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අශෝක රංවල අද කතානායක ධූරයෙන් ඉල්ලා අස් වී ඇත. දැන් ඉතින් ඇමතිකම බේරා ගැනීම පිණිස, රට පටලං, බොරු පටලං, කුල්ල කුජීත වෙනවාට වඩා, ඉල්ලා අස් වෙලා නම්බුව රැක ගන්න එක හොඳ නැද්ද ඇමතිතුමනි? මොකද රටේම නීතියට ඇමති වෙච්ච ඔබතුමා නීතියටම වංගු ගහන්න දගලද්දි, ඒක ටිකක් කැතයි නේද? ටිකක් නෙවෙයි.. හොඳටම කැතයි නේද?
පාර්ලිමේන්තුවේ නීතිය පිළිබඳ ඇමති විදිහට, නීතිය පිළිබඳ සාරගර්භ කතාවක් කරද්දි, අර දෙකේ පන්තිය පාස්, චාමර සම්පත් මන්ත්‍රීතුමා නැගිටලා, "ඔයා දන්න නීතිය, මතකනේ අර ආචාර්ය කියලා දාලා, වැඩේ මාට්ටු වුනාම, පාර්ලිමේන්තුව පිටින් යවලා බේරුණා" වගේ එකක් කිව්වොත්, මොකක් වෙයිද හිතන්නකො ඇමතිතුමා.. විලි ලැජ්ජාවක් නේද වෙන්නෙ..
අපි ඉතින් හිච්චං මිනිස්සු.. ඒ වුනාට කෙලවුනා කියලා අපට තේරෙනවා. දැන් ඉතින් ඔබතුමාට තමා තේරුම් ගන්න තියෙන්නෙ...
ඒ නම් කොල්ලො.. අපි ගියා..
#හර්ෂණනානායක්කාර #ජාතිකජනබලවේගය #හොරලේබල් #ජනතාවිමුක්තිපෙරමුණ #අධිකරණඇමති #නීතිය #HarshanaNanayakkara #FakeDoctorrate #JathikaJanaBalawegaya #JanathaVimukthiPeramuna #JVP #JVP #MinisterofJustice #LawandOrder #SriLankaParliment
Thursday, December 12, 2024
කතානායක වරයාගේ ආචාර්ය උපාධියේ වංචාව නිසා, මාස තුනක් යන්නටත් ප්‍රථම ගිරයට අසුවන මාලිමා ආණ්ඩුව.
ඉතිහාසයේ කෙටිම කාලයක් ඇතුලත දැවැන්තම දේශපාලන අර්බුධයක් ඇති වෙන රජය ලෙස ජාතික ජන බලවේග රජය ඉතිහාස ගත වෙනු ඇත.
Wednesday, December 11, 2024
=== වැඩ බැරි කම, අධි මානය, විපක්ෂ මානසිකත්වය, බොරුව රඳා පවත්වා ගැනීමේ උත්සාහය, ම්ලේච්ඡත්වය සහ මාලිමා රජයේ අසමත්කම. ===
ඉතිහාසයේ කෙටිම කාලයක් තුල සමච්චලයට ලක්වන ආණ්ඩුව ලෙසට වත්මන් ආණ්ඩුව පත් වී තිබේ. මාලිමාවට ඡන්දය දුන් අය මෙය පිළිගැනීමට අකමැති වුවත් සත්‍යය එය බව ඔවුන්ගේ යටිසිතට තට්ටු කල විට පිළිගනු ඇති බව මාගේ විශ්වාසයයි. ඒ හේතුව නිසාම කිසිදා නොවූ විරූ ලෙස, ඉතා කෙටි කාලයක් තුල ආණ්ඩු පක්ෂයට ඡන්දය දුන් පුද්ගලයන් සමාජ මාධ්‍ය තුල දිගින් දිගටම සමච්ඡලයට ලක් වෙමින් පවතී.
අපි මාතෘකාවේ සඳහන් කාරණා එකින් එක ගමු.
වැඩ බැරි කම
මැතිවරණ යුගයේ ස්ටේජ් වල මයික් පලමින් දුන් කිසිදු පොරොන්දුවක් අද වෙනතුරු ජනතාවට ලබා දීමට ඔවුන් සමත්ව නැත. දේශීය සහ විදේශීය ණය, IMF ක්‍රියාවන්, හාල් ප්‍රශ්ණය, පොල් ප්‍රශ්ණය, ලුණු ප්‍රශ්ණ කිසිවක් ඔවුන්ගේ වචනයෙන් කියූ, එක් පෑන් පහරින්, පැය විසි හතරෙන්, සතියෙන් දෙකෙන් විසඳී නැත. ඒ වගේම කිසිදු අමාත්‍යාංශයක සැලකිය යුතු ප්‍රගතියක් අත් කර දීමට ඔවුන් සමත්ව නැත. කිසිදු මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තියා, සිදු කරමින් තිබූ ව්‍යාපෘතියක් කඩිනම් කිරීමට පවා ඔවුන් සමත්ව නැත. එකදු සැලකිය යුතු මට්ටමේ ආයෝජනයක් ලංකාවට ලබා ගැනීමට ඔවුන් සමත් ව නැත. සුවිසල් ව්‍යාපෘති තියා, ග්‍රාමීය මාර්ගයකට ඉන්ටර්ලොක් කැටයක්වත් අල්ලන්නට ඔවුන් අද වෙනතුරු සමත්ව නැත. පරිපූරක අයවැයෙන්, පෙරට වඩා එක සතයක් කපා දමන්නට ඔවුන් සමත්ව නැත. පාර්ලිමේන්තුව කැඳ වූ දින හතරේදීම පාර්ලිමේන්‍තු සම්ප්‍රදායන් පවා පාලනය කර නොහැකිව එකම විකාරයක් කරගත් අයුරු අප දුටුවෙමු. ඉතින් මෙම ආණ්ඩුව මැතිවරණයට පෙර වේදිකාවන්හි මයික් පැලූ කයිවාරු කාරයන් සහ වැඩ බැරි දාසලා මිස, වැඩකාරයෝ නොවන බව දිගින් දිගටම ඔප්පු කරමින් සිටී.
අධි මානය
බලය ගන්න කලියෙන් හීන මානයෙන් පෙළුණ මෙම පිරිස, බලය ගැනීමත් සමඟ අධි මානයකින් පෙළෙන බව පෙනී යමින් තිබේ. අතිගරු ජනාධිපති තුමා මෙන්ම කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාත් මෙහි හිනිපෙත්තටම නැඟ සිටී. අනතුරුව මෙම ගති ලක්ෂණ පෙන්නුම් කරන්නේ මාලිමා ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පිරිසයි. උදාහරණ ලෙස ගතහොත් මොවුන්ගේ සමහර ප්‍රකාශ පහත පරිදි වේ.
📍 හාල් මෝල් ප්‍රශ්ණය තව දින දහයකින් බලමු
📍 අපි එක එක්කෙනාගෙ ඡෝදනා වලට උත්තර දෙන්න යන්නෙ නෑ
📍 කතා නායක උත්තරේ දෙයි අවශ්‍ය වෙලාවට
📍 පොල් ප්‍රශ්ණය ගැන තව දින දහයකින් අහන්න
📍අපි වචනත් දන්නවා, වචන අතරත් දන්නවා
📍 වගා බිමට ආවොත් සතුන්ට ඕනම දෙයක් කරන්න
📍එයාලාට උත්තර දෙන්න අපි කවුද?
මේ කොච්චර අධි මාන්නයන් නඩත්තු කලත්, වඩේ කාරයා යැයි මාලිමාවම අපහාස කරපු චාමර සම්පත් දසනායක මන්ත්‍රී වරයා, සිය පාර්ලිමේන්තු කතාවේදී එම අධිමාන කාරයන් සියල්ල එකවර උස්සා පොළවේ ගසා සුන්නද්ධුලි කර දැමූ හැටිද අපට මතකය. එතැනදී සද්දෙ වහන්, අත පය කොර කරන් හිටි මාලිමා පීපල්ස්ලා නැවත මයික් ඉදිරියට ගොස් සුපුරුදු කට මැත දොඩවනු දැකිය හැකි විය.
කෙසේ වුවත් ජනපතිවරයාගේ මේ පොර ටෝක් වලට, තව වැඩි අගයක් එකතු කිරීමේ යෝජනාවක් මම, නජිත් ඉන්දික මන්ත්‍රීතුමා වෙත සිදු කරමි. ඒ සාකච්ඡා මේසයේ ජනපති පුටුවට ටිකක් උසින් වැඩි කොට්ටයක් සපයන ලෙසයි. නැතිනම් දෙන පොර ටෝක් එකයි, ජනාධ්පතිතුමාගේ උසයි අතර පොඩි නොගැලපීමක් ඇති බව මගේ විශ්වාසයයි.
විපක්ෂ මානසිකත්වය
ආණ්ඩුවේ නොහැකියාව බේරා ගැනීමට, ඔවුන් විපක්ෂයේ සිටියදී අනුගමනය කරපු ක්‍රියා පටිපාටියමය. වැඩ කිරීම පසෙක ලා තම ප්‍රතිවිරුද්ධ මත වල සිටින දේශපාලකයන්ට බැන වදිති, දෙස් තබති, සාප කරති. ඒ වගේම අමු ගොබ්බ තර්ක කරති. උදාහරණයක් ලෙස සහල් සහ පොල් ප්‍රශ්ණ වලදී මාලිමාව අහන්නේ "සීයා කුඹුරු වපුරලා, පොල් හිටවලා ගියෙ නැද්ද?" යනුවෙනුයි. ආණ්ඩු මාරු වෙනකොට ප්‍රශ්ණ විසඳන්න හිටපු පාලකයාගේ සේවයක් බලාපොරොත්තු වෙන තරමටම ආණ්ඩුව ගොබ්බ විපක්ෂ මානසිකත්වය හිස ලා ගෙන සිටී. ඊට වඩා ඒ ගැන කතා කල යුතු නැත.
බොරුව රඳා පවත්වා ගැනීමේ උත්සාහය
මැතිවරණයට කලින් කියූ බොරු ගැන අප කලින් කතා කරපු නිසා, මැතිවරණයෙන් පසු මෙම ආණ්ඩුව බොරුව පවත්වා ගැනීමට ගන්නා උත්සාහන් ගැන අප උදාහරණයන් සමඟ කතා කරමු.
📍 උතුරේ මහ විරු සැමරුම.
මෙවර උතුරේ මහ විරු සැමරුම් සිදු නොවූ බව කියන්නට මෙම රජය නොවිඳිනා දුක් වින්දේය. ඒ ගැන කියූ සමාජ මාධ්‍ය කරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගත්තේය. මේ පිළිබඳව සඟවා, එසේ මහ විරු සැමරුම් සිදු නොවූවා යැයි කියන්නට තැතනූ බොරුව අවසානයේ නිම වූයේ හත් පොලේ ගා ගැනීමෙන් අනතුරුවය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු ප්‍රශ්ණයක් යොමු කරමින් අසා සිටියේ උතුරේ පිරබා හරන්ගේ රූපයක් ෆේස්බුක් දැමූ තරුණයා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියෙන් උසාවියට ඉදිරිපත් කරන්නටත්, එල් ටී ටී යට එරෙහි ෆේස්බුක් සටහන් දැමූවන් ත්‍රස්ත ආරක්ෂක පණත (PTA) යටතේ උසාවියට ඉදිරිපත් කරන්නට හේතුව කුමක්ද යන්නය. මුලින්ම අත් අඩංගුවට පත් ජනිත් චතුරංග තරුණයාට ඇප ලැබුණේ ඊයේ දවසේදීය. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට පිළිතුරු දුන්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කලේ උතුරේ එවැනි සැමරුම් රැසක් පවත්වා ඇති බවත්, එයින් දහයක පමණක් එල්ටී ටී ඊ සංවිධානයට අයත් විවිධ සළකුණු භාවිතා කර ඇති බවත් ය. කෙසේ වෙතත් එම දහය පැවැත් වූවන් ගැන පොලීසිය පරීක්ෂණ කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කලත්,අද වෙනතුරු ඒ සම්භන්ධයෙන් අත් අඩංගුවට පත් වූවෙක් පිළිබඳව කිසිදු පුවතක් වාර්තා වී නැත.
ඉන් පසුව මාධ්‍ය ප්‍රධානීන් සමඟ ගරු ජනපතිවරයා පැවති සාකච්ඡාවේදී, මෙම මහ විරු සැමරුම් සඳහා 40,000කට වැඩි පිරිසක් සහභාගී වූ බවට ජනපතිවරයා පිළිගත්තේය. එහිදී ජනපතිවරයා 2017, 2018, 2022 සහ 2023 වසර වල මහ විරුසැමරුම් වලට සහභාගී පිරිස් ගැනද කියූ නමුත්, 2019, 2020 සහ 2021 වර්ෂ ගැන නොකියූවේ, බුද්ධි අංශ වාර්තා නොකල නිසාද, නැතහොත් මහවිරු සැමරුම් සිදුව නැති නිසාද යන්න මම තවමත් කල්පනා කරමි.
කෙසේ වුවත් කැලුම් හර්ෂක, කැලුම් ජයසුමන සහ රේණුක පෙරේරා යන තිදෙනා සම්බන්ධයෙන් ගරු අධිකරණය කල ප්‍රකාශවලින් පසු, මහවිරු සැමරුම් නමැති අසූචි කැබැල්ල, ආණ්ඩුවේ සළුපිළි අතරින් පැමිණ දැවැන්ත ශබ්දයක් නගා බිමට පතිත වුනේ මුලු ආණ්ඩුවේම හත් පොලේම අසූචි තවරාලමින් බව අප දැන් දනිමි.
📍 සහල් මිල පාලනය
සහල් මිල වැඩි වන්නට පටන් ගද්දීම, රජය තම සුපුරුදු පොර ටෝක් ටික දෙන්නට විය. සහල් පිටරටින් ආනයනය කිරීමේ තීන්දුව ගද්දී, ජනපතිවරයා වශයෙන් මැතිවරණ වේදිකාවේ "එක හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නෙ නෑ" යනුවෙන් සිංහ නාද පවත්වා සති දෙකක්වත් ඉක්ම ගොස් නොතිබුන තරම් ය. කෙසේ වුවත් මහ මෝල් හිමියන් දණ ගස්වනවා යැයි වහසි බස් දොඩමින්, පිටරටින් ටොන් 30,000ක් ඇණවුම් කර, පළමු තොගය ලෙස ටොන් 10,000ක් ගෙන ඒමට කටයුතු කලේය. සමාජ මාධ්‍ය තුල අද එනවා, හෙට එනවා කියා සටහන් වුවත්, අදටත් පිටරටින් පැමිණි සහල් ඇටයක් සොයා ගැනීමට අපහසුය. ආනයනය කරන සහල් මිලද කිලෝවක් රුපියල් 225ක් දක්වා ඉහල ගොසිනි. මහ හාල් මෝලුන් දණ ගස්සවන්නට ගිය ආණ්ඩුව, වසර 76ක සාපය නිමා කරමින්, ඉතිහාසයේ සහල් වලට ලබා දුන් රුපියල් 230.00ක මිලක් ලබා, ප්‍රීතිය සැමරීම පිණිස ජනපතිවරයා මේසයටද පහරක් ගසා, ජනතාවට සහල් සහනය ලබා දීමේ බොරුවද අවසන් කලේය.
මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්
අද වෙනකොට කරළියට පැමිණ තිබෙන මේ සම්භන්ධ ප්‍රධාන මාතෘකා හතරකි. සමාජ මාධ්‍ය හරහා ඒ සම්භන්ධ පුවත් තුනක් ප්‍රධාන වශයෙන් පළවිය.
1. කතානායක තුමාගේ ආචාර්ය උපාධිය
2. බලශක්ති ඇමතිතුමාගේ ඉංජිනේරු උපාධිය
3. ඩිජිටල් නියෝජ්‍ය ඇමතිතුමාගෙ ලැප්ටොප් හොරකම
මට අමතරව ස්ථාන දෙක තුනක තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සාමාන්‍ය පෙල අසමත් ලෙස සටහන්ව තිබුණද, එය වඩාත් ජනප්‍රියව කරළියට පැමිණ තිබුනේ නැත.
ඉහත කරුණු තුනෙන් තුන්වන කරුණ අද උදෑසන කරලියට ආ නමුත්, එය අද දිනයේම fact checkers හරහා නිවැරදි කරන්නට කටයුතු කර තිබිණ. ඒ නිසා අපි එය වැරදි පුවතක් සේ සලකා බැහැර කරලමු.
නමුත් පළමු හා දෙවන කරුණු මේ වනවිට සමාජ මාධ්‍ය කළඹමින් සිටී. කතා නායක වරයාගේ ආචාර්ය පට්ටම අද වන විට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්ද ගැලවී ගොසිනි. බලශක්ති අමාත්‍යවරයාගේ ඉංජිනේරු උපාධියද මේ වනතුරුම ආගිය අතක් නැත. ආණ්ඩුව මේ දෙකෙන් කිසිවකට පිළිතුරු නොදී, තව දුරටත් මෙම බොරුව පවත්වා ගෙන යෑමට අසීරු උත්සාහයක් නිරත වෙමින් සිටී. කෙසේ වෙතත් මේ ගැටළුවද විසදෙන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කර සහ ජනපතිටද කුමන හෝ සාකච්ඡාවක් මැද්දේ මේ කතාව පිලි අරගෙන, නැවත වරක් කුල්ල කුජීත වී, ඒ බොරුවන්ද ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය හිමි කර දෙමින් බව කිව යුතුය.
📍 තෙල් මිල අඩු කිරීම, විදුලි බිල අඩු කිරීම ගැන කතා නොකරමි. ඒ ගැන කතා කලොත් මෙම ලිපිය අවසන් කිරීමට පෙර මෙම ආණ්ඩුව, අලුත් ආතල් එකක් දී මෙම කාරණා යල් පැන ගිය මාතෘකා බවට පත් කරාවි යැයි සාධාරණ බියකින්ද පෙළෙමි.
ම්ලේඡ්චත්වය
මේ සඳහා ඊයේ දිනයේ වූ එක් සිද්ධියක් ගැන පමණක් කියමි. පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුනා. ඒ පාසැල්වල ඉගැන්වීම කරන සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින්. මෙතෙක් ඉතිහාසයේ සිදුව නැති ම්ලේච්ඡම සිදුවීමක් එම උද්ඝෝෂණයේදී සිදුව ඇති බව ඊයේ දිනයේදී කඩුවෙල උසාවියේදී හෙලිවුනා. උද්ඝෝෂණය අතර තුර තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ගේ ශරීරය උද්ඝෝශකයන් කපා ඇති බවට පොලීසිය ඡෝදනා කල අතර, එම කැපුම් නිසා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් රෝහල්ගත කරනු ලැබුවා. එම නිසාම පොලීසිය උද්ඝෝෂකයින්ට පහර දී කිහිප දෙනෙක් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. නමුත් ඊයේ දිනයේදී කඩුවෙල අධිකරණයේදී හෙලි වූයේ, එම තුවාල සිදු කල තැනැත්තා යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් බවයි. ඔහුගෙන් මේ වන විට කිසිදු කට උත්තරයක්වත් ලබා නොගෙන ඇති බවත් ඊයේ උසාවියේදී හෙලි වූ බව මාධ්‍ය වාර්තා කලා.
ඒ අනුව මෙම ක්‍රියාව ඉතිහාසයේ කවර හෝ ආණ්ඩුවක් නොකරපු මට්ටමේ, සාමකාමී උද්ඝෝෂකයින් මර්ධනය කිරීම සඳහා ගත් ම්ලේඡ්ච සහ නින්දිත උපාය මාර්ගයක් බව ඉතා පැහැදිලිය.
මාලිමා රජයේ අසමත්කම
මේ ආණ්ඩුවේ අසමත්කම පිළිබඳව ඉහත සියල්ල උදාහරණ වේ. නමුත් මෙම අසමත්කම ගැන ආචාර්ය (ඇත්ත ආචාර්ය) නිර්මාල් දේවසිරි අපූරු වචන කිහිපයකින් සඳහන් කර තිබෙනු දුටුවෙමි. ඒ නිසා එහි තිර දර්ශණයක් මීට අමුණා මෙම ලිපිය අවසන් කරමි.
මම ඉහත කී කාරණා වලට නිදසුන් බොහොමයක්, පහතින් සටහන් වෙන මාලිමා හිතවාදී සඟයන්ගේ කමෙන්ට් හරහා ඔබට පැහැදිලි වනු ඇත.
#JathikaJanaBalawegaya #MahawiruSemaruma #AshokaRanwala #PunyaJayakodi #DudleySirisena
Sunday, December 8, 2024
ඊබ්‍රහීම් නානාත් ඉන්නවා කියන එක අමතක කරලා දාන්න. නැත්නම් ඒ අහිංසක මනුස්සයාත් මේවාට පැටලෙනවා..
=== අන්තිම ඡේදෙට උඩ ඡෙදේ කියෙව්වාට කමක් නෑ.. හැබැයි අමතක කරලා දාන්න ===
රුපියල් 10ක් වැඩි කරමින් ගැසට් එක රිවස් වෙයිද? ස්වර්ණා නාඩුවෙන් රුපියල් 10ක කොමිස් මුදලක් යනවාද? එසේනම් එම කොමිස් මුදල කාටද?
ඊයේ දිනයේදී, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් මෝල් හිමියන් හමුවෙලා තිබුණා. එහිදී දැඩි තීරණ ගත්තා කියලා මාධ්‍යය පෙන්නුවත්, හාල් මෝල් හිමියන් ඉදිරියේ ජනාධිපතිවරයා තම අඩිය පස්සට රැගෙන තිබෙන බව තමයි අපටනම් පෙනුනේ.
මේ සාකච්ඡාව අනුව, හාල් මිල සම්බන්ධව විශේෂ ගැසට් පත්‍රයක් එන බව පෙනෙන්නට තිබෙන්නේ. හැබැයි අර,සිංහ නාද නෑ.. රුපියල් දහයක් වැඩි කරලයි එන්නේ.. අපට මතකයි පසු ගිය ගැසට් පත්‍ර. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාඩු මිල රුපියල් 98ක උපරිම මිල සටහන් කරලා 2021 සැප්තැම්බර් 01 ගැසට් එකක් ගැහුවා. 2023 සැප්තැම්බර් 07 හෝ 08 රනිල් වික්‍රමසිංහ මැතිතුමා නාඩු මිල 220ක් ලෙස සටහන් කරලා ගැසට් එකක් ගැහුවා. ඒක තමයි මේ ලිපිය ලියන මොහොත වෙනකන් බල පැවැත්වෙන සහල් මිල පිළිබඳ ගැසට් පත්‍රය. හැබැයි ඊයේ තිබ්බ සාකච්ඡාවට අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නාඩු මිල රුපියල් 230ක උපරිම සිල්ලර මිල ලෙසට නිවේදනය කලා. ගැසට් පත්‍රයකින් නියම කරලා තිබෙන මිල, ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයකින් වෙනස් කල නොහැකි නිසා, බොහෝ දුරට අද ගැසට් නිවේදනයක් පල වෙන්නට ඉඩ තියෙනවා.
හැබැයි මෙහි ආතල් කොටසක් තියෙනවා. ඒ තමයි ආනයනික සහල් මිල. එහි උපරිම සිල්ලර මිල ලෙස සඳහන් වෙන්නේ රුපියල් 225ක් ලෙසට. තොග මිල සටහන් වෙන්නේ 220ක් ලෙසට. පසුගිය දවස්වල ජාතික ජන බලවේගයට සහාය දැක් වූ සමාජ මාධ්‍ය හිතවතුන්, රටින් ගෙන්වන ස්වර්ණා සහල් රුපියල් 100ට වරායට එන බව සටහන් කලා. අපට ලැබෙන ආරංචි මාර්ග අනුව, මෙම සහල් වරායෙන් එළියට එන විට රුපියල් 198ත් 202ත් අතර අගයක් ගන්නවා. පළමු තොගය ටොන් 10,000ක්. සම්පූර්ණ තොගය ටොන් 30,000ක්. ඒ කියන්නේ කිලෝ 30,000,000ක්. කිලෝ මිලියන 30ක්. කිලෝ එකක ලාභය ඇතුලු මෙහෙයුම් වියදම් රුපියල් 8ක්ම දැමුවාත්, මිලියන 240ක්. කෝටි 24ක්. එහෙම කරත් කිලෝවක මිල එන්නේ රුපියල් 210.00යි. නමුත් ඊයේ ජනාධිපති තුමා එහි මිල තීරණය කරන්නේ තොග කිලෝ එකක් රුපියල් 220ක් ලෙසට. වැඩිපුර රුපියල් මිලියන 300ක්. කෝටි 30ක් එතන රැඳිලා තියෙනවා. ඉතින් ඉස්සර ජාතික ජන බලවේගය වගේ මේ කෝටි 30 කොමිස් මුදලක් ලෙස යනවාද, එසේ යනවානම් ඒ කාටද කියා කියන්නට මේ ආණ්ඩුව සමත් වේවිද?
තව කතාවක් මතකද? මීට දින 4කට පෙර, දෙසැම්බර් 4 වෙනිදා වෙළඳ ඇමති වසන්ත සමරසිංහ පවසා සිටියේ සතොස හරහා දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් ලබා දෙන බවත්, එහි උපරිම මිල රුපියල් 220.00ක් බවත් ය. එතකොට සහල් මාෆියාව බිඳ දමන්නට ආනයනය කරන සහල්වල සිල්ලර මිලත් රු 225.00ක් වෙන්නේ කොහොමද? මේවා හරි අපබ්‍රංශ කතා විදිහට හිතෙන්නෙ නැද්ද බලන්න.
මේ හරහා අවසානයට මොකක්ද වෙලා තියෙන්නේ.
ආනයනික සහල් මාෆියා කාරයාන්ගේ ආධිපත්‍යයට ඉඩ දීම උදෙසා, දේශීය සහල් මිල ගණන් තවත් රුපියල් 10කින් ඉහල දැමීමක් කියලා හිතෙන එක නතර කරගන්න ක්‍රමයක් කාට හරි තියෙනවාද?
මේ ලිපිය කියවන ඔයාලා සැලකිලිමත් විය යුතු වැදගත්ම කාරණයකුත් තියෙනවා. පිටකොටුවේ ආනයන අපනයන් වෙළදාම් කරුවො අතරේ,
📍රජෙක් වගේ ඉන්න,
📍පාස්කු ප්‍රහාරය ගැන සැක පිට අත් අඩංගුවට අරන්,
📍දැන් ඇප පිට නිදහස් වෙලා ඉන්න,
📍2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරපු
ඊබ්‍රහීම් නානාත් ඉන්නවා කියන එක අමතක කරලා දාන්න. නැත්නම් ඒ අහිංසක මනුස්සයාත් මේවාට පැටලෙනවා..
හාල් මිල අඩු කරලා, යසට කිරිබත් කන්න කතිරේ ගහපු ඔයාලා හැමෝටම ජයවේවා..! අපි ඒ රට හෙමීට ගොඩ නගමු සහෝදරවරුනි. නැවතත් ජයවේවා..!
Saturday, December 7, 2024
මාලිමා ආණ්ඩුවකින්ම නිවැරදි වුණ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සුරා බදු වංචාව.
ජොන්ස්ටන් ප්‍රනාන්දු 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා දේශපාලනිකව අත්වැල් බැඳ ගැනීමත් සමඟම, දැන් ජාතික ජන බලවේග වෙස්මුහුණ බැඳන් ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ බලවේග දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේත්, මැතිවරණ වේදිකාවලත් දිගින් දිගටම ඡෝදනා කලා. එතනෝල් ගෙන්වන්නෙකු ලෙසත්, කසිප්පුකාරයෙකු බවත් කියමින්, බාර් විශාල සංඛ්‍යාවකට හිමිකම් කියන්නෙකු ලෙසත් ප්‍රචාරය කරමින් දැවැන්ත මඩ ප්‍රහාර සංඛ්‍යාවක් ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත එල්ල කලා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු පරම්පරාව ඉතිහාසයේ සිටම කරගෙන ආවේ රේන්ද (ඒ කාලයේ රේන්ද නමින් තමයි සුරාබදු බලපත්‍ර හැඳින්වූයේ) සහ වැවිලි කර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාර. ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි ව්‍යාපාර බවට පත් වන්නේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේදී. එය 1880 දශකය තරම් ඈතට දිව යනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මුත්තා තමයි මේ ව්‍යාපාර ආරම්භ කරන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැරණිම අවන්හල වුන පැරකුම්බා වීදියේ තිබෙන අවන්හල, තවමත් පැරැන්නන් හදුන්වන්නේ "ප්‍රනාන්දු සාප්පුව" ලෙසයි. ඒ කාලයේ බාර්, රෙස්ටොරන්ට් වචන භාවිතාවටවත් පැමිණ නැහැ. එය එතරම්ම පැරණි ව්‍යාපාර. අද වෙනකොට පුළුල්ව තිබෙන මේ ව්‍යාපාර සමඟ පුද්ගලයින් දස දහසක පමණ ප්‍රමාණයක් සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණයක් මේ තුල බිහිවෙලා තිබෙනවා.
ඒ වගේම ප්‍රනාන්දු පරම්පරාව සතු සමාගම් වල වැවිලි ක්ශේස්ත්‍රය සම්භන්ධ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. 1980 දශකය වෙන විට එම ඉඩම් ප්‍රමාණය අක්කර දහස් ගණනක් වුවත්, අද වෙනකොට එය ඉතාම අඩු ගණනක් ගන්නවා.
කෙසේ වෙතත් 2015 යහපාලන ආණ්ඩුව බලයට පැමිණි ගමන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් මත්පැන් කන්ටේනර් දෙකක් දෙමටගොඩදී අත් අඩංගුවට ගන්නවා. නමුත් දින දෙකක් තුලදී එම මත්පැන් නිදහස් කරන්නේ ඒ සියල්ල නිදහස් කරන්නේ, එම මත්පැන් සියල්ල නීත්‍යානුකූල බව හෙලි වීමෙන් පසුවයි. ඉන්පසු, යහපාලන ආණ්ඩුව පිහිටවූ දූෂණ මර්ධන ඒකකය හරහා, දිගින් දිගටම ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුපස පන්නන්න වූයේ, එකල දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානීව සිටි, වත්මන් රාජ්‍ය ආරක්ෂ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්. නමුත් ඒ නඩු හැම එකකින්ම අධිකරණය විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දුව නිදොස් කොට නිදහස් කර ඇති අතර, මැතිවරණ ලං වෙනකොට, තාක්ෂණික කාරණා කියමින් එම කාරණා වලටම යලි යලිත් නඩු පවරන්නට, විවිධ ආණ්ඩු කටයුතු කලා. අදටත් ඔහු කිසිම කෙඳිරිල්ලක් නැතුව මෙම නඩු කටයුතු වෙනුවෙන් පෙනී ඉන්නවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සම්භන්ධ මත්පැන් කතාව එන්නෙ ඔහුට හිමි යැයි කියන වයඹ ඩිස්ටිලරීස් සමාගමත් එක්ක.මගේ මතකය නිවැරදි නම් මෙම සමාගම ඔහුට අයත් වෙන්නේ 2010 හෝ 2011 වසර වල. ඊට ප්‍රථම මෙම සමාගම බංකොලොත් වෙලා තිබි තිබුණ බදු ගෙවීම් පැහැර හැර තිබූ සමාගමක් විදිහටයි සම්භන්ධ වෙන්නෙ. ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මෙම සමාගම සක්‍රීය කරමින් බදු ගෙවමින් පවත්වාගෙන යද්දි යහපාලන සමයේදී, මීට එරෙහිව නඩු පවරනවා බදු ගෙවීම් පැහැර හැරීම් යටතේ. නමුත් එම බදු ගෙවීම් තිබෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු එම සමාගම ලබා ගැනීමට පෙර කාලයේ නිසා, සමාගම නැවත සක්‍රීය කරපු කාලයේදී නිසි බදු ගෙවීම් සිදු කර ඇති නිසා, උසාවිය එම පෙර බදු මුදල් සහන කාලයකදී ගෙවීමට අවසර ලබා දෙමින් බලපත්‍රය නැවත වයඹ ඩිස්ටිලරීස් වෙත ලබා දෙනවා. නමුත් 2022 මැයි නවය රාත්‍රියේ අ ර ග ල කරුවන් විසින් මෙම වයඹ ඩිස්ටිලරීස් කර්මාන්ත ශාලාව ගි නි තබා මහ පොළවටම සමතලා කර දමනවා. එතැන් පටන් මෙම සමාගම අක්‍රීය සමාගමක් වුවත්, උසාවි නියෝගය පරිදි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එම සියළු බදු ගෙවමින් තිබෙනවා.
ඊයේ දිනයේදී වත්මන් රජයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් මේ සම්භන්ධව ප්‍රකාශයක් කරනවා. ඔහු කියනවා වයඹ ඩිස්ටිලරීස් සමාගමේ 2004 සහ 2005 වසරවල හිඟ බදු අය කර ගැනීමට නියමිතව තිබෙන බව. නමුත් ඔහුට එහි වැරදුන එක තැනක් තිබෙනවා. පසුගියදා පුවත්පත්වල පල වූ "ජොන්ස්ටන් ප්‍රනාන්දු හිඟ බදු ගෙවයි" යනුවෙන් පළවුනේ, මේ 2004 සහ 2005 වසරවලත් හිඟ බදු ගෙවා අවසන් කිරීම බව ඔහු ඒ වෙනවිට දැනගෙන ඉදලා නැහැ. බංකොලොත් වුන සමාගමක තමන් වගකිවයුතු නැති වසර හතකට අධික බදු ප්‍රමාණයක් ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෙවා අවසන් කලේ ඒ ආකාරයෙන්. කෙසේ වුවත්, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය විසින්ම ජොන්ස්ටන් ප්‍රනාන්දුට එල්ල කල ඡෝදනා, ජාතික ජන බලවේග රජයේ අමාත්‍යවරයෙකුම, පාර්ලිමේන්‍තුවට කල ප්‍රකාශයක් හරහා නිවැරදි වීම, මේ වනවිට සිදු වී අවසන්..
පරම්පරාගත සල්ලි කාරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුට දේශපාලනය නිසා මෙවන් ඉරණමක් අත්වීම නිසා ඔහු මෙම ගෙවීම් සිදු කරා. නමුත් සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට මෙම ඉරණම අත් වූවානම් ඔහුට සමහරවිට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවේවි.
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ව්‍යාපාරවලට, දේශපාලනය නිසා කෙතරම් හානි සිදු වූවත්, ඔහු කවදාවත් දේශපාලනය සිය ව්‍යාපාර වලට ගාවා ගත්තේ නැති බව ඔහුගේ සමීපතමයින් දන්න කාරණයක්. මීට හොඳම උදාහරණයක් කියන්නද? පසුගියදා නිකුත් වූ නව මත්පැන් බලපත්‍ර 361 ඇතුලේ ඔහුටවත්, ඔහුගේ ඥාතියෙකුටවත්, ඔහුගේ සමාගමකටවත් එකදු බලපත්‍රයක් නිකුත් වී තිබුනේ නැහැ. දේශපාලනය භාවිතා කරමින් ඔහුට මෙම බලපත්‍රවලින් සෑහෙන ප්‍රමාණයක් ලබා ගත හැකිව තිබුනාත්, ඔහු එසේ කර තිබුණේ නැති බව, ඔබ දකින්නට ඇති.
කෙසේ වෙතත්, තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර වෙනුවෙන් කොන්ද කෙලින් තබාගෙන සෘජුව පෙනී සිටීමේ වරද වෙනුවෙන් මෙම රජයත් ඉදිරියේදී විවිධ ඡෝදනා එල්ල කරමින් ඔහුව මර්ධනය කරන්නට විවිධ කටයුතු සිදු කරාවි. අතීතයේ සේම අනාගතයේදීත් ඔහු ඇතුගල සේ නොසැලී එම දේශපාලන විරුද්ධකම් වලට මුහුණ දේවි. ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ එහෙම මිනිහෙක්..
අභීත එදිරිසිංහ
2024 දෙසැම්බර් 07
Wednesday, December 4, 2024
මලගිය ඥාතීන් සැමරීම, ජාති වාදය, ත්‍රස්තවාදය සහ ත්‍රස්තයන් විරුවන් බවට පත් කිරීමේ ක්‍රියාවලිය.
Monday, November 18, 2024
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...