අපේ සෙට් එකේ හිටියා සමුද්‍ර කියලා එකෙක්... උගේ ඥාතී වෙන අයියා කෙනෙක් ඉන්නව අනුරාධ කියලා.... ( කොළඹ සමාජෙනම් කියන්නෙ කසින් ද මොකක්ද එකක්නේ) ඉතින් මේ අනුරාද අයියයි මමයි අද කාලෙකට පස්සෙ මූනු පොතට සෙට් වෙලා පොඩි චැටක් දැම්මා.. එකම විදුහලක ඉගෙන ගත්ත දෙන්නෙක් සෙට් උනාම ඉතින් අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.. පොර තවම බැදලත් නැති නිසා කාලෙ ගැන ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ.... මම දැන් ඒ චැට් එකේ පොඩි දෙබස් ඛාන්ඩ කීපයක් තමයි දාන්න හදන්නෙ...
1.. මොකද මල්ලි දැන් කරන්නෙ....
අයියා මම මේ දවස්වල පොඩි බෑන්ඩ් එකක් ලංකාවට ගෙන්නන්න යන්නෙ
මරුනෙ මොකද නම
එකෙ නම අයියෙ සෙරෙන්ඩිබ් සෙක්ස්ටට්...
ඇ බන් වෙන මොකුත්ම තිබ්බෙ නැද්ද උබට ගෙන්නන්න...
2. ගිය තවත් දෙබසක් තමයි මේ
මල්ලි අන්න උඹලගෙ ඔෆිස් එක ලග තියෙන KFC එක වහන්න කියලා උසාවි නියෝගයක් දීලා
නෑ.. මොකක්ද අයියෙ සීන් එක
සීන් එක මම දන්නවද බන්.. මොකො මම නඩුකාරයද?
අහ්.ඔව්නෙ... ඒත් ඉතින් අපරාදෙ..
අනේ මල්ලි මෙ.. නිකන් පොෂ් පොරක් වගෙ "අපරාදෙ" කියන්න එපා.. නිකන් ඒක දිහා බලන් ගිහින් පෙට්ටි කඩෙන් කාලා, එනවා මෙතන අපිට පොර ටෝක් දෙන්න....
3. මල්ලි.. මම හෙට උදේම කුරුණෑගල යන්න ඕනෙ බන්
ආ.... ඒ මොකද?
අලුත් වාහනයක් බලන්න.. අලුත් මොඩ්ල් එකක් කියන්නෙ අම්මා...
ආ.. ඇත්තද? බ්‍රෑන්ඩ් එක මොකක්ද?
දන්නෙ නෑ බන්.. ප්‍රපෝසල් එකක්නෙ..
අම්මට සිරි..... කීවෙනි ඕනර්ද දන්නෙ නෑ නේද?
අනෙ යකො තොගෙ ......................
කාලෙකට පස්සෙ මෙහෙම එකෙක් සෙට් වෙලා චැට් එකක් දැම්මට පස්සෙ හිතට මාර සැහැල්ලුවක් එනවා... හිතේ තියෙන සියලු වගකීම් අත ඇරලා දාලා හිනාවෙන්න ඉදලා හිටලාවත් මුනුත් එක්ක සෙට් වෙන්න ඕන කියන එක මගේ හිතේ ඇදුනා...
ප.ලි. අනුරාධ අයියේ.. උඹ මේකට කමෙන්ට් දැම්මෙ නැති උනාට කමක් නෑ..
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.....
-
ගොඩාක් කාලයක් තිස්සේ ලියන්නේ නැතුව ඉදලා පරන එකක් දවස් දෙකකට පස්සේ පබ්ලිශ් කලා.. පහුගිය දවස් ටිකේ අති විශාල බැහැරගත පුහුණු වැඩමුලු දෙකක් නිසා...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
හනෙ අම්මෙ.. මරේ මරු ඩබල..
ReplyDeleteකිරි හප්පේ.... එලම බුවෙක් නේ... ඔලුව කූල් වෙලා යනව ඔහොම එකෙක් සෙට් උනහම
ReplyDelete