Saturday, December 7, 2024

මාලිමා ආණ්ඩුවකින්ම නිවැරදි වුණ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සුරා බදු වංචාව.


ජොන්ස්ටන් ප්‍රනාන්දු 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා දේශපාලනිකව අත්වැල් බැඳ ගැනීමත් සමඟම, දැන් ජාතික ජන බලවේග වෙස්මුහුණ බැඳන් ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ බලවේග දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේත්, මැතිවරණ වේදිකාවලත් දිගින් දිගටම ඡෝදනා කලා. එතනෝල් ගෙන්වන්නෙකු ලෙසත්, කසිප්පුකාරයෙකු බවත් කියමින්, බාර් විශාල සංඛ්‍යාවකට හිමිකම් කියන්නෙකු ලෙසත් ප්‍රචාරය කරමින් දැවැන්ත මඩ ප්‍රහාර සංඛ්‍යාවක් ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත එල්ල කලා.


ජොන්ස්ටන් ප්‍රනාන්දු පරම්පරාව ඉතිහාසයේ සිටම කරගෙන ආවේ රේන්ද (ඒ කාලයේ රේන්ද නමින් තමයි සුරාබදු බලපත්‍ර හැඳින්වූයේ) සහ වැවිලි කර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාර. ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි ව්‍යාපාර බවට පත් වන්නේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේදී. එය 1880 දශකය තරම් ඈතට දිව යනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මුත්තා තමයි මේ ව්‍යාපාර ආරම්භ කරන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැරණිම අවන්හල වුන පැරකුම්බා වීදියේ තිබෙන අවන්හල, තවමත් පැරැන්නන් හදුන්වන්නේ "ප්‍රනාන්දු සාප්පුව" ලෙසයි. ඒ කාලයේ බාර්, රෙස්ටොරන්ට් වචන භාවිතාවටවත් පැමිණ නැහැ. එය එතරම්ම පැරණි ව්‍යාපාර. අද වෙනකොට පුළුල්ව තිබෙන මේ ව්‍යාපාර සමඟ පුද්ගලයින් දස දහසක පමණ ප්‍රමාණයක් සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණයක් මේ තුල බිහිවෙලා තිබෙනවා. 


ඒ වගේම ප්‍රනාන්දු පරම්පරාව සතු සමාගම් වල වැවිලි ක්ශේස්ත්‍රය සම්භන්ධ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. 1980 දශකය වෙන විට එම ඉඩම් ප්‍රමාණය අක්කර දහස් ගණනක් වුවත්, අද වෙනකොට එය ඉතාම අඩු ගණනක් ගන්නවා.


කෙසේ වෙතත් 2015 යහපාලන ආණ්ඩුව බලයට පැමිණි ගමන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් මත්පැන් කන්ටේනර් දෙකක් දෙමටගොඩදී අත් අඩංගුවට ගන්නවා. නමුත් දින දෙකක් තුලදී එම මත්පැන් නිදහස් කරන්නේ ඒ සියල්ල නිදහස් කරන්නේ, එම මත්පැන් සියල්ල නීත්‍යානුකූල බව හෙලි වීමෙන් පසුවයි. ඉන්පසු, යහපාලන ආණ්ඩුව පිහිටවූ දූෂණ මර්ධන ඒකකය හරහා, දිගින් දිගටම ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුපස පන්නන්න වූයේ, එකල දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානීව සිටි, වත්මන් රාජ්‍ය ආරක්ෂ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්. නමුත් ඒ නඩු හැම එකකින්ම අධිකරණය විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දුව නිදොස් කොට නිදහස් කර ඇති අතර, මැතිවරණ ලං වෙනකොට, තාක්ෂණික කාරණා කියමින් එම කාරණා වලටම යලි යලිත් නඩු පවරන්නට, විවිධ ආණ්ඩු කටයුතු කලා. අදටත් ඔහු කිසිම කෙඳිරිල්ලක් නැතුව මෙම නඩු කටයුතු වෙනුවෙන් පෙනී ඉන්නවා. 


ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සම්භන්ධ මත්පැන් කතාව එන්නෙ ඔහුට හිමි යැයි කියන වයඹ ඩිස්ටිලරීස් සමාගමත් එක්ක.මගේ මතකය නිවැරදි නම් මෙම සමාගම ඔහුට අයත් වෙන්නේ 2010 හෝ 2011 වසර වල. ඊට ප්‍රථම මෙම සමාගම බංකොලොත් වෙලා තිබි තිබුණ බදු ගෙවීම් පැහැර හැර තිබූ සමාගමක් විදිහටයි සම්භන්ධ වෙන්නෙ. ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මෙම සමාගම සක්‍රීය කරමින් බදු ගෙවමින් පවත්වාගෙන යද්දි යහපාලන සමයේදී, මීට එරෙහිව නඩු පවරනවා බදු ගෙවීම් පැහැර හැරීම් යටතේ. නමුත් එම බදු ගෙවීම් තිබෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු එම සමාගම ලබා ගැනීමට පෙර කාලයේ නිසා, සමාගම නැවත සක්‍රීය කරපු කාලයේදී නිසි බදු ගෙවීම් සිදු කර ඇති නිසා, උසාවිය එම පෙර බදු මුදල් සහන කාලයකදී ගෙවීමට අවසර ලබා දෙමින් බලපත්‍රය නැවත වයඹ ඩිස්ටිලරීස් වෙත ලබා දෙනවා. නමුත් 2022 මැයි නවය රාත්‍රියේ අ ර ග ල කරුවන් විසින් මෙම වයඹ ඩිස්ටිලරීස් කර්මාන්ත ශාලාව ගි නි තබා මහ පොළවටම සමතලා කර දමනවා. එතැන් පටන් මෙම සමාගම අක්‍රීය සමාගමක් වුවත්, උසාවි නියෝගය පරිදි ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එම සියළු බදු ගෙවමින් තිබෙනවා. 


ඊයේ දිනයේදී වත්මන් රජයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් මේ සම්භන්ධව ප්‍රකාශයක් කරනවා. ඔහු කියනවා වයඹ ඩිස්ටිලරීස් සමාගමේ 2004 සහ 2005 වසරවල හිඟ බදු අය කර ගැනීමට නියමිතව තිබෙන බව. නමුත් ඔහුට එහි වැරදුන එක තැනක් තිබෙනවා. පසුගියදා පුවත්පත්වල පල වූ "ජොන්ස්ටන් ප්‍රනාන්දු හිඟ බදු ගෙවයි" යනුවෙන් පළවුනේ, මේ 2004 සහ 2005 වසරවලත් හිඟ බදු ගෙවා අවසන් කිරීම බව ඔහු ඒ වෙනවිට දැනගෙන ඉදලා නැහැ. බංකොලොත් වුන සමාගමක තමන් වගකිවයුතු නැති වසර හතකට අධික බදු ප්‍රමාණයක් ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෙවා අවසන් කලේ ඒ ආකාරයෙන්. කෙසේ වුවත්, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය විසින්ම ජොන්ස්ටන් ප්‍රනාන්දුට එල්ල කල ඡෝදනා, ජාතික ජන බලවේග රජයේ අමාත්‍යවරයෙකුම, පාර්ලිමේන්‍තුවට කල ප්‍රකාශයක් හරහා නිවැරදි වීම, මේ වනවිට සිදු වී අවසන්..


පරම්පරාගත සල්ලි කාරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුට දේශපාලනය නිසා මෙවන් ඉරණමක් අත්වීම නිසා ඔහු මෙම ගෙවීම් සිදු කරා. නමුත් සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට මෙම ඉරණම අත් වූවානම් ඔහුට සමහරවිට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවේවි. 


ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ව්‍යාපාරවලට, දේශපාලනය නිසා කෙතරම් හානි සිදු වූවත්, ඔහු කවදාවත් දේශපාලනය සිය ව්‍යාපාර වලට ගාවා ගත්තේ නැති බව ඔහුගේ සමීපතමයින් දන්න කාරණයක්. මීට හොඳම උදාහරණයක් කියන්නද? පසුගියදා නිකුත් වූ නව මත්පැන් බලපත්‍ර 361 ඇතුලේ ඔහුටවත්, ඔහුගේ ඥාතියෙකුටවත්, ඔහුගේ සමාගමකටවත් එකදු බලපත්‍රයක් නිකුත් වී තිබුනේ නැහැ. දේශපාලනය භාවිතා කරමින් ඔහුට මෙම බලපත්‍රවලින් සෑහෙන ප්‍රමාණයක් ලබා ගත හැකිව තිබුනාත්, ඔහු එසේ කර තිබුණේ නැති බව, ඔබ දකින්නට ඇති.


කෙසේ වෙතත්, තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර වෙනුවෙන් කොන්ද කෙලින් තබාගෙන සෘජුව පෙනී සිටීමේ වරද වෙනුවෙන් මෙම රජයත් ඉදිරියේදී විවිධ ඡෝදනා එල්ල කරමින් ඔහුව මර්ධනය කරන්නට විවිධ කටයුතු සිදු කරාවි. අතීතයේ සේම අනාගතයේදීත් ඔහු ඇතුගල සේ නොසැලී එම දේශපාලන විරුද්ධකම් වලට මුහුණ දේවි. ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ එහෙම මිනිහෙක්..


අභීත එදිරිසිංහ

2024 දෙසැම්බර් 07

No comments:

Post a Comment

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...