Friday, December 31, 2010

ආයුබෝවන් 2010...... පිළිගනිමු 2011

2010 අවුරුද්ද.... ඔන්න ඉතින් ගලාගෙන ගියා... මිනිස්සුන්ට තියෙන වැඩ කන්දරාව නිසා දැන් අවුරුද්දක් යනවා කියන්නේ පැයක් යනවා වගේ කෙටියිද කියලත් හිතෙනවා.... අද කතාව හිනා වෙන්න නෙවෙයි.. මම ලාවට වගේ හිතුවේ 2010 ආවර්ජනාත් එක්ක 2011 බලාපොරොත්තු කීපයක් ගැන කථා කරන්න ඕන කියලා..... ඒකත් එක විදිහක හිතට සැනසීමක් කියලා කියනවනේ..... මේක පොඩි මාකටිං පාරකුත් එක්ක ගොඩ දාන්න තමයි හිතාගෙන ඉන්නේ....

2010 අවුරුද්ද මගේ ජීවිතේ ආපසු හැරවුමක් උනා... මේ අවුරුද්දේ වෙච්ච විශේෂම සිද්ධිය මම අවුරුදු 10ක් තිස්සේ කරපු රජයේ රැකියාවට සමු දීම... මේ ගැන ගොඩාක් දෙනෙක් ගොඩාක් දේවල් කීවා.... ඒත් මගේ වැඩ කිරීමේ හැකියාවට හරි යන්නේ මොන වගේ දෙයක්ද කියන එක මගෙ ඔළුවට ආවෙ ගොඩාක් පහුවෙලා නිසා මම රජයේ රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න පටන් ගත්තා... මෙය මා ජයග්‍රහණය කළ අභියෝගයක් කියලයි හිතෙන්නේ.... ජීවිතේ තුන්වන දශකය ආරම්භය සනිටුහන් කරමින් පටන් ගත්ත 2010, තුන්වෙනි විවාහ සංවත්සරයත් පොඩි පුතුගේ පළවෙනි උපන් දිනයත් සටහන් කලා... මුළු අවුරුද්ද පුරාවට සුභාවාදීව ඇදුන 2010 අවසානය මාව නන්නත්තාර කර දමන්නට සමත් වුනා....

මා පදවමින් ආ මෝටර් රථය බවුසර් රථයක් ඇතුලට ගියේ බිරිඳත් දරුවත් ඉද්දිමයි.... වාසනාවකට අපිට හීරිමක්වත් නැතුව ඒ සිද්ධිය නිමා වුනේ පූරුවේ කරපු පිනකටම විය යුතුමයි.... රජයේ බැංකුවක්  වැදගත්ම අවස්තාවකදි මගේ බැංකු ගිණුම අත් හිටෙව්වේ මාව කබලෙන් ලිපට වැටිලා වැලලිලා යන්නටම ඉඩ දෙමින්.... මේ අවස්ථා දෙකේම වහාම ක්‍රියාත්මක වෙලා මට පිහිට වුනු මගේ යාළු මිත්‍රාදීන්, ඔවුන් තවමත් මාත් එක්ක බවනම් මට පසක් කරලා දුන්නා.... ආදරණීය මිත්‍රවරුනි... ජීවිතයේ කිසිවෙක් නොකරන උදව් මට කරලා මාව සවිමත් කරපු නුඹලාට  මම සඳා ණයගැතියි...

2011 පටන් ගන්නේ අළුත් හීන ගොඩාක් එක්ක....  ලංකා ටුවර් ඕගනයිසර්ස් ලෙස හැදින් වූ මගේ පුංචි කොම්පැනිය ජනවාරි මාසයේ පළවෙනි සතියෙන් පස්සෙ එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල් පුද්ගලික සමාගම Explore Lanka International (Pvt.) Ltd. ලෙස ඉදිරියට යාවි.... ඉන් පසු ඔබට ලංකාව ඇතුලේ වගේම පිටරට සවාරි වුවද අප විසින් කරගත හැක... සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලියැවෙන www.narabamusrilanka.blogspot.com බ්ලොග් අඩවිය ජනවාරි මාසයේ මුල්සතිය තුල ඔබ වෙතට පැමිණෙනු ඇත. ඒ මගින් ලංකාවේ සියළු සංචාරක තොරතුරු, දුර, හෝටල්, සහ අනිකුත් තොරතුරු පිළිබඳ තොරතුරු ඔබ අතට පත් වෙනවා ඇත...


ඔන්න ඔහොම තමයි මේ අවුරුද්ද ගෙවුනේ... ලබන අවුරුද්ද පටන් ගන්නේ... අද මම මගේ මෝටර් රථයේ කටයුතු සඳහා කුරුනෑගල යනවා... ආයෙත් අළුත් අවුරුද්දේ මුණ ගැසෙමු බ්ලොග් අවකාශයෙන්....

සතුට සාමය සමාදානය නිතර ඔබ වෙත උදාවේවා....
යස ඉසුරු ජයපැන්ද කිතුගොස ඔබේ දෙපතුල ලඟට ඒවා...
දෙදාස් එකොලහ වසරේ ඔබගේ සියළු ග්‍රහදොස් නිමා වේවා...
බ්ලොගය බලලා හිනාවෙන ඔබ සියළු දෙවිවරු රැක ගනිත්වා.....



ඔබ සැමට සුභ නව වසරක් වේවා..... 


ප.ලි. තව එක හීනයක් තියෙනවා.. දුමී, දුකා, දිනේශ්, රංග, මාරයා, කසූ සහ අපි නිතර සෙට් වෙන බ්ලොග් සෙට් එකත් එක්ක කොහෙහරි බෝතලයකුත් කඩන්න... ඇත්තට කොච්චර මිහිරි වෙලාවක් වේවිද ඒ වෙලාව...... 

21 comments:

  1. මොකක්ද බං ඒ වාහන සීන් කෝන් එක..අපි දන්නෙත් නැහැනේ..?
    අළුත් වැඩ සටහන් මාලාවටත්..අර පලි කාරණාවටත් ජය වෙවා.
    උඹ බය වෙන්න එපා ලොක්කා..හරි පාරෙ පලයන්..මට මතක විදියට මම උඹට කිව්වා ලියකියවිලි සහ නීතීය එක්ක හරියට වැඩ කරපං කියලා..ඒක තුන් තිස් පැයේම මතක තියාගං.
    එච්චරයි.

    ReplyDelete
  2. ඔබටත් වාසනාවන්ත 2011 ක් වේවා !!

    ReplyDelete
  3. අභි අයියාටත් සුභ නව වසරක් වේවා..... බෝතල් හීනෙන් පෙනෙන සුද්දන් වැඩිපුර ලංකාවට එන ප්‍රීතිමත් සුභ නව වසරක් වේවා....

    ReplyDelete
  4. අප්පා අභියා කරදර ගොඩක් වෙලා නෙ. දැන නොසිටීම ගැන් කනගාටු වෙමි. දැන උන්න නම් මොනා හරි උදව්වක් කරන්න තිබ්බා. අභියා ඉන්නෙත් මම ඉන්න ඉසව්වෙ නේ. කෙසේ හො සුවෙන් සිටීම සතුටට කරුනක්.
    නව කොම්පැනිය දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලා පතනව. සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනව සැමටම.

    ප/ලි නම් මගෙත් හීනයක් උත්සහ කරල බල්මු සාර්ථක කොරගන්න අනිවා ජීවිතේටම මතක හිටින මොහොතක් වෙයි.

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අයියටත් සියලු යස ඉසුරින් පිරි,‍ටුවර් වැඩි වැඩියෙන් සෙට් වෙන සුබම සුබ නව වසරක් වේවා......!!

    (අල්ලපු කොලීජියෙ චරිතයක්නෙ..ලබන අවුරුද්දෙවත් අර අන්තිමට කියපු වැඩේ ට්‍රයක් දාමු අයියේ...)

    ReplyDelete
  8. උඹට වැරදුනා කියලා මම කාටවත් කියන්නෙ නෑ දිනේශ්.... :D

    ReplyDelete
  9. සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  10. නව වසරක සුභ නව වසරකට ආසිරි,,,ඔබ තුමාගේ සමාගමෙන් සේවයක් ගන්න බලාපොරොත්තු වෙනවා....කාලයක් මේ බ්ලොග් එක කියෙවුවට කමෙන්ට් කරලා නම් නෑ වැඩියේ

    ReplyDelete
  11. සුබ නව වසරක් වේවා අයියා ඇතුලු පවුලේ හැමෝටම...!

    ReplyDelete
  12. Abeethata udaw one welawe udaw karanna noheki weema gena mage hithe adatath loku dukak thiyanawa....e uba mage hondama yaluwek una nisa...uba tharaha ne kiyalath dannawa..
    2010 iwarai den..
    Labannawu nawa wasaredi karadara, duk domnas adu ,siyalu pethum sapalawena subama suba nawa wasarak wewa...Jayen Jayama wewa...

    ReplyDelete
  13. සුබ නව වසරක් වේවා සහෝ!!!
    ප.ලි- අර අයිය ප.ලි. කියල දාල තිබ්බ අයිඩියා එකනම් මරේ මරුලු!!! ඤාව්ව්ව්ව්ව්ව්!!!! :)

    ReplyDelete
  14. සුභ නව වසරක් වේවා !!!!!,,,,,,,

    ReplyDelete
  15. “ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට සාමය සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!”

    කරුණාකර මෙම සුබ පැතුම Backdate කරගන්න.
    මෙම සුබ පැතුම ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ සුබ පැතුම් සඳහා ISO 9001 – 2011 සහතික ලත් එකම බෙදාහරින්නා වෙතිනි. කරුණාකර අනුකරණ සුබපැතුම් වලට නොරැවටෙන්න.

    ...::: සන්සරසිදු | sansarasidu :::... - http://sansarasidu.blogspot.com/

    e – Philatelist - http://sansarasidu-philatelist.blogspot.com/

    ප.ලි./
    මාරයියා කිව්වත් වගේ එහෙම දෙයක් අපි දැන ගෙන හිටියෙ නැහැනෙ අයියෙ.. ඒ ගැන මගේ බලවත් කණගාටුව...
    මොනව වුනත් අයියල හොඳින් නම් එච්චරයි..
    අයියගේ සියලු පැතුම් ඉටු වෙන්න කියල පතනවා.. අර ප.ලි. එක ඇරෙන්න...

    ReplyDelete
  16. සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ උබටත්

    අර අන්තිමට දාපු අදහස නම් ගින්දර තමයි. මේ අවුරුද්දෙ පිස්සත් ගොඩ බහින්න ඉන්නේ... ( මූනු පොතින් රික් එකක් එව්ව )

    ReplyDelete
  17. සුබ අලුත් අවුරුද්දක් වේවා !
    අභීත සහෝ... බණ්ඩරවෙල සෙන්ට්‍රල් එකේ ගෑනු ලමයි වලියට බරයි කියලා බ්ලොග් එකෙත් ලිව්වා එහෙනම් ඈ....

    ReplyDelete
  18. අභීත අයියෙ බණ්ඩරවෙල සෙන්ට්‍රල් එක අමතක නැත්නම් 2010 රණවක හයික් එකේ ට්‍රෝෆිය අරන් ඉන් පස්සෙ අවුරුද්දෙ යකා නටලා ගිය අපිව නම් අමතක වෙන්න විදියක් නෑ.
    it'z a small world afterall

    ReplyDelete
  19. printing mistake...
    not2010.
    2002 රණවක හයික් එකේ......
    memorable වලිය....

    ReplyDelete
  20. ඔයාට කියන්න තියෙන්නෙත් ජනනිට කිව්ව එකමයි.. මූණු පොතට රික්වෙස්ට් එකක් එවන්න කවුද කියලා මූණ බලාගන්න.. බියංකා, හසිනි, හංසි, ශාලිකා වගේ අය නම් මතකයි..... කොහොමත් ඒ ගැන්සියෙ ඕනම එකෙක් මූණ දැක්කොත් මතක් කරගන්න පුළුවන්.... අනේ හපොයි එහෙමත් කොටි රංචුවක්.....

    ReplyDelete
  21. I've sent 1.Your blog is cool abeetha ayya.. keep it up.nice articles,good words play n All.Best wishes !

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...