බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Monday, September 10, 2012
සමුගන්න කාලේ හරි වගේ.. බලෙන් මෙච්චරම ඉන්නත් බෑ නෙවැ....
ඕනේම ක්ෂේශ්ත්‍රයක එල්ලිලා ඉන්න පුළුවන් කාලයක් තියෙනවා... ඉතින් ඒක නිසා වෙලාව ආවොත් යන්නම වෙනවා... බ්ලොග් ක්ෂේශ්ත්‍රයේ වුනත් එහෙමයි.. එක එක විවිධ හේතු නිසා සමහර අය බ්ලොග් ලියන එක නැවැත්තුවා.. ආයේ පටන් ගත්තා.. සමහර ඒවා සාධාරණ හේතු.. සමහර ඒවා අනේ මම දන්නේ නෑ කියන තාලේ හේතු.. බ්ලොග් විතරක් නෙමේ.. ලෝකයේ ඕනෑම ක්ශෙශ්ත්රයක මිනිසෙක්ගේ පැවැත්ම තියෙන්නේ ටික කාලයයි.. වැඩිම වුනොත් අවුරුදු 50ක් විතර තියෙයි.. නමුත් යම් යම් අවස්ථා තියෙනවා කොච්චර එල්ලිලා ඉන්න හැදුවත් බාහිර හේතූන් නිසා දැන් මම මෙතනින් යා යුතුයි කියලා හැගෙන... ඒ නිසා ඕනෑම කෙනෙක් ආවාට වඩා වේගෙන් යනකොට යන්න ඕන.. මටත් ඒ ධර්මය පොදුයි...
මේක ගොඩාක් දකින්න තියෙන්නේ දේශපාලනේ.. විවිධ අමාත්‍යාංශවල සිදුවන දූශිත ක්‍රියා නිසා එවාට වග කියන ඇමතිවරු.. කෝ ගියාද ගියේ නෑ.. මට මතක විදිහට මේ ලඟදි ඉල්ලා අස් වුනේ හේම කුමාර නානායක්කාර ගොයියා.. අර නුවර එළියේ ගුවන් තොටුපල සිද්ධියට.. ඒකෙත් හරි වැරැද්ද කොච්චරද දන්නේ නෑ... අපි නිකම් උදාහරණ කීපයක් ගමු...
1. හෙජින්, බාල පෙට්‍රල් වගේ ඒවා සම්භන්ධයෙන් සුසිල් ප්‍රේම ජයන්ත
2. විභාග අංජබජල් වීම සම්භන්ධයෙන් බන්දුල ගුණවර්ධන
3. විශ්ව විද්‍යාල ගැටළු සම්භන්ධව එස්.බී. දිසානායක
මේ වගේ තව ඕන තරම් සිද්ධි කියන්න පුළුවන්...
මම ඉතින් දැන් කියන්න හදන්නේ දැන්නම් ඇතිම කියලා හිතෙන මනුස්සයෙක් ගැන...
ඉස්සර මහින්ද ඡන්දෙ දිනද්දි අපි හිතුවේ රනිල් ඉන්න එකමයි හොඳ කියලා... ඒත් දැන් දැන් වර්ධනය වන අකටයුතුකම් හමුවෙත් හඬ නොනගන විපක්ශයේ දුර්වල නායකත්වය නිසාත්, ආණ්ඩුව ගැන මිනිස්සු කළකිරිලා ඉන්න වෙලාවකදිවත් ඒ ඡන්ද ටික ඔබා ගන්න දැනුම් තේරුම් නැති නිසාත් මටනම් හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ ලාංකික දේශපාලනයේ හිටියා ඇති කියලමයි...
දැන් නම් හොඳටම ඇති... ඒ නිසා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි.. සමුගන්න කාලේ හරි වගේ.. බලෙන් මෙච්චරම ඉන්නත් බෑ නෙවැ....
මේ සඳහා මම දකින්නේ හේතු දෙකයි...
1. කොච්චර හිටියත් දිනන පාටක්වත් නොපෙනීම....
2. නොදින්නත් කමක් නෑ.. සද්දයක්වත් දාගෙන හිටු... කෝ ඒකත් නෑනේ...
මේ ඔහු සම්භන්ධව මම අහපු සිරාම කථාවක්....
අතේ ඇගිලි පහ එකතු කරලා අප්පුඩියක් ගහන්න බැරි මිනිහෙක් කොහොමද බන් පලාත් පහක්වත් එකතු කරලා රටක් කරන්නේ....
අනේ මන්දන්නේ නෑ.. ඒත් යන පාටකුත් පේන්නේ නෑ....
Friday, September 7, 2012
කමෙන්ට් ඇරපන් රමීෂා ........
හිතේ සිතිවිලි අකුරු කරනට
තෝරාගත්තා අපි මඟක්.....
බ්ලොගීන් කියලා කිව්වා ඒකට
ඒක හරි සුන්දර වැඩක්....
කීප දෙනෙකුගේ පුංචි වැඩකට
රිද්දගෙන නුඹ සිත ටිකක්..
කමෙන්ට් වැහුවා කරනු බැරි ලෙස
ඒකනම් මහ චොර වැඩක්....
සිරාවට බ්ලොග් ලියන එව්වෝ
හිඟ වෙලා ඇති කාලයක්...
නුබේ ලිපි වෙත සෙනෙහෙ බන්දන
එවුන් වෙත හරි මදී කමක්....
වෙඩි තියන්නට සමනලෙකු වෙත
නුබ හරිම හරි සූරියක්.....
සමාජයේ ඇති ගොඩාක් දේවල්
වෙනම දැකි ඒක පැතිකඩක්....
නුබේ සමහර ලිපි කියෙවු අපි
බැරිව දෙන්නට අදහසක්....
ලතැවී ආපසු පිය නැගූවෙමු
නොමැති හින්දා ඉඩ පොදක්...
කලින් තිබු මොඩරේට් ක්‍රමයට
බැහැලා සතුටින් එක් බිදක්..
අපේ අදහස් පල කරන්නට
යළිත් දීපන් පොඩි ඉඩක්...
නුබේ ගෙපැලට ගොඩවුනේ අපි
සිඳව ගන්නට පිපාසා...
එවැනි උන්ගේ තිබහ නිවනට
කමෙන්ට් ඇරපන් රමීෂා....
Sunday, September 2, 2012
මගේ බ්ලොග් එක හරහා ඔබට ව්‍යාපාරික අවස්ථාවක් මෙන්න.......
මට මේක ලියන්න හිතුනේම දුකා අයියා දාපු අන්තිම පෝස්ට් එක වෙච්ච, බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල අවශ්‍යමද? කියන බ්ලොග් ලිපියේ තියෙන එක වාක්‍යයක් දැකලා... ඒ තමයි "ව්‍යාපාරික කටයුතු, වෙන වෙන ඇජෙන්ඩා වෙනුවෙන් බ්ලොග්ස් භාවිතා කල හැකි උනත් පුද්ගලික බ්ලොග් එකක් ලිවීම කියන්නේ බ්ලොග් කලාවේ නියැලීමක් කියලා මම නම් අනිවාර්යෙන් විස්වාස කරනවා." කියන වාක්‍යය... ඒත් ඉතින් ව්‍යාපාර කරන අපි කවුරුත් තමන්ගේ පුද්ගලික බ්ලොග් අඩවි වලත් තම ව්‍යාපාරය ගැන සඳහන් කරනවා.. ඒක සාමාන්‍ය දෙයක්... ඒ නිසා බ්ලොග් කලාවේ නිරත වන අපිටත් ඔබටත් කළ හැකි ව්‍යාපාරික අවස්ථාවන් කෙරෙහි අවධානයක් යොමු කරවන්න තමයි මම මේ ලිපිය ලියන්නේ....
ඊට කලින් මේ බ්ලොග් හරහා කෙරෙන ව්‍යාපාර ගැනත් ඔබ දන්නවා ඇති.. බ්ලොග් ලියන ව්‍යාපාරිකයෝ ගැන මම මේ පෝස්ට් එකෙන් ඔයාලට එක පාරක් කිව්වා.. එහි පෝස්ට් එකේ මෙන්ම කමෙන්ට් වලිනුත් අපේ අය කරන ව්‍යාපාර ගැන අවබෝධයක් ලබාගත හැකියි.. මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ පහළින් තියෙන දැන්වීම් වලිනුත් ඒ ගැන අදහසක් ඔබට ගන්න පුළුවන්.. කියවලා බලන්නකෝ... ඒ වගේම සයිබර් උළෙළට ආපු අයත් දකින්න ඇති ඒ වගේ දේවල් වලට බ්ලොග් කරුවෝම අනුග්‍රහය දක්වනවත්... විශේෂයෙන්ම මගේ ''එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල්'' ආයතනය වගේම දුකා අයියගේ ''විරූස් ඩිසයින්ස්'' ආයතනයත්...
ඉතින් බ්ලොග්කරණයේ යෙදෙන ඔබ යම් ව්‍යාපාරයක් කරනවානම් තමන්ගේ බ්ලොග් හරහා ඒ ගැන ප්‍රසිද්ධියක් දෙන්න මැලිවෙන්න අවශ්‍ය නෑ.. ටිකක් හරි පරණ බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුත් මෙය සිදු කරන දෙයක්.. උදාහරණ වශයෙන් ගත්තම ප්‍රධාන වශයෙන් මම සංචාරක ව්‍යාපාරය හා සම්භන්ධ දේවල් බ්ලොග් එක හරහා විකුනනවා.. මාරයා, ජ්‍යෝතිශ ලංකා වගේ අය ජ්‍යෝතිශය වගේ වැඩ කටයුතු බ්ලොග් හරහා කරගෙන ආදායමක් ලබනවා.. ඕනයා මාළු පිළිබඳ හසල දැනුමක් ඇති බ්ලොග් එකක් කරමින් ඒ හා සම්භන්ධ උපදේශන වලින් අදායමක් ගන්නවා.. දුකා අයියා සපත්තු අලෙවි කරනවා.. තව උදාහරණ ඕන තරම් දෙන්න පුළුවනි... ඉතින් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් බ්ලොග් එක භාවිතා කරන එකේ වැරැද්දක් මම දකින්නේ නැති නිසා මම මගේ වෙළඳ දැන්වීමක් දමන්න තමයි මේවා කිය කිය මෙච්චර තැටමුවේ... මේ ලින්ක් එකෙන් යොමුවන ලිපියේ කමෙන්ට් වලින් මගෙන් සේවය ලබාගත් අයගේ අදහස් දැනගන්න පුළුවන්.. බ්ලොග් කරුවෝ කිහිපදෙනෙකුත් ඒ අතර ඉන්නවා.. නමුත් මේ සේවාව අපි පසුගිය අගෝස්තු මාසයේ නවතා දැමුවේ ආයතනයේ ප්‍රතිසංවිධානයත් සමඟ.. නමුත් ඔබට අවශ්‍යනම් ඒ සඳහා උදව් කරන්න අපිට පුළුවන්.. ආයතනයේ ප්රතිසංවිධාන කටයුතු වලින් පසු විස්තර තමයි පහත තිබෙන්නේ...
මගේ ව්‍යාපාරය ගැන දැනටමත් ගොඩාක් දෙනෙක් දන්නවා.. ඒ තමයි එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල් කියන ව්‍යාපාරය.. මම දැන් හදන්නේ ඒ පිළිබඳ පොඩි ඉදිරිපත් කිරීමක් බ්ලොග් එකෙන් කරන්න...
මගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් තුනයි..
1. උත්සව සංවිධාන කටයුතු (Event Management)
අපි ප්‍රමුඛතාවක් දෙන්නේ මේ ගැන.. ඒ නිසා විවිධ සමාගම් වල වාර්ශික සුහද හමු (Annual Get together), විවිධ සම්මන්ත්රන (Other Conferences) , නව නිශ්පාදන හඳුන්වාදීම් (Product Launch), වාර්ශික චාරිකා (Annual Trips) වැනි දේවල් ආයතනික වශයෙන් අපි ඉටු කරනවා... පුද්ගලික කටයුතු වලින් විවාහ මංගල්‍යයන් (Weddings), උපන් දින සාද (Birthday Parties) වැනි කටයුතුත් අපි විසින් මෙහෙයවනවා.. ඔබේ හිතේ තියෙන ප්‍රශ්ණෙට මට උත්තරයක් දෙන්න පුලුවන්..නෑ.. අපි අවමංගල්‍ය කටයුතු අධ්‍යක්ෂණය කරන්නේ නෑ... අපි විසින් සංවිධානය කරපු එක් සමාගමක වාර්ෂික රැස්වීම හා තෑගි බෙදාදීම මෙතැනින් බලන්න ඔබට පුළුවන්.. මේ තියෙන්නේ එක් සමාගමක වාර්ෂික චාරිකාවක්...
2. පුහුණු හා සංවර්ධන කටයුතු.. (Training and Development)
මෙය ගොඩාක්ම කෙරෙන්නේ ආයතනික වශයෙන්... බැහැරගත පුහුණු වැඩමුළු (Outward Bound Trainings), නායකත්ව පුහුණු වැඩමුළු (Leadership Trainings), කුසලතා වර්ධන වැඩමුළු (Skills Development Programmes) වැනි පුහුණු වැඩමුළු අපි වෙතින් සංවිධානය කෙරෙනවා.. දැනට ලංකාව තුල තියෙන ගුණාත්මක වශයෙන් ඉහළම පුහුණු වැඩමුළුව ලබා දෙන්නෙත් අපි කියන කාරණය ඔබට කියන්නේ හද පිරි සතුටෙන්.. ලංකාව තුල කෙරුණු වැඩිම සාමාජිකයින් පිරිසක් එක් දිනක පුහුණු කිරීම අප සමාගම විසින් සිදු කල හැටි තමයි මෙතන තියෙන්නේ... මේ තවත් එකක්... රාජ්‍ය අංශයට අපගේ සේවාව සැපයුන හැටි තමයි මේ ඇල්බමයෙන් දැක්වෙන්නේ....
3. සංචාරක කටයුතු සම්භන්ධීකරණය...
මෙහි කොටස් තුනයි...
i . ලාංකිකයින් විදේශයන්ට සංචාරය සඳහා යනවිට එහි සියළුම සම්භන්ධීකරණ කටයුතු.. (Outbound Tours)
ii . විදේශිකයින් ලංකාවට සංචාරය සඳහා පැමිණීමේදී ඒ සම්භන්ධ සියළුම සම්භන්ධීකරණ කටයුතු... (Inbound Tours)
iii . ලාංකිකයින් ලංකාව වටේ කරන සංචාරයන් හිදී ඒ හා සම්භන්ධ සියළුම සම්භන්ධීකරණ කටයුතු... (Local Tours)
ඉතින් ඔන්න ඔය ටික තමයි සංචාරක සම්භන්ධීකරණ කටයුතු වශයෙන් අපි කරන්නේ... මේ තියෙන්නේ එවැනි එක් ඇල්බමයක්... යාල වනෝද්‍යානයේ කූඩාරම් සහිතව එක් රැයක්...
දැන් ඉතින් ඔබේ හිතේ තියෙන්නේ මේක කොහොමද ඔබට ව්‍යාපාර අවස්ථාවක් වෙන්නේ කියලා... එය මෙසේයි... දැනටමත් අප ආයතනය සතුව නිදහස් අලෙවිකරුවන් දහ දෙනෙකු සේවය කරනවා.. බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුත් ඒ අතර දැනටමත් සිටිනවා.. ඉතින් මේ හා සම්භන්ධ වීමට කැමති ඔබටත් පුළුවනි නිදහස් අලෙවිකරුවෙකු වශයෙන් අපත් එක්ක සම්භන්ධ වෙන්න.. ඔබගේ අධ්‍යාපන කටයුතු වගේම රැකියා කරන ගමන් මේ හා සම්භන්ධ වීමට ඔබට පුළුවන්... ඒ සඳහා ඔබට ආයතනික නාම පත්‍රයක් (Company Visiting Card), ආයතනික ආකෘතියක් (Company Profile), විවිධ පැකේජ පිළිබඳ පුහුණුවක් (Package Details) ලැබෙනවා...
මේ වෙනුවෙන් ඔබට ලැබෙන්නේ මොනවද? එය මෙසේයි...
මසකට ඔබ කරන ව්‍යාපාර වෙනුවෙන් කොමිස් මුදලක් හා වෙනත් ත්‍යාග ලබන්නට ඔබට පුළුවන්... එය පහත පරිදි සිදුවෙනවා...
* මසකට රුපියල් දහසේ සිට මිලියන තුන දක්වා..
මුළු වෙළඳ වටිනාකමින් 5%ක මුදලක් ඔබ සතු වෙනවා.. මගේ ව්‍යාපාර කටයුතු වල මෙම ඉලක්කය මහන්සි වෙන අලෙවිකරුවෙකුට ඉතා සුළු දෙයක්...
** මසකට රුපියල් මිලියන තුනේ සිට මිලියන පහ දක්වා...
මුළු වෙළඳ වටිනාකමෙන් 10%ක් හා දින දෙකක ඉන්දියානු සංචාරයක්..
*** මසකට රුපියල් මිලියන පහට වැඩි නම්..
මුළු වෙළඳ වටිනාකමෙන් 10%ක් හා දින තුනක මැලේසියානු සංචාරයක්...
මීට අමතරව තවත් දේවල් තිබෙනවා.. එය ඔබ කැමති විදිහට අපත් සමඟ සාකච්ඡා කරගත හැකියි.. ඒ සඳහා අමතන්න මගේ ජංගම දුරකථන අංකය වන 0714449162 අංකයට.
ප.ලි. ඔබගේ ව්‍යාපාරික කටයුත්තක් නම් ඔය තියෙන මුදල අඩු වෙනවා කියන එකත් අමතක කරන්න එපා..
ප.ප.ලි. පහුගිය රැස්වීමකදි ආපසු මතක් වෙච්ච බෝඩිම් කතා කිහිපයක් තියෙනවා ලියන්න... ඒවා ඉදිරියට..

Friday, August 31, 2012
වටේ යන්න කැමති අය ඇවිත් කියවන්න... අවසන් කොටස සහ ලස්සන අලුත් බ්ලොග්
මන්නාරම් කතාවේ අවසාන කොටස අරන් එන අතරේ ලස්සන අළුත් බ්ලොග් එකක් ගැනත් කට්ටිය දැනුවත් කරන්නයි හදන්නේ.. ඒ වගේම පරණ යාළුවෙක් අළුතෙන් ඇවිත් ඉන්නවා...ඉස්සෙල්ලා මන්නාරම් ගමන අවසන් කරලා ඒ විස්තර ටික කථා කරමු..
ගමනේ අවසන් දවස... අද දවසේ අපි බලන්න හිතාගෙන යන්නේ පහත සඳහන් තැන්...
1. තිරුකේතීශ්වරන් කෝවිල
2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන
3. මඩු පල්ලිය
4. මඩු ගල් පාලම
5. මඩු එල්ලෙන පාලම
6. මන්නාරම් කොටුව
පිළිවෙලට කථා කරමු.. අදත් සුපුරුදු පරිදිම ගියේ ත්‍රිරෝද රථයේ නිසා අපි කෙළින්ම සංචාරක ස්ථාන වලට යමු..
තිරුකෝදීශ්වරන් කෝවිල
ඊශ්වර දෙවියන් සඳහා වූ කෝවිල් කිහිපයක් ලංකාවේ සිව්දිග් භාගයේ පිහිටා ඇත.. හලාවත මුන්නේශ්වරම්, ත්‍රීකුණාමලයේ කෝනේශ්වරම්, හා මන්නාරම තිරුකේදීශ්වරම් කෝවිල් මේ අතර ප්‍රධානව වේ.. ඉන්දියාවේ රාමේශ්වරම් කෝවිලද ඒ හා බැදී පවතී.. අප නරඹන මන්නාරමේ, ඒ-32 මාර්ගයේ පිහිටා තිබෙන තිරුකේදීශ්වරම් කෝවිල රාම රජුගේ මාමන්ඩියකු වන මායන් විසින් ඉදි කල බවට විශ්වාසයක් ඇත.. ස්නානය සඳහා මෙන්ම සියළු පහසුකම් සමඟ සකසා ඇති මෙම කෝවිලේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ..
2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන
තිස් වසරක ශාපලත් යුද්ධයේ අමිහිරිතම අත්දැකීමක් වූ බිම් බෝම්ම ගොඩ දැමීමේ කාර්යයේ තවමත් කට්ටිය නියැලෙනවා... විදේශ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේ සියළු කටයුතු ඉතාම හොඳ අධීක්ෂණයකින් කෙරෙනවා අපි දුටුවා.. ජීවිත කාලයේ අපිට අඳින්න ලැබෙන ඇඳුම් විවිධයි.. සමහර ඒවා දුර්ලභයි.. මේ එවැනි ඇඳුමක් ඇඟලාගත්ත අවස්ථාවක් තමයි...
මඩු පල්ලිය
මරිය දේව මතා පිළිරුව තැන්පත් කල ඇති මෙම මඩු පල්ලියේ ඉතිහාසය පෘතුගීසි කාලය දක්වා දිව යනවා.. රුදුරු එල්ටී ටී ඊ ග්‍රහණයට නතුව තිබී 2008 අප්‍රේල් 25 වනදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 57 වන සේනාංකය විසින් මඩු පල්ලිය මුදවා ගනු ලැබුවා.. දැන් එය නිතරම වන්දනා කරුවන්ගෙන් පිරී පවතින ස්ථානයක්... මගේ ගමන් සගයා වූ අමිල කිතුණු බැතිමතෙක් නිසාම ඔහුටනම් මේ ගමන ඉතාම වැදගත් එකක් වුනා.. මේ තියෙන්නේ පින්තූර....
4. මඩු ගල් පාලම
සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ නැති මෙම පාලමේ, ඡායාරූප තමයි මේ තියෙන්නේ.. මෙහි ඉතිහාසය කීමට කිසිවෙක් අපිට සොයා ගන්නට ලැබුනේ නෑ.. දන්න කෙනෙක් සිටීනම් යටින් කමෙන්ට් කරයි කියලා හිතෙනවා.. මේ තියෙන්නේ ඡායාරූප...
5. මඩු එල්ලෙන පාලම
මෙහිත් විස්තර කියන්න ඒ පිළිබඳව දන්න කෙනෙක් සොයා ගැනීම අපහසු වුනා.. මන්නාරම බලන්න යනවානම් යා යුතුම තැනක්.. එතරම්ම එය ලස්සනයි... මෙන්න ඡායාරූප..
6. මන්නාරම් කොටුව
1505 පෘතුගීසින් විසින් සාදන ලද මේ මන්නාරම් කොටුවේ අද ඇත්තේ කොටු බැම්ම පමණි.. කලපුවට මුහුන ලා ඇති කොටු බැම්ම තමයි මේ...
මේ තවත් ඡායාරූප...
මම කලින් කිව්වනේ අළුත් බ්ලොග් එකක් හදුන්වලා දෙනවා කියලා.. ඒ තමයි ගැඹුර සරලව හා සුගමව කියන බ්ලොග් එක.. ලස්සන කථාවක් එහෙමත් යනවා... ඒ වගේම වයිට් කණ්ණාඩි කියන පරන හිතවතියකුත් මේ දවස්වල උසස්පෙළ ඉවර වෙලා කල එලි බැහැලා ඉන්නවා.. බ්ලොග් ලෝකේ සමාන්‍ය තියරියක් අනුව ඉදිරියේදී මේ බ්ලොග් එකේ හිට් වැඩි වෙන එක ගැන නම් ආයේ අහන්න දෙයක් නෑ.. ඔය දාල තියෙන පාරවල් දිගේ ගිහින් බලන්න එහෙනම්...
ප.ලි. දේශාටන ඉවරයි.. මම කියපු ජීවිතයේ අඳුරු පැත්ත අරන් මම එනවා ලබන සතිය දිහාවට.. අමාරුවෙන් මේ මාසේ පෝස්ට් 4ක් ලියා ගත්තා...
ගමනේ අවසන් දවස... අද දවසේ අපි බලන්න හිතාගෙන යන්නේ පහත සඳහන් තැන්...
1. තිරුකේතීශ්වරන් කෝවිල
2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන
3. මඩු පල්ලිය
4. මඩු ගල් පාලම
5. මඩු එල්ලෙන පාලම
6. මන්නාරම් කොටුව
පිළිවෙලට කථා කරමු.. අදත් සුපුරුදු පරිදිම ගියේ ත්‍රිරෝද රථයේ නිසා අපි කෙළින්ම සංචාරක ස්ථාන වලට යමු..
තිරුකෝදීශ්වරන් කෝවිල
ඊශ්වර දෙවියන් සඳහා වූ කෝවිල් කිහිපයක් ලංකාවේ සිව්දිග් භාගයේ පිහිටා ඇත.. හලාවත මුන්නේශ්වරම්, ත්‍රීකුණාමලයේ කෝනේශ්වරම්, හා මන්නාරම තිරුකේදීශ්වරම් කෝවිල් මේ අතර ප්‍රධානව වේ.. ඉන්දියාවේ රාමේශ්වරම් කෝවිලද ඒ හා බැදී පවතී.. අප නරඹන මන්නාරමේ, ඒ-32 මාර්ගයේ පිහිටා තිබෙන තිරුකේදීශ්වරම් කෝවිල රාම රජුගේ මාමන්ඩියකු වන මායන් විසින් ඉදි කල බවට විශ්වාසයක් ඇත.. ස්නානය සඳහා මෙන්ම සියළු පහසුකම් සමඟ සකසා ඇති මෙම කෝවිලේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ..
2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන
තිස් වසරක ශාපලත් යුද්ධයේ අමිහිරිතම අත්දැකීමක් වූ බිම් බෝම්ම ගොඩ දැමීමේ කාර්යයේ තවමත් කට්ටිය නියැලෙනවා... විදේශ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේ සියළු කටයුතු ඉතාම හොඳ අධීක්ෂණයකින් කෙරෙනවා අපි දුටුවා.. ජීවිත කාලයේ අපිට අඳින්න ලැබෙන ඇඳුම් විවිධයි.. සමහර ඒවා දුර්ලභයි.. මේ එවැනි ඇඳුමක් ඇඟලාගත්ත අවස්ථාවක් තමයි...
මඩු පල්ලිය
මරිය දේව මතා පිළිරුව තැන්පත් කල ඇති මෙම මඩු පල්ලියේ ඉතිහාසය පෘතුගීසි කාලය දක්වා දිව යනවා.. රුදුරු එල්ටී ටී ඊ ග්‍රහණයට නතුව තිබී 2008 අප්‍රේල් 25 වනදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 57 වන සේනාංකය විසින් මඩු පල්ලිය මුදවා ගනු ලැබුවා.. දැන් එය නිතරම වන්දනා කරුවන්ගෙන් පිරී පවතින ස්ථානයක්... මගේ ගමන් සගයා වූ අමිල කිතුණු බැතිමතෙක් නිසාම ඔහුටනම් මේ ගමන ඉතාම වැදගත් එකක් වුනා.. මේ තියෙන්නේ පින්තූර....
සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ නැති මෙම පාලමේ, ඡායාරූප තමයි මේ තියෙන්නේ.. මෙහි ඉතිහාසය කීමට කිසිවෙක් අපිට සොයා ගන්නට ලැබුනේ නෑ.. දන්න කෙනෙක් සිටීනම් යටින් කමෙන්ට් කරයි කියලා හිතෙනවා.. මේ තියෙන්නේ ඡායාරූප...
මෙහිත් විස්තර කියන්න ඒ පිළිබඳව දන්න කෙනෙක් සොයා ගැනීම අපහසු වුනා.. මන්නාරම බලන්න යනවානම් යා යුතුම තැනක්.. එතරම්ම එය ලස්සනයි... මෙන්න ඡායාරූප..
1505 පෘතුගීසින් විසින් සාදන ලද මේ මන්නාරම් කොටුවේ අද ඇත්තේ කොටු බැම්ම පමණි.. කලපුවට මුහුන ලා ඇති කොටු බැම්ම තමයි මේ...
මේ තවත් ඡායාරූප...
![]() |
| මාගේ ඊලඟ සිහිනය... ඒ 32 පුත්තලමේ සිට යාපනය බලා.. |
ප.ලි. දේශාටන ඉවරයි.. මම කියපු ජීවිතයේ අඳුරු පැත්ත අරන් මම එනවා ලබන සතිය දිහාවට.. අමාරුවෙන් මේ මාසේ පෝස්ට් 4ක් ලියා ගත්තා...
Monday, August 27, 2012
අද කාටද නෙළුවේ කියලා බලන්න මගේ බ්ලොග් එකට ගොඩ වෙන ඔබට....
මේ දවස්වල අළුත් ව්‍යාපාර කටයුතු නිසා ඉතාම කාර්ය බහුල වෙලා ඉන්නේ... ඒ නිසා මේ මාසෙටම ලියන්න වුනේ පෝස්ට් දෙකයි.. මේ තුන්වෙනි එක.. බ්ලොග් යාලුවෝ දෙන කෝල් වලින් වගේම චැට් මැසේජ් වලින් ඊ මේල් වලින් කියවුනේ මම ලඟදිම පහර එල්ල කරන්නේ කාටද කියලා බලාගෙන ඉන්නේ කියලා... අනේ මම බයයි ඕවට... හිනාවෙන්න ආපු මගේ බ්ලොගේට දැන් එන්නේ කාට හරි නෙලනවා බලන්න වගේ..... ඉතින් එයාලා වෙනුවෙනුත් මොකුත් නොලියා ඉන්න එක හරි නැති නිසා මම ඔවුන් වෙනුවෙනුත් යමක් අකුරු කරන්න හිතුවා.. මෙන්න ඒ වෙනුවෙන් ලිපියක්.. මේ ලිපියෙන් මම නෙලන්නේ කාටද? කාටවත් නෙලන්නේ නෑ..ඒත් නෙලන්නෙ කාටද කියලා බලන අයටයි, අනිත් අයටයි ඔක්කොටම මෙන්න එහෙනම් "වටේ යන්න - 3". ඒ කියන්නේ මන්නාරම් සංචාරයේ තුන්වන කොටස.. නොකියවපු අය ඉන්නවානම් මෙන්න මෙතනින් යන්න. පළවෙනි කොටස මෙතනින්.. දෙවැනි කොටස මෙතැනින්....
අපි අවසන් කලේ ලුණු ලේවාය නරඹලා කූල් බියර් දෙකකුත් අරන් නවාතැනට ගිය හැටි නේ... මොන කාරණාවක් නිසාද මන්දා අපි දෙන්නටම කිසිම බඩගින්නක් දැනුනේ නෑ... ඒක නිසාම පොඩි බයිට් එකකුත් එක්ක බියර් දෙක පානය කරලා සුදර්ශන්ට ඇමතුවේ හවස් ගමනට සුදානම් වෙමින්.. හවස් වරුවේ අපි හිතාගෙන හිටියේ මඩු පල්ලි ගොස් ඇවිත් ඉර බහින වෙලාව බලලා ආදම්ගේ වැලි පර බලන්න යන්නයි... ඉන්පසුව රෑ බෝ වී මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පෑගීමේ උත්සවය බලන්න යන්නත් අදහස් කලා.. නමුත් වැඩි විස්තර සඳහා මන්නාරම නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරු දයානන්ද මහතාට ලබාදුන් දුරකථන ඇමතුමේදී එතුමා පැවසුවේ වැලි පර බලනට යන අවසන් බෝට්ටු ගමන හවස 3.30ට පිටත් වන බවයි... මඩු ගමන පසුවදාට කල්තැබූ අපි වහාම ආදම්ගේ පාලම බලන්නට පිටත් වුනා....
හරියටම තලෙයි මන්නාරම් ජැටියට යද්දි වෙලාව 3.20යි.. කලින් ඇමතුමක් ලබා දී තිබූ නිසා සියළු කටයුතු පහසු වුනා... ලංකාවේ සිට ඉංදියාව දක්වා යන මෙම පාලමේ දෙවෙනි වැලි පරය තෙක් අපිට ගමන් කරන්න පුළුවන්... සම්පූර්ණ ගමන කිලෝමීටර් 20ක්.. මුහුදට බැසීම ටිකක් අනතුරුදායකයි මඩු මාළුවන්ගේ ගැවසීම නිසා... මේ තියෙන්නේ එහි ඡායාරූප...
මේ වැලි පර පණ මෙන් රකින නාවික හමුදා සොයුරන්ට අපි එහි සම්පූර්ණ ස්තූතිය පුද කල යුතුයි.. එහි අත හැරෙන පොඩි පොලිතීන් කැබැල්ල පවා ඔවුන් යළි රැගෙන එනවා... නාවික හමුදා සොයුරන්ගේ විපරම් බැල්ම සහිතව අපි මුහුදේ නාන්න ලැහැස්ති වුනා.. මුහුද නිශ්චල වුනත් යටින් අදින ගතියනම් ටිකක් වැඩියි.. ඒ නිසා බොහොම කල්පනාවෙන් නාන්න ඕන... මේ තියෙන්නේ තව ඡායාරූප...
අනතුරුව නැරඹුවේ තලෙයි මන්නාරම් ප්‍රදීපාගාරය.. හවස හයෙන් පසු සෑම තත්පර 15කටම වරක් මෙයින් නිකුත් වෙන ආලෝක කදම්බය නැවියන්ට ඉතා ප්‍රයෝජනවත් වනවා කියන එක හිතාගන්න අමාරු කාරණයක් නෙවෙයි....
මේ තියෙන්නේ මොකක්ද කියලා දන්නවද? මේ තමයි ඉතාමත් ප්‍රසිද්ධ මන්නාරම් ජැටිය.. එවකට ඉන්දියාවට යාමට මෙන්ම බාණ්ඩ ප්රවාහනයටද තෝතැන්නක් වූ මේ ජැටිය ඉතාමත් අබලන් තත්ත්වයේ තමයි අද තියෙන්නේ.. නමුත් මේ සිදුවෙන සංවර්ධන වැඩ පිලිවෙලේ තරමට මෙයත් ඉක්මනින් පිළිසකර වෙයි කියා හිතෙන බවක් තමයි අවට හිටපු ධීවර ජනතාව අපට කිව්වේ....
මන්නාරම් කන්‍යාරාමය ඇරිලා ගීතය මතකද? යුද්ධය කාලයේ අපේ හදවත් පීරි ගාපු ඒ ගීතයේ තිබ්බ කණේරු ගහ... අද කණේරු ගහනම් නෑ.. පේසාලෙයි හන්දියනම් තියෙනවා.... විශාරද රශ්මි සංගීතා ගායනා කරන ගීතය අහලා නැත්නම් මෙතනින් අරගෙන අහන්න.. (වැම්පා උඹ මේක කියවනවානම් ට්‍රයි එකක් දියන්කො ලංකාවේ යුද්ධය ගැන ලියවෙච්ච සිංදූ සීරීස් එකක් පටන් ගන්න..)
රාත්‍රියේ අපි ගියේ මන්නාරමේ පත්තිනි දේවාලය බලන්න... එයනම් සැබෑ මංගල්‍යයක්.. අළුත් ඇඳුම් ඇඳගත් කාන්තා පිරිමි ජනකාය හැබෑ භක්තියෙන් එම මංගල්‍යයේ යෙදිලා හිටියා.. ගිණි පෑගීම යෙදිලා තිබ්බේ ගොඩාක් රෑ.. පසුවදා උදෙන්ම මඩු බලා පිටත් වීමට තිබූ නිසා අපි ටිකක් ඉක්මනට එතනින් ආවා...
අවසන් කොටසත් මේත් එක්කම මේ සතියේ ලියා මේ කතා පෙළ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා... මේ මාසෙට ලිපි තුනක් ලිව්වෙත් අමාරුවෙන්....
ප.ලි. පහුගිය දවස්වල බ්ලොග් ලෝකයේ කඩා වැටීමක් තියෙනවා කියලා කට්ටිය කෑ ගැහුවට පරණම බ්ලොග් තුනක් මේ සතියේ නැවත කරලියට ඇවිත් තියෙනව දැක්කා... මේ තියෙන්නේ ඒවාට යන පාර... "දියත් කුලේ අපි" , "ටොපිය" , "හිපියෙකුගේ සටහන්"
අපි අවසන් කලේ ලුණු ලේවාය නරඹලා කූල් බියර් දෙකකුත් අරන් නවාතැනට ගිය හැටි නේ... මොන කාරණාවක් නිසාද මන්දා අපි දෙන්නටම කිසිම බඩගින්නක් දැනුනේ නෑ... ඒක නිසාම පොඩි බයිට් එකකුත් එක්ක බියර් දෙක පානය කරලා සුදර්ශන්ට ඇමතුවේ හවස් ගමනට සුදානම් වෙමින්.. හවස් වරුවේ අපි හිතාගෙන හිටියේ මඩු පල්ලි ගොස් ඇවිත් ඉර බහින වෙලාව බලලා ආදම්ගේ වැලි පර බලන්න යන්නයි... ඉන්පසුව රෑ බෝ වී මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පෑගීමේ උත්සවය බලන්න යන්නත් අදහස් කලා.. නමුත් වැඩි විස්තර සඳහා මන්නාරම නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරු දයානන්ද මහතාට ලබාදුන් දුරකථන ඇමතුමේදී එතුමා පැවසුවේ වැලි පර බලනට යන අවසන් බෝට්ටු ගමන හවස 3.30ට පිටත් වන බවයි... මඩු ගමන පසුවදාට කල්තැබූ අපි වහාම ආදම්ගේ පාලම බලන්නට පිටත් වුනා....
හරියටම තලෙයි මන්නාරම් ජැටියට යද්දි වෙලාව 3.20යි.. කලින් ඇමතුමක් ලබා දී තිබූ නිසා සියළු කටයුතු පහසු වුනා... ලංකාවේ සිට ඉංදියාව දක්වා යන මෙම පාලමේ දෙවෙනි වැලි පරය තෙක් අපිට ගමන් කරන්න පුළුවන්... සම්පූර්ණ ගමන කිලෝමීටර් 20ක්.. මුහුදට බැසීම ටිකක් අනතුරුදායකයි මඩු මාළුවන්ගේ ගැවසීම නිසා... මේ තියෙන්නේ එහි ඡායාරූප...
| ගමනට සූදානම්ව... |
| වතුර පාර ඇඟට වදින නිසා දුරකතන පාවිච්චිය එතරම් ගුණදායක නෑ.. |
| බෝට්ටුවේ කොහේ ගියත් මම යන්න ආස මෙතන.... :) |
| නාවුක හමුදා කාර්යය මණ්ඩලය.. |
![]() |
| මේ සමබරතාවය ගිලිහුනොත් නම් කෙළින්ම මුහුදේ... |
| ඈතට යන්න යන්න ගොඩබිම පෙනෙන්නේ මෙහෙමයි... |
මේ වැලි පර පණ මෙන් රකින නාවික හමුදා සොයුරන්ට අපි එහි සම්පූර්ණ ස්තූතිය පුද කල යුතුයි.. එහි අත හැරෙන පොඩි පොලිතීන් කැබැල්ල පවා ඔවුන් යළි රැගෙන එනවා... නාවික හමුදා සොයුරන්ගේ විපරම් බැල්ම සහිතව අපි මුහුදේ නාන්න ලැහැස්ති වුනා.. මුහුද නිශ්චල වුනත් යටින් අදින ගතියනම් ටිකක් වැඩියි.. ඒ නිසා බොහොම කල්පනාවෙන් නාන්න ඕන... මේ තියෙන්නේ තව ඡායාරූප...
| ආදම්ගේ පාලමේ නාපු අපි... |
අනතුරුව නැරඹුවේ තලෙයි මන්නාරම් ප්‍රදීපාගාරය.. හවස හයෙන් පසු සෑම තත්පර 15කටම වරක් මෙයින් නිකුත් වෙන ආලෝක කදම්බය නැවියන්ට ඉතා ප්‍රයෝජනවත් වනවා කියන එක හිතාගන්න අමාරු කාරණයක් නෙවෙයි....
| තලෙයි මන්නාරම් ප්‍රදීපාගාරය |
මේ තියෙන්නේ මොකක්ද කියලා දන්නවද? මේ තමයි ඉතාමත් ප්‍රසිද්ධ මන්නාරම් ජැටිය.. එවකට ඉන්දියාවට යාමට මෙන්ම බාණ්ඩ ප්රවාහනයටද තෝතැන්නක් වූ මේ ජැටිය ඉතාමත් අබලන් තත්ත්වයේ තමයි අද තියෙන්නේ.. නමුත් මේ සිදුවෙන සංවර්ධන වැඩ පිලිවෙලේ තරමට මෙයත් ඉක්මනින් පිළිසකර වෙයි කියා හිතෙන බවක් තමයි අවට හිටපු ධීවර ජනතාව අපට කිව්වේ....
මන්නාරම් කන්‍යාරාමය ඇරිලා ගීතය මතකද? යුද්ධය කාලයේ අපේ හදවත් පීරි ගාපු ඒ ගීතයේ තිබ්බ කණේරු ගහ... අද කණේරු ගහනම් නෑ.. පේසාලෙයි හන්දියනම් තියෙනවා.... විශාරද රශ්මි සංගීතා ගායනා කරන ගීතය අහලා නැත්නම් මෙතනින් අරගෙන අහන්න.. (වැම්පා උඹ මේක කියවනවානම් ට්‍රයි එකක් දියන්කො ලංකාවේ යුද්ධය ගැන ලියවෙච්ච සිංදූ සීරීස් එකක් පටන් ගන්න..)
රාත්‍රියේ අපි ගියේ මන්නාරමේ පත්තිනි දේවාලය බලන්න... එයනම් සැබෑ මංගල්‍යයක්.. අළුත් ඇඳුම් ඇඳගත් කාන්තා පිරිමි ජනකාය හැබෑ භක්තියෙන් එම මංගල්‍යයේ යෙදිලා හිටියා.. ගිණි පෑගීම යෙදිලා තිබ්බේ ගොඩාක් රෑ.. පසුවදා උදෙන්ම මඩු බලා පිටත් වීමට තිබූ නිසා අපි ටිකක් ඉක්මනට එතනින් ආවා...
| ගිණි පෑගීම සඳහා සැකසූ ගිණි ගොඩ.. |
| පත්තිනි දේව මෑණියන්ගේ පිළිරුව... |
| පත්තිනි දේව මෑණියන්ගේ පින්තූර... |
ප.ලි. පහුගිය දවස්වල බ්ලොග් ලෝකයේ කඩා වැටීමක් තියෙනවා කියලා කට්ටිය කෑ ගැහුවට පරණම බ්ලොග් තුනක් මේ සතියේ නැවත කරලියට ඇවිත් තියෙනව දැක්කා... මේ තියෙන්නේ ඒවාට යන පාර... "දියත් කුලේ අපි" , "ටොපිය" , "හිපියෙකුගේ සටහන්"
Subscribe to:
Posts (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.....
-
පහුගිය ලිපිය අවසානයේ කියවුන නුවර එලි ගමනේ දෙවෙනි කොටස ලියන්න වෙන්නේ නෑ.. දෙවෙනි දවසේ තියෙන රස මුසු සිද්ධි ලියන්න එපා කියාලා ඉතාම බැගෑපත් ඉල්...