Tuesday, May 15, 2012

ඔබා වෙනුවෙන් මහා පුණ්‍ය කර්මයක් කරනාතුරු ඔබ සැමට.....

සනත් අයියා කියන්නේ බ්ලොග් අවකාශයට තව දුරටත් අමුත්තෙක් නෙවෙයි... සනත් අයියාගේ වියෝව දිනයේ ෆේස්බුක් නම් සමාජ ජාලයේ මෙන්ම සිංහල බ්ලොග් අවකාශය තුල තිබුණු අරුත් වැකි මෙන්ම බ්ලොග් ලිපි ඒ පිළිබඳව මොනවට සාක්ශි දරනවා.... අපි දන්නවා... ඊලඟට අපි ඔක්කොගේම හදවතේ තියෙන්නේ එක පැණයයි.. ඔබා වෙනුවෙන් අපි මොනාද කරන්නෙ කියන එකයි... මේ දිනවල මට ලැබෙන දුරකතන ඇමතුම් වලින් ඉතා විශාල පිරිසක් ඒ සඳහා ලක ලැහැස්ති වෙලා ඉන්නවා කියලා තේරෙනවා.... ඉදිරියේදී සාකච්ඡා කරලා අපි ඒ වෙනුවෙන් තීරණය කරගනිමු.... වර්තමාන තත්ත්වය පහත පරිදියි...


පහුගිය දවස් කිහිපයේ මාරයාත් මමත් ඇතුළු පිරිස ඔබාගේ පවුලේ ඥාතීන් හා දිගින් දිගටම සම්භන්ධ වුනා.. ඒ අනුව අලුත්ම තත්ත්වය වන්නේ එළඹෙන සිකුරාදා දින ඕස්ට්‍රේලියාවේදී ආදරණීය සනත් අයියා අපෙන් සමු ගන්නා බවයි.. එදිනම රාත්‍රී ඔහුගේ ගම්පහ නිවසේ සුමදුර ධර්ම දේශණාවක් පැවැත්වෙන අතර සෙනසුරාදා දහවල් සාංඝික දානයක් පිලිගැන්වීමට නියමිතයි..


එදිනට අපිට සහභාගී වීමට එනිවසින් ආරාධනා ලැබුණා.. ඒත් මගේ පුද්ගලික හැගීම නම් අපි සියල්ල එහිගොස් නිවැසියන්ට කරදරයක් වනවාට වඩා කිහිප දෙනෙක් එහි ගොස් ඒ සඳහා සහභාගී වීමටයි. ඉදිරි මාසය ඇතුලත ඔහු වෙනුවෙන් බ්ලොග් අවකශය නියෝජනය කරමින් මහා පින්කමක් සිදු කිරීමට කතිකා කර ගනිමු....


ඒ වගේම සයිබර් සිහිණ උළෙල සංවිධායක කමිටුවෙනුත් මම ඉතා කාරුණිකව ඉල්ලන්න කැමතියි එහි අනුග්‍රාහකයින්ගෙන් ලැබුනු මුදල් සනත් අයියා වෙනුවෙන් වැය කිරීමට කටයුතු කරන ලෙසට..


ඔබේ අදහස් අගයමි...   

50 comments:

  1. ඔබා මාමගේ පවුලේ අපි දන්නේ ඔබා මාමා විතරයි එහෙම එකේ අපිට එන්න කියපු පලියට එහේ ගිහින් ඒ අයට කරදරයක් වෙනවට වඩා අපි වෙනම පිංකමක් කරන එක හොඳයි කියලා මාත් හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ අදහසට මාත් එකඟයි.

      Delete
    2. ඒක තමා විය යුතුයි කියලා මාත් හිතන්නේ...

      Delete
    3. මාත් මේ අදහසට එකගයි..

      Delete
    4. මේ අදහසට මමත් එකඟයි..අපි එහෙම සංවිධානය කරලා සනත් අයියගෙ මෙහෙ ඉන්න ඥාතින්ට ආරාධනා කරමු...හැමෝම කැමති නම්..

      Delete
    5. ඒ අදහස හොදයි කවුරුත් කැමති විදිහක්.

      Delete
    6. මේ අදහස හොඳයි අපි කවුරුත් එකතු වෙල ඔබා මාම වෙනුවෙන යමක් කරමු

      Delete
    7. මාත් එකඟයි....

      Delete
    8. මාත් එකගයි...
      පිංකම ළමා නිවාසයක් සම්බන්ධකරගෙන කරන්න පුළුවන්නම් වැඩිය හොදයි.

      Delete
    9. හොඳ අදහසක් ...
      කරන ඕන හොඳ දේකට එක පයින් ....

      Delete
    10. ඇත්ත.. සමහර විට බ්ලොග් කියන්නෙ මොකක්ද කියලවත් ඒ මිනිස්සු දන්නෙ නැතිව ඇති.. එහෙම එකෙ මෙච්චර පිරිසකට සංග්‍රහා කරන්නත් අමාරු වෙයි..
      අපි කිහිප දෙනෙක් නියෝජනය කරන එක තමා හොදම ක්‍රමය!!

      Delete
    11. එකඟයි.මොනවද වෙන්න ඕනේ කියලා දැනුවත් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.

      Delete
    12. ඒ වගේ දෙයක් කරනවානම්, ඔබා මාමගේ ලංකාවේ ඉන්න නෑදෑ පිරිසට ආරාධනා කරනවා වගේම ඔබී නැන්දා ඇතුළු ඔස්ට්‍රේලියාවේ සිටින අයට දැක බලා ගන්න සලස්වන්න පුළුවන් නම් හොඳයි කියල හිතෙනවා.

      පුළුවන් උපරිම සහයෝගය දෙනවා..

      Delete
    13. ඒක හොදයි තමා...

      Delete
    14. මාත් මේ අදහසත් එක්ක එකගයි.. අයියලාම හොද තීරණයක් අරන් අපිවත් දැනුවත් කරන්න..

      Delete
    15. ඉඳුනිල් ගේ අදහසට එකඟයි...තීරණය ගැන අපිවත් දැනුවත් කරන්න කියලා ඉල්ලනවා..

      Delete
  2. අපි එකතුවෙලා හොද පිංකමක් කරමු අභීත අයියේ...

    ReplyDelete
  3. අපගේ යම් නියොජනයක් පමනක් ඔබා මාමාගේ ගෙදර පිංකමට සහභාගි කරවා...ඉදිරි දිනකදි සයිබරයේ අප සැවොම එක්වී ඔවු වෙනුවෙන් කලහැකි හොඳම දායකත්වය ක්‍රියාවට නගමු...

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ ඒ විදිහ හොඳයි....

      Delete
    2. මාත් හිතන්නේ ඒ විදිහ හොඳයි....

      Delete
  4. සනත් සහෘදයා (ඔබා) වෙනුවෙන් කලහැකි උපරිම දායකත්වය අප විසින් සපයන බවට සහතික වෙමු.

    ReplyDelete
  5. හැකි උපරිම දායකත්වය මගෙනුත්.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අප අදහන ආගමට අනුව මේ වෙලාවේ අපට ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් ඔහුට පින් අනුමොදම් කිරීම පමනයි. ඒ සදහා සිංහල බ්ලොග් කියවන්නන් වන අපද එක් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා එවැනි අවස්ථාවකදි අපද දැනුවත් කරන්න.
    ඔබා අයියාගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය සහා එහි තොරතුරුද හැකිනම් එහි පිංතූරද ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  8. විදෙස්ගත ඔබාමාමාගේ රසිකයන්,බ්ලොග්හිතවතුන්ටත් සම්බන්ධවියහැකි ආකාරයට,ඉදිරියේ පිංකම සංවිධානයකරන්න

    ReplyDelete
  9. ඕන දෙකට අපි ඉන්නවා අභීට අයියේ..
    අපි පුළුවන් උපරිම සහයෝගය දෙනවා..

    ReplyDelete
  10. ඔබා මාමා වෙනුවෙන් කෙරෙන ඕනිම පින්කමකට සහයෝගය දෙන්නම්..
    ඔබා මාමාට නිවන් සුව!

    ReplyDelete
  11. අපිත් උදව් කරනවා ඕනෑ දේකට..

    ReplyDelete
  12. හොද අදහසක් අභියා.. හැමෝම ගියොත් එයාලට කරදරයක් වෙයි. ඒ නිසා කිහිප දෙනෙක් එදාට ගිහින් හැමෝම එකතු වෙලා දෙයක් කරමු..

    ජය !

    ReplyDelete
  13. පුලුවන් විදිහට මමත් සහයෝගය දෙන්න පොරොන්දු වෙනවා

    ReplyDelete
  14. අදහස බොහොම හොඳයි. අපෙනුත් යමක් කෙරෙන්න තියෙනවානම් කියන්න.

    ReplyDelete
  15. කට්ටියම තීරණය කරන ඕන දේකට මමත් ලැහැස්තියි .මොන දේ කරත් ඒක අපිව දැනුවත් කරන්න කලින්

    ReplyDelete
  16. පුලුවන් උපරිමයෙන් මේ දේ වෙනුවෙන් වැඩ කරන්න මමත් පොරොන්දු වෙනවා....

    ReplyDelete
  17. හපොයි..! කාලෙකින් අදයි අන්තර්ජාලයට ගොඩවුණේ.. මේ පණිවුඩය ඇස ගැටුණේ දැනුයි.. සනත් මහත්මයාට මතු නිර්වාන අවබෝධය ලබන්නට හැකිවේවා..!

    ReplyDelete
  18. අපේ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා........

    ReplyDelete
  19. හැමෝම යන්නේ නැතිව කීප දෙනෙක් විතරක් පිංකමට සහභාගී වෙන එක වඩා හොඳයි.
    ඉදිරි වැඩ පිළිවෙලකට මමත් හැකි අයුරින් සහයෝගය දෙන්නම්...

    ReplyDelete
  20. අහන්න,
    …බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කවුද මෙකට අකමැති කියලා ...

    ReplyDelete
  21. මමත් දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනවා.. හැමදෙනාම ඒකට කැමති වෙයි.. රටින් පිට ඉන්න බ්ලොග් කාරයොත්.. හැමෝටම උදවු කරන්න පුලුවන් විදියට සංවිධානය කරන්න පුලුවන්නම් තමයි වැඩියෙන්ම හොඳ.. සුමිත් අයිය කියපු දේ ගැනත් ටිකක් හිතන්න..

    ReplyDelete
  22. මගෙත් සහය උපරිමෙන්ම

    ReplyDelete
  23. සමගිය බලය වේ. සැමදෙනාම එකතු වුනොත් එය පහසුයි. මගෙත් උපරිම සහයෝගය.

    ReplyDelete
  24. මාත් කියන්නේ ඒකයි 50ක් 100ක් ගිහින් ඒ ගෙදර කට්ටියටත් ඇනයක් වෙනවනේ.. ඊට වඩා දෙතුන් දෙනෙක් එදාට ගිහින් පස්සේ සයිබරයෙ කට්ටිය එකතු වෙලා 7ත් දවසට හරි 3න් මාසෙට හරි පිංකමක් කලොත් හොදයි නේද?

    ReplyDelete
  25. මගේ පුංචි අදහසක් අභීත අයියේ.. පළවෙනියටම ඔයා කිව්ව දේ තමයි කෙරෙන්න ඕනිත ඔක්කෝම යන එක එයාලට කරදරයක් වෙන්න පුළුවන්. ඒත් මෙහෙම දේකුත් තියෙනවා.. දැන් මේ සිකුරාදා බණ කියනවා නම් හත් දවසටත් බණක් තියෙනවාද කියල පොඩ්ඩක් හොයල බලන්න.. එහෙම තියෙනවානම් එදාට රෑ‍ට කෑමවේලක් දෙන එක තමයි දැන් ගොඩාක්ම සිද්ධ වෙන්නේ.. එහෙම දවස් හතකින් බණක් කියනවානම් අපේ මේ ඉන්න කාණ්ඩෙගේ දායකත්වයෙන් එදා රෑ කෑම දෙන්න පුළුවන් උනොත් මාමාගෙ පවුලේ උදවියටත් ඒක ලොකු දෙයක් වෙයි. මගේ අදහසක් විතරයි.. ඔයාල ගන්න ඕනිම තීරණයකට රස්තියාදුකාරයාගේ සහයෝගය ලැබෙනවා..

    ReplyDelete
  26. pink kamak kiyanne kaalayak thiyena deyak karamu api... obaa maama wenuwen kohe hari thanakta parithyaagayak wage...e mamath onema dekata sahayogaya denawa... me dawaswala blog awakaashayen poddak aath wela idiyath

    ReplyDelete
  27. කරන දෙයක් අපිටත් කියන්න..පුළුවන් විදියට උදව් කරන්න...

    ReplyDelete
  28. පින්කමක් කරනවානම් අපටත් දන්වන්න. සහබාගි වෙන්නම් අනිවාර්යයෙන්.

    ReplyDelete
  29. මම ගම්පහ ඕනෙ දේකට මමත් ඉන්නවා ඔන්න......

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...