
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Friday, September 7, 2012
කමෙන්ට් ඇරපන් රමීෂා ........
හිතේ සිතිවිලි අකුරු කරනට
තෝරාගත්තා අපි මඟක්.....
බ්ලොගීන් කියලා කිව්වා ඒකට
ඒක හරි සුන්දර වැඩක්....
කීප දෙනෙකුගේ පුංචි වැඩකට
රිද්දගෙන නුඹ සිත ටිකක්..
කමෙන්ට් වැහුවා කරනු බැරි ලෙස
ඒකනම් මහ චොර වැඩක්....
සිරාවට බ්ලොග් ලියන එව්වෝ
හිඟ වෙලා ඇති කාලයක්...
නුබේ ලිපි වෙත සෙනෙහෙ බන්දන
එවුන් වෙත හරි මදී කමක්....
වෙඩි තියන්නට සමනලෙකු වෙත
නුබ හරිම හරි සූරියක්.....
සමාජයේ ඇති ගොඩාක් දේවල්
වෙනම දැකි ඒක පැතිකඩක්....
නුබේ සමහර ලිපි කියෙවු අපි
බැරිව දෙන්නට අදහසක්....
ලතැවී ආපසු පිය නැගූවෙමු
නොමැති හින්දා ඉඩ පොදක්...
කලින් තිබු මොඩරේට් ක්‍රමයට
බැහැලා සතුටින් එක් බිදක්..
අපේ අදහස් පල කරන්නට
යළිත් දීපන් පොඩි ඉඩක්...
නුබේ ගෙපැලට ගොඩවුනේ අපි
සිඳව ගන්නට පිපාසා...
එවැනි උන්ගේ තිබහ නිවනට
කමෙන්ට් ඇරපන් රමීෂා....
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
බොහොම අගේ ඇති කවි පන්තියක්. එලි සමය අපූරුවට රැකිලා තියෙනව. නමුත් අවසාන කවියෙන් එලිසමය මදක් අවුල්වී ගොස් ඇති බවක් පෙනේ. එහි පිපාසා වෙනුවට පිපෂා ලෙස යෙදුවේනම් එලිසමය රැක ගැනීමට තිබූ නමුත්, එවිට පැදි පෙලට පැට්ටා වැන්නෙකුගෙ ආභාශය ලැබී ඇත් බවක් හැගෙනු ඇත.
ReplyDeleteඑාහම නැතුව අන්තිමටම "රමීසා" කියල තිබ්බත් ගොඩ නේද ???
Deleteඇයි මට හිතෙන්නෙ රමීෂට කොමෙන්ට් වහන්න ඇතිඋන හේතු වලට උඹත් කොටස් කාරයෙක් කියල ???
Deleteමටත් ඕක හිතුන නිසා තමයි පෝස්ට් එකක්ම දැම්මේ...
Deleteඅඩේ . . .
Deleteමගෙ දෙවනි කොමෙන්ට් එක අනුරාධට නෙමේ ඈ . . ඒක අභියට
අපිත් ඒකම තමා කියන්නෙ එකෙ කමෙන්ට් දෙන්න බෑනෙ
ReplyDeleteඅපිත් ඒකම තමා කියන්නෙ එකෙ කමෙන්ට් දෙන්න බෑනෙ
ReplyDeleteකමෙන්ට් එකක් දාන්නම ඕනෙ එකේ කමෙන්ට් බොක්ස් එක නැති උනාම මලලල.
ReplyDeleteකමෙන්ට්ස් දමන්න දෙන්න කියලා මමත් ඉල්ලනවා රමේශාගෙන්
ReplyDeleteමෙච්චර වටින බ්ලොග් එකක් දැක්කේ අදයි. උඹට බොහොම පින් මේ කරන වැඩේට..
ReplyDeleteකවිපෙළ එළ...
ReplyDeleteකවිපෙළ එළ...
ReplyDeleteගති..
ReplyDeleteරමීෂගෙ බ්ලොගේ කමෙන්ට් දාන්න නැති එකේ අපරාදෙ කියල හිතෙන එක නම් ඇත්ත... ඒත් මේක කියවල ටිකක් හිනා ගියා කියන එකත් කියන්න ඕන.. ;)
ReplyDeleteඔය කියන බ්ලොග් එකේ මෙන්න මෙහෙම තිබුනා. මේ "ඒ මාතෘකාව අරගෙන බ්ලොග් එකේ හිට්ස් වැඩි කර ගන්න හදන උන්" ගැන කියන කතාවෙ කියවෙන්නෙ කවුරු ගැනද?
ReplyDelete"මම බ්ලොග් එක පටන් ගත්තේ 2011.නොවැම්බර් 15 වෙනිදා.මේක ලියන්න ගත්තේ මගේ නිදහස් ප්‍රකාශනයක් විදියට.තව එකෙක්ගේ ලියමනක් විවේචනය කරාම මිනිස්සු කිසිම පදනමක් නැතුව ඒ විවේචනය පුද්ගලික අපහාසයක් කරගන්න නිසාත් සමහර උන් ඒ මාතෘකාව අරගෙන තමන්ගේ බ්ගොග් එකේ හිට්ස් සහ කමෙන්ට් වැඩි කරගන්න දරන සිගිති උත්සාහය නිසාත් මම තීරණය කළා අද ඉදන් මගේ බ්ලොග් එකේ කමෙන්ට් ඩිසේබල් කරන්න. පදනමක් නැතුව පුද්ගලිකත්වය එලියට අරගෙන ඒවට උන්ගේ නූගත් මත පළ කරලා ඇනෝ කමෙන්ට් හා ඇනෝ බ්ලොග් අලුතින් පටන් අරගෙන ගම් වල ඉන්න ඕපා දූපා ගෑනු වගේ ඇදුමේ පාටයි කොණ්ඩේ පාටයි වගේ ළදරු දේවල් අරගෙන කුහකන් පිට කරගන්නවා වගේ දේවල් නොනවත්වා සිද්ධ වෙනකොට මම බ්ලොග් ලියන්න පටන් ගත්ත මගේ හේතුව ගැන මටම කළකිරෙනවා. ඒ නිසා කියවන එකෙක් ඇවිත් කියවයි විවේචනය කරන එකෙක් කියවයි සහ අකමැති එකෙක් නොකියවා ඉදියි. මිනිස්සු විවිධාකාරයි.. ඒ වගේම ගොඩක් උන්ගේ ජීවිත සහ සමාජ කියවීම හිස්. ඒ නිසයි කොල්ලෙක්ගේ මලක් ගැසීම අරුමයක් නොවන රටක කෙල්ලෙක්ගේ මලක් ගැසීම මැජික් එකක් වෙන්නේ. ඒ තරම් සිගිති හා පටු සිතීම් තියන පුද්ගල සම්බන්ධකම් කවදාවත්ම මගේ ජීවිතය ඇතුලේ තිබුනේ නෑ. ඒ වගේම ආදරයක් නිදහසක් නැති ජීවිත හිරකාරයින්ට අනුන්ගේ ජීවිත වල ආදරය සහ නිදහස ගැන කුහකකමක් දැනෙන එකත් සමාන්‍ය දෙයක් කියලා මම හිතනවා. බ්ලොග් එක කියන්නේ මගේ ජීවිතේ නොවුනු කොට බ්ලොග් පටන් ගත්තේ කමෙන්ට්ස් සහ හිට්ස් බලාපොරොත්තුවෙන් නොවුනු කොට කමෙන්ට්ස් සහ හිට්ස් කියන්නේ මට තේරුමක් නැති දෙයක් .මේ බ්ලොග් තමන්ගේ ජීවිතේ කියලා ඒවා ඇතුලේ උන්ගේ කුහකකං එළියට දාන උන්ට කමෙනට්ස් සහ හිට්ස් වලින් තොර ජීවිතයක් නෑ. මගේ ජීවිතය සහ ජීවිත වින්දනය තියෙන්නේ බ්ලොග් අවකාශය ඇතුළේ නෙමේ. ඊට වඩා සෑහෙන්න දුර ගොඩක් ලොකු අවකාශයක මම ජීවත් වෙන නිසා තවදුරටත් මට කමෙන්ට්ස් සහ හිටිස් සහ සංවාද මේ බ්ලොග් එක තුළින් අවශ්‍ය නෑ.."
අභියා මේ උඹ ගැනත් කියලා තියෙන්නේ...
Deleteඅන්තර්ගතය ගැන නම් කිසිවක් නොදනිමි.
ReplyDeleteකවි හැකියාව නං වැඩි දියුණු වී ඇතැයි සිතේ.
මරු කවිටික..
ReplyDeleteකාව්‍ය රසයට ලකුණු දෙමි. කතන්දරය මම දන්නෙත් නැත දැනගන්න ඕනෙත් නැත :D
ReplyDeleterameeshagen gaanak kadaa ganna wage try eka
ReplyDeleteකොහොම උනත් රමීෂගෙ බ්ලොගේ එකේ කමෙන්ට් දාන්න ඉඩ දෙනවනම් හොදයි කියලයි මමත් හිතන්නේ..
ReplyDeleteරමේෂාගේ නමින් ටයිට්ල් දමා අභීත හිට්ස් මංකොල්ලයක
ReplyDeleteරමේෂගෙ පසුගිය පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දාන්න මටත් ඕනකම තිබුණා. ඒක මටත් අදාල නිසා. ඒත් මක්ක කරන්න ද ? ඒක ඇගේ කැමැත්ත...
ReplyDeleteඒ පෝස්ට් එක මමත් දැක්කා. රමීශාගේ ඊනියා රැඩිකල් කම ඇවිල්ලා තියෙන්නේ පරම්පාරාවෙන්මයි
Deleteනුබේ යනුවෙන් තියෙන වචන නුඹේ යනුවෙන් නිවැරදි විය යුතුයි අයියා.
ReplyDeleteකවී ටික නං ලස්සනට ලියවිලා තියනවා.
ReplyDeletemama nam methanata awe ahamben. kathandara karayai, atampahurai th dam comment wahagena. api dunna weda. hikis
ReplyDeleteබලන්නට නැති කලට කිසිවක්
ReplyDeleteගොඩවෙන්නේ සමනලයගේ ඇඟට
තියෙන ගොන් තර්ක වෙනුවෙන්
ගන්න ආතල් කොමෙන්ට් ඇරපන්
අළුත් බ්ලොග් එකක් ලිව්වා..අම්මේ සින්ඩි වලට තියෙන පෝලිම..මේ වෙලාවට තමයි නිතර අප්ඩේට් වෙන ප්‍රසිද්ධ බ්ලොග් ඕන වෙන්නේ..ඔන්න මෙතන බ්ලොග් එකට ලින්ක් එකක් දානවා ..
ReplyDeleteඅළුත් බ්ලොග් එකක් ලිව්වා..අම්මේ සින්ඩි වලට තියෙන පෝලිම..මේ වෙලාවට තමයි නිතර අප්ඩේට් වෙන ප්‍රසිද්ධ බ්ලොග් ඕන වෙන්නේ..ඔන්න මෙතන බ්ලොග් එකට ලින්ක් එකක් දානවා ..
ReplyDeleteඅනන්තය
රමී ගේ සමාජීය කියවීමේ අපූර්වත්වය කියවලා විඳින්නෙක් විදියට මම නම් ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ කමෙන්ට් දාන්න ඉඩ දෙන්න කියලා නම් නෙවෙයි. තව ලියන්ඩ කියලයි..මොකද රමී ගෙ ලියන ලියවිල්ලක එක පේලියක් තරම්වත් වටින පෝස්ට් එකක්වත් මට නම් ලියා ගන්ඩ බැරි නිසා ඒ ලියවිල්ලට මන් කැමතී. කමෙන්ට් වහන්ඩ හේතුවෙච්ච කරුණු කාරණා අමතක වෙන්ඩ තරම් මන් නම් මැරිලා ඉපදුනේ නෑ..වහෙන් ඔරෝ නෙවෙයි ඒ අන්තිම වාක්‍යය උඹටයි කීවෙ අභියො..
ReplyDelete