Saturday, March 12, 2011

බාලදක්ෂ දිවියේ තවත් එක දවසක්.....

පහුගිය පෝස්ට් එකෙන් මගෙ අළුත් ව්‍යාපාරය ගැන දාපු නිසා හැමෝම ඒකටත් කමෙන්ට් කරලා තිබ්බා.. ඒ නිසා ආපු දුරකථන ඇමතුම් නිසා මේ ප්‍රචාරක ක්‍රමය හොදයි කියලත් හිතුනා.... ඒත් මේ ටිකක් හිනාවෙන බ්ලොග් එක මාකටින් බ්ලොග් එකක් කරන්න කිසිදු අදහසක් මගේ නැති නිසා ඒ හා සම්භන්ධ තවත් පණිවුඩ දෙකක් දන්වලා මගේ ව්‍යාපාරය ගැන කතා නවත්තනවා... එක තමයි ඔබ ඉන්නේ පිටරටනම් අර්ධ කාලීනව කරන්න පුළුවන් රැකියාවක් මා සතුයි.... තව දුරටත් කිව්වොත් ඔබ ඉන්න රටේ මගේ නියෝජිතයෙක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව මගේ ඊ මේලය හරහා වැඩි විස්තර දැනගන්න පුළුවන්..... අංක දෙක තමයි ඔබ සංචාරක ක්ෂේත්‍රයේ අයෝජනය කරන්න හිතමින් සිටිනවානම් ඒ ගැන උපදෙස්ද අපෙන් ලබා ගත හැකියි.. හරි ව්‍යාපාර කතා ඉවරයි....


හරි දැන් කතාව.. බාලදක්ෂ ජීවිතය මට පහුගිය ටිකේ තිත්ත වෙලා හිටියෙ කොල්ලකාරයෝ නිසා.. අපේ දහඩිය මහන්සියෙන් ගොඩ නගාපු දේවල් තමුන්ගෙ වගේ අනුන් පාවිච්චි කරන අවස්ථා කිහිපයක් එක ලඟ උදා වුන නිසා මම හිතා ගත්තේ මම දැන් ඒ සඳහා යොමු වුනා ඇති කියලයි... ඒත් අද දිනයේ නැවතත් බාලදක්ෂ ජීවිතයට එබී බලන්න අවස්ථාවක් මට උදා වුනා.... ඒ මගේ ආදරණීය ගුරු මෑණි කෙනෙක් වුන අවන්ති ගුරු මහත්මියයි ආදරණීය නවාතැන ලියන ජනනි පුංචි ටීචරුයි නිසා.... ඔවුන් දෙදෙනා තමයි දැන් නුගේගොඩ අනුලා විද්‍යාලයේ බාලදක්ෂිකා ආචාර්යවරියන්.... ඉතින් මට අද දිනයේ එහි පැවැත්වුන කඳවුරු ගිනි මැලයට සහභාගී වෙන්න අවස්ථාව උදා වුනා... මේ දවස්වල ජීවිතය වචනයෙන් ලියන සෝරෝවාත් මාත් එක්ක ඉන්න නිසා මේ ගමන්වලට ඔහුගේ සහභාගිත්වයත් තියෙනවා... බාලදක්ෂ අත්දැකීම් පිරිණු අපේ දිවියෙන් බිඳක් අනුලා දූවරුන්ට දෙන්න හැකිවීමනම් සතුටක්... 



අත්දැකීම් අතින් වූ මද බව නිසා ටිකක් අපහසු කාර්යයක් බව පෙනුනත් ඒ සියළු අපහසුතා මග හරවාගෙන ඔවුන් අවසානයේදී ඉතා සාර්ථක ගිනි මැල සංදර්ශනයක් අවසන් කල බවයි මගේ මතයනම්.... පෙර දිනයේ මා සඳහන් කල පරිදිම කාලය ගැටළුවක් උනේ ඔවුන්ගේ අඩුවක් නිසා නොව වෙනත් භාහිර පාර්ශ්වයන්ගේ බක පන්ඩිත මැදිහත්වීම් නිසයි.... ඒත් සියළු බාධක මග හරවාගෙන සතුටෙන් පිරිණු රාත්‍රියක් අවසන් කරන්නට හැකිවීම පිළිබඳව අනුලා දූවරුන්ට මෙන්ම ගුරු මහත්මීන්ටද ගෞරවය පිදිය යුතුමයි...... ආදි බාලදක්ෂයින් ගායනය කලේ අකුරු මැකී නෑ ගීතය... ඒ ගීතය අපේ ජීවිතට කොච්චර සමීපද? අද දිනය ගැන සැහීමට පත් වෙන්න එම ගීතය සවන් වැකුනු එකම ඇති කියලයි මට හිතෙන්නේ....


මීට අවුරුදු 23කට ප්‍රථම පෝතක බාලදක්ශයෙක් විදිහට බැදුනු හැටි මට අද වගේ මතකයි.... එද ගැයූ ගිනිදලූ නැග එතී ගීතය මම අදත් ගැයුවා... එදා වගේම හැගීමක් මටත් දැනුනා... මම අද පොඩි තීරනේකටත් ආවා... ඒ තමයි පාසැල් වලින් අයින් වන බාලදක්ෂයින්ට ඔවුන්ට හරියන රැකියා සොයාදීමේ ව්‍යාපෘතියක් අරඹන්න.. අපි ඒ ගැන ඉදිරියට බලමු....


අද කතාව හිනාවෙන්න නෙවෙයි..ඒත් ටිකක් හිනාවෙන්න හිතාගෙන මේ බ්ලොග් එක බලන කට්ටිය සදහා අද දවසේ සිදු වුන රසවත් කතා කිහිපෙකුත් කියන්න ඕනනේ... ඒත් ඉතින් ජනනිට මඩ ගහන්න වෙන නිසා ඒකත් නවත්තන්න වෙනවා... මොකද ඒ ටික අපි අවුරුදු උත්සවේට තියාගමු.... එදාට දෙමු සුපිරි මඩක්..


ඒ අතරේ තමයි අවුරුදු උත්සවේ මතක් උනේ.. ඔන්න අපි ඒකට අද ඉදන් වැඩ පටන් ගන්නවා... හෙට රාත්‍රී අවුරුදු උත්සව බ්ලොග් එක බැලුවොත් අළුත්ම රස්නේ නිව්ස් දැන ගන්න ඔයාලට පුළුවන් වේවි...


ප.ලි.. මෙන්න සංජු ටීචරුත් බාලදක්ෂිකා කතා දාලා... බ්ලොග් අවකාශයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් සෑහෙන ප්‍රමානයක් ඉන්නවනේ බොලේ...

17 comments:

  1. මාත් බාලදක්ෂ කණ්ඩායමට බැඳිලා හිටියා අවුරුදු හතරක් විතර. කොච්චර දක්ෂද කියනවනම් අවුරුදු හතරෙන් තුනක්ම membership badge එක ගන්න වියදම් කලා. ඉතුරු අවුරුද්ද ඇතුලත scout award සම්පූර්ණ කලත් hike එක නොකරම බාලදක්ෂ ජීවිතේ නවත්තල දැම්ම. විශේෂ කියල දෙයක් ඉතිං නැහැ. වැස්ස අස්සෙ තියන කැම්පරියි, අවුරුද්දෙ ඉතුරු කෑම්ප් දෙකයි ඉතිං හැම තැනම එක වගේ සිරා නේ. අසුරයා කියල බ්ලොග් ලියන මගේ බැචෙක්නම් (http://dinukathilanga.wordpress.com/) ජනාධිපති බාලදක්ෂ. එච්චරයි ඉතිං. 42වෙනි කොලඹ කණ්ඩායමේ ‍Green troop එක තමයි ඇඩ්‍රස් එක.

    දැන් ලොග් පොතවත් හොයාගන්න අමාරුයි.

    ReplyDelete
  2. "බාලදක්ෂ ජීවිතය මට පහුගිය ටිකේ තිත්ත වෙලා හිටියෙ කොල්ලකාරයෝ නිසා" - ඕකට මුහුදු යන එවුන් අයිති නෑ මම හිතන්නෙ. උන් නං එල ඩයල්! ;). මට නං බාල දක්ෂ කටයුතු ගැන මගේ අත්දැකීම් නැහැ. හැබැයි මගේ යාලුවෝ ටිකක් ඉන්ටනැෂනල් ජම්බෝරියකට ගිහින් වෙච්ච මරු සීන් තියෙනව. හැබැයි ඒවා බ්ලොග් වල ලියල අහු උනොත් මම ගස්! නිකන් මොටෝ ඉල්ලන් කන්නෙ?

    ReplyDelete
  3. බාල දක්‍ෂ වැඩ සටහන් අපේ ඉස්කෝල වල තිබුනත් උගන්වන්න කෙනෙක් නොහිටිය නිසා ඒකට ළමයි එකතු උනේ නෑ . ඉතින් මමත් කවදාකවත් බාල දක්‍ෂයෙක් වෙලා නෑ .. හැබැයි අපේ පැත්තේ ඉස්කෝලවල එලටම නැගලා ගියා කැඩෙට් . මමත් බොක්කෙන්ම කැඩෙට් කරා . අදටත් එකපාර ... දෙනෙකුට ගහන්න පුලුවන් කැඩෙට් කරපු නිසා .

    ReplyDelete
  4. ගිනි දලූ නැග එතී . . . .
    රත් පැහෑ වී දිලී . . . .
    ගනදුර බිඳවැටී . . . .
    එලි වෙතී . . . .
    51st COLOMBO බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටපු කාලෙ තමයි මගෙ පාසල් කාලයේ ලස්සනම කොටස. අපේ කන්ඩායම් නායකය "ලලිත් සුජේලාල් ඩි සිල්වා" (http://www.facebook.com/home.php#!/profile.php?id=100000027379824) අයිය තමයි අදටත් මගෙ ජීවිත ආදර්ෂය.

    ReplyDelete
  5. මමත් පොතක බාල දක්ෂ කලා. ඒත් එතනින් එහාට අපේ ස්කොලෙ තිබුනෙ නෑ.
    අදටත් ආසයි ඒ බාල දක්ෂ කරපු කාලෙට..

    ReplyDelete
  6. මම බාලදක්ෂ කොලේ නෑ..කොරනවා බලන් ඉදියා :)

    ReplyDelete
  7. අපොයි! මෙන්න මඩ ගහනවෝ: )

    ReplyDelete
  8. අපිත් ඉතින් 3න් වසරෙ ඉඳන් බාල දක්ෂයෝ තමා ;) ඒ වුනාට සිරා සීන්z එක කියනේ මට පස්සෙ අලුතෙන් ආපු එවුනුත් ග්‍රීන් කෝඩ් එක අරගන්නකොට මට ඒක ගන්න බැරි වුන එකනේ :(

    අපේ සර් කාරයා මොනවහරි ඇණයක් දාලා මගේ හයික් රිපෝර්ට් එක ෆේල් කොලා. 5 පාරකට වඩා හයික්z ගියා :D

    ඒ කාලෙනම් ආයෙ ජීවිතේට අමතක නොවෙන කාලයක් තමා අෆ්ෆා පාසල් කාලේ ෆන් වැඩිම කාලෙන් එකක් කිව්වත් වැරදි නැ. ඒ කාපු කටු, ගුටි, ලැබුන ප්‍රෂංසා & අමතක නොවන අද්දැකිම්ටික මිල කරන්න බැ :)

    ReplyDelete
  9. අනිවා... හිස් අහස අපිත් කලේ කෑඩෙටින් තමා.
    දෑන් උනත් ඔන දෙයක් ඔන විදියට අව්ලක් නෑතුව කරගන්න පුලුවන්.

    ReplyDelete
  10. සහෝ මම ඩැනටමත් බාලදක්ෂයෙක්. මානවක බාලදක්ෂයෙක් වගේම පොදියත බාලදක්ෂ අදියර 1 සම්පූර්ණ කරපු නායකයෙක් .. සහෝ ව අදුරගන්න ආසයි .. මාව අමතන්න

    malithmax@in.com

    ReplyDelete
  11. හ්ම්ම්.. උගන්නපු ටිචගේ අස්වීමත් එක්ක මගේ බාලදක්ෂිකා ජීවිතේ නතර උනා.. අපරාදේ.. දුක තමා :(

    ReplyDelete
  12. නියමයි ආ... මේ අවුරුද් උත්සවේටත් ගිනිමැල සන්දර්ශනයක් තියමුද?

    ReplyDelete
  13. මාත් ඉතින් බාලදක්ෂ කළා. ජනාධිපති බාලදක්ෂයෙක් වුණා වගේම පස්සේ කාලේ නායක පුහුණු පාඨමාලාවන් කරලා බාලදක්ෂ නායකයෙකුත් වුනා.

    වැඩ කටයුතු වැඩි නිසා ඉස්සර වගේ බාලදක්ෂ කටයුතුවලට හැමදාම වගේ යන්න බැරි වුනත් කඳවුරු වගේ ඒවා නම් අනිවා යනවා. තවමත් ඉස්සර වගේම සුන්දර අත්දැකීම් රාසියක් ගන්න පුලුවන් ඒ වැඩවලින්.

    සූදානම්ව සිටිනු !!!

    ReplyDelete
  14. අපි සූදානම්....

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්!!!!!!!!!!බාලදක්ෂ කල මමත්.පොතක බාලදක්ෂ ඉදලාම.මම "88" සාන්ත මරියා බාල දක්ෂ සමුහයට අවුරුදු 8ට පස්සේ ජනාදිපති බලදක්ෂයෙක් උනේ.මට ඒ ගැන හරිම සතුටුයි!! මගේ බාලදක්ෂ ජිවිතේ එච්චර දුරක් යන්න ලැබුනේ මගේ බලදක්ක නායකයන්තුමන් වන කුමාර ප්‍රනාන්දු සර්,කෝලිත රොෂාන් මහතා නිසා කියන එක මම සතුටින් කියනවා.
    ආදාටත් මම ඒ දේට කැමති.

    https://www.facebook.com/group.php?gid=88953339880&v=wall
    https://www.facebook.com/profile.php?id=1748635215

    මේකේ සදහන් කර තිබු "මම අද පොඩි තීරනේකටත් ආවා... ඒ තමයි පාසැල් වලින් අයින් වන බාලදක්ෂයින්ට ඔවුන්ට හරියන රැකියා සොයාදීමේ ව්‍යාපෘතියක් අරඹන්න.. " මේ වගේ දයක් කරනවානම් ලොකු දෙයක්..මට මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ.
    anushkasf@gmail.com ලිපිනයට වැඩි විස්තර යෝඋමු කරන්න කැමතිනම්!

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔයා 0718220925 අංකයෙන් ප්‍රසාද් අමතන්න.. අපි දැනටමත් එහෙම එකක් කරගෙන යනවා.... ශ්‍රී ලංකා ආදි බාලදක්ෂ සහ ආදි බාලදක්ෂිකා සංගමය කියන සංවිධානයට බැඳිලා අපිත් එක්ක එකතු වෙන්න... මේ තියෙන්නේ ඒකෙ මූනු පොතේ පේජ් එක....

      Delete
  16. happy to see that..keep updating....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...