බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Friday, April 12, 2013
Sunday, March 10, 2013
ඇනෝනිමස් පෝස්ට් සහ ඒවට වැටෙන ඇනොනිමස් කමෙන්ට්........ කබ්බන්ට විශේෂයි...
මේක තමයි මේ කාලයේ ජනප්‍රියම මාතෘකාව... මම මේ ගැන නම් ලිපි ලියලා තියෙනවා ඕන තරම්... ඒත් ඒ කවදාවත් මේ මාතෘකාව අද තරම් ජනප්‍රිය වෙලා නෑ.. ඇනොනිමස් සයිට් ගොඩාක් මේ බ්ලොග් අවකාශෙට ඇවිත් ගියා.. ඉස්සර වෙලාම ආපු එක තමයි එදා සුපිරි ජනප්‍රිය බ්ලොග් එක වෙච්ච ඇනොනිමසයා කියන බ්ලොග් එක... ඒකේ තියෙන ගොඩාක් දේවල් වලට කට්ටිය බැන බැන හරි කමෙන්ට් කලා.. හැමෝම ආවා ගියා.. ඊට පස්සේ ඒ සයිට් එකේම වර්ශන් තුනක් ආවා.. ඒවත් ඒ ගමන්ම නැතිවෙලා ගියා... ඊට පස්සේ ආවා බ්ලොග් විචාරක, වෛෂ්යාවක් නොවේ, ලකෆ්‍රාන්ස්, දැන් මොකක්ද වර්ඩ්ප්‍රෙස්ස් එකකුත් ඇවිත්... ඉතින් මේ හැමෝම බ්ලොග් අවකාශය වෙනුවෙන් සේවයක් කරනවද නැද්ද කියන එක කියවන ඔයාලා දන්නවා... මේකටත් හරියන්නම දැන් ඇනෝ කමෙන්ට් කියන එකත් උපරිමේටම ඇවිත්.. අද මම කියන්න යන්නේ මගේ ඇනෝනිමස් අත් දැකීම් වලින් බිඳක්...
දැන් මම බ්ලොග් ලියන්නේ මොකටද? කියලා ඇහුවොත් ඔයාලා අමුතු අමුතු උත්තර දෙයි.. නමින් එන අය කියයි ගොඩාක් කථා.. ඒත් ඇනෝ එන අය කියයි "තෝ බ්ලොග් ලියන්නේ xx xxxx පුතෝ කාව හරි අන්දලා ගානක් කඩා ගන්නනේ බොල කියලා..." මේක තමයි දැන් ඇනෝ ට්‍රෙන්ඩ් එක.. වැදගත් සංවාදයක් ඇනෝ හරහා ගොඩ නැගෙන්නේ නැත්තේ ඇයි කියන එක දැන් සිංහල බ්ලොග් අවකාශයෙන් අහලා වැඩක් නෑ.. ඒක අහන්න ඕන තම තම හිත් වලින් කියන එක තමයි මගේ මතය..
ප්‍රියන්ත වෙනිවැල්පිටිය (වෙනී) අයියා ලියලා තිබ්බා මේ ඇනෝ ගැන ලිපියක්.. ඇනෝනිමසයාත් ලියලා තිබ්බා... ඒ ගැන.. නමුත් අපි වර්තමානයේ එතනට තල්ලු වෙන්නේ ඇයි කියන හේතුව මොකක්ද? ඇත්තටම ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මම හිතන්නේ.. මීට අවුරුද්දකට කලින් බ්ලොග් කරුවෝ කියන්න ඕන දේ මූනට කිව්වා... එහෙම කියාගන්න බැරි තව සමහරුන් ඇනෝ වැරදියට පාවිච්චි කරලා කුණුහරපෙන්ම ඒක කියනවා.. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ කාලයේ අතීතය හා වර්තමානයට පුරුක් තිබ්බා.. මම ඒක උදාහරණයක් විදිහට මෙහෙම පැහැදිලි කරන්නම් පහළින්...
මම බ්ලොග් ලියන්න එනකොට කතන්දර, වැපා, රන්දිල්, තිස්ස අයියලා වගේ අය අපිට උපදෙස් දුන්නා... ඇනෝ දැම්මත් ඒකේ වගකීමක් අපේ හිත් වලට දැනුනා.. වර්තමානයේ ඒ පුරුක් සබඳතාවය බ්ලොග්කරුවන්ගෙන් ගිලිහිලා තියෙනවා.. ඇනෝ මොකක්ද? ඇනෝ පාවිච්චි කරන්නේ කොහොමද වගේ සංකල්ප පිළිබඳ දේවල් බ්ලොග් කරුවන්ගෙන් ගිලිහිලා තියෙනවා.. මෙන්න මෙතන තමයි ලොකුම අවුල කියලයි මට හිතෙන්නේ..
ඇනෝ කමෙන්ට් දාද්දි අපිටත් වැරදුනා.. උදාහරණයක් ලෙස මම එක්තරා පුද්ගලයෝ දෙන්නෙක් සම්භන්දයෙන් ගෲප් එකක දාන්න ගිය එකක් වැරදිලා ඇනෝ සයිට් එකක වැටුනා.. මම එසැනින් ඒ දෙන්නට මේල් එකක් යවලා සමාව ඉල්ලන්න කටයුතු කලා.. මේ වගේ වැඩ තව කොච්චරවත් වුනා ඒ දවස්වල.. වෛශ්‍යාවක් නොවේ ලියපු බ්ලොග් කාරියටත් බ්ලොග් විචාරක ලියපු බ්ලොග් කරුවාටත් මේ වැඩේම වුනා... මේකේ අළුත්ම අවුට් පුට් එක අපේ සෑම් මල්ලි.. එයා ලකෆ්‍රාන්ස් එකේ දාපු කමෙන්ට් එකක් නමෙන්ම පල වුනා..
මෙන්න මේ හේතුව නිසා උද්ගත වෙච්ච තත්ත්වය නිසා තමයි මම මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න හිතුවේ.... ඒකෙදි ඒ මල්ලි ගොඩාක් කරුණු කියලා තිබ්බා.. පළවෙනි එක තමයි "කවුද මේ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ කියලා එයාට හොයා ගන්න ඕන වුනා.." කියන එක... ලකෆ්‍රාන්ස් අදුන්වන විදිහට ඔහු කබ්බෙක්... නමුත් වටිනා බ්ලොග් එකක හිමි කරුවෙක්.. (බ්ලොග් අවකාශයේ සීනියර්ස්ලා ඉන්නවද? කබ්බෝ ඉන්නවද කියන එක චමිලගේ මෙන්න මේ පෝස්ට් එක කියවලා ඔබට තේරුම් ගන්න පුළුවන්...) ඒත් ඉතින් බ්ලොග් එකක් ලියන්නේ කවුද කියන එක හොයන එක ඔච්චරටම වැදගත්ද?
මීට අමතරව තව බ්ලොග් කරුවෙක් මගෙන් ඇහුවා මෙහෙම ඇනෝලා මට අම්බානට බනිද්දි කොහොමද මට නෙවේ වගේ ඉන්නේ කියලා... මම ඉතින් උත්තර දෙන්න කවුද බැන්නේ කියලා දන්නවයැ.... ඉතින් කොහොමද උත්තර දෙන්නේ...
ප්‍රධාන කාරණය.. ඉතින් මීට පස්සෙවත් ඇනොනිමස් දාද්දි අර ගුගල් දෙවියන් විසින් දීලා තියෙන ඇනොනිමස් ඔප්ෂන් එක සෙලෙක්ට් කරලා කමෙන්ට් එක දාන්න.. මම අත්දැකීමෙන් දන්නවා එක පාරයි වරදින්නේ.. ඒ වැරදීම අතීතයේදී නම් හදා ගන්න පුළුවන් බ්ලොග් කියන්නේ හෙන ආතල් දෙයක් නිසා.. ඒත් වර්තමානයේ බ්ලොග් කියන එක අපි ඉර පායන එක බහින එක වගේ වැදගත් දෙයක් නිසා ඒ වැරැද්ද හදා ගන්න අමාරුයි දරුවනේ...
මෙන්න මේ ටිකත් කියන්න ඕන.. දැන් මේ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ මම කියලා ලේබලේ අලවලා මගේ බිරිඳට දරුවට දෙමවුපියන්ට අම්බානක බනින්න ඇනෝලා පෙළ ගැහිලා ඉන්නවනේ... ඒ වගේම කෝල්ස් එහෙමත් දීලා මගෙන් ගොඩාක් කට්ටිය ඇහුවා උඹද මේක ලියන්නේ කියලා.. ඒ අයට දෙන්න ඕන උත්තරේ තමයි මම මේ පහළින් ලියන්නේ....
නිකමට හරි ඇත්තට හරි හිතපල්ලකෝ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ මම කියලා.... හරි.. දැන් උඹලා මට මොනවා කරන්නද? අනේ නිකන් යනවා මනුස්සයෝ වැඩක් බලාගෙන....
(ඇනොනිමස් ලියන්නේ චමිල කියලා ලේබලේ අලවලා තිබ්බ කාලෙක චමිලත් මේ විදිහටම කියලා තිබ්බ... ලින්ක් එක දාන්න පෝස්ට් එක හෙව්වට ලැබුනේ නැති නිසා චමිලට කෝල් කරලා තමයි හරි වචන පේලිය අහගත්තේ...)
ප.ලි. කුණුහරප නැති ඕනම ඇනෝ කමෙන්ට් පළවන බවත් කියන්න ඕන
Friday, March 1, 2013
එතකොට මට විතරද පික්ශු නැත්තේ ඕයි....
පහුගිය දවසක සලාකා එකේ උඩ තට්ටුවේ සෙට් එකක් සිංහල බ්ලොග් අවකාශය කළඹලා තිබුනා උන්ට පික්ෂු කියලා... ඒකට සෙට් වෙච්ච වටේ හිටපු උන් කිහිප දෙනෙකුත් උන්ට පික්ෂු කියලා තිබ්බා.. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මටත් පික්ෂු කියලා.. ඒත් මම හිතන්නේ දැන් මට විතරක් පික්ෂු නැද්ද කියලා..
මට ආපු ප්‍රශ්ණ ඇයි යකෝ මෙච්චර ප්‍රශ්ණ තියෙද්දි මුන්ට මුන්ගේ පික්ෂුව මතක් වුනේ කියලා..
ඕනයාට බියගම කලාපෙ ඇතුලට වෙලා කොච්චර හිතන්න දේවල් තියෙනවද?
අසම්මත ප්‍රේම සම්භන්ධතා වලින් මිදිලා විකෘති ලිංගික ආශාවන්ගෙන් මිදිලා ජීවිතේ ගත කරන එක නොහිතා ඇයි සිහින උගේ පික්ෂුව ගැන විතරක් හිතන්නේ...
හසීට ලොක්කයි ලොක්කියි ලොකු ටෝක් දෙන ඒවා පැත්තක තියලා ඉතාලි යන එක ගැන කල්පනා කරන්න බැරි ඇයි..
ලසිතයාටත් අළුත් ගෙදරට බඩු මුට්ටු ගන්න හිතන එකයි මේ අවුරුද්දෙයි ඉදිරි අවුරුද්දෙයි ඌට වෙන දේවල් ගැනයි හිතන්න බැරි ඇයි...
ලංකාවේ පැය 24ම ඇරලා තියෙන එකම කොමර්ෂල් බැන්කුව තියෙන්නේ උගේ ආසනේ කියලා නොදැන, හෝටල්වල ඩබල් වලට දඩ ගහන්නේ උගේ අල්ලපු ආසනේ කියලා නොදැන දේශපාලනේ කරනවාට වඩා ඒ ගැන තව ටිකක් හොයන එක හොඳයි කියලා ඇයි රනා නොහිතුවේ....
"ෂ" යන්න දාගෙන ආතල් එකක් අරන් ලැට් එකක් දෙකක් විකුනගෙන ඉන්නවාට වඩා අවංක පැට්ටා ඇයි තමන්ගේ පික්ෂුව ගැන හිතන්න ගත්තේ...
කවියක් ලියාගෙන පාඩුවේ ප්‍රේම කර කර ඉන්න එක තමන්ගේ පික්ෂුව ගැන හිතනවාට වඩා හොඳයි කියලා ඇයි පසන් නොහිතුවේ..
ගුලියක් කාගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක පික්ෂු ගැන හිතනවාට වඩා හොඳයි කියලා ඇයි බුල්ටා නොහිතුවේ...
ඔෆිස් එකේ අල්ලපු මේසේ කෙල්ලට ලයින් එකක් දාගෙන අවංක පැට්ටත් එක්ක දෙමළ පොඩ්ඩක් දොඩාගෙන ඉන්න එක හොදයි කියලා ඇයි සෝඩා ගුනෙයා නොහිතුවේ...
එදා මෙදාතුර හොයන තමන්ට ගැලපෙන කෙල්ල ඉක්මනට හොයාගෙන සුදු පූසාත් මොන ඉලව්වකට මේ පික්ෂුව ගැන හිතුවද මංදා...
අපොයි.. යස අගේට හිටපු දිල්ශාරා.. හැබෑට මක් වුනාද ඒකිට... පාරේ යනකොට ගොන්නු අනින එකෙන් බේරෙන හැටි කල්පනා නොකර පික්ෂුවක් ගැන හිතන තරමට මේ කෙලීටත් පික්ෂුද...
ලිශාන්... හික්.. හරි. ඌට පික්ෂු...
අශාන් නේද? "අර කෙල්ලෙක් නෙමේ නේද ඕයි? ඕකෙ කන්ටෝලරේ නෑ ඕයි? කෙල්ලගෙද ඕයි?" මේ තියෙන්නේ ඉතින් මූ ගැන සම්පූර්ණ විස්තරේ.. තව මොන පික්ෂුද?
හිතුවක්කාර කෙල්ල.. මේ කෙල්ල ගැන මම දන්නේ නෑ... ඒ නිසා මමත් හිතන්නේ ඔය කියන විදිහට ඒ කෙල්ලට පික්ෂු ඇති...
අමිලයාට නම් වැටකෙයා පඳුරු ගැනම කල්පනා කරන්න කොච්චර දේවල් තියෙනවද? ඒත් ඇයි මේ ඌත් පික්ෂු ගැන හිතන්නේ....
ලඟ ඉන්න ඕනම එකී ලඟ ඉන්න ඕනම කාලෙට ලඟට ගෙන්න ගන්නේ නැතිව උගේ පික්ෂුව ගැන පිස්සා මොකට හිතනවද...?
"අතේ ගහපු ගෝනුස්සා" එළවාගන්න ක්‍රමයක් හොයාගන්න කල්පනා නොකර රුචක මොකට පික්ෂු ගැන හිතනවද?
තමන්ගේ තරමට හරියන වාහන හොයන එක පැත්තක තියලා සංජුවා මොකට පික්ෂු ගැන හිතනවද?
මුචලින්දයාගේ පික්ෂුව නම් අනිවා වෙන එකෙක් දාපු එකක්.. ඌ පාඩුවේ හිටියා මෙච්චරකල් රස්සාවක් කරගෙන... උගේ පික්ෂුව ගැන කථා කරන්න කලින් මොකාද මේ පික්ෂුව ආයෙත් ඌට බෝ කලේ කියලා තමයි බලන්න ඕන....
තව ටිකක් සීරියස් නොවී මොන මඟුලට පික්ෂු හදා ගන්න හිතුනද දන්නේ නෑ බීටලයාට.. පික්ෂු හැදුනාට පස්සේවත් උගේ සැබෑ රූපේ එළියට පෙන්නන්න පුළුවන් වෙයිද දන්නේ නෑ...
පවුලට අළුතෙන් එකතු වෙන්න ඉන්න උන් ගැන හිතනකොට නචියාට පික්ෂු හැදෙන එක සුළු දෙයක්...
නෙරන්ජිට නම් කොහොමත් පික්ෂුව තිබ්බ හින්දා දැන් පොඩ්ඩක් ඒක වැඩි වෙලා කියලා හිතන්න පුළුවන්.. අළුතෙන්ම ගහපු බස් රේඩියෝ පික්ෂුව හින්දා තම්න්ගේ පික්ෂුව ගැනත් මතක් වෙන්න ඇති.. අනික මුහුදෙ නාලා මොලෙත් ටිකක් පෙගෙන්න ඇති නොවැ....
මට වගේම මේ වගේ ගොඩාක් දේවල් හිතිලා තියෙන්නේ ඇනෝටත්.. ඌත් ඉතින් මුන්ගෙන්ම කෙනෙක් නිසා පික්ෂුව හැදෙන එකේ එච්චර පුදුමයක් නම් නෑ.. හැබයි ඉතින් ඌට පික්ෂුවෙන් උනත් හරි දේවල් ටිකක් හිතිලා තියෙනවා...
මම පටන් ගත්තේ මට විතරද පික්ෂු නැත්තේ කියලා... මේ ටික කල්පනා කරපුහාම ඔන්න මටත් ටිකක් පික්ෂු වගේ....
දැන්නම්
මට පික්ෂු වගේ ඕයි...
වගේ නෙමෙයි ඕයි...
හොඳටම පික්ෂු ඕයි...
ප.ලි. මට පික්ෂුවෙන් වුනත් එක දෙයක් මතක් වුනා... මේ සලාකා එකේ උඩ තට්ටුවේ උන් ටික ඔක්කොටම පික්ෂු හදවලා සභාපතියයි ලේකමායි විතරක් මොකද පාඩුවේ පැත්තකට වුනේ කියලා....
විශේෂ ස්තූතිය... : වෙනදා වගේ කිසිම අමාරුවක් නැතිව ලින්ක් ටික දාගන්න සහ පින්තූරේ දාගන්න උදව් වෙච්ච පික්ෂු ඕනයාගේ පික්ෂු බ්ලොගේට...
Tuesday, February 19, 2013
හලාල්ද ,අපිද, එළවළුද, මස්ද, එහෙමත් නැත්නම් මහරගම ප්‍රකාශයද?
මේ දිනවල තියෙන ආන්දෝලනාත්මක මාතෘකාව ගැන යමක් ලිය යුතුයි කියලා හිතුනා... බොදු බල සේනාව, ජිහාඩය, වගේ ආගමික සංවිධාන ගැන දැඩිව කථා වෙන තරමට මේ ප්‍රශ්ණ ඉතාම උග්‍ර තත්ත්වයකට ඇද වැටිලා වගේම, කැබිනට් මණ්ඩලයේ කථා විය යුතු ජනපතිගේ මැදිහත්වීමක් අවශ්‍ය තත්ත්වෙකට මේ ප්‍රශ්ණය පත් වෙලා.. එහෙම නැත්නම් පත් කරලා... මුස්ලිමුන්ට අත තිබ්බොත් අඩු කඩලා හරි නවත්වනවා කියලා එක ඇමතිවරයෙක් කියලා තිබ්බා... ඒ අස්සේ තව ඇමතිවරයෙක් මුස්ලිමුන්ට විරුද්ධව ඉතා දැඩි ප්‍රකාශ නිකුත් කරලා තිබ්බා... ඒ අතරේ මහරගම ප්‍රකාශය කියලා ප්‍රකාශයකුත් නිකුත් කලා.. ගෲප් එකක ත්‍රෙඩ් එකක් විදිහට ගිය නිසාත් මූණූ පිටුවේ ගොඩාක් අදහස් එහෙට මෙහෙට විසි වෙන නිසාත් මේ ගැන මගේ පෞද්ගලික අදහස මගේ බ්ලොග් එකේම කියන්න හිතුවා.....
මම ජීවත් වෙන්නේ ශ්‍රී ලාංකික කියන කුලකයේ සින්හල කියන උප කුලකය ඇතුලේ තියෙන බෞද්ධ කියන තවත් උප කුලකයක ඇතුලේ ඉඳන්.. නමුත් ඒ සීමා මායිම් අත ඇරලා ශ්‍රීලාංකික කියන ඇහින් මම මේ ප්‍රශ්ණේ දිහා බලන්න නිතරම පුරුදු වෙලා හිතියා.. අදටත් බලන්නේ ඒ ඇහින්.. ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා අපි අදහන ආගමක් අනුන්ට කරදරයක් නොකරගෙන අදහන්න.. අපි නියෝජනය කරන ජාතියක් අනුන්ට කරදරයක් නොකරගෙන ජීවත් වෙන්න.. ඒ නිසා අපි සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි කියන ජාතීන් නියෝජනය කිරීම මෙන්ම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් ඇදහීමද කිසිවෙකුට කරදරයක් නැතිව කරගෙන යා යුතුයි... ඒ වගේම තව අයෙක් අදේව වාදීද, එහෙම නැත්නම් අදහන්නේ සත්‍ය ශ්‍රී සායි බබාද, අර පහු ගිය දිනවල ගාල්ල පැත්තේ හිටපු මෛත්‍රී බුදු හාමුදුරුවෝද කියන ඒවා ගැන කිසිවෙක් විසින් කලබල විය යුතු නැත කියලයි මගේ පුද්ගලික හැගීම.. හැබැයි ඒකෙන් අනුන්ට කරදරයක් වෙනවානම් ඊට එරෙහි වන්නටත් අනෙක් අයට හැකියාව තිබිය යුතුයි.. මේ ගැන කියන්න හොඳම උදාහරණය තමයි බොදු බල සේනා විසින් නිකුත් කරපු මහරගම ප්‍රකාශය.. මම දන්න විදිහට එහි කරුණු හය පහත පරිදියි...
1. ජමියතුල්ලා උලමා සංවිධානය මෑතකසිට සදාචාර විරොධී ලෙස සහ ප්රජාතන්ත්ර විරොධී ලෙස භාන්ඩ සඳහා ඉස්ලාම් ආගමික සම්ප්‍රධායට අනුව යැයි පවසමින් හලාල් සහතික නිකුත්කරන අතර මෙවන් සහතික නිකුත් කිරිමට ලක් රජයට ලංකා ප්‍රමිති කාර්යංශය තිබෙන බැවින් උක්ත සහතික නිකුත් කිරිම වහාම නතර කරවීම
2. 2013 සිංහල අලුත් අවුරුද්ද වනවිට ආගමික බලහත්කාරයෙන් තොරවූ භාණ්ඩ නිදහසේ මිලදී ගැනිමට හැකිවන පරිදි වෙළඳ පොලට නිකුත් කළ යුතුය
3. හලාල් ඉස්ලාම් බැතිමතුන්ට පමණක් බලපාන්නාවු ආගමික ප්‍රමිතියක් වන බැවින් බෞද්ධ, හින්දු , කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව හලාල් බදු ගෙවිය යුතු නැති බැවින් එම භාන්ඩ මිලදිගැනිමෙන් ඔවුන් වැලකිය යුතුය
4. මැදපෙරදිග ප්රමුඛව විදේශ රටවලින් පැමිණෙන මුදල් මගින් පල්ලි ඉදිකිරිම ව්‍යපාර අත්පත් කරගැනිම ඉඩම් මිලදි ගැනිම ඇතුළු රටේ ආරක්ෂාවට හා සංහිඳියාවට තර්ජනයක් වන්නාවු සියලූම ක්‍රියා වහා නතර කල යුතුය.මෙරටට ගලා එන උක්ත මුදල් පිළිඹඳ රාජ්‍ය නියාමනයක් කලයුතුය
5. සාමයට හා සංහිදියාවට බලපාන ආගමික මුලධර්ම වාදීන් සහ අන්තවාදි කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව සුවිශේෂී අවධානය යොමු කරමින් ඒවා තහනම් කල යුතු අතර නීතිය සැමට සමාන විය යුතුය යන මුලධර්මය උල්ලංඝනය කරමින් ආගමික හා ජනවාර්ගික පදනමින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාත්මක කරනා නිතී අහොසි කල යුතුය
6. මැදපෙරදිග ගෘහ සේවා සඳහා කාන්තාවන් යැවීම මේරට සමාජීය ගැටළු රාශියක් පැන නැගීමට හෙතුවන බැවින්ද අදාල කාන්තාවන් අනාරක්ෂිත තත්වයකට ඇදවැටෙන බැවින්ද මැදපෙරදිග සඳහා කාන්තාවන් යැවීම වහාම නතර කළ යුතුය.
මෙය කියවූ ගමන් සිහියට එන්නේ මෙම ප්‍රකාශය තවත් එක් ආගමක් පදනම් කරගෙන ඊට එරෙහිව බිහිකල ප්‍රකාශයක් බවයි... මට හිතෙන ආකරයට තවත් වැකි මේ සඳහා ඇතුල් කල යුතුය.. ඒවා මෙන්න මේ ආකාරයේ වගන්ති විය යුතු යැයි මට නිකමට සිතේ...
* ඉපැරණි බෞද්ධ සිද්ධස්තාන වලට යන ගමන් මාර්ගයේ පිහිටුවා ගෙන තිබෙන මුදල් ගැරීම අරමුණු කරගත් අහිකුන්ඨික ආගමික ස්ථාන ඉවත් කල යුතුය.. (උදාහරණ : ශ්රීපාදස්තානය)
* දැරිය නොහැකි තරමේ සත්ව හිංසාවක් ලෙස කෙරෙණ කෝවිල්වල බිලි පූජා වලට එරෙහි විය යුතුය...
* මුදල් ගෙවා, නේක උදව් පදව් කරමින් මිනිසුන් අසරණ වන වෙලාව බලා අන්‍ය ආගම්වලට ජනතාව බලෙන් හරවා ගැනීමට එරෙහි විය යුතුය...
මම ඔය උඩ කීවේ උදාහරණ තුනයි.. ඒවා කියවපු ගමන් තේරෙනවානේ හැමෝගෙම කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියෙනවා කියලා... හරි නැවතත් මහරගම ප්‍රකාශය දෙසට හැරෙමු... පළමු කාරණය ගැන මම අවසානයේ කථා කරන්නම්... එහි අංක දෙක, තුන, හතර, හය කියන කරුණු ගැන මම එකඟ වෙන්නේ නැහැ... පස්වෙනි කරුණට එකඟයි... ඒ පහත හේතු නිසා...
2. මේක ප්‍රායෝගික කරුණක් කරන්න ව්‍යාපාරිකයින්ට කෙසේ හැකි වෙයිද කියලා අපි දන්නේ නෑ.. ඔවුන්ගේ ඇසුරුම් ආදී විවිධ ප්‍රායෝගික ගැටළු විසඳීම සඳහා විකල්ප, බොදු බල සේනාවට තිබේදැයි මම දන්නේ නෑ...
3. ඉස්ලාම් භක්තිකයින් හැර අනිත් අය හලාල් භාණ්ඩ ගැනීමෙන් වැලකිය යුතුය කියන එක හරි වැරදියි.. කැමති අය ගත්තාවේ.. අකමැති අය නොගත්තාවේ... ඒක ඒ මිනිසුන්ගේ කැමැත්ත..
4. තමන්ගේ මැට්ටම් තම් මැට්ටම්.. ඔවුන් හොයනවා.. ඔවුන් වියදම් කරනවා.. අපිත් හොයනවා අපිත් වියදම් කරනවා.. ඒ මොකටද කවද්ද කියන එක තීරණය කරන්නේ සල්ලි අතේ තිබෙන අය කියලයි මම විශ්වාස කරන්නේ...
5. මීට මම එකඟයි... මෙය විය යුතු දෙයක් කියා මට හිතෙනවා...
6. මේකනම් දුප්පත් ජනතාවට ආගම් භේදයක් නැතිව ගහපු කණේ පහරක්.. සිදුවීම් අතලොස්සක් නිසා බහුතරයක් දියුණු වන ගම් වාසීන් තවත් අගාධයට පත්වීම්ක් මෙයින් සිදුවෙන බව මට හැඟේ.. විසදුම නැවැත්වීම නොව රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සොයා ගැනීම ලෙසයි මට හිතෙන්නේ...
දැන් පලවෙනි කාරණය ගැන කතා කරමු... මම මේකට එකඟ වෙනවා වර්තමාන පසුබිම තුල.. ඒ ඇත්තටම මෙම හලාල් සහතිකය යටින් දුවන තව භයානක සිදුවීම් රැසක සෙවනැලි දකින නිසාත්, එවැනි සහතිකයක් නිකුත් කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති නිසාත්. නමුත් මම පළවෙනි වාක්‍යටත් එරෙහි වෙනවා හලාල් සහතිකය මෙන්න මේ පදනමෙන් නිකුත් කරනවානම්....
"අඩංගු ද්‍රව්‍ය ගැන පමනක් සලකා බලා වෙන කිසිදු කොන්දේසියක් මත නොපිහිටා මුදල් අය නොකර ලබාදෙන සහතිකයක් වුනානම්..."
ඒ වගේම ඊයේ මූණු පොතේ දුකා අයියාගේ ස්ටේටස් එකකට දාපු කමෙන්ට් එකකුත් මෙතන දැමිය යුතුයි කියලා මම හිතනවා...
කිසිවෙක් කිසිවෙක් මත යමක් බලෙන් පැටවිය යුතු නෑ.. බෞද්ධ පන්සල්වල පින් පෙට්ටි තියෙනවා.. ඒකට සල්ලි දමා යා යුතුමයි කියලා කිසිවෙක් ඔවුන්ට බල කරන්නේ නෑ... පින් පෙට්ටිය දිහා බලලා අහක බලන් යනවා.. ආගමට අධාර දෙන අයට ප්‍රමුඛතාවක් තියෙනවා තමයි.. කතරගම දෙවාලෙත් පූජාවට්ටිවල දාහේ කොල තිබ්බොත් තමයි ඉක්මනට ඇතුලට යවන්නේ.. නමුත් හැම පූජාවට්ටියක්ම ඇතුලට යනවා.. ඒක සාමාන්‍යයි...
ඒ වගේම කෑම කඩ.. අපි මස් නොකනවා කියලා ඒ කඩේට මස් උයන්න එපා කියනවානම් ඒක වැරදියි.. මස් මාලු නතුව එළවලු කෑම ඉල්ලන කොච්චර ඉන්නවද? එහෙමත් අවිශ්වාස අය සයිවර් කඩවලට යනවා.. තවත් අවිශ්වාසනම් මගුල් ගෙදරට යද්දිත් ගෙදරින් කෑම එකක් අරන් යනවා.. ඒක ඉතින් ඒ ඒ අයගේ කැමැත්ත...
ඒත් විරුද්ධ විය යුතු දේට විරුද්ධ විය යුතුයි...
මම මේ ලිපියේ ලිව්වේ මගේ පුද්ගලික අදහස.. අනෙක් අයගේ මතත් පහලින් සටහන් වේවි... ඉතා විනීතව අදහස් පවසනවානම් අගය කරනවා.. මොකද ඊයේ සෝඩා ගුනේ කිව්වා "තමන්ගේ හැරමිටිය වැනීමේ නිදහස අනෙකාගේ නහය කෙළවරින් අවසන් විය යුතුයි" කියලා
Sunday, February 17, 2013
මේවා දැක්කම ලංකාවේ ලමා ලිංගික අපචාර වැඩි නොවී තියෙයිද?
ලංකාවේ ලිංගික අපරාධ ගැන දැන් කතා වෙන තරම බොහොමයි.. ඒ අතරින් කුඩා ගෑණු දරුවන්ට වෙන අපරාධ බොහොමයි.. මේකට විවිධ විවිධ හේතු බලපෑවත් මට ඊයේ සහ අද උදේ හිතුණු දේවල් ටිකක් කියන්න ඕනමයි කියලා හිතුනා.. පහුගිය දවස්වල පියා සහ සහෝදරයා වෙතින් විවිධ අඩන්තේට්ටම් වලට ලක්වෙච්ච දියණියක් ගේ කතාවකුත් හෙලි වුනා.. පියා, සහෝදරයින්, අසල්වාසීන්, ගුරුවරුන් අතින් අතවරයට පත්වන ගැහැනු දරුවන් එමටයි.. අවුරුදු හතේ අටේ කිරි සුවඳවත් නොගිය දරුවන් දූශණය කිරීම් කියන්නේ සාමාන්‍ය දෙයක් වන තරමට වගේ එවැනි සිද්ධීන් අපට අහන්නට ලැබෙනවා...
එක්තරා නාලිකාවක් විසින් පවත්වන පොඩි එවුන් සඳහා වන නැටුම් තරඟයක් (පොඩි එවුන් තරු කරන ) මම ඊයේ බැලුවා.. අද උදේත් වෙන නාලිකාවක එවැනිම තරඟයක් (පොඩ්ඩන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියන) බැලුවා.. ඒක බලපුහාම මට හිතුනා ඇයි මේ වග කිය යුතු මාධ්‍ය හරක් වගේ හැසිරෙන්නේ කියලා.. අපි පොඩි කාලේ ලමා නැටුම් බලන්න ආසයි... හුරතල් විදිහට ඇඳගෙන හුරතල් බසින් සින්දු කියමින් නටන නැටුම් බලන් ඉන්න ආසයි... එහෙම කියලා මම කියන්නේ නෑ ලංකාවේ බාල පරම්පරාව හැමදාම ලී කෙලි නැටුනුයි, කළගෙඩි නැටුනුයි නටන්නඕන කියලා.. ඒත් අර නැටුම් වල මිශ්‍ර වෙලා තිබ්බ ලිංගිකත්වය නම් ළමා වයසට කිසිසේත්ම ඔරොත්තු නොදෙන්නක් බවයි මගේ පුද්ගලික හැඟීම.. ඒ විතරක් නොවෙයි.. කැමරා කෝණ පොඩි ගෑණු ළමයින්ගේ බඩවල්වලටයි දෙපා වලටයි ඉලක්ක කරමින් අනුරාගී විදිහට ප්‍රදර්ශ්ණය කිරීමෙන් මට හිතා ගන්න බැහැ මේ රුපවාහිණී නාලිකා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා.. මෙහි වරද එහෙමත් නැතිනම් මානසික අසහනය කැමරා කරුවන්ගෙද එහෙම නැත්නම් නලිකා ප්රධානීන්ගෙද කියලා අමුතුවෙන් හිතන්න දේකුත් නෑ මම හිතන්නේ...
දෙමවුපියන්ට බනින්නත් බෑ මේවට ළමයි යවනවා කියලා.. තම දරුවාගේ හැකියාවට අත දීමත් එම දරුවා රටේ ජනප්‍රිය තරුවක් කිරීමත් කියන කඩතුරාවෙන් ඔවුන්ගේ දෑස් වැසිලා තියෙන්නේ.. දරුවා පියවරෙන් පියවර ඉදිරියට යද්දි ඇරිලා තියෙන ටිකත් වැහෙන්න පටන් ගන්නවා.. ඉතින් මේකට විසදුම කවදා ලැබෙයිද...?
තමන්ගේ ගෙදර,අල්ලපු ගෙදර ඉන්න ගෑනු දරුවගේ වගේ වයසේ ගෑණු ලමයෙක්ගේ පොඩ්ඩක් ඇරිච්ච බඩ ගෙදර රූපවාහිනියෙන්ම පෙන්නද්දි, අඩ නිරුවත් දෙපා ගෙදර රූපවාහිනියෙන්ම පෙන්නද්දි, පොඩි කෙල්ලක් භාගෙට ඇදන් ශකිලාගේ වක වක සින්දුවට පස්ස කරක කරක නටනවා පෙන්නද්දි හිත දුර්වල ශක්තිමත් පිරිමින්ගේ ගොදුර වෙන්නේ කවුද?
මේක ගැන කථා කරන්න ගියොත් ලිපි දහයක්වත් ලියන්න වෙයි.. මම පෞද්ගලිකව හිතනවා මේ ළමා රියැලිටි වැඩසටහන් වෙනුවෙන් ප්රමිතීන් හා සීමා හදුන්වා දිය යුතුයි කියලා... එහෙම නැත්නම් ජනප්‍රියත්වය හඹා යන පොඩ්ඩෝ ඊට කලින් අළු දූවිලි වෙලා යාවි...
දෙමවුපියන්ට බනින්නත් බෑ මේවට ළමයි යවනවා කියලා.. තම දරුවාගේ හැකියාවට අත දීමත් එම දරුවා රටේ ජනප්‍රිය තරුවක් කිරීමත් කියන කඩතුරාවෙන් ඔවුන්ගේ දෑස් වැසිලා තියෙන්නේ.. දරුවා පියවරෙන් පියවර ඉදිරියට යද්දි ඇරිලා තියෙන ටිකත් වැහෙන්න පටන් ගන්නවා.. ඉතින් මේකට විසදුම කවදා ලැබෙයිද...?
තමන්ගේ ගෙදර,අල්ලපු ගෙදර ඉන්න ගෑනු දරුවගේ වගේ වයසේ ගෑණු ලමයෙක්ගේ පොඩ්ඩක් ඇරිච්ච බඩ ගෙදර රූපවාහිනියෙන්ම පෙන්නද්දි, අඩ නිරුවත් දෙපා ගෙදර රූපවාහිනියෙන්ම පෙන්නද්දි, පොඩි කෙල්ලක් භාගෙට ඇදන් ශකිලාගේ වක වක සින්දුවට පස්ස කරක කරක නටනවා පෙන්නද්දි හිත දුර්වල ශක්තිමත් පිරිමින්ගේ ගොදුර වෙන්නේ කවුද?
Thursday, February 7, 2013
බ්ලොග් ගොසිප් - හිස් අහසේ සඳරූගේ පෙම්වතිය මෙන්න....
මීට ටික කලකට කලින් අපි ප්‍රවෘත්තියක් ගෙනාවා හිස් අහස දෙකඩ වෙයි කියලා.. කතන්දර කාරයාටත් කුමාර සංගක්කාරටත් පින් සිද්ද වෙන්න හිස් අහසේ සඳරූ පෙම්වතියක් හොයාගත්ත බවක් තමයි ඒ ලිපියෙන් දැක්වුනේ... මායා රංජන් පරපුරේ අළුත්ම පුරුක ලෙසත් සඳරූව හැඳින්වුනා.. ඒ වගේම අසෙනිය කුසුම සම්මාන උළෙලෙදි හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානයත් හොඳම පෞද්ගලික බ්ලොග් අඩවියට හිමි සම්මානයත් හිස් අහස බ්ලොග් අඩවියට හිමි වුනා... ඒ විතරක් නොවේ... පුද්ගලික බ්ලොග් අඩවි අතරින් හිට්ස් මිලියනයකටත් අධික සංඛයාවකටත් හිස් අහස උරුමකම් කියනවා... එවන් දක්ශයකුගේ පෙම්වතියගේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තියෙනවා.. පහතින් දැක්වෙන්නේ ඔබ ආදරය කරන සඳරූ ආදරය කරන තැනැත්තියයි...
හැබැයි අප්සෙට් සීන් එක කියන්නේ මේකයි.... මෙන්න මෙහෙම සීන් එකකුත් තියෙනවා.....
ප.ලි. රංගයාත් දැන් නොලියන එකේ මොකෙකුට හරි මඩක් ගහන්න එපායැ...
Tuesday, January 29, 2013
සනත් විජේවර්ධනයන්ට [ඔබ්ස(ර්)වර්, ඔබා] පිං පිණිස....
මම පහුගිය ලිපියෙන් කිව්වා මට ගම්පහ ගෙට්ටුවට එන්න වෙන්නේ නෑ ඒ බ්ලොග් කරුවෙක් සම්භන්ධ වැඩකට යන්න තියෙන නිසා කියලා.. මගේ ගමනටත් බ්ලොග් කරුවන් එකතු කර ගැනීමට අවශ්‍ය වුවත් එයින් යම් තරමක හෝ බලපෑමක් ගම්පහ ගෙට්ටුවට වෙයි කියලා සිතූ නිසා මම තනියම ගිහින් එන්න තීරණය කලා.. දිග සති අන්තයක් ලැබුණු නිසා එයින් කොටසක් පවුලේ චාරිකාවක් බවටත් හරවාගෙන මෙම කටයුත්ත සිදු කලා.. හරි .. ඔබාගේ වචනයෙන්ම කියනවානම් වටේ තලන්නේ නැතුව කථාවට යමු...
මේ ජනවාරි මාසයේ මුල් දිනෙක සනත් අයියා ලංකාවට ඇවිත් නවතින ගම්පහ ගෙදරින් මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා.. දෙබස මෙහෙමයි...
හෙලෝ.. මේ අභීතද..?
ඔව්..
අභීත, මම සනත් අයියගේ අක්කා කතා කරන්නේ... අර ඔයාලා හදපු පුස්තකාලෙට ආධාර කරන්න කැමතියි මම යන්න කලින්.. මම කොහොමද ඒක කරන්නේ...
හරි වසන්තා අක්කේ.. මම කතා කරලා බලලා කෝල් එකක් දෙන්නම්..
හරි අභීත.. සනත් අයියව සිහි කරලා දෙන දානයකුත් තියෙනවා ගම්පහ ගෙදර... 17 වෙනිදා තියෙන්නේ.. පුළුවන්නම් ඇවිත් සහභාගි වෙන්න...
හරි අක්කා... මම එන්නම්...
අනතුරුව මම හිස් අහස ලියන සඳරූටත් කතා කරලා ගලහිටියාගොඩ විදුහල්පතිවත් අමතලා ඔවුන්ට අවශ්‍ය පොත් පත් පිළිබඳ විස්තර ලබා ගත්තා... ඉන්පසු වසන්තා අක්කාට අමතා ඒ පිළිබඳ විස්තර පැවසුවා.. අනතුරුව ඇය පැවසුවේ රුපියල් 25000.00ක පොත් පරිත්‍යාග කරන බවත් 17 වෙනි දිනට යෙදී ඇති දානමය පිංකම දිනයේදී ඒ පොත් මා වෙත භාරදීමට හැකි බවත්ය.. අම්පාරට ගොස් එතුමිය අතින්ම මෙම පරිත්‍යාගය කිරීමට මම යෝජනා කලත්, ඇයගේ කාර්ය බහුලත්වය නිසාම ඒ සඳහා ඇති අපහසුව ඇය මා සමඟ ප්‍රකාශ කලා..
ජනවාරි 17 දිනයට සනත් අයියා වෙනුවෙන් පැවැත්වූ දනමය පින්කම දවසේ වසන්තා අක්කා ඇතුළු සැම විසින් මේ පොත් මා වෙත ලබා දෙනු ලැබුවා.. මේ සඳහා අපේ රොබින් මලයත් සහභාගී වුනා.. සනත් අයියාගේ තිබ්බ සුහදත්වය, සොඳුරුකම මෙන්ම ඒ තිබූ මිත්‍රශීලීකම වසන්තා අකාගෙන් මෙන්ම ඇගේ දූවරුන්ගෙන්ද අප වෙත ලැබුනා...
අනතුරුව ගලහිටියාගොඩ පාසලේ විදුහල්පතිතුමා අමතා මෙම පොත් ලබා දීම සඳහා අපි 26 වෙනිදා යොදා ගත්තා.. ඒ පිළිබඳව සඳරූත් එක්ක කතා කල විට ඔහු කීවේ 25 වන දින ඔහුගේ පියාට පින් පිණිස දානයක්ද දීමට කටයුතු කර ඇති බවයි.. සනත් අයියා වෙනුවෙන් එම අනාත නිවාසය වෙනුවෙන් ඇඳුම් පරිත්‍යාග කිරීමටද මම සිතුවා.. ක්ෂ්ණිකව දුන් දුරකථන ඇමතුම් කිහිපයකින් ඒ සඳහා ඉතා සුදුසු ඇඳුම් විශාල ප්‍රමානයක් ද ඔවුන් වෙනුවෙන් ලබා දෙන්නට මගේ හිතවතුන් බොහොමයක් කටයුතු කලා.. කෙසේ වුවත් එම කාර්යයන් හිතුවටත් වඩා හොඳින් සංවිධානය කර ගැනීමට හැකි වුනා.. මම කියපු දේවල් වලට වඩා කරුණු ගොඩාක් පහත පින්තූර වලින් ඔබට පවසාවි...
| සනත් අයියා වෙනුවෙන් පැවැත් වූ දානමය පුණ්‍ය කර්මය... |
| සනත් අයියා වෙනුවෙන් පැවැත් වූ දානමය පුණ්‍ය කර්මය... |
| වසන්තා අක්කා විසින් රුපියල් 25000.00ක පොත් මා වෙත භාර දුන් අයුරු.. |
| වසන්තා අක්කා විසින් ලබා දුන් සියළු පොත් පත්... |
| ඒ අතරට එකතු කල මගේ පුද්ගලික පුස්තකාලයේ පොත් කිහිපයක්... |
| ගලහිටියාගොඩ විදුහලේ විදුහල්පතිතුමා වෙත පොත්පත් ලබා දුන් අයුරු.. |
| පොත් බලන සිසු දරුවන්.. |
| සිසු දරුවන් පුස්තකාලාධිපතිනිය හා හිස් අහස ලියන සඳරූ සමඟ.... |
| උහන සරණ ලමා නිවාසයට ඇඳුම් පැලඳුම් භාර දෙමින්.. |
| ඔවුන්ගේ පොත් පත්වල සනත් විජේවර්ධනයන් වෙනුවෙන් සටහන් යොදමින්... |
| උහන සරණ ළමා නිවාසයේ දසුන්.... |
| උහන සරණ ළමා නිවාසයේ දසුන්.... |
Subscribe to:
Posts (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.....
-
පහුගිය ලිපිය අවසානයේ කියවුන නුවර එලි ගමනේ දෙවෙනි කොටස ලියන්න වෙන්නේ නෑ.. දෙවෙනි දවසේ තියෙන රස මුසු සිද්ධි ලියන්න එපා කියාලා ඉතාම බැගෑපත් ඉල්...
