Sunday, June 20, 2010

රියදුරු තුමා ගලධාරී හෝටලයෙන් ආහාර ගත් හැටි......


මම දැන් වැඩ කරන තැනට කලින් වැඩ කළේ රජයේ වැදගත් අමාත්‍යාංශයක... එතන හිටපු ලොකුම නිලධාරියා තමයි අමාත්‍යාංශ ලේකම්.. ඉතින් එයා ලග වැඩ කරන කාර්යාල සේවක, රියදුරු වගේ අයටත් එතුමා නිසා පොඩි පොඩි චාන්ස් නොවැදුනා නෙමෙයි... මම එතනට ගිය කාලෙම අමාත්‍යාංශ ලේකම් විදිහට හිටපු සර් ඉතාමත් වැදගත් සහ මනුස්සකම පිරිපුන් මනුස්සයෙක්... ඇත්තම කියනවනම් ඒ වගේ රජයේ නිලධාරීන් හරිම දුර්ලබයි... මේ නිසාම මෙතුමා ලොකු ලොකු සාද වලට ගියාම තමන්ගෙ රියදුරුටත් එතනින්ම සප්පායම් වෙන්න අවස්තාවක් උදා කරල දුන්නා... අපි රියදුරුගෙ නම සිරිපාල කියල හිතමුකො... ( වෙන නමක් දැම්මෙ මම මේක දාන්නද කියල අහපුහම නම දාන්නෙ නැතුව දාන්න කියපු නිසයී) ඉතින් දවසක් සිරිපාල ලේකම් තුමාත් එක්ක මොකක් හරි වැඩකට ගියා ගලදාරී හෝටලේට.. වැඩෙ ඉවර වෙලා ලේකම් තුමා ඒ හෝටලෙන්ම දිවා අහාරය ගන්න හිතිලා සිරිපාලටත් කතා කලා තමන් එක්ක එකට වාඩිවෙලා අහාර ගන්න.... සිරිපාලත් ඉතින් ලේකම්තුමාට පින් සිද්ද වෙන්න ඒ වගේ තැන් කීපෙකින් කාල තිබුන නිසා පැකිලීමක් නැතිවම වාඩි උනා...

දැන් අවන්හල් සේවකයා ගෙනාවා දෙන්නගේ Plates. සිරිපාල දැක්කා Chicken Drumstick එකකුත් තියෙනවා.. ඒ කාලෙ කවුරුත් දැන් වගෙ අත හෝදන්න කෝප්ප ඉල්ලන්නෙ නෑනෙ, ලොකු හෝටල් වලට ගිහින්.. දැන් සිරිපාලත් හැදි ගෑරුප්පු අරගෙන සෙට් උනා වැඩේට... ලේකම් තුමා ඉස්සරහා පුටුවෙ ඉදගෙන පාඩුවේ කනවා.. සිරිපාලත් කනවා..... ටිකකින් ගෑරුප්පුව ගත්ත සිරිපාල Drumstick එකට හෙමීට ඇන්නා... අනේ ඒක ඔන්න plate එකෙන් මේසෙ උඩට වැටුනා... වටපිට බලලා හෙමීට අරගෙන තියගත්තා පිගානෙන්.. දෙවෙනි පාරටත් ඇන්නා.. පුරුදු පරිදි ආයෙත් මේසෙ උඩ... ආයෙත් වට පිට බලල පිගානෙන් තියාගත්තා..... ලේකම් තුමා දිහා බැලුවත් එතුමා පුරුදු පරිදි පාඩුවේ ආහාර ගන්නවා... දැන් සිරිපාලට කුකුලත් එක්ක මල පැනලා.... වැරෙන් මිට මොලවලා අල්ල ගත්ත ගෑරුප්පුවෙන්, මූ ඇන්නෙ නැද්ද කෙලින්ම Chicken Drumstick එකට... Drumstick එකේ කකුල කෑල්ල මේසෙ වැදිල drumstick එක අහසට ඉගිලිලා දෙවියනේ කියල පාත් උනා ලේකම් තුමාගෙ කර උඩට.... දැන් සිරිපාලට දෙවියො සිහි උනා... ලාවට හිස ඔසවපු ලේකම් තුමා "මොකද සිරිපාල" කියලා ඇහුවා.... "නෑ සර් මේ කුකුල් මස් කෑල්ල" කියපු සිරිපාල, කුකුලා අමතක කරලා කෑම ගන්න පටන් ගත්තා...

කොහොමහරි මිනිහම මේ සිද්දිය තවත් රියදුරුතුමෙක් එක්ක වැඩි විශ්වාසෙට කිව්වා... ඒත් පහුවදා වෙද්දි මේ සිද්දිය නොදැන හිටපු කිසිම කෙනෙක් අමාත්‍යාංශයේ හිටියෙ නෑ... කොහොමත් ඊට පස්සෙ මේ සිද්දිය මතක් කරන ඕනෑම කෙනෙකුට සිරිපාලගෙන් නොමිලේ කුනුහරප පාඩමක් හදාරන්න අනගි අවස්ථවක් ලැබෙනවා...

3 comments:

  1. හික්ස්....ඕකටනං කියන්නේ වැඩි වැඩ පෙන්නීමට ගොස් ඇන ගැනීම කියලා!

    සුද්දොත් ගෑරුප්පුවෙන් කන්න බැරි මස් කෑලි අතින් අරන් කනකොට,කළුසුද්දෝ ගෑරුප්පුවත් අරගෙන මස්වලටත් බැන බැන නිකන් මෝඩ පාට් දානව දැක්කම හිනා යනවා!!

    අනික මම දන්න තරමින් ඕනිම හෝටලයක ඉල්ලුව ගමන් අත හෝදගන්න ඕනි දේවල් ලඟටම ගෙනත් දෙනවා!( ලංකාවේ ; මොකද මම රට ගිහින් නෑ :) )ඒ නිසා ගෙදර වගේම බඩපිරෙන්න කන්න ඕනිනං අතින් කෑවත් අවුලක් නෑ!

    ReplyDelete
  2. හෙහ් හෙහ් මරුකතාව අනේ තාමත් හිනා හික්ස්...... නොදන්න දේට ගිහින් වරිගෙ නහගන්නව කියන්නෙ ඔකටද මන්දා ? හික්ස්............

    ReplyDelete
  3. ඩ්‍රැයිවර් උන්නැහේත් පොඩ්ඩක් පොෂ් මෑන් වෙන්න යන්න ඇති නැත්නම් හිතුවාද දන්නේ නැහැනේ රෝමෙට ගියාම රෝමන්කාරයා වගේ ඉන්න ඕනේ වගේ ලොකු හොටෙල් එකකට ගියාම හැදි ගෑරුප්පු සෙල්ලම් කරන්න ඕනේ කියලා :)

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...