Thursday, June 17, 2010

ප්‍රාදේශීය විවිධත්වය 2


මගේ බ්ලොග් එකත් දැන් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් වෙලා... සිංහල බ්ලොග් කියවනය ගැන මාව දැනුවත් කලේ අපේ චාමර ධනූෂ ජයවීර මල්ලි... මගෙ බ්ලොග් එක දැන් ගොඩක් අයට කියවන්න අවස්ථාව ලැබෙන නිසා මමත් ටිකක් වැඩිපුර ලියන්න තීරණය කලා... ඒ වගේම හිනා යන කතා වලට අමතරව සමාජයීය දේවල් ලියන්නත් දේශපාලනික සටහන් නොලියන්නත් මම තීරණය කලා... මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කර ගැනීම ගැනත් මම ඔවුන්ට මගේ ප්‍රණාමයත් මේ සමග පුද කරන්න කැමතියි.

හරි දැන් පටන් ගමු අද කතාව.... මේ කියන්න යන්නෙ ප්‍රාදේශීය විවිධත්වය කථා මාලාවේ දෙවෙනි කථාව.... ඒ කියන්නෙ තුන සහ හතරවෙනි කතාව... එක සහ දෙක කතා මෙතනින් බලන්න පුලුවන්...

3. බාලදක්ෂ ජීවිතයේ මට මුන ගැහුන සොදුරුම මිනිසෙක් තමයි උපුල් දේශප්‍රිය කියන්නෙ... ඔහුත් එක්ක ගෙවෙන හැම තත්පරයකදිම අපිව හිනාවෙන් මුසපත් කරන්න ඔහු කිසිම වෙලාවක පැකිලෙන්නෙ නෑ... (එයාගෙ කතා ගැන තවත් සීරීස් එකක් ලියන්න පුලුවන් ඕනෙනම්) උපුල් ගාල්ලෙ.. ඔහුටත් ගාල්ලෙ භාෂාව ඉතාමත් සොදුරු විදිහට පිහිටලා තියෙනවා. 2002 බලපිටියෙ ජාතික ජම්බෝරියට අපි සහභාගි උනේ ආදී බාලදක්ෂයන් විදිහට.. අපි පාසැල් දෙකක් නියෝජනය කලත් නිතරම එකටමයි ඉන්නෙ.. ඉතින් මේ අතරෙ නොයෙකුත් විෂයයන් පිලිබදවත් අපි කතා කරා (ගෑණු ලමයි ඇර වෙන විෂයයක් ආවෙත් බොහොම කලාතුරකින්). ඔහොම කතා කර කර ඉන්න වෙලාවක අපි වල් ඌරු මස් ගැන කතා කරන්න පටන් ගත්තා.. අපි කියනවා ඉතින් කුරුණෑගල නම් ඉන්නවා ඕන තරම්.. මිනිස්සු වෙඩි බැදලා තමයි ගොඩාක් වෙලාවට උන්ව මරන්නෙ ආදී නොයෙකුත් කතා... ඒක අහගෙන හිටපු උපුල්ගෙ යාලුවා චින්තක කිව්ව ඔව් අය්යෙ.. ගාල්ලෙත් මිනිස්සු ගොඩක් වෙඩි බැදල තමයි වල් ඌරො මරන්නෙ කියල... උපුල්ට මීටර් උනේ චින්තක ගාල්ලෙ ටවුන් එක ගැන කියනවා කියල... ටවුන් එකේ කොහෙන්ද වල් ඌරො.. උපුල් චින්තකගෙන් මෙහෙම ඇහුවා...

"මක්කුන්ටැයි යකෝ වෙඩි බදින්නෙ ගාල්ලෙ, බල්ලොන්ටැයි?"

මේකෙ තේරුම "ගාල්ලෙ කාටද වෙඩි බදින්නෙ, බල්ලන්ටද? කියන එකයි". අදටත් අපි මුන ගැහුනු වෙලාවට මේ සිද්දිය මතක් කරල හිනා වෙන්න අපි අමතක කරන්නෙ නෑ..


4. අපේ කාර්යාලයේ ඉන්නව බලපිටියෙ නංගි කෙනෙක්... එයා යාලු වෙලා ඉන්නෙ කොළඹ මල්ලි කෙනෙක් එක්ක... ඉතින් දිවා ආහර වෙලාවට කතා කරන වල් පල් අතරෙ කට්ටියගෙ පවුල් ජීවිත, රස කතා , කාර්යාලයේ උදෙ වරුවෙ වෙච්ච දේවල් වගෙම බස් එකේ මග තොට වෙච්ච එකී නොකී නොයෙකුත් මාතෘකා තියෙනවා කියලා ඔයාලා දන්නවනේ... ඒ අතරෙ මේ නංගිගෙ විස්තර අහන්නත් අපේ අය අමතක කරන්නෙ නෑ...

දැන් අක්ක කෙනෙක් නංගිගෙන් මෙහෙම ඇහුවා... ආ.. නංගි ඊයෙ ෂෝට් ලීව් ගියා නේද? @@@@@@@ හම්බ වෙන්නද?

නංගි මෙහෙම උත්තර දුන්න.. ඔව් අක්කෙ.. @@@@@@@ හම්බ වෙන්න තමයි කලින් ගියෙ..

අක්කගෙ ඊලග ප්‍රශ්ණෙ මෙහෙමයි.. ආවු ආවු ෂෝට් ලීවෙ දාල ගිහින් ගොඩක් වෙලා ඉන්න ඇති නේද? ඒත් ඉතින් වෙනද යන කෝච්චියෙම වෙන්න ඇති යන්න ඇත්තෙ?

නංගි දුන්න මෙහෙම උත්තරයක් මේ විදිහට..

අනේ නෑ අක්කෙ.., එයා මාව එහාට කරලා ආව බස් එකේ..

අපිට හිතා ගන්න බැරි උනා මොකක්ද මේ කිව්වෙ කියලා... බලනකොට කියල තියෙන්නෙ ඒ මල්ලී එයාව බලපිටියට යනකන් බස් එකේ ගිහින් දා
ලා ආවා කියලයි.. එදායින් පස්සෙ ෂෝට් ලීව් යන නංගිගෙන් "අදත් එහාට කරන්නද යන්නෙ" කියලා අහන්න අමතක කරන්නෙ ඔෆිස් එකේ එහෙමත් එකෙක්...


6 comments:

  1. එල එල අයියා.... "මක්කුන්ටැයි යකෝ වෙඩි බදින්නෙ ගාල්ලෙ, බල්ලොන්ටැයි?"... හිනා වෙලා පන යනවා...... =D

    ReplyDelete
  2. හෙහ්...හෙහ්... "එහාට කරනවා" :D

    ReplyDelete
  3. කොළඹ පැත්තේ කතා මොකුත් නැත්ද අයියා....
    පොර, බුවා, අම්බානක, චා වෙනවා, ලොරියකට.... ඒ වගේ වචන සෙට් වෙච්ච...

    ReplyDelete
  4. උපුල් අයියා මගේ හොඳ fit එකක්.. නාරංගොඩ මල්ලි කිව්වම පොර මාව දන්නවා.. මේ කතාව දැන ගත්ත එකත් හොඳයි හම්බුන වෙලාවක පොරව චා කරන්න.
    අයියගේ "ප්‍රාදේශීය විවිධත්වය" පලවෙනි කතාව (වහ දාලා) කියවද්දී මට තෙරුනේ නෑ ඇයි මේ කතාව හිනා යන්නේ කියලා.. (මාත් ගාල්ලෙනේ.. ඒක නිස මට "වහ දාලා" කියන එක එච්චර මීටර් උනේ නෑ. :P මට normal නේ :P :P)
    blog එක නම් සිරා

    ReplyDelete
  5. එක ඉස්කෝලේ නිසා උපුල් අයියගේ හැටි නම් අපි නොදන්නවය.ඒ උනාට මේ කතාව මීට කලින් අහල තිබුනේ නෑ එකට scouting කරලත්.
    අහල බලන්න ඕනේ.. හික්ස්!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...