Wednesday, October 6, 2010

කාලයේ කවි කොලය.....

මේ රටේ වසනා අපත් දැන් එකම දේකට කොටුවෙලා..
වගේ හිතෙනවා අනේ මන්දා මගේ වරදක්දෝ කියා....
විපක්ෂය දුර්වලව පවතින නිසාවෙන්දෝවත් සිතා...
ආණ්ඩුව කරනා වැරදි වැඩ ඉබේටම යට හැංගෙනා...


දේශපාලන ප්‍රභල මිනිසා විපක්ෂෙන් සිටි නැගිටලා....
අනේ අද ඇත සිපිරි ගෙදරක පෝලිමේ බත් ටික කකා...
තමන් වපුරපු දේද මන්දා ගත්තෙ ගෙට අස්වනු නෙලා...
ඒත් ජාතික වීරයෙක් ඔහු අපේ හද තුල රජවෙනා....


ජෙප්පො මංගල සමග පිරිවර ඔහුව ඇදලා ගත්තදෝ....
දේශපාලන කියන වැසිකිලි වලට තල්ලුව දුන්නදෝ....
මැතිතුමනි හිර ගෙදර වෙසෙනා මෙය සිතා නුඹ බැලුවදෝ....
නුඹෙන් ගොඩ ගිය එවුන්ගෙන් අද නුඹට ඉන්නේ කවුරුදෝ....


දැයේ විරුවෙක් වෙතට සුපිපෙන නැවුම් රතු මල් ටික හදේ....
ඔබට පුදනා සිතක් තියෙනවා ඒත් පිදුමට නොහැකි වේ....
ශක්‍ර දෙවි වුව මේ දෙයින් පාඩමක් දැන ගත යුතුම වේ...
අප ඇගිල්ලේ තරම නොමදැන ඉදිමුනොත් මේ ටිකම වේ...


කරුනා කේපී පිල්ලෙයාන් වැනි ත්‍රස්තයන් ඇත නිදහසේ....
රටක් දිනු සෙන්පතිදු අද ඇත කූරු ගනිමින් සිපිරි ගේ.....
විපක්ෂෙට තවමත්ම බැරිවිය ගොඩ නගන්නට තම මතේ...
එවැනි උදවිය කුමට දෙස්පාලනේ උදෙසා මේ රටේ.....


අප සොයාගෙන අපම කෑවොත් දිවි ගෙවිය හැක මේ රටේ.....
අවට දේ හොයනට ගියොත් අත්වෙන්නෙ කාටත් සිපිරි ගේ...
උගුරෙ ලේ රහ මතුව එනකන් මොර දුනත් අප හෙට උදේ....
වැටයි නියරයි එකට එක්වී ගොයම කන එක නොවැරදේ....


ප.ලි. හිටපු ජනරාල් වෙනුවෙන් ශෝකයෙනි... මම මහින්ද වූවා නම් මමද කරන්නේ මේ ටිකම විය හැක... ඔබද එසේමය....එසේනම් වරද කාගේද?

5 comments:

  1. මොනවා කරන්නද මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ අයියේ

    ReplyDelete
  2. එහෙව් රටේ නොවැ අපි උපන්නේ. මිනී මරපු ත්‍රශ්තයො නිදැල්ලෙ ඉද්දි අනේ ඉතින් කාට කියන්නද බන්...

    හැමෝගෙම හරි වැරදි තියෙනවා.. එහෙම කියල මෙහෙව් විදියට ක්‍රියා කිරීම නම් අනුමත කල නොහැකියි. එහෙමෙයි කියල අපි මක්ක කොරන්නද... පබා නංගිල එහෙම රොත්ත පිටින් ගිහින් දැන් 2/3 තියෙනවනේ...

    ReplyDelete
  3. මහනෙල් සුවඳයි, කුඩමස් ගඳමය දෙකටම එක විල දියය නිතින්
    හැමකල් හොදටත් නරකට එහෙමත් ඒ දිය ලෙස තම කටය නිතින්
    තුන්කල් දැනිලත් යන එන මං නැති පෙරමුනකට ගුරුවෙන්න ගිහින්
    කම්පල් නැති බස් දොඩමින් රජුගේ උදහස ගත්තයි මෝඩ ලෙසින්

    ReplyDelete
  4. මහ නිච වැඩක් ඒක. මොනව වුනත් ඒ මනුස්සය රටට සේවයක් කරා. හිරෙ දානවනම් ලංකාවෙ කොච්චර හොරු ඉන්නවද? අවුරුදු 40ක් ඒ මනුස්සය යුද්ද කර මදිවට දැන් හිරෙ දුක් විදිනවා.

    ReplyDelete
  5. Genaral Fonseka...minissunge adare gawrawaya dinagatta...eth politics walata ewith e hemadema nethi karagatta...

    ReplyDelete

රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....

අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...