Tuesday, May 24, 2011

ආයෙත් නිදහසේ ලියන්න පුළුවන්.... බ්ලොග් ලියන කියවන කවුරුත් මේක කියවන්න එපා......

උඩ තියෙන මාතෘකාව දැක්ක ගමන් මොකක්ද මේ කියලා හිතෙන්න පුළුවන්... ආයෙත් නිදහසේ ලියන්න පුළුවන් කියල කිව්වේ මම ටිකක් කාර්ය බහුලත්වයෙන් හිටපු නිසා දැන් ටිකක් නිදහසේ ලියන්න පුළුවන් කියන් එක.... මගේම වගේ හෝටලයකට අඩිතාලමක් දැමීම පිළිබඳ සිහිනය පසුගිය දිනවල ඉටුවීම නිසා ඒ දවස්වල ඉතා කාර්ය බහුල වුනා... දැන් ඔය හැමෝටම විවේකය ගත කරන්න තැනක් තියෙනවා කොත්මලේ.. විස්තර පසු ලිපියකින්....


හරි මෙතන ඉඳන් බ්ලොග් ලියන කියවන කිසි කෙනෙක් මේ ලිපිය කියවන්න එපා.... මොකද මේක මම ලියන්නේ බ්ලොග් නොලියන නොකියවන අය වෙනුවෙන්.... හරි නංගියේ මල්ලියේ, අම්මේ තාත්තේ, නැන්දේ මාමේ, බාප්පේ පුංචි අමම්මේ, අක්කේ අයියේ ඔයාල තව වෙනකන් බ්ලොග් ලියලා කියවලා නැද්ද? එහෙනම් අද පටන් බ්ලොග් කියවන්න පටන් ගන්න... හිතුනොත් ලියන්නත් පටන් ගන්න. ඔයාලගේ සියළු වැදගත් කටයුතු අතපසු වේවි.... දවසට පැය තුන හතරක් නැත්තටම නැති වෙලා යාවි... හැබැයි දැනුම උපරිම කර ගනීවි, බඩ පැලෙන්න හිනාවේවි... ඒ විතරක් නෙවෙයි ඔයාල වටේට සැපට දුකට ලඟින් ඉන්න යාළුවෝ ගොඩාක් එකතු වේවි...



ඔයාලා දන්න මූණු පොත වගේ නෙමෙයි.. ඔබේ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ලියූ ලිපියක් ඔබට හමුවේවි.... මේ ඔක්කොම ගැන විස්තර ඕනනම් මෙන්න මේ පහල තියෙන වචන උඩ කොටන්න... සියළු වැඩ පසෙක ලා කියවා කියවා ඉන්න සිංහලෙන්ම ලියූ දහස් ගානක් බ්ලොග් ලිපි ඔබට හමුවේවි... මෙන්න ඒ වචන...


1. සිංහල බ්ලොග් කියවනය


2. ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය


ඔන්න හරි නේද? දැන් ඔයාල ඕවට ගියාට පස්සෙ මේකට එන්නෙම නැතිවෙයි.... උදේට වැඩට ආපු ගමන් මේ ලින්ක් දෙකෙන් එකකට හෝ දෙකටම ගොස් වැඩ පටන් ගන්න.... දවල් වෙනකන්ම කිසිම වැඩක් කරගන්න අමතක වේවි.... 


ඉතින් මේ බ්ලොග් ලියලා කියවලා තවත් වේලාව ඉතිරි එක්කෙනෙක් ඉන්නවානම් කියන්න.. තව තියෙනවා දේවල් කරන්න.. ගූගල් බස් පැදිල්ල සහ ඔන්ලයින් රේඩියෝව විකාශය කිරීම වගේ දේවල් සහ තවත් ගොඩාක් වැඩ තියෙනවා.... ඒවත් පටන් ගත්තොත් දවසෙම වැඩක් කරන්න වෙන්නේ නෑ...


හරි එහෙනම් දුවලා එන්න.... අපිත් එක්ක බ්ලොග් කියවන්න.. අපිත් එක්ක බ්ලොග් ලියන්න... අපේ සමාජයට එකතු වෙන්න..


ප.ලි. කතන්දරගේ පියතුමාගේ මළගෙදර දවසෙත් මේ බ්ලොග් බලන ලියන කට්ටිය වැඩි කරගමුයි කියලා අපි කත වුනා.. දුකාගේ අද ලිපිය දැක්කමත් ඒක ආයෙ මතක් වුනා... ටිකක් හිනාවෙන්න නොවුනට එක් අයෙක් හෝ වැඩි කරගැනීමට සිතා ගත් පුංචි උත්සහයකි.

33 comments:

  1. අයියේ මොනාද බ්ලොග් කියන්නේ.... මම කොම්පූටර් වලට අලුත්. මුල ඉදලා ස‍රලව කියා දෙන්නකො....

    ReplyDelete
  2. මෙතනින් ඉගෙන ගන්න මල්ලි.

    http://ananthayata.blogspot.com/

    ReplyDelete
  3. බ්ලොග් ලියන එක නීති විරෝධී වැඩක් නෙවෙයි නේද ?
    බ්ලොග් ලියන්න කලින් ජනමාධ්‍ය අමාත්‍යංශයෙ ලියාපදිංචි කරන්න ඕනෙ නෑ නේද ?

    ReplyDelete
  4. කියවන්න එපා කියපු හරියත් මම කියෙව්වා. :P
    "මගේම වගේ හෝටලයට" සුභ පැතුම්.

    ReplyDelete
  5. අලේ... අය්යට බොහොම පිං...

    ලියන කිව්වෙ දැං නොලියන නේ..
    එහෙනම් කමක් නෑ.. :)

    ReplyDelete
  6. බ්ලොග් ලියන කෙනෙක් අර කියපු " කොත්මලේ " හෝටලේ නැවතුනොත් කෑම බීම නොමිලේ දෙනව කියන්නෙ ඇත්තද අය්යා?

    ReplyDelete
  7. තැන්කූ අභේපාල මාමේ...
    ඔන්න ඔයාගෙ උපදෙස් අරගෙන මං බ්ලොග් එකක්ම අලුතෙන් හැදුවා...


    ඇත්තටම මොකද්ද මෙ කොත්මලේ කතාව???

    ReplyDelete
  8. ඔන්න අභීත අයියේ මමත් මගේ බොස් තුමා එක්ක කතා වෙලා මම අපේ ඉන්ස්ටිටියුට් එකේ සිලබස් වලට බ්ලොග් ගැන පොඩි කොටසකුත් එකතු කරා දැන් සතියක් විතර ඇති ඒ වැඩේට ..

    මමනම් මේක කියෙවුවේ නෑ ..


    .............................................
    අභීත අයියේ මම තවම අර ගල් ආඳාව සොයමින් ..

    ReplyDelete
  9. සිරාවට ඕයි . . . මට අද වැඩ ඉවර උනේ හවස හතර හමාරට විතර . . . දැං වෙලාව රෑ 9.15යි . . . තාම ජංජාලෙ . . . . බ්ලොග් වලට කොමෙන්ට් දානව . . . ලාස්ට් රෝ එකේ කොමෙන්ට් දානව . . තව පැයකට විතර වැඩ තියනව . . .

    ReplyDelete
  10. කියවන්න එපා කියපු හින්දා මම නම් මේ ලිපිය කියෙව්වේ නෑ. අපී මල්ලිට කියලා කියවගෙන ඒක අහගෙන හිටියා. බ්ලොග් ලියන අපට කොත්මලේ නිවාඩු නිකේතනයක දිවා ආහාර වේලක් නොමිලේ !!!!!!

    ඔබත් අදම දිනයක් වෙන් කරවා ගන්න !!!!!

    ReplyDelete
  11. අලේ බ්ලොග් ලියන කොට වෙන වැඩ අමතක වෙනව කියපු කතාවටනං බොගේ කටේ කුකුලෙක් ඔබන්න ඕනෙ සහතික ඇත්ත.... අබියව ආදර්ශෙට අරන් හැදියල්ලා....

    ReplyDelete
  12. මගෙනුත් සුබ පැතුම් !
    ජය වේවා! මට නම් ඉතින් ටිකක් විතර කිට්ටු නිසා..නිවාඩු පාඩුවෙ ඇවිත් හොද අහාරවේලක් ගන්න පුළුවන් වේවි කියලා හිතෙනවා

    ReplyDelete
  13. අපෝ මේ ලිඉය කියවනකොටම මට තේරුණ දෙයක් තමයි බලොග් කියන්නේ ඇබ්බැහි වෙන දෙයක් කියලා. ඒත් ඒ ඇබ්බැහි වීමෙන් වෙන්නේ යහපතක් වගේ. ඉන්නකෝ මමත් මේ දැන් ඉඳන්ම් බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නවා :P

    ReplyDelete
  14. බ්ලොග් ලියන එවුන්ට කියවන්න එපා කියපු හන්දාම කියෙව්වා... හික්ස්.. බ්ලොග් ලියන එක තමා මාරම ආතල් වෑඩේ

    ReplyDelete
  15. බ්ලොග් ලියන අයට බලන්ට එපා කියලා තියන හන්දම කියවලා බැලුවා. :DDD

    //හැබැයි දැනුම උපරිම කර ගනීවි//දැන් ඉතින් උදේ ඉඳන් රෑ වෙනකල් මේකම තමා වැඩේ...

    ReplyDelete
  16. බ්ලොග් ලියන්නයි,කියවන්නයි,බස් පදින්නයි, තව රේඩියෝ අහන්නයි ගියාම දවසට පැය 36 ක් වත් තිබුනොත් හොදයි කියලා හිතෙනවා........

    හොටෙල් එකේ වැඩේට සුභ පතනවා.ඒ පැත්තේ ආවොත් අනිවාර්යයෙන්ම නවතින්න එනවා.ඩිශ්කවුන්ට් එකක් දාලා දෙන්න හොදේ. :D

    ReplyDelete
  17. අයියා බුකියේ නම් ඉන්නවා.රේඩියෝත් අහනවා.....නමුත් බස් පැදිල්ලට නම් මට තාම තේරෙන්නේ නෑ.බ්ලොග් ලියන එකට හා කියවන එකට නම් දැන් යාන්තම් වෙලාව තියෙනවා....හොටෙල් වැඩේට සුභපැතුම්...කොත්මලේ පැත්තේ කියලා නේද කීවේ.අපේ අම්මගේ මහ ගෙවලුත් එහේ ඕං....

    ReplyDelete
  18. අභීත අයියේ . මට ටිකක් හිනාවෙලා මදි. ගොඩක් හිනාවෙන්න ඕනෙ. ඒකට මොකද කරන්නේ ?...


    සුබ පැතුම් ගන්න මගෙනුත්. ජය

    ReplyDelete
  19. මොකක්ද අයියේ බ්ලොග් එකක් කියන්නේ... මටත් එකක් ලියන්න ඕන...

    මගේම වගේ හෝටලේට සුබ පැතුම් ඈ.. අපිත් එන්නම්කෝ ඒ පැත්තේ ;)

    ReplyDelete
  20. අලුත් වැට්ඩේට සුභ පැත්ම් කිව්වා ඕන් . . . ටික කලක් ගිහින් බලමු ඔය අපිත් මක්ක හරි උඹේ වැඩකට මුක්කුවක් ගහලා මේ කාන්තාරේ අතෑරල ඔහේම ඇවිත් පදිංචි වෙන්න ඇහැක් වෙයිද කියලා . . හ්හ්ම්ම්ම්

    ReplyDelete
  21. අපි නං කියෙව්වේ නෑ ඕං...

    ReplyDelete
  22. බ්ලොග් ලියනවා කියන එකත් අර අබිං කෑවා හා සමානයි. දැන් ඒක ජීවිතේම කොටසක් වෙලා. අලුත් හෝටලේට සුභපැතුම් අයියේ..

    ReplyDelete
  23. සමහර විට දකින්නත් ඇති දුකාගේ මේ ලිපිය.දිවයින පත්තරෙන් බ්ලොග් අවකාශයට අභූත චෝදනා වගයක් එල්ල කරලා

    http://dukaa.blogspot.com/2011/05/blog-post_24.html

    මේ ගැන කරුණු නිවැරදි කිරීම් ලිපියක් දිවයින පත්තරයට යවන්න පුළුවන්නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. කවුද එහෙම ලිපියක් ලියන්න හොඳ කෙනා.

    කවුරුහරි ඉදිරිපත් වෙනවනම් අපිටත් දන්වල අපෙනුත් අදහස් අරගෙන දිවයිනට නිවැරදි කිරීමේ ලිපියක් ලියන්න. දිවයිනේ මාධ්‍ය සදාචාරය බලාගන්නත් පුළුවන් වේවිනෙ

    ReplyDelete
  24. හෆෝයි... ලෙඩේ බෝ කරන්න හදන්නෙ තව දෙතුන් දෙනෙකුටත්... හිකිස් :)

    ReplyDelete
  25. පුංචි කොම්පැණියට සුබ පැතුම් :)

    ReplyDelete
  26. Every best wish from me for your new venture.

    ReplyDelete
  27. අයියේ ඔයා ඉගෙන ගන්න දීපු බ්ලොග් එක බලලා මමත් බ්ලොග් එකක් පටන් ගත්තා. බලන්නකො හොදද කියලා.....
    මගේ බ්ලොග් එක

    ReplyDelete
  28. අනේද කියන්නේ අභීත අයියේ... මේ ටික කරාම වෙන වැඩක් කරන්න වෙලාවක් කොහේද ?.....

    රංග නේද ඔය අලුත් පොට් එකට මුලින්ම ගියේ....

    ReplyDelete
  29. අභීත නිසා අද මගේ බ්ලොග් එකට ගොඩාක් කට්ටිය ඇවිත්. ස්තුති කරන්න වචන නැහැ. තාම පෘතග්ජනයෙක් නිසා හරිම සතුටුයි. :D
    ඔය බස් කතාව මොකක්ද ඇත්තට?

    ReplyDelete
  30. සහතික ඇත්ත දැන් වෙලාව පාන්දර 1.06 යි ....
    තාම නිදි නැහැ ......
    මේ බ්ලොග් කෙරුවාව හන්දා ....

    ReplyDelete
  31. හොඳයි හොඳයි අබේපාල මාමගේ බිස්නස් එකට ජයවේවා.......

    ReplyDelete
  32. අනේ උන්නැහේ ඔයි බ්ලොක් කියන්නෙ මක්කැයි..... නාකි අපිටත් කොරන්න ඇහැක් එකක්යැ ඔයි බ්ලොක්?

    ඈ මොකක්ද අර මගේ වගේ හෝටලේ කතාව ?

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...