Wednesday, October 6, 2010

ආදරණීය කල්ලා සර්ට උපහාර පිණිස................

හා පැටික්කි දාලා තිබ්බනෙ ගුරු දිනය ගැන පෝස්ට් එකක්... ඒකට කමෙන්ට් එකක් දාන එක නවත්තලා මට හිතුනා අපේ ඉස්කෝලෙ හිටපු සොදුරුම ගුරු පියෙක් ගැන ලියන්න... ඒ තමයි අපේ කල්ලා සර්... ගුරුවරයෙක් නෙමෙයි ගුරු දෙවියෙක්... ෆිසික්ස් උගන්නන චන්ද්‍රසේන සර් කියපුහම පරම්පරා 3ක විතර ගෝලයෝ හිටියා... හැමෝම හරිම ආදරෙයි සර්ට.... අපි කොමර්ස් කලත් අපිත් එක්කත් ඒ සුහදතාවය ඒ විදිහටම සර් තියාගත්තා... කොල්ලන්ගෙ හද ගැහෙන රාවය ඒ තරම් වටහා ගත්ත ගුරුතුමෙක්නම් මට හම්බුනේ නෑ මුලු ජීවිත කාලයටම. සර් අපි අතරින් වෙන් වෙලා අවුරුද්දකට කිට්ටුයි.... ඒත් හදවතේ ගැඹුරුම තැනක සර් ඉන්නවා... කලින් කතාවල මම කියපු බූලා සර්ත් අපේ කල්ල සර් ගෙන් ඉගෙන ගෙන තියෙනවා... අද කියන්න යන්නෙ කල්ල සර් ගැන මගේ රසබර මතක සටහන් තුනක්.....


එක්තරා දවසක සර් මේන් හෝල් එක පැත්තට ඇවිදගෙන එනවා.. අපි සර් ගෙන් මෙහෙම ඇහුවා...

සර් බඩගිනියි.. සල්ලි එහෙම නෑ නේද සර් අතේ...

ඈ යකෝ... මම ලග කොහෙන්ද උඹලට දෙන්න සල්ලි...

ඔය තියෙන්නෙ සර්..... 

නෑ..... යකෝ... මම ලග..........

ඔන්න ඉතින් පොට වරද්දගන්න යන්නේ... දෙන්නකො සර් කීයක් හරි....

නෑ යකුනේ.... මෙන්න මෙච්චරයි අතේ තියෙන්නෙ 

කියලා සර් රුපියල් දෙකේ කාසියක් පෙන්නුවා.....

හරි හරි.. සර් ඉන්න අපි බලන්නම්...

කියපු අපේ එවුන් දෙන්නෙක් සර්ගෙ අත් දෙකින් අල්ල ගත්තා... අනිකා පර්ස් එක ගත්තා... අනිත් එකා සාක්කු ටිකට බැස්සා.... තිබ්බ සල්ලි ටිකත් අරන් කැන්ටින් එකට ගියා....

තොපි වගේ උන්ට උගන්නන්න මමත් ඉපදුනානෙ මේ ලොකෙට 

කියපු සර් හිනාවෙවී යන්න ගියා....


මේ කතාව නම් පරම්පරා කීපෙක ඉදන් එන ආදි කාලෙ කතාවක්.... ඒක සර් විශ්‍රාම යනකන්ම භාවිතා වුනා.... චන්ද්‍රසේන සර්ට කල්ලා සර් කියන්න හේතුව මම කලින් කිව්වෙ නෑනෙ... ඒ තමයි සර්ගෙ ඡවි වර්ණය... කලුයි කියන්නෙ පට්ට කලුයි... ඒ නිසා තමයි කොල්ලො කල්ලා සර් කියන්නෙ.... හරි කතාවට බහිමුකො...

සර් ඒ කාලෙ ඉදන්ම ගෙදර පොඩි අතිරේක පන්තියක් පවත්වාගෙන ගියා.. ගොඩාක්ම මේකට සහභාගි වෙන්නෙ අපේ ඉස්කෝලෙම කොල්ලො... හැමදාම ගේට්ටුව ගාවට යන අපේ කොල්ලො හඩ නගා මෙහෙම අහනවා...

බල්ලා කයි ද?

මේකෙ අනිත් පැත්ත තේරෙනවනෙ.... සර් ගේ ඇතුලෙ ඉදන් මෙහෙම උත්තර දෙනවා...

මම නිදි නෑ යකෝ.... මෙහෙ වරෙව්......


සර් අපිට නම කියලා කතා කලේ බොහොම කලාතුරකින්.... යකුනේ.. අඩේ.... වගේම මෙතන කියන්න බැරි වචනත් පාවිච්චි කලා..ඒත් ඒ හැම වචනෙකම ඉතාම ලෙන්ගත් බවක් වගේම ආදරණීය බවක් ගෑවිලා තිබ්බා... ගොඩක් වෙලාවට සර් කොල්ලන්ට මෙහෙම කතා කලා..

ඒයි........ එච්. පී. මෙහෙට වර......

එච් පී කියන එකේ තේරුම අපි ඇහුවමනම් කිව්වෙ හුරතල් පුතා කියන එක කියලයි.... හරි අනිත් කතාවට යමුකො... සර්ට හිටියෙ පුතයි දුවයි.... පුතා අපිට වඩා වැඩිමල් උනාට දුව අපේ වයසෙ.... ඉතින් සර්ගෙන් දුව ගැන අහන්නත් අපි අමතක කලේ නෑ.. ඒ වෙලාවටනම් ඉතින් හොදම පද තමයි..... එක දවසක් අපේ එකෙක් ඇහුවා සර්ගෙන් මෙහෙම....

ඇයි සර් ඔච්චර කලු.............?

තොපේ ගෙවල්වලට වගේ අපේ ගෙවල් වලට සුද්දො පැන්නෙ නෑ යකෝ....

ඔන්න කොල්ලෙක්ගෙන් තව ප්‍රශ්ණයක්....

එතකොට සර්, සර්ගෙ දුව සුදු......?

ඊට පස්සෙ ඉතින් තනිකරම සර්ගෙ කටින් පිටවෙන්නෙ මරු කතා.... ඒත් තරහෙන් නෙමෙයි.... සුපුරුදු සිනා මුසු මුවින්.... 

සර් ගැන තව කතා ඕනෙ නම් මෙතනින් කියවන්න පුළුවන්.... කමෙන්ට් හැටියටහ් ගොඩාක් කතා වැටේවි කියලාත් මට හිතෙනවා...ආදරණීය කල්ල සර් පිළිබද මතකයන් කියා නිම කරන්න බෑ.. සියලු මලියදේවයෝ ඔබතුමාට බෙහෙවින් ආදරය කරනව තවමත්.... ගුරු දිනයේදී අපේ පැතුම...

නිවන් සුව ලැබේවා ගුරුතුමනි.....

19 comments:

  1. නිවන් සුව ලැබේවා ගුරුතුමනි.....

    ReplyDelete
  2. එතුමට නිවන් සැප ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා...
    අභීයා ඒ කාලේ කප්පං කල්ලියකනේ ඉඳල තියෙන්නේ.....

    ReplyDelete
  3. sir ta nivansuwaathvevai patanawa,mokada oya kollangen berila ethanawath inna labei.

    ReplyDelete
  4. එතුමාට නිවන් සුව පතනවා... ඒ වගේ සරල මිනිස්සු දැන් හරි අඩුයි බන්...

    ReplyDelete
  5. කල්ල සර් ගැන කතා ගොඩයි. මම හිටියේ සයන්ස් සෙක්ෂන් එකේනේ. සර් අපිත් එක්ක මාරම සුහදයි..සර්ගේ H.P වගේම තව වචනයක් තියනවා V.P කියලා..
    දවසක් මම මැඩම්ලා ඉන්න වෙලාවක් බලලා ඇහුවා සර්ගෙන් මෙහෙම

    මම - “සර් මොකද්ද HP කියල කියන්නේ...“
    සර් - “ඒ යකෝ හොඳ පුතා කියලනේ“
    මම - “එතකොට සර් VP කියන්නේ....“
    සර් -“ම් ම් ම් ආ ඒ වල් පුතා කියන්න නේ...“

    ඔන්න ඔහොමයි සර්...කතානම් ගොඩයි.ඒත් දැන් මතක් වෙද්දිත් දුකයි

    ReplyDelete
  6. මම මලියදේවෙට ගියෙ උ.පෙ. කරන්න. ඒත් ඊට කලින් ඉඳන් කල්ලා ගැන දන්නවා. මම උ.පෙ. කරන්න මලියදෙවෙට ඉල්ලුම්පත්‍ර දැම්මට අසනිප උන නිස සම්මුඛ පරීක්ෂණයට යන්න බැරි උනා. අපේ අප්පච්චි තමා මම වෙනුවට ගියේ. මම හිටියෙ නැතත් මාව තෝරගෙන තිබුණා. ඒත් මගෙ මූන පෙන්නන්න එක්ක එන්න කියල තිබ්බා. ඉතින් පස්සෙ දවසක කල්ලා හම්බෙන්න තමා ගියේ. එදා මගෙ අලුව අතගාල ඉතාමත් සුහදව කිව්ව "මම විහිලුවටනෙ කිව්වෙ, පටන් ගන්න දවසට එන්න පුතේ කියල". හම්බුන පළමු දවසෙම එතරම් සුහදව කතා කරපු ගුරුතුමෙක් මම වෙන දැකල නැහැ.
    මම කල්ලගෙන් ඉගන ගෙන නෑ. උපකාරක පංති ගිහිනුත් නෑ. ඒත් ඔන වෙලාවක හම්බුනොත්, "අඃ කොහොමද පුතේ" කියල අහන්නෙ නැති දවසක් නම් නෑ. ඔනෙම ළමයෙකුට ඔහු එතරම් ලෙන්ගතුයි.
    ගුරු පියාණනි ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  7. අපි නම් ඉන්නෙ කුරුනැගලින් ගොඩක් ඈත. ඒත් අපි දන්නවා ඔය ගුරුතුමන්ලා දෙන්නා ගෙනම කතන්දර. මොකද එකෙ අපෙ එකෙ ඉන්නව මලියදේව එකෙ කොල්ලෙක්. ඉතින් අපිත් තව හොද හොද කතා දන්නවා.බඩ පැලෙනකම් හිනා වෙන්න පුලුවන්. :P :P

    එතුමාට අපිත් නිවන් සුව පතමු.

    ReplyDelete
  8. May he Rest In Peace.
    I'm from your next door college St. Anne's
    My younger brother has gone to this teacher classes, now he is a Medical Student.

    ReplyDelete
  9. 2003 man hitiye grade 9. sir ape house1 (parakrama) ape house1 tibba thana shopping bag1k watila tibila sir eka dakala e laga hitapu mata kiwa "ane chuty puthe meka ayin karanna" kiyala. sir e kiwa widiyata apita iscole kisima guruwarayek katha karala na.. sirta niwan suwa labewa..

    ReplyDelete
  10. නිවන් සුව ලැබේවා ගුරුතුමනි....

    ReplyDelete
  11. miss you sooooooo much sir!!!!

    ReplyDelete
  12. කල්ලගෙන් ඉගෙන ගත්ත අන්තිම සෙට් 1ක අපි,අපේ පන්තියේ හිටපු ලාඩන්ගහපු(prefect) 1ක් මම.අපිට සර්ගෙ ක්ලාස් තිබ්බෙ පාන්දර ඉස්කෝලෙ පටන් ගන්න කලින්,උදේ නිල ඇදුමෙන් පන්ති ආව 1කා ඉස්කෝලෙ පීරියඩ් 1කේ බොහෝ වෙලාවට නෑ,ඊට පස්සෙ හම්බුනාම හොදවයින් අහ ගන්නව,සර් වෑන් 1කේ ආව දවසක අපි පන්ති ඉවර වෙලා සර් වෑන් 1කේ දොර ඇරගෙන ඒක ඇතිලෙ හැ0ගිල ඉදල සර් එක්ක වෑන් 1කේ ඉස්කෝලෙට ආව,එන කම් මාර ෆන් 1ක් ගත්තෙ,ඊට පස්සෙ කවදාවත් සර් වෑන් 1කේ ක්ලාස් 1කට අවෙ නෑ සුපුරුදු බයිසිකලේ තමා අවෙ,ඒ කාලෙ තරම් ජීවිතේ සුන්දර කාලයක් තවත් නෑ,දැනටත් යාලුවො සෙට් උනාම හිනා වෙන්න ඕනතරම් දේවල් තියනව,අපේ මරිය කඩේ කල්ලා සර්ට නිවන් සැප ලැබේවා!!

    ReplyDelete
  13. I'm not a Devan, I'm an ATTITE, But I hv heard alot about u.

    ReplyDelete
  14. ගුරු පියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!!!

    ReplyDelete
  15. api 9 wasaredi sir giye.......
    chamal

    ReplyDelete
  16. කල්ලා සර් ගැන මතකය නම් සුපිරි.
    සර්ගේ උදේ පාන් දර පන්ති වලටත් ගියා.ඒ සර්ගේ ඉස්කෝලෙ අන්තිම කාලෙ මයෙ හිතේ.
    මට උන හොඳ සිද්ධියක් තියෙනවා.ඒත් ලියන්න මොකක්ද වගේ.
    සර් ඔබට නිවන් සුව​.

    ReplyDelete
  17. we were in grade 5 i think when sir retired..but as i remember he was loved by almost everyone..sirta niwan suwa labewa..

    ReplyDelete
  18. sir retire une mama primary 1ke iddi.ape isscole hari aduwenne main assembly tynne.bt sir eda main essmblykypu eka kathawak mata hndata mathakai
    sir wahane hodanne nathuwa tyeddi ayyla wagayak liyala "KALLA MAWA HODAPIYOOO". passe sir petrol ghnda yddi eke petrl gahana pora kiwalu "mkdda mahaththaya me wahane liyala tynne" sir hinawela kiwalu "ape isscole kollo mata dena upahara kyla". eth thrhakin newe kiyala tynne hina wewi
    these typ of techrs are nw extigshd even in MALIYADEVA

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...