
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Thursday, September 1, 2011
ඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න... අංක 1 කොටස.
අද කියන්න යන්නේ හිනා යන කථාවක් නෙවෙයි... මට වෙච්ච අපූරු සිදුවීමක්.. මීට කලිනුත් මම ජීවිතයට වැදගත් රණ්බන්ඩා සෙනෙවිරත්නයන්ගේ කථාවක් ගැන සීරීස් එකක් කරගෙන ගියා.. අදත් කොටස් තුනක පමණ සීරීස් එකක කථාවක් කියන්න යන්නේ... සමහර විට ලියලා ඉවර වෙද්දි මේක මේ ලිපියෙන්ම ඉවර වෙන්න පුළුවන්... බිස්නස් පටන් ගන්න ඉන්න පොඩි මල්ලිලා නංගිලාට මේක අපූරු පාඩමක්.... කොටින්ම මටත් මේක හරි අපූරු පාඩමක් වුනා....
බ්ලොග් එක කියවන කවුරුත් දන්නවනේ.. මම පුංචි පහේ බිස්නස් කාරයෙක් කියලා.. ලොකුම ලොකු අරමුණු නැති උනත් පුංචි පහේ ඉලක්කයන් ලාවට ලාවට එකතු කරගනිමින් හෙමින් හෙමින් තමයි යන්නේ... ගොඩාක් ලොකු ප්‍රචාරන ක්‍රම නැති උනත් යාළුවන්ගේ සම්භන්ධතා වලින්ම දුවන ව්‍යාපාරයක් තමයි කරන්නේ... මෙහෙව් දවසක මගේ යාළුවෙක් මට දුරකථන ඇමතුමක් දුන්නා....
අභීත.. කාර්ස් දෙකක් තියෙනවා කිව්වා නේද රෙන්ට් කරන්න. මගේ යාළුවෙක්ගේ ටුවරිස්ම් කම්පැනි එකකට කාර්ස් තුනක් හොයනවා....
හරි මහේශ් අයියේ.. ඇලියොන් එකකුයි ඇක්සියෝ එකකුයි තියෙනවා.. දෙන්න පුළුවන්.. ඔයාට විශ්වාසයි නේද?
ඔව් මමත් එක්ක කලින් වැඩ කරපු යාලුවෙක්.. අනිත් එක කම්පැනි එකක්නේ මල්ලි.. මම අහලා දිනයක් කියන්නම්....
හරි අයියේ....
අනතුරුව ආපු දුරකතන ඇමතුමත් සමඟ දිනය වෙලාව තීරණය කෙරිණ.. අදාල දවසේදී දෙපාර්ශ්වය හමුවිය..... දැන් අදාල සමාගම හා මා අතර දෙබස පහත වෙයි....
යූ ආර් මිස්ටර්?
මම කුශාන්ත. අයියා අභීත අයියනේ....
ම්ම්... ඔව්.. මල්ලි කොහොමද දන්නේ.. මම කලින් මුණ ගැහිලා තියෙන්වද....
බිස්නස් වලදි නෙමේ අයියේ.. මමත් මලියදේවේ.. අයියා ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියනේ.. ඒ කාලේ හෙන චන්ඩි පාට් දැම්මේ අපිට... බ්ලා.. බ්ලා.. බ්ලා...
අහ් එහෙමද? හොදයි එහෙනම් දැන අදුන ගත්ත එක.... හරි අපි මේ වැඩේ ඉවර කරමු.. මගේ කොන්දේසි මේවයි මල්ලි... ඔයා කැමතිනම් අපි මේ වැඩේ කරමු....
මෙහෙමයි අයියේ.. මම අවුරුදු හයක් යූ. කේ. ඉඳන් ආවේ... මමත් මේක පටන් අරන් ගොඩ කාලයක් නෑ... ඒ නිසා මට මාසේ අන්තිමට චෙක් එකකින් ගෙවන්න සෙට් කරලා දෙන්න. මොකද මමත් පොඩි රෝල් එකක් ගහන්නේ... අනික වැඩිපුර දුවන කිලෝ මීටර වලට ගෙවන්න තියෙන ගානත් පොඩ්ඩක් අඩු කරල දෙන්නකො....
හරි එහෙනම් එහෙම කරමු.. මම මල්ලි මේ විදිහට එකඟ වෙන්නේ ඔයා මගේ ඉස්කෝලේ නිසාත් දියුනු වෙන්න හදන කොල්ලෙක් නිසාත්... හරි එහෙනම් ඇග්‍රිමන්ට් සයින් කරමු...
වැඩේ ඒ විදිහට ඉවර උනා..... එක කාර් රථයක් පමණක් මාස තුනකට දුන්නා... ගනුදෙනු හොඳනම් කාර් රථ හයක් දෙන ගිවිසුම මත... අපිත් සතුටු සිතින් ගෙදර ආවා....
ඉතිරිය ඉදිරි කොටසින්.....
ප.ලි. දැන් බස් රේඩියෝ එකේ යනවනේ කථා බස්... ඔන්න අදත් පොරක් එනවලු සෑහෙන දුරක ඉඳන්. හරියටම රෑ 8.30ට බස් රේඩියෝ අහන්න... ගිය සැරේ මඩයාගේ එක අහන්න ඕනනම් මෙතනින් යන්න.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
එදා බැන්නේ මෙයාටද මන්දා....
ReplyDeletekO..kO..ලියමු ලියමු...අපි ඉන්නව බලාගෙන!!
ReplyDeleteඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න
ReplyDeleteඅපොයි එහෙම නොකොරොත් සල්ලිත් නෑ හිතවත්කමත් නෑ හිත් රිදීම විතරයි
ඒ කියන්නේ යාලුවොත් අමතක කරන්ට කියලද?...:D:D:D
ReplyDeleteඅභීත අයියා කතාව ඉතින් අර මොකක්දෝ එක වගේ හොඳම කෑල්ලෙන් නවත්තලා... ඔය වෙලාවට තමා ඉතින්......!!!!!
ReplyDeleteඅභීත කියන්නෙ නැගිටින්න හදන කොල්ලන්ට අතහිත දෙන හොඳ බොක්කක් එහෙනං ......
ReplyDeleteඊගාව ටිකත් දැම්මනං බලන්න ....
ඉතුරු හරියෙ තියෙන්නෙ "හොඳ බොක්ක" රත් වෙච්ච හැටිද?
ReplyDeleteමට තේරුනේ නම් මේ ලිපියෙන්,,,අභීත අයියා ඉස්කෝලේ යන කාලේ කුරුනෑගල හිටිය චන්ඩියෙක් කියලා,,නිකන් ඇතුගල අභීත වගේ
ReplyDeleteකොයි ඉතුරු ටික?
ReplyDeleteඉතුරු ටික ඉක්මනට දාන්ඩෝ....
ReplyDeleteකෝ ඉතුරු ටික ...........
ReplyDeleteආයෝජනයක් කරමුද :D
ReplyDeleteඇනෝ... ආයෝජනයක් කරනවනම් ඉතින් වැප් තමයි.. ඌ තමයි සීට්ටු පිරමිඩ වැඩ කරන්නේ....
ReplyDeleteමමත් ඔය වගේ පරිප්පු කා ඇතේ. මොන ඇග්‍රීමන්ට තිබුනත් යාලු හිතවත්කම් උඩ බිස්නස් කරලා අන්තිමට අතේ සල්ලිත් නැත. තිබුණු හිතවත්කමුත් නැත.ලියමු ඉතුරු ටිකත්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ ItalyDilan,
ReplyDeleteඅර "බෝලකලුවිල දුමී" වගේද?