මේකෙ අංක 1 කියවපු නැති අය ඉන්නවානම් මෙන්න මෙතනින් යන්න... කලිනුත් කිව්ව වගේ මේක නොසැලකිලිමත් වැඩ නොකරන්න වැදුනු වේවැල් පාරක්... ඒ නිසා කියවලා හිතේ තියාගන්න.
ඉතින් මේ ගනුදෙනුව එදා සිද්ධ උනා... මේ අතරේ ගණුදෙනු කරුවන්ට තවත් වාහනයක් ඕන උනා.. මට දුරකථන ඇමතුමක් දීලා සමාගම් හිමිකරු මෙහෙම කිව්වා...
අභීත අයියා.. හදිස්සියෙන්ම වියොස් එකක් ඕනේ.. මාසෙකට.. ජපන් කපල් එකක් අරන් යන්න තියෙනවා...
මම ඉතින් කතා කරලා දුන්නා.. කුරුණෑගලින්ම හොයලත් දුන්නා... දාලා කෝල් එකක් දීලා මෙන්න මෙහෙම කිව්වා....
මල්ලී.. මේක මගේ සම්භන්ධයක් තියෙන කාර් එකක් නෙමෙයි.. ඒ නිසා ටක් ගාලා එයාලට සල්ලි දෙන්න....
හරි අයියේ.. මම හෙට උදේම බෑන්ක් එකෙන් සල්ලි අරන් දානවා.. එතකන් මොනා හරි කරන්න....
මම මගේ අතේ තිබ්බ සල්ලි වලින් අදාල මුදලින් භාගයක් ගෙවලා කාර් එක අයිති යාළුවාට කිව්වා "මචන් හෙට අරූ ඉතිරි සල්ලි ටික දෙයි..." කියලා.. ඌ මාත් එක්ක ගොඩාක් කල් ඉදලා වැඩ කරන නිසා මිනිහට මම ගැන කිසි අවිශ්වාසයක් තිබ්බේ නෑ.. නමුත් පහුවදාත් ඊට පහුවෙනිදටත් ඒ සල්ලි ලැබුනේ නෑ... ඊට පස්සෙ මම කුශාන්තට කිව්වේ වාහනේ අයිතිකාරයාට ආපහු භාර දෙන්න.. දවස් ගානට ගෙවලා ඉතිරි සල්ලි ටික අරගෙන මගෙ බෑන්ක් එකවුන්ට් එකට දාන්න කියලා....
දැන් මිනිහා ගිහින් වාහනේ බේරලා සල්ලි වල ඉතුරු ටිකත් අරන් ආවා... ඒක මට දුන්නෙත් නෑ..... සති දෙකකට පස්සෙ නහයෙන් අඩල අඩලා ඒ සල්ලි ටික මගේ ලඟට එව්වා... දැන් පළවෙනි චෙක්පත තැන්පත් කිරීමේ දිනය උදා වුනා.... මෙන්න දෙයියනේ කියලා ඒක අගරු උනා... ඉන් අනතුරුව දුන්න චෙක්පතත් තැන්පත් කලා... ඒකත් අගරු වුනා.... මේ ගැන දන්වපු ගමන් පොර කඩාගෙන බිඳගෙන ආවා... මම සල්ලි දෙනකන් කාර් එක ආපහු ගත්තා.... දැන් ඌ අඩනවා මගෙ කාර්යාලයට වෙලා...
අනේ අයියේ.. පොඩි චෙක් වගයක් රිටර්න් උනා... සෙනසුරාදා වෙද්දි සල්ලි ඔක්කොම දෙනවා.. හෙට වෙඩින් එකකට දෙන්න කාර් එකක් ඕන.. අනේ කොහොමහරි සුදු කාර් එකක් හොයාගන්න ඕන.. අනෙ අයියෙ හෙටට විතරක් කාර් එකක් හොයලා දෙන්න....
අනේ මූව මම ආයෙත් විශ්වාස කරලා රියදුරු සමඟ කාර් එකකුත් හොයලා දීලා අර පාවිච්චි කරපු කාර් එකත් දීලා මෙන්න කියලා යැව්ව.. ඒත් ලියුමක් ලියව ගත්තා සෙනසුරාදා සල්ලි ටික අරන් එනවය එහෙම නැත්නම් මට නීතිමය මාර්ගයකට යෑමේ හැකියාව තියෙනවය කියලා....
ඉතින් බලාගෙන හිටියා මම මේ කියපු සෙනසුරාදා සල්ලි අරන් එනකන් මගේ අතිජාත පාසැල් මිත්‍රයා....
ඊලඟ කොටසින් හමුවෙමු..... ඒකෙ තමයි විසිල් හා බල්ටි තියෙන්නේ......
ප.ලි.. බස් රේඩියෝ එකේ කතන්දර කතා කරන එක අහන්න ඉන්න හින්දා මෙන්න එක දවසට පෝස්ට් දෙකක් පළවෙනි වතාවට මගේ බ්ලොග් එකේ.... ඔයාලත් 8.30ට අහන්න කතන්දරගේ කතන්දර....

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
හි හි හි යාලුවොත් එක්ක කරන සෙල්ලම් පටන් ගන්නේ ඔය චෙක් රිටන් විල්ලෙන් තමා ඔහොම යන් ඔහොම යන්. හොද හොද සෙල්ලම් එළිවෙන යාමෙට.
ReplyDeleteහ්ම්ම්.. ඔහොමත් විශ්වාස කරනවැයි අයියෙ.. දාමුකො අන්තිමටිකත් බල්ටි බලන්ට.. හික්ස්
ReplyDeleteඅසමි අසමි රේඩියෝ.. තැන්කූ මතක් කළාට..
විසිල් බල්ටි ඔක්කොම බලන්නෙ නැතුව මොකුත් කියන්න බැc , මේක ලිව්වේ මම කියවනවාය කියල පේන්න :D
ReplyDeleteහිහ් එක දෙයකින් මට්ටු වෙන්නෙ නැති හැඩයි.ඉතුරු ටිකත් බලමු.
ReplyDeleteඔන්න ඇවිල්ල නියම යාලුවෝ...හික් හික් හික්...
ReplyDeleteකතාවෙ අන්තිම කෑල්ල බලන්න අපිටත් හෙල්මට් එහෙම දාගෙන ඉන්න වෙයිද දන්නේ නෑ..හී
මොකක් හරි හොඳ මට්ටුවක් වෙලා වගේ .. !
ReplyDeleteඇයි එක්කෙනාටම දෙපාරක් රැවටුනේ?
ReplyDeleteඉල්ලගෙන කාලා නේද
ReplyDeleteMehema hithamu.
ReplyDeleteOya kiyana eka vage poraval nethnam apika koyinda me vage kathandara?
මිතුරාට ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ. (මිතුරාට කාර් ණයට දීමෙන් කාරෙකත් මිතුරාත් අතුරුදහන් වේ)
ReplyDeleteමං හිතුවේ නෑ අබේපාල මාමා මෙහෙමත් රැවටෙවි කියලා !!!
ReplyDeleteණයට දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැති වෙයි
ReplyDeleteඅභීත අයියා රෑ වැටුන වලේ දවලුත් වැටුනද .......?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙච්චර පාඩම් ඉගෙන ගත්තු නිසා වෙන්ටැ උඹ කවදාවත් කාටවත් පුංචි හරි බොරු පොරොන්දු නොදෙන්නේ . . .
ReplyDeleteවිස්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා . . . . !
අහ් තව එකක් මතක් වෙනවා
ඔවා දෙනු පරහට . . දිගට . . හරහට . . . . හික්ස්
බොලේ....දත් දොස්තරගෙ දතුත් ගලෝලද?
ReplyDelete