Tuesday, August 31, 2010

විභාග දෙපාර්තමේන්තුව ගැන ලියවුන ලිපියට පිළිතුරක්.......

අපි ඉතා අසාවෙන් කියවන සිංහල බ්ලොග් කලාවේ තිබෙන එක් බ්ලොග් අඩවියක් වන Beyond Frame බ්ලොග් අඩවියේ විභාග කොමසාරිස්ගේ ජනතා හිතෛෂීත්වය කියන ලිපියට පිළිතුරක් ලෙස සහ තවත් කාරණා කිහිපයක් පිළිබදව ලියන මෙම ලිපිය හුදෙක් ඔබ දැනුවත් කිරීම පිණිස ලියවෙන්නක් මිස කිසිවෙකුට මඩ ගැසීමේ හෝ කඩේ යෑමේ අවශ්‍යතාවයක් මත නොලියන බ්ලොග් පෝස්ට් එකක් වන අතර මෙහි සදහන් වන්නේ මම විසින් ඉතා නිවැරදිව දන්නා කරුණු බවද වැඩි දුරත් පවසමි....

පළමුව ඉහත කිවු බ්ලොග් පෝස්ට් එකට අවශ්‍ය පිළිතුර ලබාදී ඉතුරු කාරණා ගැන කතා කිරීමට අදහස් කරමි..... පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුවකින් තොරව විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමේ පහසුව ඔවුන් විසින් සලසා තිබේ... සතියේ වැඩ කරන ඕනෑම දිනයක පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡායාපිටපත් ගාස්තු පමණක් ගෙවා එම ප්‍රශ්ණ පත්‍ර ලබා ගත හැකියි... ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන රජයේ රැකියා උසස්වීම් වලට අදාල විභාගවල මෙන්ම කාර්යක්ශමතා කඩඉම් විභාගවලද පසුගිය ප්‍රශ්ණ පත්‍ර ද විභාග දෙපාර්තමේන්තුවෙන් ඔබට ලබා ගත හැක.. විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගත නොහැක්කේ එම දෙපාර්තමේන්තුව විසින් පවත්වන භාහිර ආයතන වල විභාග වලට (Ex. CIMA, CIM, University Exams, Etc.) අදාල ප්‍රශ්ණ පත්‍ර හා රජයේ සේවයට බදවා ගැනීමේ විභාගවල ප්‍රශ්න පත්‍ර පමනි... වැඩි විස්තර ඔබට 0112784201 කියන දුරකථනයෙන් ලබා ගත හැකි වේවි... දැන් ඔබට හිතෙන්න පුළුවන් කොළඹින් විතරද මේ සේවාව ලබා ගත හැක්කේ කියලා.. නෑ.. අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුවේ වෙළද කුටි වලින් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ ජංගම ප්‍රදර්ශණ කුටි වලින්ද මේ සේවාව ඔබට ලබා ගත හැකි වෙනවා... නමුත් මේ සේවාවට පිටින් සමහරුන් නීත්‍යානුකූල නොවන අයුරින් ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීම සම්භන්දයෙන් විවිද ගැටළු පැන නැගී ඇති අතර එම ගැටළු සම්බන්ධයෙන් විය හැකියි විභාග කොමසාරිස් ජනරාල් වරයා විසින් සදහන් කර ඇත්තෙ.... උදාහරණ එකක් මම කියන්නම්.. පුද්ගලික පන්ති මෙහෙයවන රජයේ ගුරුවරයෙක් තමන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්ණ පත්‍ර ඇගයීමට එන්න කියලා එවපු ලිපිය ඡයාපිටපත් කරලා ඔහුගේ දැන්වීම් පත්‍රිකාවට යොදනවා වගේම ඔහු වෙත නිකුත් කරණ ළකුණු දීමේ පටිපාටිය අනිසි විදිහට පාවිච්චි කරනවා... මම හිතන්නෙ ඔබට තේරෙනවා ඇති මම කියන දේ...

විභාග දෙපාර්තමේන්තුව ගැන මාධ්‍ය තුලින් ඔබට අහන්න ලැබෙන්නෙ එතරම් සෑහීමකට පතවිය හැකි ප්‍රවෘත්ති නෙවෙයි කියලා මමත් දන්නවා.. මම ඒ ගැන තමයි දැන් කියන්න යන්නෙ... මදකට හිතන්න ඔබ අ.පො.ස. (සා/පෙළ.) ලියන සිසුවෙක් කියලා... මෙන්න මෙහෙම ක්‍රියපටිපාටියක් නෙ ඔබට වෙන්නෙ...

1. ඔබට ප්‍රවේශ පත්‍රයක් සමග කාල සටහන එනවා
2. ඔබ ඒක රැගෙන විභාග මධ්‍යස්ථානයට යනකොට එය හොදින් සැකසී තියෙනවා.. ඔබට ප්‍රශ්ණ පත්‍ර ලැබෙනවා... ඔබ පිළිතුරු ලියලා ආපසු එනව..
3. මාස 4ක් ඇතුලත ඔබට ප්‍රථිපල ගෙදරට එනව..

එතකොට ඔබ වගේම සිසුන් 400000ක් පමණ භාෂා මාධ්‍ය තුනකින්, ලංකාව පුරා පිහිටි මධ්‍යස්තාන 1500ට වැඩි ප්‍රමාණයක මේ විභාගය පැවැත්වෙන අතර ප්‍රථිපලත් අදාල පාසලට හෝ නිවසට යැවෙනවා...

මේ වගේ විභාග 3 වසරකට පැවෙත්වෙනවා.. ඒ 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙ.) හා අ.පො.ස. (උ.පෙ.). ඊට අමතරව තවත් විභාග 700කට වඩා වැඩි ප්‍රමානයක් විභාග දෙපාර්තමේන්තුව විසින් වසරකට පවත්වනව... ඒ විභාග වලත් පැවැත්වෙන ආකාරය මම පෙර කීව විලසමයි... මීට අමතර සේවාවන් ලෙසට තමයි ප්‍රශ්ණ පත්‍ර ඡායාපිටපත් සේවය, සහතික පත්‍ර නිකුත් කිරීම හා පරිවර්ථනය කරලා දෙන සේවා මෙන්ම ඉලක්කගත ප්‍රශ්ණ පත්‍ර බෙදා හැරීම්, ඇගයීම් වාර්තා සැකසීම් වගේ තවත් වැදගත් වැඩ රැසක් වෙන්නෙ....

හිතා ගන්න පුලුවන්ද මේ සියලුම වැඩසටහන වෙන්නෙ 750කටත් අඩු පිරිසක් අතින් කියලා... ඒත් මොවුන් දිවා රෑ නොබලා මේ වැඩ කටයුතු කරනවා... විභාගයක් ලං උනාම මොවුන්ට ගෙවල් දොරවල් පවා අමතක කරන්න වෙනවා...

පහුගිය කාලයේ විභාග දෙපාර්තමේන්තුවට විරුද්ධව නැගිච්ච චෝදනා ගැනත් මට හිතෙන හැටි ඔබට කියන්නම්...

එක ශාලාධිපතිවරයෙක් යතුරු පැදියක පිටිපස්සෙ ගැට ගහලා ගෙනිච්ච ප්‍රශ්ණ පත්‍ර බිම වැටිලා ත්‍රීවීල් රියදුරෙක් එක අරන් පොලීසියට දීලා තිබ්බා.. එක වාර්තා කරපු එක මාධ්‍යයක් මෙහෙම කිව්වා...

මෙහෙම නොසැලකිලිමත් විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් කුමටද?
පසුබිම මෙහෙමයි.. යතුරුපැදිවල රහස්‍ය ලේඛන ප්‍රවාහනය තහනම් කියන එක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.. ඒත් සමහර මිනිස්සු මේවගේ මෝඩ වැඩ කරනවා.. එතනින් එහාට මම ඔයාලට ඒ සිද්දිය ගැන කියන්න දෙයක් නෑනෙ...

ඊලගට මේ ලගදි පත්තරේක ශීර්ෂ පාඨයක් තිබ්බා මෙහෙම

Z - Score ක්‍රමය හරිදැයි මා තුලත් සැකයක් ඇති වී තිබෙනවා... විභාග කොමසාරිස් කියයි...
ලිපිය කියවගෙන ගියාම තේරෙන්නෙ විශ්ව විද්‍යාල වල තියෙන සිසු ගැටුම් ආදියේදී සිසුන් හැසිරෙන ආකාරය නිසා විශ්ව විද්‍යාලයට ඇතුල් වූ සිසුන් තෙරුනු අකාරය පිළිබදව කියපු කතාවක් ලෙස තමයි ඒක තියෙන්නෙ කියලයි... නමුත් ශීර්ශ පාඨය කියවන පුද්ගලයෙකුට එන්නෙ වැරදි අදහසක්...

ඔන්න ඔය වගේ තවත් කරුණු ගොඩායි... මම හිතන්නෙ තවත් ප්‍රශ්න රාශියකට මට කමෙන්ට් හරහා උත්තර දෙන්න සිද්වේවි....

ප.ලි. මේකට නම් ටිකක් හිනාවෙන්න යන්න එපා ළමයි...... ඒ වගේම මෙහි තිබෙන කරුණු ගැන තර්ක කිරීමේ අවශ්‍යතවක් මා හට නොමැති අතර ඔබගේ දැන ගැනීම පිණිස අසන ගැටළු වලට පිළිතුරු දීමට මම සැරසී සිටින බවද කිව යුතු වෙනවා...

පින්තූරෙ ගත්තෙ මෙතනින්... මෙතනට ගිහාමත් බලා ගන්න පුලුවන් එක ශාලාධිපතිවරයෙකුගෙ නොසැලකිල්ල නිසා විභාග දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත් වෙන තරම.....

14 comments:

  1. කතාව ඇත්ත, ඒත් ED එකේ ප්‍රකශන තවදුරටත් මහජනයාට ලන් වෙන්න ඕනෑ...මං අදහස් කලදේ තේරුම් යන්න ඇති. අගනුවර පාසලක ඉගෙන ගත්ත මටත් ED ප්‍රකශන ලබා ගන්න කීප දවසක්ම රස්තියාදු වෙන්න උනා...නමුත් පුද්.ප්‍රකශන ගියා ගත්තා ආවා....

    ReplyDelete
  2. හුඟක් මාධය වලට ඕනකරන්නේ අළුත් නිව්ස් එකක් විතරයි. ඒක වෙන්නේ කොහොමද යන්න ඔවුන්ට වැදගත් නෑ. ඒ වගේම ඔවුන් මේ දිනවල දැඩි ප්‍රවෘත්ති හිඟයකින් පෙළෙනවා. මම කියන්නේ නෑ මේ රටේ දෙපරේතමේන්තු හරියට වැඩකරනවා කියල. ප්‍රශ්න අඩුපාඩු ඇති. ඒත් මාධ්‍ය වලින් කරන්නේ ඒවා දෙගුණ තෙගුණ කරලා පෙන්වන එක.

    ReplyDelete
  3. 1. විභාග දෙපාර්තමේන්තුවේ ජංගම අලෙවි කුටි ස්ථාවරව නොපැවැත්වෙන අතර දැයට කිරුළ වැනි විශේෂ අවස්ථාවන්හිදී පමණක් පවත්වනු ලැබේ.
    2. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අලෙවි කුටිද රටපුරා එලෙස විධිමත් පරිදි පිහිටුවා නොමැති අතර, බොහෝ නගර වල පවතින අලෙවි මධ්‍යස්ථාන කොහේ තිබෙන්නේද කියාවත් ජනතාව දැනුවත් කර නැත.
    3. එසේම දැනට විභාග දෙපාර්තමේන්තුව තුල පිහිටුවා ඇති අලෙවි කුටියේ ඡායා පිටපත් යන්ත්‍ර 2 ක් ආධාරයෙන් මෙම කටයුත්ත සිදු කරන නමුත් ගැණුම්කරුවන් වැඩි අවස්ථාවකදී ප්‍රශ්ණ පත්‍රවල ඡායා පිටපත් ටික රැගෙන යන්න දවසක් ගත කරන්න සිදුවෙන බව ලියුම්කරුට පුද්ගලිකව අත්විඳින්නට සිදුවී නොමැති බව පෙනී යයි.

    ලියුම්කරු කෙසේ පැවසුවත් ප්‍රශ්ණ පත්‍ර රජයට සම්බන්ධ ආයතන වලින් පහසුවෙන් ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථා ප්‍රායෝගිව නොපවතියි. පුද්ගලික අංශය විසින් පුරවාලන්නේ රාජ්‍ය අංශය අසමත් වී තිබෙන හිඩැසකි. එහෙත් විභාග කොමසාරිස්වරයාට හෝ දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඕනෑම අයෙක්ට පසුගිය ප්‍රශ්ණ පත්‍ර ලබා ගැනීමේ පහසුකම් පහසුවෙන් සලසා ඇති බවට ප්‍රකාශ නිකුත් කල හැක.

    ReplyDelete
  4. Good job, hope this will lead to a consequential discussion..

    ReplyDelete
  5. හොඳ කරුනු ටිකක්... අපි හෑමදාම දකින්නෙ අඩුපාඩු නෙ...හොඳ පැත්ත ගැන කතා කරන්නෑනෙ...

    චේජනා

    ReplyDelete
  6. හ්ම්....ඇත්ත කියලා තියෙනවා....හොද ලිපියක් සහෝ....

    ReplyDelete
  7. ඇත්තටම ගොඩක් වටින ලිපියක්!
    මාත් ගොඩක් දේවල් දැන ගත්තා...
    ස්තූතියි ඔබට...

    ReplyDelete
  8. 2005 වසරේ අපොස උ පෙළ විභාග ප්‍රතිඵල වලට වුණු සන්තෑසිය ඔබට අමතකව ඇතැයි සිතමි.එවැනි බරපතල වරදක් වෙනත් රජයේ නිලධාරියෙකු අතින් වුණා නම් අද ඔහු ගෙදරය.එහෙත් අනුර එදිරිසිංහ තාමත් විභාග කොමසාරිස්ය.

    ReplyDelete
  9. අපේ කාලේ නම් විභාග ප්‍රශ්න පත්‍ර පොත් තිබුණා..
    දැන් නම් හරියටම දන්නේ නැහැ..

    ReplyDelete
  10. ඔය පාස්ට් පේපර්ස් වල කොපි රයිට් එක විභාග දෙපාර්තමේන්තුවේ හිමිකමක්.
    ඒව කොපි කරල විකුණනවා කියන්නේ ටොරානා වගේ ගස් යන වැඩක්.

    ඇයි කොපයි රයිට් එක ප්‍රකාශණ සමාගමකට නොවිකුන්නේ. එතකොට වැඩේ හොඳට වෙයි. නැත්තං ප්‍රින්ට් කරලා ඉස්කෝලවලට දෙන්න පුළුවන්නේ.

    ReplyDelete
  11. නියම ලිපියක්

    ReplyDelete
  12. කතන්දර කිව්ව දේට මමත් එකඟයි. ඒවා ලේසියෙන් පහසුවෙන් පිලිවෙකට කරදරයකින් තොරව ගන්න ඒක හොඳ ක්‍රමයක් වෙයි.

    වටින ලිපියක්

    ReplyDelete
  13. ගොඩක් හොඳ ලිපියක් අභීත . ..

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...