Tuesday, August 3, 2010

කෙටුවනෙ කඩුවෙන් අපෙ කමල් මල්ලිට........


දැන් කාලෙ වගේ ඉස්සර ස්කෝලෙ යන කොල්ලන්ට කෙල්ලන්ට ලොකු ඉංග්‍රීසි උනක් තිබ්බෙ නෑ.. අපිට කොහොමත් හොද ඉංග්‍රීසි දැනුමක් ඒ කාලෙ තිබ්බනෙ... විදුහල්පතිතුමා come with your father කියල කියපුහම අම්ම අඩ ගහගෙන තමයි ස්කෝලෙට යන්නෙ.... ඉංග්‍රීසි හින්ද මුහුණ දුන්න අපූරුම අත්දැකීමක් ගැන තමයි දැන් ලියන්න යන්නෙ....

සම්පත් රණවක ගවේශණ තරගය කියන්නෙ අපේ විද්‍යාලයේ බාලදක්ෂයෝ අඛණ්ඩව වසරක් පාසා සංවිධානය කරන ඉතා සංකීර්ණ වැඩසටහනක්.. කොටින්ම කියනවනම් එය තමයි අපේ විද්‍යාලයේ දැනට තියෙන සංකීර්ණම වැඩසටහන.. ඔන්න ඉතින් පිට පනිනවනෙ.... හරි ඉතින් ඔය කියන ගවේශණ තරගෙට ලංකාවේ නන් දෙසින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් 750ක් විතර සහභාගි වෙනවා.. දිවයිනේ නම ගිය පාසල් වගේම ප්‍රාදේශීයව තිබෙන කුඩා පාසල්වල දරුවනුත් මේ සදහා සම සමව සහභාගී වෙනවා... ඉතින් මෙහි ශූරතාවය දිනා ගන්නත් මේ පාසල් අතරෙ තියෙන්නෙ ප්‍රබල තරගයක්... මේ ටික කිව්වෙ මේ කතාවෙ පසුබිම ඔයාලට තේරෙන්නයි.. හරි දැන් පටන් ගමු කතාව...

ඉතින් මේ කියන තරගෙට සහභාගී වෙන්න ආවා නුගේගොඩ පැත්තෙ තියෙන ප්‍රධානම බාලිකා පාසලක බාලදක්ෂිකාවො වගයක්... පරණ වාහනේකින් උනත් ටිකක් පොශ් විදිහට බැහැපු නිසා ගමේ කොල්ලන්ගෙ ඇසුත් ඒ පැත්තට ගියා කියන එක තමයි ඇත්ත... කොහොමත් මේ අපු ගෑණු ළමයින්ගෙන් කීප දෙනෙක් කලින් කදවුරු වලදි මුන ගැහිලා හොද මිත්‍ර සබදතා ඇති කරගෙන හිටියෙ අපි.. නමුත් තවත් ඉතින් කීප දෙනෙක් ටිකක් එහාට මෙහාට ඇඹරිලා... දන්නෙ නැද්ද ඉතින් කොල්ලො විතරක් ඉන්න ස්කෝලකට කෙල්ලො ටිකක් ආපුවාම.... උනුත් වැඩ දානවා මුනුත් වැඩ දානවනෙ... කොල්ලොත් ඉතින් මැරීගෙන මේව කරන්නෙ ඉතින් හිත යට තියෙන මනා යහපත් චේතනාවල් නිසානෙ....

කොහොමහරි මේ කියන උත්සවේ දවසෙ අපිට අර කියන විද්‍යාලයට දිවා ආහාර දෙන්න සෑහෙන පරක්කු උනා.... ඒක නිසා මේ ගෑණු ළමයින්ට අසූ හාරදාහට තද වෙලා තමයි තිබ්බෙ.... ඉතින් අපෙන් වෙච්ච පුංචි පුංචි අඩුපාඩු පවා එයාලට ටිකක් ලොකුවට පෙනුනා.... කොහොමත් ගෑණු ළමයි වහා ගිනි ඇවිලෙන සුළුයි නෙ... පෙට්‍රල් බවුසර් වගේ තමයි..... ඉතින් මේ Event එක ඉවර වෙනකන් පිපිරි හිටියා මේ කට්ටිය.... හැබැයි අපිත් දැනගෙන හිටියා ඉවර වෙච්ච ගමන් මේ අය බෝම්බයක් පත්තු කරන්න තමයි ඉන්නෙ කියලා.... ඒ නිසා Closing Ceremony යන අතරෙ අපි ඒකටත් සූදානම් උනා... කොහොමත් පශ්චාත් කොකු වලට මුහුණ දෙන්නෙ මමයි කමල් මල්ලියි... අපි දෙන්න ඉතින් මොකක් හරි ෂේප් එකක් දාල හිත් රිදෙන්නෙ නැති වෙන්න ඕන ප්‍රශ්ණයක් ගොඩින් විසදල දානවා...

දැන් වැඩේ ඉවරයි.... අර ළමයි පිඹගෙන ආවා අපේ සර් ලගට... සර් කමල් පෙන්නලා අරාධිත අමුත්තොත් එක්ක ගියා තේ පැන් සංග්‍රහයට... මම වට කර ගත්තා වෙන පාසලක ගෑණු ළමයි වගයක්.... දැන් ඉතින් බනිනව අපි දෙන්නට දෙගොල්ල පලු යන්න... කොහොමත් මගෙ සීන් එක එච්චර දරුණු උනේ නෑ.. ඒක ඉක්මනට ශේප් කරලා මමත් ගියා කමල්ට පොඩි හෙල්ප් එකක් දෙන්න.... අම්මෝ........ එතන එකම ගාලගෝට්ටියයි.. ගෑණු ළමයි බෙරිහන් දෙනවා... අපිට ඔයාල මෙහෙම කලා.. අරහෙම කලා.. එක සද්දෙ... කමල් කිව්වා මෙහෙම..

හරි නංගි.. එක්කෙනෙක් කතා කරන්න.. අපි බලමු මොකද කරන්න පුලුවන් කියලා...

දැන් එක ගෑනු ලමයෙක් කතා කරනකොටම කමල් එයාලත් එක්ක ආපු මිස් ගෙන් මෙහෙම ඇහුවා..

මිස්, අපි අතින් කුමක් හෝ........

එච්චරයි කියන්න ලැබුනෙ එතන හිටපු එක ගෑනු ළමයෙක් කෙටුව කඩුවෙන් අපේ කමල් මල්ලිට

දැන් ඉතින් බය වෙන්න එපා.. කඩුවෙන් කෙටුවා කිව්වේ ඒ ලමයා ටිකක් තද ස්වරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මොකක් හරි කිව්ව කමල්ට.... මිස් එක්ක කතා කර කර හිටපු කමල්, කතාව නවත්තලා ඒ ළමයා දිහා රවලා බලලා අර කිව්වට වඩා දැඩි ස්වරයෙන් මෙහෙම කිව්වා...

You Shut Up .......................

ඒ ස්වරය අභිබවා යන්න ඒ ලමයට හැකි උනේ නෑ..... මිස් එක්ක කතා කරලා වැඩේ ගොඩ දාපු කමල් අපි ලගට ඇවිත් මෙහෙම කිව්වා...

යාන්තන් දන්න වචන දෙකෙන් ශේප් උනා....... තව පොඩ්ඩෙන් විනාසයි...



ප.ලි. මේ කතාව මට මතක් උනේ ඒ ගෑනු ළමයින්ගෙ කණ්ඩායමේ හිටපු නපුරු ගෑණු ළමයෙක් (ඒ කාලේ) අද මට මහරගම සම්පත් බැංකුවෙදි මුන ගැහිලා කතා කලා... එයා ඉතාම කාර්ය බහුල ඌ නිසා අපිට මේ සිද්දිය මතක් කරල හිනා උනේ නෑ.. ගෙදර ඇවිත් ඒ කල්ලියෙ තවත් ගෑනු ළමයෙකුට කතා කරලා මේ සිද්දිය මතක් කරලා හිනා උනා... ඒ කාලෙ කරපු වැඩ කොච්චර සුන්දරද කියලා අහන්නත් අපිට අමතක උනේ නෑ..... ඔය පින්තූරෙ ඉස්සරහම පේලියේ ඉන්නෙත් පැමිණිලිකාර පාර්ශවයයි විත්තිකාර පාර්ශවයයි එකට ඉදගෙන :)





11 comments:

  1. sirawatama e kale patta macho,mannm cub scouting thama iwara kare,scouting karanna gihin 7di withara nathara karanna una,eth issara jambori ehema giyama patta aathl,sirawatama dan dukai bn e thibbe jiwithe nathi eka gana :'(

    ReplyDelete
  2. api nam dannawa kattiya kauda kiyala....

    ReplyDelete
  3. @ budhdhika ආයෙත් එන්නෙ නෑ එහෙම කාලයක්.... සුන්දර මතකයක් විතරයි

    @aravindha කියන්න එපා පව්නෙ.. දන්නෙ නෑ වගේ ඉමු....

    ReplyDelete
  4. කැගැස්සෙනවා... හික් හික්.. හරිම සුන්දරයි.. මෙ කාලෙ මතක් වෙද්දි.. මම කැඩෙට් කරෙ.. එක ටොපිය කටවල් 25 කට යනවා. අන්තිම එකාට හිනි පොත්තක් ඉතුරු කරන්නෙ, එක ටිකක් මහත එකක් වුණොත් ඔක්කොම ඉවරයි. නැතත් ඉවරයි. එකෙකුට මොකක් හරි බොවෙන ලෙඩක් තිබුනොත් 25 දෙනාම ඉවරයි.. හා.. හා..

    පුදුම ගතියක් එ දවස් වල තිබුනෙ.

    ReplyDelete
  5. නියමේ නියමයි..උදේම හිනාගැස්සුවා!

    ReplyDelete
  6. රවාට: අපේ මචන් ඊට ටිකක් අමාරු සීන් එකක් උනා එක දවසක්.. 18දෙනෙක්ට එක බිස්කට් එකක් දීලා සීනියර්ස් ලා කිව්වා බාගයක් කාලා අනිත් එකාට දියන් කියලා... කරන්න බැරි උනා,... දස වද තමයි ඊලගට..... ගෙදර එද්දි මුලු ඇගම රිදෙනවා....

    ReplyDelete
  7. වැම්පිට : ස්තූතියි සහෝ........

    ReplyDelete
  8. හික් හික් තැනට සුදුසු නුවණ

    ReplyDelete
  9. යූ ෂට් අප්..! ඇත්තට මේක ටිකක් සද්දෙන් කිව්වනං ඔන නසියර් කෙනෙක් මෙල්ල කරන්න පුළුවන්නේ. වටින ඔත්තුවක් දුන්නේ...

    ReplyDelete
  10. තැනට සුදුසු මොකක්ද එක තිබ්බ සිරා කොල්ලෙක්. බාලදක්ෂ ආදර්ෂ පාඨයත් සූදානම්ව සිටිනු නේ :)

    ReplyDelete
  11. දැන් නම් කමල් අය්ය ඔය වචන තුනට වඩා දන්නව ඇති.මොකෝ දැන් එයා මොරටුවෙන් එලියට ගිය ඉන්ජිනේරුවෙක් නෙ,

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...