Wednesday, October 12, 2011

පොඩ්ඩ බැරි වුනොත් "හු" කියවෙනවද? ඒක එච්චර හොඳ පුරුද්දක් නෙවේ....

ලියන්න කථා ගොඩාක් හිතාගෙන ඉද්දි අද වෙච්ච අහඹු සිදුවීමක් නිසා මේ කථාව ලියන්න කියලා හිතුවා... ගොඩාක් පිරිමි ලමයින්ට.. එහෙම නැත්නම් පිරිමි පාර්ශ්වයේ අයට මොනවාහරි ක්ශණික සිඳුවීමක් වෙච්ච ගමන් මේ "හු" අකුර කියවෙනවා..... ඉතින් මමත් පිරිමිනේ.. මටත් කියැවෙනවා... ඉතින් මේ සම්භන්ධ කථා දෙකක් තමයි අද කියන්න යන්නේ.... අහ් අමතක වුනා.. පිරිමි අයට විතරක් නෙමෙයි සමහර කාන්තාවන්ටත් මේක කියැවෙනවා මම අහලා තියෙනවා... හරි යමුකෝ කථා වලට...


පළවෙනි කථාව සිසිර ගැන.... සිසිර කියන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ හිටපු හිත හොඳ කාර්යාල කාර්ය සහායකයෙක්.. අවිවාහකයි ඒ කාලේ... අවුරුදු 38ක් විතර වුනා.... තිබ්බ පොඩි වැරදි දෙකයි... එකක් ටිකක් වැඩිපුර බොනවා... අනික ඇඟේ කොහෙටහරි ඇඟිල්ලෙන් ඇන්න ගමන් "හු" පමනක් නෙමේ ඉතිරි ටිකත් කියනවා.... ගොඩාක් වෙලාවට මොහුගේ "හු" එක්ක එන්නේ ක්‍රියා පදයක්.....


ඉතින් දවසක් මොහු අමාත්‍යාංශයේ අතිරේක ලේඛම් තුමාත් එක්ක ඡායා පිටපත් වගයක් ගගහා හිටියා... සිසිරට දකුණු පැත්තෙන් අතිරේක ලේඛම් තුමා හිටගෙන... මොකෙක් හරි පාදඩ පොරක් එතනින් යන ගමන් සිසිරගේ තුනටියට ඇන්නා ඇඟිල්ලෙන් අතිරේක ලේඛම්තුමාට හොරෙන්..... ක්ෂණික කෝපයට පත් සිසිරට උන්හිටි තැන් සහ ලඟ ඉන්නෙ කවුද කියලත් අමතක උනා....


හුxxxx හුxx? කියලා හු අකුරු දෙකක් සම්භන්ධ ක්‍රියා පදේකුයි නාම පදේකුයි එක්කම ප්‍රශ්ණයක් අහන ගමන්ම දකුණු අතින් අතිරේක ලේඛම්තුමාගේ මුහුණ හරහා දැවැන්ත පහරක් එල්ල කලා....


ඊලඟ තත්පරයේ හැමෝටම දකින්න ලැබුනේ අතිරේක ලේඛම්තුමාගෙ කකුල් දෙක අල්ලගෙන සමාව ඉල්ලලා වැද වැටෙන සිසිර...


මොනවා උනත් ඊට විනාඩි පහකින් පස්සේ ඇගිල්ලෙන් ඇන්න එකා හොයනවා දැක්කා ඔෆිස් එක පුරා.... වෙලාවට අහු වුනේ නැහැ....



අපි ඉස්කෝලේ යන කාලේ බැලුවා ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා වේදිකා නාට්‍යය.. ඒකෙත් ඉන්නවා ඔහොම "හු" අකුර කියැවෙන ඇමතිවරයෙක්.. ඔහුට "හු" අකුර විතරක් නෙමෙයි.. තව අකුරු කියැවෙනවා.... විහිළුවට වගේ වෙන අන්දරේ ඔහුට කිචි කවන වෙලාවක රාජ සභාව සහ ප්‍රේක්ෂකයෝ මැද්දේ ඔහු කීවේ මෙහෙමයි...


හු.. හු.. හු... හුන්නස්ගිරිය...


ප.. ප.. ප.. පරක්‍රමභාහු...


ඉතින් ඒකෙන් කාටවත් අවුලක් නෑනේ.. ඕක බලපු අපිත් ඕක ඒ කාලේ ඉඳන්ම පුරුදු වුනා.. අදටත් මගේ කටෙන් ඉතාම අහම්බයෙන් මේ "හු" අකුර කිව්වත් "න්නස්ගිරිය" කියන ටිකත් අහම්බෙන් වගේ මගේ කටට එනවා.. ඉතින් ඒ නිසා කාඩ් කුඩු කරගන්නේ නැතුව විහිළුවෙන් ශේප් වෙන්න හැමදාමත් අවස්ථාව උදා වෙනවා.. ඒ පුරුදුවීමේ අග්‍රපලය මම වින්දේ අද.. මෙන්න ඒ කථාව...


මගේ පොඩි දරුවාට අවුරුදු දෙකයි මාසයක් වයසයි... ඔහු ඉන්නේ බහ තෝරන වයසේ.. අපෙන් කියැවෙන හැම වචනයක්ම අල්ලගන්න තමයි මාන බලන්නේ... උදේට ඇවිත් හවසට යන ආන්ටි කෙනෙක් තමයි සතියේ දවස් පහේදි එයාව බලාගන්නේ... අද ඒ ආන්ටි ආවෙත් නෑ.. මටත් කිතුල්ගල යන්න යෙදුනා... බිරිඳට අවශ්‍යම කාරණයක් නිසා කාර්යාලයට යන්න වුනා... ඉතින් මම පොඩි මෑන් එක්ක කිතුල්ගල යන්න හිතාගත්තා..


මම ඉතින් හැම ගමනක්ම යන්නේ ත්‍රිරෝද රථයෙනේ... ඉතින් මේ ගමනෙදිත් පොඩ්ඩාගේ බඩු මුට්ටුයි මගෙ ලට්ට ලොට්ටයි දාගෙන ත්‍රිරෝද රථයේ ගමන පිටත් වුනා... හංවැල්ල පහු කරන කොටම අපිව පහු කරපු ලොරි රතයේ අපි හැප්පෙන්නේ නැතුව බේරුනේ ඉතාම අමාරුවෙන්... කලාතුරකින් මගේ මුවින් පිටවෙන "හු" අකුර එතනදිනම් පිට වුනා... ඒ එක්කම පස්සෙන් "න්නස්ගිරිය" වචන්ත් ඇවිත් ලොකු ගැටළුවක් නැතුවම "හුන්නස්ගිරිය" කියලා වචනය අවසන් වුනා.... ඒ එක්කම ඇහුනේ පොඩ්ඩගේ කටහඬ...


අප්පත්ති....


ඇයි පුතේ...?


අප්පත්ති "හුන්නත්ගිලිය" කිව්වා...


ඔව් පුතේ ඒක ලස්සන කන්දක්නේ නුවර පැත්තේ තියෙන....


හරි නේද? ජයලත් මනෝරත්නයන්ට මල් තියන්න හිතුනේ ඒ වෙලාවේ තමයි....


ත්‍රිරෝද රථයේ මල්ලි ඉන්දිකටනම් හිනාව නවත්තගන්නම සෑහෙන වෙලාවක් ගියා....


ප.ලි. : අද බදාදානේ... හෙට බ්‍රහස්පතින්දා... පසුගිය ලිපියේ කිව්වා වගේම හෙට රාත්‍රී 8.30ට බස් රේඩියො එකේ යන්නේ කතාබස්. අර වැප් නිශාන්ත මහත්තයා බ්ලොග්කාරයෝ ගෙන්නලා ඉන්ටවීව් කරන්නෙ.. ඉතින් හෙට එකට එන්නේ ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභීත එදිරිසිංහ කියලා කෙනෙක්... අමතක නොකර එකතු වෙන්න හෙට රාත්‍රී 8.30ට www.buzzradio.lk සමඟ.... 

34 comments:

  1. නියමයි අයියේ හු න්නස්ගිරිය ලොල්ය

    ReplyDelete
  2. මම කලින් රස්සාව කරපු තැනක හිටිය ගෑණු මනුස්සයෙක්.ඔය ක්‍රියාපදේ ලස්සනට කියනවා ඇලපතට ඇඟිල්ල තිබ්බම.අපිත් ඉතින් අහල පහල හිටියොත් පොඩ්ඩක් ඔය වචනේ අහගන්නවා.

    ReplyDelete
  3. හු,...න්නස්ගිරිය ..හෙට අබේපාල මාමාද..?

    ReplyDelete
  4. හෙහ් හෙහ් හෙහ්... මල් තියන්නම වටිනවා නේන්නම් ..!!!

    ReplyDelete
  5. හුන්නස්ගිරි
    කඳු පාමුල වනන්තරේ . .
    හික් හික් හික්
    පරන කවියක් මතක් උනා බන්z

    ReplyDelete
  6. එළ කතා තුන ! හෆොයි ඔය වයසෙ චුට්ටො ඉස්සරහ කට නම් වරද්ද ගන්න එපා පුතෝ !..
    හෙට බz රේඩියෝ එනවයි කියන්නෙ ඔය අභීත කියන පෝරිසාදයලුද ? හෆොයි එහෙනම් අහල වැඩක් නැහැ.. ඒත් අර වැප්ගේ කටහඬ අහන්න ආසා හිතෙන නිසා අහන්න බලන්නම් !

    ReplyDelete
  7. උඹ අයියේ අපේ ගමේ ඇවිල්ලත් කුණු හරුපයක් කිය කියලා හිටියා මට මතකයි

    අර කෑමක් කාලා අපු මිනිහෙක් ඒ කෑම ජාතිය හදා දෙන්න කියලා ගෑනිට ගහපු සීන් එක

    අන්න ඒක දැන් ගමේ හැම එකාම පුරුදුවෙලා .. උඹ යන යන තැන අසැබි වදන් වපුරනවා ..

    ReplyDelete
  8. හොද වෙලාවට වචනේ එහෙම බේරුනේ.. අර කාර්යාල සහායකයගේ රස්සාව එදැයින් පස්සේ තිබුනද??? අපිට හෙටත් " හුන්නස්ගිරිය" අහන්න වේවිද?? :)

    ReplyDelete
  9. මහසෙන් රජ්ජුරුවො(ද කොහෙද) හදපු වැවු කීපයකුත් ඔය "හු"යන්න ගොඩ දාගන්න පාවිච්චි කරන්න පුලුවං.
    හුරුළු
    කවුඩුළු
    මින්නේරි . . . . විදියට
    (කැමතිනං විතරක් අනිත් වෙලාවට
    මහ කඩොල්
    මහ කනදරා . . . දෙක මුලටම දාගත්තත් කමක් නෑ)

    @දුකා අයියා:
    අයිය කියන්නෙ අර වැද්දෙක් මුව දඩයමේ ගිය කවිය නෙ . . .???

    ReplyDelete
  10. හෙට අබේපාල මාමද .එහෙනම් ඉතින් වෙන මුකුත් නෑ බීප් බීප් විතරයි ඇත්තේ ......:D

    ReplyDelete
  11. මොන හු න්නස්ගිරියක් ද ප රාක්‍රමබාහු ?

    ReplyDelete
  12. ඔන්න අප්පච්චි මීට පස්සේ චූටි පුතා ලඟ ඉන්නකොට පරිස්සමින් කතා කරන්ට ඕනි.

    කියුට් පුතෙකුයි, අප්පච්චියෙකුයි, ලස්සන කතාවකුයි...:D

    ReplyDelete
  13. හික් හික්.. මං පෙරීදා හුන්නස්ගිරි කන්දට ගිහින් අවා.. ආසාවට :D

    ReplyDelete
  14. ඔන්න බලන්න යහපත් සාහිත්‍ය ඇසුර නිසා ජීවිතේට ලැබෙන හොඳ දේවල් .

    ReplyDelete
  15. මේ පාර කතා බස් එකට එන්නේ අදුරන කෙනෙක් නේ ;)

    ReplyDelete
  16. හුන්නස් ගිර පාමුල
    කතක් ඇවිත් දර කඩන්න
    මුවෙක් ඇවිත් කොල කන්න
    දන්නව නම් මෙහි තේරුම කියන්න

    ReplyDelete
  17. මගෙත් යාලුවෙක් හිටිය ඔය වගේ සිද්දියකදි තැන නොතැන බලන්නෙ නෑ "හුXX" කියනව. ඊට පස්සෙ තමයි බලන්නෙ ගෑණු ළමයි එහෙම ළඟ පාත ඉන්නවද කියල. බැරි වෙලාවත් ගෑණු ළමයෙක් ළඟ ඉඳල අතින් කට වහගෙන හිකි හිකි ගානව දැක්කොත් " ආ.. නෑ.. නෑ.. හුXX නෙවෙයි" කියනව.

    ReplyDelete
  18. ඕකනේ කියන්නේ රට වටකරලා වැට බැන්දත් කට වට කරලා වැට බඳින්න බෑ කියලා. ඔහොම හරි ශේප් වෙච්ච එක ලොකු දෙයක් බෑරි වෙලාවත් පොඩි එකා ගෙදර ගිහින් කියෙව්වොත් වසලා හමාරයිනෙ.

    ReplyDelete
  19. නියම කතාව.
    අර බින්දි කියල තියෙනව වගේ සාහිත්‍යයෙන් හොඳ දේවලුත් වෙනබව ඔප්පු වෙනව.

    ReplyDelete
  20. පාන්දරම ටිකක් හිනාවුනා. අන්දරේලා බලලා ඕක අපිත් පුරුදුවෙලා හිටියා...

    ReplyDelete
  21. අම්මෝ....ඔයින් ගියා මදැයි.....

    ReplyDelete
  22. හුන්නස්ගිරිය නොවෙන්නට අප්පච්චි පොඩ්ඩගෙන් අහගන්නව හොඳවයින් එකක්....

    ReplyDelete
  23. බහ තෝරන වයසේ පැටව් ඉන්නකොට අපි අපේ කටවල් පරිස්සම් කර ගන්න ඕනි කියන්නේ ඕක තමා

    හික් හික් හික් සෙල්ෆ් මාකටින්ද මන්දා

    ReplyDelete
  24. තාත්තාගෙම පුතා නොවැ!

    ReplyDelete
  25. ඇයි එතකොට හු........මාලය? :O

    යකෝ පොඩි එවුන්ව කන්නෙපා වල්කටක් තිබ්බට.. :P :P

    බස් රේඩියෝවා කුජීතයි... ලොල් :D :D :D

    ReplyDelete
  26. ඒක ලස්සන කන්දක්නේ නුවර පැත්තේ තියෙන.... :D
    හොද වෙලාවට නාට්ටිය බලල තිබුනෙ :D

    ආ අහමු එහෙනං රේඩියෝ... :)

    ReplyDelete
  27. මොන හුන්නස්ගිරියක්ද මේ....? මේ පාරනම් බස් ඉන්ටර්වීව් එක අහනවා මං....

    ReplyDelete
  28. ඔය වගේම තව එකක් තමයි
    උඹලෑ අම්ම්ට හු..ඟක් සාරි තියෙනවයි කියන්නේ ඇත්තේයි...

    ReplyDelete
  29. මට මීට් ද ෆොකර්ස් කතාව මතක් උනා :))

    ReplyDelete
  30. පොඩි බබාවත් අරගෙන ත්‍රී විල් එකක ඔච්චර දුර ගමන් යන එක නං එච්චර හොඳ නෑ.

    ReplyDelete
  31. දුකාගේ කවියේ දෙවෙනි පදේ විතරක් කියන්නං.
    ඕනය කියය අනිත් පද දෙක.
    "කඩුවක් අතිං ගත් වැද්දෙක් හැසිරෙය් නිරංතරේ"

    පොඩි කුමාරිහාමිට ඇස් දෙක පරීක්ෂා කොගන්න වෙය් වගේ....පොඩි එකා නං කියුට් තමා, ඒ වුනාට මහ එකා....අනේ මංද?

    ReplyDelete
  32. හක් හක් හක්.... ඒකටනම් ටිකක් නෙමෙයි හොඳටම හිනා ගිය... හපොයි අප්පත්ති බේරුන බෙරිල්ලක්....

    ReplyDelete
  33. @ඔබ්සර්වර්:
    මුවෙක් හොය හොයා ඌ ගමන් කලේ
    දන්නෝ දනිති මුලකුරු වල කතන්දරේ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...