පළවෙනි දින විවාහ උත්සවයෙන් පස්සේ තමයි ගිය පාර ලිපියේ නැවැත්තුවේ.... කියවපු නැති අය කියවලා එන්න ඕන නම් මෙන්න එක කොටස මෙන්න දෙක කොටස. බ්ලොග් එකට ලිපියක් නොලියා ගතකල වැඩිම කාලය තමා මේ ලිපි දෙක අතර ගත වුනේ.. ඒ තිබුණු කාර්ය බහුලත්වය නිසා... ඒත් බ්ලොග් කියවීම නම් එක දිගටම ගියා.. ඒ අතරේ කට්ටියක් පාළු ගෙයි වලන් ගොඩකුත් බිඳලා තියෙනවා දැක්කා. ඒ ගැනත් ලියන්න ඕන... ඒ වගේම සතුටුදායක ආරංචි තුනකුත් කියන්න ඕන මගේ බ්ලොග් එක ගැන.. මෙන්න ඒවා..
1. මගේ බ්ලොග් එක පහු ගිය දාක දෙවෙනි උපන් දිනය සැමරුවා.. සුභ උපන් දිනයක් ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.
2. බ්ලොග් එක පටන් ගත්ත කාලේ දැවැන්ත බ්ලොග්කරුවන්ගේ බ්ලොග් දිහා බලලා අපටත් මෙච්චර ෆලෝවර්ස්ලා හිටියොත් කියලා සිහින මැව්වා.. මේ වෙද්දි මගේ බ්ලොග් එක ෆලෝවර්ස්ලා 500ක් පන්නලා...
3. මගේ බ්ලොග් එකේ වැඩිම දෙනෙක් බලපු ලිපිය වෙච්ච ගෑනු පත්තිනි අම්මලා..., පිරිමි අපි විතරක් වලත්තයෝ කියන ලිපිය හිට් 6000ක් පන්නලා තියෙනවා.
ඉතින් මේවා ගැන හිතේ තියෙන පුංචි ආඩම්බරයක් එක්ක මෙන්න පටන් ගන්නවා අද කතාව.. පහුගිය ලිපි වල තිබ්බා කමෙන්ට් වලින් කට්ටිය මේ ලිපිය එනතුරු පුල පුලා බලා හිටිය බව නම් මතකයි... එහෙනම් මෙන්න සහෝදරවරුනි, මධුසමය.
හරි පලමු දිනය රාත්‍රී අපි විවාහය හිටපු හොටලේම නැවතුනා.. එය නොමිලේ දුන්නා මට මතක විදිහට... අයේ කවදා යන්න වෙයිද කියලා නොදන්න නිසා අපි දෙන්නගෙම අදහස වුනේ හොඳ තරු හෝටල් වලට යනවා කියලා මධු සමයට.. ණය වෙලා වුනත් ගියා ඉතින්... පෙරදින රාත්‍රී නින්දක් නැති නිසාත්, දවසම අර ඇදුම ඇදගෙන නැවි නැවි වැඳලා කකුල් වලට හොඳ ගනන්.. ඒ නිසා නිදාගෙන නැගිටලා කළුතර පංසලට ගිහින් එන්න හිතාගෙන ඔන්න නිදා ගත්තා... වෙලාව හවස තුනයි තිහට විතර ඇති..
ඔය නින්ද අතරේ රංජු මට තට්ටු කරලා ඇහැරෙව්වා... මෙන්න දෙබස..
අභීත.. කවුද දොරට ගහනවා වගේ....
මොන දොරට ගැහිලිද මේ හෝටල්වල...
ඒ එක්කම සද්දේ ආයෙත් ඇහුනා... ඇත්ත නේන්නම්, කවුද දොරට ගහන්නවා තමා...
මම ඉතින් අඩ නින්දෙන් හිතෙන් බැන බැන ගියා දොර අරින්න... දොර ඇරපු ගමන් කොල්ලෙක් ඉන්නවා කොස්සකුයි බකට් එකකුයි අරගෙන..
excuse me sir, Evening housekeeping?
oh.. no problem, come.. වෙන ඉතින් මොනවා කියන්නද?
අප්පට සිරි.. ඇහුවමයි මෙහෙම ගෙස්ට්ලා ඉන්න රූම් එකකට හවුස් කීපින්ග් දෙනවා කියලා පැය කිහිපයක් ඇතුලත.. මම මුවින් නොබැන වෙලාව බැලුවා... හප්පට සිරි.. රෑ 11.30යි. පැය අටක් එක දිගට සැප නින්දක ඉඳලා තියෙන්නේ... කළුතර යන්න හිටිය මදැයි හවස ඇහැරිලා.... හොටලේ උන් බලන්න ඇති පැය අටක් තිස්සේ එළියටවත් කන්නෙවත් එන්නෙ නැතුව ඉන්නෙ මුන් දෙන්නට මොනා වෙලාද කියලා.. ඒක නිසා තමයි සුද්ද කරන්න එකෙක් එව්වෙ කියලා මට හිතුනේ... දැන් කන්නත් නෑ... පොර සුද්ද පවිත්‍ර කරලා ගියාට පස්සේ කතා කලා භෝජනාගරෙට. මේ තියෙන්නේ දෙබස..
හෙලෝ... 204 රූම් එකෙන් කතා කරන්නේ.. බුෆේ එක ඕපන්ද?
අනේ නෑ සර්, 11 වෙද්දි අපි ක්ලෝස් කරනවනේ....
අහ්, එහෙමද? මට රූම් එකට ඩිනර් ගෙන්නගන්න පුළුවන් වෙයිද?
සර් කිචන් එකට කතා කරනවද? එතනින් ඔඩර් කරන්න පුළුවන්..
ඔය වෙලා තියෙන්නේ ලෙසටම... ගත්තා කිචන් කියන කුස්සියට...
හෙලෝ...
මම 204 රූම් එකෙන් කතා කරන්නේ... අපිට ඩිනර් එක රූම් එකට එවන්න පුළුවන් වෙයිද?
පුළුවන් සර්... මොනවද අවශ්‍ය?
මොනවද තියෙන්නේ.. මෙනු එකක් එවන්න පුළුවනිද?
දැන්නම් සර්ට ගන්න වෙන්නේ සැන්විචස් විතරයි... මොකද කිචන් එකත් වහලා.. ඒත් අපි ඉක්මනට එවන්නම්..
එහෙනම් සැන්විචස් ප්ලේට් හතරක් එවනවද?
සර් දෙන්නෙක් නේද ඉන්නේ... දෙකක් ඇතිවෙයි.. ඒකටම තව ඇක්සසරීස් වගයකුත් එනවා..
ඕකේ.. එහෙනම් දෙකක් එවන්න... ගුඩ් නයිට්.
ගුඩ් නයිට් සර්..
මෙන්න ටිකකින් වේටර් කොලුවෙක් එනවා අර ක්ලබ් සැන්විච් කියන ජාතියේ ඒවයි, අලකූරු බැඳපුවයි, තම්බපු එළවළුයි දාපු පිඟන් දෙක උස්සගෙන... ලෝකේ තියෙන අන්තිම කෑම වේල වගේ දැක්කේ.. එච්චර බඩගිනි... ඉතින් ඊට පස්සේ වේටර් මල්ලි ඒව මේසෙ උඩින් එහෙම තියලා මට මෙහෙම කිව්වා...
සර්, මේ බිල් එක සයින් කරලා දෙනවද?
ඕකේ මල්ලි, දෙන්න... අනේ පෑනත් දෙන්න මල්ලි...
බිල බලපු මගේ යටිබඩෙන් හීනි කැක්කුමක් වගේ එකක් ඇවිත් ඒක බඩ හරියෙන් නැවතුනා... මේ තියෙන්නේ ගෙඩි රුපියල්ම 2800.00ක්... මම මටම හිනා වෙවී බිල් එක අත්සන් කරලා දුන්නා...
කොහොම හරි අර ගිය මාරක නින්ද නිසා දෙන්නටම එළිවෙනකම් නින්දක් නෑ.. දෙවෙනි දවසෙ ගොඩාක් දුර යා යුතු නිසා වේලපහින්ම එළියට බැස්සා.. අර මීටර් 100ක් විතර දිග බුෆේ එකෙන් බුරිය උල් වෙන්න කාලා පිටත් වුනා ලංකාවේ මධු සමයට යන යුවලවල් අතර ප්‍රසිද්ධ හුන්නස් ෆෝල්ස් හෝටලේට යන්න.. අප්පට සිරි.. මුහුදු යනවා වගේ... යනවා යනවා ඉවරයක් නෑ.. පාළු පාරවල් දිගේ වාහනේ එළවලා හෙම්බත් වෙලා හිටියේ.. ඒත් හෝටලේ දැක්කම ඒවා සංසිදෙන්න වැඩි වෙලා ගියේ නෑ...
කොහොම හරි එහෙ මෙහෙ ඇවිදලා ෆොටෝ එහෙමත් ගහලා කාමරේට ඇවිත් පොඩි ඇලට් එකකුත් දාලා රාත්‍රී කෑම සඳ හා යන්න සූජානම් වුනා... මම කොට කලිසමකින් හා ස්කිනි එකකින් සැරසිලා එලියට බැස්සේ සීතල ටිකක් දරුණුවට විඳගන්න සිතාගෙන.. මෙන්න මමයි භෝජනාගරයේ දොර ලඟ හිටපු සේවක මහත්තයයි අතර වුන දෙබස...
සර්, මෙහෙම ඇතුලට යන්න දෙන්න බෑ...
ඒ මොකද?
රෙස්ටුරන්ට් එකට එනවනම් ෆෝමල් විදිහට ඇඳගෙන එන්න ඕන..
කෝ ඉතින් කොහෙවත් එහෙම කියලා නෑනේ.. අඩුම ගානේ රෙස්ටුරන්ට් එකේ බෝඩ් එකකින්වත්....
නෑනම් තමයි සර්, ඒත් මෙහෙම යන්න බැහැ..
කිරි අප්පට බල්ලො පැනපි.. දැන් මොකෝ කරන්නේ... පාට් එක බස්ස ගන්නත් බැහනේ...
හරි එහෙනම්, මගෙ රූම් නම්බර් එක 105. ඒකට ඩිනර් එක එවන්න...
ඕකේ සර්, මොනවද එවන්න ඕන...
රයිස් අන්ඩ් කරි.. (දවස තිස්සේ මඟ දිගට අනන්මනම් කාල හිටපු නිසා බත් කෑමේ අවශ්‍යතාව නිසයි මම එහෙම කිව්වේ...)
ටිකකින් ආවා... තඩි ට්‍රේ දෙකක් අරගෙන.. අපි ටෙබල් එක අතින් පෙන්නලා පාඩුවේ හිටියා... මිනිහාත් තියලා ගියා.. අර සිද්දිය නිසා පොඩ්ඩක් තරහ ගිහින් හිටියෙත්... තඩි පියන් දෙක ඇරපු මම කෑම එක දිහා බැලුවා.. මෙන්න මෙනූ එක...
බත්, වැටකොළු, පරිප්පු, භාගෙට උයපු බෝන්චි, සම්බෝල, පපඩම්, තම්බපු බිත්තරයක්... අම්මපා මේවා කන්න මේ හෝටල් වලට එන්න ඕනද? අමාරුවෙන් හිත පාලනය කරගෙන කෑම ටික කෑවා.. කියවන ඔක්කොටම කියන්නේ... රහට කන්න හිතාගෙනනම් හුන්නස් ෆෝල්ස් යන්න එපා... අනිත් හැම දෙයක්ම නිසි පරිදි තිබුනත් ඔවුන් රහට කෑම දෙන්න අදටත් අසමත්.. මම යවන කස්ටමර්ස්ලා කරන එකම චෝදනාව තමයි ඕක..
ඔය විදිහට එදා රෑත් ගෙවිලා ගියා.. ඊලඟ රැය සඳහා වෙන් කර තිබුනේ මහනුවර අර්ල්ස් රිජන්සි හෝටලය... අන්න හෝටල්... කිසි දෙයක වැරැද්දක් කියන්න නෑ... සුපිරිම සුපිරි.. අද වෙනතුරු මම කාලා තියෙන හෝටල් අතරින් කෑම රහම හෝටලය තමයි මේ... වටේ යනවනේ.. ඉතින් අපි පිටත් වුනා රිජන්සි එන්න... අප්පටසිරි.. මගේ ඇදුම් ඉවරයි.. පරණ එකක් ඇදගෙන තෙල්දෙනිය ටවුමෙන් ශෝටකුයි ටී ෂට් එකකුයි අරගෙන ඒකත් ඇඳගෙනම පිටත් වුනා.. එහිදී මොකුත් විශේෂ සිදුවීම් නෑ... ඉතා විශිෂ්ඨ ගණයේ හෝටල් අත්දැකීමකුත් එක්ක ඒ දවස ගෙවී ගියා...
දැන්නම් දිඟ වැඩියි වගේ.. දෙවෙනි ගමනත් මේකෙන්ම ලියන්න අදහස් කරගෙන සිටියත් ඒක ඉතා දිග වැඩිවෙන කාරණයක් නිසා මෙතනින්ම නවතිනවා... ආයෙත් එන්නේ විවාහ දින මතක සටහන් කථා පෙලේ අවසන් කොටස අරගෙන... ඒ තමයි දෙවෙනි ගමන.. අධිවේගී රිය ධාවන, රා සමඟ ආරාධිතයින් පොලීසියේ, නැට්ටුවෝ වෙරිවී බල්ටි ගසන අවසන් කොටස සතියක් ඇතුලත බලාපොරොත්තු වන්න....
ප.ලි. පුරා වසර දෙකක් මා සමඟ සිටි ඔබ මාගේ ශක්තියයි... ඒ වෙනුවෙන් මාගේ හෘද්‍යාංගම ස්තූතිය පිළිගන්වන අතර ඒ ලබා දුන් සහයට මම සදා ණයගැතියි...

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
සුබ පැතුම් !
ReplyDeleteසුබ පැතුම් !
සුබ පැතුම් !
කාරනා තුනටම..
කෝ ලී කෙලිවත් නැද්ද අප්පා... අදත් රියලි ඩිසැපොයින්ට්මන්...
අම්මට සිරි මන් එක...
Deleteහූ හූ අනිත් එව්වන්ට...හූ...:-D
ස්තූතියි වෙනි අයියා, ලී කෙලි නම් මොනාද?
Deleteහැමදේකටම........................සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteස්තූතියි
Deleteමාර හනිමුන් එකක් නේ මචං.....
ReplyDeleteපවුල් ජීවිතේටත්..... බ්ලොග් ජීවිතේටද සුභ පැතුම්...!!!!
ස්තූතියි.. නැචුව නැචුව....
Deleteවිවාහ දිනෙ ගැනනම් කියන්න මම දන්නෙ නෑ. ඒත් අවුරුදු දෙකක්ම ලියන ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න බ්ලොග් අඩවියට සහ අභීත අයියාට මගෙන් සුභ පැතුම්. ඉස්සරහටත් දිගටම ලියන්න අපිට ඇවිල්ල කියවල හිනා වෙලා යන්න පුලුවන් දේවල්.
ReplyDeleteස්තූතියි.. උඹ තවම ඒවට පොඩි වැඩියි.......
Deleteසුභ පැතුම් අයියේ.
ReplyDeleteඔන්න හිනාවෙලා යන්න බට්ටිත් හැමදාම එනවා...
ස්තූතියි.. එන්න නංගි හැමදාම....
Deleteජය වේවා !
ReplyDeleteස්තූතියි..
Deletesuba pathum ara kiwwa wage 3tama.
ReplyDeleteස්තූතියි..
Deleteකනවා, බොනවා, නිදාගන්නවා ඇරෙන්න වෙන මුකුත් කරලා නැහැනේ
ReplyDeleteලියනවයි කියලා හැමදේම ලියන්න පුලුවන්ද?
Deleteඒකනේ සුසන්ත... :D :D :D
Deleteබ්ලොග් උපන්දිනේට සුභ පැතුම් අයියේ...
ReplyDeleteමරු හනිමූන් එකනේ.. මම මේ බල්න් ඉන්නේ අර දෙනවා කියපු උපදෙස් මාලාව එනකන්... :)
ඊලඟ ලිපියේ එනවා.... ස්තූතියි සුභ පැතුම් වලට..
Deleteඅවුරුදු දෙකටයි, ෆලෝවර්ස්ලා 500ටයි සුභ මෙව්වා එකක් ඈ....!
ReplyDeleteහැබැයි මධුසමය කියලා බෝඩ් එකක් දාගෙන හොටල් ගැන ඇඩ් එකක් දාගෙන අපේ බලාපොරොත්තු ඔක්කොම කුඩු කරලා දාපු එකට බලවත් මෙව්වා එකක්.....!
අනුන්ගේ කුණු කන්දල්මයි හොයන්නේ....
Deleteපලවෙනි වාක්‍යයේ සුභ පැතුම් අස්සේ ලාවට ගහපු කණේ පාරකුත් තියෙනවා වගේ තේරුනේ....
උඩින් කියපු වලින් ගාණක්වත් හම්බවුණාද :D
ReplyDeleteසුභ පැතුම් අභීත අයියා..... දැන් භය වෙන්න දෙයක් නැහැ
ස්වේච්ඡා සේවය මචන්.... සතයක්වත් ලැබුනේ නෑ...
Deleteස්තූතියි ඔන්න...
ජය වේවා.. ජයම වේවා.. හැම දේකටම ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්..
ReplyDeleteස්තූතියි ඔන්න..
Deleteසැහ්.. ඉර දෙන්නං හඳ දෙන්නං කියල හෙන බලාපොරොත්තු ගොඩක් කලින් පෝස්ට් එකෙන් දීල මෙන්න මධු සමය කියල සෝස්ට් එක දැම්මම අපිත් පැනගෙන ආව කඩු පයිට් ඩේසරම ඇති කියල. සිහ් මේ කුජීත අබිය ඒකත් විනාස කරල. කේව අපේ සුපියල් පා.
ReplyDeleteසිහින මල්ලි,
Deleteඅනුන්ගේ හනිමූන් වල වෙච්ච දේ හොයන්න කලින් කෙල්ලෙක් හොයාගනින්.. ඊට පස්සේ අපෙන් අහපන් මොනාද කරන්න ඕන කියලා....
හැම දේකටම සුබ පැතුම්.
ReplyDeleteස්තූතියි ඔන්න..
Deleteසුබ පැතුම් අයියා..!! එක නෙවෙයි ගිහිල්ලා කොරේ කාපු බීපු එක විතරද මන්දා ..!! අයියෝ සල්ලි
ReplyDelete;) උඹ පොඩි වැඩියි ඕවා කියන්න....
Deleteමුලින්ම කියලා තියන ඒවාට සුභ පැතුවා ඕං
ReplyDeleteඅපරාදේ කියන්න බෑ ලෙසටම හෝටල් ටික ගැන කියලා තියවා එකම එක අව්ලයි තියෙන්නේ
යන්න ඕනී පාර දාලා නෑනේ ඕවට
ඒවා කෝල් කරලා අහපන් ජිංජියා.... ස්තූතියි සුභ පැතුම් වලට...
Deleteඅවුරුදු දෙකට මගෙනුත් සුභ පැතුම්..ඇත්තටම ටිකක් හිනාවෙන්න බ්ලොග් එකක් ලියන එක ලේසි නෑ..අභීත අසාර්ථකයි කියලා හිතෙන්නෙ අපිට ගොඩක් හිනා යන නිසා වෙන්නැති...:D
ReplyDeleteතවත් රසවත් දේ බෙදාගන්න කාලය හැකියාව ලැබේවා..
මේක පටන් ගත්තේ ටිකක් හිනාවෙන්න කියන තීම් එක යටතෙ උනාට රූ මම මේකේ ඊට අදාල නොවෙන ගොඩාක් දේ ලිව්වා...කවි, දේශපාලනය, සමාජ සංසිද්දි, ශෝක ප්‍රකාශ ඔය ආදී ගොඩාක් දේවල්... ඔබේ කමෙන්ටුව මට දිරියක්.... ස්තූතියි...
Deleteඔන්න අපිත් ඇවිත් සුබ පතල යනව එහෙනම් .
ReplyDeleteරසවත් විස්තර ටික . හුන්නස් ෆෝල්ස් වල කෑමනම් මටත් ඇල්ලුවෙ නෑ . අපිත් ලගදි ගියා .
පරිසරයනම් ලස්සනයි .
ස්තූතියි...
Deleteබ්ලොග් ජිවිතේටයි,පවුල් ජිවිතේටයි දෙකටම සුබ පැතුම් මගෙනුත්.!!!
ReplyDeleteහප්පෝ...මගුලක් කනවා කියන්නෙත් මාර කට්ටක්නෙ ....ඒ දවස් ටිකේ ටිකක් නිදහසේ ඉන්ඩයි බලාපොරොත්තු වෙන්නෙ ,ඒත් වෙන්නෙ අනිත් පැත්ත වගේ...
මධු සමය කියල පොස්ට් එකේ දැම්මට කිසිම මධු ගතියක් නැති පාටයි...හෝටල් ඇඩ් එකක් නම් හොදට දාල තියනව...හි... හි .....
ජයම වේවා !!!
මධු බේරුනා බන්.. ස්තූතියි සුභ පැතුම් වලට....
Deleteබයිපාස් කරන්න තරම් දෙයක් නෑ නෙ වෙලාවට...:)
ReplyDeleteසුභ පැතුම් ඔක්කොම කරුණු ටිකට.....
බයිපාස් තමයි ඔක්කොම වැඩ ටික කලේ නිසූ..... ස්තූතියි සුභ පැතුම් වලට....
Deleteසුබ පැතුම් අයියේ හැමදේටම! මම හිතන්නෙ හොඳම හරිය තව ඉස්සරහට වෙන්නෝන!
ReplyDeleteස්තූතියි සුභ පැතුම් වලට....
Deleteඅවුරුදු දෙකට මගෙනුත් සුභ පැතුම් අයියා!
ReplyDelete" බත්, වැටකොළු, පරිප්පු, භාගෙට උයපු බෝන්චි, සම්බෝල, පපඩම්, තම්බපු බිත්තරයක් "
ගෙදරම හනිමූන් ගියානං මීට වඩා හොඳ කෑමක් හදාගෙනම කන්න තිබ්බ කියල හිතෙන්නැති නේ? :D
ඒක නෙමෙ අයියා..ඔය මංගල ගමන ගිහින් කරේම කෑව බිව්ව එක විතරද?පොඩි එකා දැනගන්න අහන්නෙ ;)
ස්තූතියි සුභ පැතුම් වලට....
Deleteඇයි මල්ලි, තව මොනාහරිත් කරන්න ඕනද? :D
උණුසුම් සුභ පැතුම්!
ReplyDeleteස්තූතියි...
Deleteනියම දවසක් බලල නොවැ මාත් මෙහෙට ගොඩ වෙලා තියෙන්නේ!
ReplyDeleteවෙඩින් කේක් වගේම උපන්දින කේකුත් ලැබෙයි වගේ!
සුභ පතන්න ඕනැ කාරනා ගොඩයි!
ඔන්න මාත් ඒ සියල්ලටම සුභ පතනවා සියලු දේ සාර්ථක වෙන්නත් සැපත සතුට දිනෙන් දින වැඩි වෙන්නත් කියල!
ස්තූතියි
Deleteඅයි ඈම් ඕල්සෝ ඩිසැපොයින්ටර්ඩ් යැ මේ පෝස්‍ටුවෙන්. අඩුම තරමේ මයිලක්වත් කෙලින් වූයේ නැතිය [ත්‍රාසයට]
ReplyDeleteමයෙ හනිමුනෙත් දෙවනි රැය ඔයිට දෙවෙනි නැතිය.අමායා රීෆ් මාව නැති කරේ බුෆේ වර්ජනය කරාපු අපිට ස්මෝක් චිකන් එවලාය. ඒවායෙන් කටේ තියන්න බැරි තරං දුං රහක් ආවාය. ඒකත් ගං කුකුල්ලුද කොහෙදය රබර් වගේය.
අර තුනට සුභපැතුම් යැ !!
තුනම සුභ පැතුම් භාරගත්තා මචන්, උඹලට කෙළින් වෙන්න කථා ලියන්නේ මක්කෙටැයි...
Deleteඅහ් අවුරුදු දෙකක්ද? එල එල . . . ජය වේවා . . .
ReplyDeleteස්තූතියි
Deleteඋණුසුම් සුබ පැතුම් ...!!!!
ReplyDelete(යකෝ අරක අරන් අදවත් වර )
ස්තූතියි.. හිටපන් ටිකක් ඉවසලා....
Deleteසුභ පැතුම් අයියා............ කාලෙකින් ආවේ මතකද මංදා..... හී.........
ReplyDeleteකොටම සයිබර් කපල් එකේ කාන්තා පක්ෂේ නේද? අර අපේ එකෙක් අයියා පාට් එක දාලා ගොඩ ගියේ.....
Deleteස්තූතියි සුභ පැතුම් වලට....
සුභපැතුම් අභීත අයියා!
ReplyDeleteස්තූතියි ....
Deleteඔන්න මාත් මේ පැත්තට ආවා...සුභ පැතුම් අයියා....
ReplyDeleteස්තූතියි සුභ පැතුම් වලට....
Deleteඅර නින්ද ගියේ නෑයි කිව්වෙ මුළු රෑම... දවල් පැය 8ක් නිදා ගත්ත නිසා විතරමද? නැත්තං.........
ReplyDeleteහඳ බලපන්.. ඇඟිල්ල දිහා නොබලා...
Deleteඔන්න ඉතින් අයියට කෝඩුකාරයාගේ උණුසුම් සුභ පැතුම් පිරිනමනවා...(ඔය කාරණා සියල්ලටම හොඳේ....)
ReplyDeleteඒ කාලේ ඇන්ද ටී ෂර්ට් තාමත් තියෙනවා නේද?
ReplyDeleteසුබ පැතුම් තෙමගුලටම!
මොනවද මේ පාලු ගෙයි වලං බින්ද කතාව? හනිමූන් එකේ දී ද?
ස්තූතියි සුභ පැතුම් වලට....
Deleteඇත්ත.. ඔය තියෙන ටීශර්ට් එක මම ඊයෙත් ඇන්දා....
සුභ පැතුම් හැම දේකටම....
ReplyDeleteසුබ පැතුම්....
ReplyDeleteසුබ පතනව හැම දේකටම...!!!
ReplyDeleteමෙචර බ්ලොග් ලිපි දැක්කා පුංචි ආඩම්බරයක් දැනුනු ලිපිය තමා මේ ඇයි දන්නවාද..කස්ටිය අහගන්න මගේ ගම තෙල්දෙණිය... අයියේ තෙල්දෙනිය මෙහෙම නෙවේ ඒක හදහන්..
ReplyDeleteදෙන්නටම මගේ සුභ පැතුම්.
ලොකුඅයියට මගේ බොක්කෙන්ම සුභ පැතුම්! හුන්නස් ෆෝල්ස් තරහා වෙයිද මන්ද...
ReplyDeleteසුභ පැතුම් X 3!
ReplyDeleteඋඹට සෑහෙන ඉවසීමක් තියෙන බව පේනවා. මගෙ තියෙන දුර්වලකමක් තමයි ෆෝමල් ඇඳුම් නැතුව යන්න දෙන්න බෑ කියපු එවුන් එක්ක කොක්කක් දාගෙන හනිමූන් එකම වන කරගන්න එක. දැන් නම් සෑහෙන දුරට හැදිලා ඉන්නෙ.
හැබෑට කෑම ගැනමනෙ මේකෙ තියෙන්නෙ!
උඹ මගෙ කලින් කමෙන්ට් එකටත් උත්තරයක් දීල තිබ්බෙ නැද්ද කොහෙද?
henryblogwalker the Dude
මේ ටික කාලෙක ඉඳල කියෙව්වට කමෙන්ට් කරන්න බැරි උනා...!
ReplyDelete"සුභ පැතුම්" ඕං.. , සිතුම් පැතුම් සියල්ල ඉටුවේවා..! හොඳම දවසක මාත් ආවෙ.
බ්ලොග් ගමනටත් , දිවි ගමනටත් සුබම සුබ පැතුම්..........
ReplyDeleteමිසිස් අභීත තාමත් ඉස්සර වගේම සිහින්දෑරි විදිහටම ඉන්න රහස දැන ගන්න පුලුවන් ද?
හැම එකටම සුබ පැතුම් !!!
ReplyDelete//බත්, වැටකොළු, පරිප්පු, භාගෙට උයපු බෝන්චි, සම්බෝල, පපඩම්, තම්බපු බිත්තරයක්... //
ReplyDeleteමේක දැක්ක ගමන් මට හිනාවක් පැන්නා... යකෝ ගෙදර ගියානම් මීට වඩා හොඳට කනවනේ....
ආ.... අවුරුදු දෙකට මගෙන් උණුසුම් සුභ පැතුම් අයියේ...
මුල් ලිපි දෙකේ දණිහ නමලා දීලා තියෙන විදියට මම හිතුවා මේක කියෙව්වම හනිමුන් යාමේදි සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණුවත් කියලා දෙයි කියලා... එහෙම්පිටින්ම බලාපොරොත්තු වතුරේ ගියා.... මේක ලියද්දි මූඩියක්වත් පෑගිලා නෑ වගේ...
ඉදිරි ගමනට මගෙන් උණුසුම් සුභ පැතුම් පවුලේ හැමෝටම....
බ්ලොග් ලිවිල්ලටයි පවුල් ජීවිතේටයි දෙකටම සුභ පතමි.හයියෝ ඒත් කෝ අර උපදෙස් මාලාව එහෙම
ReplyDeleteමටත් හිතුනා මෙහෙම එකක් ලියන්න. පස්සේ දවසක බලන්න ඕනෙ. හැමදේකටම සුභ පැතුම්!!!
ReplyDeleteඋඹ කාලා බීලා නිදාගෙන නේ.....
ReplyDeleteමොනවා උනත් සතූටින් ගතකරන්ඩ ඇති ඒ දවස් ටික දෙන්නා
ReplyDeleteජේ හෝ කිවුවා ඔන්න.. ඊලග කොටමත් ඉක්මනට දාන්නකෝ..
ReplyDeleteඈ බන් උබ හනිමූන් ගිහින් කෑම කෑව එක විතරද කරේ ??? සුබ පැතුම් අබියෝ
ReplyDeleteඔය කියපු හැම දේකටම සුභපැතුම් අභීත අයියා.....!!!!!!!!
ReplyDeleteජය වේවා!
ReplyDeletenice 1 i'm new to this page
ReplyDelete