Friday, December 2, 2011

කට්ටා සහ තවත් කථා.....

ගොඩාක් කාලෙකින් කාටවත් මඩ ගහපු නැති එකේ අද අරගෙන ආවා පොඩි මඩ පෝස්ට් එකක්... කට්ටා කියන්නේ අපේ බාලදක්ෂ කණ්ඩායමේ හොඳ බරක් අදින්න පුලුවන් වෙලා හිටපු පොඩි එකෙක්... උගේ නම කට්ටා වගේම වැඩත් කට්ටා...  කට්ටා උනේ වාසගම කෙටි කරලා... ලංකාවේ බාලදක්ෂ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව හිටපු අයනම් කට්ටා කියන නමින්ම මෙයාව අදුරනවා... හිටපු ගමන් කරන චේන් වැඩ, සිතියම් අධ්‍යයනය හා ගැට වර්ග ගැන තිබුනු හසල දැනුම වගේම කැලේකට ඇතුළු වෙලාවේ ඉඳන් එයින් පිට වනතුරු ඔහු ඒ පිළිබඳව දක්වන දක්ශතාවයන් නිසා කට්ටා මේ ක්ශේස්ත්‍රයේ ඉතා ජනප්‍රිය චරිතයක්.....


මිනිහගේ තිබ්බ එකම වැරැද්ද තමයි හිටපු ගමන් චේන් පනින එක... ඒ වගේම වහා ගිනි ඇවිලෙන සුළුයි... වලියක් කොතනද? පොර එතැන...  ඒත් සමහර විට අහන ප්‍රශ්ණ හින්දා හිනාවෙලා පණ යනවා... ඊයේ මිනිහා අපේ ඔෆිස් එකට ආවා.. ඉතින් ඊයේ දවසට වෙච්ච සිදුවීම් දෙකක් සහ තවත් එක සිදුවීමක් කියන්නම්....


මම කාර් රෙන්ට් කරන එක කරන නිසා එක එක ජාතියේ වාහන පදවන්න අවස්ථාව හම්බෙනවා. ඊයේ සහ මේ දවස් ටිකේ මම ලඟ තියෙන්නේ ටොයොටා විගෝ ජාතියේ කැබ් රථයක්.. මම මිනිහාව මේකට දාගත්තට පස්සේ දැන් පොරට ප්‍රශ්ණේ.. අන්තිමේට මෙහෙම ඇහුවා...


අභීත අයියා දැන් කාර් ජාති ගොඩාක් එලවලා තියෙනවා නේද?


ඔව් මල්ලි...


තව මොකක්ද එලවලා නැත්තේ....


දැන් නම් ගොඩාක් වගේ එලවාලා තියෙනවා... ජගුවර් එකක් හරි ලිමොසීන් එකක් හරි පෝශේ එකක් හරි තමයි එලවන්න ආස දැන්....


අම්මට සිරි.. ජගුවර් කියන්නේ අර කොටියා ඉස්සරහට දුවන එක නේද?


මේක ඇහුනා සෝරෝට.....


යකෝ කොටියෝ දුවන එක කොහොමද ජගුවර් වෙන්නේ.. ජගුවර් කියන්නේ ජගුවර් ඉස්සරහා ඉන්න කාර් එක.. කොටියෝ දුවනවානම් ඒකට ටයිගර් කියනවානේ.....


ඒ කථාව එතනින් ඉවර වුනා......



ඊලඟට අපි පිවිසුනේ අධිවේගී මාර්ගයට.... ඒ ගමනේ විස්තරේ රන්දිම මල්ලි දාලා තිබ්බනේ.... ඉතින් මෙහෙම යද්දි කට්ටා තමන්ගේ හඬ අවදි කලා ආයෙත්.....


මචන්, මේ පාරේ පයින් යන උන්ට පට්ට රිස්ක් එකක්නේ තියෙන්නේ.. මේ යන වේගෙට වැදුනොත් එහෙම මුන් මැරෙයිනේ....


කවුද බන් පයින් යන්නේ... මේකේ පයින් යන්න තහනම් බන්......


එහෙනම් මේ ලේන් එකක් තියෙන්නේ පයින් යන උන්ට....


යකෝ ඒ පයින් යන උන්ට නෙවෙයි... මොකක් හරි බ්‍රේක්ඩව්න් එකක් උනොත් වාහනේ එතනට දාගන්න ඒක තියෙන්නේ....


අහ්.. එහෙමද? කවුද දන්නේ.....? 



ගිය සතියට ඉස්සෙල්ලා සතියේ අපේ බාලදක්ෂ ප්‍රජාව හිටියේ දකුණු පළාතේ.... ඉතින් අපි ඔහොම ගියාම ඒ පැත්තේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ ගෙවල්වල යනවා.. ඔවුනුත් අපිට ආරාධනා කරනවා කෑමට ඒ වගේම තේ පැන් සංග්‍රහ වලට වගේ.. කොහොමහරි තුන්වේලම තැන් තැන් වලින් කාලා අපේ උන් එක තැනකට ඇවිත් නිදා ගන්නවා.. ගොඩාක් වෙලාවට ඒක හිස් ගෙයක්.. ඒක සෙට් කරන්නේ ඒ පැත්තේ ඉන්න අපේ සහෘදයෙක්.. එතකොට කෑම බීම නවාතැන් ඔක්කොම නොමිලේ... ඉතින් ඔන්න ගිය සතියේ අපේ කට්ටිය ඔය වගේ ගෑණු ළමයෙක්ගේ ගෙදරට ගියා හවස තේ පැන් සංග්‍රහයට... ඒ අතරේ යන සංවාදය මෙන්න මෙහෙමයි....


ඉතින් කොහොමද අයියේ..... උදේමද ඔයාලා ගාල්ලට ආවේ....


ඔව් නංගි, අපි ඔක්කොම එකට ආවේ....


කෝ අභීත අයියලා එහෙම ආවේ නැද්ද? 


එයාලා මග එනවා නන්ගි.. ජීවන්ත අයියලාත් එනවා අභීත අයියලා එක්ක..


අහ් එහෙමද? කට්ටා අයියාත් කෝල් කලා උදේ....


අහ් එහෙමද? මොකද කිව්වේ....


අද රෑ නවතින්න තැනක් නෑ කියලා මෙහෙ එනවා කිව්වා...


නෑ.. ඉතින් ඔයා මොකද කිව්වේ...


ඉතින් අයියේ අපේ ගෙදර කොල්ලෙක්ට නවතින්න පුලුවනෑ.. මම ශේප් කරලා දැම්මා.....


මේ ටික ඊට පස්සේ දවසේ අපේ උන්ට හොඳම මාතෘකාවක් උනා..... දැන් කට්ටව දැක්කම අපේ උන් ඕක මතක් කරලා හිනාවෙන්න අමතක කරන්නේ නෑ... පස්සේ මම කට්ටගෙන් ඇහුවා මොකද බන් මෙහෙම කලේ කියලා...


නෑ අභීත අයියා.. මම එහෙ යන්න ප්ලෑන් කලේ මුන්ට හොරෙන්.. මුන් මට කලින් එහෙ ගිහින්නේ.. මොනවා කරන්නද ඉතින්....


මිනිහගේ කතා ලියනවානම් ඉතින් සීරීස් එකක්ම ලියන්න වෙනවා.....

26 comments:

  1. අම්මප . . . සිරාවටම උඹ "කාලෙකිං" කාටවත් මඩක් ගහල නෑ තමයි . . . අපරාදෙ

    ReplyDelete
  2. මම ඕකෙ ආවේ පාර විවෘත කරපු ගමන්මයි. මම නම් 120 විතර තමයි ආවේ. වාහනේ ඒ. බී. එස් තිබුනට හයි වේ එකක නියමිත ගනන 120 වඩා පන්නන්න එපා. හරියට බ්‍රේක් වැඩ කලත් වාහනේ ඇදිලා යනවා. මම පිටරවලදී දැකලා තියනවා හයිවේ අනතුරු අඩුම ගනනේ වාහන 30 - 40 විතර තියෙන අවස්ථාත් තිබෙනවා. ඒ නිසා අපේ රටේ එවැනි අනතුරක් වෙන්න එපා දෙවි පිහිටෙන්.

    හැබැයි නියම ගමන, පුදුම ආසාවක් රට ගැන ඇති වෙනවා නේද? ජය!
    වේගය පිනවයි, මරුවා කැඳවයි.

    ReplyDelete
  3. අපරාදෙ කියන්න බෑ ගහන්න ගත්තම හයිවේ එකට වඩා වේගෙන් මඩපාර ගහනවා.:D

    ReplyDelete
  4. හැබැයි මම ආයිත් ඔය පාරෙ යන්නේ තව මාස හයකින් පස්සේ. ඒකට හේතුව අභීත මල්ලිගේ වාහනේ එලවිල්ල. මගේ ඇඟ හිරිවැටුනා අර රන්දිම මල්ලිගේ ලිපිය කියවද්දි.

    ReplyDelete
  5. මට නම් පේන්නෙ අභීත හයරින් කාර් ගැන ඇඩ් එකක් දාල කියල.

    මේ දවස් වල වෙන රටවල ඉන්න බ්ලොග් ලියන කියවන කෂ්ටිය එහෙමත් ලංකාවට එනවනෙ හික් z

    ReplyDelete
  6. //ගොඩාක් කාලෙකින් කාටවත් මඩ ගහපු නැති එකේ//
    හෙහ් හෙහ්.... දවසේ කියමන !!
    සර්පය දරණෙගහං ඉන්න එකක් නැතිවෙයිද සතියකට විතර හොයාගන්න ?

    ReplyDelete
  7. ඇයි අපේ එකෙක් ඇහුවනෙ "මචන් අර ජගුවර් කාර් එක ඉස්සරහ ගහල ඉන්න සතා මොකාද බං, මකරද? " කියලා.

    ReplyDelete
  8. කාලෙකට පස්සේ උනත් අයියා කට්ටට හොද මඩක් ගහලා වගේ.. ඔය කට්ටා බලන්නේ නැද්ද මේ බ්ලොග් එක?

    ReplyDelete
  9. අඩේ ඉතිං හිත හිත ඉන්නේ ලියන එකනේ තියෙන්නේ....

    ReplyDelete
  10. පුල් ආතල් පොරක්නෙ. ට්රිප් අරං යන්න ඕන අන්න ඒ වගේ පොරවල්...

    ReplyDelete
  11. කට්ටා ගෙන් කයි වගේ අභීත..

    ReplyDelete
  12. අපෙත් ඉන්නවා ඔය ජාතියේ පට්ට බුවෙක්
    කට ඇරියොත් හත්පලේ ගාගෙන මිසක් නවතින්නේ නැහැ

    ReplyDelete
  13. කට්ටා වගේ උන් නැත්තං ආතල් එකක්වත් නෑනේ... :)

    ReplyDelete
  14. හි හි...අර හයිවේ කතාව නම් පට්ට.... :D

    ReplyDelete
  15. සමහර උං ඉන්නවා හරි දේ දැනගෙන උන්නත් අනිත් උන්ට ආතල් එකක් දීලා හිනස්සන්ඩ ඕන හින්දා පිස්සු කතා කියනවා... මං වගේ..

    @ ඔබා මාමා..
    මමත් ලංකාවේ.. ඒත් අභියගේ කාර් එකක් නම් ඕන වෙන්නේ නැහැ...

    ReplyDelete
  16. හයිවේ එක අයිනේ පයින් යන්න දෙනවා යෑ.

    ReplyDelete
  17. @ Jeew,
    Consider you are very lucky

    ReplyDelete
  18. හෙන ෆන් එකක් අරන් වගේ.ඔය වගේ මිනිස්සු තමයි ට්‍රිප් යන්න මරු

    ReplyDelete
  19. අපේ කැම්පස් එකේ පොරකුත් ඉන්නවා කට්ටා කියලා.මිනිහටත් ඒ නම හැදුනේ වාසගම කෙටි කරලා.එයා එහෙම නෙවෙයි නේද මේ???

    ReplyDelete
  20. කට්ටා හෙන කට්ටයෙක් නේ...ගාල්ලේ නංගිලෑ දිහා නවතින්න නේ හදලා තියෙන්නේ....

    ReplyDelete
  21. පොඩ්ඩක් ගොහින් බලපන් කට්ට බඩ කපන් මැරිලද කියල ,,

    වෙලාවක් තිබුනොත් මගේ මකර ගුහාව පැත්තේ ඇවිල්ල අඩුපාඩුවක් ඇතොත් පෙන්නලා දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා

    ReplyDelete
  22. මඩගහන එක තරං වෙන සැපතක් මෙ ලෙව තවත් ඇත්ද...??

    ReplyDelete
  23. අපිට බැරිද ඔය කාර් රෙන කේස් එකට වාහනයක් අරන් දාන්න. වෙලාවට ගෙවනව නේද? සිරාවට අහන්නෙ. විස්තර කියල ඊයක් දාහන්කො.

    ReplyDelete
  24. කාටවත් හුඟ කාලෙකින් මඩක් ගහල නෑ...

    ඒක තමයි සිරාම කෑල්ල.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...