බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Tuesday, June 10, 2014
ජඩ නිරුවත් මාධ්‍ය කලාවක අපූරු කෙළි සෙල්ලම්.....
ආදරණීය සංචාරකයිණි, මිතුරණි, සුභ පතන්නෙනි.. අද දවසේ ලංකාවේ ජාතික පුවත්පත් දෙකක ඔබ ආදරය කල අපූරු නවාතැන වූ මීමුරේ ජන්ගල් රිසෝට් පිළිබඳව ඉතා ද්වේශ සහගත් පුවත් පත් ලිපි දෙකක් පලවී තිබුනා ඔබ දකින්නට ඇති.. මීමුරේ ජන්ගල් රිසෝට් වෙත පය තැබූ ඔබ මෙහි සඳහන් කරුණු වල තිබූ සාවද්‍ය කරුණු වලට එකඟ නොවෙන බවට අපගේ දැඩි විශ්වාසයක් තිබේ... මීමුරේ කඳවුරට පාතබන ඔබට අපගේ කාර්ය මණ්ඩලය පළමුවෙන් පනවන නීති රෙගුලාසි ඔබට මතක ඇති.. ඊට අවනත නොවූ කණ්ඩායම් දෙකක් පිටව ගොස් ඇති බවත් අප ඔබ වෙත පවසා ඇත... අප මේ සැරසෙන්නේ මේ පුවත් පත් වර්තා දෙකේ ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත හෙළි කිරීමටයි.. ඒ විතරක් නොව ලංකාව අගාධයට පත් කිරීමට පෑන මෙහෙයවන නිරුවත් ජඩ මධ්‍යකරුවන්ගේ සැබෑ නිරුවත ඔබ වෙත ගෙන එන්නටය...
පලමු ලිපියේ සබැඳිය පහත සඳහන් වේ.....
http://www.divaina.com/2014/06/10/feature02.html
මොහු නමින් ජගත් කණහැරආරච්චිය... දිවයින පුවත්පතේ මාධ්‍ය වේදියෙකි.. අද උදේ වරුවේ අපගේ ව්‍යාපාරයේ හිමිකරු හා ජනිත් අරන්දර මල්ලිත් ඔහු හා ඔහුගේ දිනපතා දිවයින ප්‍රධාන කතෲ තුමන් මුණ ගැහුනෙමු.. මෙහි හඬ පටයද අප සතුවන අතර ඉදිරි දිනෙක ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත... කිසිදු සාක්ෂියක් නොමැතිව, මනුස්ස ආත්මයක් ලද්දෙක් තමන්ගේ පිරිමිකමත් උගසට තබා ලියූ බොරු, සාධාරණය කරන්නට නොහැකිව ලත වෙන ආකාරය අප එහිදී දැක්කෙමු... අප ඔහුට අභියෝග කිහිපයක් භාරදෙන්නෙමු...
1. අප කඳවුරු භූමියට පැමිණෙන සංචාරකයින් ඔහු කියන ආකාරයට හැසිරෙනවානම් ඒ පිළිබඳ ඡායාරූප හෝ වෙනත් සාක්ශි අප වෙත සපයන ලෙසට...
2. අප විසින් කඳවුරු භූමිය තුල ගංජා, මත්කුඩු, හා ගණිකා ව්‍යාපාරයේ නියැලෙන බවට පිළිගන්නට හැකි කුමන හෝ පිළිගත හැකි සාක්ෂියක්...
3. අප ව්‍යාපාරයේ හිමිකරු අභීත නමින් අන්වර්ථ නාමයකින් පෙනී සිටිනවානම් ඔහුගේ ඇත්ත නම ප්‍රසිද්ධ කරන ලෙසද ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමු...
4. උඩුදුම්බර කලාපයේ පළමු පුරවැසියා වන ගරු ප්‍රදේශීය ලේකම් තුමන් බඩේ බිත්තර තබාගෙන අභීත නමින් වූ අන්වර්ථ නාමයකින් පෙනී සිටින්නා වෙනුවෙන් යම් දිනෙක පෙනී සිටියානම් ඒ කවද්ද කොතනද යන්න ප්‍රකාශ කරන ලෙස අපි ඔහුගෙන් කරුණ පෙරදැරිව ඉල්ලා සිටිමු...
5. ඔහුගේ ලිපියේ පස්වෙනි ඡේදයේ සඳහන් පළමු වාක්‍ය හතර හැර වෙනත් කිසිදු කරුණක සත්‍යතාවක් තිබේනම් එයද අප වෙත ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දන්වමු...
6. අනිකුත් කඳවුරු බිම් මෙහෙයවන්නන්ගේ කඳවුරු බිම් ඔබගේ ඇස ගැටුනේ නැත්තේ ඇයි... ඒ ඔබ ඉලක්ක කරමින් ගියාද? නැත්නම් ඔබ දැක්කේ මෙච්චරද?
7. එසේ සාක්ශි සැපයීමට ඔහු අපොහොසත්නම් අප ඔවුන් වෙත දුන් ලිපිය, ලබන සතියේ අඟහරුවාදා පළවන දිවයින පත්‍රයේ සොබාසර අතිරේකයේ කිසිදු සංස්කරණයකින් තොරව පළ කිරීමට නිහතමානී විය හැකි බව අප වෙත පෙන්වීමටද ඔහු වෙත අප අරාධනය කරන්නෙමු...
ඔබට ඔහුගෙන් කෙලින්ම දැනගත හැකි දෙයක් වේනම් පහත සඳහන් කරනුයේ ඔහුගේ ෆේස්බුක් සබැඳියාවයි.... මේ තුලින් ඔබට ඔහුගෙන් ඔබේ හිතේ ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාගත හැකි වේවි කියා අප ඉතා තරයේ විශ්වාස කරමු...
https://www.facebook.com/jagath.kanaharaarachchi.9?fref=ts
ඔහු පිළිබඳවද යමක් සඳහන් කිරීම වටී.. ඔහුගේ ප්‍රොෆිලය පුරා ඔහු දුම්බර මිතුරෝ ටී ශර්ටයෙන් සැරසී පින්තූර පල කර ඇති බව ඔබට දකින්නට පුළුවන් වේවි... එම පින්තූර දකින ඔබට වැටත් නියරත් උඩ පැනගෙනම ගොයම් කා ඇති බව ඔබට සාක්ශාත් වෙනවා ඇති.... දුම්බර මිතුරෝ සංවිධානයේ ෆේස්බුක් සබැඳියාව පහත දැක්වේ...
https://www.facebook.com/dumbara.mithuro?fref=ts
මෙම පිටුව හා අප පිටුව දකින ඔබට මීමුරේ වෙසෙන අහිංසක අව්‍යාජ ගම්වාසීන්ට වැඩි මෙහෙයක් කල පිරිස කවුදැයි අදහසක් ගත හැක...
ජගත් කණහැරආරච්චි මැතිතුමනි, ඔබගේ අසත්‍යය පිරුණු, ජඩ, තිරිසන්, නොහික්මුණු පෑන් තුඩට සදාචාරවත් ඉදිරියක් ලබාදෙතැයි සමස්ත ශ්‍රී ලංකිකයින් වශයෙන් අප බලාපොරොත්තු වෙමු...
අපි දැන් දෙවන ප්‍රවෘත්තිය දෙස හැරෙමු... මව්බිම පත්තරේ කැලෑහඳ අතිරේකයේ තමයි ඒක පළවුනේ.. පහත තියෙන්නේ සබැඳිය...
http://www.mawbima.lk/e-paper.html
මෙහි කතෲ හසිත කුරුප්පු හා ලිපිය ලියූ සවනි ශේසාදිවත් අපි අද උදේ මුණ ගැහුනෙමු... මෙහිද හඬ පටය අප සතුව ඇති අතර එයද ඉදිරි දිනෙක ඔබ වෙත ලබා දෙන්නට බලාපොරොත්තු වෙමු...
අරුම පුදුම කාරණාව නම් මෙයයි.... ලිපිය ලියූ සහ සංස්කරණය කල දෙදෙනාම මීමුරෙ ගමට පය තබා වත් නැත... කොහෙන් හෝ ආපු ඡායාරූප කිහිපයක් ගෙන හිට් වෙන නිව්ස් එකක් පළ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වේ.. අප ව්‍යාපාරයේ අයිතිකරුට අපූරු නමක් ඔවුන් පට බැඳ ඇත.. ඒ "කොළඹින් ඉඟිල ආ මූසල උලලේනා" ලෙසයි... එය පමණක් අපේ සිත් ගත්තෙමු... පහත දැක්වෙන්නේ සංස්කාරක හසිත කුරුප්පුගේ ෆේස්බුක් සබැඳියයි... ඒ තුලට ගොස් ඔබට ඔහුගේ අදහස් ලබාගත හැකියි...
https://www.facebook.com/hasitha.kuruppu?fref=ts&ref=br_tf
මොවුන් තරුණ මාධ්‍ය කරුවන්ය... අදරණීය නංගිටයි මල්ලිටයි අපි මේ සහෝදර සෙනෙහසින් කියන්නේ... තරුණ මාධ්‍යවේදීන්ගේ වගකීම ඕක නෙවෙයි දරුවනේ... ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්... මීට පස්සෙවත් කොහෙන් හරි ඡායාරූප කිහිපයක් ලැබුනාම සිඟිති ආතල් එකක් අරගෙන චූන් නොවී වග කිව යුතු මධ්‍ය කරුවෙක් ලෙස හැසිරීමට කටයුතු කරණ ලෙස අපි ඔබ දෙපලගෙන් ඉතා කාරුණිකව ඉල්ලාසිටිමි...
දැන් කියවූ ඔබට මෙතන වෙලා තිබෙන්නේ කුමක්දැයි අවබෝධයක් ඇති... එකම ඡායාරූප කිහිපයක් සමඟ එකම සාවද්‍ය ප්‍රවෘත්තියක් එකම දවසේ පුවත්පත් දෙකක පළවීම හරිම අපූරු අත්දැකීමක් නොවේද?
ආදරණීය මාධ්‍යකරුවණි... ලබන අඟහරුවාදා එනම් 2014 ජූනි මස 17 වන දිනයේ ඔබගේ පුවත් පත් දෙස අප දෑස් දල්වා බලා සිටිමු... මේ අසාධාරණය සාධාරණයක් කලේ නැතිනම් ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අප කිසිදු පසුගාමීත්වයක් නොදක්වන බව ඔබ වෙත ඉතා කරුණිකව දැනුම් දෙමු...
ස්තූතියි...
මීමුරේ ජන්ගල් රිසෝට් කාර්ය මණ්ඩලය.
ප.ලි. මේ සමඟම හඬ පටත් ලබා දෙන්නටත් අප අදහස් කරගෙන සිටියත් නීතීඥ්ඥ උපදෙස් මත එය ඔබ වෙත ඉදිරි දිනෙක ඉදිරිපත් කරනවා ඇත..
ප.ප.ලි. ගිය සතියේ බලන්න බැරිවෙච්ච කට්ටිය අද රෑ 10.00ට වෙනස වැඩසටහන බලන්න ස්වාධීන රූපවාහිනියේ.....
Saturday, May 10, 2014
අපි වෙනුවෙන් අපි.... නොදැකපු හදවත් වල බිහිවුන අධිෂ්ඨාන ලේ බැම්ම...... 2
බ්ලොග් ලියන කියවන අපි... කාලෙකට සැරයක් දකින එහෙම නැත්නම් කවදාවත් නොදැකපු මිනිස්සු... බ්ලොග් ලියන්න කාලෙන් කාලෙට එක එක අය ආවා.. සමහරු ගියා.. සමහරු ඉන්නවා... මොන ප්‍රශ්ණ තිබ්බත් අපි එකා වගේ එක පවුලක උන් වගේ හිනාවෙවී, කකාබිබී, රණ්ඩු වෙවී, තරහ වෙවී තාමත් එකට ඉන්නවා... ඒක අපේ හැටි.. ඒත් මේ කෙනෙකුට කරදරයක් උනහම අපි ඔක්කොම එකතු වෙන්නේ ඒ අපේම එකෙක් කියලා අපේම හදවත් වලට දැනෙන හින්දා... අද මම මේ ලියන කථාව ඒ වගේ එකක්... මේකේ හිනාවෙන්න තැනක් නෑ... නමුත් අපේ එකෙක් වෙනුවෙන් දුක් වෙන්න හඬා වැටෙන්න උදව් කරන්න එකතු වෙන්න ඔයාලට පුළුවන්...
ඇය ජනිතා රාජපක්ෂ... 2010/2011 කාලෙදි බ්ලොග් ක්ශේශ්ත්රයත් එක්ක ලඟින්ම වැඩ කල චරිතයක්.. ඇය මේ වෙලාවේ ඉන්නේ රෝගීව... ජයවර්ධනපුර රොහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකයේ 6 වෙනි ඇදේ ප්‍රතිකාර ගනිමින් ඉන්නේ... මේ වෙද්දි ගත වෙන්නේ 46 වෙනි දවස... ඇය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙන බව තමයි වෛද්යවරුනම් පවසන්නේ..
මතකද අපි... එදා දිළුම් වෙනුවෙන් එකතු වුනා.. ඊට පස්සේ ජෙරූශා වෙනුවෙන් එකතු වුනා... තව ගොඩාක් අය වෙනුවෙන් එකතු වුනා... අද අපිට ජනිත වෙනුවෙන් එකතු වෙන්න කාලය ඇවිත්... ඔබ කරන්න ඕන දේ දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා.. ඊට අමතරව ඔබට පුළුවන්නම් මේ දේත් කරන්න....
ඔබ අදහන ආගමෙන් ඉල්ලන්න ජනිතා රාජපක්ෂට නිරෝගී සුවය.. වෙසක් දවසේ පහනක් පත්තු කරද්දි කූඩුවක් එල්ලද්දි මලක් පූජා කරද්දි හඳුන් කූරක් ගහද්දි අධිශ්ඨාන කරන්න ජනිතට ඉකමන් සුවය....
හැම දේටම වඩා අධිශ්ඨානය හයියයි... ඔබට ලේසියෙන් දිය හැකි දේත් එයයි... අද සිට නොකඩවා පතමු උදේට....
ජනිතා රාජපක්ෂ රාජපක්ෂ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා....
මූල්‍යමය ආධාර කරන්න ශක්තිය තියෙන අයට ඒක කරන්නේ කොහොමද කියන එක දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්.. මොකද ජනිතාගේ එක බෙහෙතකට විතරක් රුපියල් 7000කට අධික මුදලක් වැය වෙනවා...
ඒ වගේමයි... ජනිතාගේ දෙමවුපියන් හා සම්භන්ධීකරණය වීමට අවැසි අයට මගෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්...
නැවත නැවතත් ජනිතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..

Monday, April 28, 2014
ගෑණිට බයේ නොබී දුවන බ්ලොග් කරුවා කවුද?
ඔබේ බිරිඳත් ඔබ බොනවට අකමැතිද? මෙන්න මෙහෙම වෙලා තියෙනවද? මේ ලිපියේ දෙවෙනි කොටස දාන්න පහකට ආසන්න කාලයක් වුනා.. හදිස්සියේ අපේ කථානායකයා පිළිබඳ හදිසියේ වූ මතකයකින් තමයි මතක් වුනේ අම්මපා.. අරකේ දෙවෙනි කොටස ලියනවා කිව්වට ලිව්වේ නෑනේ කියලා... අද ලියන්න යන්නේ පවුලට බයේ නොබී දුවන බ්ලොග් කරුවා ගැනයි තවත් සූටි කථාවකුයි.... රස හරිය පස්සට තියලා සූටි කථාව කියලා ඉමු...
මම රජයේ සේවකයෙක් වෙලා වැඩ කරන කාලේ විදාතා කියලා ප්‍රදර්ශන දුම්රියක් රට වටේම දිව්වා.. එක එක දුම්රිය පොලවල් වල නවත්තලා සති ගනන් ඒකේ තියෙන දේවල් පාසල් සිසුන්ට පෙන්නන එක තමයි වැඩේ.. අවුරුදු 2ක් විතර මම තමයි ඒකේ සම්භන්ධීකරණ කටයුතු සියල්ල කලේ... ඉතින් හැම මාසෙකට සැරයක්ම මම දුම්රිය ස්ථානයක සතියක් විතර නැවතිලා ඉන්නවා... සමහර විට තවත් කවුරු හරි ඇදගෙන යනවා... හවස වැඩ ඉවර වෙලා ලඟම තියෙන මත්පැන්හලකට ගොඩ වෙලා හීනියට අඩියක් ගහගෙන ඒ ප්‍රදේශය පුරා පයින් ඇවිදින එක තමයි මෙහෙම තව එකෙක් ඉන්න දවසට අපි කරන රාජකාරිය..
දුම්රිය ගම්පහ තමයි නැවැත්තුවේ.. මම එදා එකතු කරගත්තේ මගේ පාසැල් මිතුරෙක්ව.. මිනිහගේ පෙම්වතිය ඉන්නෙත් ගම්පහ නිසා තමයි මිනිහා මාත් එක්ක එකතු වෙන්න ප්‍රධාන සීන් එක වුනේ.. මිනිහා දවල් ගිහින් පෙම්වතිය මුණ ගැහිලා ආවට පස්සේ අපි දෙන්නා පොඩි ශොට් එකක් ගහල ඉන්නකොට ආයෙත් එනවා පොරට කෝල් එකක්..
සුදූ ඔයා කොහෙද ඉන්නේ...
මම අභියත් එක්ක ස්ටේශන් එකේ....
කෝ.. මට කෝච්චි සද්දයක්වත් ඇහෙන්නේ නෑනේ..
ඇයි.. මේ කෝච්චි යන්නේ.. අපි එහා පැත්තේ කඩේ කන ගමන්...
මම දැන් අස්ගිරියේ ගාඩ්න් එක ලඟට එනවා.. ඔයාට එන්න පුළුවන්නේ..
හපෝ.. මේ වෙලාවේ.. කොහොම එන්නද?
ඇයි අනේ... මම කෙල්ලෙක් වෙලත් එන්න පුළුවන්නම් ඔයාට බැරි මොකද?
හරි හරි.. මම එන්නම්... අභියත් එක්ක එන්නේ..
හරි කමක් නෑ.. විනාඩි 15න් එන්න..
ෆෝන් එක තිබ්බ පොර මගේ පැත්තට හැරුනා....
අභියා මාර සීන් එක...
ඇයි මොකද?
කෙල්ල එන්නලු මල්වත්ත ගාවට...
ඉතින් පලයන්.. මම මේ ටික ඉවර කරන්නම්...
*&^*& කතා කරන්න එපා.. යමන් මාත් එක්ක...
එතකොට මේ ටික...
ඒ ටික අරන් යමන්....
හරි යමන්....
දැන් යනවා දෙන්නා... මූ යනකොට විනාඩි 5ක් විතර පරක්කු වෙලා.... මම එළියේ පාළමක් උඩට වෙලා අවට සිරි නරඹද්දි මුන් දෙන්නා අස්ගිරියේ ගේට්ටුව ගාව අයිනේ කථාව... විනාඩි 5 යනකොට අරූට ගස්සපු කෙල්ල පිඹගෙන මම ලඟට ආවා... එන පොට හොඳ නැති බව තේරුනත් මමත් බලාගෙන හිටියා... ලඟට ආපු කෙල්ල මට කිව්වේ මෙන්න මේකයි...
අභීත.. මම බලාගන්නම්කෝ ඔයා ගැනත්...
අනේ නන්ගි.. මම ගැන බලාගන්න කෙනෙක් ඉන්නවා... ඔයා අරූ ගැන විතරක් බලාගන්න.. මට දෙකක් කරන්න අමාරුයි...
තවත් මල පැනපු කෙල්ල යන්න ගියා ඉගිල්ලිලා...
අරු නිකම් මම ලගට ආවේ අශ්පයා මැරිච්ච කව් බෝයි වගේ... දෙබස මෙහෙමයි...
මොකෝ බන් අරකි වරම අතට අරන් ගියේ...
මාර සීන් එක අභිය... මල පැනලා ගියේ...
ඇයි...
විනාඩි දෙක තුනක් යද්දි කෙල්ල ඇහුවනේ යකාගේ ප්‍රශ්ණයක්...
එ මොකද්ද?
ඇයි ඔයා අද මට කිස් එකක්වත් දෙන්නෙ නැත්තේ...
ඉතින්.. උඹ හිටියද නිකන් ගල් බිල්ලා වගේ....
ඇහුවට පස්සේ දුන්නා බන්... කිස්ස් එකත් එක්කම තමයි ඔය උඹටත් බැනලා ගියේ...
ඒ මොකෝ බන්...
අරක්කු ගඳ දැනිලා බන්... රුපියල් 1000ක විතර බීලා කෝටියක විතර වෙරි හිදුනා බන්....
අයියෝ සල්ලි...
ඒ කථාව ඉවරයි... දැන් ප්‍රධාන මාතෘකාවට යමු... මීට අවුරුදු කීපෙකට කලින් අපේ කාලයේ බ්ලොග් ලියපු උන් එක්ක පොඩ්ඩ පොඩ්ඩ සෙට් වෙනවා සතියකට විතර සැරයක්... මේකේ අනිවා සෙට් වෙන එකෙක් හිටියා.. ටිකක් වැඩිමල් උනත් අපේම ලබැදියාවකින් අපිත් එක්ක හිටපු දැනටත් ඉන්න පොරක් තමයි මේ... සමාන්‍යයෙන් සෙට් වෙද්දි අපි ඌට කෝල් කරන එක අනිවා කරනවා... ඔන්න දැන් පුරුදු පරිදි සෙට් උනා නෙවෙයි.. සෙට් වෙනවා.. අදාල මනුස්සයා කොහොමත් කලින් යනව 90%ක් අවස්ථාවලදි... ගොඩාක් වෙලාවට ඒ පුද්ගලය එක පැත්තක් ගද්දි අනිත් පැත්ත ගන්නේ මමයි රංගයි ලසියයි තමයි ගොඩාක් වෙලාවට...
පොඩ්ඩක් මධුවිත පානය කරන මොහු විනාඩි 30කින් විතර පුරුදු කථාව එනවා මෙහෙම...
මචන්.. මම දැන් යන්නද?
ඒ මොකෝ බන්.. මේ තාම පටන් ගත්ත විතරනේ...
නෑ බන්.. ස්කයිප් කෝල් එකක් එනවා...
ඉතින් මෙතන ඉදන් කරපන්කෝ....
නෑ යකෝ.. ගෑණි කෝල් කරන්නේ.....
ඉතින් මැසේජ් එකක් දාල තව ටිකක් ඉඳල පලයන්...
බෑ බන්.. යන්නම ඕන....
එතකොට උඹ නොබී දුවන්නේ ස්කයිප් කෝල් එකක් නිසා.. ගෑනි ගෙදර හිටියනම් අපිට හිතාගත්තැකි උඹට වෙනදේ...
ඔන්න ඔහොමයි පොර ගෑනි ස්කයිප් කරද්දිත් නොබී ඉන්න හදන්නේ.. කවුද කියලානම් අහන්න එපා... හැබැයි මෙයාගෙන් මම මඩක් ගහල බ්ලොග් පෝස්ට් එකක් දාන්නද කියලා අහපුහාම ඊට කලින් උඩ පැනගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මා වගේ මතකයි... අයියා... මගේ පෝස්ට් කල එළි බහින්නෙ හෙමීට.....
ප.ලි. ඒ සුන්දර කාලේ මතක් උනේ ඊය ඔබා මාමා වෙනුවෙන් අන්තිම පේලිය කරපු ලේ දන් දීමට ගිය අතර තුර... මම බ්ලොග් කාරයොත් එක්ක පළවෙනි පාරට සෙට් වෙච්ච හැටි තමයි මේ තියෙන්නේ... අම්මපා මේ චරිත දැන් කොහෙද? ඒ කාලේ ගහගත්ත මඩ දැන් ගහ ගන්න වෙලාවක් නැති හැටි....
Friday, February 7, 2014
නොදන්නා බ්ලොග් පාඨකය නුඹට ස්තූතියි....
මේ බ්ලොග් ජීවිතේ පෝස්ට් 251ක් පුරාවට මීට කලින් මම ස්තූති කලේ නම දන්න බ්ලොග් කරුවන්ට විතරයි.. එකම එක බ්ලොග් ලිපියක ඇනෝටත් ස්තූති කලා මතකයි.. ඇනෝ කිව්වට ඉතින් අපි හොඳින් දන්න අපේ වටේම ඉන්න අයනේ.. ඒක නිසා ඇනෝවරුන්ට ස්තූති කලාට අපේම අයට තමයි ස්තූති කරලා ඇත්තේ.. අද මේ හෘද්‍යාංගම ස්තූතිය පිරි නමන්නේ වෙනම කවුද කියලා හිතා ගන්නවත් බැරි මගේම ආදරණීය බ්ලොග් පාඨකයෙකුට.. කතාව මෙහෙමයි...
පහුගිය සතියක මම දැම්මනේ මගේ මීමුරේ කඳවුරු භූමිය ගැන බ්ලොග් ලිපියක් සියළු විස්තර ඇතිව.. එය අද වෙනකොට විශාල හිට් ගොඩක් කරා ගිහින් තියෙන්නේ.. ඊටත් වඩා කාරණය තමයි මේ බ්ලොග් එක කියවන කවුරු හෝ මේ ලිපිය කොපි කරලා මේල් බොඩි එකට පේස්ට් කරලා තමන් දන්න අඳුරන හැමෝටම යවලා තියෙනවා.. අන්තිමේ කොච්චර දුරක් ගියාද කියනවානම් මම ලඟට තුන් පාරක්ම ආවා.. ඒකෙන් වෙච්ච ප්‍රථිපල පහත පරිදියි.. මම ලොකු අමාරුවක වැටුනත් අනාගතය උදෙසා ඒක ලොකු ශක්තියක්.. ඒ නිසා නැවතත් කවුදැයි කියා නොදන්නා නුඹට මහ මෙරක් තරම් ස්තූතියි... අහ්.. ප්‍රථිපල කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්...
1. මීමුරේ කඳවුරු බිමකට සීමා වෙච්ච මට මී මුරේ කඳවුරු බිම් තුනක් ඉතා කඩිමුඩියේ සකසන්න සිදුවීම
2. මාර්තු අවසන් වන තෙක් මගේ ප්‍රධාන කඳවුරු භූමියේ සියළු සති අන්තයන් වෙන්වී අවසන් වීම
3. පෙබරවාරි 14,15,16 කියන දීර්ඝ සති අන්තයේ ප්‍රථම වතාවට කණ්ඩායම් පහක් හැසිරවිය යුතු වීම..
4. අප්‍රේල් මාසය පුරාවට දින 30ම තාවකාලික වෙන් කිරීම් වලින් දින පොත පිරී යාම..
මේ ආදී තවත් විස්තර තිබ්බත් මගේ බ්ලොග් ලිපිය යැවීම නිසා ඔබට පින් අත් වන ලොකුම ක්‍රියාවලිය මෙයයි..
අසරණ මීමුරේ ගම්වාසීන් 20 දෙනෙක් විතර එක දිගට මගේ කඳවුරු භූමියේ සේවයේ නිරත වෙලා ඉන්නවා.. ඔබ දුන්න ඒ හයිය නිසා අපි අපේ ප්‍රධාන කඳවුරු භූමිය ඉතා සුව පහසු කඳවුරු භූමියක් බවට දින 10ක් ඇතුලත පත් කලා.. ඒ මිනිසුන් ගන්න සතයක් ගානේ ඔබට අත් වෙන්නේ මහා කුසලයක් හිතවතාණණි..
එසේනම් බ්ලොග් පාඨක හැමටත් මීමුරේ විඳින්න අරාධනා කරමින් මම නැවතත් එම මේල් එක යවපු හිතවතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පිරිනමනවා..
අළුත් කඳවුරු භූමියේ නව ඡායාරූප ලබන සතියේ බලාපොරොත්තු වෙන්න..

Tuesday, February 4, 2014
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.....
සමහර ගීත තියෙනවා ජීවිතය වෙනස් කරන.. මගෙත් තියෙනවා එහෙම සින්දු තුනක්... ඒකෙ පළවෙනි අත් දැකීම තමයි මේ.. මම බාලදක්ෂ කථාත් කිහිපයක් ලියලා තියෙන නිසා හැමෝම දන්නවනේ මම බාලදක්ෂයෙක් වෙලා හිටපු කාලයක් තියෙනවා කියලා.. මේත් ඒ හා සම්භන්ධ කතාවක්...
පුංචි කාලේ ඉඳන්ම බාලදක්ෂ ජීවිතයට යොමු වෙන ඕනෑම කෙනෙක්ගේ සිහිනය තමයි ජනාධිපති බාලදක්ෂ පදක්කම.. පාසැල් ශිෂයයෙකුට ලංකාවේ ජනාධිපති අතින් අත්සන් කරපු සහතික ගන්න පුලුවන් දෙකයි.. එකක් ජනාධිපති c පදක්කම.. අනෙක හර්මන්ලූස් සහතිකය.. ඔය දෙකම ගත්ත අතිශය දුර්ලබ සිසුවෝත් මේ ලංකාවේ කිහිප දෙනෙක් හරියටම කිව්වොත් අතලොස්සක් ඉන්නවා.. මම ජනාධිපති බාලදක්ෂ පදක්කම ගැන කතා කරන්නම්.. මට ඒක විතරක් තියෙන නිසා..
මේක ගන්න පුංචි කාලේ ඉඳලා මාර කට්ටක් කන්න ඕන.. පුංචි වයසේ ඉන්න කෙනෙකුට ඔරොත්තු නොදෙන තරමේ කැපවීම් කරන්න ඕන.. ප්‍රජා සේවා කරලා, සැතපුම් ගනන් පයින් ගිහින් විවිධ ව්‍යාපෘති මෙහෙයවලා, කඳවුරු බිම් වල දින ගනන් නිදි මරාගෙන කට්ට කලා, වැඩ සතිය කියන සංකල්පෙත් එක්ක විවිද තැන් වල අනේක වද වේදනා විඳින එක වගේ මෙකී නොකී විවිධ වද වේදන සහ අති සුන්දර මතකයන්ගේ අග්‍ර ඵලය තමයි මේ ජනාධිපති පදක්කම.. මේක ගත්ත මිනිහෙකුගේ ජීවිතයේ ඉදිරියට එන විවිද සැප දුක් වේදනා කම්කටොලු එයාට ලොකු දේවල් නෙමෙයි..
බාලදක්ෂයෙක් සතුව ලොග් පොතක් තියෙනවා කියලා ඕන කෙනෙක් දන්නවනේ... ඒක පලවෙනි පිටුව ලෝක බාලදක්ෂ ලාංඡනේටයි, දෙවෙනි පිටුව ශ්‍රී ලංකා බාලදක්ෂ ලාංඡනයටයි, ඊලඟ පිටු තව ලාංඡන කිහිපයකට්යි තමන්ගේ පුද්ගලික තොරතුරු වලටයි වෙන් වෙනවා... ඊට පස්සේ තමයි තම්න්ගේ න්‍යායත්මක සටහන් සහ ප්‍රායෝගික සටහන් වලට වෙන් වෙන්නෙ.. මගේ ලොග් පොතේ මේ පුද්ගලික තොරතුරු වලටයි තමන්ගේ සටහන් වලටයි අතර පිටුවේ ශ්‍රී ලංකා ජාතික ධජයක් අලවලා මෙන්න මේ ටික ලියලා තිබ්බා....
පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ
සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ
පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ
සංකල්පය - රබීන්ද්‍රනාත් තාගෝර්
පද - මහගමසේකර
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සමග සුනිල් එදිරිසිංහ
ඉතින් මේවා ඔයාලට මොකටද නේද? මම ඉතින් නිකන් ලිව්වේ... ඉතින් ඔය බාලදක්ෂ ජීවිතේ අග්‍ර ඵලය වෙච්ච ජනාධිපති පදක්කමේ සම්මුඛ පරීක්ෂණයට මම සහභාගී වුනා.. පරීක්ෂණ මණ්ඩලය මාත් එක්ක වචනයක්වත් කථා නොකර මගේ ලොග් පොත ගත්තා... පිටු පෙරලගෙන පෙරලගෙන ගිහින් ඔය පිටුවේ නැවතුනා.. ඒ පිටුව තුන් දෙනාගේ අතින් අත ගියා.. පොත වහලා මට දීලා
"හරි... ඊලඟ එක්කෙනා එන්න"
කියලා කිව්වා.. මාත් එක්ක වචනයක්වත් කථා කලේ නෑ.. මම හිතුවා කෙළවුනා තමයි කියලා... ඒත් මගේ 17 වෙනි උපන් දිනය දවසේ මට ලැබිච්ච අපූරු උපන් දින තෑග්ග වුනේ මම ජනාධිපති බාලදක්ෂයෙක් කියලා ලිපියක් අපේ ගෙදරට ආපු එකයි...
මේ සින්දුව ඇහෙද්දි දකිද්දි මට නිතරම මතක් වෙන්නේ ඔය සිදුවීම...
ප.ලි. අවුරුදු හතරකට ආසන්න බ්ලොග් කලාවේ 250 වෙනි පෝස්ටුව මේ වගේ රසබර මතකයකින් සටහන් කරන්න ලැබිච්ච එක ගැන මට තියෙන්නේ අසීමිත සතුටක්.. ස්තූතියි ප්‍රදීප් මල්ලි...
Sunday, January 19, 2014
නිසංසල තැනක්.. වෙනස් අත්දැකීමක්.. එන්න විඳලා බලන්න...
හැමදාම හිනා යන කථාම ලියන්න ඕන නෑනේ.. ඇනෝ නැතිව කෑමත් නෑ වගේ නිසා ඔන්න ආයෙත් ඇනෝ ඇරියා.... අද ලියන්න යන්නේ මගේ අභිවෘද්ධිය පිණිස ලියැවෙන පෝස්ට් එකක්.. ඔයාල හැමෝම කැමතිනේ විනෝද චාරිකා යන්න.. මම අද කියන්න හදන්නේ වෙනස් සංචාරක අත්දැකීමක් ගැන... හැමෝම ලංකාව වටේ ගිහින් හෝටලයක නැවතිලා අසිරිය විඳලා එනවනේ.. මෙන්න ඒ වෙනස් අත්දැකීම ගැන, වටේ යන්නේ නැතිව කෙටියෙන්...
මේක ඇත්තටම මගේ සැබෑවෙච්ච හීනයක්... පොඩි කාලේ ඉඳලම බාලදක්ශ ව්‍යාපාරයේ හිටපු නිසාත් සංචාරක කර්මාන්තය වෘත්තියක් විදිහට කරන නිසාත් මගේ පොඩි හීනයක් තිබ්බා කාටවත් කරදරයක් නැතිව විනෝද වෙන්න පුළුවන් ටිකක් අමුතු විදිහේ තැනක් නිර්මාණය කරන එක ගැන... ඒක දැන් වෙලා ඉවරයි ඔන්න.. අපි මේ තැන ගැන කොනක ඉඳන් කතා කරමු...
ගම තමයි සුන්දර මී මුරේ ගම්මානය.. බටදඬු කැලේ එහෙම නැත්නම් නකල්ස් එහෙමත් නැත්නම් සුන්දර දුම්බර මිටියාවතේ තමයි මේ ගම්මානය තියෙන්නේ.. කොල පාටින් පිරිච්ච කඳුවලින් වටවුන පහත් බිමක තියෙන මේ ගම්මානය සුන්දරත්වයෙන් අති පොහොසත්.. නුවරින් තෙල්දෙනිය හරහා හුන්නස්ගිරිය නගරයට ඇවිත් එතනින් වමට හැරිලා කිලෝමීටර් 36ක් ගමන් කලාම තමයි මී මුරේ ගම්මානය මුණ ගැහෙන්නේ... මේ තියෙන්නේ ගමේ ඡායාරූප...
නවාතැන මෙන්න මෙහෙම තැනක්.. මේකේ තනිකරම තියෙන්නේ කූඩාරම්.. කූඩාරම සම්පූර්ණයෙන්ම මෙට්ට කොට්ට ඇඳ ඇතිරිලි වලින් සමවිතයි... ඔබේ අවශ්‍යථාවය අනුව දෙදෙනෙක්, සිව් දෙනෙක් සහ පස් දෙනෙක් ඉන්න පුළුවන් කූඩාරම් අපෙන් ඉල්ලුම් කරන්න පුළුවන්... අපි එය සූදානම් කරලා දෙනවා... ඒ වගේමයි මෙහි අලෝකකරණයත් ඉතාමත් සම්ප්‍රදායානූකූල විදිහට තමයි තියෙන්නේ.. අඩි පහක් විතර උස පන්දම් රාශියකින් සහ යෝධ ගිණිමැලයකින් කඳවුර රාත්‍රිය පුරා එලිය කරනවා.. කූඩාරම් වල පාවිච්චිය උදෙසා අපි එක කූඩාරමකට එක විදුලි පන්දම බැගින් ලබා දෙනවා.. මේ තියෙන්නේ ඒ කඳවුරු භූමිය පේන හැටි...

කෑම බීම නේ ඊලඟ ප්‍රශ්ණය... නගරයේදී ඔබට කෑමට දුර්ලභ ගමේ කෑම ජාති භුක්ති විඳින්න පුළුවන් තැනක් තමයි ඒ... මොනවද කියලා බලාගන්න වෙන්නෙ නම් එතනට ඇවිල්ලම තමයි... රාත්‍රියට විතරක් පොඩි වෙනසකට බටහිර පන්නයේ ආහාර වේලක් ඔබට ලැබේවි... හැබැයි මතක තියාගන්න.. මේ කෑම වලට කිසිදු රසායනික රස කාරකයක් අපි දාන්නේ නෑ.. නැවුම් ආහාර වල රසය නැවුම් රසයෙන්ම ඔබට විඳින්න පුළුවන් වේවි... මේ තියෙන්නේ ඡායාරූප කිහිපයක්... බලන්නකෝ කොහොමද කියලා...
දැන් මීමුරේ ගිහින් අපි මොනවද කරන්නේ කියන ප්රශ්ණයනේ තියෙන්නේ.. ඔබට හිතේ හැටියට ඇවිදින්න පුළුවන්... දොල පහරේ එබිලා ඇති වෙනකන් නාන්න පුළුවන්.. ජංගම දුරකථන අන්තර්ජාල සංඥා නැති නිසා කිසි කෙනෙක් නෑ ඔබට බාධා කරන්න.. ඊට අමතරව අපිත් එක්ක කැලේ යන්න පුළුවන්.. දිය ඇලි බලන්න, ගල් ලෙන් බලන්න.. මේ වගේ නොයෙකුත් ක්‍රියා තියෙනවා කරන්න.. ත්‍රාසජනක ක්‍රියා වලට කැමතිනම් ඒවත් කරන්න පුළුවන්... ගල් මත ලිස්සා යන්න පුළුවන්.. ගැබුරු දිය වලවල් වලට පැනලා බලන්න පුළුවන්.. දිය ඇලි දිගේ ලිස්සා පහළට එන්න පුළුවන්.. මෙහෙම කිව්වට තේරෙනවා අඩුයිනේ.. මේ තියෙන්නේ ඡායාරූප කිහිපයක්...
ඕනනම් ඉතාම නැවුම් කිතුල් රා පොල්කට්ටක රස බලන්නත් පුළුවන් වේවි...
මේ තියෙන්නේ මගේ කඳවුරු බිමට ආපු මල්ලිලා වගයක් හදපු වීඩියෝ එක.. ඒකත් බලන්නකො...
දැන් ප්‍රශ්ණේ වියදම නේද.. අපි අවම 8 දෙනෙක් බලාපොරොත්තු වෙනවා එක කණ්ඩායමකට.. එක රාත්‍රියක් සහ දින දෙකක් සඳහා මේ සියළුම පහසුකම් එක්ක ඔබට වැයවෙන්නේ එක්කෙනෙකුට රුපියල් 3500.00ක් පමණයි.. රාත්‍රී දෙකක් සහ දින තුනක් සඳහා ඔබට වැය වෙන්නේ රුපියල් 4800.00ක් පමණයි..
ඊලගට ආරක්ෂාව.. අපි ඔබට හතර දෙනෙක් ගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ලබා දෙනවා.. ආරක්ශකයෙක්, කෝකියෙක්, ජීවිතාරක්ශකයෙක් සහ පහසුකම් සලසන්නෙක් විඳිහට.. මේ හතර දෙනා ඔබේ ආරක්ෂාව පිළිබඳව 100%ක් බලාගනීවි.. ඒ වගේමයි සනීපාරක්ෂක පහසුකම් සියල්ලත් අපි සලසලා තියෙන්නේ... අවුරුදු දෙකකට වැඩි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ඉන්න පුළුවන් වාතාවරණයක් අපි එතන නිර්මාණය කරලා අවසන්..
ඉතින් අපි ඔබේ පැමිණීම අපේක්ෂාවෙන් ඉන්නවා.. වෙන්කිරීම් කරන්න අවශ්‍ය දුරකතන අංක පහත පරිදියි... වැඩි විස්තර ඕනෑම එකක් සාකච්ඡා කර ගත හැකියි..
0714449162 සහ 0815678578 අභීත
0715364077 අනුශ්ක
ආ... අමතක උනා.. තව ඡායාරූප, වීඩියෝ හා පාරිභෝගික අදහස් මෙන්න මෙතනින් බලාගන්න පුළුවන්...
ආ... අමතක උනා.. තව ඡායාරූප, වීඩියෝ හා පාරිභෝගික අදහස් මෙන්න මෙතනින් බලාගන්න පුළුවන්...
ප.ලි. - ඡායාරූප වල අයිතිය එම හිමිකරුවන් සතුවන බව කාරුණිකව සලකන්න...
Thursday, December 26, 2013
බීච් පාටි වගේ නෙමෙයි මෙන්න මෙව්වා......
ඔබේ බිරිඳ ඔබ බොනවට අකමැතිද කතාවේ දෙවෙනි එක ලියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා වෙන මාතෘකාවක් ලියන එකට සමාව දෙයි කියලා හිතනවා කියවන කට්ටිය.. පහුගිය දවස්වල තිබ්බ සයිබර් බීච් පාටි එකට යන්න හිතාගෙනම හිටියත් අධික කාර්ය බහුලත්වය නිසා ඒකට යන්න බැරි වුනා.. ඒත් ඉතින් අද මාතෘකාව දැක්ක ගමන් කට්ටිය එයාලගේ ආතල් කුඩු කරන්න හදනවා කියලා රෙදි උස්සගෙන බනින්න හැදුවත් කරන්න දෙයක් නෑ.. මේ කථාව කියන්නම වෙනවා...
කියවන හැමෝම දන්නවනේ මම මේ දවස්වල මීමුරේ කඳවුරු භූමිය නිසා ඉතාම කාර්ය බහුලයි කියලා.. මේ මාසෙටම කොළඹ ඉන්න තුන්වෙනි දවස තමයි අද.. ඒ නිසා ඒ දවස් තුනෙන් ලැබුණු පොඩි වෙලාවෙදි බ්ලොග් එක නොලිව්වොත් මේ මාසෙට බ්ලොග් ලිපියක් දාන්නම වෙන්නේ නෑ.. ඒ මම ආයෙත් හෙට මීමුරේ ගියාම එන්නේ ලබන අවුරුද්දේ නිසා... හරි.. දැන් ඇති නේ වටේ ගියා.. කථාවට යමු..
ගිය මාසේ එක්තරා දවසක විදේශ ගත වෙලා හිටපු බ්ලොග් කරුවෙක් මගේ මීමුරේ කඳවුරු භූමියට ආවා... ඔහු ඇවිත් මගේ සේවකයින් සමඟ ඉතාම කුළුපඟ වුනා වගේම මීමුරේ ගැන සැබෑ අවබෝධයකුත් ලබා ගත්තා කිව්වොත් ඉතා නිවැරදියි... එදා තමයි මීමුරේ කුඹුරු හරක් නැතිව හෑවෙත්... මගේ සේවකයින් වෙච්ච සුදු මල්ලිගෙනුයි, තිලකෙගෙනුයි ඔහු අහපු ප්‍රශ්ණේ තමයි
"මචන්.. මේ ගමට අපෙන් මොනාද වෙන්න ඕන" කියන එක..
තිලකෙගෙයි, සුදු මල්ලිගෙයි උත්තරේ වුනේ
" ළමයි 21ක් ඉන්න ඉස්කෝලෙට මොකක් හරි ආධාරයක් කරන්න පුළුවන්නම් හොඳයි මචන්" කියන එක..
ඒ ගැන පොරොන්දු වෙලා ඔහු කොළඹ ආවා.. දින කිහිපයක් යද්දි මට අමතපු ඔහු සහ මම අතරේ වෙච්ච දෙබස තමයි මේ..
මචන් අභියා.. මම මගේ යාළුවොත් එක්ක කතා කලා.. උන් රෙඩි මොනවහරි කරන්න.. උඹ විදුහල්පති තුමාට කතා කරලා වෙන්න ඕන මොකද්ද කියලා කියහන්...
එල මචන්.. මම කියන්නම්.. මට විනාඩි කිහිපයක් දියන්...
හැරෙන තැපෑලෙන් මම ගත්තා විදුහල්පති තුමාට..
සර්.. මම අභීත.. මගේ ගිය සතියේ ආපු යාළුවෙක් කැමතියි ඉස්කෝලෙට ටිකක් ලොකු අධාරයක් කරන්න.. දැනට වෙන්න ඕන ව්‍යාපෘතිය මොන වගේ එකක්ද?
අනේ පුතා.. වැඩ තුනක් තියෙනවා.. එකක් වැසිකිලි ප්‍රශ්ණේ.. අනික ඉස්කෝලෙට විදුලිය ගන්න වයරින් කර ගන්නත් ඕන.. තව එකක් මගේ හිතේ තියෙනවා.. ඒ තමයි වේදිකාවක්.. මේ ලමයි ඩෙස් එකට තියලා බැඳලා තමයි වේදිකාව හදාගන්නේ... ඉතින් උත්සවයක් ඉවර වෙනකම් ඇගේ ලේ නෑ කොයි වෙලාවේ කවුරුහරි ඇදගෙන වැටෙයිද කියලා.. ඒක තමයි මම හිතන්නේ කරන්න පුළුවන්නම් හොඳම දේ කියලා...
හරි සර්.. මම මේ ගැන එයාට කියලා බලන්නම්...
මම මේ තත්වේ මම ඔහුට කිව්වා.. අන්තිමේ අපි ඔක්කොම එකතු වෙලා වේදිකාව හදන වැඩේ කරමු කියලයි කතා වුනේ..
ඊට දවස් දෙක තුනකට පස්සේ ඔහු මීමුරේට ආවේ අවශ්‍ය මුදල් එකතු කරගෙන.. මම බොහොම පොඩි ගානකින් සම්මදම් වෙලා ගනන රවුම් කරලා දුන්නා... පොඩි උත්සවයක් තියලා එක භාර දීලා ඔහු විදේශ ගත වුනා..
සති දෙකකට පස්සේ වේදිකාව විවෘත කලා.. ඒ හරියටම දෙසැම්බර් පස් වෙනිදා...
මේ තියෙන්නේ මීමුරේ පොඩි එව්වෝ වේදිකාව උඩ දක්වපු දක්ෂතා...
මේක දැකපු මට මතක් වුනේ සුනිල් එදිරිසිංහගේ මේ සින්දුව..
කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති
නල වතුරෙන් සැනහුනු දරුවෝ...
ගොයම් නැටුමකට දෑකැති ළෙලවති
කුඹුරක් ඇහැ නොගැටුණු දරුවෝ...
දෙපා සැලෙන මුත් බෙර පද තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි...
හේනට කුඹුරට ගත සවි දිය කර
කරළිය අභියස බලා හිදියි...
මේ සින්දුවේ නියම අරුත මම ඇහෙන් දැක්කේ එදා.. මේ ඒ ළමයි ගැන විදුහල්පති තුමෙක් ලියපු අපූරු කවි පන්තියක්.. උපුටා ගත්තේ චින්තක අබේරත්න අයියගේ මීමුරේ ඇල්බම් එකෙන්.. මේ තියෙන්නේ ඒක...
මෙහෙව් දරුවන්ගේ කුසලතා ලෝකයට පෙන්නන්න පොඩි හරි අඩියක් තිබ්බ එකට උඹලට පින් මචන්... නම සඳහන් නොකලේ උඹලටත් මොකටද නිකන් ලේබල් අලවන්නේ කියලා හිතුන නිසායි...
ප.ලි. බීච් පාටි එකට එන්න බැරි වෙච්ච එක ගැන දුක හිතෙනවා... ඒත් වෙනදා වගේම මෙවරත් මගෙන් ලැබිය යුතු සහයෝගය දුන්න නිසා හිතට සතුටුයි ටිකක් විතර..

Subscribe to:
Posts (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.....
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
ගොඩාක් කාලයක් තිස්සේ ලියන්නේ නැතුව ඉදලා පරන එකක් දවස් දෙකකට පස්සේ පබ්ලිශ් කලා.. පහුගිය දවස් ටිකේ අති විශාල බැහැරගත පුහුණු වැඩමුලු දෙකක් නිසා...