Tuesday, September 17, 2013

අත අරගෙන අත දීම... පරණ ලිපියක පූට්ටුවක්...

මම මේ ගැන කලින් ලිව්වා.. නමුත් ඒ ලිපි අප්ඩේට් කරන්න පුළුවන් වුනේ නෑ කාලෙකින්... ඒ නිසා මීට අවුරුද්දකටත් එහා ලියපු ලිපියක දෙවෙනි කොටස ලියන්න තමයි මම මේ හදන්නේ... මේ ලඟදි බ්ලොග් ලියන චූටි මල්ලි කෙනෙක් මට ඉතා ලොකු උදව්වක් කලා.. ඒ වචනයෙන් කරන්න බැරි තරම් දෙයක් මට.. ඉතින් ඌට උදව් කරන්නෙ කොහොමද කිය කියා ඉන්න අතරේ තමයි මගේ මේ ලිපි පෙලෙහි මේ අවුරුද්දෙ ලිපිය දාන්න හිතුනේ...

දන් ඔයාලට ඕන මොකද්ද මේ උදව්ව කියලා බලන්නනේ නේද? ඒකට මෙතන කොටලා බලන්න.. මෙන්නපොඩි කොල්ලගේ වැඩ.. හැබැයි උගේ ඇග විතරයි පොඩි... එතනින් කම්මැලි නම් මෙතනින් යන්න  


කොල්ල කවුද කියලානේ දැන් දැන ගන්න ඕන.. ඒ තමයි අපේ සිහින මලයා... එයා දැන් රැකියාවෙන් අයින් වෙලා තමන්ගෙම වැඩකට අත ගහලා තියෙනවා.. ග්‍රැෆික්, වීඩියෝ එඩිටින්ග් වගේ දේවල්.. මට තිබ්බ හදිස්සියට මෙයා ඒක පැය තුනකින් වගේ ඉවර කරලා මට එව්වා.. වෙලාව තිබ්බනම් මීටත් වඩා නිර්මාණශීලී වීඩියෝ එකක් ඔයාලට නරඹන්න තිබ්බා.. මේ තියෙන්නේ උගේ ප්‍රොෆයිල් එක.. පොඩි කැමරාවකින් ලොකු දෙයක් කරන හැකියාවක් තියෙන කොල්ලෙක්... මෙන්න තියෙනවා සම්භන්ධ කරගන්න තියෙන දුරකථන අංකය +94715764205..


ඊලඟ කෙනා තමයි අපේ බස් රේඩියෝ එකේ ටකරන් සද්දෙ... අයේශා නංගි... මම අර උඩම ලින්ක් එක දාපු ලිපියේ තියෙනවා මෙයාගේ මනුස්සයාගේ වැඩ.. තමන්ගේ ආදරවන්තියට අඩු මුදලට, ඇය ඉතා කැමති වෙන  විදිහේ තෑග්ගක් එයාගේ අතටම යවන ඕනනම් මෙන්න කෙනා... මේ තියෙන්නේ තැන.. මෙතනට ගිහින් බලන්න පුලුවන් එයා ලඟ තියෙන තොරොම්බල් ටික.. ඕනනම් මෙයාව මේ අංකෙන් සම්භන්ධ කරගෙන වැඩි විස්තර අහගන්න +94775310954... ව්‍යාපාරේ නම ලේඩීස්.. 


ඊලඟ ප්‍රචාරනය දෙන්නේ නිසූපා නන්ගිට.. එයයි බට්ටියි තමයි මේ වැඩේ කරන්නේ.. සිව්මාන ක්‍රියේශන්ස් කරන්නෙ මෙයාලා.. මගේ වැඩක් කරලා දුන්න සුපිරියටම, ඉතා අඩු මුදලකට.. ඒ මුදල ගෙවලා වැඩේ දිහා බලපුහාම අදහගන්නත් බෑ.. එයාලගේ වැඩේ තවස් දෙක තුනකින් මගේ මූණු පොතෙ දකින්න පුළුවන් වේවි.. ඉතා හොඳ නිර්මාණාත්මක ඇහැක් මෙන්ම හැකියාවක් තියෙන්න ඕන මේ වැඩේ ඔවුන් ඉතාම නිවැරදියට නිසි විදිහට කරගෙන යනවා... මෙන්න එයාලගේ තැන.. මෙන්න නිසූපා ගේ මූණු පොත.. පණිවිඩේකින් වැඩේ භාර දෙන්න.. වැඩේ නිකන් කිරි ගහට ඇන්න වගේ තියෙයි...


ඊලඟට කියන්න යන්නේ මගේ බඩට වදින සීන් එකක්... මගේ ව්‍යාපාරෙම කෑල්ලක් මෙන්න මූත් පටන් අරගෙන... බඩට වැදුනත් යාලුවෝනේ අම්මපා... ඔයාලගේ වෙඩින් එක කරගන්න... පුංචි පුංචි පාටි කර සංවිධානය කර ගන්න.. ට්‍රිප් අරව මේවා සංවිධානය කර ගන්න කතා කරන්න ඕන රසික නානායක්කාරට.. ඔව්.. අපේ මන්ත්‍රීතුමාට තමයි... මේ තියෙන්නේ දුරකථන අංකය +94718252735.. මෙන්න මූණු පොත.. ඉතා ලස්සනට වැඩේ වේවි..


ඊලඟට සඳරු.. නැගෙනහිර පාලාතේ ඕන කෙනෙකුට අවශ්‍ය ලැප්ටොප්, විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ සියල්ල ගෙදරට ගෙන්වාගන්න කතා කරන්න අපි කවුරුත් දන්න සඳරුට.. ඔව්.. හිස් අහසේ සඳරු තමයි.. අර මම රස්සාවක් දුන්නේ.. අන්න ඌ.. මේ තියෙන්නේ දුරකථන අංකය 0774939199.. කොළඹ ඇවිල්ලා වංචාකාරයින්ට අහුවෙන්නේ නැතුව ඔබේ පලාතෙ විශ්වාසවන්ත යහලුවෙක් අමතා විශ්වාසනීය සේවාවක් ලබා ගන්න ඔබට ඉහල දුරකථන අංකයෙන් පුළුවන්... මෙන්න සඳරුගේ මූණු පොත...


අන්තිමට මගේ ලුත් ව්‍යාපාරේ.. ලංකාවෙ මෙතෙක් නොතිබුන ධීර ක්‍රියා (Adventure Sports) අපි පටන් අරන් තියෙන්නේ මීමුරේ.. දියඇලි වලින් ලිස්සලා යන එක ලංකාවේ පලවෙනි පාරට අපි හදුන්වලා දීලා තියෙනවා.. මේ තියෙන්නේ වීඩියෝ එක.. තව සතියකින් විතර මීමුරේ ජන්ගල් රිසෝට් කියන පේජ් එකේ අපූරු පින්තූර බලා ගන්න ඔබට පුලුවන් වේවි.. මේ තියෙන්නේ මගේ රස්නේ රේඛාව (Hot Line) +94729900069... මෙතනින් කතා කරලා වැඩි විස්තර දැන ගන්න...

එහෙනම් හැමෝටම ජයවේවා....

ප.ලි. : තව කියවන ඔයාලගෙ ව්‍යාපාර තියේනම් කමෙන්ට් හරහා දාන්න විස්තරත් එක්ක..

ප.ප.ලි. : පරන පෝස්ට් එකේ සමහර ෆොටෝ, ලින්ක්, වැරදියි වගේ.. අලුත් ඒවා එවන්න.. මම එඩිට් කරන්නම්..  

21 comments:

  1. අඩේ පහම මගේ හොඳම යාලුවො... :D

    ReplyDelete
  2. //කොළඹ ඇවිල්ලා වංචාකාරයින්ට අහුවෙන්නේ නැතුව //
    උඹ වගේ වංචාකාරයෙක් ඉන්නවද බන් ලොවෙත්....

    ReplyDelete
  3. හිටූ හොදට වෙලාව අරන් ආයෙ මේක කියවන්න ඕන වීඩියෝ ටිකත් බලාලා

    ReplyDelete
  4. හැමෝටම සුබ පැතුම් ජය

    ReplyDelete
  5. මේ බ්ලොග් අවකාශේ ඉන්න එකම වංචාකාරයා කවුද කියලා කවුරුත් දන්නවා නෙහ්... ආයේ ඉතින් උබ උබටම සුදු හුණු ගාගන්න ඕන නෑ නේ.

    ReplyDelete
  6. හැමෝටම සුබ පැතුම් ...

    ReplyDelete
  7. ස්තූතියි අභියා ..

    ReplyDelete
  8. අඩෝ අභියා,
    අහන්නෙත් නැතුව දුන්න සපෝට් එකට ස්තූතියි මචං...
    උඹෙත් යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ඨ සිද්ධ වේවා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. //උඹෙත් යහපත් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ඨ සිද්ධ වේවා...

      එහෙනං ඉතින් ඔය ප්‍රාර්ථනාවෙන් මෙලෝ වැඩක් නෑ මචං.. ඌ කරන්නෙම අනුන්ට කෙලවන එකනේ.

      Delete
  9. සපෝට් ගත්තා වගේ නෙවෙයි කමිශන් ඉල්ලන් එනකොට..... අභීත පඩේටත් ලෝඩින් එකක් තියලා තමයි වැඩක් කරන්නේ.....

    ReplyDelete
  10. බ්ලොග් අවකාශේ කියන්න හරි අපූරු ඒ වගේම තේරුම් ගන්න අමාරු ප්‍රවේශමෙන් සැරි සරන්න ඕන තැනක්..බ්ලොග් අවකාශෙන් කවදාවත් හොඳම මිතුරන් ඇති කර ගන්න එපා.මේ පෝස්ට්ටුවේ ඇතැම් ප්‍රතිඵල මෙහි සදහන් ගැහැණූ ළමයින්ගේ පසුපස පිල්ලියක් මෙන් හඹා විත් කරදර මතු කරනු ඇත.කොල්ලන්ට නම් ගැටළුවක් නැත.මන්ද බ්ලොග් අවකාශයේ සැරිසරන පිරිමි අප සියල්ලන් පට්ට ආඩින් වන බැවිනි.

    ReplyDelete
  11. තෙද බල ඇති කඳ සුරිඳුනි!
    ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි.

    ReplyDelete
    Replies
    1. jhothisha lankaSeptember 17, 2013 at 2:03 PM

      AnonymousSeptember 17, 2013 at 2:05 PM

      වෙලා වෙනස විනාඩි 2යි.ඇනෝ කමෙන්ටුව මගේම පෝස්ට් එකකට සම්බන්ධ බැවින් කමෙන්ට් දෙකම මා විසින් දමන ලද්දක් බවට පෙනී යයි.

      ඇනෝට කතරගම දෙවි පිහිට ලැබී ඇත.

      Delete
  12. ගුණවත්ව අත දිලා දායක වෙනවා කියන්නෙ මේකට අභීත!
    ලිපියෙ සඳහන් වෙච්ච හැමෝටම ජය පතමි!

    ReplyDelete
  13. සුබපැතුම් හැමෝටම. දන්න කියන අයට මේ වගේ සහයෝගයක් දෙන එක වටිනවා. “අපි වෙනුවෙන් අපි“ කියනවානේ. අනික හැමෝම මේ දන්න කියන අයනේ. ජය...!

    ReplyDelete
  14. http://maathalan.blogspot.com/2013/09/book-carnival.html?showComment=1379499327637#c2567370878597737800

    ReplyDelete
  15. අදයි ගෙදර ආවේ අයියේ ! ඒ නිසා මේක බලන්නවත් බැරි උනා . ගොඩක් ස්තුතියි හොඳේ !

    ReplyDelete
  16. හැම දෙනාටම සුබ පැතුම්

    ReplyDelete
  17. එල කිරි. ඔක්කොම කස්ටිය ඉතින් දන්න අයනෙ. :)
    හැමෝගෙම ව්‍යාපාර ඉහළීන්ම සාර්ථක වේවා!!!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...