ලිපියට යන්න කලින් පොඩි ශෝක ජනක ආරංචියක් තියෙනවා කියන්න... මම මේ බ්ලොග් ක්ෂේශ්ත්‍රයට ආපසු අපෙන් සමුගත්ත තුන්වැනි බ්ලොග් සහෘදයා ගැන.. පළවෙනි දෙන්නා තවමත් අපේ සිත් තුළ සදා අමරණීයව ඉන්නවානේ.. ඒ දිලුම් දිසානායක සොයුරා සහ ආදරණීය කුමුදු පිංතු ගුරුතුමා... අද දිනයේත් ඉතා අවාසනාවන්ත අයුරින් අපේ සහෘදයෙක් අපි අතරින් වෙන් වුනා... ඒ තමයි ඇසිපියක මහිම බ්ලොග් එක ලියපු මහේශ් හසාන්ත ද සිල්වා සොහොයුරා... අපිත් එක්ක ආදරය ගැන ඉතා සංවේදී ආකාරයට ලියපු ඔබට සුබ ගමන් සහෘදයාණනි......!
හරි අපි කථාවට යමු.. හසාන්තගේ සිද්ධියත් එක්කම ලියන නිසා හිනා යන කතා ලියන්න බෑ.. ඒත් මේ කථාව කියවන ඔබට හිනාවෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැරි වේවි... මමත් මේ පෝස්ටරය දැක්ක ගමන් හිනාවෙන්නද අඬන්නද කියලා හිතුවා....
මම ටික දවසකට කළින් රක්ෂනයක් දැම්මා... ඒකෙ මෙඩිකල් එකේදි එයාලා කිව්වා මට කොලස්ට්‍රෝල් වැඩියි කියලා.. ඒත් ඉතාම ස්වල්ප ප්‍රමාණයකින් තමයි ඉහළ ගිහින් තියෙන්නේ.. ඉතින් කෝකටත් පරිස්සම හොඳ නිසා මම දැන් කාර්යාලයේ ඉදන් ගෙදර යන්නේ පයින්.. කිලෝමීටර් එක හමාරක් විතර තියෙනවා... මේ යනකොට තමයි මම මේ සිද්ධිය දැක්කේ....
ව්‍යාපාරයකට අත ගහද්දි අද ලංකාවේ හොඳයි කියලා කියන ක්ශේත්‍ර තුන තමයි අධ්‍යාපනය, සෞඛ්‍යය හා සංචාරක ව්‍යාපාරය කියන තුන.. මොකද ලමයින්ට උගන්නන එකවත්, ලෙඩට බෙහෙත් ගන්න එකවත්, මොන ප්‍රශ්න තිබ්බත් ට්‍රිප් යන එකවත්, මිනිස්සු නතර කරන්නේ නැති නිසා... මේ සිද්ධියත් අධ්‍යාපන ක්ශේශ්ත්‍රයට අදාල එකක්.... ටියුෂන් ගුරුවරු ගහලා තියෙන පෝස්ටර් දැක්කම ඇඩෙනවා...
හරි වැඩි කතා වැඩක් නෑ.... මෙන්න ලයිට් කණුවේ ගහලා තිබ්බ අළුත්ම පෝස්ටරේ.......
ප.ලි. බස් රේඩියෝ අහන්න ඔයාලා තවම පෙළඹිලා නැද්ද? අළුත්ම ඔන්ලයින් රේඩියෝ අත්දැකීම තමයි එය... හැම මාසෙකම දෙවෙනි සහ හතරවෙනි සඳුදා රාත්‍රී 8.30ට අපි එන්නේ බස් රේඩියෝ සවාරිය අරගෙන... පුංචි ශ්‍රී ලංකාවේ සුංදරත්වය අරන් එන මේ වැඩසටහන් මාලාවේ අද රෑ 8.30 ඉඳන් ඔබ හා එක් වෙන්නේ යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කොටස් ගැන ඔබට විස්තර කියන්නට..... එකතු වෙන්න බස් රේඩියෝ සමඟ මෙතනින්....

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
ඇයි තව එකක් තියෙන්නෙ "තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් වරෙව්" කියලා පෝස්ටරයක්.
ReplyDeleteමාර සුදුසුකම් නේ තියෙන්නේ. හික්ස් :)
ReplyDeleteතව කාට කාට උගන්නලද දන්නෙ නෑ... අභීත අයියත් අද හෙට පෝස්ටර් එකක් ගහයි මේ අභාශයෙන්.... හික් හික්
ReplyDeleteගරිල්ලා මාකටින් !!!
ReplyDeleteමරුනේ.........:D
ReplyDeleteපට්ට පෝස්ටරය අයියා..බුවාට මාර සුදුසුකම් තමා තියෙන්නේ
ReplyDeleteමිනිහත් කොහොමහරි දියුනුවෙන්න ට්‍රයි කරන්නෙ...
ReplyDeleteසර් ල ගැන ටිකක් ගැඹුරින් හිතල බලන්න ඕනෙ.......
ඔය ලොක්කෝ දෙන්නගෙම ළමයි තාම O /L ද කරන්නේ. මාර පොරක්නේ . මේවට නම් ඉතින් අඬන්න තමයි වෙන්නේ .
ReplyDeleteමහේෂ් සොයුරාට නිවන් සුව ලැබේවා .
පව් අනේ.. කීයක් හරි හරි හොයා ගන්න නේ..
ReplyDeleteඅදමයි ඒ බ්ලොග් එකට ගියේ . හරි දුකයි . ලේ දන්දීමක් ගැන අන්තිම ලිපිය . අභිතගේ මේ පොස්ට් එකත් අප්ඩේට් වෙලා පැත්තක. ජීවිතය මොන තරම් අවිනිශ්චිතද ?????
ReplyDeleteමහේශ් ගෙ බ්ලොග් එකේ අවසන් ලිපිය දින ගනනාවකට පෙර ලේ දන්දීමක් ගැන... හදිසියේ අපෙන් සමුගන්න උන හේතුව ??
ReplyDeletehttp://somethingfromeverything.blogspot.com/
ReplyDeleteමෙන්න මෙතන විස්තරේ තියෙනවා
මේකෙ විශිෂ්ඨ කියන වචනෙ වැරදියි. :D
ReplyDeleteනියම වැඩක් තමයි ඒක.මාත් පස්සෙ තමයි යටින් පොඩි අකුරු වලින් තියෙන ටික දැක්කෙ.
ReplyDeleteඒ මල්ලිට නිවන් සුව.
බ්ලොග් සහෘදයා මිය ගිහින් තියෙන්නේ රෝගයකින්ද? තරුණයෙක් නේද? ශිෂ්‍රයෙක් කියායි තියෙන්නේ. ආදරයට අවුරුදු අටයි කියන ෆොටෝ එකක් බැලුවා.
ReplyDeleteඅභීත කොහොමද විස්තර දැනගත්තේ?
හරිම දුකක්!
ReplyDeleteමං මහේෂ් ගේ ආදර සිහිවටන බැලුවා. තවත් කෙනෙකුට දරාගන්න බැරි දුකක් ඇති.
ඔහු තම නමවෙනි ආදර සංවත්සරයට කරලා තියෙන්නෙ ලේ දන් දෙන එකයි.
නිවන් සුව ලැබේවා!
ඒ මිය ගිය සහෝදරයා ගැන තව ටිකක් කියන්න.
ReplyDeleteපෝස්ටරයනම් මරු. නියම මාකටින්...
අද කාලේ ඔහොම නොකර පුලුවන්ද ටියුෂන් කරන්න අනේ
ReplyDeleteමෝටර් බයික් එකේ යද්දී වුණු accident එකක්. බයික් එකේ stand එක අකුලන්න අමතක වෙලා.
ReplyDeleteලොරියක් ඉස්සර කරද්දී බයික් එක ඇල කරද්දී stand එක පොළවේ වැදිලා බයික් එක කැරකිලා ගිහින් ලොරියේ ටයර් එකට ඔලුව අහුවෙලා. එතනම............
මට පෙන්නේ මේ අභීත අයියගෙන් මාකටින් ඉගෙන ගත්ත ගෝලයෙක්ද කොහෙද .........
ReplyDeleteමහේෂ් සොයුර මෙවැනි අකල් මරණ නැවත් ඔබ හට උරුම නොවේවා.ඔබට නිවන් සුව .............!!!!!!
හිතේ තිබුන ආදරය අමරණීය කරන්නයි මහේශ් අයියා උත්සාහ කලේ..... අනේ මංදා......
ReplyDeleteමහේශ් අයියට නිවන් සුව පතනවා.....!!
අභී අයියේ.
ඔය වගේ පෝස්ටර් නම් දැන් එමටයි ලයිට් කණුවල.
ඇසි පියක මහිම ලියූ මහේෂ් අයියා අපේ ඇසි පිය මානෙන් නික්මිලා...........
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2011/09/blog-post_26.html
මහේෂ් අයියට නිවන් සුව ලැබේවා!!!
ReplyDeleteපෝස්ටර් එක ගැන නම් කියන්න තියෙන්නේ, අද අධ්‍යාපනය ගැන ගොඩක් කලකිරුණා කියලා. මේක හැමදේ ම මාර්කට් වෙන යුගයක්.......
පොඩි කට කැඩිච්ච කථාවක් තියෙයි කියන්නද ?
ReplyDeleteඔය පොස්ටරේ ගැහුව නම් ජනාධිපති තුමා ගේ දරුවන්ට ඉගැන්වූ කියල එකෙක්වත් පන්ති එවන එකක් නැ
හේතුව මතක ඇතිනේ ? මතක නැත්නම්
http://buwagesithuvili.blogspot.com/2011/09/blog-post_13.html
හික්ස්............පිස්සු හැදෙයි සද පොපියයි කිව්වලු....
ReplyDeleteමහේෂ් ට නිවන් සුව පතමු
ReplyDeleteසුදුසුකම් නම් ඉහටත් උඩින් වගේ.... වෙන රස්සාවකට උනානම්....
ReplyDeleteපෝස්ටර් ගහන එක තහනම් නිසා කොළඹ නම් දන් වැඩිය පෝස්ටර් නැහැ.. හොරෙන් ගහන එව්ව විතරයි.
ReplyDeleteමහේශ්ට නිවන් සුව!
මේ පෝස්ටරේ දැක්කම ඇඬෙනවා අප්පා මෙයාගෙන් ඉගෙන ගන්න ළමයින්ට දෙවි පිහිටයි...
ReplyDeleteමහේශ් සොයුර ඔබට නිවන් සුව!
අබියගෙ මාර්කටින් වලට මෙව්ව පරාදයි.... මේ පෝස්ට් එකෙන් අබිය බලන්නෙ කලින් ගාගත්ත මඩ හෝදගන්න... අපි නොදන්න අභියගෙ චෙස්...
ReplyDeleteමහේශ් මල්ලි උඹට නිවන් සුව...!!!
මේකට ගණං පුළුවන් කිව්වට සිංහල නං අන්තිමයි!
ReplyDeleteමහේෂ් සහෝදරයට සසර දුක කෙටි වෙන්න පින් පතනව!
මම දැක්ක වතාවක් ටියුෂන් සර් කෙනෙක්ගෙ ඇඩ් එකක් .. . . හැබැයි විෂය තිබුනෙ නෑ . . . නම විතරයි තිබුනෙ . . ."සයිලන් සර්" කියල
ReplyDeleteලංකාවේ හම්බ කරන්න හොඳම මර්ගයන් තමයි අධ්‍යපන, සෞඛ්‍ය සේවා එක්කෝ මල් ශාලාවක් දා ගන්න ඒක.
ReplyDelete