Wednesday, December 15, 2010

කඩු වැනෙන එකේ දෙවෙනි කතාව.....

කලින් කතාවෙදි ඇහුවනෙ සිංහල කතා කරද්දි කඩු වැනෙනවද කියලා... කවුරු හරි හිතනවද දන්නේ නෑ මම ඉංග්‍රීසි භාෂාවත් එක්ක තියෙන තරහවක්වත් පිරිමහනවද කියලා... අනේ එහෙම දෙයක් නෙවෙයි.... මේ හැම කතාවක්ම තියෙන්නෙ ටිකක් හිනාවෙන්නයි.... ටිකක් හිනාවෙන්න කියන එකනෙ මගේ තේමාව. හිනා යන කතා ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට විතර බෙදන්න පුළුවන්ද කියලත් හිතෙනවා.. පළවෙනි කොටස නම් පාසල් ජීවිතේ.... දෙවෙනි එක කට්ටිය බීලා කරන දේවල්... තව ඉතින් ඔහොම වර්ග කරන්න ගියොත් අද පෝස්ට් එක ලියන්න වෙන්නේ නෑ.... මම මේ දවස්වල පොඩි කතා හිඟයකිනුත් පෙලුනා... ඒත් මගේ ලෝකය ලියන රංග සහ අකේලේ හම් ලියන දිනේශ් මල්ලියි දෙන්නගෙ පෝස්ට් කියවපුහම තව අවුරු දෙකකට විතර ලියන්න කතා මතක් උනා.... යාන්තම් ජාමෙ බේරුනා.... හරි කතාවලට එමු....


කඩු කතා ගැනනේ කියනවා කිව්වේ..... සමහර අය එක පාරටම ඉංග්‍රීසි වචනයක් කියන්න ඕන වෙද්දි කලබල වෙනවා... හරියට අර එක්ස් කියන අයියා සිංහල කතා කරනකොට වගේ....ඒ වගේ කතාවක් තමයි පළවෙනි කතාව.. දෙවෙනි තුන්වෙනි කතා ඉංග්‍රීසි තේරෙන සත්තු ගැන... තිරිසන් සත්තු නිසාම දන්නෙ වචන දෙකයි තුනයි.. පැටලුනොත් ඔක්කොම විනාශයි... හරි කතා වලට යමු....


මේ සිද්ධිය උනේ බ්ලොග් කලාවේ දැවැන්තයෙකුට... තවත් බ්ලොග් දැවැන්තයෙක්ගෙ ගෙදර යද්දි සති දෙකකට විතර උඩදි තමයි උනේ මම හිතන්නේ.... දන්න කට්ටිය මොකුත් කියන්න එපා හොදද..... දැන් කාර් එක මම පදවනවා..... ජේඩීගේ දිනපොත ලියන ජේඩීයි, මගේ සඳ ලියන පසනුයි පිටිපස්සෙ සීට් එකේ.. සිද්ධියට අදාල පුද්ගලයා ඉස්සරහා ආසනේ..... අපි ඉතින් කඩේ දාගෙන යද්දි පාරෙ තිබ්බා ටිකක් විතර ලොකු ගැට්ටක්... මම ඒක නොදකියි කියලා හිතපු අපේ හිතවතා එක පාරටම මෙහෙම කිව්වා...


ඔන්න අභියා බැරියර් එකක්......


මම බැලුවා කොහෙද බැරියර් එක කියලා.... එහෙම එකක් නෑ.. මම වේගය අඩු කරලා ගැට්ට උඩින් දාන ගමන් ඇහුවා කෝ බන් බැරියර් එකක්.....?


ආහ්... බැරියර් එකක් නෙමේ..... බම්පර් එකක්...


කලබලේට පැටලෙන හැටි බලන්නකො ඉතින්..... ජේඩීයි පසනුයි මමයි මේ කතාව විනෝදයක් කර ගන්න අමතක කලේ නෑ ඉතින්..... කොල්ල ඉතින් එනකන් බයිට්...


තිරිසන් සත්තු ගැනත් කියනවා කිව්වනේ.... අර මගෙ හොදම බෝඩිමේ ඉස්සරහ ගෙදර හිටියා බල්ලෙක්.... පට්ට සැර බල්ලෙක් ඌ... අපිත් එක්ක නම් පුදුම තරහක් තිබ්බේ... ඉතින් ඒ ගෙදර පාස් කරලා එද්දි අපේ උන් ඔක්කොම කලිසමේ බෙල්ට් එක අතින් අරන් එන්නෙ.... පැන්න ගමන් දෙන්න බලාගෙන.... එහා ගෙදර අන්කල් ඌට කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්.... කම්(come) කියපුහම එනවා... ගෝ (go) කියපුහම යනවා..... 


අතින් අපේ උන්ට හපන්න ආපුහාම අපේ උන් මලටත් එක්කම ඌව පන්නන්නෙ කම් කම් කිය කිය.... බෝඩිමට් ඇවිත් අසුරු ගහලා ගෝ ගෝ කිය කිය ඌට කතා කරනවා.... නිතර දෙවේලේ කතා කරන ඉංග්‍රීසියට හුරු උන බල්ලා.... අන්කල් ගෝ කියපුහාම ලඟට එනවා.... කම් කියපුහාම එලියට යනවා..... 


හරි තුන්වෙනි කතාව.... ඔයාලා ගිහින් තියෙනවද නුවර එලියේ.... ඊට පස්සේ හෝර්ටන් තැන්නේ.... දැන් ඉතින් හිතන්න එපා මම බිස්නස් කරන්න හදනවා කියලා.... ගිහින් නැත්නම් මට කියන්න.... කතාව මේකයි.. නුවර එලියේ ඉදන් අඹේවෙල හරහා හෝර්ටන් තැන්නට යද්දි ඔයාලට දකින්න ලැබෙනවා කන්දේ ඇල කියලා විශාල ජලාශයක්.. කන්දේ ඇල රක්ෂිතය කියලා පොඩි කැලෑවකුත් තියෙනවා.... ඔන්න ඔය කියන ජලාශයේ තියෙනවා බෝට්ටු සේවයක්..... හරි හරි..පොඩ්ඩක් ඉන්න.... කතාවට එන්න කලින් පසුබිම කියන්න ඕනනේ.... ඉතින් හොර්ටන් තැන්නෙ යන හෝ ගිහින් එන අය මේ කන්දෙ ඇලේ බෝට්ටු පදින එක කරනවා ගොඩාක් වෙලාවට.. හරි දැන් බහිමු කතාවට..... 



ඒ බෝට්ටු සවාරියේ පොඩි විශේෂයක් තියෙනවා.. බෝට්ටුවක් කිව්වට ඒක ටිකක් පාලම් පාරුවක් වගේ.... මේ බෝට්ටුවේ ඉන්නවා බල්ලෙක්.... මෙයාගේ වැඩේ තමයි ජලාශයේ ඈතට බෝට්ටු සවාරියේ ගිහින් ජම්ප් කියපු ගමන් අර සීතලට වතුරට පැනලා බෝට්ටුව පස්සෙ පීනගෙන එන එක.... කට්ටියත් ඊට පස්සෙ බෝට්ටුවේ ඉන්න අයත් බල්ලා දිහාගෙන පොඩි විනෝදයක් ලබනවා.. කොච්චර ඇති වුනත් බල්ලත් ඊලඟ ගමන් වාරයෙත් බල්ලා යනව බෝට්ටුවේ... ඔන්න දැන් තමයි කතාව....



දැන් ඔන්න දවසක් මමත් එක්ක ගිය විදේශිකයො පිරිසකුත් මේ බෝට්ටුවේ සවාරියක් යන්න බලාගෙන ඉන්නවා... බෝට්ටුව නගින කොට මම එයාලට පැහැදිලි කරලා දුන්න බල්ලගෙ කතන්දරේ... දැන් එයාලත් හරිම ආසයි බල්ලගේ වික්‍රමය බලන්න.....  දැන් කට්ටිය නැග්ගා.. උපරිම දුරක් ගිහින්නෙ බල්ලට ජම්ප් කියන්නේ.... නැත්නම් ගතියක් නෑනේ.... ඒ උනාට බල්ලා බෝට්ටුවේ ගැට්ටෙ ඉන්නෙ පනින්න බලාගෙන.... එහෙට යනවා මෙහෙට එනවා.. පනින්න හදනවා ජම්ප් කීවෙ නැති නිසා ආපහු එනවා..එක විකාරයයි.... තවම බෝට්ටුව යන්න පටන් අරන් අඩි දහයක් වත් උනේ නෑ..... බල්ල දිහා බලන් හිටපු සුදු මහත්තැන් කෙනෙකුට හිතුනා බල්ලා දැන් නම් පනියි තමයි කියලා.. මොකද ඌ දගලන හැටියට කාටත් හිතෙන්නෙ එහෙමයි.... සුදු මහත්තයා බල්ලට කරුණාවෙන් මෙහෙම කිව්වා...


ඩෝන්ට් ජම්ප් (Don't Jump)


බල්ලට තේරෙනවද ඩෝන්ට්.... ඌට ජම්ප් ඇහුනා විතරයි ඌ පැන්නා..... 


දවස් හතක ගමනක් ඉවර වෙනකන් ඇන්ඩෲ මහත්තය මිස්ටර් ඩෝන්ට් ජම්ප් බවට පත් උනා අනිත් අය අතරේ.... 



  

33 comments:

  1. මට හිතා ගන්න පුලුවන් බම්පර් එකට බැරියර් එකපු මෑන්ව !

    ReplyDelete
  2. පට්ට හොදේ..හික්z..හේ හේ ..මරු මරු..

    ReplyDelete
  3. කවුදෑ බං අභි අයියේ අර කාර් එකේ ඉස්සරැහ සීට් එකේ ගියේ.... හේ හේ හේ....:D

    ReplyDelete
  4. අහි අයියා ඩෝනට් ජම්ප්..... කවි බස් එකට නගින්නෙත් නැතුව මේකනේ ලිව්වේ.... හරි හරි... ඉල ඇදෙන්න හිනා උනා.. දැන් කවි මතක්වෙන්නෙත් නැහැ.... :) :) :) 

    ReplyDelete
  5. අනේ අයියා මං නන් දන්නෑ ඕං ඔවා.....හික් හික්..:-D

    ReplyDelete
  6. එළ කතා ටික මචං. ඔන්න අපේ ඉස්කෝලෙ සර් කෙනෙක් හිටිය කෘෂිකර්මෙ උගන්නන. එදා ඉස්කෝලෙ ප්‍රධාන දොර‍ටුවෙ හිටියෙ මමයි තව යාලුවෙකුයි මේ සර් නුයි තමා. අපි ඉන්නෙ පරක්කු වෙලා එන උන් අල්ලන්න.

    ඔතන පොඩි ලමයි එක්ක ඇවිත් ලස්සන ඇන්ටිල එහෙමත් ඉන්නව. සර් එක සැරේම කිවුවා මගේ යාලුවට "පුතා රයිට් දෝස් නම්ස් (names නෙමේ නම්ස් කියලමයි කිවුවෙ). මම නම් දිවුව හිනාව නවත්ත ගන්න බැරුව.

    ReplyDelete
  7. හික් හික් හික් අෆි දන්නෙත් නැ ලූ ඕන්....... හැක්xxxxxxx ;)

    ReplyDelete
  8. ඈ බං... මම දන්න තරමින් නම් ඒවට කියන්නේ හම්පර් (Humper) කියලයි...

    ReplyDelete
  9. අන්න සාක්කි කාරයෝ දෙන්නා නම් දන්නේ නැලු...

    ReplyDelete
  10. හි හි මට නම් හිතා ගත ඇහැකි කව්ද මෙ ඉස්සරහ සීට් එකෙ ගියෙ කියලා......

    එල කතා ටික අභියා...............

    ReplyDelete
  11. එල එල... ඩොන්ට් ජම්ප් කතාව එලම එල... තාමත් හිනා යනවා...

    ReplyDelete
  12. විනාසයි. ඩෝන්ට් ජම්ප් කතාව නම් පංකාදුයි :)) බල්ලාට තේරෙනවාද ඉංග්‍රීසී :))

    ReplyDelete
  13. පොඩ්ඩක් ඉඳින්කෝ ඔකට උත්තරෙ තිබුනා කතන්දරගේ බ්ලොග් එකේ...

    ආ..අනිත් කාරණේ..උඹ නැහැයි නැහැයි කියලා ඔය දාන්නේ නියමෙට ඇඩ් එක...

    ReplyDelete
  14. හුට්ටප් පරිජාලං කිව්වළු
    මුවා ගස්ද කොල්ලෝ..?

    ReplyDelete
  15. හිකිස්... ඩෝන්ට් ජම්ප්.... ටිකක් නෙවෙයි අම්බානක හිනා ගියා නේ....

    ReplyDelete
  16. අන්තිම කතාවනම් මතක් වෙන ගානෙ හිනා යනව අයියා.මෝදකයක් එහෙම කාල හිටියනම් ලොවෙත් නෑ.

    ReplyDelete
  17. හප්පා සුද්දා ඇනගෙන නේද?

    ReplyDelete
  18. මේ මචෝ උඹත් මුවන්ට මඩ ගහන්න ගිහින් ඇදගෙන නාලද මන්දා . . .

    බම්පර් කියන්නේ කාර් එකෙම කෑල්ලක් ද කොහෙද නේද . .

    අර ජීව් මළයා කිව්ව වගේ ඔය කියපු එකට හම්ප් කියනවා කියලයි මමත් අහලා තියෙන්නේ . .

    පසනෝ . . වැපෝ . . උඹලට ඕන් මුවායි අභියායි දෙන්නම බයිට් කරන්න ඇහැක් වගේ දැන් නම් . . හික් හික්

    ReplyDelete
  19. නෑ දුකා. මම ඒකෙ නිවැරදි වචනය කියන්න ගියෙ නෑ... ඌ දෙවෙනි පාරටත් නා ගත්තා කියන එකයි මම අදහස් කලේ......

    අදහස් දක්වපු හැමෝටම ස්තූතියි ඕන්.....

    ReplyDelete
  20. අනේ මේ කියන පුද්ගලයා මුවා අයියා නම් නෙවෙයි ඕන්.....

    ReplyDelete
  21. මේක බ්ලොග් එකට නම අදාල නෑ. අය්යා කුරුණෑගල මලියදේව නේද?Scouting කර නේද? 1999 සම්පත් රණවක අනුස්මරණ ශුරතාවය සංවිධාන කමිටුවේ හිටියද?

    එක පාරට ප්‍රශ්න ගොඩක්..:D එත් අහල බලන්න හිතුන දන්නා කෙනෙක් කියල හිතුනු නිසා.

    ReplyDelete
  22. ඔව් නංගි.. එයා තමා.. මට කියනවද ඔයා කව්ද කියලා...

    ReplyDelete
  23. මම 1999 දී බණ්ඩාරවෙල මධ්‍ය මහා විදයලෙන් ආපු බලදක්ෂිකා කණ්ඩයමේ හිටිය. මං තමයි අපේ කණ්ඩයමේ දෙවෙනි නායිකාව විදියට වැඩ කරේ. අපි ඒ පාර අනුශුරතාවය දින ගත්තා.ශුරතාවය ගත්තේ මලියදේව බාලිකාව. අය්යට නම මාව මතක නැතුව ඇති.

    ReplyDelete
  24. තරහ නැතුව මූනු පොතෙන් රික්වෙස්ට් එකක් එවන්න නංගී....
    මෙච්චර කල් මාව මතක තිබ්බ එකටනම් ස්තූතියි ගොඩාක්ම..

    ReplyDelete
  25. හපොයි සුද්දාට වෙච්ච දෙයක්! හිනා වෙලා පණ යනවා

    ReplyDelete
  26. නියම කතා ටික. හිනාවෙලාම හති !!!!

    ReplyDelete
  27. Don't jump thamai lassanama kathawa....

    ReplyDelete
  28. මේක මගේ යාළුවෙක් කියපු කතාවක්. මුන්නැහේ එංගලන්තේ හිටපු සීයගේ පිහිටෙන් එහෙට රිංගුවා. ඉගෙනගන්න ගියත් ගාන හොයාගන්න මොකක් හරි කටුවක් කන්න වෙනවනෙ. ලැබුණ රස්සාව සෙකියුරිටි ගාඩ්. මොකද සීයත් ඒකමයි කරන්නෙ. රෑ තනි පංගලමෙ බඩු ගබඩාවක් මුර කරන්න වෙලා. තනියට දෙනවා බල්ලෙක් ව. බල්ලට කතා කරන්න ඉගෙන ගන්න මාසෙකට වැඩිය ගියාලු. මොකද සුද්ද වගේ ඉංග්‍රිසි සද්ද කරන්න ඕනෙනෙ.

    පොර හොයාගත්ත උපක්‍රමය ඔයාටත් ට්‍රයි කරල බැළුවැකි. කෙල තැබ්බක් කටේ තියාන, ඒක හලා ගන්නෙ නැතුව කතා කරන එක...!

    බල්ල පූස උනාළු ඊට පස්සෙ.

    ReplyDelete
  29. ඔය ගියාය කියන ගෙදර දැවැන්තයෙක් හිටියාදැයි අපි නොදනිමු.

    නමුත් ඉස්සරහ සීට් එකේ ගිය දැවන්තයා නම් අපිට හිතා ගත හැක්කෙමු.

    කාටත් ඔය වගේ ටැපලිලි වෙනවා.
    මං දවසක් කීවා වන් චයිල්ඩ්, ටූ චයිල්ඩ්ස් කියලා!

    ReplyDelete
  30. සමාවෙන්න කසූ... දැවැන්ත තට්ටයක් තියෙන පොරක්නම් හිටියා..... :

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...