Friday, October 1, 2010

බූලා සර්ගෙ වීරක්‍රියා.... 01

අද කියන්න යන්නෙ අපේ ගුරුතුමෙක් ගැන කතාවක්.... බ්ලොග් ගඩොල් මල්ලිගෙ කොටියා සර් වගේම අපෙත් හිටියා බූලා සර් කෙනෙක්.... සර් ගැන රස කතා ගොඩාක් තියෙනවා. ඒත් නියම ගුරුතුමෙක්.... අපේ ඉස්කෝලෙම ඉගෙන ගෙන අපේ ඉස්කෝලෙම නියෝජ්‍ය විදුහල්පතිතුමා වෙලා ඉන්නෙ... හොදට හොදටම හොදයි... නරකට ඉතින් බඩුම තමයි.... ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුතුමා වගේම විද්‍යාලයේ විනය පාලක උනෙත් එතුමාමයි... කොච්චර හොද සර් කෙනෙකුට උනත් පිරිමි ඉස්කෝලෙක කාඩ් එකක් නැතුව ඉන්න අමාරු නිසා දෙයියනේ කියලා බූලා සර් කියන ආදරනීය නාමයෙන් තමයි ලමයි සර්ව අදුන්වන්නෙ.... සර්ට තිබ්බා හොද බේස් කටහඩක්... කතා කරනකොට හරිම ගාම්භීරයි... ඕනම කොල්ලෙක් ඒ කට හඩ ඇහුන ගමන් වෙව්ලලා නවතිනවා... ඉතින් මම කියන්න යන්නෙ මේ සර් ගැන රස කතා කිහිපයක්... පළවෙනි කොටස යන්නෙ ක්‍රීඩා උත්සවය හා සබැදි රස කතා කිහිපයක්....


පාසැලේ ක්‍රීඩා උත්සවයට කලින් දින තුනක් පුරා එහි පුහුනුවීම් යනවා.. ඒ වගේ මෙහෙයවීම තනිකරම සිද්ද වෙන්නෙ බූලා සර්ගෙ අතින්.... ඉතින් දවස පුරාම මයික් එක අරගෙන කොල්ලන්ට උපදෙස් දෙන එක තමයි කරන්නෙ.... ඉතින් ඒ සද්දේ සෑහෙන දුරකට ඇහෙනවා.. බේස් වැඩි කටහඩින් නික්මෙන ගාම්භීර කටහඩ ඕනම දෙයක් කන වැකුනු පමනින් ඉටු කරන්න කොල්ලන්ව පොලඹවනවා.. ඒත් ඉතින් සර්ට ඉදලා හිටලා වරදිනවා... ඒ වෙලාවට තමයි කොල්ලන්ට රජ ආතල් එන්නෙ.. මම අද ඒ වගේ සිදුවීම් තුනක් තමයි කියන්න හදන්නෙ.


ඔන්න පළවෙනි ආතල් එක... දවසක් පුහුනුවීම් ඉවර වෙලා සර් ඉදිරි වැඩකටයුතු ගැන ලමයින්ව දැනුවත් කරනවා මෙහෙම අර සුපිරි බේස් කටහඩින්.....


දරුවනේ... ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් තවදුරටත් ජනවාරි තිහ, තිස් එක සහ තිස් දෙක යන දිනවල පැවැත්වීමට නියමිතයි.......


ඔන්න ඉතින් කොල්ලන්ට හිනා... ඒ එක්කම පැත්තක හිටපු සර් ගෙන දුවගෙන ඇවිත් කනට කරලා මොකක්දෝ කිව්ව... බූලා සර් ටක් ගාලා මෙහෙම කිව්ව... 


සමාවෙන්න... තිස්දෙක නෙවෙයි පෙබරවාරි එක...


ඉතින් මේ සිදුවීම කොල්ලන්ගෙ මුවේ රැව් දෙන්නෙ ඊලග අවුරුද්දෙ ක්‍රීඩා උත්සව පෙරහුරු වෙනකන් විතරයි... මොකද සර් අවුරුද්දෙන් අවුරුද්දට අලුත් ඇඩ් ලබාදෙන නිසා.... මෙන්න ඊලග අවුරුද්දෙ දුන්න ඇඩ් එක....


ක්‍රීඩා උත්සවය ආරම්භ වෙන්නෙ ප්‍රධාන ශිෂ්‍ය නායක, උප ප්‍රධාන ශිෂ්‍ය නායක සහ නිවාසවල නායකයින් සිව්දෙනා මාච් එකේ ගිහින් කොඩි එසවීම මගින්... තූර්ය වාදන කණ්ඩායමේ සංගීතයට තමයි මේ ටික වෙන්නෙ.... ඊට පස්සෙ කොඩි එසවීම කොඩි කනු දෙසට හැරීම වෙන්නෙත් තූර්ය වාදන කණ්ඩායමේ සිග්නල් වලට අනුවයි... ඒ සිග්නල් එක දෙන්නෙ තම්මැට්ටම් ශබ්ධ දෙකකට පසුව එන බේස් ඩ්‍රම් ශබ්දයකින් තමයි... ඒක ලමයි හදුන්වන්නෙ ටක් ටක් බුම්... කියලා


ඉතින් ඔහොම යනකොට අපේ බූලා සර්ට ඕන උනා මේ සිග්නල් එක වෙනස් කරන්න.. මයික් එක අතට ගත්ත බූලා සර් තූර්ය වාදක කණ්ඩායමේ නායකය වෙච්ච උඩේට මෙහෙම කිව්වා....


අයිසේ උඩේ.... ටක් ටක් දෙකට මැද්දෙන් බුම් එක යොදන්න....


කොල්ලනට මේකෙන් වෙන අර්ථයක් ගන්න පොඩි වෙලාවයි ගියෙ..


මොකක්ද කිව්වෙ කියන එකනම් කාටවත් තේරුනේ නෑ මම හිතන්නෙ....


ඔන්න ඊලග කතාව.. මේක උනෙත් ඒ අවුරුද්දෙමයි.... තූර්ය වාදක කණ්ඩායම අචාර පෙලපාලිය සදහා සංගීතය සපයනවා.... ලැබුනත් නෙත් යුග දහසක උරුමේ ගීතය.... මවුගුන ගීතයක් කියලා කවුරුත් දන්නවනේ... බූලා සර්ත් දැනගෙන හිටියා.. මට හිතෙන්නෙ එහෙම දැනගෙන නොසිටියානම් හොදයි කියලා... වෙච්ච සිදුවීමේ හැටියට.... දැන් සර්ට ඕන උනා මේ සංගීතය මදකට නවත්තන්න... මයික් එක ගත්ත සර් මුලු නගරෙටම ඇහෙන්න මෙහෙම උපදෙසක් දුන්නා තූර්ය වදක කණ්ඩායමේ නායකයා වෙච්ච උඩේට...


අ... උඩේ.. ඔය අම්මට ගහන සින්දුව පොඩ්ඩක් නවත්තන්න....


හිතා ගන්න පුලුවන්ද ඔයාලට එතන ඇති උන තත්වේ.... 



32 comments:

  1. Devens kollek wage :-)

    ReplyDelete
  2. mama danna widiyata nam sirta card 1 dala thiyenne lamai newe, sir iskole yanakale indnma boola thama, ape appachchi thaa mata kiwwe,

    ReplyDelete
  3. ටිකක් හිනා උනෙමි,
    ස්තූතියි..........!

    ReplyDelete
  4. අපෙත් ඔහොම වැඩක් උනා..

    ටක් ටක් ඩුම්..

    ඔය ඩුම් එකට කල් බැලීම නවත්තන්න ඕන..
    සර් කිව්වේ කොහොමද දන්නවද?

    ටක් එකේ ඉදල ඩුම් එකේ නවතින්න කියල

    ReplyDelete
  5. එල..එල.. අපේ ඩේවන්ස් මතකය අලුත් වෙනවා..

    ReplyDelete
  6. බූල සර් තමා බූල සර් ........... නියම ආතල් තමයි දෙන්නෙ hikz .. :D

    ReplyDelete
  7. ඒකනේ බං ඔය මයික් වලින් කතා කරන්න බය හිතෙන්නේ......
    මම පළවෙනි පාරට මයික් එකක් අතට ක්‍රීඩා ප්‍රතිඥ්ඥාව දෙන්න ගිහිං. දෙනෝදාහක් ක්‍රිඩකයෝ ඉද්දි මම පොඩි තිගැස්මකින් මයික් එකට ගිහිල්ලා, ක්‍රීඩක ප්‍රකිඥ්ඤාව'' කියලා කිව්වා. මයික් එක වැඩ නෑ.
    මම සවුන්ඩ් අරං ආපු කොල්ලට (මම ඌව අඳුරනවා)''මචං මේ මගුල වැඩකරන්නැනේද'' කියලා අහද්දි ඔක්කොමලා හිනාවුනා. මම එදයි දැන ගත්තෙ මයික් එකෙන් කතා කරද්දි ලවුඩ්ස් පීකර් සද්දෙ කියන කෙනාට ඈහෙන්නේ නෑ කියලා!

    ReplyDelete
  8. හිහ්..... අනේ මන්ද මට නම් ටියුබ් ලයිට් ...

    ReplyDelete
  9. yako mewage katha thiyagena mona magulata halmasso katha dammda?

    ReplyDelete
  10. හික් හික්!! අදනං ටිකක් නෙවෙයි, ගොඩක් හිනා වුණා සහෝ!!!

    ReplyDelete
  11. maru katha tika :-)

    ReplyDelete
  12. හිහ්... නියම කතා ටික සහෝ...
    ඇත්ත අද නම් ටිකක් නෙවෙයි ගොඩක් හිනා වුණා...

    ReplyDelete
  13. හෆොයි මරු සීන් නේ... නියම කතා ටික!

    ReplyDelete
  14. මරු සර්ලයි මරු ලමයිනුයි. තකට තක

    ReplyDelete
  15. ටක් ඩුම් එක නම් නොතේරේ.... අනික්ව නම් ඉතින් පට්ට තමා.... හි හි

    ReplyDelete
  16. @ පිස්සා..
    අනේ බං උඹට තේරෙන්නෙ නෑ කිව්වම පුදුමයිනේ....

    ReplyDelete
  17. නියම කතාව අයියා, කොහොමත් ඉතින් ඉස්කෝලවල Sportsmeet කාලෙ රස වෑහෙන ආතල් වැඩ ගොඩාක් වෙනවානේ.

    ReplyDelete
  18. hikz..මාර ආතල් කතාව!

    ReplyDelete
  19. හික් හික් එල එල අපිටත් ඉස්කොලේ කාලේ විදපු කාඩ් ටිකක් මතක් වුනා

    ReplyDelete
  20. බූලා තමා බූලා... හික්!!

    ReplyDelete
  21. පට්ට.... ඩෙවන්ස්නේ අයේ වෙන මොන කතාද

    ReplyDelete
  22. බූල සර්ගෙ තිබ්බනෙ "පැහැදිලිවම" කියල කියන වදන් කෑල්ලක්....
    දවසක් කොල්ලො සෙට් එකක් සර්ගෙ ගෙදර ගිහිල්ල...
    කොහොමින් කොහොම හරි TV බලන්නත් වෙලා...
    එදා වැස්ස දවසක් වෙච්චි.. TV එක අපැහැදිලියි...
    කොල්ලෙක් අහුවලු, " සර් ,TV එක අපැහැදිලියි නේද ?" කියල....
    සර් කිව්වලු , ' ඔව් පුතා , TV එක පැහැදිලිවම අපැහැදිලියි "කියල.... :D :D
    මම Prefect වෙලා ඉද්දි වුන රසබර සිද්දි තියෙනව...
    ඒත් ඒව බූල සර්ට හොඳ නැති නිසා දාන්නෙ නැහැ....

    ReplyDelete
  23. දැනුත් සර් ඔය වගේම තමා. අපිට වුන සිද්ධියක් තමයි මේ.
    http://isuru71.wordpress.com/2011/09/29/රිමෝට්-කාර්/

    ReplyDelete
  24. බූලා සර් ගැනනම් මතක කොච්චරද​?
    උදේට පරක්කු වෙලා එන උන්ට ලැබෙන සංග්‍රහය ලැබෙන්නෙත් එතුමන් ගෙන්නේ.

    ReplyDelete
  25. බූලා සර් ගැනනම් මතක කොච්චරද​?
    උදේට පරක්කු වෙලා එන උන්ට ලැබෙන සංග්‍රහය ලැබෙන්නෙත් එතුමන් ගෙන්නේ.

    ReplyDelete
  26. sir nathi wela prfct brd eken api gihin mulu brd ekama sirge body eka langa htgena achara dakkuwa. ethakota ainema htpu mage atha allagena sirge amma (mama hithnne amma wenda one) "PUTHE OYALA WAGE LAMAI MALIYADEVEN ADNNA SIR KOCHCHRA MAHANSI UNADA" kiyala e aththmma andapu w\idiha thama mathak wenwa. maliyadeve wenuwen e tharam kapa krpu thawath sir kenek nathuwa athi. thawa sir gananan katha godak dannwa bt ewa kyna eka hari ne
    SIRTA NIWAN SUWA

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...