Monday, October 10, 2011

බ්ලොග් ලියන කියවන හැමෝටම පොඩි ආතල් එකක්... උපරිමට ෆන් ගන්න මෙතනට සෙට් වෙන්න.....

අද ලියන්නේ මගේ 150වෙනි ලිපිය.... මට ඒ ගැන ටිකක් සතුටුයි..... බ්ලොග් එකේ සාරාංශයකුත් මෙහි ලියන ගමන්ම තාමත් හරියටම ඔබ ලඟට ගිහින් නැති අපේ පොඩි ගැජමැටික් වැඩක් ගැන පොඩි ඔත්තුවක් දෙන්නයි යන්නේ... ලිපි 150ක්, අවුරුදු 1යි මාස 5ක්, මේ ලියන මොහොත වෙද්දි හිට් 102915ක්, ෆලෝවර්ස්ලා 344ක්, කමෙන්ට් 3114ක් වගේ ඉතාම සතුටුදායක තත්ත්වෙකට මේ බ්ලොග් එක පත් වෙලා තියෙන එක ගැන මම නිහතමානීව ආඩම්භර වෙනවා.... ඒ වගේමයි මෙච්චර දිරියක් දෙමින් මාත් එක්ක හිටපු ඔබ සැමට මාගේ හිස නමා පිළිගන්වන ආචාරයත් මේ සමඟින් පුද දෙනවා..... 



මාත් එක්ක අලුතින්ම එකතු වුනු අයගේ දැන ගැනීම සඳහා මේවත් මතක් කරන්න ඕන.. මම පුද්ගලිකව හිතන විදිහට මගේ බ්ලොග් එකේ මුල් කාලයේ තමයි රසවත්ම කතා ලියැවුනේ..... බෝඩිං ජීවිතේ ගැන කථා, උපුල් මල්ලිගේ කතා මාලාව වගේ රසබර කතා ටික ඔයාලගෙන් මඟ හැරිලා වගේ.... පුලුවන්නම් වෙලාවක් තියෙන වෙලාවක ගිහින් කියවලා එන්න... ටිකක් හිනා යනවා ඔන්න..... ඒ වගේමයි එද ඉඳන් අද වෙනකන් ලියැවුන ලිපි වලින් මම කැමතිම ලිපිය.... නවම් මචන්, ආයෙ ලියන්න එපා බන් මේ වගේ කතා..... මේ කතාව ටිකක් හිනාවෙන්න නෙමෙයි.... කියන කතාව අදටත් මම කියවන්නේ හරිම ආසාවකින් වගේම පුංචි වේදනාවකින්.. හරි ඉතින් කතා ඉවරයි.. කියන්න ආපු කාරණේට බහිමු.....


මේක ගොඩාක් අය දැනටමත් දන්නවා.... මමත් මීට කලින් මේ ගැන කියලා තියෙනවා... ඒත් ආයෙත් කියන්න යන්නේ.. සල්ලි හොයන්න මිනිස්සු පොරකන කාලේ අපේ බ්ලොග් කරුවො කාරියො අතින් වියදම් කරගෙන කරන බස් රේඩියෝ එක ගැන කියන්න තමයි මම හදන්නේ.... වෙළඳ දැන්වීම් අනංමනං එක්ක කණ රිදෙන එෆ්එම් අහපු ඔයාලට අපේ කොල්ලො කෙල්ලෝ හොද විනෝදයක් දෙනවා... මේ ගැන සම්පූර්ණ විස්තරයක් තමයි පහතින් දැක්වෙන්නේ.... සතියේ දවස් හතේ විශේෂ වැඩසටහන් කීපයක්ම තියෙනවා.... ඒ ඇරුනම සිංදු විතරයි.... මෙන්න විශේෂ වැඩසටහන් ටික....


ඉරිදා රත්‍රී 8.30ට ආදරණීය නිශාන්තය : ගී ඉල්ලීම් වැඩසටහනක් කරන්නේ සිහින තවලම ලියන කාවින්ධ්‍යා නංගියි, මගේ මතක ලියන ප්‍රියන්ත අයියයි...  මේකෙම නැවත විකාශය යනවා සිකුරාදා පස්වරු හයට... විද්‍යුත් ලිපි මගින් මෙන්ම ස්කයිප් හරහාත් ගීත ඉල්ලන්න පුලුවන්.....


සෑම මසකම පළවෙනි සහ තුන්වෙනි සඳුදා රාත්‍රී 8.30ට යනවා බස් රේඩියෝ නාට්ටිය... කරන්නේ සිහින සහ කිඩෝ ඇතුලු පිරිසක්... මේ දවස්වල යන්නේ ශර්ලොක් හෝම්ස් කථා මාලාව...


සෑම මසකම දෙවෙනි සහ හතරවෙනි සඳුදා රාත්‍රී 8.30ට යනවා බස් රේඩියෝ සවාරිය.. ශ්‍රී ලංකාව පුරා තියෙන සංචාරකමය අතින් වටින ස්ථාන ගැන ඔබට කියන එක තමයි මෙහි අරමුණ.. කරන්නේ ටිකක් හිනාවෙන්න ලියන මම සහ ජීවිතය වචනයෙන් ලියන මිලුශ් රන්දිම (සෝරෝ) මෙහි නැවත විකාශය යන්නේ බ්‍රහස්පතින්දා පෙරවරු 10ට.


අඟහරුවාදා රාත්‍රී 8.30ට තියෙන්නේ බස් මැගසින්... යම් දෙයක ප්‍රවීනයෙක් එක්ක අදාල ක්ශේෂ්ත්‍රය ගැන කෙරෙන ඉතා වැදගත් කතා බහක්... කරන්නේ බ්ලොග් රාශියකට හිමිකම් කියන ලසිත බෙනරගම මල්ලි..


බදදා රෑ 8.30ට තියෙන්නේ හිංදි චාට් ශෝ එක...  කරන්නේ දුලාන් මල්ලි.... ඔහු තමයි අර හිංදි සින්දු ගැන තියෙන බ්ලොග් එක ලියන්නේ... මේකත් ඉතා රසවත් වැඩසටහනක්....


බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට තමයි බස් රේඩියෝ එකේ ජනප්‍රියම වැඩසටහන තියෙන්නේ.. ඒ තමයි කතාබස්.. බ්ලොග් ලෝකයේ චරිතයක් එක්ක දොඩමලු වෙන මිනිත්තු 90ක්... මේ තියෙන්නෙ මේ සතියෙ එන කෙනා ගැන තියෙන හෝඩුවාව.... කරන්නේ වැප් නිශාන්ත.. මෙයාත් බ්ලොග් කිහිපයක්ම ලියනවනේ....


සිකුරාදා රෑ 8.30ට විකාශය වෙන්නේ අශාන් මල්ලි කරන වර්ල්ඩ් ටුවර් එක.. ලෝකයේ උණුසුම් පුවත් වගේම අලුත්ම ඕපදූප ටිකත් මෙයින් අහන්න පුලුවන්.... එකතුවෙන්න සිකුරාදාටත් බස් රේඩියෝ එකත් එක්ක එන්න...


සෙනසුරාදා රෑ 8.30ට යන්නේ බස් රේඩියෝ චාට් ශෝ එක.. මේක කරන්නේ හශිකා නංගියි අපේ ඉතාලි ඩිලාන් මල්ලියි, ආදරනීය නිශාන්තය වගේම සජීවී වැඩසටහනක්.... මූනු පොතෙන් ඡන්දය දීලා ඔයාලා කැමති ගීතය දිනවන්න පුලුවන්....


මේ හැර අනිත් හැම වෙලාවෙම එක දිඟට සිංදු.... ඔබේ අදහස් හා යෝජනා, චෝදනා වගේ සියළුම දේවල් info@buzzradio.lk කියන විද්‍යුත් ලිපිනයෙන් දන්වන්න පුලුවන්... http://blog.buzzradio.lk/ අඩවියෙන් බස් රේඩියෝ නවතාවයන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.....  


ප.ලි. :  ප. ලි කාරණා දෙකයි.. එකක් තමයි අද රෑ 8.30ට බස් රේඩියෝ වටා එකතු වෙන්න කියන එක...... දෙවෙනි එක තමයි... ඔන්න හත් ඉලව්වේ ලිපි 150ක් ලියලා ඉවරයි....


ප. ප. ලි. මට අමතක වෙච්ච දෙයක් තියෙනවානම් රේඩියො කරන අය පොඩ්ඩක් පහලින් සටහන් කරන්න....

47 comments:

  1. අපිටත් සතුටුයි ලිපි 150 ට ! රේඩියෝව අහන්න පුළුවන් හැම වෙලාවෙම අහනව !සුභ පැතුම් !

    ReplyDelete
  2. පළවෙනියටම අභීතගේ 150 වෙනි පෝස්ට් එකට උනුසුම් සුභ පැතුම් එකත් කරනවා.
    බස් රේඩියෝව ගැන දුන්න ප්‍රචාරයට ස්තූතියි. අමතක උනු දෙයක් නම් පේන්න නෑ. අපේ ආදරණිය නිශාන්තය පමණක් ඉරිදා රෑ8.00ට. අනික්වා නම් 8.30 තමා

    ReplyDelete
  3. පසුව එකතු වූවෙක් වුවත් මම බ්ලොග් වලට අලුත් නැහැ. 2008 මුල ඉදල බ්ලොග් කියවනවා. ලියන්න අරන් නම් මාස 6වත් නැහැ. කොහොම හරි මුලින්ම බ්ලොග්කරුවො අතරින් හදුනා ගත්තෙත් ඔබ තමයි. 150 ට එක්දාස් පනහක් ආවඩා .......ආයුබෝ වේවා!!!!!!

    ReplyDelete
  4. Ela ela machan..

    Vampa-

    ReplyDelete
  5. 150ට මගෙනුත් සුබ පැතුම් !!!
    ඒ වගේම තව තවත් ලියමු.

    ReplyDelete
  6. 150ට සුභ පැතුම්.මාත් හිතන්නෙ අයියාගෙ පරන පෝස්ට් වලට තමා හොදටම හිනා යන්නෙ.

    ReplyDelete
  7. 150 ට මුලින්ම සුබ පැතුම.
    ඊලඟට ඉතින් අනික් ඔක්කොටම සුබ පැතුම්...:D

    ReplyDelete
  8. කොන්ග්‍රැට්ස් මචෝ...!!!

    ජයවේවා...!!!

    ReplyDelete
  9. දාන comments appear නොවුනත්... හැමදාම අභීතගෙ ලියවිලි සමුදුරින් එහාසිට කියවන්නෙක් ලෙස ඔබට සුභ පතනව.... තවතවත් පැනිම පැනිරස බ්ලොග් 150ක්,300ක් නෑ නහුතයක් ලියන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.....

    ReplyDelete
  10. පලමුවෙන්ම සුභ පතනවා !
    දෙවනුව ඔබ ගැන බ්ලොග් අවකාශයේ බොහෝ දෙනා කතා කරනව මම දැකල තියනව . ඒ ඔබ හොඳ හිතක් ඇති කෙනෙක් විදියට. මා ඔබ හඳුනා ගත්තට පස්සේ ඒකෙ සත්යතාවය හොඳින්ම දුටුවා . ඔබ ඉතාමත් සංවේදී හිත හොඳ කෙනෙක් නවකයන්ට අත දෙන ...
    …ජය පතනවා !!!

    ReplyDelete
  11. 150 වෙනි ලියුමට සුභ පැතුම්... ජයවේවා... මට අවුරුදු 5ක් ගියා 100ක් ලියා ගන්න හික් හික්.....

    ReplyDelete
  12. 150 ට උණුසුම් සුභ පැතුම්..!!!

    ReplyDelete
  13. 150 ට සුභ පැතුම්!....

    ReplyDelete
  14. 150 ට සුභ පැතුම්!....

    ReplyDelete
  15. ජයෙන් ජය වේවා. ලන්කාවට ආවහම ලාබෙට වාහන සෙට් කරනවා කියලා ටෝක් දීපු පෝස්ට් එක කොන්ටෑක්ට් නොම්බර එක්කම තියාගෙන ඉන්නෙ. හිටපන්කො උඔට !

    ReplyDelete
  16. ජය වේවා . . . .
    මේ පෝස්ට් එකෙංම හිතාගත්තෑකි කවුද ඊලඟට බස් රේඩියෝ කතා බස් එන්නෙ කියල

    ReplyDelete
  17. මෑතක ඉඳල ලියන ඒව අනුව මාතෘකාව වෙනස් කොරගන්න වෙයි වගේ. සුභ පැතුම්!

    ReplyDelete
  18. 150ට සුභ පැතුම්..!

    ReplyDelete
  19. හොඳ වැඩක්... සුබ පැතුම්

    ReplyDelete
  20. සුභ පැතුම් ඕන්!මාත් අවුරුද්දයි මාස තුන හතරක් තිස්සේ බ්ලොග් ලිව්වට මොකො තාම පෝස්ට් 21යි ! හික්ස්!

    ReplyDelete
  21. කතා බස් වලට එන්නෙ කව්ද කියල හිතා ගන්න බැරුව හිටියෙ. දැන් හරි! :D

    මේ 150 වගේ තව ගොඩක් ලිපි ඉදිරියට ලියන්ඩ ලැබෙන්ඩ කියල සුබ පතනව!

    ReplyDelete
  22. 150ට සුභ පැතුම්!

    ReplyDelete
  23. mage pc ekata kela wela eka hindha mehemama comment karanawa 150 suba paethum thawa thawath liyanna shakthiya dyayrya labewaa !!!!!!!!!

    ReplyDelete
  24. 150 ට සුබ පැතුම්. දිගටම ලියන්න හැකියාව ලැබේවා !

    ReplyDelete
  25. ඔන්න අපිත් සුභපැතුවා

    ReplyDelete
  26. සුබ පැතුම් 150 ට . බස් එක කරන අයටත් ස්තුති කරන්න ඕන .

    ReplyDelete
  27. සුභ පැතුම්..!

    ReplyDelete
  28. සුබ පැතුම් අභීත අයියේ ! . එකසිය පනහත් ලියපු එකේ තව තව අත පය දිග ඇරලා වැඩි වැඩියෙන් ලියන්න කියන්න වාසනාව ලැබෙන්ඩයි කියලා මම ප්‍රාර්ථනාවක් කරනවා .

    අඩු වේගයකින් ලියලත් මේතරම් ලොකු ජනප්‍රියත්වයක් ගත්ත බ්ලොග් එකක හිමි කරුවා වෙච්ච එක ගැන ආඩම්බර වෙයං !

    සදා ජය !!

    ReplyDelete
  29. රහස මොකක්ද, ඉක්මනට හිට් වැඩිකරගන්න ?
    best wishes for a long journey!

    ReplyDelete
  30. එකසිය පනහ වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් අභීත අයියේ !! ජය!

    ReplyDelete
  31. අපෙනුත් සුභ පැතුම්...
    ආපහු හිනා යන පෝස්ට් ටිකකුත් ලියමු නේද ඉක්මනින්ම...

    ReplyDelete
  32. ඔන්න එහෙනම් මගෙන් සුභ පැතුම් කෝටියක්....!!

    ReplyDelete
  33. 150ට මගෙනුත් සුභ පැතුම් අයියේ....

    ReplyDelete
  34. මාත් ඔන්න අවන්කයෙන්ම සුබ පතනවා...අපෙඔ කොල්ලෝ කෙල්ලෝ එක්කාසු වෙලා මේ වගේ වෑඩක් කරන එක ඈත්තටම සතුටුයි..අපිටත් යමක් කරන්න පුළුවන් කියලා ලෝකෙට පෙන්වමු

    ReplyDelete
  35. අභීත මම උබව එඅතරම් අදුනන්නේ නෑ.. එත ඉතා සිතින් සුබ පතනවා මචන්,,,,, ජය වේවා,,, මේ මම අනිවා බලන බ්ලොග් එකක්,,


    ජය,,

    ReplyDelete
  36. අයියා... ගොඩාක් ලොකු මිතුරුකමක්වත් ආශ්‍රයක් වත් නොමැති උනත් දන්න තේරෙන විදිහට ගොඩාක් හොද කෙනෙක්... පොස්ට් 150ට හදවතින්ම සුබ පතනවා.. බස් හැමදාම අහන්න බැරි උනත් පුවන් හැම වෙලාවකම අහනවා.. ජය වේවා ඔක්කොටම

    ReplyDelete
  37. සුභ පැතුම් යාලුවා!!

    ReplyDelete
  38. එළ එළ අභීත අයියා ඔන්න සිංහයගෙනුත් සුභ පැතුම් ......:D

    ReplyDelete
  39. උණුසුම් සුභ පැතුම් අයියා....

    ReplyDelete
  40. ගොඩක් හො‍දයි මමත් ලිපි කියෙව්වා.ඒත් cimment ඒකක් දාන්න බැරි වුනා.සොරි වෙන්න ඔනි.තව තවත් ලිපි ලියන්න ලැබෙවා!!!!!!!

    ReplyDelete
  41. 150 ට සුභ පැතුම් අයියේ!

    ReplyDelete
  42. රේඩියෝ නම් අහන්න බැරියැ...සේරෝටම කලියෙන් 150 වෙනි ලිපියට වජිරදේවිගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  43. බස් රේඩියො අහනවා.... 150 ට මගෙනුත් සුබ පැතුම් අයියේ

    ReplyDelete
  44. අබි අයියා 150 ට සුබ පැතුම්... කෝ ඉතින් අපි මේක සමරන්නෙ නැද්ද? :)

    ReplyDelete
  45. මගෙනුත් සුභ පැතුම් අභීතයා.....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...