විවාහ දින මතක සටහන් කථා පෙළට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.. ඔබට දුක හිතෙන ආරංචියක් වුනත් නොකියා බැහැ.. ඒ අද මේ කොටසින් එම කතා මාලාව ඉවර වෙනවා.. කියවලා නැති අයට මේ තියෙන්නේ එක කොටස (හපොයි මෙහෙම මඟුල් ) මෙන්න දෙක කොටස (කෝ කට්ටිය බායි කියන්න ) මෙන්න තුන්වන කොටස (මධු සමය ) මේ ලියන්නේ හතර වන කොටස හෙවත් අනේ සර්, කිතුල් රා වගයක් කියන කොටස... වටේ තලන්නේ නැතුව කථාව පටන් ගමු..
දෙවෙනි ගමනට අදාල උත්සවය පැවැත්වුනේ රාත්‍රී කාලයේ.. ඒ නිසා අපි හෝටලෙන් පිටවෙන්න තිබ්බේ 2ට විතර... හෝටලයට යන්න කලින් ගෙදරට ගිහින් ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉවරයක් කරලා උත්සවයට සහභාගී වෙන්න තමයි හිතාගෙන හිටියේ... ඒත් පුරුදු පරිදි මංගල උත්සව අවුල් කරන වුන් මටත් හිටියා.. ඒ ඡායාරූප ශිල්පියා සහ වීඩියෝ කැමරා ශිල්පියා.. උන් දෙන්නා අපේ පින්තූර අරන් ඉවර වෙද්දි වෙලාව 3.45යි... ගෙදරට යන නැකත තිබුනේ 5.05ට... ජ්‍යෝතිශය පිළිබඳ විශ්වාසය නිසා අපේ අප්පච්චිට ඔය නැකැත් කටයුතු ලෙසටම තියෙන්න ඕන.. අප්පච්චි ගැන කියලා තියෙනවානේ.. ආයේ කිව්වොත් කිව්වා තමයි.. අදටත් එහෙමමයි.. ගත්තා කෝල් එකක් අප්පච්චිට.. දැන් දෙබස මෙහෙමයි..
අප්පච්චි.., කසුන් කතා කරන්නේ...?
ආ.. ඇයි?.. කොහෙද ඉන්නේ...?
තවම නුවර ඉන්නේ.. නැකතට එන්න බැරිවෙයි වගේ... ඊට පස්සේ හොඳ වෙලාවක් නැද්ද?
ඔයාලට ඕන වෙලාවට නැකැත් තියෙනවද ලමයෝ....
මාර සීන් එක... දැන් හතරයි දහයයි... එන්නනම් බැරිවෙයි වගේ....
උඹට ඕන දෙයක් කරගනින් එහෙනම්....
දඩස්... තිබ්බ නේද ෆෝන් එක.. අද තද වුනොත්නම් බඩුම තමයි.. කාර් එක ගෙනාපු සමුද්‍රයාට මම මෙහෙම කිව්වා...
මචන්, අපි ගැනවත් කාර් එක ගැනවත් හිතන්න එපා... පහයි පහ වෙද්දි අපේ ගෙදර ඉන්න ඕන...
තත්පර 30ක් ඇතුලත වගේ කාර් එකේ ගියර් ටික මාරු වුනා... මූ විද්දා නුවර කුරුණෑගල පාරේ.. ඒ දවස්වල ඒක හදනවා.. අනන්තවත් මාර්ග බාධක... රංජුගේ මාල හත කරේ.. ගෙදර මිනිස්සු අපි පරක්කු වෙයි කියලා, අදහස් අත ඇරගෙන හිටියේ... ඒ මදිවට කොට්ටාවේ ඉඳන් රංජුගේ නෑයෝ ආපු බස් එක වරකාපොල ට්‍රැෆික් එකකට හිර වෙලා.. එයාල එන්න තවත් පරකු වෙනව කියලා කෝල් එකක් දුන්නා.. කෝල් එක කට් කරන කොටම මට බ්‍රාස් කියලා සද්දයක් ඇහුනා.. ඒ අපේ කාර් එකේ බ්‍රේක් සද්දේ.. ඔළුව උස්සලා බලනකොට ගෙදර මිදුලේ ඉන්නේ.... ජංගම දුරකථනය දිහා හොරෙන් බැලුවා... පහයි හතරයි වෙලාව... ගෙදර අයට හිතා ගන්නත් බෑ.. මාව පිළිගන්න මල් මාලේ දැම්මේ මටත් වඩා උස එකෙක්.. කාර් එකෙන් බැහැපු ගමන් මම රංජුවත් ඇදගෙන ගේ ඇතුලට දිව්වේ නැකත පරක්කු වෙන නිසා...
දැන් ඔන්න කට්ටියගෙම හිනා මූණු... ඒ අතරේ අප්පච්චි මට කතා කලා..
මේ ඇත්තද අද අරක්කු දෙනවා කියන්නේ...
නෑ කවුද කිව්වේ... ඕන එවුන් ගෙනත් බොයි...
දුන්නොත් එහෙම මම කියලා තියෙනවනේ මතකනේ.. මම එනවා නැගිටලා...
හරි අප්පච්චි.. මම දෙන්නෙ නෑ...
දෙන්නේ නෑ කිව්වට නොදී කොහොමද? සෙට් එකක් රා ඉල්ලලා..., තව උන් බ්‍රැන්ඩි ඉල්ලලා.. මුන්ට බොන්න නොදුන්නොත් මට ඉන්න වෙන්නේ ගෙදරම නැවතිලා තමයි...
මේකට විකල්පයක් තියෙන්නත් එපැයි... කථා කලා ධනුශ්කට... අපි දෙන්නා අතරෙ දෙබස මෙහෙමයි...
මචන් මාර සීන් එක....
ඇයි? මොකෝ සීන් එක...
කවුරු හරි අප්පච්චිට කියලා මම අද එන උන්ට බොන්න දෙනවා කියලා... වෝනින් දුන්නා...
හරි උඹ බය වෙන්න එපා... මම බලාගන්නම්....
මිනිහා කිව්වනම් බඩුම තමයි.... මා ආයේ හිතන්නවත් දෙයක් නෑ.. මොකද ධනෙයා තමයි අපේ අම්මටයි අප්පච්චිටයි හොඳටම විශ්වාස මගේ යාළුවා.... ඒ ඔක්කොම අතරෙ තව කෝල් එකක් එනවා.. ඒ කමල් මල්ලිගෙන්.. මතකනේ කමල් මල්ලි.. මේ තියෙන්නේ එයා ගැන.... මෙන්න ඒ දෙබස...
අයියේ කාර් එක පොලිසියට ගත්තා.... මාර සීන් එක....
ඇයි මොකො සීන් එක...
රා බෝතල් දහය ඩිකියේ තිබිලා මාට්ටු වුනා... ඉක්මනට මොනා හරි කරන්න... මුන් මාවත් ඇරෙස්ට් කරන්න යන්නේ...
හරි.. මේ නම්බර් එක ලියාගනින්.... කරුවගේ නම්බර් එක.. ඌට කියහන් කථා කරලා.. මාත් කියන්නම්....
කොහොමහරි පොලිසියේ ඉහල නිලධාරියෙක් වෙච්ච කරුවට කියලා අමාරුවෙන් අරුන් පොලිසියෙන් මුදවගෙන රා බෝතල් 10ත් හෝටලේට ගෙන්න ගත්තා....
ඊලඟ කෝල් එක නැටුම් කණ්ඩායමේ ජයාගෙන්....
මේ තොපි එන්නෙ නැද්ද?
එනවා... තව විනාඩි 30ක් දියන්....
යකෝ.. මේ ඇඳුම් ඇඳගෙන පැයක් මෙතන... මොනා හරි එවපන් අපට බොන්නවත්...
හරි හිටු හිටු....
අයියෝ.. මුන්ගේ ප්‍රශ්ණ කිය කිය කෝල් එනවා.. මම එකින් එක ලඟ හිටපු යාළුවොන්ට කියනවා.. උන් ලෙසට දෙනවා වැඩේ....
දැන් ගියා හෝටලේට.... අර සිංදු කියලා මාල දාලා පිළිගත්තා... මෙන්න නැටුම් කණ්ඩායම නටනවා නැටිල්ලක් කොහොමද දන්නවද? එහෙම නැටුම් නැටිල්ලක් ජීවිතේට දැකලා නෑ.. හෝල් එක පුරාම නටනවා.. මනමාලිගේ පැත්තේ නෑයෝ වික්ශිප්ත වෙලා බලන් හිටියේ... අන්තිමේට නටපු උන් කිව්වේ පරක්කු වෙච්ච තරහට නැටුවා කියලා.... දැන් එතනින් ගියා පොල්තෙල් පහන පත්තු කරන්න... හුටා.. ඉටිපන්දම නෑ.. අමාරුවෙන් හොයාගත්ත ගිනි පෙට්ටියකින් ගිනි කූරක් ගහලා තමයි පත්තු කර ගත්තෙ...
දැන් බාර් එක... හෝටලේ පිටි පස්සේ වෙනම තැනක් කල් තියා ලෑස්ති කරගෙන හිටියේ.. ශේප් වෙලා වැඩේ කරගෙන යන්න... අප්පච්චිට හොරෙන් කරන එක තමා ලොකුම සීන් එක.. දනෙයයි, රමියයි, ජනකයි තමයි අප්පච්චි බාර... අප්පච්චි ඒ පැත්තට යන බව පේන කොටම එකෙක් දුවලා ගිහින් අප්පච්චිට මෙහෙම කියනවා...
අන්කල්, අර ඉස්සරහා කවුද ඇවිත් අන්කල්ව අහනවා...
ඉතින් අප්පච්ච් ආයෙත් ඉස්සරහට යනවා... ඔහොම කවර් කර ගත්තා සෑහෙන වෙලාවක්... ඊට පහුවදා තමයි ගමේ මාමා කෙනෙක් කියලා අප්පච්චිට මාට්ටු වුනේ.. එතකොට ඉතින් වැඩේ ඉවරයිනේ....
අන්තිමේට අරක්කු බීපු එවුන්ට වඩා රා බීපු එවුන්ට වෙරි... ආසාවට රා බීපු කාන්තා පාර්ශ්වයත් මඳක් පමණට වැනිලා... ජනකයා ඇවිත් මට කතා කලා...
මචන්, රා සීන් එක ටිකක් අවුල් වගේ... කට්ටිය ආතල් දෙනවා වගේ එකසිය ගානට....
ම්ම්.. කමල්ට එන්න කියපන් බලන්න...
දැන් කමලුයි මමයි අතරෙ දෙබස....
මල්ලි, රා වලට මොකුත් කලවන් කලාද?
කලවන් කලාද නෙමෙයි... කලවන් නොකර ගෙනාවානම් තමයි බලන්න තිබ්බේ.. අර බලපන්කො බොන හැටි...
ඈ...? උඹ මොනාද කලවන් කලේ....
එතනින්ම කසිප්පු බෝතල් 5ක් දැම්මා... පාට වෙනස් නොවෙන්නත් එපැයි....
මල හත් ඉලව්වේ... යකෝ තොට පිස්සුද?
රා වලට නෙවෙයි බන් පොලිසියෙන් ඇල්ලුවෙත්.. උන්ට කසියා සුවඳ ඇවිල්ලා.. අමාරුවෙන් බේරිලා ආවේ....
යකෝ අරුන් මැරෙයි.. දැන් නවත්තපන් එහෙනම් ඕක....
නවත්තන්න ඉතුරු වෙලා තියෙන්න එපැයි.. ඉවරයි ඔක්කොම...
මට හීන් දාඩිය දැම්මා... වාසනාවට මොකුත් අවුලක් උනේ නෑ....
ඔන්න ඉතින් ඔහොම එකී මෙකී කතා එක්ක මංගල්‍යය අහවර වුනා.. නොකී කථා තමයි වැඩි... පහුගිය ජූනි 6 වෙනිදට අවුරුදු 5කුත් සම්පූර්ණ වුනා... දැන් මංගල්‍යයන් සංවිධානය කරන එක වෘත්තියක් විදිහට කලාට ඒ කාලේ එහෙම එකක් කරන්න වින්ද දුක මතක් වෙද්දි හිනාත් යනවා ඕසෙට....
එහෙනම් ගිහින් එන්නම්... ලබන ලිපිය විශේෂ පණිවිඩයක් එක්කයි එන්නේ.....

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
අනේ අප්පේ හරිම සංවර විදියට ඉවර වෙච්ච වෙඩිමක්නෙ..ඉතින් ඔය කී කතා හරි ..අර නොකී කතා ටික එකතු කරලා තව එකක් ලියන්නකො..
ReplyDeleteඅයියෝඅ ඉවරද මංගල්ලේ විස්තර? ඔය අමතක් උන ටිකත් මතක් කරලා අයෙමත් පෝස්ට් එකක් දාන්නකෝ.. මරු වෙඩිම අප්ප මේක හිනා වෙලා පන ගියා
ReplyDeleteහ්ම්........ ඉවරයි නෙහ්.
ReplyDeleteආය කසාඳ බඳිමුද ... ලස්සනට පිළිවලට රංජුවම ...
අන්න ඒක හොඳා..!
Deleteකෝ යකෝ ඇනිවසරි පාර්ට් එක ?
ReplyDeletemala magulak ne yako meka!
ReplyDeleteඅපොයි...මාර මගුල් ගෙයක්නෙ. :D ඒත් ඉතිං අපේ ඒවා කොහොම වෙයිද කවුද දන්නෙ.
ReplyDeleteලස්සන කතාව. ඉවර උනේ අපරාදේ.:)
ReplyDelete".........බොලේ......රා ටික නම් විෂ්කි වගේ හරිම ප්‍රණීතයි...ගැහුවම පුදුම විකාරයි....."
ReplyDeleteමල මගුලයි :P :D
ReplyDeleteරංජු අක්කා නම් හරී ලස්සනයි
ReplyDeleteකතා පෙලම කියෙව්වා මාරයි...
ReplyDeleteකතා පෙලම කියෙව්වා මාරයි...
ReplyDeleteමගුලත් ඉවරාරායි..........
ReplyDeleteහිනා වෙලා පණ ගියා.. වෙඩිමක් ගන්නවා කියන එකත් ලේසි නෑ නේ..
ReplyDeleteමදැයි ඔයින්ගියා.
ReplyDeleteයකෝ කෂිය දාපු රා .... නියමෙට තියෙන්න ඇති.
ReplyDeleteපිස්සු හැදෙයි සද බැබලෙයි කිව්වලු.. බලන් ගියාම මගුලක් ගන්න එක ලේසි නෑ වගේ.....
ReplyDeleteතව එකක් කලවන් වුනාම කොහොමත් වදිනවා වැඩියි තමයි... ඒ හින්දා කස්ටිය ඔය ගානට ආතල් දීලා නැවතුනා ඇති.....
ReplyDeleteම්ම්ම්ම්........ මචාලා ම්ම් මට තව රා ෂොට් එකක් දාන්න... වදිනවා... හැටට හැටේ...
ReplyDeleteකසිප්පු + රා ගහපු කාන්තා පාර්ශවය එහෙම කියන්න ඇති... පස්ට ආතල් වෙඩිමක්ය..
ජය වේවා !
දේශීය දේට මුල් දැන දුන්න දෙවෙනි ගමනක්... ඒකත් මරු... :)
ReplyDeleteරා වලට කවලං කරපු සීන් එක නං මරු ඈ...බීපු උං මාරම ආතල් එකක් දෙන්න ඇති....
ReplyDeleteපලමුවෙන්ම උඹ අපේ කමෙන්ට් කියවලා ටිකාක් හිනාවෙලා මොකුත් නොකියා සද්ද නැතුව ඉන්නවා නම් මීට පස්සෙ මාත් උඹේ පෝස්ට් කියවලා ටිකක් හිනාවෙලා නිකං ඉන්නවා කමෙන්ට් දාන්නෙ නැතුව. :(
ReplyDeleteඅනික උඹල දෙන්න මද පමනින් ස්ටෙලා වෙලාද ඉන්නෙ අර ෆෝටෝස් වල, අර අංශක විසිතුනහමාරේ ඇලයක් තියෙන්නෙ? නැතිනං ෆෝටෝ එක ගත්ත එකා අනුමත වෙලා හිටියද? :D
බුදු අයියේ කමෙන්ට් වලට රිප්ලයි නොදාන එකට සමාවෙන්න ඕන..... බ්ලොග් ලිපියක් ලියන්නෙත් හරිම අමාරුවෙන් ලොකු අයියේ....
Deleteඅනික උඹලා අහන ප්‍රශ්ණ උත්තර දෙන්න පුළුවන් ඒවද අම්මපා......
ඕං උඹට මේ දැන් සමාව දුන්නා. ඒක දේව ගතියක් කියලා මේ දැන් ආරංචි උනා ඒකයි. :)
Deleteඅබීතයා, මේ පෝස්ට් බලලා මම හිතුවෙ උඹ මේ ගිය මාසෙ බැන්දා කියලා. අන්න උඹ කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කා පොඩි එකාව නලවගන්න උඹට කරන්න වෙලා තියෙන දේවල් ගැන.
උත්තර දෙන්න බැරි ප්‍රශ්ණයක් නං උත්තර දෙන්න ඕනෙ නෑ. :) උඹ උත්තර නුදුන්නොත් මම එහෙම හිතාගන්නංකො. හෙහ් හෙහ්.
henryblogwalker the Dude
රා බිව්ව වගේ නෙවෙයි...පොඩ්ඩක් එහා ..මෙහා උනොත් බඩ යන එකතමා ප්‍රශ්ණෙ.
ReplyDeleteරා නම් ජරා බං. මට එපා වුනා..
ReplyDeleteඋබ 70දශකේ නලුවෙක් වගේ බං.. සිරා !
දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය දීම පිළිබඳ ප්‍රණාමය :D
ReplyDeleteඔය ඉන්නේ කපල් එක........මරේ මරු ඈ.............
ReplyDeleteදෙවනි 4ටෝ එකේ අභීතය හැටේ දසකෙ නලුවෙක් වගේ.. කියෙවුවෙ නෑ.. පස්සෙ කියවන්නම්..
ReplyDeleteමරු වෙඩිමක් තමා දැං ඔය කසිප්පු රා අරක්කු වලට අමතරව වෙන මොනාවත් තිබුනේ නැද්ද ? .. ඔය ගුවන්ගත වෙන ජාතියේ ඒවා එහෙම ..
ReplyDeleteරා ගහනවා නම් ලුණුත් එක්ක තමා නැත්තම් බුසු බුසු ගාලා යනවා නන්ස්ටොප් ..
ඉහි ඉහි
ReplyDeleteමෙන්න නියම මගුල්..!! දේශියත්වට ෆුල් සප් එක දීලා තියනවා..!! මෙව්වාත් අපිට හෙන ආදර්ශයට ගන්න පුළුවන් දේවල් සැහෙන්න තියනවා අම්මපා..!!
ReplyDeleteතව වෙඩින් කතා ටිකක් දාන්නකෝ..:D :D
ReplyDeleteනියමයි ඈ
ReplyDeleteයකෝ මගේ බඩ කොරවෙලා..තනියෙන් හිනා වෙලා ම...!!!
ReplyDeleteසුපිරි වෙඩිමක්නේ සුපිරි මාත් පස්සෙන් එනෝ දිගටම ලියන්න ලස්සනයි අය්යේ ........
ReplyDeleteඒ වුනාට මං උඹ ඕනෙම හරිය ලිව්වෙ නෑනේ....! අර හනිමූන් දවසේ උඹව ඇක්සිඩන්ට් වෝඩ් අරගෙන ගිය කතාව.....! (කවුද කිව්වෙ කියලා නම් අහන්න එපා )
ReplyDeleteඒකත් ලියමු අයියා :D
ReplyDeleteනියම කතා මාලාව . හරිම රසවත් .
ReplyDeleteලස්සන කතාව .
ReplyDeleteඒ කාලේ පුංචි කොල්ලනේ දැං බලන්න එපායැ දැන්නේ මෙයා කොල්ලා වෙලා තියෙන්නේ එන්න එන්න තරුණ වෙනවද මංදා... හිනා සාගරයයි ඈ.... මෙහෙමත් මගුලක් තමා කියන්න තියෙන්නේ
ReplyDeleteඅභීත සහෝදරයව ලංකාවට ආව වෙලාවක හමුවෙන්න ඕනා, නොකී කතා අහගන්න ....විතරක්ම නෙවෙයි .නිවාඩුවට ආවහම නිවාඩුව ගත කරන්න බලාපොරොතු වෙන්නේ අභිතගේ සහයෝගයත් (සේවය )අරගෙනම
ReplyDeleteමච්න් එල යලුවො සෙට් එකක්න් ඉන්නෙ උබට .අර රා වලට කලවම් කරපු යලුව ඩන් මොකඩ කරන්නෙ ජොබ් එක.
ReplyDeleteමෙම ලිපියත් බලන්න.
ReplyDelete