Sunday, August 28, 2011

අසේල හෙවත් මගේ ලෝකයේ රංග ගැන තවත් ඔබ නොදන්න කථා රැසක්........

මේ ලඟදි ඒ කියන්නේ පසුගිය සිකුරාදා අපේ කට කහන දුමී අයියලාගේ ගෙදර තිබ්බා පැදුරු පාටියක්.... සර්ව රාත්‍රික පැදුරු පාටියට ප්‍රධාන වශයෙන් සහභාගි වුනේ ගූගල් බස් පදින සෙට් එක... බස් පදින සෙට් එකේ වැඩි දෙනෙක්ම බ්ලොග්කරුවොත් වෙච්චි.... ඉතින් ඒ නිසා ඒක ඉතාම විනෝදජනක සාගරයක් උනා..  අමරසිරි පීරිස්, කපුගේ, වික්ටර්, දීපිකා, නීලා, ටී.එම්., සුනිල්, වගේ ප්‍රබුද්ධ ගායක ගායිකාවන්ගේ ගීත එක්ක ලාවට ගිය මදුවිත එක්ක සුපිරි විනෝදයක් ලබන්න එදා අපට හැකි වුනා... අසේලත් ආවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. අසේල කල ලොකුම වැරැද්ද තමයි ඔහුගේ කර්‍යාලයේ සහ බෝඩිමේත් හොඳම යහලුවා වෙච්ච චමිඳුවත් මෙතනට එක්ක ආපු එක.... චමිඳු මගේ බ්ලොග් එකේ රසිකයෙක්.. ඉතින් මම ලඟින්ම ඉඳගෙන අසේලගේ රසකථා කියන්න පටන් ගත්තා... ඔයාලට කිව්වේ නැත්නම් හරි නැති නිසා ඔන්න සංස්කරනයත් නැතිවම ලියලා දානවා....


පලවෙනි කථාව....


මචන්, ඊයේ  කාල්ටන් එකේ අපි සෙට් වුනානේ.... මගේ කාර් එකේ අසේලයාවත් දාගෙන මම යනවා... මූ පිටි පස්සේ ශීට් එකේ හිටියේ.... එක පාරටම නිසාන් පැට්‍රල් ජීප් එකක් මගේ ඉස්සරහට ආවා... ඒක සිරාවටම මොඩිෆයි කරලා තිබ්බේ.. අපි ඉතින් ඒ ගැන කථා කර කර යද්දි අසේලයා මෙන්න මෙහෙම ඇහුවනේ බන්....


අඩේ චමිඳුවා... මේක නිසාන් පැට්‍රල් කියලා කියන්නේ මේකෙම නිසාන් ඩීසල් එකත් තියෙනවද බන්? ඒකනම් පට්ට ගනන් ඇති නේද බන්......


අනේ අම්මේ... බීපු අරක්කු ටික හිරවෙලා මැරෙන්නේ තව පොඩ්ඩෙන්....


දෙවෙනි කථාව...


චමිඳු අසේලත් එක්ක වැඩ කරන්නෙත් එකට... ඉතින් මෙයාලා වැඩ නැති වෙලාවට කරන්නේ මෝටල් කම්බැට් කියන ගේම් එක සෙල්ලම් කරන එක.... (අසේලගේ අන්තිම පෝස්ට් එකෙත් තිබ්බේ මේ ගැන...) මෝටල් කම්බැට් කියන ගේම් එක කවුරුත් දන්නවනේ.. අර සුප්‍රසිද්ධ ගහමරා ගන්න සෙල්ලම... ඉතින් එක් දිනක අසේල මේක සෙල්ලම් කරද්දි ඔහුගේ ක්‍රීඩකයාට ප්‍රතිවාදියාගේ ක්‍රීඩකයා විසින් සුපිරි පා පහරක් (කික් එකක්) එල්ල කලා... අසේලටත් එම පහරම එල්ල කරන්න ඕන උනත් ඊට අදාල කීස්(Keys) හොයාගන්න බැරි වුනා... ඒ ගැන අසේල චමිඳුගෙන් ඇහුවේ මෙන්න මෙහෙමයි....


ඒ බන් කොහොමද බන් අරූ අර කකුලෙන් පන්ච් එකක් දුන්නේ...


හයියෝ....... අනේ අම්මේ.... :D


තුන්වෙනි කථාව....


අසේල දිනක් බෝඩිමට ආවේ ටිකක් ලෙඩ ගතියකින්... බෝඩිමේ සගයෝ මේ ගැන ඔහුගෙන් විමසුවා... මේ අසේල සහ ඔහුගේ සඟයින් කිහිප දෙනා අතර වෙච්ච දෙබස...


අඩෝ අසේලයා... මොකද බන් උඹ ලෙඩින් වගේ....


සනීප නෑ බන්.. හෙට ඊඑන්ටී ස(ර්)ජන්ට් කෙනෙක් හම්බෙන්න යන්න හිතන් ඉන්නේ....


මොකෝ බන් ඒ... මොකද අවුල...


නෑ බන්.. මගේ නිකන් ඇහැ පොඩ්ඩක් අවුල් වගේ..... පොඩ්ඩක් ඇස් දෙක බලවා ගන්න ඕන....


පැදුරු පාටිය විනාඩියකට විතර නැවතුනේ මගේ හිනාවේ සද්දෙට වෙන්න ඇති..... 



මේ ටික බ්ලොග් එකේ දානවා කියපුහාම අසේල කිව්වේ මෙහෙම දෙයක්....


දාපන්.. හැබැයි මගේ එකට ලින්ක් එකත් දාපන්.. කාලෙකින් ලිව්වේ නැති නිසා මට හිට්ස් ටිකක් හරි ඒවි.... ඒ උනත් අසේලයා.. ආයෙත් ලියපන්... මට නිකන් තනියි වගේ බන්. කාලෙකට කලින් අපිව හිනස්සපු කථා කියවන්න යන්න මගේ ලෝකයට මෙන්න මෙතනින්...


ප.ලි.  මේකට ෆොටෝ එකක් දාන්න මුළු ගූගල් එක පුරා හෙව්වත් නිසාන් ඩීසල් ජීප් රථයක්වත්, කකුලෙන් දෙන පන්ච් එකකවත්, ඇස් වලට බෙහෙත් කරන ඊඑන්ටී ස(ර්)ජන්ට් කෙනෙක්ගෙවත් ෆොටෝ එකක් සොයාගන්න බැරි උන නිසා රත්ගමයා මල්ලි අනුග්‍රහය දක්වපු ෆොටෝ එකක් අසේලගේ අනුදැනුම පිටම දැම්මා මෙන්න....

ප.ප.ලි. සයිබර් සැණකෙලියට පස්සේ ඔන්න ආයෙත් අපි සෙට් වෙනවලු දෙසැම්බර් මාසේ දෙවැනි සතිය දිහා.... දැනට ඉතින් මෙච්චරයි කියන්න වෙන්නේ.....

28 comments:

  1. හික් හික්!! මඩයාට වහ කන්න හිතෙනවා ඇති මේවා දැකලා.

    ReplyDelete
  2. අබේපාල මාමා පාලු ගෙයි වලන් බිඳිනවා වගෙයි !

    ReplyDelete
  3. Lol Madaya Kaala Thiyenawa MAda Bahinnama :D

    Mamath dakka Oya Party eke 4o 1k fb eke xD

    mokadda December wala thiyenne O.o , Blogger Union da ?

    :-Isharaya

    ReplyDelete
  4. එල එල ....................:D

    ReplyDelete
  5. අඩේ තවත් ගෙට්ටුවක් තියේද?

    ReplyDelete
  6. මමත් පාටියෙ සින්දු ටිකක් ඇහුවා.. බz රේඩියෝ වෙන්..අබේ ගෙ යාලුවෙක් සෙට් උනේ නැද්ද දන්නෙ නැහැ රංගට ?

    ReplyDelete
  7. අභේපාලා මාමා ටිකක් නාගෙන වගේ..... නිසාන් ඩීසල් කියලා වාහන තියෙනවා... හැබැයි ඒවා බර වාහන....!

    ReplyDelete
  8. අප්‍රියෙල් මාසෙත් මොකක් හරි නාඩගමක් නටමු

    ReplyDelete
  9. හයියෝ.... මේ දෙන්නා නම්...............

    ReplyDelete
  10. පැදුරු පාටිය ජයටම යන්න ඇති නේ ......

    ReplyDelete
  11. අයියො!මං ඒ කාලෙට ලංකවේ නෑ බං!ගොඩක් ආසවෙන් ඉන්නේ සෙට් වෙලා කස්ටිය අඳුරගන්න

    ReplyDelete
  12. හයියෝ රංග අයියගේ කාඩ් කුඩු :D

    ReplyDelete
  13. රංග නම් කිව්වේ මෙහෙම කතාවක්ලු...

    http://www.tubechop.com/watch/199877

    ReplyDelete
  14. හිහ්...හිහ්... පාටියට ආපු කට්ටියට හිනා වෙලා බඩ පිරෙන්න ඇති ඔක්කොම කතා ටික අහන් ඉඳලා. :D

    ReplyDelete
  15. ටිකක් නෙමේ මූ අම්බානෙක නාලනෙ :D

    ReplyDelete
  16. http://www.imcdb.org/vehicle_49423-Nissan-Diesel-CW51GT-1977.html

    ReplyDelete
  17. මේ මඩ වලට ප්‍රතිචාරයක් දෙන්න රංග බ්ලොග් එක ඕපන් කලා නම් අබේ මාමා ගෙත් මෙවුවා ටිකක් අහගන්න තිබුනා ..

    පංච් එක දෙන්නේ බොක්සිං ග්ලවුස් එකෙන් නේද ?

    ReplyDelete
  18. ආයෙත් මඩ පටන් අරන් වගේ..ඒත් ප්‍රතිප්‍රහාර දෙන්න කෙනා කාලෙක ඉදලා ලියන්නේ නෑ නේ..අපරාදේ...:(

    ReplyDelete
  19. බලමු මේකේ රිටුර්න් එක කොහොමද කියල.

    ReplyDelete
  20. පට්ටයි ආ

    ඒ මොකක්ද දෙසැම්බරේ නටන්ඩ යන නාඩගම??

    ReplyDelete
  21. @ කොට ජීවිතේ,
    විභාග ඉවරද? හොඳට කලාද? ළඟඳි බ්ලොග් එක ආයෙත් ඕපන් කරනවද?

    ReplyDelete
  22. මේ මක්කැයි බුදු මහත්තයෝ. මේවා පට්ට ගනං

    http://images.google.com/search?hl=en&tab=wi&q=nissan%20diesel&biw=1366&bih=552&tbm=isch

    ReplyDelete
  23. රංග අයියගෙ රෙදි ගලවල නේද?

    ReplyDelete
  24. malagedara gihin enakota gaththa 4to eka neda?
    chamal

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...