අද ලියන්න යන්නෙ ඒ මීට අවුරුදු කීපෙකට කලින් මම ලියපු කවියක්.... ඒ කාලෙ මම සේවය කලේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ කළමණාකාර සහකාර වරයෙක් විදිහට. එහි ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කලේ ප්‍රවීණ ලේඛිකා රූපා එස්. ඒකනායක මහත්මියයි... එතුමියගෙ ප්‍රධානත්වයෙන් ඉතා විශිෂ්ඨ ගනයේ බිත්ති පුවත්පතක් අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක කෙරුනා.. මගේ නිර්මානත් එහි ඉදලා හිටලා පළවුනා.... එහි පළවුන මගේ නිර්මානවලින් එකක් තමයි මම අද ලියන්න හිතන්නෙ.....
පුද්ගලයෙකු තම දිවි සරි කරගන්නා තනතුර..
නියමිත වැටුපක් අරගෙන කරගෙන යන තනතුර...
වෙද ගොවි කම්කරු ගුරු ආදී ලෙස වන තනතුර...
කවුරුත් ආඩම්බර වෙයි පිළිබද තම තනතුර.....
පැය අටකට අප උඩ යන අප දරනා තනතුර.....
වෙනකකු සිත රිදවයිනම් වැඩකට නැති තනතුර....
ගේට්ටුවෙන් පිට වූ විට වලංගු නැති තනතුර...
අයථා වැඩ සිදු වන විට ගහලා යන තනතුර....
අද පහලින් බලය නැතිව ඉන්න එකා තනතුරින්......
හෙට වෙනකොට පුදුම ලෙසට ඉහලට යයි තනතුරින්.....
සමහරු පන්දම් අල්ලා උඩ සිටියත් තනතුරින්.....
කල අවැඩක් හෙළිවන විට පැනලා යයි තනතුරින්.....
හොද වැඩ බොරු වැඩ ගොං වැඩ කරනට හැකි තනතුර...
සමහරුනගෙ ඔලුව ටිකක් පුම්බා ඇති තනතුර...
කොයික කොහොම උනත් අපිත් රැක ගත යුතු තනතුර...
මහ ජනයට වාසි වෙන්න යෙදවිය යුතු තනතුර...
තමන් ඉහල අනෙකා පහල උනත් විවිධ තනතුරින්.....
කර ගන්නට බැරි දේ ඇත බලය පෙන්වා තනතුරින්...
අනෙකගෙ තත්ත්වය පහලට දාන එකා තනතුරින්....
නිකමෙකු වෙයි වැඩකට නැති ඔහු දරනා තනතුරින්....
බොරුවට උඩ පනින් නැතුව තම තනතුර ගැන සිතා...
මනුස්සකම ඉහලට ගමු තනතුර පසුවට තබා...
මේ පින්බිම ඇතුලෙ ඉන්න සේවක අප සැම දෙනා....
සාමය සමගිය පතුරමු සැම මුව නගමින් සිනා...

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
කවිකාරයෝ දැන්නේ එළි බහින්නේ...
ReplyDeleteමේ කෑල්ල තමා හොඳම....
ඉතා විශිෂ්ඨ ගනයේ බිත්ති පුවත්පතක් අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක කෙරුනා...මගේ නිර්මානත් එහි ඉදලා හිටලා පළවුනා....
අපේ නිර්මාණ පලවෙන්නෙ වෙන මොකුත්ම තිබ්බෙ නැත්නම් තමයි,,, හිකිස්....
ReplyDeleteනියම කවි පෙළ!! :))
ReplyDeleteඋබත් කවිකරුවෙක් නොවැ...
ReplyDeletemessek giya uda...me abeethamada liwwe.:P
ReplyDeleteටොප් නෙ.
ReplyDelete