Thursday, May 19, 2011

දිලුම් මචන්,


දිළුම්, අද උදේ උඹගේ මල්ලි ශාන් කෝල් කරලා මහ කාළකණ්ණි ආරංචියක් කිව්වා.. ඒ අපිත් එක්ක අපේම එකෙක් වෙලා හිටපු උඹ අපෙන් සමු අරන් ආයේ නො එන්නම ගියා කියන එක.. උඹ සිහිය නැතුව ඉස්පිරිතාලේ ඉද්දි අපි හැමෝම උඹට ජීවිතය යැද්දා.... උඹේ කණ පිළිබඳ රෝගය අපිට අපේම රෝගයක් බවට පත් වුනා... ඒත් දැන් හැමදෙයක්ම වෙලා ඉවරයි... උඹේ කවි, නිර්මාණ අපිට ආයේ දකින්න නැතිවෙයි.. මුණ ගැහෙන හැම වෙලාවෙම අපිව හිනස්සවන්න උඹ ආයෙත් අපි ලඟට එන්නෙ නැතිවෙයි.... ඒත් දිළුම්, උඹේ සුවඳ ජීවිතය පවතිනතාක් කල් අපිත් එක්ක රැඳේවි.. ඒ සුවඳ තවත් වැඩි කරන්නට අපි ඉදිරියේදී කටයුතු කරාවි.... 


මගේ බ්ලොග් එකේ කෙටිම පෝස්ට් එක මෙය වේවි... මට උඹට කියන්න මහ ලොකු දේවල් නෑ මචන්, උඹට නිවන් සුව මම මුළු හඳින්ම ප්‍රාර්ථනා කරනවා... කලින් පෝස්ට් එකකත් කියූ පරිදි අදටත් මට නොවිසදෙන එකම ගැටළුව මෙයයි.....



අරුමේ කිම වඳවෙන සඳ සදිසි මිනිස්සු...?

39 comments:

  1. අයියේ ඔබට නිවන් සුව....!!!!!!!

    ReplyDelete
  2. මෙය මම අදුනන්නෙ නැති කෙනෙක් උනත්..
    මම බ්ලොග්ස් ලියන්න එද්දි මෙයා ඉස්පිරිතාලෙ මම හිතන්නෙ...
    කියන්න තියෙන්නෙ ඕකමයි...
    නැවතත් අප අතර ඉපදෙන්නෙ නැතුව නිවනටම යන්න..!!

    ReplyDelete
  3. ඉලන්දාරියා උඹට නිවන් සුව ලැබේවා...!

    ReplyDelete
  4. ඔබට නිවන් සුව....!!!

    ReplyDelete
  5. මෙහෙම අවසානයක් හීනෙකින්වත් හිතුවෙ නෑ සහෝ. මුළු බ්ලොග් අවකාශයම එකා වගේ එකතු උනේ ඔයා නිසා. ඔයා වටේ පවුරක් වගේ ඉන්නයි අපිට ඕනෙ උනේ. අද අපි ටික එකතු වෙලා ඉන්නවා. ඒත් ඔයා නෑ. ඒක දරාගන්න අමාරු ඇත්තක්. ඔබට නිවන් සුව පතනවා හැරෙන්නට අපි කුමක් කරන්නද සහෝ.

    ReplyDelete
  6. දිලුම් අයියේ , ඔබට නිවන් සුව!

    ReplyDelete
  7. නැවත මෙවන් අකල් මරණයක් කිසි දිනක නොවන්නට අප සියළු දෙනාගේ පිං අරගෙන හොඳ තැනක ඉපදේවා.
    සංසාර මඟ ටිකෙන් ටික කෙටි වේවා....!!

    ReplyDelete
  8. මතු ආත්ම වලදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.....!!!!!
    අපේ දිළුම් අයියට නිවන් සුව අත්වේවා!!!!

    ReplyDelete
  9. බ්ලොග් යායේදී මට හමුවු දිලුම් සොයුර, උපදිනා කිසිදු භවයකදී මෙවන් අකල් මරණයක් ඔබහට නොවේවා. ඔබට නිවන් සුවම අත්වේවා.

    ඇසින් නොදුටු මුත්, සොයුරෙක් නැති උනා සමානවම හිතට දුකයි.

    ReplyDelete
  10. අද දවසේ අසන්නට ලැබුන කණගාටුදායක මෙන්ම, දිලුම් කිසිදා හමුවී නැතත් කම්පනයක් ගෙන දුන් සිදුවීමක්. දිලුම්, ඔබට නිවන් සුවම අත්වේවා!

    ReplyDelete
  11. මම දිලුම් මල්ලි අදුන්නෙ නැති උනත් , දැකලා නැති උනත් ......... හිතට ලොකු දුකක් දැනුනා , කොහොම උනත් සසර නැවත මෙවැනි දුකක් නොවෙන්න ප්‍රරාර්තනා කරනවා...............

    ReplyDelete
  12. දිලුම්, ඔබට නිවන් සුව අත්වේවා.....

    ReplyDelete
  13. මම හීනෙකින්වත් හිතපු නැති දෙයක් .. ඇත්තමයි පුදුම දුකක් හිතට දැනෙනවා හැබැහින් දැකලා නැති කෙනෙක් ගැන මම මේතරම් දුක් වෙච්ච පලවෙනි වතාව මෙයයි..

    අපේම අපේ දිලුම් සහෝදරයා ඔබට නිවන් සුව....!!!

    ReplyDelete
  14. මම කවදාවත් හිතුවේ නෑ. ඉලංදාරියා මම දැකලවත් කතා කරලවත් නැති කෙනෙක් උනත් මේක දැක්කාම මටත් දුක හිතුනා.

    දිලුම්, ඔබට නිවන් සුව අත්වේවා

    ReplyDelete
  15. දිලුම් සහෝදරයා​ණනි ඔබට නිවන් සුව අත්වේවා!!!!!!!!!!!!!

    ReplyDelete
  16. දිලුම්, ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  17. දිලුම් මල්ලී.... ඔබට නිවන් සුව!

    ReplyDelete
  18. ඔබට නිවන් සුව සොයුර.. දැකලා නැතත් ඇයි දන්නෑ මගේ ඇස් වල කඳුලු.. මම වැඩ කරන අතරේ අඬපු මුල්ම දවස සහෝ..

    ReplyDelete
  19. නොදුටු මිතුර
    දිලුම් ඔබට නිවන්සුව!

    ReplyDelete
  20. ඒම දුකකි, යාම දුකකි
    ඒම යාම අතර දුකකි!

    දිලුම් ඔබට නිවන් සුව

    ReplyDelete
  21. නොදුටු සොයුර ඔබට මෙවන් අකල් මරණයක් කිසිදා අත් නොවේවා!
    නිවන් සුවයෙන්ම සැනසේවා!

    ReplyDelete
  22. දිලුම් සොයුර ඔබට නිවන් සුව

    ReplyDelete
  23. දිලුම් සොයුර ඔබට නිවන් සුව!.

    ReplyDelete
  24. මරනයක් උනත් වටින කියන කෙනෙක් උනාම හරි දුකක් එනව
    ටික කලක්න් ඒක නැතිව යනව...
    ඒත් මොහොතක් අපිත් මැරෙනව නේද කියල හිතල
    අනුන් වෙනුයෙන් යමක් කරන්න හිතන්න

    ReplyDelete
  25. ඔබට නිවන් සුව දිලුම්.
    නැවත අපි අතරම ඉපදීමට ඔබට ශක්තිය ලැබේවා . . !

    ReplyDelete
  26. සහෝ.... ඔබට නිවන් සුව.....!!!!!!

    ReplyDelete
  27. දිලුම් සොයුර ඔබට නිවන් සුව.

    ReplyDelete
  28. සහෝදර දිලුම් ‍ඔබ අපි අතරම ඉපදේවා

    ReplyDelete
  29. දිලුම් සහෝ ඔබට නිවන් සුව

    ReplyDelete
  30. නොදුටු ඉලන්දාරියා.
    බොහො ඇසූ පිරූ ඉලන්දාරි ඔබ
    වැඩිහිටි වන්නට මත්තෙන්
    නොදොඩාම ‍නොකියාම
    නොඑන්නටම ගිය සඳ
    ජීවිතය අපට
    මේ පසක් කරන්නේඳ
    මරණ‍යේ රුදුරු බවමද..............

    නිවන් සුව සොයුර
    ඔබට නිවන් සුව!

    ReplyDelete
  31. නොදුටු ඉලන්දාරියා.
    බොහො ඇසූ පිරූ ඉලන්දාරි ඔබ
    වැඩිහිටි වන්නට මත්තෙන්
    නොදොඩාම ‍නොකියාම
    නොඑන්නටම ගිය සඳ
    ජීවිතය අපට
    මේ පසක් කරන්නේඳ
    මරණ‍යේ රුදුරු බවමද..............

    නිවන් සුව සොයුර
    ඔබට නිවන් සුව!

    ReplyDelete
  32. දිලුම් ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  33. දිලුම් , ඔබට නිවන් සුව..............!

    Sudham

    ReplyDelete
  34. නිවන් සුව සහෝදරයා... හ්ම්ම්......

    ReplyDelete
  35. නිවන් සුව අත්වේවා!!!!

    ReplyDelete
  36. ඔබට නිවන් සුව...

    ReplyDelete
  37. මම බ්ලොග් වලට ආපුම දවසක මම මගේ බ්ලොග් එකටත්
    අදුනන්නෙ නැති උනාට දිලුම්ගෙ ඇඩ් එකක් දැම්මා
    මේක සංසාරයයි අපි අසරණයි
    අපිට ඕන දේ කරන්න අපට බෑ

    ReplyDelete
  38. නොදුටු මිතුර
    ඔබට නිවන් සුව අත්වේවා!!!!

    ReplyDelete
  39. නොදුටු මිතුර
    ඔබට නිවන් සුව අත්වේවා!!!!

    ReplyDelete

රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....

අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...