Monday, July 4, 2011

පිස්සු හැදෙන පොලිස් මාමලාගේ රජ ටෝක්ස්..........

මේ කතාව ලියන්න කාලෙකට කලින් මතක් උනත් ඒක කුමක් හෝ හේතුවක් නිසා අමතකම වෙලා ගියා... පහුගිය සතියේ බුද්ධිගේ කාළකණ්ණි සතුට ගැන කියවපුහාම තමයි ආයෙත් මතක් උනේ... පොලිස් මාමලාගේ සුපිරි ටෝක්ස් අහලා නැති කවුරු හරි ලංකාවේ ඉන්නවද කියලත් සැකයි... මෙයාලගේ කතා මෙගා සීරීස් එකක් විදිහටත් ලියන්න පුළුවන් අර කතන්දර අන්කල්ගේ කාර් සීරීස් එක වගේ... ඒත් හොදම කතා ටික කියලා නවත්තන්නම්....


මම ඉතින් ලංකාව පුරාම වාහන එලවනවනේ... ඉතින් ගොඩාක් ලංකාවේ පොලීසිත් එක්ක කථාබහ කරලා තියෙනවා... දඩයක් ගෙවල තියෙන්නේ අවස්ථා දෙකකදි විතරයි.. දෙකම උසාවිය දක්වාම දුර දිග ගියා... ඒත් මම හිතන්නේ මම හදිසියේ ගිය ගමන් නිසා.. පොලිස් මාමලා ලඟ විනාඩි 5ක් විතර වැය කරන්නේ කාලය තිබ්බනම් ඒ අවස්ථා දෙකත් පොඩ්ඩක් මඟ හැර ගන අවස්ථාව තිබුනා.


කලින් මම වැඩ කලානේ රජයේ අමාත්‍යංශයක.. ඉතින්  ඒකේ නිල හැඳුනුම්පත තමයි ලයිසන් එකටත් කලින් පොලීසියට පෙන්නන්නේ.. මම අහවල් අමාත්‍යාංශයේ අහවල් ඇමතිතුමා ලඟ වැඩ කරන්නේ... එතුමාගේ මහජන සම්භන්ධතා නිළධාරී තුමාගේ අම්මා අන්තරා වෙලා.... ඇමතිතුමා හවස එනවා... ඊට කළින් යන්න ඕන.. ඒකයි මේ හදිස්සියේ යන්නේ... බ්ලා .. බ්ලා.. බ්ලා... කියාගෙන දිග විස්තරයක් පොලිසියට කියනවා... ඒත් අපි ඇමතිතුමාත් එක්ක තුන් පාරකට වඩාවත් කතා කරලා නැතිව ඇති. ඉතින් 90%ක්ම පොලිස් මාමලා යන්න දෙනවා.... ඒත් ඉඳලා හිටලා පොලිස් මාමලා අපිට දෙනවා යමර කථා කට උත්තර නැති වෙන්න... මේ පහළ තියෙන සිද්ධි දෙකම එකම දවසේ උනේ... මගේ වාහනේ... පැදෙව්වෙත් මමමයි... ඇතුලේ හිටියෙ අමාත්‍යාංශෙම තවත් තුන් දෙනෙක්.... ඇත්තටම ගියෙත් අමාත්‍යාංශයේ නිළධාරියෙකුගේ මෑනියන් කෙනෙක්ගේ අවමඟුල් උත්සවේට සහභාගි වෙන්න බලාගෙන. පළවෙනියට පොලීසියෙන් නැවැත්තුවේ ඉඳුරුවේදි.... වාහනේ වේගය 90 පැනලා.. ඒ මදිවට ඉරි දෙකම කපලලු.... මම ඉතින් බැහැලා ගියා ලයිසන් රක්ෂන සහතික ඔක්කොම අරගෙන... දෙබස මෙහෙමයි...


ඇයි රාළහාමි....


ඇයි.. මහත්තයෝ.. වැරදි දෙකයි... ස්පීඩ් එක 92යි.. ඒ මදිවට ඩබල්ලැයිනුත් කැපුවනේ අතන අපි බලාගෙන ඉද්දිම..


මෙහෙමයි රාලහාමි මම අහවල් අමාත්‍යාංශේ වැඩ කරන්නේ අහවල් ඇමති තුමා ලඟ. එතුමගේ මහජන සම්භන්ධතා නිළධාරීතුමාගේ අම්ම අන්තරා වෙලා.. ඇමති තුමා හවස එනවා... ඊට කලින් අපි යනවා... දන්නවනේ ඉතින් ඇමති තුමා එද්දි අපි එතන පසුබිම හඳලා තියෙන්න එපැයි නේද?


මොකක්ද මහත්තයෝ කියපු අමාත්‍යාංශෙ....


අහවල් අමාත්‍යාංශේ.. අර කොල්ලුපිටියේ තියෙන්නේ.... අහවල් ඇමතිතුමාගේ....


ආ.. මම දන්නවා මහත්තයෝ... ඉතින් මහත්තයෝ ඒ අහවල් අමාත්‍යාංශෙ කට්ටියට ඉරි කපාගෙන හයියෙන් යන්න අවසර තියෙනවද?


(ඔළුව කසමින් උත්තරයක් හොයමින්......)


හරි මහත්තයෝ.. මම ලයිසන් එක තියාගන්නෙ නැතුව දඩ කොලයක් දෙන්නම්... මහත්තයා ඒක ගෙවලා රිසිට් එක අපිට එවන්න.. නොගෙවා ඉන්න ගියොත් වරෙන්තු එයි ගෙදරට...


හරි රාළහාමි... ලයිසන් එක තියාගන්නෙ නැතුව ඕන එකක්...


ඔන්න ඉතින් එදා රුපියල් 550.00ක්ම ගෙවන්න උනා...


එතන පහු කරලා ඉස්සරහට එද්දි ආයෙත් අපේ රත්ගමයගේ ගෙදරයට යන හංදිය පහුකරනකොටම නැවැත්තුවා.... එතන පොඩි හංදියක් තියෙන්නේ.. ඒ නිසා යන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 40 කියලා තමයි පොලිස් මාමලා කිව්වේ... ඒත් ඉතින් අපිව අල්ලද්දි 80ත් පැනල කියලත් එතන හිටපු පොලිස් මාමලා කිව්ව... මම අවශ්‍ය ලිපි ලේඛණ අරගෙන පොලිස් මාමලා ලඟට ගිහින් සුපුරුදු වදන් ටික කියන්න ගත්තා....


රාලහාමි මම අහවල් අමාත්‍යාංශේ වැඩ කරන්නේ අහවල් ඇමති තුමා ලඟ. එතුමගේ මහජන සම්භන්ධතා නිළධාරීතුමාගේ අම්ම අන්තරා වෙලා.. ඇමති තුමා හවස එනවා... ඊට කලින් අපි යනවා... දන්නවනේ ඉතින් ඇමති තුමා එද්දි අපි එතන පසුබිම හඳලා තියෙන්න එපැයි නේද?


මේ මහත්තයෝ.. කාර් එකක් තිබ්බට දඩයක් ගෙවන්න සල්ලි නැත්නම් කියන්න.. නිකම් මේ එක එක ඇමති තුමාගේ නම් විකුනන්නේ නැතුව.. යන්න මහත්තයෝ... ඒ උනත් සල්ලි නැත්නම් ලැජ්ජ නැතිව කියන්න... රාළහාමි ලියන්න එපා... දඩේ ගෙව්වොත් මේ මාසේ ජීවත් වෙන්න සල්ලි නෑ.. ගෑණු දරුවෝ බඩ ගින්නේ... ඔන්න ඔහොම කියන්න මහත්තයෝ... අපිත් මිනිස්සු.. එතකොට අපි යන්න දෙනවා.. ඒත් ඔය අනන්මනන් ඇමතිවරුයි අරුනුයි මුනුයි විකුනන්න හදන්න එපා... හරි මහත්තයෝ යන්න යන්න.. ඉස්සරහත් ඉන්නවා රාළහාමිලා වගයක්.. එයාලටවත් එහෙම කියන්න...




මට ඉතින් හැංගෙන්න තැන් නෑ.... නෑ රාළහාමි ලියන්න කියන්නද? අකුලගෙන ආවා ඉතින්.... දැන් අනුගමනය කරන්නේ පහත සඳහන් ක්‍රමය.. මේක වැඩ කරනවා 99%ක්.. වාහනේ නවත්තපු ගමන් යනවා එතනට....


අනේ සර්... වැරැද්දක් උනා තමයි.... ලයිසන් එක නම් ගන්න එපා.. කීයක් ලිව්වත් කමක් නෑ.. මොකද ආයෙත් එන්න වෙලාවක් නෑ මට...


කොහොමද මහත්තයෝ ලයිසන් ගන්නේ නැතුව දඩ ගහන්නේ...


නෑ රළහාමි දඩේ ගාන කියන්න... මම මෙතනින් ගෙවල යන්න. ඔබතුමාල එක තැපැල් කන්තෝරුවට ගෙවන්න.... කීයද රාළහාමි දඩේ?


මහත්තයෝ ඉරි කපනවාට දඩ නෑ.. කෙලින්ම උසාවි... ඒත් මහත්තයා දුර නිසා මම වෙන වැරද්දක් දාන්නම්.. 550.00ක් වෙනවා දඩ මුදල...


අපෝ රාලහාමි.. එච්චර ලියන්න එපා.... පොඩි දඩයක් ලියන්න.. ආ.. මෙතන 500ක් තියෙනවා.. එහෙනම් මම යන්නම් රාළහාමි බොහොම ස්තූතියි කරපු උදව්වට...


හරි මහත්තයෝ පරිස්සමින් යන්න.. ඉස්සරහත් ඉන්නවා පොලීසියෙන්....


ඔන්න ඔහොම කියලා ගානක් දීල මාරුවෙනවා... කිසි දවසක පොලිස් මාමලාගෙන් දඩ නොකාපු මිනිහෙක් ගැන මම දන්නවා.. ඒ තමයි අර මම ඉහලින් කියපු අමාත්‍යාංශේ රියදුරු මහත්තයෙක්... නම ප්‍රදීප්... මිනිහගේ සිද්ධිය තමයි සිද්ධිය. එක දවසක් මාත් එක්ක රාජකාරී වැඩකට යද්දි පාන්දර 4ට විතර නැවැත්තුවා පොලීසියෙන්.... වේගය පැයට කිලෝමීටර් 95යි... මිනිහා බැහැලා ගියා පොලි මාමා ගාවට... නිළධාරියා විදිහට මමත් පොරගෙ පස්සෙන් ගියා... මෙන්න දෙබස....


ඇයි රාළහාමි....


ඇයි.. ඇයි තමයි..... 95යි ස්පීඩ් එක. ඒ මදිවට ටින්ට් කරලත්.. දෙන්නකො ලයිසන් එක...


මේ රාලහාමි.. මේක අපෙ අමාත්‍යංශෙ වාහනේ.... මම දවස් තුනක් ඇතුලත කිලෝමීටර් 800ට වඩා යන්න ඕන.. දවසට පැය 8ක් එලෙව්වත් 80කට වඩා වේගෙන් යන්න වෙනවා.... මේව මගෙ තීරණ නෙවෙයි..


ඒවා මට වැඩක් නෑ.. ලයිසන් එක ගන්න.... දඩේ ගෙවලා ටින්ට් එකත් ගලවලා ගෙනල්ල පෙන්නලා ලයිසන් එක ගන්න...


මහත්තයෝ.. ටින්ට් එක ගැහුවේ මම නෙමෙයි.. අමාත්‍යාංශේ ලේම්තුමාගේ උවමනාවට... ඒකට මට කරන්න දෙයක් නෑ....


මේ තමුසේ කට ගහන්නෙ නැතුව ගන්නව ලයිසන් එක... මෙතන අපිට පරක්කු වෙනවා... මොකද තමුසෙගෙ වාහනේ විතරද අල්ලන්නෙ අපි...


ඇයි රාලහාමි ලයිසන් එක විතරක්... මෙන්න වාහනේ යතුර, මෙන්න වාහනේ රනින්ග් චාට් එක... මට බෑ මේවට වග කියන්න.. අභීත මහත්තයා.. ඔයත් වාහනෙන් බෑග් එක රගෙන එන්න.... රාළහාමි බඩුත් එක්ක වාහනේ ගෙනියන්න.. අපි යනවා ගෙදර.. හෙට උදේ අමාත්‍යාශෙන් කතා කරපුහාම කියන්න මම මෙහෙම කලා කියලා...


තමුසෙනම් මහ වදයක් ඕයි.. යනවා යනවා යන්න මෙතන පව් නොදී....


නෑ.. නෑ.. රළහාමි ගන්න.. අපෙ කිසි ප්‍රශ්ණයක් නෑ.. මටයි මේ මහත්තයාටයි බස් එකේ යන්න පුළුවන්....


යනවා ඕයි යන්න මෙතන පව් නොදී...


අන්තිමට පොලිස් මාමා ඌට වදින්නේ නැති එක විතරයි පලයන් කියලා.. පොර තවත් විනාඩි 15ක් විතර පොලිස් මාමට වාතයක් වෙලා තමයි මිනිහා එන්නේ...


එහෙනම් අදට ඇති... මේ දවස්වල කතා ලියන්න අමාරුයි.. අර ඩුබායි ඉඳන් ආපු කට කහන එකෙක් හැමදාම හවස 6 වෙද්දි කෝල් එකක් දෙනවා ඇවිත් සිහිය විකල් කර ගන්න කියලා... ඊලඟ ලිපියෙන් සඳරූ මල්ලිගේ ලිපියක් සමඟ හමුවෙමු.

52 comments:

  1. අන්තිම කතාවනම් පට්ටය......පොලිස්කාරයාට පස්සෙ හිතෙන්න ඇති මාත් "අහක යන නයි මල්ලේ දාගන්නවා" කියලා..

    ReplyDelete
  2. හිකිස්‌ දෙවැනි තීයරි එකනම් පට්ට අභීත අයියේ :D

    ReplyDelete
  3. අන්තිම කතාව තමයි මරු අභීත අයියේ..අන්න ඩ්‍රයිවර්ලා..
    ඔය රත්ගමය කිවුවේ කුප්පය නේද?
    හැබැයි ඔය අතරේ හොඳ පොලිස් මාමලත් ඉන්නවා.දවසක් මාව ජීවිතේ පලවෙනි වතාවට පොලිසියෙන් ඇල්ලුව දවසේ මං කිවුවා මාව අදමයි ඇල්ලුවේ කියල.ලයිසොම අරන් බලල මේ අලුත් එකක් නේද කියල අහල කරපු වැරැද්ද දන්නවද කියල ඇහුව.මං නොදන්නා පාට් එකට නෑ කිවුව.ඩබල් ඉර කපන්න තහනම් කියල කිවුව.හික් හික්.මං නොදන්නවයැ. ඒත් මට යන්න කිවුව...

    ReplyDelete
  4. සිහිය විකල් වෙන්න ඉතිං කැමැත්තෙන්ම යනව ඇති :D ප්‍රදීප් තමා බුවා :D

    ReplyDelete
  5. එල පොලිස් කතා ටික...
    ඕනයගෙ කැඩෙන පුවත් ඇත්ත එහෙනම්.. මං හිතුවෙ මඩක් කියලයි...

    ReplyDelete
  6. ප්‍රදීප් ඩැයිවර් මාමගේ වැඩේ තමා පට්ට

    ReplyDelete
  7. ඉස්පීඩ් එක අනූවයි කීවා !. අභීත අයියේ දුර ගමන් යද්දී පරිස්සමෙන් යන්ඩ .

    අප්පෝ මමත් ජීවිතේටම එකම වතවක් වත් දඩ කොලයක් අර නෑ . අපේ පැත්තේ සුදු ඉරි මාමලා අඩුයි . දැන්නම් ටිකක් ඉන්නවා . ඒත් දැන් අයියා ලොක්කා හින්දා . මම වැඩිය බය නැතුව යනවා මේ කතා ටික කියෙවුවම ඒක කරන්නත් බයයි ..

    සඳරු මල්ලී මේකේ ලිපියක් දානාවා කීවේ කවදාද බං ? මමත් එන්න ඕන ඒක බලලා යන්න .

    ReplyDelete
  8. හික්ස් මාර වැඩනෙ අභීත අයියාටත් වෙන්නෙ... සෝයි දෙබස් ටික.. :D
    ඒත් ඉතිං ඔච්චර ස්පීඩ් යද්දි පරෙස්සමට අප්පා.. මොනාහරි වුනොත් පොලිස් අංකල්ල ඇල්ලුව වගේද..

    ReplyDelete
  9. වෙල්කම් ටු ද [පගා] ක්ලබ් ලොක්කා. මාත් එහෙමත් දවසක තමයි ඕක තැපෑල් කන්තෝරුව දක්වා වත් ගෙනියන්නේ. උසාවි නම් ගිහින්වත් නැහැ [අපි හරි වැදගත් මිනිස්සු නේ :)].

    හැබැයි 500 ලොකු වැඩියි. මං එකපාරක් අතපසු වීමකින් උසාවි දිනයත් පැන්න කෙස් එකකුත් ගොඩ දා ගත්තේ 400 කින්. එදා මායි පොරයි ලයිසන් ඒක හොයන්න පොලිසියේ කබඩ් ඇද්දේ එකට [කොහොමද ආඩම්බර].

    මේ ගැන කතන්දර එක්ක සංවාදයක් කරලා මං පටන් ගත්තා මෙගා සිරිස් එකක් වගේ පගා සිරිස් එකක්. අසංක මල්ලියාගේ කවි මුතු මලේ තමයි සෙට් උනේ. හැබැයි පළමු එක දැම්මම ඒ හැටි ප්‍රතිචාර නැති නිසා මං හිතුවේ ඔය වගේ වැඩ මේ බ්ලොග්කරණයේ ඉන්න දෑත් සුපිරිසිඳු මහත්තුරු කරන්නේ නැහැ කියලා.

    මේ සටහන මට දිරියක්. දෙවෙනි එකත් දාන්න හිතෙනවා කවි මුතු මල් පගා සිරිස් එකේ.

    ReplyDelete
  10. ඕං බලන්න අච්චර හොඳ පොලිස් මාමලාව නරක් කරන්නේ කවුද කියලා තේරෙනවා මේ කතා කියෙව්වාම :D

    ReplyDelete
  11. අන්තිම සීන් එක නම් මරු අන්න ඩ්‍රැයිවරලා . අපේ පලාතේ රෝද දහයක වාහනයක් ඇල්ලුවාලු ඉරි දෙක කැපුව කියල (එතකොට රාලහාමිලා දෙන්න ගාව 6 7 දෙනෙක් ඉඳල ත් තියනව )

    බැහැල ආපු ඩ්‍රැයිවර - ඇයි සර් ?

    පොලිස් - ඇය් අහන්නේ පෙනී පෙනී ඉරිදෙක කැපුවේ ?

    ඩ්‍රැයිවර - මේ වාහනෙ මේ පොඩි වංගුවේ ගන්න බැනෙ සර් එහෙම නැතුව

    පොලිස් - ඒවා කියල හරි යන්නෙ නැ . වැරැද්ද වැරැද්දමයි

    ඩ්‍රැයිවර - ආ ..මෙන්න සර් යතුර සර් වාහනේ ඉරි දෙක කැපෙන්නෙ නැතුව අරන් පෙන්නන . ඕනි දඩයකට මම ලැස්තියි


    කියල කිව්වලු

    ReplyDelete
  12. පිරිස මැද්දේ හිටපු රාලහාමි මොකද කලේ ??? ... අරූගේ යතුරත් ආපහු දීලා අනික් රාලහාමිවත් දාගෙන බයිසිකලෙ නැගල ගියාලු . කන්ටේනර් ඩ්‍රැයිවර නිසා අර හිටපු සෙට් එකෙන් එකෙක් හැර අනික් ඔක්කොම දඩෙන් බේරුනා . සත පහක්වත් වියදම් නැතුව

    ReplyDelete
  13. ෆුල් ආතල් කතා දෙක....

    ReplyDelete
  14. හික්ස්,,මරු තමා,,,මේ අර කට කහන කෙනාගේ මඩ විස්තර එන්නේ කවදද මෙතනින්

    ReplyDelete
  15. එල එල අබීත අයියා... අයියගේ තියරිම නම් මරු ඈ....

    ReplyDelete
  16. ලිවුව බං . . . අද උදෙත් ලිවුව . . . කෙලිංම උසාවි.

    ReplyDelete
  17. හික් හික් පොලිස් මාමාලාගේ දත් ගැලවීම....

    සඳරුවෝ පරිස්සම් වෙයන්.... මාමා එනපොට හොඳ නෑ වගේ....

    ReplyDelete
  18. අභීත,
    මට තව නූලෙන් නඩුවක් වැටෙනවා මේක කියවන්න ගොහින්, මම ලිපිය කියැව්වේ ලෙඩ්ඩු බලන අතරේ, එකෙක් එලියට ගියාම අනික එන අතරේ වගේ. දැන් ඔන්න එකෙක් එලියට ගියා. මම ඔයාගේ ලිපිය අන්තිම ටික ඉක්මනට කියවනවා. ඊලඟ එකා එනකොට හිතා ගන්නකො මම හිටපු හැටි. ඌ මගේ දිහා බැලුවා බැලිල්ලක්. ඌට හිතෙන්න ඇති මහ මොන්ගල් පොරක් කියලා.
    අපේ වෙද හාමිනේට මේක මම කියෙවා අහගාන්න. අන්න තාම හිනා වෙනවා.

    ReplyDelete
  19. අනේ ඉතිං අපේ කොහෙද රෝද හතරවල්..ඒත් ඉතිං රෝද දෙකෙන් ගියත් පොලෝසියේ මාමාලා අල්ලනවිනං තමා..අන්තිමට ඇල්ලුවේ එදා දිළුම්ලගේ දිහා යන්න මාතලේ යද්දී... විනාඩි 12ක් විතර කතා කරලා බේරුනා... සාමාන්‍යයෙන් ඔය මුකුත් නැතිව බේරිලා එන්න ඇහැකි කොහොම හරි ලියන්න හදන එකාගේ හැදුනුම්කමක් හදා ගත්තම..

    ලියන්න යනකොට මං පෑන උදුරගත්ත වෙලාවළුත් තියේ..ඒත් අන්තිමට කොහොම හරි ෂේප් එකේ එනවා... පරණ දැන ඇදුනුම් කොමක් හොයා ගන්නකල් වටේට අවිද්දවනවා... කොහොම හරි තැනකට මාට්ටු කර ගත්තම ආ ඒක නේන්නං මං දන්නවනේ ඒකව කියලා දෙන්නම අදුරන එකෙක ගැන බයිලා ටිකක් ගහලා..එහෙනං ලොක්කා ගිහින් එන්නං කියලා එන එකයි තියෙන්නේ..හැබැයි අනිත් එවුන් ළග ඉන්නවනං ඕක අමාරුයි...

    මාතලේ ගිය දවසේ කෑගල්ලෙදී මෑන් ලියන්න යනකොට පොත උඩින් අත තියලා වහලා යාන්තං ටෝක දාලා බෙරුනේ..

    ඒත් සමහර තැන් වලදීනං කීයක් හරි දෙන්න වෙනවා.. ඔය ගමන් යද්දි වැරදිලාවත් ලොකු කොල පේන්න දාගෙන යන්න නරකයි පර්ස් එකේ..සීයේ කොල හතරක් පහක් අනිවා තියෙන්න ඕන.. ඒ අස්සෙන් රුපියල් දෙසීයක් ඇදලා බැරිම වගේනං තමයි ඊ ළග කොලේට යන්නේ..300කට වැඩියනං වැරදිලාවත් ගෙවන්න ඕන නැහැ..ඒත් ලොකු කොල පෙනුනොත්නං බඩු බනිස්...

    අනිත් දේ තමා බයික්වල යද්දි තියෙන වාසිය ලොකු වාහනයකට සයිඩ් එකෙන් ති‍යාගෙන ගමන් කිරීම..කවදාවත් පාර අයිනේනං පදින්න හොද නැහැ..පැනලා අල්ල ගන්නේ..

    ReplyDelete
  20. මොකක් උඹ පොලිස් මාමලට 500ක් දුන්නා . .

    යකඩෝ වෙන්න බැරි දෙයක් . . .

    ඇත්ත කියපන් උඹ උන්ගෙන් 500ක් කඩාගෙන ආවා නේද??

    ReplyDelete
  21. @ඕනයා;

    [[ලිවුව බං . . . අද උදෙත් ලිවුව . . . කෙලිංම උසාවි.]]

    හිතට දිරි ගනින්. දැන් ම පොලොසියට පලයන්. පගා නොදී උසාවිත් නොයා බේරුන හැටි මං ලිව්වා [උඩ ඇති ලින්ක් එක] ඒකත් කියවලා පලයන්. උඹටත් ඒ වාසනාව පහල වෙන්න බැරි නැහැ.

    @මාරයා;

    මාර පොරක් නේ යකෝ. කලින් මාරයානං වහන්සේ සෙට් වෙලා උන්නු කණ්ඩායමේ ඇත්තන් තරම් ඉතින් අපට හැකියාව නැහැ. ඒ කට්ටිය නම ඔය වගේ "හිතවත්කමට වැඩ කරවා ගන්න" අපට වඩා දක්ෂ. මාරයා එතනින් හරියට ශිල්ප ඉගෙන ගෙන ඇති බවයි මගේ අදහස.

    මාත් මේ වගේ ක්‍රමයක් ට්‍රයි කොරනවා ඊළඟ පාර.

    ReplyDelete
  22. මගේ ඉස්සර තියරිය නම් මෝටර් සයිකලේ ගියොත් තාම ඉගෙන ගන්න අතේ පිච්චිය නැති අන්ත අසරණ පාර්ට් එකක් දැමීම. වෙන වාහනේකනම් කටට එන බොරු කියනවා... හැබැයි මමත් තාම දඩ කාලත් නෑ... පගාව දීලත් නෑ.... මොන මොනවා හරි කියලා මාරු වෙනවා... මොනවා උනත් මේ දුන්න ටිප් ටිකකට තෑන්ක් යූ..... දැන් ඉතින් අභීත අයියා දුමී අයියත් එක්ක සිහි විකල් කොරගත්තද ????

    ReplyDelete
  23. @සුජීව...

    හපොයි..මාරයානන් වහන්සේ වෙන්න කලින් ටික කාලයක් පොලිස් මාර වෙලා හිටියා නෙව.. මේ ඒ දවස්වල අත්දැකීම් සහ උපක්‍රම හරහා ඇති කර ගත්ත තත්වයක්...ඔය කොයි කොයි තැනෙත් වරුවක් හරි නිදා ගත්තම මොනව හරි දෙයක් අහු වෙනවා නෙව ඉගෙන ගන්න...

    ReplyDelete
  24. උපරිමයි..!

    ReplyDelete
  25. අයියගේ වාහනේ ස්පීඩ් එකට ටිකක් අඩු වේගයකින් කියවගෙන,කියවගෙන ගියා...අමාත්‍යාංශයේ නම් ගම් ටිකත් තිබුණා නම් හදිසි වෙලාවකට අපේ කට්ටියට ප්‍රයොජනයට ගන්න තිබුණා..:) (ආය ඉතින් ඇමතිතුමාගෙන් අහනවා යැ ඔබතුමාගේ අමාත්‍යාංශයේ වාහනයක් ද කියලා..:D )

    ReplyDelete
  26. අභීත අයියත් නියම ඩ්‍රැවෙක් නේ....පට්ට ආ....හැබැයි අයියා පරිස්සමෙන්....අපි අපේ ආරක්ෂාව තියාගෙන ගියාට වැඩක් නෑ....සමහර කාලකන්නි එන්නේ අපේ ඔළුවලටත් උඩින් යන්න...මම නම් දැනට එක පාරයි පොලිසියට අහු‍වුනේ....ඒකත් පොලිස්කාරයාගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් හින්දා.ඒක මම බ්ලොග් එකේ ලියන්න ඉන්නේ...මොනවා වුනත් එළ ඩ්‍රයිවින් නම්...

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. බොහෝම ආදරුසමත් ලියුං කරදහියක් නෙවැ අද ලියල තියෙන්නෙ. අපි වගේ ළදරුවන්ට මහා තිරිකිස් වැඩ ඉගෙනගන කියාපු තිප්පොලක් තමයි මේ. ආයෙ මේව්ව කියවල පාරට බැස්සොත් පොලිස් මාමලට වැලේ වැල් නැතිවෙනව. ජයවේවා අබේපාල මාමේ !

    ReplyDelete
  29. අනේ අපි නොදන්නවාද උඹේ ඔෆිස් අයි ඩී එකේ වරුණාව. ඔය අයි ඩී එක හින්ද 2004 කොටුවේ ස්ටේෂන් එකේ පොලිසියට වෙලා අමිලයි ඩන්ස්ටයි කට්ට කෑවෙ මතක නැද්ද

    ReplyDelete
  30. හී, හී, අබේපාල මාමා පොලිස් මාමලා ලඟ චා වුණාට ත්‍රී-වීලර් මාමලා ට නං මාර සයිස් නේද?

    ReplyDelete
  31. @ All
    ටිකක් නෙමේ ගොඩක් හිනා වෙන්න තියෙන මේ බ්ලොග් එකේ සිරා කතාවක් දාන්න දුකයි, ඒත්....

    ඇත්තටම හිතලා බැලුවොත් මේ විදියට නං ලංකාව නීතිගරුක රටක් කරන්න බෑ ම යි නේද?

    දැන් බලන්න හැමෝම පගා දෙන්න ලැහැත්තියි, ඒ කියන්නේ ගන්නත් ලැහැත්තියි නේද?

    ඉතිං කොහොමද අපි ආර්චර්යද මොකක්ද එක හදන්නේ?

    මං නං ජීවිතේට පගා දීලත් නෑ, දෙන්නෙත් නෑ. පගා නොදෙන එකෙක් ජීවිතේට පගා ගන්නෙත් නෑ.

    ළමයිනි සිතා බලන්න. අපිට ගැලවීමක් නෑ ම වගෙයි නේද?

    ReplyDelete
  32. ඕනයා,
    ඉදකිං කාලකණ්ණියා, උඔ කාලණන්නි සතුට කියෝලත් බොල උසාවි යන්ඩ තියාගත්තනෙ ලැජ්ජා නැතුව.

    ..............

    මාරයා,
    නියම උපදෙස් ටිකක් දීලා තියෙන්නෙ. අපේ කුරුලු හමුදාවේ පුතාත් මිනිස්සු ඉන්ටවිව් කරලා වැඩ්යෙන්ම ලාබ ප්‍රයෝජන ගත්තෙ ඔය වගේ ඒවලින් තමා. හැබැයි මාරයා අපේ කුරුලු හමුදා මැජික් කාඩ් එක තිබ්බනං ඔය ඔක්කොම යටයි ඒකට

    ReplyDelete
  33. ප්‍රදීප් කරපු වැඩේ හරි.. ඔහොම තමයි කරන්න ඕනේ....

    ReplyDelete
  34. මට තාමත් ලයිසොං නැහැ නොවැ.....අඹුදරුවොත් දාගෙන මුලු කොළඹම රවුන් ගහනව ඉන්න මාසෙට.....හැබැයි තාම නම් අල්ලල නැහැ.

    කතන්දර හරි...
    ඒත් සුජීව ගෙනෙන තර්කෙ බලන්න...දඩ ගෙවනවට වඩා පගාව දුන්නොත් බුවාට තමන්ටම කියල මොනවහරි කොරගන්න පුලුවන්ලු.....

    ReplyDelete
  35. කොල්ලුපිටියේ කිව්වේ අයියේ පශුසම්පත් එකේද අයියා වැඩ කරන්නේ??

    ReplyDelete
  36. අර අන්තිමට කිව්ව ඩ්‍රයිවර්නම් හොඳයි.

    ReplyDelete
  37. [[කතන්දර හරි...]]

    100% ක් නොවේ. කතන්දර තර්ක කරන්නේ අයිඩියලිස්ටික් පදනමකින්. සියල්ල කන පිට යන විට එකෙක් එහෙම උනා කියලා පද්ධතිය ගොඩ යන්නේ නැහැ. ක්‍රමික වෙනසක් අවශ්‍යයි. මිනිසුන් විතරක් නොවේ පද්ධතියෙත්.

    එක්කෙනෙක් ප්‍රතිපත්ති ගරුකව පගා නොදී නොගෙන උන්නා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

    අනික ඔය පගා නොදෙන කෙනා වෙනත් ක්‍රම වලින් අසාධාරණ කම් කරනවා වෙන්න පුළුවන්. තමන්ගේ කන්තෝරුවේ ඉන්ටවීව් වලදී ඉස්කෝලේ අයට වැඩියෙන තැන දීම. තම දේශපාලන මතයට සමීප යටත් සේවකයින් ප්‍රොමෝට් කිරීම, පගාව නොදී ඇඳුනුම් කමට වැඩ කර ගැනීම, අඳුරන කෙනෙක් අල්ලාගෙන වේටින් ලිස්ට් ඒකෙන පැනලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම [බොහොම සුලභ වැඩක්]. මං කතන්දර කරනවා කිව්වා නොවේ එහෙත් ගොඩක් අය එක වරදක් වැහුවට වෙන තැනකින් ගම ඊටින්.

    [[ඒත් සුජීව ගෙනෙන තර්කෙ බලන්න...දඩ ගෙවනවට වඩා පගාව දුන්නොත් බුවාට තමන්ටම කියල මොනවහරි කොරගන්න පුලුවන්ලු.....]]

    දඩ මුදලට වෙන්නේ මොකද්ද කියල හිතල බලන්න. කවුද ඒකෙන් මොන්ටෙරෝ ජගුවර් ගෙන්නන්නේ? උසාවියේ කාක්කෙක්ට දහස ගණන දෙන එකට සාපේක්ෂව මේ මිනිස්සු ඇපල් ගෙඩියක් කාලා ඉන්න එක වටිනවා නේද? අනික මටත් ලාබයි සහ ලෙහෙසියි.

    ඇත්තටම පගාව දෙන්න මෝටිවෙට් වෙන්නේ ලංකාවේ තියෙන පාර්ශ්වීය අසාධාරණ යල් පැන ගිය හා නිසි පැහැදිලිකමක් නැති නීති හා එහි ක්‍රියා කාරිත්වය නිසා. ගිල්ටි නැති මිනිහා දඬුවම කැමැත්තෙන් බාර ගන්නේ නැහැ. බොහෝ මාර්ග වැරදි වලට මා ගිල්ටි නැහැ.

    ලංකාවේ කාලකන්නි සිස්ටම් එක එන්නේ ගේමට. ගේම නම් අපිත් ගේම.

    ReplyDelete
  38. අන්තිම එකයි දෙවනි එකයි නම් පට්ට... හිනා කාල මැරෙනව...

    ReplyDelete
  39. අර අන්තිම සීන් එකට හිටිය ඩ්‍රයිවර් නම් එල .........

    ReplyDelete
  40. මමත් ලගදි ලයිසන් ගන්න ඉන්නේ... දැනුවත් කරාට ස්තුතියි... වනිතා කටයුතු අමාත්‍යංශයවත් විකුනා ගන්න ඕන... නියම කතා 2 අභීත අයියා...

    ReplyDelete
  41. @සුජීව, බුද්ධි:
    උසාවි ගියෙ නෑ . . පහුවදා උදේම පොලීසියට ගිහිං උසාවි ලියන්න කලින් වැඩේ ගොඩදාගත්ත. හෙල්මට් නැතුව ගියා කියල ලියාගත්ත . . . 500ක දඩයක්

    ReplyDelete
  42. පොලිස් කතා සැට් එකක් තියෙනවා ලියාගන්න වෙලාවක් තමා නැත්තේ... අර අන්තිම කතාවනම් සුපිරියි

    ReplyDelete
  43. මේක මම ඉස්සර මගෙ බ්ලොග් එකට දාන්න හිටපු කතාවක් , ඒත් දැම්මෙ නෑ..මෙතෙන්ට ගැලපෙන නිසා දනවා ඕන්
    මෙ ගිය වාහනෙ ෆුල් ටින්ට් කරල තිබ්බත් , අපි හැමවෙලේම 100 විතර ඇල්ලුවත් ලේසියෙන් කවෘවත් අත දාන්නෙ නෑ
    මේ ඒත් අත දාපු පාරක්

    අලුත් අවුරුද්ද පහුවෙලා සතියක් ඇති
    අපි නුවර එලියෙ ගිහින් පල්ලම් බහින ගමන් හිටියෙ
    ටිකක් වෙගෙන් ආව
    පාරෙ යන වාහනයක් ඉස්සර කරන්න හැදුවා විටහයි
    බඩු , පොලිසියෙන්
    පොලිසියෙ කෙනෙක් අත දැම්මා
    තාත්තා දන්න ඇමති කෙනෙක් තාත්තට අයි.ඩී. එකක් දීල තියෙන්නෙ 'සම්බන්දීකරන ලේකම්' කියලා...
    මොන ලෝකෙ ගිහින් පොලිසියෙන් ඇල්ලුවත් අපිට වැඳල හෙම තමා යන්න දෙන්නෙ ඕන්
    එදා වෙලාවටම ඕක වෙනින් වාහනේක දාල ඇවිත්

    අපි අයිනට කරල නැවැත්තුවා
    අපි හොඳටම දන්නවා වරදක් නම් කලේ නෑ කියලා

    පොලිසියෙ සාජන් කෙනෙක්.එයා ආව ඩ්‍රයිවර් ලඟට.

    'දන්නවද ඇයි නැවැත්තුවෙ කියලා.'
    'නෑ , අපි මොකුත් වරදක් කලේ නෑනෙ.'
    'ඔයගොල්ලො වැරදි තැනදි වාහනේ ඉස්සර කලේ.'

    අපි පිටිපස්සෙ පාර දිහා බැලුව.පාරෙ කඩ ඉරි.මෙයා මේ මොන මඟුලක් කියනවද?

    'මෙතන ඉස්සර කරන්න තහනම් නෑනෙ'
    'ඒ උනාට මෙන්න මේ වගන්තිය යටතේ ඉස්සරහින් බාදකයක් තියෙනවා නම් ඉස්සර කරන්න බෑ.'
    'මොකක් ?'
    අපිට තේරුනා මෙයා නම් හරිම යකෙක් කියලා.

    එලෝපු ඩ්‍රයිවර් ලෝකෙ කාල වතුර බිව්ව කෙනෙක්.මිනිහ ගාව තියෙනවා අඳුරන කෙනෙක් ට කියලා හදාගත්ත රෙඩ්ක්‍රොස් කාඩ් එකක්.
    'මම රෙඩ්ක්‍රොස් එකේ.මෙන්න මගෙ අයි.ඩී. එක.'
    සාජන් කාඩ් එක බැලුවා
    'හා කමක් නෑ , බහිමුකො එලියට'

    විනාඩි 10ක් විතර ගියා.කවුරුවත් පේන්න නෑ.මුරපොල තිබ්බෙ අපිට පේන්නෙ නැති නැනක.
    හරියන්නෙ නෑ , තාත්තත් ගියා
    විනාඩි 5 කින් දෙන්නම ඇවිත් නැග්ගා.
    අපි ගියා.
    ටික වෙලාවකින් අම්ම ,'මොකද උනේ'

    'අහ් මම යනකොට මේ දෙන්නම බැන ගන්නවා.'
    අපේ ඩ්‍රවර් උන්දැ එහෙන් මෙහෙන් කනෙක්ශන් තියෙන කෙනෙක්.එයා කතා කරල මිනිස්ට්‍රි එකකට.
    'ඇමතිතුමා ඉන්නවද? නෑ මේ වෙලවෙ නම් බිසී.'
    'හ්ම්..'
    ඔන්න දැන් තමා තාත්ත ගිහින් තියෙන්නෙ.

    'මොකද මෙතන වෙන්නෙ'
    'මේ සාජන් කියන්නෙ උසාවි දාන්ව කියල.'
    'නෑ , මේ ප්‍රශ්නෙ මෙච්චර දුර දිග ගෙනියන්න ඕනි නෑනෙ.'
    'එහෙම බෑ , මේ කරල තියෙන්නෙ ලොකු වරදක්.'

    'දන්නවද මම කව්ද කියල , මම තමා [පැත්තක] දිසාපතිගෙ මල්ලි.ඕනි නම් මෙන්න ෆෝන් එක , කෝල් එකක් ගන්න.'
    [මේ දඩ බොරුවක් ඕන්...මගේ තාත්තගෙ අය්යා බිස්නස් කරන්නෙ..හිකිz]
    සාජන් මහත්තය ටිකක් උඩ ගිහින්.
    'අයිසෙ මේ , මම නීතිය ඉගෙන ගත්තෙ ඔහේල ඉස්කෝලෙ යන කාලෙ'
    'මෙන්න මේ රු.500 තියාගෙන තේකක් බොනවා'
    'හිහ් හිහ් ... ඒත් මේ'
    'හා හා අපි යන්වා.''
    ඔන්න ඕකයි කතාව

    හැබැයි ඕව හැමදාම කරන්නත් බෑ
    ගොඩක් ඉස්සර ඒ.එස්.පී.කෙනෙක් ප්‍රාඩෝ එකේ ඉස්සරහ බාර් එකක් තිබ්බා කියල ගලෝගෙනම එනකම් ලයිශන් දෙන්නෙ නෑ කිව්වා...අපි ඒක ගලෝල පෙන්නල යන ගමන් අයෙ හයි කරගෙන ගියා...

    මම හෙන ඇඩ් එක දානව කියල හිතන්න එපා..එහෙම හිතයි කියල තමා ඇනොනිමස් ව කමන්ට් කරන්නෙ

    ReplyDelete
  44. අහ් තව එකක් , තාත්තා 'සම්බන්දීකරන ලේකම්' කෙනෙක් හෙම නෙමේ.... :)

    ReplyDelete
  45. ටිකක් හිනාවෙන්න කිව්වට මචෝ ගොඩක් හිනායනවනෙ...මාත් තාම පොලෝසියෙන් දඩ කාල නෑ.හැබැයි අහුවෙලත් නෑ.මොකද මං ජොබ්එකට යන්නෙ පයින්...

    ReplyDelete
  46. mata thiyenne puss bicycle 1knee! aparadee dan hithenawa matat waan 1k ganna thibbanam kiyala! maru theory 1k! :D man danna sir kenek innawa! miniha gaawa pass warga godak thiyanawa! ithin 1 1 thanadi pora 1 1 character act karanne! doctor pass, teacher pass, nurse pass, arawa meewa! :D

    ReplyDelete
  47. මගෙ යලුවෙකුත් ඔය වගෙ වැඩක් කෙරුවා. පොර බයික් එකක් ගත්ත අලුතම පාරෙ යන ගමන් ජිප් එකක් දැකල ටිකක් එලවලා. ජිප් එකත් සැකෙට මුව ෆලො කරලා. කොහොමහරි පොර පාරෙ තිබ්බ බොරලු කන්දක හැප්පිලා වැටිලා. පොලිසිය ඇවිත් මු ලගට එනකොටම මු කියපි" සර් මට ලයිසන් නැ, මගෙ බයික් එකට ලයිසන් නැ, මෙන්න සර් යතුර,මන් අහවල් ඇමතිතුමගෙ බොඩිගාඩ් කෙනෙක්(පොරට හොද කට් ඇගක් තිබ්බා) මන් යනවා සර්, පස්සෙ ඇවිත් බයික් එක ගන්නම්" කියලා පොර යන්න ගිහින් පොලිස් ජිප් එකෙ අව අය උඩ බිම බලනව මොකො උනෙ කියල. අරු අඩි 10ක් යන්න ඉස්සර වෙලා පොලිස් කරයෙක් කත කරලා යතුර දිලා කමක් නැ.ඔයා යන්න කියල. මෙක අපිත් විස්වස කෙරුවෙ නැ. පස්සෙ එතන සින් එක බලන් ඉදපු කොල්ලෙක් තමා අරක ඉස්තිර කෙරුවෙ

    ReplyDelete

රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....

අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...