Friday, August 5, 2011

ජීවිතය දැන ගන්න එන්න.... මෙන්න රියල් ජීවිත කතා.....

ගොඩාක් දෙනෙක් ගොඩාක් දෙනෙක්ගෙ ජීවිත කතා කියවනවා.. තම තමන්ගෙ ජීවිත කතා ලියනවා.. ඒ තමන්ගෙ ලොකුකම් ප්‍රදර්ශනය කරන්න තමයි ගොඩාක්ම.... ඒ වගේමයි හිත්වල ඇති අධිෂ්ඨානයෙන් මොන බාධක තිබුනත් නැගී සිටින අය ඉන්නවා.. මේත් එවැනි කතාවක්.. අපිත් එක්ක සමීප අපිත් එක්ක බ්ලොග් ලියන අපේම එකෙකුගෙ කථාවක් තමයි මම ලියන්නේ... අවසර අරගෙන ලියුවත් නම නොදා ඉන්නම් යැයි මගේ යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කල නිසාත් නම නොදා ලියන්නයි සිද්ධ වෙන්නේ... කථාවෙ පසුබිම කිව්වේ නැත්නම් වැඩකුත් නෑනේ...


මතකයි නේද මගේ ලෝකය ලියන රංග තමන්ගේ වෘත්තීය ජීවිතේ ගැන ලියුවා... ඉතින් ඊටත් වඩා වැදගත් සුපිරි අත් දැකීමක් මේක.. අද දවස පුරා එක්තරා  අන්තර් ජාල මිතුරු හවුලක ගෲප් චැට් එකක ගිය කතාවක කොපි පේස්ට් එකක් තමයි මම මේ දාන්න හදන්නේ... රතු පාටින් හැදින්වෙන්නේ අදාල කෙනා වගේම විවිධ පාට වලින් කියන්නේ අපේ  සමහර අයගේ උත්තර සහ අච්චර වැදගත් කතාවක් ඇතුලෙත් දෙන ආතල්.... එකම ප්‍රශ්නේ මේක දැක්ක ගමන් භාෂා විලාසයෙන්ම අදුර ගනීවිද දන්නේ නෑ කවුද මේ පිරිස කියලා... හරි මෙන්න කතාව.. 


උම්මා එකක් කිව්ව ගමන් හෙලුවත් දාලා කඩ්ඩ උස්සන් දුවන් ආපු හැටි මේ xxxxxx



Tikak hitapan filter ekak daanne kohomada kiyala sodisi karala balanakam.  :D Sent via my Samsung Galaxy SII


හා කලින් කීවනම් හරිනේ සැම්සුන් ගැලැක්සි එස් 2 එකක් ගතිතා කියල...:P


ඔය සැම්සුන් ගැලැක්සි කියන පෝං එක ගොඩක් ගනන්ද xxxxx නගේ... ලංකාවේ වොරන්ටි දෙනවාද..? හරියට වර්ණනාවල් ඇසේ ඕක ගැන...


Ow aiya phone eka sira. Lakshayayi gaana. :) Ow, ohoma thamai sinhala penney. Mage phone eka kohomath wikunanawa. Aragena maasayayi eeyeta. Iphone 5 eka labana maase release wenawa. Eaka thamai aluthma heenaya. :D


හපොයි ලංකාව දාලම යනවද නංගී..?????


Ow aiya, danatamath mata lankawe purawasikamath ahosi wela iwarai. Lankawe inneth visiting visa ekakin. Maasa 3k athulatha mama yannama ona. Job eka november 1st indan mata eaka nisa ea wenakam lankawe. Anika mea loku wedaka committee eke maath innawa. Eake wada. Ehe gewal, car aragenath iwarai, yanna witharai thiyenne. Aapahu awurudu 15kata passe lankawata enna wenne mata. :)


මඩක් ගහන්න නම් මරුම නයෙක්..... ඒත් ඉතින් ඇත්ත නිසා මොනා කරන්නද? 


මට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? කොහොම අපේ රටේ කෙනෙකුගේ සිටිසන් ඔය විදිහට නැති වෙන්නේ කියලා?


මං ඇප්ලයි කලේ skilled migrants category එක යටතේ අක්කා.
මං කිව්වෙ මගේ මේ අධ්‍යාපන සුදුසුකම්, experience තියේ මං ඒ රටට වැඩදායි කෙනෙක් මට ඒ රටේ වැඩ කරන්න අවසර දෙන්න මං මගේ Ph.D එකට එහෙ එනවා කියලා. ඒ වෙනකොට මට ජොබ් එකක් හරි ගිහින් තිබ්බෙ නෑ, මං මගේ Ph.D එකට ඇප්ලයි කරලා තිබ්බෙ. ඒ යුනියෙන් මට කිව්වා ආවොත් රස්සාව දෙන්නම් කියලා ලෙක්චරර් කෙනෙක් හැටියට. ඒත් කටවචනෙ විතරයි. මං ඒකේ එක්ස්පීරියන්ස් වලට තමයි ලංකාවෙ නැගෙනහිර විශ්වවිද්‍යාලෙ ලෙක්චරර් කෙනෙක් හැටියට වැඩ කලේ. මං හිතුවෙ මං හම්බකරගත්ත සල්ලි වලින් එහෙ ගිහින් Ph.D එක කරලා පස්සෙ PR ඇප්ලයි කරන්න කියලා..

ඊටපස්සෙ ඒ අතරවාරයෙ ඔහොම ඉතින් ඉන්ටර්වීව්, ඒ රටේ ඉතිහාස විභාග අනං මනං තිබ්බා.. ඒවාත් පාස් උනා..
ඉන් පසුව ඒ රටෙන් මගේ සියලු සුදුසුකම් අද්‍යනය කරලා කිව්වා.. ඒ රටේ පුරවැසිකමම දෙන්නම් අවුරුදු 15කට ගිවිසුමක් ගහන්න ඕනා ආයෙ ලංකාවට යන්න බෑ, ඔබගේ හොඳම වයස මේ රට වෙනුවෙන් දැනුම, ශ්‍රමය වැය කල යුතුයි හැබැයි කියලා.. කොටින්ම මෙඩිකල් ඉන්ශුවරන්ස් ඔක්කොම වගේම මට රස්සාවක් කරන්න ඕන නෑ එහෙන් දෙනවා කිව්ව ඩෝල් එක [dole] කාලා බීලා මාසෙකට සැරයක් ලංකාවටත් ඇවිත් යන්න ඇති තරමෙ මුදලක් ඒ ආණ්ඩුවෙන් දෙන්නම් කිව්වෙ. ඔහොම ඉද්දි මං අවුරුදු 5ක් එකදිගට ඇප්ලයි කල, ඇප්ලිකේශන් 272ක් යවා ඒත් රිජෙක්ට් උන, ලෝකේ සුප්‍රසිධම ආයතනයක [ඒ රටේ තමයි ප්‍රධාන ශාඛාව තියෙන්නෙ] Chief commercial finance analyst හැටියට රස්සාව හම්බ උනා. ඒක නම් දෙයියො බැලුව වගේ උනේ. මගේ ප්ලෑන් එක තිබ්බෙ ගිහින් dole එකෙන් ජීවත් වෙන ගමන් Ph.D එක කරන්න. ඉතින් මං ඒ රස්සාව බාර ගත්තා.. මං තමයි දැන් #### ආයතනයේ Chief commercial finance analyst. ඒ රටේ සියලු කොන්දේසිවලටත්  එකඟ උනා එහෙ මං අවුරුදු 15ක් ඉන්නම් කියලා. ඉතින් මගේ ලංකාවෙ පුරවැසිකම අහෝසි වුනා. මට ඒ රටින් visiting visa එකක් [6 මාසයක් වලංගු] නිකුත් කරල තියෙන්නෙ. මං ලංකාවට අයිති පුද්ගලයෙක් නෙමෙයි දැන්. මං ඒ කාලෙ ඇතුලත නොගියොත් ලංකාවට අවසර තියෙනව මාව deport කරන්න. මගේ ජාතිය ශ්‍රී ලාංකික කියල නෙමෙයි දැන් තියෙන්නෙ.


සන්තෝෂයි සන්තෝෂයි... අප්‍රමාන සන්තෝෂයි... ### කියල සමාගම් තියේද එහේ... මාරයි ඈ......  :D


#### නෙමේ ආදර්සෙට ගනු...!
ජීවිතේ අමාරුම අවස්ථවල් පසු කරලා ජයගන්න හැටි..



මගෙන් පසු කිසිම කෙනෙක් එහෙට එනව කියලා මං සඳහන් කරල නෑ, එහෙම ගෙන්න ගන්න කෙනෙකුත් නෑ, මං විතරයිනෙ. මගේ ලේ නෑකම් තියෙන කිසි කෙනෙක්ටවත් එන්න අවසර නැති කරල තියෙන්නෙ ඒ රටට මගේ නෑකම් කියාගෙන. තනි පුද්ගලයෙක් උනාම ඔන්න තියෙන වාසි.. :D #### එහෙම ආයතනයක් තියේ, උඹලා ඔක්කොමල්ලාම ඉතාම කැමති. ගිහාම ආරංචි වෙයි කොහොමත් මං එහෙ ඉන්නෙ කියලා.. :D ඒ ආයතනයෙන් මගේ CIMA අවසන් වසර විභාගය සඳහා ස්පොන්සර් කරනවා [ඒක විතරයි කරන්න ඉතිරි] Ph.D එක නම් මං ගෙවාගෙන කරන්නෙ. වාහනය සල්ලි දීලා ගත්තෙ. ගෙදර 25% mortgage කලා, ඒක ඒ ආයතනයෙන් අත්සන් කලේ මට. ඉතිරිය ගෙව්වා අත්පිට. කොටින්ම මට හැම අවුරුද්දකම සති දෙකක් සියලු වියදම්, ඉඳූම් හිටුම්, ගුවන් ටිකට් ඇතුලුව ඒ ආයතනයෙන් නිවාඩුවක් ලබා දෙනවා මං කැමති ඕනම රටකට. ඒත් ඒකටවත් ලංකාව ඒ සදහා තෝරා ගැනීම තහනම්. :( අවුරුදු 15ක් යනකම් ලංකාව මට තහනම් කලාපයක් විය.


හදපතුලේ ගැඹුරු විලෙන් උඹ ගැන ආඩම්බරයි නංගී, අපි පත්තරේ ප්‍රහේළිකාවක් පුරවලා දාලා, ඊ ලඟ සතියේ ගිෆ්ට් වව්චර් එක ලැබුනේ නැත්තං, ආයේ ප්‍රහේළිකා දිහා බලන්නේවත් නැති අතරේ, උඹ මේ වගේ ඇප්ලිකේෂන් 272 අවුරුදු 5ක් තිස්සේ යැව්වා කිව්වහම........... මට පපුව පැලෙන්න වගේ බං.................. ඇත්තටම සතුටුයි, ඇත්තටම සතුටුයි, ඇත්තටම ගත්තොත් උඹ මේ රටේ පුරවැසියෙක් නෙමෙයි තමයි.......... :D


ආයෙ හංගන දෙයක් නෑනේ. හැමෝම දන්නවනෙ යන්නෙ ඇමරිකාවට. නිව්යෝක් වල ගෙයක් ගත්තෙ. Columbia university එකේ Robot technology & E- commerce තමයි Ph.D එක. වැඩකරන්නෙ Mars Global Chocolates වල USA හෙඩ් ඔෆිස් එකෙ Chief commercial finance analyst හැටියට. :)


නගේ... මන් උඹෙ ජීවිත කතාව ලියනවා කවද හරි... (දෙනවද ?)   U r a legend !!!!!!!!! ආඩම්බරයි නංගී.... අපි මීට අවුරුදු එකසිය ගානකට එපිට උන්නු වීරය් ගෑන කතා කරද්දි උඹ පොඩි වයසෙන් මේ කොරපු හරිය , උබව වීරයෙක් කරනවා.. අනිවා... තව තවත් ඉදිරියටම යා !!!!!! 


එලකිරිස්.... මරු පොරක්නෙ උඹත්.. ඔහොම එවුන් සිම්පල් වෙන තරමට තමයි දිනන්නේ... අපිත් එනවා දවසකට හරි උඹව බලල යන්න.. 


අභී අයියා හදන පැකේජ් එකක් අඩුවට හදාපන් ඈ නිව්යෝක් යන්න


ඔයාට එහෙදී බ්ලොග් එක ලියන්නත් බැරි වෙයිද?


බ්ලොග් ලියන්නෙ නෑ අක්කා මං දැන්. කියවනව වෙලාව ලැබුනම. මං සෑහෙන්න සෝශල් නෙට්වර්ක් වලින් අහක් වෙලා ඉන්නෙ, කාලෙ නාස්ති වෙනව අක්කා නැතිනම් සෑහෙන්න ඕවට ඇබ්බැහි උනාම. මේ අද නම් ඔන්ලයින් දඟල දඟල ඉන්නෙ අද සිකුරාද නිසා. සිකුරාදාට පමණයි මං නෙට් එකේ පිස්සු කෙලින්නෙ. :D



දවසේ හොදම කතාව අද මමයි සෝරෝයි අතර වුනා... මම ලංකාවේ තියෙන තරු තුනකහෝටලයක කලමණාකාර අධ්‍යක්ෂක කෙනෙකුට කතා කලා.... මම මෙහෙමයි ඇහුවේ... මචන්, මට සන්ඩේ ඩේ රූම් එකක් රිසර්ව් කරගන්න පුළුවන්ද බලපන්කෝ.... ඉතින් කතාව ඉවර කරලා මමයි සෝරෝවයි අතර වෙච්ච දෙබස තමයි මේ...
මම : බලපන් මම ට්‍රයිස්ටාර් හොටෙල් එකක ජීඑම්ට කතා කරපු විදිහ... ආයෙ මචන් කියලා කතා කරන්නෙ දන්...
සෝරෝ: ඕවනම් මොනාද අයියේ.. අපි මචන් කියන්නේ ඔහොම උන්ටද?
මම : ඒ කවුද බන් ඒ මම නොදන්න පොර...
සෝරෝ : අපි මචන් කියන්නේ අයියේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් වල Mars Global Chocolates  එකේ Chief commercial finance analyst ට..


බලපන්කො ඉස්සරහට මචන් කියන්න දෙයිද කියලා. දැක්කද දැන්මම කිව්වා ඩෝක්ටර් කියන්න කියලා. :D


අඩේ නෑ බං, කවදා හම්බ උනත් මචං තමයි මම.. :D මං මෙතනට ආවෙ ලේසියෙන් නෙමෙයි බොලව්. අමාරුවෙන්.මගේ අම්මා මාව ගෙනියන්න අපුලුවන් තරම් දුර ගෙනිච්චා, ඊට පස්සෙ මං අද යම් තැනක ඉන්නවද ඒක මං උපයාගත්ත දෙයක්.
මං අවුරුදු 17දි ඉස්කෝලේ යනගමන් රස්සාවක් කරල A/L කලේ. කැම්පස් තේරුනට ගියේ නෑ, අම්මාව බලාගන්නා තිබ්බ නිසා. එයාගෙ කකුල කැපුවෙ මට අවුරුදු 17දි. මගේ තාත්තා නෑ, මට සහෝදර සහෝදරියො නෑ. මං කාපු දවස් වලට වඩා මාසෙ නොකාපු දවස් වැඩියි. කන්න බොන්න වෙලාවක් නෑ, ඉස්කෝලේ යන්න වැඩට යන්න, අම්මගෙ වැඩ රාජකාරි කරන්න ගියාම. නිදාගන්නෙ පැය දෙකයි. ඊට පස්සෙ කාලයක් තිබ්බා රස්සා 3ක් කරපු. මෑතක් වෙනකනුත් මං රස්සා 3ක් කලා. මං මගේ පලවෙනි ඩිග්‍රිය කලේ APIIT එකේ ලක්ස 25යි Student loan එකක් දාලා. මං මේවා කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ කවදාවත්.

අද මං අතේ බඳීන ඔරලෝසුව ලක්ස 4ක්.. මගේ ෆෝන් එක ලක්සයක්. මං පාවිච්චි කරන BMW එක ලක්ස 200ටවත් ලංකාවෙ ගන්න බෑ. [ඔය බොහොම ටිකක් විස්තර කිව්වෙ. ආදායම් බදු එකෙන් පනියි ඊගාවට :D :D] මං ඒවා ගැන ආඩම්බර වෙනවා. ඒත් මං හිටපු xxxxxම තමයි. උඹලා මේවා කියනකම් දැනන් උන්නෙ නෑනේ. දැනුත් දන්නේ නෑ වගේ ආශ්‍රය කරපල්ලා මාව එච්චරයි..
:D :D



නංගි ඔරලෝසුව දෙන්න බැයිද ටිකකට අතගාලා බලන්ට............ :) විහිලුවට බං කිව්වේ, ඇත්තටම ඔයාගේ අම්මා හිටියා නං අද මේ තත්ත්වය දෑහින් දැක ගන්න...........



මම මොකක්ද කියන්නේ කියලා හිතුවේ... උඹ ඇත්තටම අපිට වඩා දුරගමනක් ඇවිත් තියෙනවා... අපේ ජීවිත කතා කියවන ගොඩාක් අය දන්නෙ නෑ මචන් අපි හිනා වෙන්නෙ ඇයි කියලා... කොහොමද කියලා... සුභ පැතුම්... තවත් ගොඩාක් දුර යන්න.....

පස්ට :) සුරන්ගනා කතා කියන්නෙ ඈත්ත නේද :) ජයෙන් ජය නගේ.. ඈස් වලට කඳුලු ආවා මේ විස්තරය කියවලා... 


ඔන්න ඔහොම තමයි කතාව සිද්ධ වුනේ අතරින් පතර තව කථා තිබ්බත් පුළුවන් තරම් කෙටි කරලා දැම්මේ මේක කොටස් වශයෙන් කියන්න අකමති නිසා.. අන්තර්ජාලය නිසා වෙන වැඩ අත ඇරලා පිස්සු නටන තරුණ පැටවුනේ.... මෙන්න මේවා හිතට ගන්න.....

එහෙනම් ආදරණීය සොයුරිය.. දිගු ගමනකට සුභ පැතුම්........ !

ප.ලි. කියවන සමහරුන්ට මේ කවුද කියලා දැනෙන්න පුළුවන්... කමෙන්ට් හැටියට නම භාවිතා නොකරන්න වග බලාගන්නා මෙන් ඉල්ලා සිටිනවා ආදරෙන්......

ප.ප.ලි. පිටරට යනව... රට අත ඇරලා යනවා කියලා කෑ ගහන කට්ටියට තමයි මේ චැට් කොපිය...


 me:  mama yanawa dhawalta kanna.. ehenam jaya
 a:  ජය
:)
 me:  ekama eka prashnayak..
 a:  කියන්න
 me:  avurudhu 15kin passe uba lankaawata enawadha
a:  ඔව්
එනවා

90 comments:

  1. කතාවෙ අයිතිකාරයා තමයි මේ කමෙන්ට් එක නම් දාන්නෙ.

    මගේ කතාව කාට හරි ප්‍රයෝජනවත් උනා නම් ඒක තමයි මට තියෙන සතුට. ඇත්තටම මහන්සි වෙලා වැඩ කිරීම සහ කිසිම දෙයක් ලේසියකට අත නොහැරීම තමයි මගේ සාර්ථකත්වයේ රහස. මං තරම් ජීවිතේ දුක් විඳපු කෙනෙක් තවත් නැතිව ඇති. කන්න නැතිව, සමහරු ගාව තියෙන ඔය ලස්සන ලස්සන දේවලින් 1/100 ක් වත් සමහර වෙලාවට මං ගාව තිබ්බෙ නෑ, ගන්න සල්ලිත් නෑ අරන් දෙන්න කෙනෙකුත් නෑ.

    මගේ තාත්තා මට අවුරුදු 2න් නැතිවුනේ. මං ඇහැටවත් දැකලා නෑ. අම්මාගෙ අසනීපෙත් එක්ක හැමෝම හිතුවෙ මගේ අධ්‍යාපනය එතනින් ඉවරයි කියන එක [කකුල අහක් කලා දියවැඩියාව හේතු කොටගෙන, ඊට අවුරුදු 7කට පස්සෙ දෙවෙනි කකුලත් අහක් කලා] ඒත් මං කිසිම සටනක් ලේසියකට අතාරින්නෙ නෑ. මං අවුරුදු 17න් පවුලක් නඩත්තු කරන කෙනෙක්, මට ළමා කාලයක් තිබ්බෙ නෑ.

    මං ගොඩක් කැපකිරීම් කලා, මහන්සි උනා මං දන්නේ නෑ මං මේ ජීවිත සටන දිනලාද පැරදිලාද කියලා. ඒත් මං තාමත් සටන් කරනවා. මගේ අම්මාව බලාගන්න හම්බ කරපු මං දැන් මගේ නූපන් දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ අයට මං වින්ඳ තරම් දුකක් නොලැබෙන්න කියලා. මේකේ කෙළවරක් දකින්න මං ගොඩක් ආසයි. ඒත් තව අවුරුදු 15කට 20කට වත් මං ඒ සැනසීම ලබන්න පින් කරලා නැති හැඩයි.

    ඉතින්, හැමෝටම මට කියන්න තියෙන්නෙ, කිසිම දෙයක් අතාරින්න එපා. පළමුවෙනි පාර අසාර්ථක උනත් නැවත නැවත උත්සහා කරන්න.
    අධ්‍යාපනය, ඒක තමයි මගේ ජීවිතේ ශක්තිමත්ම අඩිතාලම උනේ. පොඩි නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නෙ ඉගෙන ගන්න තියෙන කාලෙ ඉගෙන ගන්න, ජීවිතේ ඉතිරි කාලෙ මුලුමනින්ම තියෙනවා පිස්සු නටන්න ඕන නම් තමුන්ට. A/L ෆේල් නම් වෙන අංශයක් තෝරගන්න තමුන් දක්ශ, කැම්පස් යන්න බැරි උනා කියන්නෙ ජීවිතේම ඉවරයි කියන එක නෙමෙයි. ඒත් මොකක් හරි එක අංශයක දක්ශතාවයක් වර්ධනය කරගන්න. ඒකේ Master කෙනෙක් වෙන්න කිසිම කෙනෙකුට දෙවෙනි නොවන විදියට.
    :)

    ReplyDelete
  2. ආදර්ශමත් ජීවිතයක්. හැමෝටම ඉගෙන ගන්න වැදගත් පාඩමක්. ජය පතනවා.

    ReplyDelete
  3. මචං උඹ අදහන්න වටින පොරක්.. උඹ ගොඩක් කැපවීම් කරල තියෙනව මේ තත්ත්වෙට එන්න.. ඒ වගේම මට එක දෙයක් ශුවර් ඒ තමා උඹට වගේ මේ ඔය තරම් කැපවීමක් කරන්න තරම් ශක්තිමත් හිතක් නෑ බං මට..

    මට මතකයි මම උඹේ බ්ලොග් එකට මුලින්ම දාපු කමෙන්ට් එක.. එක්තරා ප්‍රශ්නයක් නිසා ජීවිතේ නැතිකරගන්න හදනව කියල තිබුනේ ඒ පෝස්ට් එකේ.. එහෙවු උඹ අද මේ ඉන්න තැන දිහා බැලුවම මට මාර ආඩම්බරයි මචං..

    උඹ කොච්චර බැන්නත් මට නම් බෑ මේ වගේ කැපවීමක් කරන්න..

    උඹට ජය වේවා..!!

    ReplyDelete
  4. අපි පොඩි පොඩි දේවල් වලට කොච්චරනම් සැලෙනවද?කඩා වැටෙනවද?ඒ අතින් බැලුවහම ඔයා ගොඩක් ශක්තිමත්.

    ReplyDelete
  5. machn math aurudu ganaka idala blog kiyanawa..ube storya dakala api karanne monada kiyala hituna...wish u best machn..ube katawa mata awankawama haiyak unaa...ube jiwethe ganath liyana blog ekak kiyawanna asawen balan innawa..thanks a lot

    ReplyDelete
  6. කතා නායිකාව නම් හොදට අදුරනවා.. කෝම නමුත් තමන්ගේ අතින්ම දෙයක් ඉගෙන ගන්න එයා කැමතියි කියලා මං හොදාකාරවම දන්නවා :D

    ReplyDelete
  7. එකම එක දෙයයි කියන්න තියෙන්නෙ මේක කියෙව්වට පස්සෙ. මේ වගේ කෙනෙක්ව අඳුරගන්න ලැබීම ම භාග්‍යයක්. කවදාවත් ඇත්තට දැකල නැති උනත්, යළි කවදාවත් දකින්න නොලැබුණත්, ඒ ඇඳුරුම්කමේ වෙනසක් වෙන්නෙ නෑ. දයාබර xxxxx, උඹට කවදාවත් වරදින්නෙ නෑ. එච්චරයි!

    ReplyDelete
  8. මම මේ කියන කෙනාව අඳුනගත්තේ මීට අවුරුද්දකට එහා කාලයෙදි. ඒ වෙද්දි එයා මානසිකව වැටිලා අසරණම වෙලා හිටිය වගක් තමයි කිව්වේ. පලවෙනියටම එයාගේ ගේ ළඟදි එයා ඒ කතාව කිව්වම මම භය වෙච්ච තරම් මට අදටත් මතකයි.
    එදා ඉඳන් අදටත් මගෙන් බැනුම් අහන කෙනෙක් උනාට ඔයා මේ තැනට ආව එක ගැන නම් මට තියෙන්නේ සතුටක්. ඒක ඔයා දන්නවා.
    wish you all the very best girl.

    ReplyDelete
  9. මම නම් දන්නවා කවුද මේ කියලා..කියන්න වචන නැහැ..ජයෙන් ජය ඔබට !!

    ReplyDelete
  10. මේ කවුද කියලනං දන්නේ නෑ ඒත් මාර චරිතයක් ඇත්තටම අක්කාට ඕවා ලැබෙන්න ඕනෙ.....

    ReplyDelete
  11. මම මේ කව්ද කියල දැනගත්තෙ අද... දන්න කෙනෙක්ගෙන් අහල.. දැනගත්තත් නැතත් මේ කතාව කිය්වල ඉවරඋනාට පස්සෙ හිතට ආපු හැඟීම් කියන්න වචන නෑ. මේ කවුරු උනත් හදවතින්ම සුභ පතනවා. යන තැනක අපේ මේ පුංචි රටේ නම තියන්න. (මේ ලින්ක් එක කියවන්න කියල මට එවපු නදී අක්කට ගොඩක් ස්තූතී)

    ReplyDelete
  12. ආඩම්බරයි ඔබ ගැන . සුබපැතුම් . පොතක් ලියන්න වටිනා කතාවක්

    ReplyDelete
  13. මේ පුද්ගලයගෙ බ්ලොග් එකේ මම මුලින්ම කොමෙන්ට් එකක් දැම්මේ බ්ලොග් කියවන්න ආපු මුල් කාලෙමයි. ඒත් මේ වගේ තමන්ට වෙච්ච දුෂ්කරතා ගැන ලියලා තිබුන ලිපියකට. ඇත්තටම මට ගොඩක් සතුටුයි අද එයා ඉන්න තැන ගැන. මේ අහවලා අපි හැමෝටම ආදර්ශයක්. මටත් ආඩම්බරයි මගෙ බ්ලොග් එක කියවපු, කොමෙන්ට් කරපු කෙනෙක් මේ වගේ තැනකට ගිය එකට. අනාගත කටයුතු වලට උණුසුම් සුභපැතුම් සහෝදරී.

    ReplyDelete
  14. ඇත්තටම සන්තෝසයි... අපිටත් සෑහෙන පාඩම් තියෙනවා ඉගෙන ගන්න.

    ReplyDelete
  15. හදවතින්ම සතුටුයි! මමත් දන්නවා එයාව.. ජයවේවා!!!

    ReplyDelete
  16. ‍මේ කතාව මම ඇ‍ගේම වචන වලින් , ඇ‍ගේම බ්ලොග් එකේ දි කියෙවුවා මතකයි.ඇයට උදවු කරන්න හිතන් අපි හැරෙද්දි , ඇය අපි කාටත් උදවු කරන්න පුළුවන් කෙනෙක් වෙලා හමාරයි... ඇයව මුල් වරට මම වත් පොතට එකතු කර ගත්තෙ ඇගේ ඒ කතාව බ්ලොග් එකෙන් කියවලා...

    ඇගේ පින්තූරය දැක්කම මට පුදුමෙනුත් පුදුම හිතුනා... මේ තරම් පුංචි කෙල්ලෙක් !!!!!! ඇත්තමයි .... ඇයට සුබ ගමන්... ඔය හොඳ හිත කොහේ ගියත් වෙනස් නොවී තියා ගන්න....

    ෴ සුබ පැතුම් නංගෝ ෴

    ReplyDelete
  17. ඇත්තටම මගෙ ඇස් වල කදුලුත් පිරුණා. පුංචි පැටික්කියක් වගේ ඔයා මෙච්චර දෙයක් කලා ද? විශ්වාස කරන්නත් බැරි තරමටම පුදුමයක්. අපි ගැනම ලැජ්ජා හිතෙනවා ඇත්තටම. කියන්න වචන නෑ. හිතේ ගැඹුරින් ම එන දේවල් වචන කරන්න හරි අමාරුයි. අපේ ආදරෙත් අරගෙන යන්න. අපිට ඔයාට දෙන්න තියෙන්නෙ ඇත්තටම එච්චරයි.

    ReplyDelete
  18. උඩ ටික කියවගෙන එද්දි මං හිතුවේ උඹට බනින්න..ඒත් පලවෙනි කමෙන්ට් එකෙන් පස්සේ එහෙම අවුලක් නැහැ කියලා තේරුන හින්දා නිකං හිටියා...

    ReplyDelete
  19. ඔක්කොම හරි කියමුකො . . . . ලංකාවෙ පුරවැසිභාවය එහෙම අහෝසි වෙනවද .. . . .???

    ReplyDelete
  20. ආදර්ශනම් ගොඩක් තියනව ගන්න. පන්තියෙ 9 වෙනියගෙන් මිදෙන්න තීරණය කලා (ඉන්නෙත් 9යි)

    ඒත් මම ඔහොම රටකටනම් යන්නෙ නෑ. 3 වසරෙ ඉඳන් මගෙ ගල් පිට් එක මහසෙන් කියන විදිහට "මාන ගාලක් ගාවට ගිහින් * කරන්න පුළුවන් ලංකාවෙ විතරයි". අනික අපේ මිනිස්සු ගාව තරම් මනුස්සකමක් කවුරුවත් ගාව නැති එක. (ඒකෙම අනිත් පැත්තත් එමමයි)

    ඔරලෝසුව කීවම මතක් උනේ "3 idiots". ඒකෙ ජීවිත දෙකක් වෙනස් වෙන්නෙ ලක්ෂ 4රෙ ඔරලෝසුවක් නිසානෙ.

    ReplyDelete
  21. මටත් අනුමාන කරන්න පුළුවන් මේ කවුද කියලා. කවුරු වුනත් ආදර්ශෙට ගන්න ලොකු කතාවක් තියනවා.
    සුභ පැතුම් අක්කේ!

    ReplyDelete
  22. මගේ ජීවිතේ මට ඕනිම වෙලාවක තමයි මේ කතාව කියෙව්වේ කියල හිතෙනවා. අද දවල් මම හිතාගෙන හිටියේ ප්‍රශ්න වලින් දුක් විඳිනවට වඩා මැරෙන එක හොඳයි කියල. එත් මේ කතාව කියෙව්වට පස්සේ මගේ ජීවිතේට ලොකු බලාපොරොත්තුවක් ආව. මම දන්නේ නෑ මේ කව්ද කියලා. කවුරු උනත් ජීවිතේ කවදාවත් වැරැද්ද ගන්නේ නැති කෙනෙක්. ලස්සනම ලස්සන අනාගතෙකට සුභ පතනවා. ඒ වගේම මේ කතාව ලිව්වා එකට ගොඩාක් ස්තුතියි...

    ReplyDelete
  23. an.. man oyage blog eka hoya gatta.ath permisson ne asai kiyawala balanna.puluwan nam matath permmison denna...any way wish u all the best sis.. karadarayak nam soryy..sanjeewasliyange@gmail.com

    ReplyDelete
  24. ඇත්තටම ආදර්ශයට ගන්න ඕන චරිතයක්....

    ReplyDelete
  25. සුභ පැතුම් අක්කේ.....

    ReplyDelete
  26. U R a LEGEND !
    ජයෙන් ජය නගේ...
    උඹලා කවද හරි ලංකාවට එන්න ඕනෙ... එදාට මේ රට හැදේවි :)

    සුබ පෑතුම් නගේ :)

    ReplyDelete
  27. ජීවිතේ ජීවත් කරවන්න හිතෙන කතාවක්..අක්කේ ඔයාට සුබ ගමන්..

    මේ ලිපිය දාපු යාලුවටත් ගොඩක් ස්තූති..

    ReplyDelete
  28. මේක කියවගෙන යද්දි අවසානේ ඇස් දෙකට කදුළුත් ආවා....

    ReplyDelete
  29. Who ever it is...

    This person has become the brightest star in a complex GALAXY... ;-)

    ReplyDelete
  30. සුබ පතමි සොයුරියට

    ReplyDelete
  31. මම කාලෙකින් අභීතගේ බ්ලොග් එකට ගොඩඋනේ. ඔය කතාවේ කොටස් කලින් අසා තිබුනා. මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ කියා ඇය පෙන්වා අවසන්. සතුටක් සමග දුකක්. අපේ කෙනෙක් මෙවන් තත්වයක සිටීම සතුටක්. ඇය අපෙන් ඈත රටකට යෑම දුකක්. ඒත් අපි සයිබරයේ හැමදාම මෙහෙම හිඳීවි. නැවත වසර 15කින් එන දිනය එදිනට අපි සිටියොත් සුපුරුදු ලෙන්ගතු කම සමග අපි කතා කරමු....
    සුභ පැතුම් ...

    ReplyDelete
  32. මම ඇයගේ කථාව මුළුන්ම කියව්වේ ඇය ඇයගේ බ්ලොග් එකට ලියපු ලිපියකින් [එතකොට මට බ්ලොග් එකක් තිබ්බේ නැහැ මට මතක විදිහට]. ඒක කියවපු වෙලාවේ මට හිතුනේ අපි දුක කියලා අත් දැකලා තියෙන්නේ දුකම නෙමෙයි කියන එක. ඊට පස්සේ මට ඇය ගැන මාර ගෞරවයක් ඇතිවුනා. කාන්තාවක් විදිහට එයාට ආපු ප්‍රශ්න වලට මුහුණ දීපූ විදිහ ගැන සහ ප්‍රශ්න වලින් ගොඩ ආපු විදිහ.
    ඒක මාරයි.

    ඒත්, අද මේ ලිපියේ ලක්ශ හතරේ ඔරලෝසුවයයි, ලක්ශයේ ෆෝන් එකයි, BM එකයි ගැන කියලා තියෙන කියෙව්වම ඒ තිබ්බ ගෞරවය ටිකක් විතර පළුදු වුනා. මොකද මම සාර්ථකත්වය මනින්නේ මිනිස්සු බදින ඔරලෝසුවේ වටිනාකමින්වත්, ෆෝන් එකේ අගයෙන් වත්, අදින ඇදුමෙන් වත්, පදින කාර් එකෙන් වත් නොවන නිසා.
    ඒක මගේ පුද්ගලික මතය. ඒ වගේම ඔය වගේ මැටිරියලිස්ටික් ඩ්‍රීම්ස් (Materialistic Dreams)ලඟා කර ගන්න එක වෙස්ටර්න් රටක ජීවත් වෙන කෙනෙක්ට "මහන්සි වුනොත්" මහ දෙයක් නෙමෙයි. එහෙම තමයි ඒ රටවල සිස්ටම් එක හදලා තියෙන්නේ, හොඳට හම්බ කරන්න හොඳට සහ වියදම් කරන්න.
    chanakalin උඩින් කියලා තියෙනවා වගේ "3 idiots" ෆිල්ම් එකේත් ඔය කථාව ඔහොමම තියෙනවා.

    මුලින්ම කිව්වා වගේ ඇයගේ කථාවෙන් මටනම් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා (Never ever give up!). ඒ වගේම ඇයගේ "මුල් ලිපියත්" මෙතන ශෙයාර් කරන්න පුළුවන්නම් වටිනවා.

    ඇයට සුබ අනාගතයක්!!!

    ප.ලි: දැන් මේක ලිව්වා කියලා මගේත් එක්ක ගේමට එන්න එපා. මම ඇනෝ කමෙන්ට්ස් දාන්නේ නැහැ. කියන්න තියෙන දෙයක් මූණටම (මගේ නමින්ම) කියනවා.

    ReplyDelete
  33. මට නං ඔය පුරවැසිකම නැතිවීම, අවුරුදු 15 කතා වගේ ඒවා ටිකක් අවුල්.

    ReplyDelete
  34. සුභ පැතුම් අක්කා මමත් දන්නවා කෙනාව ඔයාගෙ කතාව අපිව ලොකු ශක්තියක් අක්කා ආදර්ශයට ගන්නවානම් ඔයාව තමා හොඳම කෙනා ඔයාව එක දවසක් හරි ඇත්තට දකින්න හිටියේ ඒ වැඩේ නම් හරියන්නේ නැති පාටයි ජීවිතේ සාර්ථක කර ගන්න අක්කා එතකොට ඔයාගේ නැති උන අම්මයි තාත්තයි ඒ ලෝකේ ඉඳලා හුඟාක් සතුටු වෙයි

    ReplyDelete
  35. මේ කවුරු ගැනද කියල මමත් දන්නෙ නම් නෑ...ගොඩක් ආදර්ශවත් කතාවක්...සුබ පතනවා එයාගෙ ජීවිතය ඉදිරියටම යන්න...ජයෙන් ජය...

    ReplyDelete
  36. මට තේරෙන්නෙ නැත්තෙ මේකයි. දැන් ඔය හාවඩ්, යේල්. වෝටන්. වගේ පට්ට බිස්නස් ස්කුල්ස් වලින් එලියට ඇවිත් ෆෝචුන් 500 කම්පැනි වල වැඩ කරන එවුන් බුරුතු පිටින් ඉන්න රටේ තියෙන කොම්පැනියක්, මේ ලංකාවෙ නැගෙනහිර විශ්ව විද්‍යාලේ සිමා කම්ප්ලීට් කරලත් නැති ලෙක්චරර් (උඩ තියෙන විදිහට) කෙනෙක් ව Chief Commercial Financial Analyst කෙනෙක් විදිහට ගනිය් ද ? අනික Columbia Uni එකේ Robot Technology & E-Commerce වගේ එකක් (එහෙම එකක් තියෙනවනන්) කරන්න finance background එකක් තිබිල බෑනේ. වරදවා හිතන්න එපා. දන්නේ නැති නිසයි ඇහුවෙ.

    ReplyDelete
  37. ජය පතනවා හැරෙන්න වෙන දෙයක් ලියන්න හිත දෙන් නැහැ. ඔබගේ කැපවීම ගැන ලියන්න මගේ වචන පන මඳි. අභීත ඔබට ස්තුතියි, මේ කථාව දැම්මට. මගේ දුවට තේරුම කරලා කිඅවන්න දෙන්නම්. ජයෙන් ජය!!!

    ReplyDelete
  38. @ ඕනයා, අනිත් අයට කොහොම වුනත්, බොට ඒක වෙනව

    ReplyDelete
  39. ආදර්ශවත් කථාවක්...!!! විශේෂයෙන් ජංජාලෙට වෙලා කාලේ කන පිස්සු නටන නංගිලාට... මේම නගා වගේ හැදියල්ලා !!!

    ReplyDelete
  40. අභීත වගේ පිලිගත් පුරවැසියෙක් කියන දෙයකට අභියෝග කරන්න මට බෑ.. එත් මේ කතාවෙ ලොකු disconnects ගොඩක් තියෙනව...

    ReplyDelete
  41. 3 වන ඇනෝට
    කතාවෙ අයිතිකාරයා මේ කමෙන්ට් එක දාන්නෙත්.

    මං කලිනුත් කිව්වා මං ඇප්ලිකේශන් 272ක් අවුරුදු 5ක් නොකඩවා ඇප්ලයි කරලා තමයි ඔය ජොබ් එක මට හම්බ උනේ. අවුරුදු 5කට කලින් මට තිබ්බ කොලිෆිකේශන් ලෙවල් එක 2 නම් ඊට අවුරුද්දකට පස්සෙ ඒක 3,4 දක්වා වර්ධනය වෙලා තිබ්බා. අවසානයේ මීට මාස කීපයකට කලින් තමයි රස්සාව ලැබුණේ.

    මං ලංකාවෙ චාර්ටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක්. [ICASL] මට BA(Hons) Accounting and Finance උපාධියක් තියේ Hetfordshire University - UK, Second class upper grade එකක් සහිතව, MBA (Finance) Greenwich Univesity - UK First class honours, CIMA - Strategic level completed following Top CIMA at the moment. [ඔබතුමා දන්නවද දන්නේ නෑ TOP CIMA කරන්න අවුරුදු 3ක එක්ස්පීරියන්ස් ඕනා එකවුන්ටින් ෆීල්ඩ් එකේ executive level එකේ. TOP CIMA ගොඩක් වෙලාවට කෙනෙක්ගෙ කම්ප්ලීට් වෙන්නෙ අවුරුදු 30 විතර වෙනකොට] මේ සේරම කොලිෆිකේශන් තියෙන මම අවුරුදු විසි ගණන් වල මැද හරියෙ ඉන්නෙ. මං ලකාවෙ එකවුන්ටන්ට් කෙනෙක් හැටියට අවුරුදු 2ක එක්ස්පීරියන්ස් තියෙන්නෙ. තාම Top CIMA වල අවුරුදු 3 executive level එක්ස්පීරියන්ස් එක කම්ප්ලීට් වෙලා නෑ. ඒත් මට එකවුන්ටින් ෆීල්ඩ් එකේ අවුරුදු 6ක එක්ස්පීරියන්ස් තියේ [Accounts clerk, accounts assistant ,assistant accountant ආදී වශයෙන්] මං A/L ඉවර වුණ හැටියෙ රස්සාවක් කරන ගමන් Chartered Accounting කලේ. මොකද ඒක තාමයි කරන්න ලාබම දේ ඒ කාලේ. මට සල්ලි තිබ්බෙ නෑ, මං කලිනුත් කිව්වෙ. නමුත් ඒ කොලිෆිකේශන් එක සෑහෙන්න වටිනවා. මට රස්සාවෙ ඉහළ වැටුපක් ගන්න පුලුවන් උනේ වරලත් ගණකාධිකරණයට පින් සිද්ධ වෙන්න.

    Columbia Uni එකේ Robot Technology & E-Commerce උපාධිය Research Degree එකක්. Ph.D එකක් කියන්නේ ක්ලාස් රූම් වල උගන්වන ඩිග්‍රියක් නෙමෙයි. මට වුවමනාව තිබ්බෙ මගේ ෆීල්ඩ් එක මාරු කරන්න. ඒකට මං ස්ථාවර වෙනකම් උන්නා මං අයිති ක්ශේත්‍රයේ. Finance background එක නිසා තමයි E-Commerce කියන එක සම්බන්ධ කරලා මට කරන්න ඕන ෆීල්ඩ් එක සමඟ [එනම් Robot Technology] මගේ රිසර්ච් පේපර් එක Columbia Uni එකට submit කලේ. රිසර්ච් පේපර්ස් accept කලා එහෙන්, දැන් මට ඒ ක්ශේත්‍රයේ රිසර්ච් එක කරලා වසර 3කට පසු මා ඉදිරිපත් කල රිසර්ච් පේපර් එකේ අවසන් ප්‍රතිපලය ලබා දෙන්න තියෙන්නෙ. [මා දැනටමත් IT related exam වගයක් කරලා තියෙන්නෙ සහ මගේ IT දැනුම ඒ සඳහා ප්‍රමාණවත්]

    @ඕනයා @කතන්දර
    පුරවැසිකම නැති වෙන්නේ මට ඒ රටින් කිව්වා ලංකාවේ පුරවැසිකම අතහරින්න ඕනා තාවකාලිකව, ඒ රටේ පුරවැසිකම දෙන්න නම් කියලා. මං ලංකාවෙ ආගමන විගමන එක සමඟ කතා කරලා, ඒ රටේ ලියකිවිලි ඉදිරිපත් කරලා තමයි මෙහෙ පුරවැසිකම අහෝසි කරගත්තෙ [මම ලියකිවිලි බාර දුන්නෙ ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ විදේශ කටයුතු අමාත්‍යංශයට]. මට ඒ රටේ පුරවැසිකම තියෙ දැන්, ඒත් ඩුවල් සිටිසන් නෑ කියන එක ඉදිරිපත් කලා. එවිට මෙහෙ පුරවැසිකම අහෝසි වුණා. ඒත් මට ඩුවල් සිටිසන් ඇප්ලයි කරන්න පුලුවන් අවුරුදු 15කට පස්සෙ. ඒ වෙනකම් ලංකාවේ රැකියාවක් වෙනුවෙන් ලංකාවට එන්න බෑ. ඒක මේ රටේ නෙමෙයි ඒ රටේ තියෙන නීතියක් මට.

    ReplyDelete
  42. 3 වන ඇනෝට
    ඒ වගේම මං ලෙක්චරර් කෙනෙක් හැටියට වැඩ කරන්න අරන් මාස 6ක් විතර දැන්. ඒ වෙනකම් මං සිමා කම්ප්ලීට් නැති නැගෙනහිර විශ්වවිද්‍යාලයෙ ලෙක්චරර් කෙනෙක් නෙමෙයි. ලංකාවෙ ප්‍රසිද්ධ ආයතනයක එකවුන්ටන්ට් කෙනෙක්. වරලත් ගණකාධිකාරවරියක්.
    මං නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ලෙක්චරර් කෙනෙක් උනේ. Columbia university එකෙන් මට ජොබ් එක දෙන්නම් කිව්ව කටවචනයට. මොකද මට ලමයින්ට උගන්වන්න එක්ස්පීරියන්ස් එකක් ඒ වෙනකොට තිබ්බෙ නෑ.

    ඒ වගේම උපාධි පිටරට විශ්වවිද්‍යාල නාමයන් යටතේ තිබුනාට මං සියලුම උපාධි ලංකාවෙ කලේ. ඒත් එක අවුරුද්දක් පමණක් රටින් පිටව සිටියා පලමු උපාධියේ අවසන් වසර වෙනුවෙන්. [දෙවන උපාධිය රජයේ ශිශ්‍යත්වයක්. MBA එක]
    :)

    -කතාවෙ අයිතිකාරයා-

    ReplyDelete
  43. ජීවිත කතාව කිව්වට අභියා චැට් එක කොපි පේස්ට් කරලා පොඩි වංචාවක් කරලා තියෙන්නේ... :) මුල ඉඳන්ම ජීවිත කතාවම කාට හරි ලියන්න පුළුවන්නම් මාර වටිනවා...

    වාහන ඔරලෝසු ෆෝන් ගැන නම් ඇස් නිලංකාර කරනොගත යුතුයි, පිටරටකට යන ඕනෙම කෙනෙකුට මේ හැම දෙයක්ම තියෙන්නේ අත පොවන මානයේ... අවශ්‍යතාවය දැඩිනම් එක්ස්ට්‍රා මයිල් එකක් දුවන්නයි තියෙන්නේ...

    නමුත් මේ කියන ‍රැකියාව නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශාල ජයග්‍රහණයක්...මම හිතන විදියට නිව්යොර්ක් වල අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයෙකුට පවා ඩ්‍රීම් ජොබ් එකක්... ඒ පිළිබඳව ඇයට ඇති සතුටට මමත් හදවතින්ම සම්මාදම් වෙනවා... :)

    ReplyDelete
  44. නගේ, පුංචි උඹේ කතාව මම හරියටම දැන ගත්තේ අද . . .

    ඒක කියවලා මගේ ඇහේ කඳුලු . . විස්වාස කරපන් . . ..

    මෙච්චර කල් උඹෙන් ඇහුවේ නැත්තේ කෙනෙක්ගේ පුද්ගලිකත්වය හාරා අවුස්සන එක නරක දෙයක් කියලා මම හිතපු නිසා.

    කොහොම හරි ඒ පුද්ගලික කතාව ඇතුලේ මගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන මහා ලොකු කතාවක් තියෙන බව දැන ගත්තේ අද මේ ලිපිය නිසා . . .

    අභීත උඹට බොහෝම ස්තූතියි . . .


    නඟේ උඹ සහෝදරයෙක් ලෙස මම ගැන හිතන එකට මෙන්න උඹට මගේ හිතේ පිපුනු සුවඳ මල් . . .

    උඹට සදා ජය නඟේ . . . !!

    ReplyDelete
  45. ස්තූතියි..
    අනිවා Beetle සමහර විට අවසානයට ඇප්ලයි කරපු ජොබ්ස් ටිකට US වල වැඩ කරන්න පුලුවන් වග සඳහන් නොකලා නම් [ඒ කියන්නේ මට ඒ වරප්‍රසාදය හිමිව නොතිබුණා නම්] මේ ගමනත් ඔය ඇප්ලිකේශන් 3,4 ම රිජෙක්ට් වෙන්න තිබ්බා.

    සුභ පතපු හැමෝටම ස්තූතියි.

    කෙනෙක්ට මේකේ Disconnections තියෙනවා වගේ දැනෙන්න පුලුවන්. මොකද ඔය චැට් එක මගේ හිතවතුන් කීප දෙනෙක් සමඟ කල අසංශිප්ත කතාවක්නෙ. ඒ අය මා ගැන දන්නා බැවින් මං මුලු ජීවිත කතාවම ඔතන කියලා නෑ, ඔතන කතා කලේ මගේ ගමන ගැන වර්ථමාන තත්වය පිලිබඳව කාලෙකින් කතා බහ කල යහලුවන් කීප දෙනෙක් අහපු ප්‍රශ්න වගයකට දුන්න උත්තර ටිකක්. මේ අභීත අයියා චැට් එක එහෙම්ම කොපි පේස්ට් කරපු එක විතරයි කරලා තියෙන්නෙ. ඉතින් කතාව නොතේරෙනවා වෙන්න පුලුවන්, කලින් මගේ බ්ලොග් එක කියවපු අයට නම් සිද්ධිය වැටහෙනවා ඇති සමහරවිට. දැන් ඒ බ්ලොග් එක ලියන්නේ නෑ.
    :)

    ReplyDelete
  46. සියළුම දෙනාට,
    මම දන්න තරමින් වෙන රටක සම්පූර්න පුරවැසිකම ගන්නකොට අපිට අපේ රටේ පුරවැසිකම අහෝසි වෙනවා. නමුත් කලින් නම් ද්වීත්ව පුරවැසිකම ගන්න පුළුවන්. මම දන්න විදියට මෑතකදී මේ සහනය ඉවත් කලා. දැන් රටවල් දෙකක පුරවැසි වෙන්න අමාරුයි.
    අනිත් දේ ඔබ දන්නවද අද ලංකාවේ උපාධියට හොඳ ඉල්ලුමක් තියනවා. හැබැයි නිකම් උපාධි නෙමේ අර නඟා කිව්ව වගේ පර්යේෂන උපාධි වලට. ඒ නිසා ළමයිනේ හොඳට ඉගෙන ගනිල්ලා. කවද හරි අපිට උබලව දකින්න ලැබනව නම් මේ වගේ. එතකොට අපිට මැරෙන්න පුළුවන් නිදහසේ.
    ජය!!

    ReplyDelete
  47. කතාවේ අයිතිකාරයාට

    බොහොම ඉස්තුතිය් පැහැදිලි කිරීමට. උඩ තියෙන්නෙ චැට් පොස්ට් එකක් නිසා කතාව අබ්ලික්. දන්නෙ නැති නිසයි ඇහුවෙ. බොහොම සන්තෝසයි ඔබේ ජයග්‍රහණ ගැන. වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනව!

    3 වෙනි ඇනෝ

    ReplyDelete
  48. සුබ පතමි හදවතින් ඔය නිහතමානිකම සහෝදරත්වය ඒ විදියටම තියා ගන්න සොයුරිය

    ReplyDelete
  49. යාලු.මමනම් දන්නෙ නෑ කථාවෙ නායිකාවව.මම මේ blog ලෝකෙට ගොඩක් අලුත් කෙනෙක්.ඒත් කවදාවත් නොදැකපු ඒ කෙනාට මමත් මගෙ හද පිරි උනුසුම් සුභ පැතුම් එක් කරනව මේ blog අවකාෂයට

    ReplyDelete
  50. මාත් බ්ලොග් ලෝකෙට අලුත්ම අලුත්. අද තමයි ඉස්සෙල්ලම බ්ලොග් එකක් පෝස්ට් කලේ. මාත් කවද හරි මේ කියන අක්ක වගේ දුර ගමනක් යන්න හිතාගෙන ඉන්න කෙනෙක්. අක්ක ගැන ගොඩක් සතුටුයි. මට අක්කගේ බ්ලොග් එක කියවන්න ආසයි.ඒත් හොයා ගන්න බැරි උනා. අක්කට මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  51. උබ මොන තරාතිරමේ උනත් අපේ එකීයක් .... මටත් ආඩම්බරයි උබ ගැන .... අවු 15 ක් ඉඳාලා ඇවිත් හලෝ මචන් කියලා පරණ පුරුදු විදිහට වචනයක් කතා කලොත් .... මොන තරම් අපූර්වත්යක් තියෙයිද?

    බොහෝ ඔබ සමඟ චැට් කර වලි දමන ඔබේ මිතුරෙක් ....

    ReplyDelete
  52. ha ha hari hawa kale madin awaa..

    ReplyDelete
  53. මම මේ කතාව යන්තමින් අහලා තිබුනා.කෙනාත් දන්නවා.අද තමයි ඉතිරි කොටස් හරියටම දැනගත්තේ.අක්කේ... සදා ජය........

    ReplyDelete
  54. කතාවේ අයිතිකාරිට- ඇත්තටම උඹ දිනුම්.. ඒත් ඒ දිනුම ගන්න උඹ දුවල තියෙන දිවිල්ල දැක්කම පුදුම තරම් සන්තෝෂයක් හිතට එනවා.. උඹේ නොනවතින අධිෂ්ඨානය අගේ කරන්න මට වචන නෑ සහෝදරී..
    මං මේ දැනුත් උඹව ආදර්ශෙට ගත්තා.. ඒ තරමට ගන්න දේවල් තියෙනවා උඹේ කතාව ඇතුලේ.. බොක්කෙන්ම සුභ පතනවා.. ජීවිතේ තව තවත් සාර්තක වේවා..!!!


    අභීතටත් මේ කතාව දැම්මට තුති..

    ReplyDelete
  55. මේ කතාවේ ලොකූම සහ වැදගත්ම දේ...

    නොපසුබස්නා වීර්යයෙන් අරමුණක් ඉටු වන තුරු අත්නොහැර ඒ වෙනුවෙන් මහන්සි වීම.

    මැද්දී බෑ කියා හිති අත්හරින එක හරිම ලේසියි. ඒත් දිනන්න තව තව කල් යනවා..

    නංගී... ඔයා අපිට ඔප්පු කලේ වැටි වැටි නැගිටින එක ගැන..

    ඒ කතාව ඇතුලෙ තියන සිටිශන්ශිප්, අවු15 , ලක්ශ හතරෙ ඔරලෝසුව , බි එම් ඩබ්ලිව් එක, මේවාට වඩා වැදගත්ම දේ ඒක...

    ජය වේවා !!!!

    ReplyDelete
  56. නියම කතාව අවුරුදු 5 ක් තිස්සේ 272 ක් ගොඩක් ලොකු උත්සාහයක් සුබපතනවා අනාගතේට කතා නායිකාවට වගේම මේ ලිපිය දාල අපි නොදන්නා කෙනෙකුගේ ජීවිත කතාව බෙදාගත්තු අභීතටත් ^_^

    ReplyDelete
  57. කව්ද කියලා දන්නේ නැති උනත්... ඉත සිතින් සුබ පතනවා
    සියලු සිතුම් පැතුම් ඉටුවෙන්න කියලා....

    ReplyDelete
  58. කතා නායිකාව දනිමි.. අනේ අවුරුදු 15කට එන්නේ නැති වෙයිද.. හ්ම්ම් කමක් නෑ අක්කා ඔයා සතුටින් ඉන්න.. :) :)

    සිරාවට අර කොල පාට කමෙන්ට් අපේ ලොකු අක්කාගේ නේ

    ReplyDelete
  59. කව්ද කියල නම් දන්නෙ නෑ.... ඒත් මගෙනුත් සුබ පැතුම්....

    ඒ උනාට අවුරුදු 15 ක් ලංකාවෙන් ඈත් වෙලා ඉන්නවා කිව්වම... අපොයි මට නම් බෑ මොනව දෙනව කිව්වත්.... ඒ ත් මේ මම... ඒ ඔබ... ජය....


    **** මම දන්න විදියටත් වෙන රටක පුරවැසිකම ලැබුනම ලංකාවෙ පුරවැසි කම නැති වෙනවා... ද්විත්ව පුරවැසි භාවය ගැනීමත් ල]න්කාව තාවකාලිකව නවත්තල තියෙන්නේ....

    ReplyDelete
  60. කතා නායිකාව හිතා ගත හැකි උනත් කවුරුදැයි හරි හැති නොදනිමි කෙසේ වෙතත් ඔබට ජය......!

    ReplyDelete
  61. කතා නායිකාව ගෙස් කළා ෂුවර් නැහැ. මේ විස්තර මා දැන උන්නේ නැහැ. ඇයගේ බ්ලොග් එකේ මේ කියන පෝස්ට් එක කියවා නැති නිසා.

    මුළු හිතින්ම සුබ පතනවා. මගේ අතීතයට [මේකෙන් 1/100 විතර උනාට] තරමක් සමීපයි.

    ගොඩක් අතුරු ප්‍රශ්න තිබ්බ. මගේ අත්දැකීමෙන් මෙහෙම කියන්නම්.

    අපි සමහරු ජීවිතේ පටන් ගන්නේ මුහුදු මට්ටමට ගොඩාක් යටින්. එහෙම යට ඉඳලා උඩට එන එක මතුපිට කන්දක් නගින තරම් ලෙහෙසි නැහැ. කුණු වතුර මඩ කක්කුස්සි කටවල් අස්සෙන් එන්නේ. හුස්ම ගන්න ඔක්සිජන් වත් නැහැ. අපි මේ ගමන එනකොට කාටවත් අපිව පේන්නේ නැහැ. දූවිලි වැදිච්ච අපිව වටින්නෙත් නැහැ.

    එහෙම ගමනක් ඇවිදින් මහා පොලොවට ලඟා වීමත් මහා ජයග්‍රහණයක්‌. ඒකමත් ඇති ජීවිතේට.

    ඉතින් අපි මහා පොලොවට ලඟා වීම මහා ඉහළින් සමරන කොට බිම් මට්ටමේ උපන්න අයට තේරෙන්නේ නැහැ මොන රෙද්දටද මේ සමරන්නේ කියලා. එතකොට අතුරු ප්‍රශ්න ඇතිවෙනවා.

    ඔයා අහවල් දෙයක් ද ඇචීව් කලේ?

    ඔයාට ඕක ගන්න මොනවාද තියෙන කොලිෆිකේෂන්?

    සමහරුන් උපදින බිම් මට්ටමට ලඟා වීමත් තව කෙනෙකුට මහා ජයග්‍රහණයක්‌ කියලා කාටවත් තේරෙන්නේ නැහැනේ.

    ලෝකේ උසම කන්ද වන එවරස්ට් කිලෝමීටර 9 කට චුට්ටක් අඩුයි. මෙයා තමයි මහම කන්ද. ඒත් දන්නවද ෆැසිෆික් පතුලෙන් එන හවායි කන්ද කිලෝමීටර දහ තුනක් විතර උසයි. ෆැසිෆික් ආගාධයෙන් එන නිසා වතුරෙන් මතුවන්නේ කිලෝමීටර හතරයි. ඉතින් කාටවත් මේ කන්ද පේන්නේ නැහැ.

    සොයුරියේ ඔබ ඒ හවායි කන්දයි. ඔබට සුන්දර සිනහපිරි හෙට දවසක්.

    ReplyDelete
  62. ඇත්තටම සුබ පතනවා කව්රු වුනත් මේ අක්කට (අක්කද ඇන්ටිද දන්නේ නෑ) මම A/L කරන්නේ Maths වලින්. මට මේක කියෙව්වට පස්සේ අපි Class ගිහින් ඉස්කෝලේ ගිහින් කෙලින පිස්සු ගැන ඇත්තටම කලකිරුන. අපි මොනවද කරන්නේ කියලා හිතෙනවා. මොනව නැතත් මේ අක්කට මම හොද අනාගතයකට සුබ පතනවා. (BMW ගැන එහෙම අහපුවාම දාඩියත් දානවා ;)]
    ආයේ අවුරුදු 15 කට පස්සේ අනිවා ලංකාවට එන්න. (Mars කියපුවාම වැඩිය ඔලුවට ආවේ නෑ. දැන් තමයි මතක් වුනේ මොනවද මේ චොකලට් ජාතිය කියලා.)

    [[[[ මෙතන මැදින් පැන්නට සමා වෙන්න ඕන. මම හිතන විදිහට මම මේ කථාවේ අයිතිකාරිය කව්ද කියලා දන්නවා. එත් අයිතිකාරිය මාව දන්නේ නෑ (මම බ්ලොග් ලියන්න අරං තාම අවුරුදු 1 1/2 ක් විතර ඇති. ඒක නිසා වෙන්න ඇති) නමුත් මෙතන තියෙන විදිහට මට ඕන වුනා පුද්ගලයා කව්ද කියලා හොයාගන්න. ඒක නිසා මගේ උපන් ෂර්ලොක් හෝම්ස් දැනුම යොදලා හෙව්වා. හරිද වැරදිද දන්නේ නෑ.]]]]

    (((((( වැරදි දෙයක් කියලා තියෙනවානම් සොරිවෙන්න ඕනේ ))))))

    ReplyDelete
  63. [දෙවන උපාධිය රජයේ ශිශ්‍යත්වයක්. MBA එක]

    අක්කි, මේක රජයේ නෙමේ නේද?
    ජනපතිරනයේදි රජතුමාට කඩුවෙලින් කඩේ යාම වෙනුවෙන් නාමල් අයියා නේද දුන්නේ.

    ආණ්ඩුවෙන් ශිෂ්‍යත්ව දෙන්නැ ආවට ගියා. යම්කිසි පිළිගැනීමක් ඇති පදනමක් සහිතව දෙන්නේ.

    [මං නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ලෙක්චරර් කෙනෙක් උනේ.]

    ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වලට ලෙචර්ලා ගන්නේ අත් උස්සන්න කියලා නෙමේ. ටෙම්පරි ගන්නේ ගොඩක් වෙලාවට.
    ලෙක්චරර් කෙනෙක් වෙන්න බැ සාමාන්‍ය ආයතනේක වැඩ කළ පමණින්.

    [මං නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ලෙක්චරර් කෙනෙක් උනේ. Columbia university එකෙන් මට ජොබ් එක දෙන්නම් කිව්ව කටවචනයට. මොකද මට ලමයින්ට උගන්වන්න එක්ස්පීරියන්ස් එකක් ඒ වෙනකොට තිබ්බෙ නෑ.]

    :D
    අනේ අක්කියෝ.. ඔයා දවසකට හරි රජයේ කැම්පස් එකකට ඉගෙන ගෙන තිබ්බ නම් මෙහෙම කියන්නේ නැ.


    [CIMA]

    ගොඩක් ආයතනවල වෙනත් පාඨමාල කලාම විභාග සඳහා සහනයන් ලැබෙනවා.
    ඒ විදියට CIMA කරලා කියලා කියන්න ලැජ්ජද?

    ලක්ස දෙකේ ඔරලොසූ ගැන ඇඩ් දාන්න එපා. ගොයම් ගහක් පැසෙන්න පැසෙන්න පහලට බර වෙනවා.

    ReplyDelete
  64. අන්තිම ඇනෝට

    එය රජයේ ශිශ්‍යත්වයක්. රජයේ ප්‍රතිපාදන වෙන් කරලා දුන්න ශිශ්‍යත්වයක් මිසක් මං වියදම් දරපු දෙයක් නෙමෙයි. අනික ඔය කමෙන්ට් එක දාපු කෙනා මට හිතා ගන්න නම් පුලුවන්. ඉතින් මොකටද ඇනෝ ආවේ? කතාව ඒත් ඔබතුමා දන්නෙ බාගෙට වීම ගැන දුකයි මට. ඕක නෙමෙයි හරි කතාව, තව තියෙනවා. පස්සෙ හම්බ වුණ වෙලාවක කියන්නම්කො :D
    2009 සැප්තැම්බර් වන විට ආණ්ඩුවෙ ශිෂයත්වයකට සියලු අධ්‍යාපන සහ වෲතිය සුදුසුකම් මං ඒ වනවිටත් සපුරා අවසන්. ඒක තේරෙන්නෙ නැති මෝඩයෙක් වෙන්න බෑනේ ඔබතුමා මං මෙච්චර විස්තර කිව්වටත් පස්සෙ.
    :D

    ලෙක්චරර් කෙනෙක් හැටියට මං වැඩ කලේ ටෙම්පරි. කොහෙවත් මං කිව්වද ඒක පර්මනන්ට් රස්සාවක් කියලා. පර්මනන්ට් වෙන්න අවුරුදු 3ක් යනවා. ඊටත් මං විසිටින් ලෙක්චරර් කෙනෙක්. මට කොළඹ හෝ වෙනයම් විශ්විද්‍යාලයක ලෙක්චරර් කෙනෙක් වෙන්න බැරි වුනේ සාමාණ්‍ය ආයතනයක වැඩ කරලා වෙනත් අංශයක එක්ස්පීරියන්ස් මිසක් ලෙක්චරර් කෙනෙක් විදියට එක්ස්පීරියන්ස් නොතිබුණ නිසයි. අනික කොහොම වුණත් විශ්වවිද්‍යාලයේ නීති රීතිවලට අනුකූලව ඔවුන් මගේ දැනුම පරික්ශාකරලා රස්සාවට සුදුසු යැයි තීරණය කලා නම් කාටවත් ප්‍රශ්නයක් නෑනේ ඒ ගැන. ඔබතුමා සෑහෙන්න කරුණු නොදැන කොහෙන් හරි අහුලගත්ත තොරතුරු ටිකකට මෙතන කෑගහන එක ගැන මට කණගාටුයි.
    :D

    අනික අත් උස්සන්න කියලා රස්සාවලට රජයේ නෙමෙයි කොහෙවත් ගන්නේ නෑ, ඔබතුමා රස්සාවට ගියේ එහෙමද? මට නම් ඒ වාසනාව ලැබුනේ නෑ. මං ඔය රස්සාව ටොප් ජොබ්ස් කියන සයිට් එකෙන් බලලා, ඇප්ලයි කරලා, මඩකලපුවෙ දෙපාරක් ඉන්ටර්වීව් ගිහින් ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ කමිටුව ඉදිරියේ අහන ප්‍රශ්නවලට උත්තට දීලා ගත්ත රස්සාවක් මිසෙක. [රස්සාවට ඇප්ලයි කිරීම, මඩකලපුවෙ පලමු පාරට ඉන්ටර්වීව් එකට යනකොට කෝච්චියෙ ටිකට් බුක් කිරීමේ සිට විශ්වවිද්‍යාලය තියෙන තැන, නවාතැන් පහසුකම් දක්වාම මට සෑහෙන්න උදව් කල මගේ සහෝදරයෙක් වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයෙම ඉන්නවා, නම කියන්න විදියක් නෑ]
    :D

    රජයේ කැම්පස් එකක ඔබතුමා ඉගෙනගෙන තියෙනවද? අනේ මට ඒ අවස්තාව සබරගමුව විශ්වවිඳ්‍යාලයට හම්බ වෙලත් මට යන්න අවස්ථාව ලැබුනේ නෑ පුද්ගලික හේතුන් මත. මං ඒ ගැන කියලා තිබ්බා ඒ චැට් එකේත්. මං ඒ ලෙවල් එස් 3ක් අරගෙන පුද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත්ත කෙනෙක් නෙමෙයි කොහොමත්. :D

    CIMA වල විභාග සහන ලැබෙන්නේ නම් උපාධි වලට විතරයි. ඒකත් උපාධියේ සමහර විශයන්ට. ඒ විශයන්ට තියෙන A, B, B+ ආදි ග්‍රේඩ් ගැන සලකලා බලලා මිසක් ආවට ගියාට මං අහවල් විභාගෙ කරල තියෙනව කිව්වට දෙන්නෙ නෑ, ඔව් මගේ උපාධි වල සහ අනෙකුත් වෲතිය විභාග වල [professional qualifications] ඉහල ලකුණු මට්ටම් නිසා මට සෑහෙන්න විශයන්ගෙන් විභාග සහන හම්බ උනා. මං ඒක කොහෙවත් නෑ කියලා නෑනේ. ඊටත් ඒක ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි ආඩම්බර වෙන්න කාරණයක් ඇරෙන්නෙ. මොකද එහෙම high grades වලට CIMA exemptions ගන්න එක plus point එකක් නිසා. ඔබතුමාටත් CIMA එහෙම කරන්න කියලා මංම නෙව උපදෙස් දුන්නෙ මගෙන් CIMA විභාගය ගැන විස්තර අහන කොට. ඉතින් තවත් කතා ඕන නෑනේ.

    [අනික ඔබතුමා නොදන්නවට වරලත් ගණකාධිකරණ ආයතනයේ [Institute of Chartered Accountants of Sri Lanka] 2004 වසරේ [ඉස්කෝලෙන් අවුට් වුණ කාලයේ] merit scholarship holder කෙනෙක් මම. එහේ සමරු පලකයක අදටත් මගේ නම ගහලා තියේ අදාල අවුරුද්ද එක්ක.
    :D


    ලක්ස දෙකේ ඔරලෝසුක් ගැන නම් මං කොහොමත් කියලා නෑ කෙසේ වෙතත් ඒ ගැන මං ඇඩ් දැම්මෙ නෑ මේක පුද්ගලික චැට් එකක් කෙනෙක් කොපි පේස්ට් කිරීමක් මිස ඒක උලුප්පවා දැක්වීමක් නෙමෙයි. උලුප්පවා දක්වනවා නම් ඔයිට වඩා දේවල් තියෙනව උලුප්පවා දක්වලා ලොකු කම් කියවන්න.
    :)

    ඔව් ඔව්, ගොයම් ගහක් පැසෙන්න පැසෙන්න පහලට බර වෙනවා, මාත් ඔලුව උදුම්මවාගෙන නෑ, ඒක නිසා තමයි ඔබතුමා වගේ කෙනෙක් එක්ක ඊයෙ හවසත් මං කතා කලේ, සහ හෙටටත් වෙනසක් නැතිව කතා කරන්නෙ.
    :D :D

    -කතාවේ අයිතිකරු-

    ReplyDelete
  65. පුන්චි කෙල්ලෙ, ඔබ ගැන මට දැනෙනෙන්නෙ මහ ආඩ්ම්බරයක්.....ඔබට සදා ජය.....බුදුන්ටත් සතුරන් සිටි කල අව්සෙස් අප ගැන කවර කතාද.....
    අවසන් ඇනො:ඔබටත් නුවනැස පැදේවා......

    ReplyDelete
  66. අනේ මන්ද, මොනවා උනත් ජය!

    ReplyDelete
  67. dear damuko tawa katawath oba tumiya gana...jiwethe widapu dewal duka satuta..godak prayojayak wei api wage ayata..godak aya blog karanawa kiyala karannne wena wena terumak nati dewal..tamange jiwethe gatta athdakim share kara ganna eka loku ,,,jaya wewa!!

    ReplyDelete
  68. නොදුටු සොයුරියට ක්සැන්ඩර් ගෙන් සුබ පැතුම්. මගෙත් ජීවිතේ ඔයවගේම කාල තිබ්බ. මගේ ඉලක්ක මම හදාගත්ත. අවරුදු 25 දි මට ලොකු ආයතනයක් ඇතුලේ තොරතුරු තාක්ෂණයේ කළමණාකරුවෙක් වෙන්න ලැබුනේ එක නිසා. අද මම කටාරයේ ඒ ආයතනයට සේවය කරන්නේ හද පිරි සන්තෝසෙන්. ඔබට ජය.

    ReplyDelete
  69. මම අක්කට මුලුහදින්ම සුබ පතනව.......වෙන මොනවත් කියන්න ඕන නෑ, මට මේක කියවද්දි ඇස්දෙකට කදුලු ආව....ඇත්තටම අක්කව අදුන ගන්න ආසයි.....අක්කට මම ජයෙන් ජයම ප්‍රාර්තනා කරන්ව......

    ReplyDelete
  70. kawda kiyanna nam man hariyatama danne ne mokada blog loketa mn aluth nisa..eth me kathawa kiyewwama oya gena hari adambarayak hithuna..api jiwithe dukak kiyala hithanne bohoma sulu dewal walatane kiyala denuna...mulu hadawathinma akke oyage jivithe lassana wenna kiyana gaman oyata suba gaman prarthana karanawa..Budusaranai...!!!

    ReplyDelete
  71. යකෝ මේක අමුම අමු ඇත්තක්...
    මේ ගෑනී ලක්ශ 25ක් දීලා ඩිගිරිය කෙරුවෙ අම්මව ලෙඩ ඇදේ දාලද...?
    ඔව්වට කියන්නේ සුරන්ගනා කතා කියලා...!
    නමුත් මේක ලියපු එකා සාර්තකයී.මොකද දෙන එක දීලා තියනව කදුලු එන්නම....!

    ReplyDelete
  72. මට මෙක තෙරුම් ගන්න තරම් මොලයක් නෑ හරියටම
    anyway all the best for ur future

    ReplyDelete
  73. Mමෙවට කියන්නෙ ටොම් පච කියල.මගෙත් යලුවෙක් හිටිය මේ වගෙම කතා දෙනව ඇඩෙන්න.
    බොරුවට මිනිස්සුන්ව ගොනාට අන්දන්න එපා.
    Chief commercial finance analyst කියල role එකක් මා කවඩවත් අහල නැහැ. තිබ්බත් එකට ලංකවෙ නැගෙනහිර uni එකේ lecture කරපු experiance මොනවත් නැති කෙනෙකුට දෙන්නෙ නැහැ.
    අනිත් එක මොකද්ද Visa category එක?

    ReplyDelete
  74. දන්නෙ නෑ මේ අක්ක කවුද කියන්න නම්....
    මමත් ටිකක් දුක් විඳල තියෙනව, ඒ උනාට අක්ක තරම් නම් නෑ!
    කන්න දෙයක් නැතුව කොටුවෙ ඕල්කට් පිලිමෙ ගාව වැටිල ඉන්නකොට කඩ කාරයො පයින් ගහගෙන ගිය ලස්සන අත්දැකීම් මටත් තියෙනව...
    ඒව ඔක්කොම මගෙ වැරදි නිසා...
    ඒ උනාට මමත් කැමතියි ඔයා වගේ වෙන්න...
    මම ගොඩක් ටැලන්ටඩ් නම් නෑ..
    ඒත් මගෙ ඉලක්කෙත් අක්කගෙ වගෙ එක තැනකට විතරක් ඒම් කරල තියෙන එකක්...
    කොහොම වෙතත් අක්කට ගොඩක් සුබ පතනව මම හදවතින්ම..

    ReplyDelete
  75. මේක නම් නියම රියල් සුරංගනා කතා ටිකක්..කතාව ලියපු එකා නම් දීලා තියෙනවා තනි ඇහැට ඇඩෙන්නම...ලක්ෂ 25ක ඩිග්‍රිය කරන්න බැංකු ලෝන් දුන්නේ කවුද දන්නේ නැ නේද? අනේ මන්දා...හික් හික් හිිි

    ReplyDelete
  76. part 1
    මේ කතාව දැක්කම මට නම් හිතුනේ ලස්සනට ගොතපු සුරඟන කතාවක් විදියට. මොකද මේකේ තියන දේවල් වලින් වැඩි හරියක් තියෙන්නේ ටොම් පච විදියටය් මට නම් තේරෙන්නේ. සමාවෙන්න මෙහෙම කම්මෙන්ට් කරනවට, නමුත් මේ කතාවේ කියල තියන බොරු දැක්කම මට මේ ටික නොලිය ඉන්න බෑ. මේ කතාවේ අදාල පුද්ගලයට බොහෝ අපහසුත විඳින්න වුන වගත්, ය ඒ සියල්ලම උත්සාහයෙන් ජයගත්ත වගත්, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ tempary lecturer කෙනෙක් උන බවත්, BMW , ලක්ෂ දෙකේ ඔරලෝසු කතාවත් මට පිළිගන්න පුළුවන් මම ඔබව දන්නේ නැති උනත්.

    නමුත් ඇමෙරිකාවේ පුරවැසි බව ලැබුන ගමන් ලංකාවේ පුරවැසි බව නැති උන කතාවය්, colombiya university එකේ lecturer කෙනෙක් විදියට ජොබ් එක දෙන්නම් කියපු කතාවය්, management field එකේ ඉන්න ඔබට robotics වලින් PhD එක කරන්න දෙන්නම් කියපු කට ටිකය් නම් ටනිකරම පම්පෝරි ටිකක් විතරය් කියලය් මට හිතෙන්නේ. මොකද මමත් ඔබ ඔය කියන PhD එකක් හදාරන කෙනෙක්. මම පටන් ගන්නම් ඔබ කරන්න යන PhD එකෙන් ම ඔබේ පම්පෝරි ගැන. ඔබ කියල තියන විදියට ඔබ මේ වෙද්දීත් research paper එක university එකට දීල ඉවරය්, ඔබට තියෙන්නේ ඊළඟ අවුරුදු තුන ඇතුලත එක ඇත්ත කියල ඔප්පු කරන්න විතරය්ලු. ඔබ හිතාගන ඉන්නවනම් PhD එකක් කරනවා කියන්නේ ඒ තරම් සරල දෙයක් කියල මට ඔබේ දැනුම ගැන හරිම කනගටුය්. ඕනෙම උතුරු ඇමෙරිකානු රටක PhD එකක අවම කල සීමාව අවුරුදු හතරය්, තුනක් නෙමෙය්. අවුරුදු තුනේ PhD තියෙන්නේ යුරෝපා රටවල සහ ඔස්ට්‍රලියාවේ පමනය් (ටවත් සමහර ආසියානු රටවල ද ඇත). දෙවැනි කාරණය PhD එක පටන් ගන්න කලින් ඔබතුමිය කොහොමද research paper එක දුන්නේ? මුලින් දෙන්නේ අපි කරන්න යන research එකට praposal එකක්. ඔබ මේකට කියනවනම් වැරදීමකින් ලියවුන කියලා, මට කියන්න වෙන්නේ research paper ඒකකය් research proposal එකක්ය් වෙනස දන්නෙත් නැතුවද ඔබ PhD එකක් කරන්න යන්නේ? ඔබ ඔය කියන කතාව ඇත්තක්මනම් මට කරුණාකරලා කියනවද ඔබ ඉන්න research group එක මොකද්ද?, ඔබේ supervisor (professor) කව්ද කියලා? අනිත් කරනේ තමය, PhD එක කියන්නේ පර්යේෂණ උපාදියක් උනාට, එකේදිත් Course work කරන්න, එහෙමත් නැත්නම් ඔබ කියන විදියේ පන්ති කාමර අද්යාපනයක් තියනවා. විශේෂයෙන්ම ඔබ වැනි ඒ field එකේ නොවෙන කෙනෙකුට නම් එක අනිවාර්යය්. මේ සම්බන්දයෙන් කියන්න තියන අනිත් කරණය තමය් management field (accounting) එකේ හිටපු ඔබට කොහොමද robotics වලින් PhD එකක් කරන්න අවස්ථාව හම්බුනේ? PhD එකක් කරන අය නම් දන්නවා research proposal එකක් ලියන එක මොන තරම් අමාරුද කියලා? මම හිටන්නේ බ්ලොග් අවකාශයේ ඉන්න කතන්දරට නම් ඒ ගැන අත්දැකීමක් ඇති තාය්ලන්තයේ AIT එකේදී කරපු MSc එක නිසා. අන්තිම කාරණය ඔබ කියනවා ඔබ Mars company එකේ ජොබ් එකක් කරන ගමන් ටමය් PhD එක කරන්නේ කියලා. අන්න එක තමය් මම දැකපු ලොකුම විහිලුව... පර්යේෂණ උපාදියක්, එකත් ඔබ නොදන්නා අලුත් දෙයක් අර්ද කාලීනව අවුරුදු තුනකින් ඉවර කරන්න????? කවද මේ අන්දන්න හදන්නේ? PhD එකක් අර්ධ කාලීනව කරනවා කියලා විශේෂයෙන්ම robotics ගැන, අහද්දිත් අපිට හිනා යනවා.

    ReplyDelete
  77. part 2
    ඔබට colombia university එකෙන් teaching (lecturer ) ජොබ් එකක් දෙන්නම් කිවලු කට වචනයට... මේක මෙන්න මේ විදියට නම් වෙන්න පුළුවන්... ඔබ කියන විදියට යම් හෙයකින් ඔබට ඇත්තටම PhD එකක් කරන්න අවස්ථාව හම්බුනා නම් PhD එක හදාරන අයට අදායමක් ලැබෙන විදිය තමය් Undergraduates ලට උගන්නන එක. මේක north american university වල හරිම සුලබ දෙයක්. හැබය් එයාලට කියන්නේ teaching assistant කියලා මිසක් lecturer නම් නෙමෙය්. අනිත් කාරණය තමය් මෙහෙ lecturer කෙනෙක් වෙන්න PhD එකක් විටරක් ඇති කියලා ඔබ හිටනවානම් මට ටිකක් නෙමෙය් හොඳටම හිනා යනවා. North american university එකක lecturer කෙනෙක් වෙන්න නම් PhD එකට අමටරව අඩුම ගැනේ අවුරුදු තුනකවත් Post Doctoral fellow කෙනෙක් හැටියට පර්යේෂණ අත්දැකීම් සහ ඉගැන්වීම් අත්දැකීම් තියෙන්න ඕනේ. අනික ඔය සේරම තියන ඕන ටරම් අය මෙහෙ ජොබ් නැතිව ඉන්නවා. සමහරු PhD එකෙන් පස්සේ අවුරුදු 8, 9 යනකල් පොස්ට් ඩොක් ලා හැටියට වැඩ කරන්නේ මෙහෙ lecturer කෙනෙක් වෙන එක හරිම අපහසු නිසා. ඉතින් ඔබ කියන කතාවට මම කොහෙන්ද හිනා වෙන්න ඕනේ?

    ඊළඟ කාරණය තමය් ඇමරිකානු පුරවැසි බාවය ගැන කියලා තියන බොරුව. ලෝකයේ කිසිම රටක පුරවැසි භාවය (citizenship) වෙනත් රටක ඉඳලා අරගන්න බැහැ. ලෝකයේ රටවල් දෙකය් තියෙන්නේ කෙලින්ම වෙනත් රටක ඉඳලා අයදුම් කරලා ස්ථිර පදිංචිය (permanant residency) ලබා ගන්න පුළුවන්. ඒ කැනඩාව සහ ඔස්ට්‍රලියව. ඇමෙරිකාවේ ස්ථිර පන්දින්චිය සඳහා අයදුම් කරන්න තියෙන්නේ ක්‍රම කීපයය්. (http://travel.state.gov/visa/immigrants/types/types_1326.html) . ඒවගෙනුත් සාමාන්‍ය පුද්ගලයකුට යන්න පුළුවන් ක්‍රම තියෙන්නේ එකය්. ඒ තමය් Green card කියන ලොතරය් ක්‍රමය. මේක සුදුසු කම් තියන අය අයදුම් කලාම (ඔබට ඒ සඳහා නම් සුදුසුකම් තියනවා ඔබේ විස්ටරයේ හැටියට ) ඉලෙක්ට්‍රොනිකව තෝරාගන්න ලොතරය් ක්‍රමයක්. වසරකට 50000 දෙන ඒ සඳහා සුදුසුකම් ලබනවා. සමහර විට ඔබට මෙන්න මේ ග්‍රීන් කාර්ඩ් එක ඇදිල ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය ලැබුන කියන එක නම් වෙන්න පුළුවන් දෙයක්. හැබය් එක පුරවැසි භාවය කියලා කියනවනම් අනේ අයෙත් මට හිනා යනවා. මේක ස්ථිර පදිංචිය සඳහා ලබා දෙන visa එකක් පමනය්. ලංකාවේ පුරවැසිභාවය නැති වෙන්නේ වෙනත් රටක පුරවැසි බව ගත්තොත් මිසක් ස්ථිර පදිංචිය ලබා ගැනීම නිසා නම් නෙමෙය්. USA වල ග්‍රීන් කාර්ඩ් තියන කෙනෙකුට citizenship එක ගන්න නම් ටව අවුරුදු ගානක් ඒ රටේ ජිවත් වෙලා එකට අවශ්‍ය සුදුසුකම් සපුරගන්න ඕනේ. එහෙම නැතිව ලංකාවේ ඉඳන් apply කරලා කෙලින්ම පුරවැසි බාවය ගන්න බැහැ. මම ඔබට අභියෝග කරනවා පුළුවන් නම් ඔබ පුරවැසි බාවය ලබා ගත්ත visa catagory එක මොකද්ද කියලා කියන්න සහ ඒ ගැන විස්තර තියන වෙබ් ලින්ක් එක පිළිතුරක් විදියට පල කරන්න කියලා. ඔබ කියලා තියන කතාවේ විදියට ඇමෙරිකාවේ පුරවැසි භාවය කෙලින්ම ලබා ගන්න ක්‍රමයක් අටෙට් නැහැ, අනික බැරිවෙලා හරි ඔබ ග්‍රීන් කාර්ඩ් ඇදිල නම් ඇමෙරිකාවේ යන්නේ එහෙම ගියාම කිසිම ගෙවීමක් කරන්නෙත් නෑ (ඔබ ඔය කියන dole කතාව ). සියලු වියදම් ඔබ විසින් දරාගත යුතුය්. ටවට් නොගැලපෙන තැන නම් ගොඩය්.. එත් මට ලියන්නත් වෙලාව මදි. නැවතත් කියන්නේ ඔබට ග්‍රීන් කාර්ඩ් හම්බුනත් ලංකාවට ඇවිත් යන්න ටහනමක් වත් ලංකාවේ පුරවැසි බව නැති වෙන්නෙවත් නෑ. ඇමෙරිකාවේ පුරවැසි බව ලැබුනත් ලංකාවට එන්න කිසිම ටහනමක් නෑ. මෙන්න මේ කට දැක්කම ටමය් මට ඉවසගන ඉන්න බැරිව මේ පොස්ට් එක දන්නා හිතුනේ. මොකද අය මෙහෙම පච කෙළලා මිනිස්සුන්ව රවට්ටන්නේ කියලා දන ගන්න.

    ReplyDelete
  78. part 3
    අවසාන කාරණය ඔබ කිව නේද Mars head office එකේ රැකියාවක් ලැබුන කියලා. එක කරන ගමන් ටමය් PhD එකත් කරන්නේ කියලා. මට තියන ප්‍රශ්නය ටමය් colombia university එක තියෙන්නේ නෙව්යෝර්ක් නගරයේ. නමුත් Mars head ඔෆ්ෆිචේ එක තියෙන්නේ මෙන්න මේ ලිපිනයේ (6885 Elm Street, McLean, Virginia, USA , http://en.wikipedia.org/wiki/Mars,_Incorporated). university එකේ ඉඳලා මෙතෙන්ට යන්න පැය 4.40 ක් යනවා. මෙන්න බොරු නම් බල ගන්න (http://maps.google.ca/maps?ie=UTF-8&hl=en&tab=wl). ඒ කියන්නේ දවසකට පැය නාමයක් ගමනටම විතරක්. වැඩ කරන තැන පැය 8 ත් ගත්තම දවසේ පැය 17 ඉවරය්. අඩුම ගැනේ දවසකට පැය තුනක් හතරක්වත් ඕනනේ නිදා ගන්න, එටකොට ඔබ තුමිය දවසකට පැය තුනක් පර්යේෂණ කරලද අවුරුදු තුනෙන් PhD එක ඉවර කරන්න යන්නේ? කව රවට්ටන්නද පම්පෝරි ගහන්නේ?

    මම කලිනුත් කිව වගේ ඔබ ඇත්තටම දුක් විඳලා මහන්සියෙන් ඉගෙන ගෙන උඩට ඇවිත් හොඳ රැකියාවක් කරන කෙනෙක් කියන එක ඇත්ත වෙන්න පුළුවන්. මොකද ඒ ගැන දන්නා අය ඉන්න නිසා. මම ඔබව දන්නේ නෑ. නමුත් මේ කතාවේ නොගැලපෙන තැන ගොඩය්, අර කෙන්ද කන්ද කරපු කතාව වගේ තමය්. කෙනෙක් ඉහලට යන්න යන්න බිමට නැමෙන්න ඕනේ, ඒ වගේම ඔබේ ජීවිතෙන් ආදර්ශ ගන්න නම් ඔබ ඇත්ත කියන කෙනෙක් වෙන්නත් ඕනේ. තමුන් ගැන බොරු පම්පෝරි ගහන අයගෙන් ගන්නා පුළුවන් ආදර්ශයක් මටනම් තේරෙන්නේ නෑ. ඔබේ ජිවිතේ මුල් කලේ ගැන සියලු දේවල් සබැ උනත් මෙන්න මේ මම උද පෙන්නලා තියන දේවල් නම් ටනිකරම මව පෑමක් විටරය්. පුළුවන් නම් එක එහෙම නෙමෙය් කියලා පෙන්නන්න මම අර අහල තියන ප්‍රශ්න වාට උත්තර දෙන්න.

    මේ ටම මම බ්ලොග් එකකට දන පලවෙනි comment එක සහ මම බ්ලොග් ලියන කෙනෙක් නෙමෙය්. ඒ නිසා අකුරු වැරදීම් තියනවනම් සමාවෙන්න. බ්ලොග් නොලිවට අබීත ගෙය්, කතන්දර ගෙය් බ්ලොග් දෙක මම කියවනවා. අහම්බෙන් මේ කතාව කියවල මට මේක ලියන්න හිතුනේ.....

    ReplyDelete
  79. Anoxxxx part1
    මේ කතාව දැක්කම මට නම් හිතුනේ ලස්සනට ගොතපු සුරඟන කතාවක් විදියට. මොකද මේකේ තියන දේවල් වලින් වැඩි හරියක් තියෙන්නේ ටොම් පච විදියටය් මට නම් තේරෙන්නේ. සමාවෙන්න මෙහෙම කම්මෙන්ට් කරනවට, නමුත් මේ කතාවේ කියල තියන බොරු දැක්කම මට මේ ටික නොලිය ඉන්න බෑ. මේ කතාවේ අදාල පුද්ගලයට බොහෝ අපහසුත විඳින්න වුන වගත්, ය ඒ සියල්ලම උත්සාහයෙන් ජයගත්ත වගත්, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ tempary lecturer කෙනෙක් උන බවත්, BMW , ලක්ෂ දෙකේ ඔරලෝසු කතාවත් මට පිළිගන්න පුළුවන් මම ඔබව දන්නේ නැති උනත්.

    නමුත් ඇමෙරිකාවේ පුරවැසි බව ලැබුන ගමන් ලංකාවේ පුරවැසි බව නැති උන කතාවය්, colombiya university එකේ lecturer කෙනෙක් විදියට ජොබ් එක දෙන්නම් කියපු කතාවය්, management field එකේ ඉන්න ඔබට robotics වලින් PhD එක කරන්න දෙන්නම් කියපු කට ටිකය් නම් ටනිකරම පම්පෝරි ටිකක් විතරය් කියලය් මට හිතෙන්නේ. මොකද මමත් ඔබ ඔය කියන PhD එකක් හදාරන කෙනෙක්. මම පටන් ගන්නම් ඔබ කරන්න යන PhD එකෙන් ම ඔබේ පම්පෝරි ගැන. ඔබ කියල තියන විදියට ඔබ මේ වෙද්දීත් research paper එක university එකට දීල ඉවරය්, ඔබට තියෙන්නේ ඊළඟ අවුරුදු තුන ඇතුලත එක ඇත්ත කියල ඔප්පු කරන්න විතරය්ලු. ඔබ හිතාගන ඉන්නවනම් PhD එකක් කරනවා කියන්නේ ඒ තරම් සරල දෙයක් කියල මට ඔබේ දැනුම ගැන හරිම කනගටුය්. ඕනෙම උතුරු ඇමෙරිකානු රටක PhD එකක අවම කල සීමාව අවුරුදු හතරය්, තුනක් නෙමෙය්. අවුරුදු තුනේ PhD තියෙන්නේ යුරෝපා රටවල සහ ඔස්ට්‍රලියාවේ පමනය් (ටවත් සමහර ආසියානු රටවල ද ඇත). දෙවැනි කාරණය PhD එක පටන් ගන්න කලින් ඔබතුමිය කොහොමද research paper එක දුන්නේ? මුලින් දෙන්නේ අපි කරන්න යන research එකට praposal එකක්. ඔබ මේකට කියනවනම් වැරදීමකින් ලියවුන කියලා, මට කියන්න වෙන්නේ research paper ඒකකය් research proposal එකක්ය් වෙනස දන්නෙත් නැතුවද ඔබ PhD එකක් කරන්න යන්නේ? ඔබ ඔය කියන කතාව ඇත්තක්මනම් මට කරුණාකරලා කියනවද ඔබ ඉන්න research group එක මොකද්ද?, ඔබේ supervisor (professor) කව්ද කියලා? අනිත් කරනේ තමය, PhD එක කියන්නේ පර්යේෂණ උපාදියක් උනාට, එකේදිත් Course work කරන්න, එහෙමත් නැත්නම් ඔබ කියන විදියේ පන්ති කාමර අද්යාපනයක් තියනවා. විශේෂයෙන්ම ඔබ වැනි ඒ field එකේ නොවෙන කෙනෙකුට නම් එක අනිවාර්යය්. මේ සම්බන්දයෙන් කියන්න තියන අනිත් කරණය තමය් management field (accounting) එකේ හිටපු ඔබට කොහොමද robotics වලින් PhD එකක් කරන්න අවස්ථාව හම්බුනේ? PhD එකක් කරන අය නම් දන්නවා research proposal එකක් ලියන එක මොන තරම් අමාරුද කියලා? මම හිටන්නේ බ්ලොග් අවකාශයේ ඉන්න කතන්දරට නම් ඒ ගැන අත්දැකීමක් ඇති තාය්ලන්තයේ AIT එකේදී කරපු MSc එක නිසා. අන්තිම කාරණය ඔබ කියනවා ඔබ Mars company එකේ ජොබ් එකක් කරන ගමන් ටමය් PhD එක කරන්නේ කියලා. අන්න එක තමය් මම දැකපු ලොකුම විහිලුව... පර්යේෂණ උපාදියක්, එකත් ඔබ නොදන්නා අලුත් දෙයක් අර්ද කාලීනව අවුරුදු තුනකින් ඉවර කරන්න????? කවද මේ අන්දන්න හදන්නේ? PhD එකක් අර්ධ කාලීනව කරනවා කියලා විශේෂයෙන්ම robotics ගැන, අහද්දිත් අපිට හිනා යනවා.

    ReplyDelete
  80. why my comment is not putting in this forum???

    ReplyDelete
  81. ඔයත් එක්ක බලනකොට...අපි ජීවිතේ කොච්චර දෙවල් අමාරුයි කියල අත ඇරලා දානවද?මට මේ අක්කාගෙ ෆෙස් බුක් නේම් එක ඉ මේල් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්....අපතයොත් එක්ක චැට් කර කර ඉන්නවට වඩා ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා.එ වගෙ යාලුවෙක් ඉන්නකොට...
    shahendk@hotmail.com

    ReplyDelete
  82. අන්තිම ඇනෝ-

    "මට මේ අක්කාගෙ ෆෙස් බුක් නේම් එක ඉ මේල් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්....අපතයොත් එක්ක චැට් කර කර ඉන්නවට වඩා ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා"

    අනේ බං උඹ වගේ අපතයෙක් එක්ක චැට් කර කර ඉන්න ඒ අක්කත් කැමති නැහැ.

    ReplyDelete
  83. අභිත අයියේ මේ post එක දාලා සැහෙන්න කල් උනාට, අන්තිමට comment කරල තියන PHd එකක් කරන ඇනො අයියාගෙ පැහැදිලී කිරිම දෑක්කම අපි හැමෝම කැමති කතන්දරේ අයිතිකාරයට මේ ගැන කියන්න තියන්න මොනද කියල දැන ගන්න?


    PHd එකක් කරන ඇනො අයියාගෙ ප්‍රශ්න හැර අනිත් හැම අයගේ ප්‍රශ්න වලට උත්තර දිලා තියන නිසා

    ReplyDelete
  84. I congratulate you. It is not a surprise that you are happy with your acheivements. but boasting about expensive phones, cars and watches, and bragging about not being a citizen of sri lanka only shows that you have much to lear.(though you are educated)
    And I also agree with the others about the PhD. It is very hard to continue post grad. studies even in our own field and I'm surprised.

    ReplyDelete
  85. පරණ කතාවක් උනත් කියෙව්වහම යමක් කියන්න හිතුනා
    මේ කියන කෙනා ජිවිතේ අරමුණු ඉතා අපහසුවෙන් ලඟා කරගත් කෙනෙක්නම් මගෙන් සුබ පැතුම්

    නමුත් අර PhD එක ගැන බොහොම විස්තරාත්මකව කතා බහ කරපු ඇනෝ කියපු කතා ටික මටත් පිළිනොගෙන ඉන්න බැහැ.
    මේ කියන කතාවේ බොහෝ පරස්පර තැන් පේනවා අර ඇනෝ කමෙන්ට් එක කියෙව්වට පස්සේ
    අනේ මන්දා..

    ReplyDelete
  86. me mage palaweni prathicharaya....
    bhawthika sampath walin sarthaka wana atharema oya wera weeriyama yodala thawa tikak adyathmika sanwardhanata ganath hithuwoth "loweth porak"
    anagathe podi ewun igana ganeewi oya gana..
    eniya dhanathmaka chinthana samulu mokatada me wage saru jeewitha dakinakota.
    samaharu oya dala thibuna "pora talks" walata salila. eth ehema "pora talks" denna tharam hayyak thiyana1 penila ne...
    Jaya wewa...!

    ReplyDelete
  87. අනේ මන්දා
    අපි සල්ලි තියෙන දුක් මහන්සියෙන් ඉගෙන ගත්තු යාලුවෝ දැකලා තිබේ. නමුත් මේ වගේ ‍පෝන් කාර් ගැන පොර ටෝක් නම් ලොවෙත් අසා නැත.

    ReplyDelete
  88. Abeetha, I have wrote a long comment on this article regarding some issues I had on that story. As you have published it for the general public I think it will be better if you can get the owner of that story to reply to my comments. She did not reply to those comments until now even after one year.... but for previous comments published on the same forum, she has replied quickly. So can u ask her to reply for these comments???

    http://tikakhinawenna.blogspot.ca/2011/08/blog-post.html

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...