Thursday, August 12, 2010

කල්පනා කරලා ලියන්න හිතුන දේ...


මම දන්නෙ නෑ මට විචාර ලියන්න පුළුවන්ද කියලා.. ඒත් මේක විචාරයක්ද නැද්ද කියන එකත් මම දන්නෙ නෑ... ඒත් මේ බ්ලොග් කලාවේ ඉද්දි දකින සමහර දේවල් ගැන ඇයි මම කට වහගෙන ඉන්නෙ කියලා මට හිතෙන වෙලාවල් එනවා.. මේ දවස්වල ඒක වැඩියෙන්ම දැනෙන්නෙ සිරකරුවාගෙ බ්ලොග් එකේ තිබ්බ ආන්දෝලනාත්මක පෝස්ට් දෙකක් නිසා... සහ ඒ බ්ලොග් එකේම තියෙන මත විමසුමක් නිසා.. ඒ වගේම අපේ බ්ලොග්වලට සමහරු දාන කමෙන්ට් නිසාත් මට මේ ලිපිය ලියන්න හිතුනා...

බදුල්ලෙ මහ ඉස්පිරිතාලේ වෛද්‍යවරයෙක් විසින් කරන ලද පාපතර ක්‍රියාව වගේම ඒ වෙනුවෙන් පැමිණි මරණීය තර්ජන පිළිබදව සිරකරුවා අපිව දැනුවත් කරලා තිබ්බා... ඔහුට මේ වෙලා තිබෙන දේ නම් ඉතාම ශෝචනීයයි.. කලකදී විප්ලවකාරයෙක්ගෙ චරිතය රග පෑ ඔහුට යුක්තිය, සාධාරනය ගැන කතා කිරීමට ගොස් මානසිකව ඉතාමත් පහලට ඇද වැටෙන්නට සිදු වී තිබීමට වග කිව යුත්තේ කවුද කියන එක අපි සැවොම තනි තනි වශයෙන් අපේ සිත් වලටම විග්‍රහ කල යුතු වෙනවා.. මට සිරකරුවට එකක් කියන්න ඉතුරු වෙලා තියෙනවා.... මචන්.. දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලුගොසුවනේ එල්ලාපන් කියල දාලා තියෙන්නෙ උඹමයි.. ඒ නිසා මේ එක එකා කියන මොඩ කතා වලට උඹ මානසිකව ඇද වැටෙන්න ඕන නෑ... උඹ උඹේ ගමන පලයන්... ඒත් උඹ ඉන්නෙ යුක්තිය සාධාරනය වෙනුවෙන් ඉඩක් නැති පුංචි රටක කියලත් හිතේ කොණක තියා ගනින්.. මොකද උඹට කුමක් හෝ දෙයක් උන දාට උඹේ තනියට ඉන්නෙ උඹේ දෙමවුපියෝ විතරයි...

තව දෙයක් ගැන මම කියන්න ඕන... මගෙම ලොකු අක්කට දරුනු හිසේ අමාරුවක් හැදිලා කොළඹ ජාතික රොහලේ 64 වාට්ටුවට ඇතුලත් කලේ අපි හැමෝම අසරන කරමින්.... ඒ වාට්ටුවේ හිටිය ප්‍රධාන වෛද්‍යවරිය වන වෛද්‍ය පද්මා ගුණරත්න, වෛද්‍ය පාදෙනිය ඇතුලු කාර්ය මණ්ඩලය අක්කා ලගට ආවෙ දුවගෙන... ඒ වෙනකොට අක්කගේ ඇස් දෙපැත්තට ගිහින් කට පැත්තකට වෙලා බලන්නත් භය පෙනුමක් ඇවිත් තිබුනා.. වහාම ක්‍රියාත්මක වෙච්ච රෝහල් කාර්ය මණ්ඩලය දින තුනක් ඇතුලත සියළු වෛද්‍ය වාර්තා ලබාගෙන අක්කාව ශල්‍යකර්මයක් සදහා ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතාකේ වාට්ටුවට ඇතුලත් කලා.. ඒ පැය 8කටත් වඩා වැඩි කාලයක් ගතවෙන ශල්‍යකර්මයක් සදහා.. ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මැතිතුමා අපි ලගට ඇවිත් අපේ සිත් සනසවලා දින දෙකක් ඇතුලත අක්කාගේ ශල්‍යකර්මය සාර්ථකව අවසන් කලා....

මම මේ කතාව කිව්වේ මේ වගේ දෙවියන් ඉදිරියේ අර වගේ අමනයන් සිටීම පවට කාරණයක් ලෙස හදුන්වන්නයි.. ඒ නිසා පව්කාරයා පව්කාරයෙක් ලෙසටත් පින්වන්තයා පින්වන්තයක් ලෙසටත් අප විසින් හදුනා ගත යුතු වෙනවා... ඒ නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින සියලු දෙනා මේ තොප්පිය හිස ලා ගත යුතු නෑ... තමන්ගේ හිතට එකගව තමන් කරන රාජකාරිය පිළිබදව ඔබ සෑහීමකට පත් වී ඇත්නම් කවුරු කාට මොනව කිව්වත් එය කාටවත් ගැටළුවක් නෙමෙයි.... ඒ නිසා සිරකරුවා මේ කිව්වෙ ඔබටයි කියා සිතෙනවනම් ඔබ ඔබ ගැනම තව එක පාරක් සිතන්න...

අනිත් කාරණය තමයි සමහර පුද්ගලයින් අපේ බ්ලොග් පෝස්ට් වලට දාන කමෙන්ට්... සෑහෙන සිංහල බ්ලොග් සංඛ්‍යාවක හීරෝ නමින් හැදින්වෙන පුද්ගලයෙක් ඉතාම ජුගුප්සාජනක කමෙන්ට් දාලා තිබුනා මම දැක්කා.. උදාහරනයක් ලෙස ගත්තම (ඔහු දාලා තියෙන කමෙන්ට් වලින් උපුටා ගත හැකි එක කමෙන්ට් එකක්...) සිරකරුවාගෙ පෝස්ට් එකක් යටින් මෙහෙම එකක් දාලා තිබ්බා...

"අපි උඹලා වගේ හිගන්නො නෙමේ රජයේ ඒවාට යන්න... අනිත් එක මූ මේ කිසිම සාක්ෂියක් නැතුව බොරුවක් දාන්නෙ "

මේ පළවෙනි වාක්‍යය පිලිබදව මට ඔහුට කිව යුතු එක දෙයක් තියෙනවා....

මහත්තයෝ... හිගන්නද පොහොසතාද මනින්නෙ සල්ලි වලින් නෙමෙයි... කටින් පිටවෙන වචන වලින්.. සමාජයේ හැසිරෙන විදිහෙන්... මේ කමෙන්ට් එක කියවන ඕනම කෙනෙක් දැනගනීවි ඔබතුමා හිගන්නෙක්ද? එහෙම නැත්නම් පොහොසතෙක්ද කියලා..

මම මේ ලිව්වෙ මට හිතුනු දේ... කාගෙ හරි රිදුනනම් සමාවෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටින්නත් මම මැලි වෙන්නෙ නෑ....


6 comments:

  1. හා විචාර ලියන්න පුළුවන් කියලා මම කියන්නම්කෝ...

    ReplyDelete
  2. "තමන්ගේ හිතට එකගව තමන් කරන රාජකාරිය පිළිබදව ඔබ සෑහීමකට පත් වී ඇත්නම් කවුරු කාට මොනව කිව්වත් එය කාටවත් ගැටළුවක් නෙමෙයි.... ඒ නිසා සිරකරුවා මේ කිව්වෙ ඔබටයි කියා සිතෙනවනම් ඔබ ඔබ ගැනම තව එක පාරක් සිතන්න..."
    මේ පොඩ්ඩෙන් ලොකු කතාවක් කියවෙනවා. කියපුවට වැඩිය නොකියපුවා.

    හීරෝනම් මල කරදරයක් වෙන්න යන්නේ.
    http://sinhala-bloggers.blogspot.com/
    http://elakiridotcom.blogspot.com/
    කියන්නේ මිනිහගේ blog
    හීරෝගේ contact එක නම් දාලා තියනවා
    0718086967
    වෙන කාගෙහරි එකක්ද දන්නේ නෑ. මේ ටික මෙතන ලිව්වේ හීරෝ කාරය ඒවා අයින් කරයිද දන්නේ නැති නිසා.

    අනේ අභීත මහත්තයෝ සින්දුව උවමනානම් විතරක් play වෙන්න හදන්න බැරිද? අපිට හරියට වියදං net වලට. 25 කෑලි වලින්නේ යන්නේ. 3MB කියන්නේත් ලොකු ගානක්.

    ReplyDelete
  3. ඔන්න මකලම දැම්මා........... :D

    ReplyDelete
  4. ඔය කතාවෙදි මමත් සෑහෙන්න පුදුම වුනා මිනිස්සුන්ගේ ආකල්ප ගැන :(

    ReplyDelete
  5. සින්දුව අයින් කරපු එක ලොකු දෙයක්.
    ඒක කියන්න මටත් උවමනා වුණා.
    බොහොම ස්තූතියි.
    :)

    ReplyDelete
  6. මිනිසුන්ව තේරුම් අරන්, මේ මිනිසුන් එක්ක සහයෝගෙන් ඉන්න සමාජයකට අපි කවුරුත් ආසයි.මිනිසුන්ගේ මිනිසත්කම් නොමිනිසුන්ට වැටහෙන්න මේ විදිහට කරන කටයුතුනම් බොහෝම වටිනවා.බොහෝම ස්තූතියි...!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...