Friday, August 13, 2010

මෙන්න මගෙනුත් කක්කි කතාවක්.....


කොහොමත් සිංහල කතා බ්ලොග් එකේ ලොක්කා වෙන කතන්දර සීයා තමයි අලුත් අලුත් මාතෘකා අපිට දෙන්නෙ.. මොකද මේ කක්කි කතා සීරීස් එකත් පටන් ගත්තෙ. ඊට පස්සෙ ඉතින් බ්ලොග් ගඩොල්, පිස්සා ඇතුළුගොඩාක් දෙනෙක් කක්කි කතා ගොඩාක් ලිව්වා... මමත් එකක් නොලියන එක හරි නෑනෙ කියලා හිතුනු නිසා ඔන්න මමත් ලියනව කක්කි නොවුනත් කක්කි වගේ කතාවක්.... මේක ටිකක් ප්‍රායෝගිකවත් හොද කතාවක් වගේ කියලා තමයි මට හිතෙන්නෙ...

අපි යනවනේ ඉතින් ඉතින් එක එක වැඩ වලට එක එක තැන් වලට... එහෙම ගියාම කතන්දර සීයා කියන පරිදි 1 වැඩෙයි 2 වැඩෙයි කරන්නත් හිටපු ගමන් නේක දුරකථන ඇමතුම් ගලාගෙන එනවනෙ අහසින් වැටෙනව වගේ.. ඒ වෙලාවට කවුරුත් අන්ත අසරන වෙනවනෙ... දුවන්න ඕනේ ඉතින් වැටවල් කඩාගෙන... පුද්ගලික අංශයේ තැන් වලට ගියාම නම් අවුලක් නෑ. ඒත් පාසැල්, සමහර රෝහල් වගේ එවට ගියොත් නම් බඩුම තමයි... සමහර පාසැල් වල ගුරුවර, ගුරුවරියන් සදහා වූ වැසිකිලි වුනත් අපායට යනව වගේ යන්න වෙන ඒවා...

මේ ලගදි.. (ලගදි කිව්වට අවුරුද්දක් විතර වෙනවා..) මම ගියා කුරුණෑගල තියෙන නිශ්ශංක මහා විද්‍යාලයට... ඔන්න අර වගේ කෝල් එකක් ආවා.. ගියා ටොයිලට් එකට.... බිම කෑම දාගෙන කන්න තරම් පිරිසිදුයි... හේතුව දැක්කෙ ඊටත් පස්සෙ... අතුලට ගිය ගමන් පේන බිත්තියෙයි අර වට භාගයක් කැරකුනාම පේන දොරෙයි මරු වාක්‍යයක් ගහලා අලවලා තිබ්බා.. මම හිතන්නෙ ඒ ඉස්කෝලෙ ඔක්කොම ටොයිලට් වල මේක ගහල ඇති... මොකක්ද දන්නවද ඔය ලොකුවට කියපු වාක්‍යය.... මෙන්න මේකයි..

වැසිකිලියෙ පිළිවෙල...
කියයි පෙලපත...


යන එකා අනිවාර්යයෙන්ම හොදට ක්ලීන් කරල තමයි එන්නෙ...



10 comments:

  1. වැඩේ නම් පට්ට....හැබැයි අපේ ඉන්න දැන් උන් නම් ඕකත් වෙනස් කරයිද දන්නෑ.මෙකද කලේ කවුද කියලා දන්නේ නෑනේ.

    ReplyDelete
  2. හික් හික්!! මරු කතාව.....

    ReplyDelete
  3. අර කිව්ව වගේ අපේ උන් ඕකත් මොකක් හරි බලි කුරුට්ටක් ගහල වෙනස් කරන්න බැරි නැහ...

    ReplyDelete
  4. වෙනස් කලොත් පෙලපත වැරදියි කියලනෙ උන්ටත් හිතෙන්නෙ :D

    ReplyDelete
  5. නියම කතාව තමා මේක. මේ වගේම එකක් තමා.

    පෙලක් විසිතුරු භාණ්ඩ වගේ ඒවා තියලා තියන තැන්වල එහෙම ගහලා තියෙනවා "වඳුරාගේ සිරිත දුටු දේ අතගෑම" කියලා.

    එතකොට එකෙක්වත් යන්නේ නැහැ ඒවා අල්ලන්න. වඳුරෙක් වෙන්න ඕනේ නැති නිසා :)

    ReplyDelete
  6. ඇත්තටම වටින කතාවක් !

    ReplyDelete
  7. හිහ්... හැබෑවටම වටින කතාවක්... කොහොමත් දැන් හැදෙන ළමයි ආයෙත් හොද පරම්පාරාවක් ඇති කරනව. ( මේ අපි වගේ)

    ReplyDelete
  8. @ වත්. අපි වගේ කියපුවම සිංහල වැරදියි නේද? අපේ මුණුපුරෝ වගේ කියලා නේද නිවැරදි වෙන්න ඕන.. හික්ස්

    ReplyDelete

රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....

අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...